ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, November 12, 2012

තාරුණ්‍යයේ සීමා මායිම් ? Skills and Innovation

අපි ඉගෙන ගන්න කාලෙ අපේ වැඩිහිටියො නිසා අපි හැමදාම හීන මවන්නෙ ලොකු වෙලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වගේ සුදු කොලර් තියෙන ජොබ් එකක් කරලා රටට වැඩ දායී පුද්ගලයෙක් වෙනවා කියලයි. අපේ අධ්‍යාපනයෙත් බොහොමයක් තියෙන්නෙ කට පාඩම් කර ගත් අවබෝධයක් තුලින් සීමිත කාල සීමාවකදි තමන් දන්නා දේ නොව තමන්ට ලියන්න හැකි දේ උපරිමයෙන් පෙන්නන සීමිත පිරිසක් ඉදිරියට අරන් යන එක..

ඔය උ.පෙල විභාගයෙන් අසමත් වෙන හැමෝම...ඔය සා පෙලෙන් අසමත් වෙන හැමෝම අතරේ කොයි තරම් නම් දක්ශයො ඉන්නවද කියලා අපි අපේ ජීවිත අත්දැකීම් වලින්ම දන්නවා..

මේ තාරුණ්‍යයෙන් යම් පිරිසක් මත් ද්‍රව්‍ය, මත් කුඩු, අපරාධ වගේ සමාජ විරෝධී ක්‍රියා වලට යොමු වෙලා තමන්ගෙ ජීවිතත් විනාශ කරගෙන සමාජයටම පිළිලයක් වෙනවා..අද සමාජයේ අපරාධ කරුවන්ට දීලා තියෙන සමාජමය වටිනාකම මත මේ අපරාධ කරුවන්ගෙ වර්ධනයක් පේනවා. මේකට උඩ ගෙඩි දෙන දේශපාලනය හා දේශපාලකයො..ඒ අයට වෙන්නෙ අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි කියන ස්වභාවධර්මයේ අති උත්තම නියමයට යට වෙන්න ! ඒ වෙන කම් කකුළුවො නටයි වතුර හැලියෙ !

මගේ අවධානය යොමු වෙන්නෙ අර විෂම තාරුණ්‍යයට නෙවෙයි...

සාමාන්‍ය පෙල නැත්නම් උපෙල කඩ ඉමේ නතර වෙලා ඒත් ජීවිතයේ මහා හර පද්ධතියක් හඹා යන රටේ ජීවයට ජීවන හුස්ම පිඹින ඒත් මුළු ස්වභාවධර්මයම විකුණන් කන මේ ආර්ථික මඩ ගොහොරුවේ එළියට එන්න අවස්ථාවක් නැතුව ඉන්න නමුත් අනාගතය ගැන බිඳක් හරි හිතලා සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තාරුණ්‍යය ගැන..

මට පහු ගිය දවසක ආන්න ඒ රත්තරන් තාරුණ්‍යය ජවය පිරිච්ච මාව ආයිමත් විස්මයෙන් අළලවන්නට හැකි තරුණයින් පිරිසකට තෝතැන්නක් වෙච්ච ප්‍රදර්ශණයකට සහභාගි වෙන්න ලැබුනා..

මේක තරුණ කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවිධාන කරපු නිපුනතා හා නිර්මාණ තරඟය 2012 එකේ මේ දින තුන පුරාවටම BMICH එකේ තිබුනා. ලැබිච්ච පොඩි ඉඩකඩෙන් මාත් එතනට ගිහින් ආපහු ආවේ තවත් දැනුම් සම්භාරයක් එක්කම අපේ වල් වැදිලා නොගිය තාරුණ්‍යය ගැන ලොකු අභිමානයක් එක්කයි..

ඒක මන් හැමෝම එක්ක බෙදා නොගත්තොත් මගේ හිතට හරි මදි..







මේ නිපුනතා නවෝත්පාදන තරඟයට ඉදිරිපත් කරලා තිබුන පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කෑම ගැන තිබ්බ එක අංශයක්..බොහොම යුහුසුළුව සිනා මුසු මුහුණින් දුවලා පැනලා වැඩ කරන මේ දෙන්නා දැක්කහම හරි සතුටක් දැනුනා..








---------------------------------------------------------------------------------------------------------------
මේ රූපලාවන්‍ය හා කොණ්ඩ මෝස්තර ගැන තිබ්බ අංශය..ලස්සනට ඉන්න හැමෝම ආසා කරන එකම ඒ පිළිබඳ ආශාවක් තියෙන තරුණ තරුණියන්ට තමන්ගෙ වෘත්තිය කර ගන්න මේක හොඳට ජනප්‍රිය ක්ශේත්‍රයක් තමයි..








කවුද කවුද කියන්නෙ මන් දවසෙන් භාගයක්ම මෙතනයි හිටියෙ කියලා ???? මිනිස්සුන්ට කයි කතන්දර හදන්න එපා හලෝ !
-------------------------------------------------------------------------

මේක කොත්තු හදන මැශින් එකක්..අර සින්දු වල තාල වලට දැන් කොත්තු ගහන්න ඕනි නෑ..එක පැත්තකින් කොත්තු වලට ඕනි දෙවල් ටික දැම්ම හම අනිත් පැත්තෙන් හොඳට පදම් වෙච්ච කොත්තු රොටිය හැදිලා එනවා.. 







------------------------------------------------------------------------------------------
මේ අය තරඟයට ඉදිරිපත් කරලා තිබ්බෙ නවීකරණය කරන ලද පේස්ට්‍රියක්..කාලය තිබ්බෙ නෑ හදන විදිය බලලා කාල විස්තර කරන්න  නම්..



------------------------------------------------------------------------------------------------


මෙය නවීකරනය කරන ලද විඩුලි ඉස්ත්‍රික්කයක්.. අපිට රෙදි මැදලා ඉස්ත්‍රීක්කය නිවා දමන්න අමතක උනොත් පාවිච්චි නොකර යම කාලසීමාවක් තුල එය සම්පූර්ණයෙන්ම ඔෆ් වෙනවා. මට පහු ගිය දවසකත් අයන් එක ඔෆ් කරන්න අමතක වෙලා උදේ ඉඳන් රෑ වෙනකම්ම මේක රත් වෙවී ඕෆ් වෙවී තිබ්බා..දැන් මේ මාසෙ එයි ලයිට් බිලක් මට ලයිට් නැතුව තරු පේන්ඩ !


-----------------------------------------------------------------------------------------------------

මේක ඖෂධීය පානයක්...විවිධාකාර දේවල් දමලා හදලා තිබ්බෙ..ඉරිඟුත් පාවිච්චි කරලා තිබ්බා




----------------------------------------------------------------------------------------------
මේක එකම ශර්ට් එක විවිධ අවස්ථාවලට සරිලන විදියට එක එක කොටස් නමලා හරි ගස්සගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තිබ්බෙ..විධායක පෙනුමේ ඉඳන් කැසුවල් පෙනුම දක්වාම වෙනස් කරන්න පුළුවන් විදියට හරි ගස්සලා තිබ්බා..ඔෆිස් එකේ ඉඳලා ගෙදර නොගිහින්ම යාළුවො එක්ක බොන්න සෙට් වෙන වෙලාවට ටොප් ශර්ට් එකක් !




---------------------------------------------------------------------------------------------------------
මේක ස්වයංකීය වඩේ හදන යන්ත්‍රයක්..මේ තරුණයන්ටත් එන අදහස් නම් අපූරුයි නේද ?


-------------------------------------------------------------------------------------------------------------
මේක ආර්ද්‍රතාවය පාලනය කරන උපකරණයක්...සියළුම සයන්ස්කාරයෝ නැසෙන සුළුයි කියලා තිබ්බ නිසා අපි කොරේ කොමස් නෙ..ඒ නිසා මේවා ගැන නම් එච්චර දැනුමක් නෑ..නමුත් ගොඩක් ක්ශේත්‍ර වලදි අවශ්‍ය කරන උපකරණයක් තමයි කියලා තේරුනා


----------------------------------------------------------------------------------------------------------

Green Tile


----------------------------------------------------------------------------------------------------------

අපි ගෙදර ඉද්දි නම් නිදා ගන්න කොට මදුරු දැල දානවා..නැත්නම් මදුරු කොයිල් හරි අර වාෂ්ප මැශින් එක හරි පත්තු කර ගන්නවා...ඉතින් පව් මදුරුවො බඩගින්නෙ මැරෙන්නෙ..මාරාන්තික ඩෙංගු වලට තිත ! ඒත් අපි වත්තෙ , පිටියෙ වැඩ කරද්දි මදුරුවො දශ්ඨ කරන එක වලක්වා ගන්නෙ කොහොමද ? ඔව් අර ආලේපන පාවිච්චි කරන්න පුළුවන්..ඒත් දහඩිය එක්ක ඒවා හේදිලා යන නිසා.. ආන්න ඒකට විසඳුම තමයි මේ පොඩි උපකරණය..බැට්‍රියකින් ක්‍රියාත්මක වෙන තමන් වටේ ඉන්න සේරම මදුරුවො පලවා හරින අධි සංඛ්‍යාත ශබ්දයකින් ක්‍රියාත්මක වෙන්නෙ 


----------------------------------------------------------------------------------------------------------


ආභරණ පළඳින එකේ එක අරමුණක්ලුනෙ ඒ ඒ ලෝහ හරි මැණික් හරි තමන්ගෙ ශරීරයේ ස්පර්ෂ වෙන එකෙන් ලැබෙන ගුණය... ආන්න ඒ වගේ මේත් ඖෂධීය පැලෑටි වලින් එහෙම ස්පර්ෂ ගුණය ලැබෙන්න හදපු ආභරණ එකතුවක්..අද කාලෙ රත්තරන් දාන් යන්න බය ගොඩක් අයට මේක සෑහෙන්න වටියි කියලයි මටත් හිතුනේ..
මාත් එක්ක තරහ කෙල්ලො කීප දෙනෙක් ඉන්නවා කහඹිලියා කොළ වලින් මාලයක් හදලා තෑගි කරන්න ඕනි කියන අදහස මගේ හිතටත් ආවා මෙතනදි ! බලන්න නවෝත්පාදන ඇසුරු කරන කොට අපිත් නිකම්ම වගේ අළුත් නිර්මාණ වලට යොමු වෙන හැටි විතරක් !




-----------------------------------------------------------------------------------------------
මේක නම් මෘදුකාංගයක් පුස්තකාල තොරතුරු පද්ධතියක්..




මේක සාමාන්‍ය සපත්තු යුගලයක් ඒත් මේක ඇතුලෙ සවි කරලා තියෙන ලෝහ පතුරක් සහ මොකද්ද එකකින් වෙන්නෙ නම් පළඳින කෙනා හදිසියෙවත් යම් විදුලි කාන්දුවකට නිරාවරණය උනොත් වහාම විද්‍යුත් ධාරාව කපා හරින් එක..ඔනිම පොඩි කෙනෙකුට උනත් පරිස්සමින් විදුලිය පාවිච්චි කරන්න පුළුවන්..

---------------------------------------------------------------------------------------------------------------

මේ ආභරණය ඩුවල් පර්පස් ආභරනයක් කියලයි තිබ්බෙ..ඒත් එතන හැම වෙලාවෙම ලේඩීස්ලා පිරිලා හිටි නිසා වැඩි විස්තර අහන්න , බලන්න නම් බැරි උනා.

-------------------------------------------------------------------------------------------------------


මේක යාපනය කාර්මික විද්‍යාලයේ තරුණයෙක් ගේ නිර්මාණයක්.. පොල් ලෙලි ගහන මැසිමක්..
එක පැත්තකින් පොල් ගෙඩිය ඇතුල කලහම විනාඩි භාගෙකින් විතර මෙන්න පොල් ගෙඩිය එලියෙ ලෙල්ල නෑ.. සෑහෙන්න හොඳ නිර්මාණයක් බව පෙනුනා..







----------------------------------------------------------------------------------------------------
පන දාගෙන ඉඳිආප්ප අතින් මිරිකපු කාලෙ ඉවර වෙන්නයි යන්නෙ.. මේ තියෙන්නෙ කකුලෙන් පාගලා ඉඳිආප්ප මිරිකන යන්ත්‍රයක් තමයි..



--------------------------------------------------------------------------------------------------------
ඉලෙක්ට්‍රොනික් උපකරණ වල නව දිගුවන් කීපයක්ම මෙතන තිබුනා..සමහර ඒවා මොනවද කියලා ෆොටෝ බලලා ආවර්ජනය කරන්න හැදුවට සිහියට එන්නෙම නෑ..




මෙතන තිබ්බ එක උපකරණයක් තමයි අපට නිවසේ ලයිට් එකක් නිවන්න හෙම අමතක උනොත් ඒක කොයි ලයිට් එකද කියලා පෙන්නුම් කරන සහ තනි ස්විච් එකකින් සම්පූර්ණයෙන්ම ලයිට් නිවලා දමන්න්න පුළුවන් සර්කිට් එකක්..
අනිත් එක අවට තියෙන උෂ්ණත්වය මත වේගය තීරණය වන ෆෑන් එකකට සවි කල හැකි සර්කිට් එකක්..



මේක මේ ගොල්ලන්ගෙ ආයතනයෙ ස්ටෝල් එක..එතනත් ඒ ගොල්ලන්ගෙ ස්වයංක්‍රීය ගැජට් කීපයක්ම තිබ්බා 


මේක ස්පයි ගනයේ පියාඹන උපකරණයක්..ඇයි ස්පයි කීවෙ ? මේකෙ අපි සාමාන්‍යෙන් දකින ඩිජිටල් කැමරාවක් හයි කරලා තියෙනවා..එකෙන් උඩ ඉඳලා ගන්න ෆොටෝ ගන්න රිමෝට් කන්ට්‍රොල් එකෙන් පුළුවන්..
සෑහෙන්න දියුණු කල නිර්මාණයක්..ඒකෙ හැඩයත් අමුතුයි..නිකන් පියාඹන පීරිසියක් වගෙයි..



--------------------------------------------------------------------------------------------------





---------------------------------------------------------------------------------------------------------

විවිධ සංවේදීතාවන් ඇති ස්වයංක්‍රීය රොබෝවන් තමයි මේ.. සමහරු තමන්ගේ හිතේ හැටියට ඔහේ ධාවනය වෙවී හිටියා..හැබැයි කාගෙවත් ඇඟේ හැප්පෙන්නෙ නැතුව...










මේ තියෙන්නෙ මන් ආසම කරපු රොබෝ පැටවු දෙන්නා.. එකෙක් හරි ගෙදර අරන් යන්න තරම් හිතෙන ජාතියෙ වැඩ කරුවො දෙන්නෙක් තමයි මේ...

















-------------------------------------------------------------------------------------------





















මේ වෑල්ඩින් ක්ශේත්‍රයේ ඉදිරිපත් කරලා තිබ්බ අංශය..මේ නිර්මාණ දෙකම ටොප් කියලා කියන්න පූළුවන්..




----------------------------------------------------------------------------------------------
එළවළු සහ පලතුරු වලින් කරපු කලා නිර්මාණ දැක්කහම පුදුමත් එක්ක..මේක දැන් ඕනිම උත්සව අවස්ථාවලදි දකින්න පුළුවන් සුලබ දෙයක් නිසාම මේ ක්ශේත්‍රයට බොහොම ඉල්ලුමක් ඇතියි කියලයි හිතුනෙ...



------------------------------------------------------------------------------------------------

මේ අපූරු අයිස් කැටයම කරන තරුණයා සුවිශේශී තරුණයෙක් කිව්වොත් ඔබ පිලි ගන්නවද ? බැලූ බැල්මට තාරුණ්‍යයේ එලිපත්ත මත සිටින හුරු බුහුටි කොළු ගැටයෙක්..ඔහු දක්ෂ අයිස් කැටයම් නිර්මාණ ශිල්පියෙක්..ඔහුටත් තිබ්බා බස් එකකට නැගලා කොලයක් දික් කරලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා කල්ලි ගැහිලා කුඩු හරි සිගරැට් හරි ගහලා ජීවිතේ වෙනම මඟක ගෙනියන්නත්..ඒත් ඔහු එහෙම කලේ නෑ..ඔහු ඒ වෙනුවට බැඳුනෙ ජාතික ආධුනිකත්ව මණ්ඩලයට..ඔහු ගොළු බිහිරි තරුණයෙක්..ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඔහු Differently Able  තරුණයෙක් බව..



සියල්ලම තිබිලත් අපි ඉන්න තැනට එහා ගිය ඔහු තාරුණ්‍යයට දෙන පණිවුඩය නම් ඉතාමත් ඉහලයි..

මන් අද පත්තරේ දැක්කා බියගම ප්‍රදේශයේ ගම්පහ මේ සැරේ ඕලෙවල් ලියන්න ඉන්න තරුණයෙක් විභාගෙට පාඩම් කරන්න යනවා කියලා ගිහින් තව කට්ටියක් එක්ක පැණිය බීලා ගංජා ගහලා නිදි ඇඳේම මැරිලා.. එක පාරටම හිතට ආවෙ ඒ වගේ දෙමව්පියො රවට්ටලා ඒ ගොල්ලන්ගෙ සල්ලි වලින්ම මේ වගේ ආතල් ගන්න කාලකන්නි හැත්ත නම් මැරිලම යන්නයි ඕනි කියලත්..ආයිමත් හිතට අනුකම්පාවක් ආවෙ මේක ඒ තරුණයන්ගෙ සම්පූර්ණ වැරැද්දෙන් සිදු වෙච්ච දෙයක්ම නොවන නිසායි..සමීපම දෙම්ව්පියන්ගෙ ඉඳන් සියළුම සමාජ ස්ථරයන් හා දේශපාලන බලවේග මෙයට වග කිවයුතු නිසා..ඒ තරුණයන්ටම බැනලා වැඩක් නෑ..

මම මේ ප්‍රදර්ශණය පුරාවටම දැක්ක මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මේ තාරුණ්‍යය එක්ක සුළුතරයක වෙච්ච නොමඟ ගිය ඒ තාරුණ්‍යය පොඩියක් සංසන්දනය කලොත්...

මේ බහුතරය එක්ක මට හරිම ආඩම්බරකාරී හැඟීමක් දැනුනා..

තාරුණ්‍යයේ සීමා මායිම් ?

කියලා ප්‍රශ්ණාථයක් දමලා පටන් ගත්තු මාතෘකාව මන් අවසන් කරන්නෙ 

නෑ තාරුණ්‍යයට සීමා මායිම් කොහෙවත් නෑ..යන හරි  මඟ පෙන්නුවහම ඒ අය යන්නෙ තමන්ගෙ ඉලක්කවලට මුළු සමාජයම ඉදිරියට ගෙන යමින්..



55 comments:

  1. පින්තූර කතාව මරැ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා පහු ගිය පෝස්ට් එකකින් තමයි ඔබතුමාව මෙහෙදි දැක්කෙ..සාදරයෙන් පිලිගන්නවා..

      Delete
  2. කතාව නම් මරු... වැඩක් කරන අයට ඕන කරන දිරි ගැන්වීම ලැබෙනවා නම් මිනිස්සු වැදගත් දෙයක් නොකර ඉඳීවිද? කොල්ලෝ කෙල්ලොන්ට කොච්චර නම් හැකියාවල් තියෙනවාද?
    ඒ වගේම මොන බාධකය ආවත් තමන්ගේ පාර හොයා ගන්න සමත් අයත් ඉන්නවා නේද?

    කව්ද කිව්වේ අපේ Weni දවසෙන් භාගයක් හිටියේ කොන්ඩ මෝස්‌තර කරන තැන කියලා... භාගයක් නෙවෙයි දවසම වගේ හිටියා කියලයි ආරංචි! :-P

    ReplyDelete
    Replies

    1. නිසි දිරිගැන්වීම නිසි වෙලාවෙදි නිසි තැනදි ලැබෙනවා නම් අපේ තරුණ තරුණියො ආයි කාටවත් දෙවෙනි වෙන්නෙ නෑ..

      Delete
  3. වෙනීගේ උත්සාහය බොහෝසේ අගය කරමි..මේවා බලලා නිකම් ඉන්නැතුව අපිත් එක්ක බෙදාගත්ත එකම කොච්චර වටිනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් රූ දැන් වටිනා යමක් දුටු ගමන් මතක් වෙන්නෙ ඔබලාව තමයි..ඒකෙන් මන් අත්දකින දේවල් වල වටිනාකමත් බොහොම ඉහල ගිහින්..

      Delete
  4. ඉතිං.. මේ ඉන්නේ ඕලෙවල් ඒලෙවල් ෆේල් කියලා අපේ සමාජයේ හිනාවට ලක්වෙන ළමයි.. නේද... ඔය හිනාවෙන මිනිස්සුන්ව ඇදගෙන ඇවිත් පෙන්නන්න ඕනේ මේවා... ඇයි ආධුනිකත්ව එකේ පුහුණුවක් ලබනවා කිව්වම.. ඇයි ඒ ලෙවල් ෆේල්ද කියලා අහන අයව.... එයාලවත් එක්කගෙන එන්න ඕනේ... ( කසාදයක් කරගන්න ගියාමත් ඩිග්රියක් නැති කම අලි පුරස්නයක්නේ...)

    අර රොබෝලා දෙන්න නම් මාර වැඩකාරයෝ දෙන්නෙක් තමයි....

    මේ දැං මදුරැවෝ තල තල මිදුල අතුගාලා ආවේ... අම්මපා ඩෙංගු නෙවෙයි හැදෙන්නෙ මෙහෙ ඉන්න මදුරුවො තොගේට... ඒක නම් හොඳ නිර්මාණයක් වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. හිරු උඩින් කියපු කතාව මසුරං..!

      Delete
    2. හිරු ගේ කතාවට මෙන්න මල් ! සහතික ඇත්ත..
      ඔව් වත්තෙ පිටියෙ වැඩ කරන කොට පළඳින්න පුළුවන් විදියටයි ඒක හදලා තියෙන්නෙ ..
      ඔව් වී ඒක ඇත්ත තමයි..

      Delete
  5. වෙනී අයියනම් මොක බලන්න ගියත් අපිටත් එක්ක බලනවා, ඒකට නම් අනිවාර්යෙන් ස්තූති කරන්න ඕන.

    අර පොල් ලෙලි ගහන එකනම් මරු, අම්ම පොල් ගෙඩියක් ලෙලි ගහල දෙන්න කිව්වම එපා වෙනව, කන්න ඕන නිසා නොකර බැරිවට කරනව මිස මම නම් හරිම අකමැති වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඇයි පොල් ලෙලි ගහන්න ගිහින් කී සැරය්ක් නම් තුවාල කර ගෙන ඇත්ද මන්දා..?

      Delete
  6. මේ සම්පතින් හරි ප්‍රයෝජනේ ගත්තොත් අපේ රටත් ඉස්සරහට යාවි..

    ReplyDelete
    Replies
    1. ආන්න එතන තමා සරත් අයියෙ පොඩිවට හරි කුකුසක් තියෙන්නෙ..

      Delete
  7. හරිම වටින වැඩක් වෙනියා.
    ඔය ඡායාරූපකරණය නිසා මට වෙන දෙයක් තමයි මම හුඟක් වෙලාවට වටිනා සීන් දැකලා තියෙන්නෙ පියවි ඇහැට වඩා කාචය තුලින් විතරයි. උදාහරනයක් කිව්වොත් හුම්මානෙට ගිහින් ‍රැල්ල ගහනවා බලා ඉන්නවා කියලා හිතපංකො.
    හැබැයි ඒක කාචයෙ සටහන් කරගත්ත නිසාම මාත් ඇතුලු හැම දෙනාම ඒක වරින් වර බලලා රස විඳිනවා. එහෙම නොකලා නම් ඒක තවත් අමතක වෙච්ච අත්දැකීමක් බවට පත්වෙනවා.

    උඹ මේ කරන්නෙත් ඒක.
    ඒකයි අපි උඹට ස්තුතිවන්ත වෙන්නෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලෙ එහෙම අමතක වෙච්ච අත්දැකීම් කොයි තරම් නම් තිබ්බද ? කැමරාවට පින්සිද්ධ වෙන්න..දැන් නම් ඉතින්..යාළු මිත්‍රයින්ටත් එක්කම බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා..

      Delete
  8. වෙනියටත් මේ වගේ ඒවා කොහෙන් හම්බ වෙනවද මන්දා.අපූරු ෆොටෝ ටික ඇත්තටම අපේ රටේ දක්ෂයෝ ඉන්නවා අත දෙන්න තමා කව්රුත් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. එක කියන්නෙ මන් එදිනෙදා ඔෆිස් යන පාරෙ හම්බ වෙන ආයතනයක් නිසාත් මමත් ඒකෙ තියෙන ප්‍රදර්ෂන සියල්ලකටම වගෙ යන්න අවස්ථාව තියෙනවා මල්ලි..නැත්නම් වෙන තැනක උනා නම් සොයා ගෙන එන්නම වෙනවනෙ..

      Delete
  9. ඔය වගේ නැගිටින එවුන් තමා නියම වැඩ්ඩො..!

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම වී ඒ අය ජීවිත කාලය පුරාවටම මොනවා හරි අළුත් දේවල් හදනවා මන් අත්දැකීමෙන්ම දන්නවා..

      Delete
  10. අර පොල් ලෙලි ගහන මැෂින් එකනම් හුගාක් වටිනවා.

    ReplyDelete
  11. බොහොම සන්තෝෂයි අපේ වගේ රටක මෙවැනි දේවල් දකින්න ලැබීම ගැන... වෙනි අයියෙ උඹටත් පිං අපි වෙනුවෙන් මේ දේවල් එකතු කරගෙන එනවට...

    අර මදුරුවො එලවන අධි සංඛ්‍යාත ගැජට් එක මගේ කාමරෙත් තියෙනවා... ඒක ඉතාලි නිෂ්පාදනයක්... මදුරුවො ඇත්තටම පළාතකට එන්නෙ නෑ ඒක දාපුවාම... පොඩි බැටරි කෑලි දෙකකින් වැඩ කරන්නෙ... මදුරුවා කන ලග කැරකෙන කොට එන සද්දෙ තමා ඒක ක්‍රියාත්මක වෙද්දි එන්නෙ...

    බියගමදි මත්වෙලා මැරිච්ච කාලකණ්නියා ඉංග්‍රීසි භාෂාවට බොහොම චතුර එකෙක්ලු... අපරාදයක් නේද මේ වගේ කාලකණ්නි මේ ලෝකෙට බිහිවෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි එතන තිබ්බ බොහොමයක් දේවල් හරිම වැදගත් ඊටත් වඩා අපේ එවුන් නෙ හදලා තියෙන්නෙ කියලා හිතෙන කොට ඇතිවෙන අභිමානය..

      Delete
  12. වෙනී අයියගෙ කැමරාවට කිසිම අතුරු ආන්තරාවක් නොවේවා....ඒක තමයි අපේ එකම පැතුම...............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි... මොනා වෙන්නද ඉතින් ? සැකයකට තියෙන්නෙ ඔය ගෑණු දරුවන්ගෙ ෆොටෝ අල්ලන්න ගිහින්...

      Delete
  13. මරු මරු නිර්මාණ ටිකක් තිබ්බා නේ....
    ලංකාවේ නව නිපැයුම් කරුවන්ට හරිහමං තැනක් තිබ්බනං කොච්චර දේවල් ලෝකෙට එලි වෙනවද...

    ReplyDelete
    Replies
    1. හරි හමං තැනක් තිබ්බා නම් මීටත් වඩා අපිට ආඩම්බර වෙන්න තිබ්බා මල්ලි..

      Delete
  14. වෙනි අයියේ මේ මාතෘකාව නම් ගොඩාක් වැදගත්.... රටක හයිය වෙන්නේ ශ්‍රම බලකාය. එතනත් තරුණ ජවය කියන දේ ගොඩක් වැදගත්.. අපේ රටට වැඩක් ගන්න පුළුවන් ශ්‍රමය කොච්චර නම් නහස්ති වෙනවද ? මට අපේ ගෙවල් ළඟ ත්‍රිවිල් පාර්ක් එක දකිනකොට නිතර හිතුන දෙයක් තමයි ලංකාවට ත්‍රිවිල් නොගෙනාව නම් හොඳයි කියලා. හේතු කීපයක් උඩයි එහෙම හිතුනේ. එකක් නිතරම ඔය පාර්ක් එකට ලිසිං කරගෙන ත්‍රිවිල් එකක් අරන් උසස් පෙළ අසමත් උන කොල්ලෙක් එකතු වෙනවා. සමහරු සාමාන්‍ය පෙළ ඉවර වුන ගමන්. අඩු ගානේ රියදුරු බලපත්‍රවත් නෑ. එතන ත්‍රිවිල් 10කට ඉඩ තිබ්බට දැන් ත්‍රිවිල් 40ටත් වඩා තියනවා. හැබැයි හයර් නැතුව වේලි වේලි ඉන්නවා. ඊට අමතරව කට්ටියට එකතු වෙලා ජිවිතේ නිකන්ම නහස්ති කරගන්නවා. ඉස්සර නම් ගොඩක් උසස් පෙළ, සාමාන්‍ය පෙළ අසමත් වුන අය ටෙක් යනවා. ආධුනිකත්ව පුහුණු මණ්ඩලයේ පාඨමාලා හදාරනවා. ඒත් දැන් ගොඩක් තරුණයන්ට ඒක මදි පුංචිකමක් වෙලා. මේවට තරුණ පරම්පරාවටම දොස් කියන්න බෑ... වැඩිහිටියන්ගේ වගකීම් පැහැර හැරීමත් හේතුවක්. කොහොම උනත් ලිපිය සහ රූප ටික නම් ගොඩක් වටිනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩයා මල්ලි...ත්‍රීවීල් හොඳයි වැඩිහිටියන්ට රැකියාවක් විදියට..තරුණයො ඉන්න ඕනි ත්‍රීවීල් අස්සෙ නෙවෙයි..

      Delete
  15. දියුනු කලාව පවතින්නත්,
    දියුනුවෙන්නත් දියුනු තරුණ පරපුරක් අත්‍යවශ්‍යයයි.
    මෙය දකිණ මා තුල ඇතිවන්නේ ඉතාම සතුටකි.
    කැලේ පිපෙන මල් නොවී මේ නිශ්පාදන දියුනු වෙන්නට අවශ්‍ය පරිසරයක් බිහිකිරීම හැමගේම වගකීමක්

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය කරන උත්තේජනාත්මක පරිසරයේ අඩුව තමයි තියෙන්නෙ...

      Delete
  16. වටිනා පින්තූරු ටික වගේම අගනා විස්තරයක් වෙනී.

    මම නම් කැමතිම අර කොණ්ඩෙට. ලඟදි වෙඩිමකුත් එන හන්දා කොපි කරමුද කියලා බැලුවේ.:)

    ReplyDelete
    Replies
    1. හා එහෙනම් අපි මවා ගන්නම් පොඩ්ඩි ඒ කොණ්ඩෙ මෝස්තරෙත් දමන් යන වෙඩිමක්..ඒත් හිතේ මවා ගන්න පුළුවන් කොණ්ඩ මෝස්තරේ විතරයි..පොඩ්ඩිව දැකලා නෑනෙ කවදාවත්ම...

      Delete
  17. මට අමරදේව කොත්තුවක් දෙන්න
    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    ReplyDelete
  18. හොඳ නිර්මාණ ටිකක් තියනව‍. මේව කොතරම්දුරකට ප්‍රායෝගික ලෝකයට ඒවිද කියල අපි බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව් වාණිජමය වටිනාකම් එක්ක ප්‍රායෝගික ලෝකෙට එන්න අත දෙන්න අය ඉන්නව නම් මේවා එළියට එයි රාජ්..

      Delete
  19. මේ වගේ එක එක වැඩ කරන්න මාත් ඉස්සර හෙන ආසයි.. දැන් නම් මතක ඇති කාලෙකින් ගැජට් එකක් ගලවල බලල මොකක් හරි විකාරයක් කරන්න බැරි වුණා.. මේ ටික දාපු එක නම් මාර වටිනවා.. ප්‍රදර්ශනේට ගියා වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ඒවා කරන්න පුරුදු වෙච්ච කෙනෙක් වෙලාව , නිදහස ආවහම..ආයිමත් යොමු වෙන්නෙ එතැනටම තමා..

      Delete
  20. මේ තරුණයන්ගේ හැකියාවන් මේ ප්‍රදර්ශනයෙන් පස්සේ සේදී යන්න දෙන්නේ නැතුව ඕනෑ කරන අනුග්‍රහයක් ලබාදීලා රටේ දියුණුවට මේවා යොදාගන්න එක රාජ්‍ය බලධාරීන්ගේ වගකීමක්. ඒත් වෙන්නේ නැත්තෙත් ඒකම තමා :(

    ReplyDelete
    Replies
    1. වෙන්නෙ නැත්තෙත් ඒකම තමයි..ඒකයි කනගාටුදායක තත්වය !

      Delete
  21. පින්තූර ටිකෙන් කියලා තියෙන දේවල් ටික මරු. ඒ වගේම බලන්ඩ වටින ප්‍රදර්ශනයක් !

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මන් හිතන්නෙ මේක වාර්ෂිකව සංවිධානය කරන එකක්..ඊළඟ අවුරුද්දෙ ආයි බලමු !

      Delete
  22. සහතික ඇත්ත. සීමා මායිම් නෑ තමයි. මේ යට නිසි තැන දෙනවනම් අපේ රටෙනුත් කොච්චර පුදුම හිතෙන දේවල් නිර්මාණය වෙයිද කියල කවුද දන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයි කාටවත් නොදෙවෙනි වෙන නිර්මාණ බිහි වෙයි අනිවා..

      Delete
  23. නියම ෆොටෝ ටික වගේම විස්තරේ වෙනී අයියෙ.

    'මේ ආභරණය ඩුවල් පර්පස් ආභරනයක් කියලයි තිබ්බෙ..ඒත් එතන හැම වෙලාවෙම ලේඩීස්ලා පිරිලා හිටි නිසා වැඩි විස්තර අහන්න , බලන්න නම් බැරි උනා.'
    ඒ උනාට වෙනී අයිය ඒ ලේඩීස්ලගෙ විස්තර ඇහුව කියලනං ආරංචියි.

    ReplyDelete
    Replies
    1. හිකිස්...එතන ළඟටවත් යන්නෙ උනේ නෑ මල්ලි..2-3 සැරයක්ම ඒ පැත්තෙ කැරකුනා..වැඩක් උනේ නෑ..

      Delete
  24. සෑහෙන්න මහන්සි වෙලා ලියපු පෝස්ට් එකක් . හොඳ විස්තරයක් . හරිම වටිනා ප්‍රදර්ශනයක් . මොන තරම් දක්ශ , හැකියාවන් තියන අය කොච්චර ඉන්නවද කියල හිතෙනවා . මේ වගේ අයට උදව් කරන්න ඕනේ ඇත්තටම මේව දියුණු කරගන්න .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි..ගොඩක් ෆොටෝ වල තිබ නිර්මාණ වල විස්තර ලිව්වෙ නෑ.. සමහර ඒවා අමතක වෙලා..ඔෆිස් එකට යන්න දුවන අතරේ තමයි මාත් මේක බැලුවෙ..

      Delete
  25. අගනා පෝස්ටුවක්..මෙහෙම දෙයක් තිබුන කියලවත් මෙහෙ ඉන්න අපි දැනං හිටියෙ නෑ...පිංතූරත් එක්කම ලස්සනට තොරතුරු අපිට බෙදල දුන්නට බෙහෙවින්ම ස්තුතියි...
    මේ දරුවන්ගෙ හැකියාවන් ගැන අපේ තරමට ආඩම්බරයක් දැනෙනව හිතට.
    පොල් ලෙලිගහන මැසිම අර ඉංදියාවෙ හදල තිබුන එකට වඩා ඉදිරියෙන් නේද..කොච්චර හොඳද.
    මගේ හිතට දැනෙන ප්‍රශ්නෙ..ඉතින් ඇයි මේවා වානිජමය වශයෙන් නිපදවල ව්‍යාප්ත කරන්න අදාල ආයතන මැදිහත් නොවෙන්නෙ.....
    http://www.desert-frog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් නිමල් මේවා වාණිජමය වශයෙන් හදන්නත් පුළුවන් ඒකට ඊට ඉහලින් ඉන්න ව්‍යාපාරික ක්ශේත්‍රයේ අත හිත ලැබෙන්න ඕනි..සමහර ඒවා හැදෙනවත් එක්ක..බලමු ඉදිරියෙදි මේවයින් කීයක් වෙළඳ පලේ තියේවිද කියලා ?

      Delete
  26. මේ හැකියාවන්ගෙන් රටට වැඩක් නොගන්නෙ මොන කරුමයක් නිසාද මන්දා ????? තව ටික දවසකින් ඔය දක්ශයො ඔක්කොම පිට රටවල් වලට විකිණේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් වෙනවා..ඒ අයට නිසි තැන මෙහෙ නැති වෙන කොට රට යන එක වලක්වන්නත් බැහැනෙ..

      Delete
  27. මේ නව නිපැයුම් වැඩි දියුණු කරන්න, ඒවට වෙළදපොළක් ලබා දෙන්නත් කවුරු හරි ඉන්නවනම්, මේ අය දිග ගමනක් යයි. හුඟක් වෙලාවට අහන්න ලැබෙන කතාවක්නෙ අපේ රටේ නව නිපැයුම් කරන්න, සොයා ගන්න දක්ෂයින් නැහැ කියන එක. මේවා දැක්කහම තේරෙනවා එහෙම අය ඉන්නවා, ඔවුන්ට සහයක් වෙන මගකුයි නැත්තෙ කියලා. දැන් බලන්න, මෙච්චර මේක අගය කරන වෙනිට වුණත් මතක හිටියෙ අර ගෑණු ළමයින්ගෙ කොණ්ඩ මෝස්තර වගෙ ඒවනෙ. අන්තිම හරියෙ කිව්ව යන්ත්‍ර සූත්‍ර අමතක වුණානෙ. :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අතහිත ලැබෙන්න ඕනි තමයි..ඒත් ලැබෙන පාටක් පේන්නෙ නම් නෑ දැනට..හැබැයි දැනට අවුරුදු ගාණකට උඩදි අපිට අහන්න දකින්න් ලැබුනු නව නිර්මාණ වෙළඳ භාණ්ඩ විදියට ගන්න තියෙනවා.. ඉතින් ලස්සන ලමයි ටික ලස්සනම කොණ්ඩ මෝස්තර දාන් ඉන්නකොට කාටද අප්පා ආසා නොහිතෙන්නෙ එතන ඉඳන් තව ටිකක් බලන් ඉන්න..?

      Delete
  28. මාත් දවසක් අර මදුරුවෝ පන්නන මොකක්ද එක හැදුවා. කරුමෙට ඒක වැඩ කලේ නෑ. හැබැයි ඒක ඔන් කලාම ළඟ පාත ඉන්න පූසො, බල්ලො එහෙමත් දුවනවලු.

    ඉතාම වැදගත් පොස්ට් එකක්. මේක විශේෂයෙන් වටින්නේ ගිරව් නොවුණු පලියට අතරමන් උනු කොල්ලන්ට/කෙල්ලන්ට.

    ReplyDelete
    Replies
    1. පවු ඒ බල්ලොයි පූසොයි ටික..ස්මාර්ට් ෆෝන් වල ඇප් එකකුත් තියෙනවා ..බල්ලන්ට පූසන්ට මදුරුවන්ට..ටෙස්ට් කරලා බලන්න ඔනි..

      Delete