ඇනොනිමස් ලව්වා ටිංකිරි ගා ගැනීම ..
වැරදි තියෙනවානම් ඒවා නොකිව්වොත් කොහොමද හදා ගන්නෙ ?
පහල තියෙන ඒවායින් එකක් හරි හිතිලා තියෙනවද ලියන්නාගෙ බ්ලොග් එක ගැනත් ?
"වැරදි තමයි ලියන එව්ව ඒත් යාළුවා නිසා මුකුත් කියන්න බෑ .. තරහ වුනොත් එහෙම.."
"දන්න හඳුනන මනුස්සයා නිසා ඇත්තටම හිතන දේ කියන්න බෑ.. පඳුර වටේ විදලා බැලුවා ඒත් හාවාට වදින පාටකුත් නෑ."
"ඔව් මෙලෝ රහක් නෑ..ඒත් කොහොමද කියන්නෙ ආධුනික අය..ඊට පස්සෙ ලියන එක අතාරැලා දමයි අත හිත දීලා බලමු ඉස්සරහදි හරි යයි..පොඩි එකෙක් වගේ දැන් ලිව්වට පස්සෙ හරි යයි."
"මම නම් මුකුත් කියන්නෙ නෑ..අර සෙට් එක එක්කමයි ඉන්නෙ.. මොනවා හරි කියන්න ගියොත් සෙට් එකම ඇවිත් නෙලන්න පටන් ගනී..අපිව නැති වෙන්නම"
"හරියටම දන්නෙ නෑ මොන මොන කනෙක්ශන් තියෙනවද කියලා.අපිට හිතෙන ඒවා කියලා නිකං ඇන ගන්නෙ මොකටද? "
"දැක්කනෙ අරයා එහෙමත් කමෙන්ට් කරලා තියෙන්නෙ සෑහෙන හොඳයි කියලනෙ..ඒ අස්සෙ අපි මොකටද ඕනි පොට්ටෙකුට පේන ඔය වැරදි පෙන්නලා දෙන්න ගිහින් කිච වෙන්නෙ?"
මෙහෙම හිතලා තමන්ගෙ යතාර්ථයෙන්ම එන කමෙන්ට් එක නොදමා තියෙනවද කවදා හරි ඔබ මේ ලියන්නගෙ බ්ලොග් එකෙත් ? එහෙම කලා නම් ඔබ ලියන්නාට කරලා තියෙන්නෙ හරිම අසාධාරණයක් තමයි. ඒ නිසාම මට මගේ බ්ලොග් එකේ තියෙන වැරදි හදා ගැනීමට තියෙන ඉඩ මග ඇහිරිලා තියෙනවා.ඔබ හැමදාම මේ බ්ලොග් එකේ කමෙන්ට් දමන්න ඇත්තෙ ඔබේ නියම නමින්මයි. මම ඒක දන්නවා. මොකද මේ වෙනකොට මේ බ්ලොග් එකේ ඇනෝනිමස් කමෙන්ට් තියෙන්නෙ 5කටත් වඩා අඩුවෙන්මයි.
ඒ නිසා කරුණාකරලා අදටවත් ඔබ ඔබේ නියම නමින් අයින් වෙලා ඇනෝනිමස් කමෙන්ට් එකක් දමන්න
කියලා මම කිව්වොත් මන් දන්නවා..ඔබ ඒක කරාවි කියලා. ඔබට හිතෙන ඕනිම දෙයක් ලියන්න..ඒ ලියව්ල්ල තුල තියෙන හරය මම අර ගන්නම්.
මේක ඇනෝනිමස්ලා ලව්ව ටිං කිරි ගා ගැනීමක් ලෙස දැනටමත් අදහස් දැක්වූ ඔබට ස්තූතියි මගේ මිතුර !
අතින් අරන් තියා ගත යුතු තැනක එහෙම තියා ගන්න ලියන්නා එයට පැකිලෙන්න සුදානම් නෑ. අසභ්‍ය වචන තිබුනොත් හැර කිසිම කමෙන්ට් එකක් මොඩිෆයි කිරීමට බලාපොරොත්තු නොවෙමි.
බලමු මගේ පහු ගිය කාලෙ ලියපු පෝස්ට් වලට ආපු සාමාන්‍ය කමෙන්ට් 30-40 අතර ගණන වත් ඇනෝනිමස් අවවාද දුන්නොත්..හදා ගන්න ඒ ටිකම ඇති !
මගේ අවවාදය :
ReplyDeleteමේ විකාර නවත්තලා කලින් වගේ ලස්සන පෝස්ට් එකක් දාපන් :)
අයියෝ වෙනිවැල් අයියා ඔයත් හිට් එන්න ලිංගික ලිපියක් ලිවුවා නම් හරි නේ...
ReplyDeleteඔව් කවුරු හරි අහිංසක කෙල්ලෙක් අල්ලගෙන හතර අතේ නෙලපන්. හිට් එයි අම්බානට
Deleteමොනවා හරි කියන්න ගියොත් සෙට් එකම ඇවිත් නෙලන්න පටන් ගනී..
ReplyDeleteඔව් ඔව් මතකද තව පොඩ්ඩෙන් මාරයාගෙන් කනවා
Deleteමාරයා හෝටලයක් දාලද කෑම දෙන??
Deleteමතක නැද්ද? හපොයි අප්පුච්චේ මැරිලා ඉපදිලා වගේනෙ මේ අම්මණ්ඩිගෙ කතාව.
Deleteඅනේ ගොනෝ කොහෙවත් යන අම්මන්ඩිලට *** යන්නෙ නැතුව මේකා ගැන ලියපන්.
Deletesorry not me
ReplyDeleteAno................
මහින්ද රාජපක්ෂ මහත්තයට පඩයක් ගියා කියල හිතන්න මහ පාර මැදදි..
ReplyDeleteඑතෙන්දි එතුමා ඒක සඟවගන්නෙ නැතුව හිනාවෙලා..හිහ් හිහ්..ඔය තියෙන්න මැද මුලන ගතිය තමා..අපි මොකටද වෙනස් වෙන්නෙ...කියල කිව්ව කියලත් හිතන්න..
ඉන් පස්සෙ අයි ටීඑන් එකේ කියයි..ඔබාමාට පුටින්ට, ක්ලින්ටන්ට මන්මෝහන්ට පාර මැද පඩින්ට බැරිය..එතරම් කොන්දක් නැතිය යුද්ධය දිනූ රාපක්ෂ තුමා පඩයෙන් හරි අධිරාජ්‍ය වාදයට එරෙහි වුනාය කියල...
සිරසෙ කියයි ඉතිහාසයේ කවරදාකවත් නොමැති ආකාරයෙන් දේශපාලන ගරුත්වය කෙලෙස ගත්තාය කියල..
අනික් මාධ්‍ය ඕනි නෑනෙ..පඩයක් ගියත් ඒක මහින්දට හින්ද ඒක රාජ එකක් විදියට සැලකෙනව..
දක්ෂ ලේඛකයෙක් මොන මගුල ලිව්වත් පාඨකයා හිතන්නෙ ඒ ලියන මොන කුනුහබ්බය ඇතුලෙ උනත් මහා ගැඹුරක් ගතයුත්තක් හිනාවෙන්න තැනක් වැනි ෆේවරිට් එකක් හෙවත් කජු කෑල්ලක් ඇති කියල...
තමුන්ට පෙනුනෙ නැතත් මුකුත් කියන්නෙ නෑ මොකද අනික් අය එය දකී කියල...
ඒ වගේමයි ටිකක් අපි ඕනි දේකට පැට්ටිස් උනාට පස්සෙ එනව යම් බලයක්..උදාහරණ විදියට ඩිල්ෂාන් ගහපු පොල් අඩිය පස්සෙ කාලෙක ඩිල්ස් කූප් කියල උඩදාගෙන දැං ඒක ලොකු වෙලා..නමුත් ඕකම කුලසේකර, මාලිංග මුරලි ගැහුවනම් ඒක බෝලර් කෙනෙක්ගෙ ගොං සොට් එකක්....
ඔබට ඔබ බලාපොරොත්තු වෙන කමෙන්ට් ටික කවදාවත් ලියන්නා ලැබෙන්නෙ නෑ...
මං එක ටොපික් දැම්ම නිදහස් අධ්‍යාපනය නැති කරමු කියල...ඒත් ඇනෝල එක්කෙනයි ආවෙ..මොකද දන්නව කමෙන්ට් කලොත් අනික් පැත්තට ලැබෙනව කියල..කරපු අයටත් ඒ සෙතේම තමයි...
හැබැයි ඕනෑම කලා කාරයෙක් දේස්පාලකයෙක් හෝ වෙනත් ඕනෑම ජනප්‍රිය කෙනෙක් තමුන්ගෙ ප්‍රේක්ෂකයින් විසින් නංවනු ලබන මුරුංගා අතුවලින් හොරෙන් බැහැල මහපොලොව මත ඉන්න ඕනි..
ඒකත් ඉතින් ඒ පුද්ගලයාගේ දක්ෂතාවයම තමා...බොබ් මාලේ පොපියුලර් උනා කියල සුරුට්ටුව අත හැරියෙ නැ..
කාල් මාක්ස් ජනප්‍රිය උනා කියල පොස් වෙන්න රැවුල කැපුවෙ නෑ..
ඒ වගේ ලියන්නත් මේ අපි වගේ සුට්ටි කොල්ලො සෝක් ..මරු නියමයි..එල කියල ලිව්වත් තමුන් කියවපු පොත පත සහ තමුන් ලබපු අත්දැකීම් මත තමුන්ගෙ ලියමන් දිහා හැමදාම අලුත් කෝණ වලින් බලල අර පලවෙනි නිර්මාණය කරද්දි හිටිය මේක මුන් බලයිද? කියන තැනට යන්න ඕනි..නිතරම නැතත් පෝස්ට් දෙක තුනකට වතාවක් හරි..
දිග වැඩිය සොරිය..
නියම කතාව ලකුණු 100යි.
Deleteඋඹලා මාව විනාස කරපු හැටි මට තෙරුම් යන්නෙ මෙව්වා දකිද්දි තමයි යකුනෙ.. :D:D:D
Deleteසැටිපිකෙට් ඇත්ත..
Deleteසොරිම තමා වෙනියා..උඹල හදන්නේ මොකටද මං..උඹට ඕනනං උඹම හොයා ගනින් වැරදි... මටනං පිස්සුවක් ඇතෑ එව්වා හොය හොය ඉන්න...
ReplyDeleteමං කියවන්නේ මට කියවන්න හිතෙනවනං විතරයි..කියවන්න දෙයක් නැතිව කම්මැලි කමේ ඉන්න වෙලාවට ඕන බම්බුවක් කියොනවා..එහෙම වෙලාවක් නැති වෙලාවට මොන දෙයියා ලිව්වත් ඕව කියව කියව ඉන්න පුළුවන්ද..අනික මට ඔය ලොකු මහප්‍රාණ ඕනම නැහැ... උඹ තාමත් ලියන එව්වා මට හිනාවෙලා කියවන්න වගේම මම කියවන්න ටැකක් මනාප ලයින් එකේ යනවා..ඒක එහෙම යනකල් මං කියෝනවා..එාහම නැතිව ගියදාට මං කියවන්නේ නැහැ..ආයේ හිතුනොත් කියෝනවා.. මොන මගුලටද බං මං උඹව හදන්න යන්නේ.. උඹට ඕන බම්බුවක් ලියා ගනින්..
ඉතිං ඔය ටික කියන්න ඇනෝ එන්නේ මොකටද බං...
හිතට එකඟවම කියන්නේ මචෝ . .
ReplyDeleteමම නම් ගොසිප් ලංකා එකේ ඇර වෙන කොහේවත් ඇනෝ කොමෙන්ට් දාලා නෑ දාන්නෙත් නෑ . . .
හොඳ දෙයක් තියෙනවනම් හොඳයි කියනවා අවුල් නම් කෙලින්ම අවුල් කියනවා . . .
තරහා වෙයි කියලා නොකියා ඉන්නේ නෑ මලාට . .
මොකෝ එහෙම කරන එක හිතවත් කම නමේ අහිතවත් කම.
කියන්න තියෙන මඟුලක් කෙලින් කියන්නේ (වැරැද්දක් පෙන්නලා දෙනවා නම් දෙන්නේ) ඒක තේරුම් අරගෙන හදා ගනී කියන විස්වාසෙන් . . .
ආපන ශාලාවක තිබූ පාඨයක්.
ReplyDeleteIf you liked our food tell your friends.
If you didn't like our food tell us.
අර සිග්මන් ප්‍රොයිඩ්ගෙ අයියගෙ පුතා මොනාද කියන්නෙ ඔය ගැන
Deleteකතන්දර ශූරීන් නම් ඒ අතින් හරි වාසනාවන්තයැ.ඇනෝලා කතන්දරගේ බ්ලොගයේ අඩුපාඩු පමණක් නොව කතන්දරගේ අඩුපාඩු පිළිබඳව ද සෙනෙහෙ සිතින් කමෙන්ට් කරති. කතන්දරගෙන් උපදෙස් ගත්තොත් ලියන්නාට ද වරදින්නේ නැතිය. ඇනෝලාගෙන් කිසි අඩුවක් නොවෙමියි සිතමි.
Deleteඇනෝ මොකටද බං අයියේ උඹට මොනා හරි කියන්න. ඉඳින් ඇනෝ නැතිවම මං කියන්න වැරැද්දක්.
ReplyDeleteමේකයි අයියේ ආයේ මේක විහිළුවකට ගන්න එපා. උඹ මේ වගේ මෙලෝ රහක් නැති ලිපි ආයේ ලිව්වොත් මම උඹව අන්ෆලෝ කරන එක කරනවාමයි!
ඇනෝ
Deleteමේ ඉන්නෙ ලොකුම ඇනෝ
Deleteමං තමයි ඇනෝ :D
Deleteඅයියෝ ඇනෝ සිලෙක්ට් කරන්න අමතක උනා! :D
Deleteඇනෝ පූසා නිකන් 2.50හේ වැඩ නොකර හිටු
Deleteඔය උඩ කමෙන්ට් එක දැම්මේ මං නෙමෙයි :D
DeleteThis comment has been removed by a blog administrator.
Deleteහැබැයි මම කමෙන්ට් දාන දාන තැන් වලට ගිහින් ඇනෝ කමෙන්ට්ස් දාන්න ගත්තොත්නම්
DeleteThis comment has been removed by a blog administrator.
Deleteපෛත්තියම් පූනෛ
Deleteඅයියෝ මොනවද මිස්ට ලියන්නා මේ කියන දේවල්... ඔයාගේ පරණ පොස්ට් මෙලෝ රහක් නෑ.. එකක්වත් කියෙව්වේ නෑ මමනම්. ඇයි අප්පා පොඩි එකෙක්ට කියවන්න පුලුවන්ද අර සමහර දෙපිටකාට්ටු පොස්ට්... සී සී.. කුජීතයි...
ReplyDeleteඅර එදා ඔලුව වැදුනා කිව්වට මං විස්වාස කලේම නෑනේ... දැන් නම් විස්වාසයි.
ReplyDeleteමගෙ ලඟ උඹේ ටෙලිපෝං නොම්මරේ තියනවනෙ බං
ReplyDeleteලෑල්ල.. ලෑල්ල.. ඕනයො...
Deleteනොදකින් මේක මහ චාටර් බ්ලොග් එකක්නේ.....!
ReplyDelete(ආහ්....ඇනෝ එන්න අමතක උනා......)
ඔහේට දාව මට ලැබෙන්න ඉන්න නිවුන්නුට, මගේ නංගිට ලැබෙන්න ඉන්න දරුවට ඉස්සරට කන්න බොන්න උගන්නන්න වියදම් කරන්නේ කවුද ?
ReplyDeleteඅපිව අමතක නොකර ඇනෝ හරි උදවු කලේ නැතිනම්, අම්මපා කියනවා මේ අවනඩුව ඇන්.ජී.ඕ එකකට.
මමත් මගේ නංගී ශ්‍රියානිත් වෙනුවෙන් පේමවතී අක්කා..
නොදෝමකින්, මේකා කොල්ලා කියලා බලන්නේවෙත් නැතිව මගේ පොඩි එකාටත් අතවරයක් කරලා තිබ්බනේ..
Deleteලියන්නාට දාන්න ඕන එකක් දුමීට රිප්ලයි එකක් විදිහට ඇවිත් වගේ . . .. හික්ස්
Deleteඔහේට දාව මට ලැබෙන්න ඉන්න නිවුන්නුට, මගේ නංගිට ලැබෙන්න ඉන්න දරුවට ඉස්සරට කන්න බොන්න උගන්නන්න වියදම් කරන්නේ කවුද ?
Deleteඇයි මේ වෙනියා ඉන්නේ.....!
සමා වෙන්න ඕනි දුමී මලයෝ,
Deleteවිලි ලජ්ජා නැතිව අපි දෙන්නට ඔය හදී කලේ ඔය වෙනියා ද මොකාද එකා තමයි. මම ඒ දවස් වල ඕකට ආදරයට කිව්වේ ප්‍රියාන් මලයා කියලා.නොදෝමකින් මේකා අපි දෙන්නගේ හිරි ඔතප් අන්තර්ධාන කරලා කරපු හරිය. හපොයි අපිත් දීගෙන හිටියා. මේකා අරගෙන පැනලා ගියා.
පේමවතී අක්කා.
/Anonymous said...
ReplyDeleteහා.. මේ .. වෙනී. මගුල් නං ලියන්න ලෑස්ති වෙන්න එපා හොඳේ...පී.. පී.. පී.. තව පී..
මේ උඹේ බ්ලොගේ මෙලෝ රහක් නෑ.. ෂික් විතරක්.. මේක වහල දාල වැඩක් බලාගනින්කෝ... මේව බලල මට එපා... වෙලා තියෙන්නෙ..
මමනම් ඇවිත් කියල යනව හොඳනම්. කම්මැලි පෝස්ට් එකක්නම් බලන්නෙ නැ. ඇව
ReplyDeleteමොකද අයියේ මේ එක පාරම උනේ? ඊයේ අර හැන්දෑවක පොතක් බලන්න හිතුනා කියද්දිම හිතුනා මොකක් හරි අවුලක් කියලා..
ReplyDeleteපොඩි එකාගෙ ආසාවනෙ.ඔන්නඔහෙ කොමෙන්ට් එකක් දාල යනවා.
ReplyDeleteවෙනියෝ ඔය පැත්තෙ තියෙන පොඩි පොඩි කෑලි මට පේන්නෙ අච්චාරුවක් වගේ
ReplyDeleteමේ මොකෑ ලියන මහත්තයාට වෙලා තියෙන්නේ ?
ReplyDeleteමම නම් දිරවන්නේ නැත්නම් ඒකත් කියලා දානවා. නමුත් වැදගත් විදියට..
ReplyDeleteමම නම් හිත නොරිදෙන්න මොනා හරි කියලා යන්නයි බලන්නේ මොකද බ්ලොග් ලියන්නෙක්ට මොනම හරි කොමෙන්ටුවක් ගොඩක් වටිනා නිසා
ReplyDeleteමම කතාව කියෙව්වා කියල කියන් මොනව හරි කමෙන්ටුවක් දානවා. හැබැයි කවදාවත් කියවන් නැතිව මුකුත් දාන්නේ නැහැ
ReplyDeleteලියන්නෝ මේ මම කුරුම්නියා..මම ඇනෝ එන්නේ මට මගේ අයි ඩී එකේ රහස් වචනය අමතක වෙලා ගියානේ ගිය වතාවේ ල0කාවට ගිහින් එද්දි..ඉති0 මම දැන් ඇනෝම තමයි..ඇත්තෙන්ම මම කියවන සමහර බ්ලොග්වල දැන් ඇනෝ කොමෙන්ට් දාන්න බෑ..ඒක මට හරිම පාඩුවක්..කොහොම උනත් මචෝ මේකෙ වත් මෙහෙම ලියන්න තියෙන එක ලොකුදෙයක් ඕ0..
ReplyDeleteකුරුම්නියා.
ඇනෝ ඇවිත් කිව්වත් ඇනෝ නැතිව කිව්වත් කොහොමත් අපි ගොඩක් දෙනා ඉන්නේ අන්වර්ථ නාම එක්ක නේ.. ඒක හින්ද මං නම් කෙලින්ම මගේ ප්‍රොෆයිල් එකෙන්ම කියන මගුලක් කියනව.
ReplyDeleteහපොයි දෙයියනේ....
ReplyDeleteලියල තියෙන්නේ වැඩක් නැති දෙයක්නම් පොඩ්ඩක් උඩින් පල්ලෙන් බැලුවා කට වහගෙන මාරු උනා
ReplyDeleteහොඳ දෙයක්නම් කමෙන්ට් කලා මේ ඉන්න නමෙන්ම :))
දැන් බ්ලොග් මාෆියාවක් තියෙන්නේ.නිකන් ජනාදිපතිවරණය කාලේ වගේ.ගොඩින් බැරිනම් මදින වරෙන්..
ReplyDeleteこれは素晴らしいです!良いポスト氏 Liyannaa!
ReplyDeletehttp://real-ano.blogspot.com/2012/01/blog-post.html
ReplyDelete"ඔව් මෙලෝ රහක් නෑ..ඒත් කොහොමද කියන්නෙ ආධුනික අය..ඊට පස්සෙ ලියන එක අතාරැලා දමයි අත හිත දීලා බලමු ඉස්සරහදි හරි යයි..පොඩි එකෙක් වගේ දැන් ලිව්වට පස්සෙ හරි යයි."
ReplyDeleteඇනෝ...
Anonymous Jan 27, 2012 08:38 AM
ReplyDeleteමේවත් බ්ලොග් ද?
ලින්ක් එක දානෙ නැතුව හොයන්නෙ කොහොමද?
DeleteNo comments මේ පෝස්ට් එකට, මොකද හැමදාම කියන්න තියෙන දේ කිව්වනෙ.
ReplyDeleteවැඩිහරියක් කුණුහර්ප
Deleteමොනවද මනුස්සයෝ මේ ලියන්නේ... කියවන්න පුළුවන්ද... මෙලෝ රහක් නෑනේ... හැමදාම හොඳ කියන එකේ මේන්න වෙනසකට.. කමක් නෑනේ
ReplyDeleteවෙනි අයියගේ එකම එක පොස්ට් එකයි කියෙව්වෙ අනිත් එවා කියවන්න තියා නම දකිනකොටත් එපා වෙනවා
ReplyDeleteමේ ටික කියන්න ඇනෝ එන්න ඕනිමට බෑ අනික මන් ඇනෝ එන්න දන්නැ හරි
මම මුකුත් කියන්නෑ
ReplyDeleteවෙන කරන්න දෙයක් නැති වුනාම කියවනව මිසක් මෙලෝ රහක් තියන බ්ලොග් එකක් නෙවෙයි...
ReplyDeleteප.ලි.
හරිනෙ..ඕකනෙ ඕනෙ....
අපි මෙච්චර කල් කිව්වෙ බොරු කියලා හිතලනෙ ආයෙ ඇනෝ කොමෙන්ට් ඉල්ලන්නෙ..