ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, January 16, 2012

තීරණාත්මක සතියක් !



කෙනෙක්ව අසාධාරණයට ලක් වෙන කොට සහ ඒ අසාධාරණයට එරෙහිව නැගී සිටියත් යහප්‍රතිඵලයක් නොලැබෙන බව සක් සුදක්සේ පෙනෙනවිට නිහඬ වීම හැර වෙන කුමක් කරන්නද ? අවුරුද්දක්.. දෙකක් -- තුනක්... නිහඬව හිටියා අවුරුදු අටක්ම.. දැන් තමයි විසඳෙන්න යන්නෙ ඒ අසාධාරනය. බලමු මොකද්ද වෙන්නෙ කියලා.. අසාධාරන පක්ශය තවමත් බලවත්..තනි මම ... මම විතරයි ! 


බිම ඉන්න මිනිහෙකුට වැටෙන්න තවත් පහලක් කොයින්ද ?
සියල්ලම නැතිවෙච්ච මිනිහෙකුට තවත් නැති වෙන්න යමක් තියෙයිද ? 
තවත් දවසකට මේ වාගේම ගිය අවුරුදු අටේ වගේම ලස්සනට හිරු පායලා එයි කුරුල්ලො කිචි බිචි ගාද්දි..


මමත් ඒ එක්කම අවදි වේවි ඒ හඬත් එක්කම දවසේ නැවුම් පැතුම් ගොන්නත් එක්කම.. 


හෙටත්.. අනිද්දත්.. ඊට පසු දිනත්..තීරණය කුමක් වුවත්.. ඒ විදියටම වේවි..


එක්කෝ ජීවිතය ගලා යාවි.. මේ විදියටම නැත්නම් හැරුම් ලක්ශයක් ඒවි ක්ශණයකින්..සියල්ල උඩු යටි කුරු කරමින්..


තත්පරෙන් තත්පරේ..ඔරලෝසු බට්ටා පැද්දෙනවා..


කාලය...කාලය ... කාලය...


නැවතීමක් නැති..

70 comments:

  1. අපිට උදවුවක් වෙන්න බැරි පාටයි නේද..???

    හැබැයි ඔය වගේ ප්‍රශ්න වලට මන දෙනවා දරාගැනීම හිතාගන්න බැරි තරමට ඉහල යනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, ඒක ඇත්ත, පාරාවලල්ලක් වෙලා එන්න තියෙන්නෙත් මන් නිහඬවෙලා හිටපු එකමයි !

      Delete
  2. කාරණේ මොකක් උනත්. හැමදේම හොඳින් සිදුවේවි. මට විශ්වාසයි! :)

    ReplyDelete
  3. පනහට පනහා තියෙන්නෙ පූසා මල්ලි.. බලමුකෝ...

    ReplyDelete
  4. අවුලක් ගන්න එපා වෙනී අයිය, කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවනෙ.. නිහඬව අතපය අකුලන් ඉන්න එක හොඳයි.. හැබැයි චාන්ස් එක ආපු ගමන් වැටෙන්න ගහන්න ඕන.. ඒක තමයි ‍මගේ තියරිය..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඔව්.. ඒත් මන් ගහන්නෙ නෑ.. ගහන අතටත් රිදෙන නිසාම

      Delete
  5. මේ කාලය ඇතුලත ඔය වගේ තීරණාත්මක නැති උනත් ආපු ප්‍රශ්ණවලට මූන දුන්නනෙ වෙනි අයියා..... මේක මොනාද කියලා දන්නෙ නැති උනත්...මූණ දෙමු...අනික සද්දෙ වහන් උන්නට වැරැද්දක් නැත්තම්.....හරි තැනට හරි ගේම් එක දෙන්න...එතකොට මොනා නැති උනත්...හිත සුද්දයි....

    ReplyDelete
    Replies
    1. ඔව් දිල්, අපි සාධාරණයම ඉටුවිය යුතුමයි කියලා කොහෙවත් ලියවිලා නෑනේ !!!

      Delete
  6. ප්‍රශ්නෙ කුමක් උනත් හැමදේම හොඳ විදියට විසදෙයි කියල හිතනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්.. මමත් හිතා ඉන්නවා එහෙමම.. නරකට විසඳුනොත් ඒක තමයි හොඳම විදිය කියලා හිත හදා ගන්නවා !

      Delete
  7. අදයි ලියන්නා බලන්න මුලින්ම ආවේ!
    කාලය !
    කාලය ඔය හැම ප්‍රශ්ණයකටම උත්තර සපයාවි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුවන් මල්ලි ආවාට ! සහ කමෙන්ට් එකට !

      Delete
  8. මම නං කියන්නෙ ගන්න යන තීරණය මොකක් උනත් එකපාරක් දෙපාරක් නොවේ හැම පැත්තම ගැන හිතල බලල වාසි අවාසි කිරළ මැනල ගන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් .. අනිවාර්යෙන්ම එහෙම වෙයි ! ඒක මගේ ජීවිත දර්ශණය එක්කම යාවි !

      Delete
  9. මට නම් මුකුත්ම තේරේ නොතේරේ මොනා උනත් අයියේ ඉවසීම වටිනවලුනේ නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ගැමියා.. මීට වඩා කරුණු ලියන්න මට අවසර නෑ.. ඒත් .. ඉවසන් ඉන්නවා !

      Delete
  10. සියල්ල හොඳින් විසදේවා...

    ReplyDelete
  11. මොකක් ගැනද කියලා තියෙන්නෙ කියලා තේරෙන්නෙ නැතො...... ඒත් කමක් නෑ.හොද දෙයක්ම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසුපා නංගි මීට වඩා පැහැදිලි කරන්නත් බෑ..පබ්ලික් ඩෝමේන් එකක්නෙ !

      Delete
  12. ඔකත් ගොඩ දාමු වෙනි අයියා...ජය

    ReplyDelete
  13. මට නම ටියුබ් ලයිට් තත්වයක් තියෙන්නේ..හැමදේම හොදවිදියට වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  14. ඔව් චම්මා-- මන් හිරවෙලා මීට වඩා කියන්න අමාරුයි මෙතන..ස්තූතියි

    ReplyDelete
  15. ලොකුම දේ කියන්නේ වෙනියෝ . . .

    හැමදේම කඩා වැටුනොත් තියෙන වාසිය

    ආපහු අලුතෙන් පටන් ගන්න පුලුවන් කම . . .

    කොයි දේ වෙන්නෙත් හොඳට බන් . . සිරාවට . . .

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා එහෙම හිතන් ඉන්නවා !

      Delete
  16. වෙනියො..

    බිම් මට්ටමේ ඉන්න අපිට වැටෙන්න තැනක් නෑ.. ඒත් නගින්න තැන් තියෙනවා... වැටෙන්න තැනක් නෑ කියන මතයේ ඉඳලා නගින්න තියෙන තැන් ඇහිරෙන්න දෙන්න එපා... ගොඩාක් අයට ඔතන වරදිනවා මචන්..... ඒ නිසා නිහඬව ඉන්නේ නැතිව තමන් නිවැරදියි කියලා පෙන්නන්න ක්‍රියාමාර්ගයක් ගනින්..... නැත්නම් වෙන්නේ උඹ වැරදි කියා හඟිස්සවන්න හදන එකා පොර වෙලා උඹට වැලේ වැල් නැති වෙලා යන එක.... කෙලින්ම ගේම ඉල්ලපන්... එතකොට හිතේ කහටක් නැතිව ප්‍රශ්ණේ විසඳගන්න පුළුවන්... අත් දුටුවයි සත්තයි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අභීත, ඒත් මන් ඉතින් වතුරත් නිවලානෙ බොන්නෙ ! මට මම විතරක් වුනාට මගෙ නිවැරදිකම ලොකු අවියක් ! ඒක පාවිච්චි කරනවා !

      Delete
  17. කවුද ඩෝ අපේ වෙනියට සද්දෙ දාන්නේ....?
    වෙනී අයියා.. අපි ඉන්නවා.. කට්ටිය සෙට්වෙලා ගිහින් නෙළමු... ලොල්...

    උඹ කියෙව්වෙ නැද්ද අර බෝධිසත්ව නාගයගෙ කතන්දරේ..

    ReplyDelete
  18. ඔව් ඔව් මල්ලි, පෙනේ තිබ්බටම වැඩක් නෑ පුප්පන්න ඕනි.. නැත්නම් හැම එකාම ඇවිත් කෙලලා යනවා !

    ReplyDelete
  19. හැමදේම හොඳින් විසඳේවා කියල පතනවා !

    ReplyDelete
  20. ඇයි මොනවද වෙන්ට යන්නේ???

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර කියන්න තහනම් වගෙයි පො.කු.

      Delete
  21. මොනවද බං බිව්වෙ ඊයේ රෑ?

    ReplyDelete
  22. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕන නෑ කියනව නේ! ජය වේවා!

    ReplyDelete
  23. පිස්සු බම්ප් වෙනවා අයියා.. ඊයෙ ආපු කෝල් එකද මන්දා අපෙ වෙනි අයියට සිද්දුවෙ... හලේ.... සංසාරේ...........

    ReplyDelete
  24. අපොයි නෑ පසන් මල්ලි ඒකනම් නෙවෙයි !

    ReplyDelete
  25. මොකක්ද උනේ අයියේ...මොනවත් තේරුම ගන්න බැරිවුනා.හැම දෙයක්ම හොඳින් සිද්දවෙයි..

    ReplyDelete
    Replies
    1. අපි එහෙම හිතමු මල්ලි,

      Delete
  26. හේතුවනම් හිතාගන්න බෑ අයියේ.. ඒත් හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඉවසිම ගොඩක් ප්‍රශ්ණ විසදාවි..

    ReplyDelete
    Replies
    1. හේතුව සහ ඵලය විස්තර කරන්න බැහැ මල්ලි. ඒකයි ගැටලුව ..

      Delete
  27. උඹලගෙ පැත්තෙ භාෂාවෙන්ම කිව්වොත් වෙනී, මොන හත්තිලව්වක්කත් තේරුන් නෑ. ඉතිං කොහොමද කමෙන්ට් දාන්නෙ. එක්කො උඹ බුද්ධියෙන් ඉස්සරහට ගිහින් නැතිනම් මම පස්සට ගිහින්. අර ඔබා අයියට හැදුනයි කිව්ව AD වත් හැදිලද මන්දා!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි හෙන් රි දැනට විස්තර කියන්න ත් බෑ.. මචෝ.. ඔබා අයියා අප්‍රේල් එනවලුනෙ.. අපිටත් ඒ ලෙඩේ බෝ වෙයිද මන්දා ?

      Delete
  28. භයියා All is Well..... සියල්ල හොඳින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මකුළුවා !

      Delete
  29. හිත කලකිරී පැටලී කල්පනාවේ
    මග නවතිනු එපා ලෝකය සිනාවේ
    ඉදිරියටම යන්න උනදේ උනාවේ
    ඔබ හට ජය සතුට සැනසුම උදාවේ

    (මම නෙමේ මේක ලිවුවෙ)

    ReplyDelete
    Replies
    1. පුදුමයි ඕනයා මේක ලිව්වෙ නෑ කිව්වහම ?! ඔව් ඔය හිනා වෙන ලෝකය ගේ හිනාව මටත් බෝ වේවා කියල ඉන්නම් නේද ?

      Delete
  30. හැමතැනම අසාදරේ තමයි වෙනි මාමේ...
    ඕක කවදා හරිගස්සෙන දෙයක්වෙයිද...

    ReplyDelete
    Replies
    1. දෙකෙන් එකක් වෙයි කියලා හිතෙනවා දුවා මේ සතිය ඇතුලත ! බලමු අදවත් ...

      Delete
  31. ඔන්න මම දැන් සාස්තරයක් කියන්න යන්නේ වෙනී අයියා..

    ඊළග පොස්ටුවෙන් වෙනී අයියා ලියන්නේ "මම දින්නා " කියලා..

    බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරනවා වෙනී අයියා.ඒ හන්දා මොන දේ වුනත් බලාපොරොත්තු නැති කර ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව තමයි ජීවිතය ජීවත් කරවන මහා ලොකු පැතුරුන සංකල්පය..ඒක නැති වෙන්නෙ නෑ..

      Delete
  32. සත්‍ය ජය ගනී කිව්වළු ලොක්කා..
    (හැබැයි එතකල්ම අසත්‍ය රජ කරනවා කියලත් අමතක කරන්න එපා)

    ReplyDelete
    Replies
    1. ඔව්..මාරයා සහතික ඇත්ත..සත්‍යය හැමදාම බලු වෙලා ඉන්නෙ..හැබැයි සත්‍යය එක දවසක හරි රජ කරනවා. අඩුම තරමෙ අන්තිම හුස්ම හෙලද්දි ඒක සැනසුම් සුසුමක් විදියට පිට වෙන අවස්ථාවෙදි වෙන්නත් පුළුවන් !

      Delete
  33. අවුරුදු 8 ඉවසන් ඉන්න තරම් ගටක් තිබ්බනම් ඔය ප්‍රශ්නේ මහා මෙරක් උනත් එක ලියන්නට සුළුදෙයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි ක්සැන්ඩර්..

      Delete
  34. “If people talk negatively about me, I’ll live in such a way that no one will believe them.”..

    මේක මං නෙමෙයි ලිව්වේ. මගේ යාළුවෙක් ගූගල් ස්ටේටස් දාගෙන ඉන්නේ මේක මං දන්න කාලේ ඉඳන් ම වගේ. :)

    ReplyDelete
    Replies
    1. රන්දිල් ඒක නම් මතක තියා ගත යුතුම වාක්‍යයක් !

      Delete
  35. ගැටළුවක් නෑ ප්‍රශ්ණයක් කොර ගන්න එපා වෙනියෝ

    ReplyDelete
  36. ලොකු සීන් එකක් වගේ නේද? ඇහුවට කියන්නෙත් නෑ නේ. මොනවා වුනත් හිත හයිය කරගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙතන සම්පූර්ණ විස්තරයම කියන්න බැරි එකක් කසුන්.. ස්තූතියි බලමු මොකද වෙන්නෙ කියලා

      Delete
  37. පැත්ත ගියත් ඇත්ත කතා කරන්න ,හරි දෙයට හරිය කියන්න ..කවදාවත් පරදින්නේ නෑ,පරද්දන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් තරිඳු, ඇත්ත කිව්වහම එතනින් එහාට වැඩි විස්තර කියන්න දෙයක් නෑ.. මොකද බොරු කීවොත්නෙ ඒකවහන්න තව තව දේවල් කියන්න වෙන්නෙ ..

      Delete
  38. මොකක්ද බං මේක ... ? නිසැඳසක්ද ? අද උඹ තනියම සෙට් වෙලා වගේ...!

    ReplyDelete
    Replies
    1. දුමී අර මොකද්ද යෝගෙ වත් තිබ්බා නම් බලන්න තිබුනා අනාගතේට ගිහින් !

      Delete
  39. අනේ මන්දා...

    ජය පතමු.. :)

    ReplyDelete
  40. ස්තූතියි සෑම් ..

    ReplyDelete