ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, June 4, 2012

දැන් කොහෙද බිංකුන්ඩො ?


අපි පුංචි කාලෙ ඉතින් සත්තු එක්ක සෙල්ලම් කරන්න හරිම ආසයි. දැන් කාලෙ නගරෙ හැදෙන ළමයින්ට වගේ නෙවෙයි ගම් වල ඉතින් ඕනි තරම් සත්තු හිටියා.. බල්ලො, පූසො, හාවො, හරක්, එළුවො වගේ  ගෙවල් දොරවල් වල් ප්‍රයෝජනේට හිටිය සත්තු අපිට ඉතින් හුරතල්ලු තමයි. 

ඔය අතරින් ගම් වල ඉන්න අය නම් දන්නවා   බිංකුන්ඩො  කියන්නෙ මොක්කුද කියලා.. බිම තියෙන දූවිලි වැලි අතරින් බලා ගෙන  බලා  ගෙන යනකොට ලස්සනට පුනීලාකාර හැඩයට තියෙන පොඩි වලවල් ඇතුලට ඇඟිල්ල දමලා හොයන කොට අහුවෙන පුන්චි සතෙක් තමයි බිංකුන්ඩා කියන්නෙ.. ලොකු මකුණෙක් තරම් අඩු පඬු ගොඩක් තියෙන ඌව අල්ල උඩ තියා ගෙන 

බිංකුන්ඩෝ බොල බිංකුන්ඩො
උඹත් නටාපන් මාත් නටන්නම්
බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ

කියලා උන්ව නටවන එක හරිම ජනප්‍රියයි ඒ කාලෙ ..ඒත් පහු කාලෙ තමයි අපිට තේරුනෙ බිං කුන්ඩා නටනවා නෙවෙයි උගේ ගේ ඇතුලෙ ඉඳලා ගත්ත අළුත් පරිසරයෙන් මිදිලා යන්න දඟලනවා කියලා..ඔය සෙල්ලම ඉවර වෙලා බිංකුන්ඩා බිමට අතඇරලා ගියහම ඌ මැරෙනවත් ඇති ඉතින්...

අද කාලෙ නගරෙ කොහෙද ඉතින් බිංකුන්ඩො..
මගේ අද කතාවට ඔහොම ප්‍රවේශයක් ගත්තෙ මට මේ ළඟදි හම්බ වෙච්ච තෑග්ගක තිබ්බ පොඩි බඩු දෙකක් දැකලා..ඕන්න ඔය බඩු දෙකෙන් එකක වැඩ බලන්න ඔය වීඩියෝ දෙකේ..

මෙහි ඇති වීඩියෝ සහ ෆොටෝ සියල්ල මා විසින් ජායරූප සහ වීඩියෝ කරනය කරගත් ඒවාය..







මුන්ට කියන්නෙ HexBug කියලයි..මේ තැඹිලි පාට එකා  Original HexBug Alpha ඇල්ෆා කියලයි හඳුන්වන්නෙ.
මේ ගොල්ලො පුංචි රොබෝ සත්තු..ලංකාවෙත් මුන් ගන්න තැන් ඇති මන් හොයලා බලන්න ඕනි..කොහෙද තියෙන්නෙ කියලා..

මේ ඇල්ෆගෙ විශේෂත්වය තමයි. එයාට බාධකයක් තිබුනොත් අඳුනා ගන්න පුළුවන් සහ ශබ්ධයට සංවේදී වීම. නමුත් මන් ළඟ ඉන්න කෙනා බාධක නම් අඳුරා ගන්නෙ නැද්ද මන්දා.. සමහර වෙලාවට එයා බාධක මැඩ ගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි සද්දයක් ඇහුනොත් නම් ඒ සද්දය මඟ ඇරලා යන්න වෙන පැත්තකට හැරෙනවා..බලන්නකො එයාගෙ ෆොටෝ ටිකකුත්..






 මෙ ෆොටෝ එකේ නයෙක් ඉන්නවද මන්දා ??? කවූරු හරි දැක්කොත් මටත් කියන්ඩලා..



මේ තැඹිලි පාට කෙනාට අපේ බල්ලොත් බයයි.. එයාලා බුහ් බුහ් ගාලා බුරනවා.. මන් හිතන්නෙ එයාලත් රැවටෙනවා ඇති ...මමත් කරන්නෙ නිවාඩු පාඩු වෙලාවල ඉතින් මෙයාලා එක්ක සෙල්ලම් කරන එක තමයි..


මේ ඉන්නෙ අනිත් කෙනා ..






මෙයාගෙ නම් ඔරිජිනල් කැරපොත්තාගෙ හැසිරීම් රටාවල් එහෙමම තියෙනවා..සට සට ගාලා දුවනවා.. අනිත් පැත්ත පෙරලුනොත් දඟලලා දඟලලා අනිත්හරි පැත්තට පෙරලිලා ආයිමත් දුවනවා..මෙයා ගෙ නම HEXBUG Nano .අර තැඹිලියාගෙ වගේ චලනය වෙන කකුල් මෙයාට නෑ..මෙයාට තියෙන්නෙ ඔය පොඩි කකුල් වල Vibration එකක්.
මේකා ඔන් කරලා අතේ තියා ගන්න බෑ අල්ලට කිති දැනෙන කොට බිමට දමන්නයි වෙන්නෙ..


මගේ යාළුවෙකුට අතට දීලා එයා කලේ ඊයා කියලා විසි කරපු එක.. තව චුට්ටෙන් මේකව හොයන්න බල්ලො දමන්න වෙනවා..හැබැයි මේකට බල්ලොත් බය නෑ. එක සැරයක් ලැසී මේකව අල්ලලා කටේ දමා ගත්තා . බොහොම අමාරුවෙන් තමයි ආපහු ගත්තෙ..
මේ තියෙන්නෙ මේකගෙත් ෆොටෝ කීපයක්ම..















ඉතින් මේ සත්තු ගොඩාක් වර්ග ඉන්නවා.ඒ ගැන බලා ගන්න මේ  තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙ වෙබ් සයිට් එක..


www.hexbug.com


මන් දැනටමත් තව ජාති කීපයක්ම ඕඩර් කරලයි තියෙන්නෙ..හ්ම්ම්ම්ම් ඊළඟ උපන් දිනේ දවස එනකන් ඉන්න වෙයිද මන්දා ?


ඉතින් මෙහෙම යනකොට ඇත්තටම අපි අද දකින කඩි කූඹි වගේ සත්තුත් කෘතීමව අපේ අතට එයි..එතකොට ස්වභාව  ධර්මය ඒක දැකලා ඒ ගොල්ලන්ව අපේ පරිසරයෙන් අයින් කරයිද මන්දා ?!

63 comments:

  1. ඔයාට සෙල්ලම් කරන්ට වෙන කවුරුත් ඇත්තෙම නැද්ද? :D:D:D

    ReplyDelete
    Replies
    1. අපොයි මේ ඉන්න උන් ටික සහ ඕඩර් කරලා එන්න ඉන්න උන් ටික මදැයි.. :-D

      Delete
  2. වෙනියා මේව ජර්මන් ප්‍රොඩක්ට්ස් ද ආ...
    දැන් බලන්න මේ බ්ලොග් අවකාශෙ සත්තුනං කොච්චර කියල ඉන්නවද. පූසො, බූරුවො. කුරුල්ලො... එතකොට මාළු.

    ඊ බේ පැත්තෙ පොඩි රවුමක් දාල එන්න ඕනෙ එහෙනං මාත්.

    ReplyDelete
    Replies
    1. ඔව්
      ඔව්
      බලන්න තැනක් හම්බ උනොත් මටත් කියන්න..

      Delete
  3. මරුනෙ...

    මට මතකයි හරී "සරළ රොබොට්ටෙක් හදමු" කියලා පෝස්ට් කීපයක්ම දාලා තිබුනා මේ වගේ එකෙක්ව හදන විදිහ ගැන.

    http://dreamsofharee.blogspot.com/2011/05/1.html

    ReplyDelete
    Replies
    1. මේ වගේ හදපු උන් ගොඩාක් හිටියා පහු ගිය කාලෙ BMICH එකේ තිබ්බ ප්‍රදර්ශනයක..ඒවා නම් මේ පාසල් ලමයි සහ එක එක Institute වල ඉගෙන ගන්න අය හදපු ඒවා..

      Delete
  4. පොඩි එකාට අලුත් සෙල්ලම් බඩු ටිකක් හම්බෙලා. :)

    ඉස්සර අපේ ගේ ළඟත් බිංකුණ්ඩො හිටියා. ඔය බිංකුණ්ඩො නටවන සින්දුව ඒ කාලෙ ඉස්කෝල පොතක තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මුන් එක්ක සෙල්ලම් කර කර ඉන්න කොට කාලෙ යනවා දැනෙන්නෙ නෑ.. අපේ මහ ගෙදර බිංකුන්ඩො හරියට හිටියා.. දැන් නම් නෑ..

      Delete
  5. මෙන්න වෙනී බබා සෙල්ලං කරනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඔය රාජ් අංකල්ලා ආයි එනකොට අරන් එන්න මේ වගේ තව සෙල්ලම් බඩු...

      Delete
  6. මරුනේ එව්වා.. අපේ ලමයින්ට ඉස්සරහට ඔව්වා තමා අරන් දෙන්න වෙන්නේ..ඉස්සර අපිට බොනික්කෝ..කාර් අරන් දුන්නාට ..එයාලට රොබෝලා අරන් දෙන්න වෙයි සෙල්ලම් කරන්න...අපේ අප්පෝ...

    ReplyDelete
    Replies
    1. කාලෙ වෙනස් ..තාලෙ වෙනස් ඒකයි ..

      Delete
  7. වෙනි අයියත් මරු ඒවනේ හොයා ගන්නේ.. හැබැයි දැක්කම නම් ආසයි.. බලන්න ඕන පොඩ්ඩක් මේ පැත්තේ හොයලා...

    ReplyDelete
    Replies
    1. හොයලා බලන්න මල්ලි, තැනක් හම්බ උනොත් කියන්න මටත්..ෆුල් සෙට් එකක්ම ගන්න ඕනි...

      Delete
  8. වෙනියට වෙන වැඩක් ඇති වැඩක් ඇත්තෙම නැද්ද හැබෑටම මේ ඇරෙන්න!

    ReplyDelete
    Replies
    1. වෙන වැඩ නැති වෙලාවට කරන වැඩ තමයි මේ සාබිත්...

      Delete
  9. පව් පොඩි එකා, සෙල්ලම් බඩු ටිකක් ලැබිලා...:P නයෙක් නම් දැක්කේ නැද්ද මන්ද...;)

    ReplyDelete
    Replies
    1. හොඳට බැලුවොත් පෙනෙයි..බුද්ධි හෝ හෙන්රි අඳුරා ගන්නත් පුළුවන් ඒ ගොල්ලො පාවිච්චි කරන නිසා..

      Delete
  10. වෙනී බබා සෙල්ලනුත් කරනව එහෙනම්.

    බිංකුන්ඩෝ නම් දැකල නෑ අෆ්ෆා. හැබැයි අර නන්දා මාලනී මහත්මියගෙ “තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල බිංකුන්ඩො“ සිංදුවටනම් මමත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ආ ඒ සින්දුව ඉස්සෙල්ලා අපි ඇහුවෙ ඒකෙ කවිය ඉස්කෝලෙ පොතක තිබිලා..

      Delete
  11. කොහෙන්ද ඕවුවා ගත්තේ ? මටත් ඔවුවා ගන්ඩ ආසාවක් ඇති උනේ ය.

    ReplyDelete
    Replies
    1. මේ ඩබල මට හම්බ උනේ ජර්මන් වලින් මලයා.. තාම හොයනවා මෙහෙ තියෙන තැනක්.. හම්බ උනොත් කියන්නම්..

      Delete
    2. http://matahithenahatty.wordpress.com/2012/05/23/67-%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%91%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B6%9C/

      Delete
    3. මට මේක හම්බ උනේ ජර්මනියෙ ඉන්න යාළුවෙක්ගෙන්.. දැන් හරි ඇති කියලා හිතෙනවා..

      Delete
  12. කාලයක් මට තිබ්බ පිස්සුව තමයි පික් ප්‍රෝග්‍රෑමින්ග්. දැන් නම් ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරිම සාමාන්‍ය දෙයක් ක්සැන්ඩර්..ඇත්තටම ඒ වගේ කාල ගැන දැන් හිතද්දි හිතෙනවා මාර පිස්සුවක් තිබ්බෙ කියලා..ඒත් ඒවලින් ජීවිතේට එකතු වන දේවල්..

      Delete
    2. ඒ කතාවත් හරි. එහෙම දේකුත් තියේ තමයි.

      Delete
  13. කැරපොත්තා වගේ එකා සිරා බං..

    මේව මාර ආතල් වැඩ. මම එකපාරක් තඩි රිමෝට් කාර් එකක් උස්සගෙන ඇවිත් අම්ම බැන්නා.

    ReplyDelete
    Replies
    1. මගෙත් ෆේවරිට්ම..බස බස ගාලා දුවලා ඇඳ , පුටු අස්සට රිංගා ගත්තහම හොයන්න තම්යි අමාරු..ඇයි නවතින්නෙම නෑ..කොහේ හරි දුවනවා..ඇහැ ගහගෙනම ඉන්න ඕනි..

      Delete
  14. වෙනි අයියේ මම ලියමින් උන්නා මේ වගේම අයිටම් එකක් ගැන කතාවක්... මේවා ඇත්තටම තියෙනවද කියලා දැන්නේ දන්නේ පිස්සු හැදෙනවා... ගැජට් වෙනී කියලා නම දාපු කෙනානම් සිරාවටම හරියටම හරි.එල ඈ

    ReplyDelete
    Replies
    1. මල්ලි ඒ ගොල්ලන්ගෙ වෙබ් සයිට් එකට ගිහින් බලන්න..ඒවා හදන එකේ පරිනාමය එහෙමත් ලියල තියෙනවා. ඔයාගෙ විද්‍යා ප්‍රබන්ධ වලට ප්‍රයෝජනවත් වෙයි..

      Delete
  15. ටික්කෙක් හොය ගන්න නෑද

    ReplyDelete
    Replies
    1. ටික්කා .. මට අම්තක උනා ටික්කා ගැන..ඌ තමයි ඒ කාලෙ හොඳම එක

      Delete
  16. බිංකුන්ඩා ගාවට මටත් මතක් උනේ ටික්කා.,, මරු අයිටම් දෙක... කැරපොත්ත තමයි මරුම...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..මට බය මේකගෙ බැට්‍රි ගැනයි..මේ බැට්‍රි මෙහෙ ගන්න තියේද මන්දා ?

      Delete
  17. තව දුරටත් උඹේ පාඨකයො වන අපිව පර්යේෂණ වලට යොදා නොගෙන ඔය කරන වැඩේට මගේ ෆුල් බැකප් එක මෙන්න!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හෙන් රි..බරපතල කතාවක් ලීවෙ නෑ තමයි කාලෙකින්..

      Delete
  18. බිංකුංඩෝ ජන ගීය ඇසුරින් සුනිල් ලියු ගීයක් නන්දා නැන්දා කිව්වා දැන් දශකයකට විතර කලින්.

    කිරිමදුවැල් සංයුක්ත තැටියේයි ඒක තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කතන්දර, මට ඔය විස්තර මතක තිබ්බෙ නෑ..සින්දුව නම් අහලා තිබ්බා..ජන ගීයක් නිසා දශක තුන හමාරකට එහා ඉඳන්ම අපි ඕක දැනන් හිටියා..

      Delete
  19. බැරිද වෙනී අයියෙ කනෙං රිංගන එකෙක් හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ඇහුවොත් ඉතින් ඕන් ප්‍රසන්න...මාත් එහෙම එකෙක් හොයනවා..

      Delete
  20. අර කැරපොත්තා මේසෙ කොනට ගියාම ආපහු හැරිලා එන්න තරම් මොලයක් තියෙනව ද? නැත්තම් ඒ වගේ තැන් වලින් වැටෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ බුද්ධි මල්ලියා ඌට කොහෙද එච්චර බුද්ධියක් ? ඒකා එතනින් ඩොග් ගාලා බිමට..

      Delete
  21. දැන් නයා අරින්නත් හෙන ලේසි.. මේසේ උඩින් ගැලැක්සි පෝන් එක තියලා ඒකේ වදින්න හෙක්සා බග් මෙව්වා එකාව තල්ලු කරානම් හරි :D

    ReplyDelete
    Replies
    1. ආන්න නියම අයිඩියාස් එකක්..තැන්කූ බිටලෙ..

      Delete
  22. මෙයාලා වැඩ කරන්නේ බැටරි වලින්ද?
    මටත් ආසා හිතුනා මෙයාලත් එක්ක සෙල්ලම් කරන්න..මොකද කියන්නෙ වෙනී සෙල්ලම් ගෙයක් දාමුද?

    ReplyDelete
    Replies
    1. තව මදි..අනිත් සෙට් එක ආවම පටන් ගනිමු රූ...

      Delete
  23. "මගේ යාළුවෙකුට අතට දීලා එයා කලේ ඊයා කියලා විසි කරපු එක.. "

    මෙව්වනම් බයානක වැඩ, සමහර අයට හාට් ඇටෑක් හැදෙන්නත් බැරි නෑ

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඔය කැරපොත්තා වගේ එකාවනෙ අතට දුන්නෙ..තිසා.. :-D

      Delete
  24. වෙනියෝ අර හන්දියේ කඩවල ඕන තරම් සුප්පු ඇති ගිහින් එකක් අරගනින් ...........

    ReplyDelete
    Replies
    1. ඕ ඔය තියෙන්නෙ ගෙනාපුවා ඕනි තරම් සූප්පු නම්...

      Delete
  25. ජාතික ආරක්ෂාවට තර්ජනයක්... :P

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ..මේ පුන්චි උන්ගෙන් වැඩි අවුලක් නෑ..නොබියව ඉන්ඩ ඉඳුනිල් මලයා...

      Delete
  26. ඕකුන් වැඩ කරන්නේ බැටරි බලයෙන්ද වෙනි අයියේ. මෙකෙක්ගේ පිටේ ස්පයි කැමරාවක් අටවල යැව්වනම් අයිෂ් අප්පා. කියල වැඩක් නෑ. අඩේ මටත් එකක් ඕනේ දැන් නම්.

    ReplyDelete
    Replies
    1. මෙයාලා ඒ වැඩේට පොඩි වැඩී.. බට්න් වගේ පොඩි බැට්‍රි තියෙන්නෙ..

      Delete
  27. හෙහ් හෙහ් අර මොකක්ද එකක් ගෙටත් උසේ කියල තියනව නේද බං අයියෙ ?

    ReplyDelete
    Replies
    1. අලි හුරතලේ නේද නවම් මලයා....?

      Delete
  28. මෙහේ නම් ඕව සෙල්ලම් බඩු කඩවල, පොත් සාප්පු වල හෙමත් විකුනන්න තියෙනව... ඔවත් එක්ක යන තව ඇක්සසරීස් හෙමත් තියෙනව...[ වංකගිරි වගේ ඒව හෙම ]... ඒත් ඔය හෙක්ස් බග්ස් මෙහේ ගොඩක්ම ජනප්‍රිය [ළමාප්‍රිය ] වුණේ නෑ.. මම හිතන්නෙ.. බේ බ්ලේඩ්ස් කියන අධික වේගෙන් කරකවන්න පුලුවන් බමර වර්ගය උමතුවක් වගේ ළමයින් අතර ජනප්‍රිය වුණ නිසා....

    කවුදැ බං උඹගෙ වයසට ඕව තෑගි දීපු ජරමන් කාරය (රි )...

    ReplyDelete
    Replies
    1. හිකිස්, මන් නම් මාර ෆන් එකක් ගන්නවා මේ සෙට් එකෙන්.. මාව හොඳට දන්න කෙනෙක් තමයි දුන්නෙ...

      Delete
  29. ෂෝයි සෙල්ලම් බඩු අයියා :)

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete