ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Monday, January 16, 2012
තීරණාත්මක සතියක් !
කෙනෙක්ව අසාධාරණයට ලක් වෙන කොට සහ ඒ අසාධාරණයට එරෙහිව නැගී සිටියත් යහප්‍රතිඵලයක් නොලැබෙන බව සක් සුදක්සේ පෙනෙනවිට නිහඬ වීම හැර වෙන කුමක් කරන්නද ? අවුරුද්දක්.. දෙකක් -- තුනක්... නිහඬව හිටියා අවුරුදු අටක්ම.. දැන් තමයි විසඳෙන්න යන්නෙ ඒ අසාධාරනය. බලමු මොකද්ද වෙන්නෙ කියලා.. අසාධාරන පක්ශය තවමත් බලවත්..තනි මම ... මම විතරයි !
බිම ඉන්න මිනිහෙකුට වැටෙන්න තවත් පහලක් කොයින්ද ?
සියල්ලම නැතිවෙච්ච මිනිහෙකුට තවත් නැති වෙන්න යමක් තියෙයිද ?
තවත් දවසකට මේ වාගේම ගිය අවුරුදු අටේ වගේම ලස්සනට හිරු පායලා එයි කුරුල්ලො කිචි බිචි ගාද්දි..
මමත් ඒ එක්කම අවදි වේවි ඒ හඬත් එක්කම දවසේ නැවුම් පැතුම් ගොන්නත් එක්කම..
හෙටත්.. අනිද්දත්.. ඊට පසු දිනත්..තීරණය කුමක් වුවත්.. ඒ විදියටම වේවි..
එක්කෝ ජීවිතය ගලා යාවි.. මේ විදියටම නැත්නම් හැරුම් ලක්ශයක් ඒවි ක්ශණයකින්..සියල්ල උඩු යටි කුරු කරමින්..
තත්පරෙන් තත්පරේ..ඔරලෝසු බට්ටා පැද්දෙනවා..
කාලය...කාලය ... කාලය...
නැවතීමක් නැති..
Subscribe to:
Post Comments (Atom)
අපිට උදවුවක් වෙන්න බැරි පාටයි නේද..???
ReplyDeleteහැබැයි ඔය වගේ ප්‍රශ්න වලට මන දෙනවා දරාගැනීම හිතාගන්න බැරි තරමට ඉහල යනවා කියන එකයි.
ඔව් මල්ලි, ඒක ඇත්ත, පාරාවලල්ලක් වෙලා එන්න තියෙන්නෙත් මන් නිහඬවෙලා හිටපු එකමයි !
Deleteකාරණේ මොකක් උනත්. හැමදේම හොඳින් සිදුවේවි. මට විශ්වාසයි! :)
ReplyDeleteපනහට පනහා තියෙන්නෙ පූසා මල්ලි.. බලමුකෝ...
ReplyDeleteඅවුලක් ගන්න එපා වෙනී අයිය, කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවනෙ.. නිහඬව අතපය අකුලන් ඉන්න එක හොඳයි.. හැබැයි චාන්ස් එක ආපු ගමන් වැටෙන්න ගහන්න ඕන.. ඒක තමයි මගේ තියරිය..
ReplyDeleteඔව් මල්ලි ඔව්.. ඒත් මන් ගහන්නෙ නෑ.. ගහන අතටත් රිදෙන නිසාම
Deleteමේ කාලය ඇතුලත ඔය වගේ තීරණාත්මක නැති උනත් ආපු ප්‍රශ්ණවලට මූන දුන්නනෙ වෙනි අයියා..... මේක මොනාද කියලා දන්නෙ නැති උනත්...මූණ දෙමු...අනික සද්දෙ වහන් උන්නට වැරැද්දක් නැත්තම්.....හරි තැනට හරි ගේම් එක දෙන්න...එතකොට මොනා නැති උනත්...හිත සුද්දයි....
ReplyDeleteඔව් දිල්, අපි සාධාරණයම ඉටුවිය යුතුමයි කියලා කොහෙවත් ලියවිලා නෑනේ !!!
Deleteප්‍රශ්නෙ කුමක් උනත් හැමදේම හොඳ විදියට විසදෙයි කියල හිතනවා...
ReplyDeleteඔව්.. මමත් හිතා ඉන්නවා එහෙමම.. නරකට විසඳුනොත් ඒක තමයි හොඳම විදිය කියලා හිත හදා ගන්නවා !
Deleteඅදයි ලියන්නා බලන්න මුලින්ම ආවේ!
ReplyDeleteකාලය !
කාලය ඔය හැම ප්‍රශ්ණයකටම උත්තර සපයාවි!
ස්තූතියි නුවන් මල්ලි ආවාට ! සහ කමෙන්ට් එකට !
Deleteමම නං කියන්නෙ ගන්න යන තීරණය මොකක් උනත් එකපාරක් දෙපාරක් නොවේ හැම පැත්තම ගැන හිතල බලල වාසි අවාසි කිරළ මැනල ගන්න කියල.
ReplyDeleteඔව් රාජ් .. අනිවාර්යෙන්ම එහෙම වෙයි ! ඒක මගේ ජීවිත දර්ශණය එක්කම යාවි !
Deleteමට නම් මුකුත්ම තේරේ නොතේරේ මොනා උනත් අයියේ ඉවසීම වටිනවලුනේ නේද
ReplyDeleteඔව් ගැමියා.. මීට වඩා කරුණු ලියන්න මට අවසර නෑ.. ඒත් .. ඉවසන් ඉන්නවා !
Deleteසියල්ල හොඳින් විසදේවා...
ReplyDeleteස්තූතියි බීටල්
Deleteමොකක් ගැනද කියලා තියෙන්නෙ කියලා තේරෙන්නෙ නැතො...... ඒත් කමක් නෑ.හොද දෙයක්ම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
ReplyDeleteඔව් නිසුපා නංගි මීට වඩා පැහැදිලි කරන්නත් බෑ..පබ්ලික් ඩෝමේන් එකක්නෙ !
Deleteඔකත් ගොඩ දාමු වෙනි අයියා...ජය
ReplyDeleteස්තූතියි රාජ් -
Deleteමට නම ටියුබ් ලයිට් තත්වයක් තියෙන්නේ..හැමදේම හොදවිදියට වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
ReplyDeleteඔව් චම්මා-- මන් හිරවෙලා මීට වඩා කියන්න අමාරුයි මෙතන..ස්තූතියි
ReplyDeleteලොකුම දේ කියන්නේ වෙනියෝ . . .
ReplyDeleteහැමදේම කඩා වැටුනොත් තියෙන වාසිය
ආපහු අලුතෙන් පටන් ගන්න පුලුවන් කම . . .
කොයි දේ වෙන්නෙත් හොඳට බන් . . සිරාවට . . .
ඔව් දුකා එහෙම හිතන් ඉන්නවා !
Deleteවෙනියො..
ReplyDeleteබිම් මට්ටමේ ඉන්න අපිට වැටෙන්න තැනක් නෑ.. ඒත් නගින්න තැන් තියෙනවා... වැටෙන්න තැනක් නෑ කියන මතයේ ඉඳලා නගින්න තියෙන තැන් ඇහිරෙන්න දෙන්න එපා... ගොඩාක් අයට ඔතන වරදිනවා මචන්..... ඒ නිසා නිහඬව ඉන්නේ නැතිව තමන් නිවැරදියි කියලා පෙන්නන්න ක්‍රියාමාර්ගයක් ගනින්..... නැත්නම් වෙන්නේ උඹ වැරදි කියා හඟිස්සවන්න හදන එකා පොර වෙලා උඹට වැලේ වැල් නැති වෙලා යන එක.... කෙලින්ම ගේම ඉල්ලපන්... එතකොට හිතේ කහටක් නැතිව ප්‍රශ්ණේ විසඳගන්න පුළුවන්... අත් දුටුවයි සත්තයි...
ඒක නම් ඇත්ත අභීත, ඒත් මන් ඉතින් වතුරත් නිවලානෙ බොන්නෙ ! මට මම විතරක් වුනාට මගෙ නිවැරදිකම ලොකු අවියක් ! ඒක පාවිච්චි කරනවා !
Deleteකවුද ඩෝ අපේ වෙනියට සද්දෙ දාන්නේ....?
ReplyDeleteවෙනී අයියා.. අපි ඉන්නවා.. කට්ටිය සෙට්වෙලා ගිහින් නෙළමු... ලොල්...
උඹ කියෙව්වෙ නැද්ද අර බෝධිසත්ව නාගයගෙ කතන්දරේ..
ඔව් ඔව් මල්ලි, පෙනේ තිබ්බටම වැඩක් නෑ පුප්පන්න ඕනි.. නැත්නම් හැම එකාම ඇවිත් කෙලලා යනවා !
ReplyDeleteහැමදේම හොඳින් විසඳේවා කියල පතනවා !
ReplyDeleteස්තූතියි මල්ලි,
Deleteඇයි මොනවද වෙන්ට යන්නේ???
ReplyDeleteවැඩි විස්තර කියන්න තහනම් වගෙයි පො.කු.
Deleteමොනවද බං බිව්වෙ ඊයේ රෑ?
ReplyDeleteVX
Deleteඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕන නෑ කියනව නේ! ජය වේවා!
ReplyDeleteඔව් සාබිත් ..
Deleteපිස්සු බම්ප් වෙනවා අයියා.. ඊයෙ ආපු කෝල් එකද මන්දා අපෙ වෙනි අයියට සිද්දුවෙ... හලේ.... සංසාරේ...........
ReplyDeleteඅපොයි නෑ පසන් මල්ලි ඒකනම් නෙවෙයි !
ReplyDeleteමොකක්ද උනේ අයියේ...මොනවත් තේරුම ගන්න බැරිවුනා.හැම දෙයක්ම හොඳින් සිද්දවෙයි..
ReplyDeleteඅපි එහෙම හිතමු මල්ලි,
Deleteහේතුවනම් හිතාගන්න බෑ අයියේ.. ඒත් හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඉවසිම ගොඩක් ප්‍රශ්ණ විසදාවි..
ReplyDeleteහේතුව සහ ඵලය විස්තර කරන්න බැහැ මල්ලි. ඒකයි ගැටලුව ..
Deleteඋඹලගෙ පැත්තෙ භාෂාවෙන්ම කිව්වොත් වෙනී, මොන හත්තිලව්වක්කත් තේරුන් නෑ. ඉතිං කොහොමද කමෙන්ට් දාන්නෙ. එක්කො උඹ බුද්ධියෙන් ඉස්සරහට ගිහින් නැතිනම් මම පස්සට ගිහින්. අර ඔබා අයියට හැදුනයි කිව්ව AD වත් හැදිලද මන්දා!!
ReplyDeletehenryblogwalker the Dude
හත් ඉලව්වයි හෙන් රි දැනට විස්තර කියන්න ත් බෑ.. මචෝ.. ඔබා අයියා අප්‍රේල් එනවලුනෙ.. අපිටත් ඒ ලෙඩේ බෝ වෙයිද මන්දා ?
Deleteභයියා All is Well..... සියල්ල හොඳින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteස්තූතියි මකුළුවා !
Deleteහිත කලකිරී පැටලී කල්පනාවේ
ReplyDeleteමග නවතිනු එපා ලෝකය සිනාවේ
ඉදිරියටම යන්න උනදේ උනාවේ
ඔබ හට ජය සතුට සැනසුම උදාවේ
(මම නෙමේ මේක ලිවුවෙ)
පුදුමයි ඕනයා මේක ලිව්වෙ නෑ කිව්වහම ?! ඔව් ඔය හිනා වෙන ලෝකය ගේ හිනාව මටත් බෝ වේවා කියල ඉන්නම් නේද ?
Deleteහැමතැනම අසාදරේ තමයි වෙනි මාමේ...
ReplyDeleteඕක කවදා හරිගස්සෙන දෙයක්වෙයිද...
දෙකෙන් එකක් වෙයි කියලා හිතෙනවා දුවා මේ සතිය ඇතුලත ! බලමු අදවත් ...
Deleteඔන්න මම දැන් සාස්තරයක් කියන්න යන්නේ වෙනී අයියා..
ReplyDeleteඊළග පොස්ටුවෙන් වෙනී අයියා ලියන්නේ "මම දින්නා " කියලා..
බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරනවා වෙනී අයියා.ඒ හන්දා මොන දේ වුනත් බලාපොරොත්තු නැති කර ගන්න එපා.
බලාපොරොත්තුව තමයි ජීවිතය ජීවත් කරවන මහා ලොකු පැතුරුන සංකල්පය..ඒක නැති වෙන්නෙ නෑ..
Deleteසත්‍ය ජය ගනී කිව්වළු ලොක්කා..
ReplyDelete(හැබැයි එතකල්ම අසත්‍ය රජ කරනවා කියලත් අමතක කරන්න එපා)
ඔව්..මාරයා සහතික ඇත්ත..සත්‍යය හැමදාම බලු වෙලා ඉන්නෙ..හැබැයි සත්‍යය එක දවසක හරි රජ කරනවා. අඩුම තරමෙ අන්තිම හුස්ම හෙලද්දි ඒක සැනසුම් සුසුමක් විදියට පිට වෙන අවස්ථාවෙදි වෙන්නත් පුළුවන් !
Deleteඅවුරුදු 8 ඉවසන් ඉන්න තරම් ගටක් තිබ්බනම් ඔය ප්‍රශ්නේ මහා මෙරක් උනත් එක ලියන්නට සුළුදෙයක් වෙයි.
ReplyDeleteඒකත් ඇත්ත තමයි ක්සැන්ඩර්..
Delete“If people talk negatively about me, I’ll live in such a way that no one will believe them.”..
ReplyDeleteමේක මං නෙමෙයි ලිව්වේ. මගේ යාළුවෙක් ගූගල් ස්ටේටස් දාගෙන ඉන්නේ මේක මං දන්න කාලේ ඉඳන් ම වගේ. :)
රන්දිල් ඒක නම් මතක තියා ගත යුතුම වාක්‍යයක් !
Deleteගැටළුවක් නෑ ප්‍රශ්ණයක් කොර ගන්න එපා වෙනියෝ
ReplyDeleteඑලම තමයි..
Deleteලොකු සීන් එකක් වගේ නේද? ඇහුවට කියන්නෙත් නෑ නේ. මොනවා වුනත් හිත හයිය කරගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ.
ReplyDeleteමෙතන සම්පූර්ණ විස්තරයම කියන්න බැරි එකක් කසුන්.. ස්තූතියි බලමු මොකද වෙන්නෙ කියලා
Deleteපැත්ත ගියත් ඇත්ත කතා කරන්න ,හරි දෙයට හරිය කියන්න ..කවදාවත් පරදින්නේ නෑ,පරද්දන්නත් බෑ..
ReplyDeleteඔව් තරිඳු, ඇත්ත කිව්වහම එතනින් එහාට වැඩි විස්තර කියන්න දෙයක් නෑ.. මොකද බොරු කීවොත්නෙ ඒකවහන්න තව තව දේවල් කියන්න වෙන්නෙ ..
Deleteමොකක්ද බං මේක ... ? නිසැඳසක්ද ? අද උඹ තනියම සෙට් වෙලා වගේ...!
ReplyDeleteදුමී අර මොකද්ද යෝගෙ වත් තිබ්බා නම් බලන්න තිබුනා අනාගතේට ගිහින් !
Deleteඅනේ මන්දා...
ReplyDeleteජය පතමු.. :)
ස්තූතියි සෑම් ..
ReplyDelete