ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 18, 2012

රාජයියගේ පුනීලය

සතියේ සෑම අඟහරුවාදාම අප ප්‍රදේශයේ ඇති කුණු ගෙනයාමට කුණු ලොරිය පැමිනේ. සඳුදා දිනයේ හොඳින් නා පිරිසිදු වී සිටින්න යැයි මෙය දන්න මිතුරන් මට දැඩි සේ අවවාද දෙන්නේ මන්දැයි මා නොදනිමි. 
අද උදයේද සුපුරුදු ලෙසම කුණු ලොරිය පැමිණීමට පැය භාගයකට පමණ පෙර නගර සභා සේවක මහතකු පැමිණ දාන් දාන් යන හඬින් ප්‍රදේශයේම තිබෙන ගේට්ටු වලට ගසමින් යන්නේ කුණු බෑග් රැගෙන යාමට තව මොහොතකින් පැමිණෙන බව ඇඟවීමටයි. මෙයට විරුද්ධව ගෙවල් ඇතුලේ සිටින බලු රැල යුද්ධ ප්‍රකාශ කලත් අප නම් කිසි විටෙකත් විරුද්ධ නොවූයෙමු. සියළුම කුණු බෑග් පාර අයිනේ ගොඩ ගසා තිබෙන අතර මෙම බලු රැල නගර සභා සේවකයින් පැමිණීමට පෙර එම කුණු බෑග් තත්ව පරීක්ශාවක් කරන අතර සමහර ද්‍රව්‍ය වැඩිදුර පරීක්ශාව සඳහා තම තමන්ගේ ගෙවල් වලට රැගෙන යයි. අපේ ගෙදර සිටින බල්ලන්ද මීට වෙනස් නැත. එම නිසාම මෙම පැය භාගය අතරතුර පිටතින් තිබූ කුණු බෑගය සහ බල්ලන් පිළිබඳ විමසිලිමත් වීම අපගේ දින චර්යාවෙහි එක් අංගයක් වේ.අද දින උදෑසන අපගේ එක් බල්ලකු වැඩිදුර පිරික්සීමට රැගෙන විත් තිබුනේ පුනීලයකි.  






මෙවන් පුනීල අපගේ කුඩා කාලයේ භූමිතෙල් හා පොල් තෙල් මැනීම සඳහා භාවිතා වූ බව මගේ මතකය හඬ ගා කියන්නට විය. ඒ සමඟම මා හට සිහි ගැන්වුනු හාස්‍යජනක සිද්ධීන් සමූහයක් සිහියට නැගුනේ මා සිත සතුටින් පුරවාලමිනි. 






එම සිද්ධිය සම්පූර්ණයෙන්ම සිහියට නගා ගන්නට පෙරම තවත් බල්ලකු කුණු කූඩයකින් තරමක් ලොකු ශොපිං බෑගයක් ඩැහැගෙන යනු පෙනේ. ඒ පසු පස දිව යන්නේ අසල නිවසක සිටින රාජා අයියයි. තරමක් ස්ථූල ශරීරයක් ඇති රාජයියා පරදවමින්  එහා වත්තේ සිටින නගුටා මල්ලත් රැගෙන දිව ගියේය. රාජයියා හතිලමින් ආපසු පැමිනේ. 






"ගුඩ්මෝනිං ලියන්නා මල්ලි.. බලන්නකො මේ පර බල්ලො එක්ක බෑ..කුණු බෑග් එකක් ඇද ගෙන දිව්වා"


කී සැනින් යමක් සිහි වී ලැජ්ජාශීලි සිනහවකින් මුව සරසා ගත්තේ..මටද එම සිද්ධිය මගේ දෑස අබියස මැවී පෙනිනි..


මීට සති කිහිපයකට පෙර මෙසේම එක් අඟහරුවාදා දිනක එක් බල්ලකු කුඩා ශොපිං බෑගයක්කටින් ඩැහැගෙන දිව යයි. මමද මගේ කුණු බෑගය එළියට දමා ඒ අසල රැඳෙමින් සිටියේ ඇද දමා ඇති කුණු බෑගයන් වලින් භාගයක්ම කුණු ලොරිය නොගෙනියන බැවිනි...එදාද රාජයියා එක අතක සරමද රැගෙන බල්ලා පසු පස දිව එයි. මා කලේ බල්ලාට ගැසීමට ගල් කැටයක් ගැනීම පමණි.එම කුඩ සිලි සිලි බෑගය මා ඉදිරියේම දමා බල්ල ඈතට දිව ගියේය. තරමක් ඈතින් රාජයියා හතිලමින් දිව එයි.


 "රාජයියෙ මගේ කුණු බෑග් එකේ ඉඩ තියෙනවා මේකත් ඒකටම  දමමු"


කියමින් මා එම බෑගය අතට ගත්තේ..


"එපා මල්ලි එපා.. ඔහොමම තියන්න මන් අරං යන්නම්" 


කියමින් මා දෙසට දිව එද්දීය.
අවාසනවක මහත මා බෑගය අතට ගනිද්දීම බලු තඩියාගේ දතට හසුවූ තැනින් බෑගයේ තිබූ කුණු ටික මගේ දෙපා මුලම ඇද වැටුනේය. සබන් කොල, හිස් රින්සෝ පැකට් කිහිපයක්..පත්තර කොල කිහිපයක් සරාස් ගා ඇද වැටුනේ බිමටය. රාජයියා අනවශ්‍ය ලෙස කලබල වූයේ වහා නැවතත් සරම ඇඳ ගනිමින් බිමට නැමී අහුලන්නට තැත් කලත්..මට අනුකම්පා හිතුනේ මෙච්චර තඩි බඩක් තියා ගෙන නැමෙන්නෙ කොහොමද කියාය. 


"කමක් නෑ රාජායියෙ මගෙ අතේ කුණු ගෑවිලා තියෙන්නෙ ඉන්න මන් අහුලලා දමන්නම්.."


කියමින් මා නැවී බිම විසිරී තිබූ හිස් පැකට් කඩදාසි එකින් එක අහුලන්නට වූයේ.. එකවරම  කඩදාසි අතර තිබු කඩදාසි වලට වඩා බර යමක් ලිස්සා ගොස් තහ්ග් ගා පොලව මත පතිත විය. මගේ දෑස උඩ ගියේත් වික්ෂිප්ත වූයේත් එක්වරමය. ඊයේ රාත්‍රියේ හෝ උදෑසන පාවිච්චි කල කොපුවක් ගැටයක්ද දමා එහි විය. රාජයියා කලබල වන්නට ඇත්තේ මේ නිසායි.මා ඇද ගෙන නා ඇත. බිම ඇත්තේ එයත් සමඟම තවත් එක පත්තර කොල කැබැල්ලක් පමණි. මා හිස ඔසවා බැලුවේ රතුවූ රාජයියා සැනින් අහක බලා ගත්තේය. කල හැකි කිසිම දෙයක් නැත. ආපසු හැරුමක්ද නැත. මුලින්ම පත්තර කොලය අතට ගෙන එය මතට කොපුව උන්ඩි කර ගෙන අනිත් කුණු සියල්ලම සමඟ මා නැගී සිටියෙමි. රාජයියාගේ දෙකන්සයෙන් දහඩිය ගලයි..


"මේ ටික මේ බෑග් එකට දමන්නම් අයියෙ"


කියමින් මා සිද්ධිය අවසන් කලේ මේ මනුස්සයා තවත් අපහසුතාවයට පත් කිරීම සුදුසු නැති නිසාය. සම වයසේ අයකු වූවානම් මොනවා හරි විහිලුවක් කර තත්වයේ බරපතල කම සන්සිඳවීමක් කල හැකි වූවත් මට වඩා අවුරුදු 10ක් පමණ වැඩිමහල් ඔහු බොහෝ අපහසුතාවයට පත් වන්නට ඇත. සති කිහිපයක් යනතුරුම මා හට මුහුණ නොදුන් ඔහුට එම සිද්ධිය නැවත මතක් වන්නට ඇත. 


"මල්ලි පොඩ්ඩක් ඉන්න, අපෙ මස්සිනාල ඊයේ ආව . ගෙනාපු කෑම වගයක්  අරන් තිබ්බා මල්ලිගෙ පංගුව"


නිවස පැත්තට හැරුනේය. 
මෙවන් දෑ කුණු බෑග් සමඟ ඉවත් කරන්නේ නම් ඉතා සැලකිලිමත් විය යුත්තේ මෙවන් අනපේක්ශිත සිදුවීම් සිදුවිය හැකි නිසාය. මෙය මහා ලොකු සංසිද්ධියක් නොවූවාට මා බොහෝ විට සනීපාරක්ශක තුවා රැගෙන පාරෙ දුවන බල්ලන් බොහෝ විට දැක ඇත. කුතුහලය සහිත කුඩා දරුවකුට තම වැඩිහිට්යන්ගේ රෙදි ගැලවෙන ප්‍රශ්න ඇසීමට මේවා හොඳම අවස්ථාවන්ය. එසේම මොනතරම් අනුකම්පා සිතුනත් අනුන්ගේ කුණු බෑග් සඳහා උදවු කිරීමද එතරම් ඇඟට ගුණ නැත.


බල්ලා ගෙන එන ලද පුනීලය මල්පඳුරු අතරය. පඳුරු වටේ තැලුවාට පුනීලය රැගෙන නැවත  ඒමට සිදුවේ.   

106 comments:

  1. මෙන්න එපාර වෙනි අයියත් පටන් අරන් පදුරවටේ තලන්න

    කොහොම උනත් මරු සින් ඒක
    අහිංසක රාජා අයියගේ පිටින් දැම්ම නේ

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ කතාවම ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ මල්ලි, ඒකයි ..

      Delete
  2. පව් බොල රාජයියා.. :)

    මට මැවිලා පේනවා පොරගේ මූණ

    ReplyDelete
    Replies
    1. තාමත් මට මතකයි සොරිවෙච්ච මූණ.. අපිට උනත් ඔච්චරම තමයි කියලා හිතුනා

      Delete
  3. ඇත්තම කියන්නද වෙනී අයියේ? දැන් නම් අයියගේ ලිවීමේ ශෛලිය හොඳ කෙටිකතා කරුවෙක්ගේ ගානටම ඇවිත්. ජයවේවා කිව්වා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් මල්ලි, අඩු පාඩු පෙන්නලා දීලා වගේම දිරිමත් කරපු ඔය ගොල්ලන් නිසාම තමයි එහෙම වුනේ .

      Delete
  4. වෙනස් විදියේ කුණු කර ගැසීමක්.මහතා බඩත් එක්ක නැවෙන්න බැහැ කියල හිතුවට හොඳට නැවෙන්න පුළුවන් නේ රාජා අයියට.

    රජා අයියට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ඔව් අසරනයා මං හිතුවා එහෙම් පිටින්ම වැරදී කියලා ඔප්පු උනා !

      Delete
  5. රාජයියාට මූණ දෙන්න බැරුව වෙනී අයියා සති කීපයක්ද නැත්තම් මාස කීපයක්ම හැංගිලා හිටියද? :D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. පූසා මල්ලි, ඇත්තටම මටත් තවමත් රාජයියාව හම්බ වෙද්දි මැවිලා පෙනෙන දේ ඔය කතන්දරේ නිසා පුළුවන් හැම වෙලාවෙම මම මග හරිනවා !

      Delete
  6. ශික් මේ බල්ලො බලු වැඩමයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් රුචා, මුන් නම් බල්ලන්ගෙත් බල්ලො..ඔය අපේ පාරෙ ඉන්න සෙට් එක ඔහොම්මමයි ! කාගෙන් පුරුදු වෙලාද මන්දා මල්ලි ?

      Delete
  7. හොඳ වෙලාවට රාජා අයියා කුණු දාන්න ආවේ... රාණි අක්කා ආවනම් වසලා හමාරයි... එහෙමවත් හිත හදාගනින්... :D

    ReplyDelete
    Replies
    1. බීටල් මාව තවත් බය කරනවාද ඔය ?!!! එහෙම හිතද්දි නම් පොඩි සහනයක් දැනෙනවා !

      Delete
  8. අයියෝ සල්ලි ....
    විලි ලජ්ජාවයිනේ.
    මේ බල්ලොන්ටත් වැඩක් නැති වැඩමයි කරන්නේ නේද වෙනි අයියේ.D.

    ReplyDelete
    Replies
    1. අප්පේ ශානු ඔය බල්ලො සෙට් එක.. හරියටම 8ක් ඉන්නවා.. 3 දෙනෙක්ම පාරෙ ඉන්න උන්.. අනිත් 5 ගෙවල් වල හදන උන්.. කලොත් කරන්නෙ නොහොබිනා වැඩමයි !

      Delete
  9. ඔය කතාවේ චරිත දෙක මාරු කරලා නෙමෙයි නේද ලියලා තියෙන්නේ???

    ReplyDelete
    Replies
    1. අෆොයි නෑ දීනේශ් මල්ලි, ඔය විදියටම තමයි උනේ !

      Delete
  10. බල්ලන්ටත් ඕනේ නැති මගුලක් නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා, බලන්න මේ බල්ලො නිසා මන් කන කටු !

      Delete
  11. පව් අනේ අහිංසක බල්ලා....:D

    ReplyDelete
    Replies
    1. එතකොට මන් පව් නැද්ද පොකූ ?

      Delete
  12. මීට පස්සේ ඔයිට වඩා ප්‍රවේශම් සහගත විදියක් හොයා ගනින්..එච්චරයි...

    ReplyDelete
    Replies
    1. අවවාදය හිස් මුදුනින් පිලි ගනිමි. කාරනා දන්න වැඩිහිට්ටො කියන දේ පිලි ගන්න කියලා අපිට ගෙවල වලින් කියලා දීලා තියෙන්නෙ !

      Delete
  13. ශික් මේ පර බල්ලොත් එක්ක බෑ නේද වෙනී අයිය.. අයියටම තමයි ඕව වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් සාතන් මට හෙනහුරා ලබලද මන්දා මටම මේවා වෙන්නෙ ?

      Delete
  14. මීට පස්සෙ වෙනී අයියට ලොරිය එනකල්ම කුණු බෑග් එක අතේ තියාගෙන ඉන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අනිත් අයගේ කුණු බෑග් පවා බල්ලන්ගෙන් පරිස්සම් කරන්නත් වෙයිද මන්දා ?

      Delete
  15. හායි වෙනී..උඹ ලියන එක තමා මං මොන වැඩේ තිබුනත් කියවන එක..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි , බොහොමත්ම.. ඒක ලියන අයට ලොකු ධෛර්‍ය්යක් !

      Delete
  16. හික් හික් වෙනි මාමාටත් වෙන වැඩ හපොයි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ වර්ණා දුවේ !

      Delete
  17. ඔය අහුලපු කොපුවෙයි අර මල් වැටේ තියන පුනීලෙයි අතර සම්භන්දෙ මොකද්ද හැබෑට...
    මේ තේරෙන්නෙ නැති නිසා අහන්නෙ

    ReplyDelete
    Replies
    1. සිහින මල්ලි , පුනීලෙ ගැන තමයි කියන්න ගියේ අන්තිමට කියලා තියෙන්නෙ, කොපුව ගැන ..වෙන සම්බන්ධයක් හිතා ගැනීමටත් නොහැකිය !

      Delete
  18. කොහොම උනත් හොඳ පණිවිඩයක් දීල තියනවා . කසුන් එක්ක එකඟයි .
    …මාත් මීට පෙර සඳහන් කරල ඇති . සෑහෙන දියුනුවක් පෙන්වනවා . ජය පතනවා . ඔහොම යන් ..

    ReplyDelete
    Replies
    1. මුල ඉඳලම මං ලියන ඒවා කියවපු ඔය ගොල්ලො තමයි මන් හොඳට ලියනවනම් ඒකෙ රහස !

      Delete
  19. අයියට කියන්න අපි මුලින්ම සෞඛ්‍ය පාඩම ඉගෙන ගත්තේ අපේ ස්කෝලේ ගාව තියෙන කානුවෙන්... ඒකෙ ඔය කියපු නොකියපු හැම දේම තිවුනා...

    ReplyDelete
    Replies
    1. අතුරු පාර වල අයිනේ කාණු වල තියෙන ඒවා ගැන කියන්න ගියොත් නම් වෙනම පෝස්ට් එකක් ලියතහැකි !

      Delete
  20. බල්ල තාම යහතින් ඉන්නවද?

    ඊළඟ පෝස්ට් එකෙන් වත් අහමු මේන් ස්ටෝරිය එහෙනං

    ReplyDelete
    Replies
    1. බල්ලා නම් යහතින් ඉන්නවා ඔබා අයියෙ.. වෙලාව පොඩ්ඩක් හිර වුනා ඒකයි.. මේ දෙවැනි කොටසකට හිට්ටෙ !

      Delete
  21. කාගේ හරි කොපුවක් අයින් කරගන්න තියෙනවනම් මීට පස්සේ වෙනියාට තමයි කියන්න ඕන....

    ReplyDelete
    Replies
    1. හැබැයි අය කරනවා අභීත !

      Delete
  22. එච්චරම ගාණකුත් නෑ නෑ වගේ. ඕක ඉතින් දෙන්නම දන්න දෙයක්නේ. හැබැයි ඕක බලු පැටියෙක්ට කෙසේවෙතත් පොඩි කොලුපැටියෙක්ට මාට්ටු වුනානම් රාජයියට සරම ගලවලා තියල යන්න වෙනවා අහන ප්‍රශ්න වලට.

    ReplyDelete
    Replies
    1. මට නම් ඕවා නතින් වගේ තමයි ගොඩයා.. ඒත් වැඩිහිටියෙක් නිසා මිනිහටයි අප්සට් එක වුනේ.. අනික 1960 ගනන් වල ඉපදුනු අයනේ ඒ අය !

      Delete
  23. හැක් හැක් හැක්...
    රාජයිය----> වෙනී
    වෙනී-----> රාජයිය.
    ඒ මෙතොඩ් එකට ලිව්ව කතාවක් නේ...?

    ReplyDelete
    Replies
    1. හා හා ඔය මෙතඩ් නෑ මෙතන ! තනිකරම උනේ රාජයියට !

      Delete
  24. දැන් රාජයියගෙන් බොට වාසිත් තියෙනවා නේද..?

    බලු කතා සීරීස් එකක් යයි වගේ...
    [රංගත් පටන් අරන් තියෙන්නෙ.]

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් .. ඕන්න බලන්න කළු වලාකුලේ රිදී රේඛා !

      Delete
  25. ඇයිද මන්ද මට හිතෙන්නේ මේකෙ චරිත මාරු වෙලා කියලා....

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම හිතෙන්න හොඳ නෑ නොව !?

      Delete
  26. අද බලු කතාම දෙකක් . . . එකක් මේ වෙනියගේ බල්ලා වෙනියට කොරපු (වෙනියා රාජායියගේ එකවුන්ට් එකද දාන්න හදපු ) බලු වඩේ . . අනික රංගගේ බලු කතාව . . හික්ස්

    ReplyDelete
    Replies
    1. හිකිස් ! බලු රැල්ලක් යයිද මන්දා ?! දුමී කුනු බෑග් එක මගේ ඇඟේමයි හලන්න හදන්නෙ අෆ්ෆා !

      Delete
    2. මම දුකා යකෝ දුමී නෙමේ . . .

      Delete
    3. චිකේ වස ලැජ්ජාවයි මට.. මේ පල වෙනි සැරේයැ.. අර මූනු පොතේත් ඔහොමම වුනා..දුමියගේ බ්ලොග් එක කියවන එක නවත්තන්න ඕනි බන්z..මන් අර අළුත් පෝස්ට් එකේ කමෙන්ට් වලට හිනා වෙවී ඉඳන් බොලාගෙ කමෙන්ට් එකට උත්තර ලීවේ..ඔන්න අදටත් සමාව භාජනයකට දමලා දියන් මල්ලියෙ ! ටිකක් වැඩිපුර භාජන තියා ගනින් කොයිකටත් !!!

      Delete
  27. දෙය්යෝ සාක්කි... රාජයියා නිකම් අර මොනවදෝ කාපු මොකාදෝ වගේ වෙන්න ඇති නේද? එක අතකට මං එහෙම වෙනවාටත් කැමතියි. අනිත් අතට ඌට කරන්න හොඳනම් ඉතින් ආයේ ඕකේ මොකක් වෙනවද අහන්නත් හිත..

    ReplyDelete
    Replies
    1. 1960 ගනන් වල ඉපදිච්ච අය ඔය වගේ දේවල් හිතන විදිය අපිට වඩා වෙනස් ඇති ක්සැන්ඩර් !

      Delete
  28. අර වින්චැට් කිරිල්ලිත් රාජ් කෙනේක් අල්ලගෙන තලනව..දැන් වෙනි අයියත් පටං අරගත්තද අපටම කෙලින්ඩ..ඔය රාජ කැල්ල නැතුව වෙන් නමක් තිබුනේම නැද්ද හැබැට...හික්..එල ලොකු අය්යේ මට මරු කතාවක් මතක් උනා...
    අපේ කොල්ලො ටිකක් එක බොඩිමක නැවතිලා හිටිය..ඒක තට්ටු දෙකේ ගෙයක් උඩ තට්ටුවේ ජනේලයක් තියෙනව හරියටම ගෙයි පැත්තකින් යන පාරකට මුහුනලා..දන්නවනේ කොළඹ ගෙවල්වල හැටි ගෙවල් වල මයිම් සෙට්වෙන්නේ පාරවල් වලටනේ
    ඔය පාරෙ හුඟක් වෙලාවට පොඩි එවුන් සෙල්ල්ලම් කොරනව ඒ කිව්වෙ ක්‍රිකට් ගහනව..දවසක් හවස ගේයි වහලේට ගල් වදින්ඩ පටං අරන් අපේ එවුන් එලියට බැහැල බලද්දි අර පාරේ කෙලවරේ ගෙදරක එකේක් එනවලු කඩාගෙන මුන් ඉස්සරහට..
    වෙලා තියෙන්නේ මෙකයි..අර ගෙදර උඩ කාමරේ අත් වැඩ කරකර හිටපු එකේක් අදාල දේවල් ටික කොලේකට හලලා ජනෙලෙන් එලියට විස්කරල ඔක වැටිල තියෙන්නේ අර සෙල්ලම් කර කර හිටපු පොඩි එවුන් ඉස්සරහට වුං එක අර මනුස්සයට පෙන්නලා
    හැබැ අර ගෙදර කොල්ලො සෙට් එක අර පොරත් එක්ක කතාකරල වැඩේ ශේප් කරගෙන

    අන්තිමට අර තද වෙච්චි පොර කියනවලු

    "බලන්ඩ මල්ලි මේ තාම උනු උනු බඩු..." කියල

    ReplyDelete
    Replies
    1. හික්ස් ඒ කතාවත් නියමයි.. රාජ් මල්ලි කලබල වෙන්න එපා.. මේ රාජයියා ගැනනේ !

      Delete
  29. වෙනි අයියගෙ කතාවෙ ආදර්ශය හරිම හොදයි.පිරිමි දෙන්නෙක් අතරෙ ඔය දේ වුන නිසා ටිකක් හරි ගානක් නෑ. ඒත් සනීපාරක්ෂක තුවා හරි හැටි බැහැර නොකිරීම නිසා කී දෙනෙක් අපහසුතාවට පත් වෙනවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිසුපා නංගි සහතික ඇත්ත ! ගොඩාක් අය පොඩ්ඩක් දුර දිග හිතනවා අඩුයි නේද ?

      Delete
  30. වෙනියා ඔතන කුණු බෑග් එක මුර කොරන්නෙ ඇයිද කියල හිතාගන්න ඇහැක්නොවැ දැන්.මූ තමා දවසකටව්හ් මිනිහා.බැරිවෙලාවත් බල්ලා වෙනියගෙ කුණු මල්ල උස්සන් ගියොත් එහෙම මූව ගහල පන්නයි වටේ පිටේ එවුවො.

    ReplyDelete
    Replies
    1. මන් නම් එව්වා ගැන හරි පරිස්සම් සිතුවම් ! මගේ කුණු බෑග් වල තියෙන්නෙ උයලා පිහලා ඉතුරු වෙච්ච ඒවා තමයි !

      Delete
  31. අප්පා ලැජ්ජා කෝටියයි....තමන්ගේ DNA ඔහොම නොසැලකිල්ලෙන් බැහැර කරන එක හරිද මං අහන්නේ

    ReplyDelete
    Replies
    1. තනිකරම නොසැලකිල්ල තමයි එතන තියෙන්නෙ !

      Delete
  32. රාජයියාගේ මූණ ලැජ්ජාවෙන් ඇඹරුණා කියනකොටම සිද්දිය මීටර් උනා.
    හැබෑටම පුනීලයෙන් තෙල් මනින්නත් පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එනිමි.. මන් එතන හදන්නම්.. එතන එක වචනයක් අඩුයි.. තෙල් මැනලා වෙන භාජනයකට දමන්න උපකාරී වෙන එක තමයි පුනීලයෙන් කෙරෙන්නෙ !

      Delete
    2. නෑ වෙනි අයියා...... ඒ ලියල තියන ලිවිල්ලෙත් පොඩි ෆන් එකක් තියනවා...

      Delete
    3. ඇත්තට එනිමි මම නම් කැමතියි හැමෝම එහෙම කියවන කොට අහුවෙන වැරදි කියනවනම්.. ගොඩල් අය අතින් කෙරෙන්නෙ නැත්තෙත් ඒකයි. එහෙම නොකලොත් කොහොමද ලියන අය වැරදි හදා ගන්නෙ. ඔබ ඒ වගේ නොගැලපෙන තැන් දැක්කොත් කරුණාකරලා කියන්න.. ඒක ලොකු උදව්වක් !මල්ලි

      Delete
  33. අපෝ ඔව්! අර ටීවි එකේ වතුර ග්ලාස් ගනන් හලන ඇඩ් යද්දි පොඩි එකෙක් කොහේදි හරි කිව්වා කියුමක් ආයි අහං හිටපු අපිටත් විලි ලැජ්ජාවේ සංතෝසෙ බෑ!

    ReplyDelete
    Replies
    1. පොඩි උන් නොදන්න කමටද මන්දා අහන ප්‍රශ්ණවලට දන්න අපි තමයි ලොස්ට් වෙන්නෙ !

      Delete
  34. රාජයියා උඹට වඩා වුරුදු 10ක් විතර වැඩිමල් කියන්නෙ ඌට එහෙනන් අවුරුදු 65ක් විතර......! එහෙම වෙලත් කොපු පාවිච්චි කරන එක ගැන අගය කරන්න එපැයි....!

    ReplyDelete
    Replies
    1. ඒ තව අවුරුදි 15 කින් තමයි දුමී !!!ඒක නම් අගයන්න ඕනි ක්‍රියාවක්ම තමයි !

      Delete
  35. සිරා වැඩ තමයි වෙන්නේ..අපේ ගමේ එවුන් වගේ පුම්බලා එල්ලුවනම් හරිනේ ඕවා

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අපි එහෙම කලා එක සැරයක් යාලුවෙක්ගෙ වෙඩින් එකකට.. සරසන්න ගෙනාපු බැලුම් පැකට් එක මාරු කලා ඒකට.. යාලුවගේ අංකල් කෙනෙක් ඇද්දා ලෙඩේ..කොහොම හරි 2-3ක් එල්ලලා තිබ්බා.. ඉතුරු ටික අර ලෙඩේ ඇද්ද අංකල්ගෙ බෑග් එකට එබුවා හොරෙන්ම !!

      Delete
  36. අහෝ දුකකි කිව්වලු!
    පව් අසරණ රජ අය්ය!
    තැනගේ පාඩුවේ ආතල් එකක් අරගෙන ඉන්න ඇත්තේ!:(
    සිරා කතාව!::D

    ReplyDelete
  37. ඒක විසි කරන්න ගිය ක්‍රමේ තමයි වැරදි !

    ReplyDelete
  38. අපි නොදන්න වෙනියා . . . අනේ පල ඩෝ බොරු කියන්නෙ නැතුව . . . . ඉන්ටවිවු යද්දිත් කොපු සාක්කුවෙ දාං ගිය ‍තෝ . . . .

    ReplyDelete
    Replies
    1. හෆොයි.. ඔහොම දොස් නගන එක වැරදී නොව.. ඒක සහසුද්දෙන්ම වෙච්ච අත් වැරැද්දක් බව දැන දැනම !

      Delete
    2. කමෝන් ඕනයා, මටත් මතක් වුනේ මේකා කොන්ඩොම් සාක්කුවෙ දාගෙන ඉන්ටව්යු එකට ගිය කතාව. එකෙක් ආදරේ පල නෙලලා ලෙලි අනිකගෙ බෑග් එකට දැම්මායින්නෙ මේ ඔක්කොම. ඒ විතරක් නම් මදෑ. මේකට කොහොමද ලැබිච්ච පබ්ලිසිටි එක?

      henryblogwalker the Dude

      Delete
  39. මට පේන්නේ වෙනියා භාවිතා කල කොප්පක් රාජයියට අසුවෙලා ඒකේ ලැජ්ජාවට මූ කතාවක් ගොතලා වගේ . කමක් නෑ වෙනි අයියේ . ඔවුවා තියෙන්නේ භාවිතා කරන්න තමයි .

    වෙනි අයියා කියන්නේ ඉතින් ඔවුවා ගැන ඔස්තාර් කෙනෙක් නෙව . ගැටයා කාලේ ඉඳලානේ ඔවුවා පාවිච්චි කලේ .

    ReplyDelete
  40. බලන්න සඳරූ මලයා ලෝකයා විශ්වාස කරන්නෙම නෑ නොව ඇත්ත කතාව .. ගැටයා කාලෙ හෑහ් මන් දැන් එතකොට නාකිද ? :DD

    ReplyDelete
  41. අප්පටසිරි !!!!
    රාජා අයියා ආදරයේ පල නෙලලා ලෙලි ටික කුණු බෑග් එකේ දාලා.

    ReplyDelete
    Replies
    1. මධුරංග අන්න මතක් වුනා ඒ කතාවත් !!
      :DDD

      Delete
  42. කොළඹ ඉඳන් ආයෙ ගමට ආපු මුල් කාලෙ උදේ නමයට විතර අර අයිස්ක්‍රීම් ගේන ත්‍රී වීල් එකේ සද්දෙ මට හැමදාම ඇහුණා. මම ඒත් හිතුවා මෙච්චර උදෙන් අයිස් ක්‍රීම් විකුණන්න එන්නෙ මුන්ට පිස්සු වෙන්න ඇති කියලා... සෑහෙන්න කාලෙකට පස්සෙයි මම දැනගත්තෙ ඒ නගර සභාවෙ කුණු ලොරියෙ සද්දෙ කියලා.. උන් නලාව සද්ද කරගෙන එනකොට ගමේ ගෑණු ටික කුණු මළු උස්සගෙන දුවනවා මම පස්සෙ දැක්කා... :D

    ReplyDelete
    Replies
    1. ආ ඔය තියෙන්නෙ hare:-) ගමෙන්ම අත්දැකීම් !

      Delete
  43. කමෝන් ඕනයා, මටත් මතක් වුනේ මේකා කොන්ඩොම් සාක්කුවෙ දාගෙන ඉන්ටව්යු එකට ගිය කතාව. එකෙක් ආදරේ පල නෙලලා ලෙලි අනිකගෙ බෑග් එකට දැම්මායින්නෙ මේ ඔක්කොම. ඒ විතරක් නම් මදෑ. මේකට කොහොමද ලැබිච්ච පබ්ලිසිටි එක?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන් රි .... අමතක කරලමු පැරනි කතා නේද ??? හිකිස්..
      මේ මොකද මන්දා හෙන් රි දමන කමෙන්ට්ස් මේල් බොx එකට එනවා ඒත් පෝස්ට් එකේ පෙන්නන්නෙ නෑ.. ස්පෑම් විදියට මාක් වෙලත් නෑ..

      Delete
    2. ඇත්තට? ඒ වුනාට කොමෙන්ට් එක පබ්ලිෂ් වුනා කියලා මට පේනවා එවෙලෙම. පෝස්ට් එකට යටින්. මොකද ලියන්නට නොපෙනෙන්නෙ කියලා බැලුවෙ?
      henryblogwalker the Dude

      Delete
  44. අපි නම් බල්ලන්ට දැනුම් දීලා තියෙන්නෙ ඇතුලෙ තියන ඒවා ගැන .

    ReplyDelete
    Replies
    1. ආන්න හොඳ අදහස !!! මමත් අද ඉඳලම කියනවා එහෙම !

      Delete
  45. දැන් මට තේරුනා වෙලා තියෙන සීන් එක. මම ඔය කොමෙන්ට් එක දැම්මෙ ඕනයගෙ කොමෙන්ට් එකට යටින් කොටලනෙ. ඉතින් එතන ඒක වැටිලා තියෙන්නෙ. වෙනී බැලුවෙ අන්තිමට තියෙනවද කියල. එහෙම නේද? දැන් ඔය දෙපාරක් වැටිලා තියෙන්නෙ දිලිසි දිලිසි!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒක තමයි වෙලා තියෙන්නෙ.. මන් මේල් එකෙන් කියවලා හෙව්වා කෝ ඔර්ජිනල් එක කියලා !!!

      Delete
    2. ' දිලිසි, දිලිසි ' කියන එකට කොපි රයිට් තියෙන අය ඉන්න බව දන්නෙ නැද්ද?

      Delete
    3. හිකිස් !!! ඕන්න ඔබා අයියගේ කොපි රයිට්ස් හෙන්රි කඩලා... මන් නම් නෑ ඔව්වට.. වරෙන්කො අප්‍රේල් දිලිසෙන සියල්ලම බලා ගන්න ! :DDD

      Delete
    4. හුටා මං බය නැතුව copyright කැඩුවෙ චොප්පෙ මැරිලා හින්දා. මේකා මේක ඔබාට විකුණලා නෙ...

      Delete
  46. මට අහම්බෙන් හමු වූ රාජයියා හා මා අතර ඇති වූ දෙබස ......
    රාජා,
    බලහං මල්ලියේ අර පරයා මට කරලා තියන වැඩේ ....

    මම,
    මොන පරයද අයියෙ ???

    රාජා,
    අර වෙනි කියන එකා බං ......

    මම,
    ඇයි මොකද කරලා තියෙන්නෙ?

    රාජා,
    මේ ලඟදි ඕකගේ කුණු බෑග් එක බල්ලෙක් අරං දුවද්දි, බල්ලට කුණු බෑග් ඉරිලා අතෑරුනා අපේ ගේ ඉස්සරහදි, මල්ලිට කියන්න මට හිතා ගන්න බැරි උනා තිබුන කොපු ගොඩ දැකලා. මම ඉතිං පව් කියලා කාටවත් කියන්න ගියේ නැහැ. බලපං මල්ලියේ මූ ඒක බොලොක්කයක්ද මොකක්ද කියලා තියෙන්නෙ බං ඔන්න ඒකේ දාලලු මට වෙච්ච දෙයක් විදියට. මට ඕකව අහු උනොත් එහෙම *&*xx*+-+ ..........

    ReplyDelete
    Replies
    1. මන් ඒත් බැලුවා කොහොමද රාජයියා මේ කතාව දැන ගත්තෙ කියලා !!!

      Delete
  47. BREAKING NEWS: CYBER ATTACK ON BLOGGER! A blogger known as Weni was found brutally assaulted and left in a garbage dump this morning. His mouth was stuffed with some latex product of unknown origin. Anyway his condition is not critical. The latex product was sent to the forensic labs because it was mixed with some kind of sticky substance....

    ReplyDelete
  48. මගෙ අම්මෝ.. මීටපස්සෙ අපෙ කුණු මල්ල වැඩි පරිස්සමට ෂොපින් බෑග් දෙකකම දාන්න වෙනව, බයිසිකල් හැඬල් එකේ එල්ලං යන වෙලාවට වැරදිලාවත් ඔය කියාපු පරබල්ලෙක් පැන්නොත් එහෙම.......

    ReplyDelete
  49. ඔව් නවම මල්ලි වැඩි පරිස්සම වඩාත් හොඳයි.. මන් නම් පොල්ලක් අතේ තියන් කුණු බෑග් එක ලඟට වෙලා ඉන්නවා ලොරියට දමනකන්

    ReplyDelete
  50. වෙනියො බොටත් 'රයිටර්ස් බ්ලොක්' හැදිලද එකම පෝස්ට් ඒක දෙතුන් පාර පබිලිස් කොරන්නෙ?

    ReplyDelete
  51. ඔබා අයියෙ මම මේ පෝස්ට එක නම් එකම සැරයයි පබ්ලිස් කලේ.. මගේ බ්ලොග් රෝල් එකේ තියෙන සමහර පරන බ්ලොග් පෝස්ට්ම උඩට ඇවිත් තියෙනවා.. වෙන මොකක් හරි අවුලක් තියෙන්නෙ !!!

    ReplyDelete
  52. ඊලග දවසේ බලන්න හිස් කොටියා මාක් ටැබ්ලට් පෙට්ටියක් ඇති සුවර් එකටම රාජයියගේ කුනු බෑග් එකේ....

    ReplyDelete
  53. ඕකනෙ කියන්නෙ...උදව්වක් විදියටවත් අනුන්ගෙ කුණුගොඩවල් වලට අත දාන්න එපා කියලා...

    ReplyDelete