ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, January 20, 2012

නිරුවත් දෙපා

කාලය , තාලය, තැන යන සියල්ලම වෙනස් වූවත් අදටත් මා වඩාත් ප්‍රිය කරන්නේ නිරුවත් දෙපා මතින් මහ පොළව මත පය තබා යාමටයි. බර කැටයම් නොයොදා කීවොත් සෙරෙප්පු කටු දෙකක්වත් නොමැතිව ඇවිදීමටයි. නමුත් නගරයේ මෙසේ සෙරෙප්පු දෙකක් නොමැතිව යන මා දෙස කුතුහලයෙන් බලන මිනිසුන් නිසාම මෙම අවස්ථා ගණන සීමාසහිත වී ඇත. නමුත් සන්ධ්‍යා කාලවල හෝ රාත්‍රියේ අහල පහළ කඩේකට යන්නේ නම් මා කරන්නේ සෙරෙප්පු දෙක ඉවතලා අමුවේම ඇවිදීමයි. 


"මොකද මහත්තයා සෙරෙප්පු දෙකක් වත් නැතුව?"


අතරමගදී නිතර දැක කතා බහ කරන බොහෝ අය මෙම ප්‍රශ්නය විමසන විට,


"ඔව් බලන්නකො අර එහා කළුවර වංගුවේදීම හරියටම සෙරෙප්පුවක් කැඩුණනෙ.. දෙකම එතන අයිනට වීසි කළා.ආයි ගෙදර ගිහින් දමා ගෙන එන්න කම්මැලි කමට "


මා පිළිතුරු දෙමි..
හැබෑටම මේ මිනිස්සුන් කොතරම් හිත හොඳ වූවත්, බලන්න මෙතරම් අංගෝපාංග තිබුණත්, ඇයිද මන්දා කකුල් දෙක දිහාම බලන්නෙ..හොඳින් බැලුවෙ නැත්නම් ඉබේ පෙනෙන්න විදියක් නෑනෙ..
මේ හේතුව නිසාම ඉන් පසු මා කළේ සෙරෙප්පු නොපළඳින දින වල සරම ඇඳ ගෙන යාමයි. එවිට නම් නිතර හමුවෙන අය පවා මා අඳුරා ගත් බව හැඟවෙන ලකුණක් ලෙස මද සිනහා පෑම හැර කතා බහකටනොපැමිණෙනේමය. එය නම් මා හට සහනයක් වූවා කිවහොත් බොරුවක් නොවේ. සමහර විට සරමක් ඇඳි මා සමඟ කතා බහ කිරීම මදි කමක් වන්නට ඇත. නමුත් සරම හැඳි මා සහ කලිසම හැඳි මා අතර වෙනසක් නැති බව නොවැටහෙන පිරිසක් සමඟ මූණිච්චාවට වුවද සිනා සීමට, කතා කිරීමට මා හට සිදු වී තිබේ..


'ඉන්න ලැසී පැට්ටෝ මන් ඔයාට බනිසක් ගෙනත් දෙන්නම්"


වලිගය වනමින් මා පසු පස ඒමට දඟලන අපේ බලු නෑම්බියව බොහෝ අමාරුවෙන් ගේට්ටුවෙන් ඇතුළට දමා මා වෙනදා මෙන්ම නිරුවත් පා සමඟ අසල කඩේට යාමට එළියට බැස්සෙමි. ලැසී බනිස් කෑමට බොහෝ ප්‍රිය කළත් වඩා ප්‍රිය කළේ අහල පහළ සිටින බල්ලන්ට ගොරවමින් මා පසු පස කඩයට ගොස් ආපසු පැමිනීමටයි. 


ඉද්ද ගැසුවාක් මෙන් වූ කුඩා පාර එක්වරම එල් හැඩයේ වංගුවත් සමඟම හැරෙන තැන සිට මීටර් 100ක් පමණ අඳුරු ස්වරූපයක් ගන්නේ, එම ස්ථානයේ තිබූ පහන් කණු වල පහන් කොතරම් නැවත නැවත ප්‍රතිස්ථාපනය කළත් ඒවායේ ආයුෂ වැඩිම වූවොත් දින දෙකක් බවට පත් වීම නිසාය. . පෙම් කෙළින්නන්ගේ සහ සල්ලාලයන්ගෙ තිප්පොළක් වූ මෙම මීටර් 100 තුළ සතියකට 2-3 වතාවක්ම කිහිප දෙනකු පොලීසියට ගොදුරු වූවත් සදා අඳුරේය. මෙම සල්ලාලයන් එම පහන් කණුවට සවි කරන පහන පවා ගොදුරු කර ගනී. රාත්‍රී 10න් පසුව මෙම ස්ථානය පසු කර යන්නේ නම් බොහෝ විට දිලිසෙන ඇස් කීපයක් නොසලකා යාමට සිදු වීම සාමන්‍ය සංසිද්ධියකි. 


මා හරියටම එම පාරේ මැදක් එනවිටම අනෙක් පසින් වාහනයක් පැමිණෙමින් තිබුණි. මෙම පාර කුඩා අතුරු මාර්ගයක් බැවින් වාහනයක් පැමිණෙන විට අප බොහෝ අයිනට වී ඉඩ දිය යුතුයි. අතීතයේ මෙම පාර මීට වඩා පුළුල් වූවත් දෙපැත්තේම සිටින සාධු ජනයා පාර අල්ලා අඩි 10 හෝ 12 උස තාප්ප බැඳ ඇත. එම තාප්ප වලට හේත්තු වී විශාල වාහන වලට ඉඩ දීමට සිදු වන්නේ මගීන්ටය. එහි තාප්ප කඩතොලු පෙම්වතුන්ට රස ගුලාවකි. වාහනය යාමට තාප්පය අයිනටම වී ඉඩ දෙන්නට ගිය මා දෙසවන වැකුණේ හතිලන සහ කෙඳිරි ගාන හඬකි. ඉවෙන් මෙන් මෙහි වන්නේ කුමක්ද යන්න වටහා ගත් මා හනික තවත් අඩි දෙකක් පමණ ඉදිරියට පැන ගත්තේ වාහනයට යාමට ඉඩ දීමටයි. එක් පාදයක් අහම්බෙන් මෙන් තැබූයේ..යම් සුන්බුන් ගොඩක් උඩටය. යටි පතුල හිල් කර ගෙන යන වේදනාවක් සමඟ මා හට කෑ ගැස්සුන බවක මතකයක් තිබේ.. අසල අඳුරු පොදිය තුළින් එළියට ආවේ අසල ගෙවල් මණ්ඩියේ දන්නා හඳුනන පීරිස් අයියායි.. 


"හප්ඵද බොල, ලියන්නා මල්ලි, මොකද වුණේ අර වෑන් කාරයා හප්පා ගෙන ගියාද?" 


සරම අඳිමින් නැවී ගෙන මා දෙසට පැමිණෙන පීරිස් අයියාද එම අඳුරු ගොන්නෙ සිට ඉක්මන් අඩි තබමින් යන ස්ත්‍රී රුවක්ද මා නෙත ගැටුණි. 


"නෑ පීරිස් අයියෙ, මොකද්ද ඇනුණා කකුලේ.."


වේදනාව මතින්ම කකුල අකුලෙන් ඇද ගත් මා එතනම ඉඳ ගත්තේය. කකුලේ ඇනුණු යම් දෙයක් තවමත් කකුලේ පැටලී තිබේ. පීරිස් අයියා එය ඇද එලියට ගත්තේ මා කෙඳිරි ගාත්දීය.







"මේ පාහරයො යකඩ ගොඩවල් ගෙනත් දානවා පාර අයිනට ..මිනිස්සුන්ට යන්නත් නෑ.."


"ඕක දෙන්න අයියෙ..කෑලි වගයක් කැඩිලා ඇතුළේ තියෙනවා වගේ"


එය පරිගණකයක වීජීඒ පතක් (VGA Card) වැනි ඉලෙක්ට්‍රොනික කාඩ් පතකි. ලේ වැගිරෙන යටි පතුල අල්ලා බලන විට දැනුණේ එහි කෑලි කිහිපයක්ම කකුලේ රැඳී ඇති බවයි. 


"යන් මල්ලි, මෙහෙම්මම ඩොක්ටර් ළඟට, තුවාලෙ සුද්ද කරලා බෙහෙත් ටිකක් දමා ගම්මු"


අයියගේ වැඩෙත් ඩිස්ටර්බ් වුණා මන් නිසා කියන්නට ඇරුණු කට මනා සිහිය ක්ෂණිකව පහළ වීම නිසා අමාරුවෙන් වසා ගත් මා.. පීරිස් අයියා ගෙන ආ තුන් රෝද රියට නැග ගත්තේ එක් අතක මලකඩ කෑ සර්කිට් එකද රැගෙනය.
-----------------------------------------------------------------------------


"උගුරැස්ස කටු ඇන ගෙන ආවොත් පස්ස පතුරු යන්න මන් තලන්නෙ"


යන තර්ජනය කී දවසක් කළද මගේ පස්ස කිසි දිනක පතුරු ගොස් තිබුණේ නැත. සතියකට වරක් වත් ඇන ගන්නා උගුරැස්ස කටු භූමිතෙල් දමා හෝ සීනි සමඟ පොල් පොට්ටනියක් බැඳ පැය කිහිපයකින් ලොකු අක්කා ආය කට්ටක් ගෙන මා ගිරිය යටින් කෑ ගසද්දී එළියට ඇද දමයි. එසේ එළියට ගන්නා කටු එකතු කිරීමට මා දැඩි කැමැත්තක් වීය.


අපගේ වත්ත පාමුල විශාල කොහිල ගාලකි. කොහිල ගාලේ එක් පැත්තක උගුරැස්ස නැතහොත් කටු ලොවි ගහකි. වත්ත සීමාව මායිම් කරන්නේ නා නා වර්ග වලට අයත් අඹ ගස් පේලියකිනි. අඹ වාරයට යූරියා පොහොර ගෙන එන පොලිතින් මල්ලක් ගෙන විවෘත පැත්තේ කොටසක් ඉරා එය බෙල්ලට දමා ගෙන තේ නෙළන ළඳුන්ගේ තේ කූඩය මෙන් කවරය පිට පැත්තට දමා ගෙන කොහිල ගාල දෙසට උදෑසනම යන මා හට ඇසෙන ලොකු අක්කාගෙ හඬ හැමදා දකින කුකුළාගේ කරමලය මෙනි. එවකටත් 8 ශ්‍රෙණියේ උන් චූටි අක්කා කිසි දිනක අඹ ඇහිලීමේ කාර්‍යයට සහභාගී නොවූවත් මා අහුලා එන අඹ වල හොඳම කොටසට වග කීමට නම් උපන් රුසියෙක් වූවාය. හිමිදිරි පාන්දර සීතල, මීදුම නොතකා.. පරිස්සමෙන් කොහිල කටු සහිත අල මත පා නොතබමින් කොහිල ගස් අතර වූ අඹ සෙවීම නම් මා කළේ මහත් ප්‍රීතියෙනි. වවුලන් එළවීම සඳහා ටකයක් බැඳ තිබුණත්..රෑ තිස්සේ වවුලන්ගේ ක්‍රීස්...ක්‍රීස්.. හඬ මට නම් ගෙන දුන්නේ ඉමහත් ප්‍රීතියකි. මන්ද පසු දින බොහෝ අඹ, කා දමන ලද අඹ කොට රාශියක් තිබෙන බවට මෙම හඬ හොඳ ඔත්තුවක් සපයන නිසාය.


"මේ සාමා... සාමා.. එන්න අඹ දෙන්න" 


අල්ලපු ගෙදර බෝනික්කියක් මෙන් රූමත් නිලන්ති - ගෙදර නම සාමා - හරියටම මුහුණ සේදීමට ඒ අසල වූ ළිඳ වෙත එන්නේ හරියටම මෙම වේලාවටයි.


"අනේ ලියන්නයියා.. අද අඹ ගොඩාක් හම්බුනාද"


ලා රත් පැහැ වද මලක් මෙන් ඈ සිනා වෙන විට බලන්නට ලස්සනය. 


"එන්න..ආ"


හමුවූ අඹ ගෙඩි පහක් පමණ මා දෑතින් ගෙන ඈගේ විකසිත මුව වෙත වසිවී බලා සිටිමි.


"අයියගෙන් ඉල්ලලා අඹ ගන්නවා කියලා අපේ පංතියෙ කොල්ලො මට හිනා වෙනවා"


"මොකටද ඔයා ඔව්වා කියන්න ගියේ පංතියේ කොල්ලන්ට?"


මම අඹ ගෙඩි සහිත දෑත ඈ වෙත පෑවෙමි. 


"ඔච්චර ගොඩක් ගන්න මල්ලක් අරන් එන්න වෙයි"


"ඔය ගවුම පොඩ්ඩක් උස්සන්න, උස්සලා අත් දෙකින් අල්ලා ගන්න"


ගවුමේ ඔඩොක්කුව වෙත අඹ ගෙඩි කිහිපය අත හැර සිනා සලමින් නිවස වෙත දුව යන සාමා දෙස බලා සිට ප්‍රීතියෙන් යුතුව මා උඩ බලා ගෙන අඩිය තැබුවේ බිමට වැටී තිබූ උගුරැස්ස කටු පොකුරක් මතටය. රෝහල් ගත වී දින දෙකකට පසුව නිවසට පැමිණි මා නොන්ඩි ගසමින් කොහිල ගාල දෙසට යනවිට දුටුවේ උගුරැස්ස ගස සහමුලින්ම කපා දමා ඇති බවයි. අඹ නොමැති කාලයට තද පැහැ උගුරැස්ස ගෙඩියක් ගෙන හොඳට අතේ පොඩි කර එක් පැත්තකින් දතක් ගසා හිල් කර ඇතුළේ වූ රස පල්පය උරා බීම කොතරම් අහ්ලාදජනක වූයේද යත් කපා දමා තිබූ විශාල උගුරැස්ස ගස දුටු මා හට ඉකි ගසා ඇඬුණු බව මතකය.
--------------------------------------------------------------------------------
"මෙන්න මහත්තයා ඇනිලා තිබ්බ සර්කිට් කෑලි ටික. හොඳටම මලකඩ කාලා..ටෙනස් වලට ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්න.. අතන මිසී ළඟට ගිහින්"


කොර ගසමින් පීරිස් අයියා සමඟ මා ගියේ එහි සිටි රූමත් නර්ස් නෝනා අසලටයි. 


 ටෙනස් නේද කෝ එන්න "


බ්‍රිතාන්‍ය සමීක්ෂණයක ප්‍රතිඵලය වුයේ ලොව සරාගීම ළඳුන් සිටින්නේ හෙදි වෘත්තියේ බවයි. එය සැබෑවක් බව ඔප්පු කරන්නට මීට වඩා සාධක කොහිද? පීරිස් අයියාද වශීකෘතව බලා සිටින්නේ ඇය අත වූ සිරින්ජය දෙසමදැයි මට සැකයක් පහළ විය.


එදවස මා බෙරිහන් දෙද්දී ලොකු අක්කා පත්තු කරන ලද පොල්තෙල් පහන් කඩකින් පහළට වැගිරෙන උණු තෙල් බිඳු පතිත කරන්නේ මලකඩ කෑ ඇණ ඇනුණු තුවාල මතටය. එය සහ දැන් ලබා දෙන මෙම  ටෙනස්  ඉන්ජෙක්ෂන් එක අතර ඇති සම්බන්ධය කුමක්දැයි මට සිතා ගත නොහැකිය.


"කෝ උස්සන්න සරම, මේක ගහන්නෙ තට්ටමට !"


කමිසයේ අත උඩට රෝල් කර ගැනීමට ගිය මා දෙසවන් මත පතිත වූ මෙම වදන් ඇසුණු පීරිස් අයියා හනික ඔහුගේ සරම උස්සන්නට වූයේ, ක්ෂණයකින් පියවි සිහිය ලද්දේ වහා මගේ උර හිසින් අල්ලා හෙදිය වෙත මගේ පසු පස පෑවාය. වාසනාවකට මෙන් මා යට කලිසමක් ඇඳ සිටි අතර නොවූවානම් මා හට දැනෙන අපහසුතාවය ගැන සිහිවී මා හට හීන් දාඩිය දමන්නට විය. 


"හරි දැන් අතාරින්න. මේ පුළුන් කෑල්ල තියලා තද කර ගන්න." 


වහා පීරිස් අයියා පුළුන් කෑල්ල අතට ගත්තේය. 


"මෙතන බැම්මේ ඒ දවස් වල කුණු දමන අයට හෙණ හතම වැදියන් කියලා ගහලා තිබ්බා. පහු ගිය කාලෙ පේන්ට් කරන කොට ඒක වැහිලා..ආයි ලියලා දමන්න ඕනි මල්ලි..නැත්නම් කොච්චර කීවත් මේ කාලකණ්ණි ගෙදර කුණු ගෙනත් දමන්නෙ පාර අයිනටමයි"


දිලිසෙන දෑසින් යුතුව පීරිස් අයියා පාරේ බැම්ම අසල වූ අඳුරු මුල්ල දෙස බලමින් පවසයි. මා සිතේ සියුම් වේදනාවක් නැගුණත් මුව ගොළු කර ගත්තෙමි. 
මා සුරක්ෂිතව නවාතැන වෙත ඇරලූ පීරිස් අයියාට සමු ගන්නට පෙර මුව නොසෑහෙන සේ ස්තූති කල මා .. සිවිලිමේ වූ මකුළු දැල් ගණින්නට වූයේ...


"හාමිනේ පුංචි මහත්තයට හෙනහුරාගෙන් අපලයි හරියට..ඒකනේ මේ හැම වෙලාවෙම අත පය කඩා ගත්ත ගමන්ම .හෙනහුරා ජීවිත කාලෙම කරදර කරයි මේ විදියට...මෙන්න මේ පූජා ටික කරන්න.. එතකොට හෙනහුරාගේ බලපෑම අඩු වෙනවා..ගණ දෙයියන්ටත් බට කොළ කැව්ව එකානෙ"


නැකැත් මාමා අම්මාට මොනවදෝ පූජා වන් පිළිබඳ විස්තරයක් කියන්නෙ..මා පැටි අවදියේ බව යාන්තමට මතකය..


"ලියන්නා මේ ටැබ්ලට්ස් ඩ්‍රව්සි..බීලා ඩ්‍රයිවින් කරන්න එහෙම එපා" 


ඩොක්ටර්ගේ කටහඬ බිත්තියෙන් එහා පැත්තෙන් කියන්නාක් මෙන් දෝංකාර දෙයි. දෙසවන් සුමුදු හෝ හඬකින් පිරෙන්නට විය..මා මේ පාව යන්නේ වලාකුළක විය යුතුය...

83 comments:

  1. ඉතාම රසවත්ය ඈ - ආසාවෙන් කියෙව්වා ඉතින්
    පත්තරේකට යවමුද?
    ඊ වේස්ට් කථාවකුත් යටින් යනවා නේද?
    හෙනහුරා ඊ වේස්ට් වෙසින් එනවාදෝ මන්දා දැන් දැන්

    ReplyDelete
    Replies
    1. පත්තරේට දමන යෝජනාව නම් හොඳා තිස්ස..තවම එච්චර හොඳ නෑ කියලයි මට හිතෙන්නෙ නම්..බලමු තව 10ක් 15ක් ලියන කොට පදම එයිද කියලා..ඊ වේස්ට් එක මහ ඇණයක් දැනටමත්

      Delete
  2. ඇත්තටම වෙනි අයියේ උඹ පොඩිකාලේ ඉඳලම මහා නොහොබිනා වැඩනේ කොරල තීන්නේ.
    අහවල් එකටෙයි අර සාම කෙලීට ගවුම උස්සන්නෙයි කිව්වේ.
    අනෙක් පුරස්නේ නර්ස් නෝනගේ සිරින්ජේ දිහා නැතුව වෙන කොහෙද බැලුවේ අනේ අම්මප නාකි විසේ ගෙටත් උසේ කිව්වලු .. හික්

    ප/ලි : මට හිතෙන විදිහට නර්ස් නෝනට අනිවා සසර කලකිරෙන්න ඇති :DDD

    ReplyDelete
    Replies
    1. ශානු ඒ නර්ස් නෝනා කීවා..ආයි එන්න කියලා මගේ නමට ෆයිල් එකකුත් ඕපන් කලා.. සාමාට අඹ ගෙඩි 4-5 ක් දුන්නනෙ ඉතින්

      Delete
  3. වෙනී අයියත් ඉන්නෙ මාර පාරකනෙ... කොහොමද අයියගෙ වැඩෙත් ඩිස්ටර්බ් උනා කිව්ව නම්..

    සාමාත් එක්ක තිබුන ඇයි හොඳැයිය ගැන නම් මම මොකුත්ම අහන්නෙ නෑ ඕන්.. ;)

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ නෙවෙයි දැන් මගේ කටේ බ්‍රේක් හොඳයි සාතන් !

      Delete
    2. සාමා සමග වූ දෙබස ගැන මමත් කිසිත් නොකියමි.;)

      Delete
  4. කොල්ලෝ කාලේ කරපුව දැන් කරන්න බැහැ.දැන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.අර සිවිලිමේ මකුනුදල් ගණන් කරා කිවුවේ.අන්න එක තේරුනේ නැහැ නේ..

    ReplyDelete
    Replies
    1. එඩ්වඩ ජයකොඩි මහත්තගේ අහවල් සින්දුවේ රැප් වර්ෂන් එක බං මේ...
      යට ලීය ~ සිවිලිම

      Delete
    2. දැන් තේරුනා නේද අසරණයාට !

      Delete
  5. හෙහෙහ්! මම කිසිත් නොකියමි. සිද්ධි අපූරුවට ගලපා ඇති බව පමණක් පවසා යන්නට යමි! :D

    ReplyDelete
    Replies
    1. මෙතන කියන්නෙ නැතුව හිතපු දේවල් නම් පූසා මහ සවුත්තුයි ආ.. ඔහොමද යාළුවො උනහම !

      Delete
  6. මාර ය... පට්ට ආසාවෙන් කියවුයෙමි.. එල ය.. සාමාට ගවුම උස්සන්නට කීම නම් නොහොඹින මෙව්වා එකකි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. අඹ ගෙඩි ටික ඔඩොක්කුවට දමන්න තමයි එහෙම් කීවෙ !

      Delete
  7. Replies
    1. වල් ??? වල් අඹ නෙවෙයි, මී අඹ තමයි මන් දුන්නෙ !

      Delete
  8. ආදර්ශය 1: පාවහන් නොමැතිව එලියට බසිනවිට ජොකා ඇඳ ඇත්දැයි බැලිය යුතුය.

    ආදර්ශය 2: කෙල්ලන්ට ගවුම උස්සන්න යයි කියන එකාට කවදා හෝ කෙල්ලක්ම සරම උස්සන්නැයි විධාන කරනු ඇත.

    කෝ මේ ඕනයයි ඔබායි? මොකද දන්නෙ නෑ පරක්කු!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. චිකේ.. හෙන්රි හිතලා තියෙන දුර !!! මගේ නම් තුන් හිතක වත් තිබ්බෙ නෑ ඔහොම දෙයක් ..සති අන්තේ නිසා දෙන්නම නිවා ගෙන ඉන්නවා ඇති හෙන්රි

      Delete
  9. ඉහතින් පළ කර තිබෙන සී 828 බහු කාර්ය ට්‍රාන්සිස්ටරය නම් සෑහෙන්න ප්‍රයෝජනවත් එකකි.


    මයෙත් දැඩි ආසාවක් තිබේ නිරුවත් දෙපා සහිතව ඇවිදීමට. ගැටළුවක් නැත. මට නම් මගේ ආසාව ඉටු කර ගැනීම සඳහා ඇති තරම් ආරක්ෂිත ඉඩ පහසුකම් අපේ ගමේ ඇත.
    :ඩී

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් කොන්ක්‍රීට් වනාන්තරය නේ !

      Delete
  10. අනේ ඉතින් අර සාමා කෙල්ලටත් ගවුම උස්සන්න කිවුවනෙ මේ මනුස්සය!!
    :ඩී

    ReplyDelete
  11. දැන් ඉතිං හොඳද...

    අර සමීක්ෂන ප්‍රතිපල ගැන මාත් 100%ක්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. දැන් හොඳටම සනීපයි !

      Delete
  12. කෙල්ලන්ගෙ ගවුන් උස්සා කල නොහිඹිනා ක්‍රියාව හෙලා දකිමු!!!

    ReplyDelete
    Replies
    1. දකිමු !! දකිමු !! :DD

      Delete
  13. වෙනි අයියේ සිරාවටම ගලපලා තියෙනවා
    මාරම ලස්සනයි
    මොනවා උනත් සාමා කෙල්ලට ගවුම උස්සන්න කිවුව එකනම් හරි නැනේ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහිම, අඹ දෙන්නනෙ එහෙම කිව්වෙ !

      Delete
  14. සුන්දරයි... අද කාලේ ගවුම නැති නිසා මල්ලක් තමා ගේන්ට වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පනතට අනුකූලව ප්ලාස්ටික් කූඩ තමයි !

      Delete
    2. හිකිස් අමතක වුනා.. තව පොඩ්ඩෙන් දඩ :)

      Delete
  15. සාමා "ඉල්ලලා අඹ" ගන්නවළු.. ගවුමත් උස්සලා නම් අරෙහෙමත් වෙනවා නම් අලේ මන්දා..

    "යන් නංගි......(මොනවදෝ කන්න)" ඔන්න ඔය විදියට පටන් ගන්න සිංදු කෑල්ලක් තියෙනවා‍ළුනේ.වෙනී අයියද දන්නෑ ඒකට පද ගැළපුවේ..

    වෙනදා වගේම කතාව ඇතුලේ කතා දෙක තුනක්ම අද තියෙන්නේ... මරු..

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි කාලෙ එච්චර නාක නෑ නාකියා !!1 හිකිස්..

      Delete
  16. වෙනී අයියාත් කරලා තියෙන්නේ මරු වැඩනේ.. අර සාමා නංගි ඉල්ලලා අඹ ගනිද්දි කොහිය කටු ඇනගෙන.. දැං අර පීරිස් අයියට නිදහසේ වැඩක් කර ගන්න දීලත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අකරතැබ්බ ගොඩාක් වුනා තමා !

      Delete
  17. කතාව සහ සාමාට අඹ දුන් සැටි එළ කිරිය...:)

    ReplyDelete
  18. අපොයි වෙනී අයියලත් පොඩි කාලේ ඉදලම මෙහෙමයි එහෙනම්,,,,වෙන මොනවත් කියන්නේ නෑ මමත් මේ ඇති

    ReplyDelete
    Replies
    1. කිව්වෙ නැතුවට හිතපු ඒවා නම් සවුත්තුයි ඩිලා !

      Delete
  19. එළ ..ලස්සනට කථාව ගොතලා......

    ReplyDelete
  20. ආසයි නේ..? :)

    අර තාප්පේ මෙහෙම ලිව්වනම් හරි... "මෙතන පුලුවන් තරම් කුණු දාන්න... අපි කුණු පෝර කරන මැෂිමක් ගත්තා... ඒකෙන් පෝර හදලා විකුණලා අපි දියුණු වෙන්න හදන්නේ..."

    එදායින් පස්සේ එකෙක් එතන කුණු දාන්නේ නෑ :D

    ReplyDelete
    Replies
    1. ඔය හෙන හතේ කතාව තමයි මෙහෙ ප්‍රසිද්ධ බීටල්.. නියම අයිඩියා එක.. එහෙම කරලා බලන්නම් !

      Delete
  21. කතාව ලස්සනයි....

    පීරිස් අයිය පව්...!!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ උනාට බලන්න එයාගෙ අවශ්‍යතාවය පැත්තක දමලා මට උදව් කල හැටි..

      Delete
  22. බොහෝම ලස්සනයි වෙනී අයියා අමුතුම කතාවක් කාලෙකින් කියෙවුව එලම කතාවක් . කියන්න වචන නෑ . කතා නම් වෙනී තමා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරූ මල්ලි, වැඩ අධික නිසා ඔබගේ හත හතරට බැස්ස එක දරන්න බැරි අඩුවක් !

      Delete
  23. කතා ටික පට්ට !!!
    අඩේ සරම උස්සන්නත් උනාද.
    ඉන්ජෙක්ෂන් එක ගැහුවේ මිසී ද නැත්නම් ලියන මහත්තයා ද කියලා මට ප්‍රශ්නයක් !! :)

    ReplyDelete
    Replies
    1. ඉන්ජෙක්ශන් ගැහුවෙ තට්ටමට .. සරම උස්සන්නම උනා !

      Delete
  24. හික්ස්..මරු කතාව...කෙල්ලට ගවුම උස්සන්න කිව්වේ මොකද අප්පා???

    ReplyDelete
    Replies
    1. අත් දෙකට අඹ ගෙඩි 5ක් ගන්න බෑ.. ගවුම පොඩ්ඩක් උස්සලා ඔඩොක්කුව හදා ගත්තහම අඹ ගෙඩි 5ම අරන් යන්න පුළුවන් එක සැරේම..!

      Delete
  25. අනේ අනේ මෙයාටත් වෙන වැඩ

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා.. මටමමයි මෙවා වෙන්නෙ බලන්නකො වර්ණා !

      Delete
  26. ඔතන සර්කිට් කෑලි ඔය පීරිස් අය්යාගේ නිතර ඇනෙනවා ඇති. ඒකනේ කුණු දාන එවුන්ට හෙන වදින්න ලියන්න ඇත්තේ. හඃ හඃ හඃ.... සාම ගැන මං මුකුත් නොකිය ඉන්නම්කො..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එහෙම වෙනවා ඇති.. ඒ වගේම ඔය කුණු ගොඩේ කටු ඇනගත්ත එකම එකා මම නෙවෙයි වෙන්න ඇති.. පීරිස් කාරයාට සෑහෙන්න ඩිස්ටර්බ් වෙන හැඩයි..

      Delete
  27. ඔන්න බලන්න ගෑනු ලමයින්ට කොච්චර ආදරේද කියල පිරිමි ලමයි . . . . වෙනී හීං එකා කාලෙ කොහොල ක‍ටු ඇනගෙන, පාන්දර නැගිටල, අක්කට බොරු කියල . . . . ආන්න ඒ වගේ කැපකිරීම් කරල . . . ඊටත් අමතරව අඹ ගෙඩි ටිකකුත් දීල තමයි සාමගෙ ගවුම උස්සෝගෙන තියෙනෙ . . . . . ආඩ්මබරයි වෙනී උඹ ගැන

    ප.ලි.
    ඉංජෙස්සං එක ගහද්දි දනිස් නමන්නෙ නැතුව බිම වැටිච්චි පහේ කාසියක් අහුලනව වගේ ඉන්න කිවුවෙ නෑ නේද ????

    ReplyDelete
    Replies
    1. බලන්ඩලකෝ මේ ලෝකයා ආ නෑ නෑ ඕනයා කියන කතා..සාමා ට ආයිමත් ගිහින් එන්න වෙන නිසයි ගවුමේ ඔඩොක්කුවට අඹ දැම්මෙ..
      ඉන්ජෙක්සන් එක ගහන්න නැමෙන්න කිව්වෙ නම් නෑ.. :DD

      Delete
  28. බලන්න කට්ටිය කොච්චර නරකද ? සද්භාවයෙන් ගවුමක් උස්සන්න කිව්වා කියලා කිව්වත් මුන්ට වල් සිතුවිලි පහල වෙනවා නේද අයියේ ?

    ReplyDelete
    Replies
    1. යන්තම් ඇති ඉඳුනිල් වත් සත්‍ය තේරුම් ගත්තා.. බලන්න ඒ අතින් මමද වල් නැත්නම්... අනේ මන්දා ???!!!

      Delete
  29. මෙය මේ ලිපියට කොමෙන්ටුවක් නොවන බව කරුණාවෙන් සලකන්න...මේ මට දැන් හිතෙන හැටි විතරයි...

    "එහෙං අර පසනා කියනවා ලියන එකා මරන්නද මොකක්ද එකක්..ඌ කියන හබ්බ මට තේරෙන්නේ නැහැ..ඒ අස්සේ තව උන් කියනවා එක එකාට කොමෙන්ට් කරනකොට හිතවත්කං උඩ කමෙන්ට් කරන්නත් එපාළු.තවත් උන් කියනවා කමෙන්ට් එහෙකින් සමාජය හදන්න ඕනළු.තවතු උන් පෝස්ට් වලින් සමාජේ හදන්න කතා කරනවා. ඒ අස්සේ සමහරු කියනවා කුණු හබ්බ කතා කියන්න එපාළු.තව කියනවා කුණු හබ්බ කමෙන්ට් දාන්න එපාළු..එක එක තව කොච්චර ජාති කියනවද..? ඒ අස්සේ මේ යකා කට කසන කතා කියනවා ගවුම උස්පුවයි..ඉල්ලලා අඹ දීපුවා..ඒ මදිවට නර්ස‍්ගේ ලස්සන..ඒ ඉතරක්යෑ පුකට ඉන්ජෙක්ෂන් ගහපුවා. ඔය අස්සෙම කතාවකුත් යනවා තමා ඒක අස්සේ අතීත කතාවකුත් යනවා තමා. අතීතයයි වර්ථමානයයි එකට මුහු වෙලා එක එක තැන්වලදී ගැටෙනවත් තමා. දැන් පුකට ඉන්ජෙස්සන් ගහද්දි ඉස්සර උණු වෙච්ච පොල්තෙල් දාපු කතා කියද්දි අපි පොඩි කාලේ ඔහොම මලකඩ කාපුවා ඇනුනම අඹ අත්තක් රත් කරලා ඒකෙන් උණුවෙලා වැක්කෙරෙන අඹ කිරි දාපුවා මතක් වෙනවත් තමා..ඒත් ඕවා මේකේ ලියන්නේ අහවල් එකටයෑ..මෙව්වයේ එහෙම නිකං හිතට එන කතා ලියන්න හොඳ නැහැළු නෙව...ඒත් ඉතිං මේ තියෙන දෙපැත්ත කැපෙන කතා දැක්කම මුකුත්ම නොලියත් බැහැ..ලියලත් බැහැ. අනේ මංදා..ඊට මීට හොදා මොන මගුලක්වත් නොලියා මෙතනින් මාරු වෙනවා...මටත් ටිකක් සම්භාව්‍ය විදියට හිතන්න පුළුවන් උන කාලෙකවත් ඇවිත් මොනවා හරි මේකේ ලියලා යන්න ඕන අනිත් උන්ට උණ ගැනෙන්නත් එක්ක..අනේ මට සම්භාව්‍ය විදියට හිතෙන්න පටන් ගනිංකෝ.."

    හා ඔය කල්පනා කලා මදෑ මං යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මාරයා ඕනි දෙහි ගෙඩියක් සත පනහයි ! කියලා අපි ඉම්මු !!!
      ඇයි බන් අපි උඹට මොන වැරැද්දක් කලාටද ඔය සම්භාව්‍ය විදියට හිතලා කමෙන්ට් කරන්න යන්නෙ ?? කාපු බීපු වේලාවට විහිළුවක් තහළුවක් කරනවා විතරයිනෙ..ඔහොම ජම්මාන්තර වෛර බඳින්න ඒක හේතුවක් කර ගන්න එපා.

      Delete
  30. සපත්තු සෙරෙප්පු නැතිව පාරේ යන එක ගැන කොමෙන්ට් කරන්න ආවට මේ අඹ කතාවයි ටෙටනස් කතාවයිනෙ නැගල යන්නෙ..ඒ හින්දා ඒවා ඕනෙ නෑ එක්කො..

    ReplyDelete
  31. ඔව් රූ.. බත් වලට වඩා අන්නාසි කරිය නැගලා යනවා !

    ReplyDelete
  32. අද තමයි කතාව කියෙව්වෙ.. අනේ මදං.. දුකක් ඇති වෙනව කවද හරි කාලෙක් සෙල්ලන් වයසෙ ඉන්න අපිත් පැත්තකට වෙලා මෙහෙම ඉස්සර ගැන හිත හිත වද වෙයි නේද කියල.. ඒත් ඇත්තම කියනවනං එහෙම වද වෙන්න තරම් සුන්දර කාලයක් අපිට නෑ..

    ReplyDelete
    Replies
    1. ඒවා එච්චරටම හිතන්න එපා මල්ලි, ඕන්න තියෙන ඒවායින් සතුටු වෙන්න..

      Delete
  33. අර අඹ දෙන්න ගවුම උස්සන්න කිව්වම මාව හිරිවැටිල ගියා. මොකද මංදා ඒ.... ඇඹුල් අඹයක්වත් කන්න හිතිලත කියල මං මේ කල්පනා කලේ.
    නර්ස්ලාගෙ සැක්සිය ගැනනම් පවසා පලක් නැතිය. මං පරක්කු උනේද ඒකමය ;)

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න නවම් කිව්වලු !

      Delete
  34. සරම ඇන්දාම කතා නොකරම යන උන් ගැන කියපු නිසාම මම මේ කියන්නෙ..ඒක මටත් හොදටම අත්දකින්න ලැබිල තියෙනවා..දවසක් වයිෆ්ලගේ නෑදෑයො වගයක් ගෙදර ආපු වෙලාවක මම සරමක් ඇදන් ඉදල ඒකෙන් අපේ වයිෆ්ට ලොකු අවනම්බුවක් උනාලු.ඇත්තෙන්ම මේ මිනිස්සු කොහේද මේ යන්නෙ..(මේ කොයි යන්නේ රයිගම් යන්නේ..කවදද එන්නේ නැත අපි දන්නේ)

    ReplyDelete
    Replies
    1. උඩින් ගියොත් සිරස බිදෙයි.. බිමින් ගියොත් ටිගොල් ඇනෙයි...

      කුරුම්නියා..

      Delete
    2. "සෙයිලම" චිත්‍රපටිය..අමතක් වෙන්නෙම නෑ.. ඔබගේ කතාව සමූර්ණ ඇත්ත !

      Delete
  35. අමුතුම තාලයේ කතාවක් ගොඩක් රස වින්ඳා හාස්‍යය උපරිමයි අංග සම්පූර්ණ කතාවක් හැම කෝණයක්ම මතු කරලා පෙන්නලා තියෙනවා නියමයි ඈ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියා !

      Delete
  36. උඹේ ලිවිල්ල තමයි ලිවිල්ල

    ReplyDelete
    Replies
    1. රසවින්ඳා නම් මටත් සතුටුයි රාජ් !

      Delete
  37. සපත්තු සෙරෙප්පු නැතුව ආතල් එකේ සරමක් ගහගෙන ගමේ වගේ යන එක මේ කොන්කිරිට් නගරෙට හරිද බං වේනියො.

    ReplyDelete
    Replies
    1. හරි නෑ තමයි.. ඒත් මම නම් නුගේගොඩ ටවුන් එකේත් ඇවිදලා තියෙනවා ඔහොම !

      Delete
  38. adai mama me blog eka dakke.
    parana kathaa okkoma kiyewwa.

    niyama kathaa tika :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩප්පියා..ඔබ අ.පේ කෙනෙක් නේ !!!

      Delete
  39. කතා ඇතුළෙ කතා. හුඟක් රස වින්දා.

    ReplyDelete
  40. නියමයි වෙනියො. මට මේ පෝස්ට් එක මිස් වෙලා තිබ්බෙ. මේ දවස් වල ගෙදර ආගන්තුකයො කට්ටියක් ඉන්නව, ඒ නිසා බ්ලොග් කියවන්න වෙලාව අඩුයි.

    ReplyDelete