ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, January 1, 2012

2012 හිනා වෙන්න උඩ පැන පැන !

එක දිගටම පිපිරුණු රතිඤ්ඤා වැල එකින් එක අඩුවෙලා ගිහින් හිටපු ගමන්ම එකක් දෙකක් පත්තු වෙන අවස්ථාවට ඇවිත් ! මගේ කකුල් දෙක ළඟම බයෙන් වෙව්ලා වෙව්ලා ගුලි ගැහිලා හිටපු බල්ලො දෙන්නත් හෙමිහිට හෙමිහිට එළියට ඇදුණා.. ඒ ගොල්ලන්ගෙ කන් වලට දැනෙන ශබ්ද සංවේදී බව වැඩි නිසා අපිවත් උඩ යන රතිඤ්ඤා සද්දෙ කොහොමද දැනෙන්නෙ කියලා තේරුම් ගන්න බෑ.. ඉඳලා හිටලා පත්තු වෙන රතිඤ්ඤා වලට වාහන වල සොරකම් වළක්වන සයිරං සද්දෙත් ක්‍රියාකාරී වෙලා..අඬනවා.. 


හැමදාම වගේ හිතට එන අදහස තමයි අපරාදෙ මේ පුච්චන සල්ලි කියන එක එක්කම එන සිතුවිල්ල තමයි රතිඤ්ඤා හදලා ජීවත් වෙන පවුල් කීයක් නම් මෙතනින් රැකෙනවද කියන එකත් එක්කම මුල සිතුවිල්ලෙන් නැගෙන සියුම් තරහව හිරු දුටු කදෝපැණියන් වගේ නැති වෙලා යනවා. 
හැම අවුරුද්දෙම මම හිත ඇතුළෙන් පුනර්ජීවයක් ලබා දෙන කතන්දර කීපයක්ම තියෙනවා..මොකද මේ කතන්දර තුළින් මගේ ජීවිතයට ලැබිච්ච දේවල් බොහෝ නිසා..දැන් ඉතින් බ්ලොග් එකක් තියෙන නිසා ඒක මගේ සහෘදයන් එක්ක බෙදා ගන්න හිතුව. 






මේ කතාව අඩංගු ලිපිය මන් මුලින්ම කියෙව්වෙ 1995 නැත්නම් 1996 වගේ කාලෙ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවෙ තිබිලා. මෙය කියවන්න ඉස්සර මම බොහෝම පසුතැවිල්ලෙන් හිටි කාලයක් තිබුණා..මගේ ජීවිතය සම්බන්ධව ..පොඩි පොඩි දේවල් වුණත් අඩු පාඩු සිද්ධ වෙන කොට මන් තරහින්, කලකිරීමෙන් සහ නොසන්සුන්කමකින් හිටියා.. ජීවිතය පරිපූර්ණ විය යුතුයි සතුටින් ඉන්න කියන මතයේ තමයි හිටියේ.. ඒත්...


එක පරිපූර්ණ රෝදයක් තිබුණලු. කිසිම ඇදයක්, අඩුවක් , පාඩුවක් නැති.. ඒ නිසාම ඒ රෝදයට පුළුවන් වුනාලු හැකි උපරිම වේගයෙන් පෙරළිලා යන්න.. එහෙමම ගියාලු එයා.. කඳු, මිටියාවත්, හෙල්, වැටි, ගංගා , දිය ඇලි පහු කරමින් සහ වේගයෙන් යන නිසාම ඒවා තිබුණද කියන එකවත් මේ රෝදය දන්නෙ නැතිලු.. ඒත් එක දවසක රෝදයට දැනුණා මහා අමුත්තක් ! බැලින්නම් එක කෑල්ලක් හැලිලා මග කොහෙ හරි !!!! දුකට, කනගාටුවට සහ බියට පත් වෙච්ච රෝදය - දැන් කෑල්ලක් අඩු නිසා - ඉස්සර වගේ වේගෙන් යන්නත් බැරි නිසා.. බකල් ගහ ගහා තමන් ආපු පාරේ ආපහු යන්න පටන් ගත්තලු නැති වෙච්ච කෑල්ල හොය හොයා..තමන් පහු කර ගෙන ආපු ළඟම තියෙන පඳුර ඇතුළෙ බලපුවහම දැක්කලු ලස්සන පාට පාට මල් පිරිච්ච ගහේ මල් වල වහලා පැණි බොන සමනල්ලු සහ මිහිරි හඬින් ගී කියමින් නටන කුරුල්ලො රැළ.. පඳුර අස්සෙ පුළුන් බෝල වගේ හිටපු හා පැටව්..ගුම් ගුම් හඬ නගන මී මැසි රංචුව !... ඔය වගේ හැම පඳුරක් අස්සෙම තියෙන අසිරිය ඇහැ ගැටෙමින් ... තමන් පහු කර ගෙන ආපු කඳු වැටි... දිය ඇලි.. මං මාවත්, ගොවි පළවල් සහ කොටින්ම කියනවානම් සොබා දම් මෑණියන්ගේ සියලුම සුන්දරත්වයන් දුටුවලු මේ රෝදය.. 


මේ ඉස්සෙල්ල ඇහැ නොගැටුණ සවන් නොවැකුණ මේ සුන්දරත්වයෙන් නොදැනුවත්ම සිත ප්‍රමෝදයෙන් පිරිලා යන මොහොතක රෝදය දුටුවාලු තමන්ගෙන් ගැලවිලා ගිය කෑල්ල එක පඳුරක් අයිනෙ වැටිලා තියෙනවා.. මොහොතක් කල්පනා කරපු රෝදය තීරණය කළා සම්පූර්ණ රෝදයක් විදියට වටපිට සුන්දරත්වය නොපෙනෙන වේගයකින් යනවාට වඩා අහන්න , දකින්න තියෙන සුන්දරත්වය විඳිමින් ප්‍රීතියෙන් තමන්ගෙ ගමන යන්න අඩු වෙච්ච කෑල්ල නැතුවම !


මේ කථාවේ හරය විදියට මම හැමදාම අලුතින් ඔළුවට ගන්නෙ සතුටින් ඉන්න ජීවිතේ පරිපූර්ණ වෙන්නම ඕනි නෑ. තමන්ගෙ අඩු පාඩු වෙච්ච දේවල් හොයන් හෙමිහිට අවට සුන්දරත්වය විඳිමින්කොහොමත්ම ළඟා කර ගන්න පුළුවන් ඉලක්කයන් වෙත යන එක තමයි ජීවිතේ වඩා හොඳ කියලා කියන කාරණය තමයි. එක් එක් අයගෙ ජීවිතය සහ ජීවිත දර්ශනය එකිනෙකාට වෙනස් නිසා මේ කාරණය ගැන හැමෝම එකඟ විය යුතු නෑ. ගන්න යමක් තියේ නම් ගන්නවා හැර..


අනිත් උපදේශය තමයි මන් මටම දෙන "ඔළුවට හෙණ හතක් වැදුණත් කමක් නෑ.. දත් ටික ඉතුරු වෙලා තියේ නම් හිනා වෙයන් උඩ පැන පැන 2012 මේ අවුරුද්දෙත් "
කියන කාරණෙ තමයි. 


හැබැයි ඉතින් මොන හෙණ වැදිල්ලක්ද ? දිනපතාම උඩ පැන පැන හිනා වෙන්න කාරණා නම් යෙදිලා තියෙනවා..එක දිගටම ! ඔය තියෙන්නෙ ලොකූ එකක් ජනවාරි 7 වෙනිදාම !


එහෙනම් අපි හැමෝම සතුට, හිනාව , මිත්‍රත්වය, සහෝදරත්වය දෝතින්ම අරගෙන තත්පරෙන් තත්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය මාසෙන් මාසෙ ගිහින් 2012 අවුරුද්ද තුළ කරපු සියලුම දේ ගැන හිනා වෙමු තෘප්තිමත්ව 2012 දෙසැම්බර් 31 වෙනිදාට මීට වඩා සිය දහස් ගුණයක් එකතු වෙච්ච තත්පරේකදි !


ඔබ ලෑස්තිද සහෘදය ?

59 comments:

  1. ඔබ ලෑස්තිද සහෘදය ?

    එසේය සබඳ!

    ReplyDelete
  2. හරි මම ලෑස්තියි!
    එහෙනම් 7 වෙනිදට හිනා වෙමු!

    ReplyDelete
  3. උඩ පැන, පැන හිනාවිය හැකි පෝස්ට් ඔබ අතින් නව වසරේ ලියවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...:D

    දැන් කොහෙද ඔය හිනාවෙන්ට ලෑස්තිවෙන්නේ?

    ReplyDelete
  4. මගේ තියරිය අනුගමනය කරන තවත් එවුන් ගොඩාක් ඉන්නවා.... හිනාවෙමු වෙනියා.. 2012 පුරාවටම....

    ReplyDelete
  5. ජීවිතේ ලැබිලා තියෙනව නම් ඒ ඇති. අනිත් හැමදේටම වඩා වටින්නේ ඒකයි. ඒ දේවල අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි සතුට..... උඩ පැන පැන හිනා වෙමු.

    එසේය සබඳ.

    ReplyDelete
  6. මම මේකට තවපොඩ්ඩක් එක්කරන්නම් දත් හැලුනත් කමක් නෑ හිනාවෙන්න.

    ReplyDelete
  7. වෙනී අයිය.. හැපී නිව් ඉයර් වෙන්න ඕන...

    කමක් නෑ බොල ඕක අඩු වුණා කියල.. ගණන් ගන්න එපා ඉතිං.. නැට්ට පිටිං අලි මැරෙන්නෙ.. (මං කිව්වෙ අර පර්ස් එක)

    ReplyDelete
  8. මාත් ලෑස්ති වෙලා ඉන්නේ හිනා වෙන්න.
    ලියන මහත්තයා අතින් දිගටම හිනා වෙන්න දේවල් ලියවෙන්න කියලා මේ අළුත් අවුරුද්දේ පුංචි පැතුමක් පතනවා.

    අද හිටන් මම් 'ලියන මහත්තයා' යන ආරූඪ නාමය භාවිතා කරමි. එනි ඔබ්ජෙක්ශන් ???

    ලැබුවා වු නව වසර සාමය සතුට පිරි සුන බව වසරක් වේවා !

    ReplyDelete
  9. බොහෝම හොඳ කතාවක්,
    මමත් ජිවිතේ දිහා බොහෝම උපේක්ෂාවෙන් බලන්න පුරුදුවෙලා ඉන්න මනුස්සයෙක්
    මම ජිවත් වෙන්නේ මට සතුට ලැබෙන විදිහට, මගේම ක්‍රමේට
    මට සතුටු වෙන්න මහලොකු දේවල් ඕනේ නැහැ
    ඒ නිසා ගොඩක් දුරට මම සතුටෙන්

    දැනට ලංකාවේ නැති නිසා මට 7 වෙනිදා එන්න වෙන්නේ නැහැ
    ඒත් ඊළඟ වතාවේනම් පුළුවන් වෙයි :)

    2012 නව වසර සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  10. ජනවාරි 7ට ජයවේවා..සුබ නව වසරක් වෙනී අයියේ

    ReplyDelete
  11. මගේ බ්ලොග් එකේ අංක එක කමෙන්ට් එකට හිමිකම් කියපු කතන්දර !

    මම මටම පතා ගන්නවා මෙහෙම "මේ අවුරුද්දේ කතන්දර බ්ලොග් එකේ යන කතන්දර කියවලා හාස්‍ය, සියුම් උපහාසය සහ වචන වලට ඔබ්බෙන් ඇති තේරුම ගන්න මට හැකි වේවා කියල ! "

    ReplyDelete
  12. @පූසා - මම නම් දැම්මම දත කට මැද ගෙන ඉන්නෙ 7 වෙනිදා වෙනකම් මල්ලි !

    ReplyDelete
  13. @ පොකු - ඔව් ඔව් හිනා යන වගේම සීරියස් පෝස්ට් ටිකකුත් ලියන්න හිතා ඉන්නවා.. හිනා වෙන්නෙ 7 වෙනිදා නම් ගාල්ලෙ ඉඳන්මයි. අනිත් වෙලාවලට ඉතින් අහු වෙන තැන හිනා වෙනවා..

    ReplyDelete
  14. @අභීත - ඔව් අභීත ටිකක් හිනා වෙන කොට අපි ඉතින් හිනා වෙන්න යන්නෙ නන්ස්ටොප් !

    ReplyDelete
  15. @වෙදනා - ඔව් ඔව් අපේ සෞඛ්‍ය ගැන කියලා දෙන්න ඔබ ඉන්න කන් අපි හිනා වෙනවා . ස්තූතියි !

    ReplyDelete
  16. @ ලොකු ජෝන් - ඔව් ඔව් අපි ඔබේ එකතු කිරීමත් එක කර ගනිමු !

    ReplyDelete
  17. @පැණි දොඩම් - ඔව් ඔව් මල්ලි , ඔබටත් ඔබ අසල සිටින සියල්ලටමත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  18. @මධුරංග - ඒ පැතුම එහෙමම ඉටු කරන්නම් ! එක්කො අයියෙ කියහන් නැත්නම් මාමෙ කියහන් ඔය "මහත්තැන්" කෑලි එපා බන්z..ඒ ආමන්ත්‍රණයම උඹයි මාවයි සෑහෙන්න ඈත් කරනවා වගේ මට දැනෙනවා !ඔෆිස් එකේ මයිනර් ස්ටාෆ් එකට කියලා තියෙන්නෙත් මට "සර්" කියන්න එපා කියලා.. මන් ඒ ගොල්ලන්ට කතා කරන්නෙත් අයියෙ, අක්කෙ, නංගි, මල්ලි කියලයි ! ඒක ටිකක් ලෙංගතුයි නේද ?

    ReplyDelete
  19. @ලොකු පුතා - හරියටම හරි තියරිය මල්ලි.. ඔබටත් සුභ නව වසරක්ම වේවා !

    ReplyDelete
  20. @රාජ් - ඔබටත් සුභ නව වසරක් ! 7 වෙනිදා හැමෝම සතුටින් ඉන්න දවසක් වේවි !

    ReplyDelete
  21. සුභ නව වසරක් වේවා ලියන්නෝ!

    ReplyDelete
  22. වෙනීටත් හැමදාම හිනාවෙලා ඉන්න පුළුවන් හැපී 2012 කිව්වා ඕන්.
    මටනම් 07 වෙනිදට හිනාවෙන්න එන්න පුළුවන් වෙයිද කියලා ටිකක් විතර සැකයි. බලමු ට්‍රයි කරලා නේ.

    ReplyDelete
  23. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  24. මාත් දැන් කැල්ලක් අඩු රෝදෙ වගේ තමා යන්නෙ....මේ වගේ කතා කියවල යමක් ඉගෙන ගන්න ලැබුනෙත් ඒක නිසාමනෙ....
    සුභ අලුත් අවුරුද්දක් අයියේ......ගාලු ගමනට ඉරිසියාවෙන් සුභ පතමි..!.හී..හී...

    ReplyDelete
  25. අඩුපාඩු නැතිව ජිවත් වෙද්දී නිකන් ඒකාකාරියි වගේ නේද අඩුපාඩුවක් තිබුන දෙයක් ලබාගත්තාම හිතට දැනෙන දේ කොහොමද.

    එහෙනම් ජය හා සතුට උතුරන සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  26. සුභ නව වසරක් වේවා
    මමත් ලෑස්තියි..

    ReplyDelete
  27. @ සබිත් - ඔබටත් , ඔබ සමඟ සිටින සියල්ලන්ටම සුභ නව වසරක් පතමි !

    ReplyDelete
  28. @බට්ටි - මට ලස්සනට කවි පද බඳින්න බැරි උනත් ඔබේ ජීවිතයත් 2012 වසර තුලදි කවියක් වගේ මිහිරි වෙන්නයි කියලා මම පතන්නම් !

    ReplyDelete
  29. ඊ මේල් කවිකාරී - ඔබටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  30. @වින්චැට් කිරිල්ලී - එහෙනම් ස්වභාව ධර්මය විඳින්න අවස්ථාවක් ඔබටත් ලැබිලා..නව අවුරුදු සහ ගාලු ගමනේ සුභ පැතුමට තුති..අපි ඒ සතුට බෙදා හදා ගන්නම් !ඔබටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  31. @ අසරණයා - ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  32. @ වර්ණා - ඔබටත් සුබ නව වසරක් ! ඔබ නම් එනවා නේද ගාලු යන්න !

    ReplyDelete
  33. වෙනියො, කියෙව්වෙ නෑ... හෙට කියෝලම කොමෙන්ට් එකක් දාන්නං, අද තාම සෙලිබ්‍රෙටින් :-)

    ReplyDelete
  34. සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  35. සුබ නව වසරක් වේවා! වෙනී අයියේ . මම නම් ඒ තරමට සූදානමක් නෑ .

    ReplyDelete
  36. @ ඔබ්සර්වර් - හා හා අයියෙ.. අපිත් සෙලිබ්‍රේටින් තවම ! එක සැරේ 2-3 තැනක ඉන්න පුළුවන්කම තිබ්බා නම් හරි..තැන් කීපයක්ම ශේප් කර ගන්න බැරි උනා !

    ReplyDelete
  37. @ ඔබ්සර්වර් - අයියෙ අපිත් තාම සමරනවා !

    ReplyDelete
  38. @ ගීතක - ඔබටත් සුබ නව වසරක්ම වේවා ! බ්ලොග් එක ලියන්න වැඩි වෙලාවක් ලැබේවා !

    ReplyDelete
  39. @ සඳරූ - ඒ තරමට ඕනි නෑ..ටී එක දමා ගත්තා, ඩෙනිමට බැස්සා මල්ල කරේ දමා ගත්තා පැන්න එලියට එච්චරයි මල්ලි !

    ReplyDelete
  40. 7 වෙනිදා හිනා වෙන්න එන්න වෙන්නේ නැති එක ගැන නම් සෑහෙන්න අවුල්....කමක් නෑ අවුරුද්දම හිනා වෙමු....
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  41. ඊරිසියාවේ බෑ...වෙනියත් ගාලු යන්න වගේ....හොඳා...හොඳා... සුභ ගමන්.....!!!

    ReplyDelete
  42. හි හි හි හී..... මම දැන්ම පටාංගන්නව!

    ReplyDelete
  43. හත්වෙනිදට අපිවත් මතක් කරලම සෙලිබ්‍රේට් කරහල්ල.

    ReplyDelete
  44. @ මකුළුවා - ඔබටත් එසේම වේවා !
    @ ඔබා අයියා එනවනෙ ඉතින් තව මාස කීපයකින්ම
    @ රාජ් - ඔව් ඔව් පටන් ගනිමු !
    @ ඉන්දික - අනිවා අපි ආපු නැති උන්ව සේරම මතක් කරනවා

    ReplyDelete
  45. ඇත්තෙන්ම ආදර්ශවත් කතාවක්. එකේ ගන්න දේවල් බොහොමයි. අද දුවන තරඟකාරී ලෝකේදී ගන්න, ඒ කතාවේ ගොඩක් කතා ගැබ් වෙලා තියනවා. ස්තුතියි.. ඒ එක්කම ලියන්නට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  46. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියේ !!!
    හිනාවෙමු හිනාවෙමු..... හික් හික් හික්....

    ReplyDelete
  47. සුභ නව වසරක් වේවා වෙනි අයියේ...තව තව කතා වැසි වසීවා...

    ReplyDelete
  48. දත් නැතිවුනාට උඹගෙ හිනාව හරි ලස්සනයි වෙනි අයියෙ....කියන කතාත් ටොපේ ටොප්....2012 ලෝක විනාශය නොවුනොත් 2013 ත් මේ විදියටම හිතවත්කමින් සහෝදරත්වයෙන් සමරන්න ලැබේවා...!!!

    ReplyDelete
  49. සුභ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියා ඇතුළු පවුලේ සැමටම.....!

    ReplyDelete
  50. අපි එක අත්තේ වහන කුරුල්ලෝ කියලා හඳුන්වන්න බැරි කිසිම හේතුවක් නෑ වෙනියෝ . . .

    ReplyDelete
  51. ක්සැන්ඩර් - ඔව් ඒ නිසාමයි තවමත් මේ කතාව මම ඔළුවෙ තියා ගෙන ඉන්නෙ. ඔබටත් !
    @ ගොඩයා - අනිවා ඩෙෆා.. හිනා වෙන එක කරන්න පුළුවන් එකම සතා අපි විතරයිනෙ !
    @නිසුපා - ඔබටත් එසේම වේවා නංගි..
    @ ලකි - ලකියො එහෙම වෙන්නෙ නෑ..කොහෙ විනාශ වෙන්නද බන්z මේ ලෝකෙ..අපි සමරමු ඊළඟ අවුරුද්දත් !

    ReplyDelete
  52. @ දුමී - එසේම වේවා දුමී මල්ලි..මෙහෙම කළුබෝවිල අයියලත් අපිට අයියා කියන කොට බි.පෙ.සි තමයි ඉතින් ! D

    ReplyDelete
  53. @ දුකා - ආන්න වදන..මට ඒක ඔළුවට ආවෙ නැති හැටි කතාව ලියන වෙලාවෙ !

    ReplyDelete
  54. සුභ අලුත් අවුරුද්දක්ම වේවා.

    ReplyDelete
  55. "මන් ඒ ගොල්ලන්ට කතා කරන්නෙත් අයියෙ, අක්කෙ, නංගි, මල්ලි කියලයි ! ඒක ටිකක් ලෙංගතුයි නේද ?"

    පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න කියලා බොහෝම බර බර අදහස් ටිකක් එක්කාසු කොරගෙන මීයා කරකෝගෙන (ඔබාගේ ක්‍රමේට) පහලට එද්දී දැකපු ඒ කතාව දැක්කම අර බර බර අදහස් ටික පැත්තකින් දාලා මේ කෑල්ල උස්සගෙන ආවා පහලට...

    අනේ බං අපි නොදන්නවද බොලාගේ වැඩ..අර 18-20 දරුවන්ටත් නෝනිඩි නැතිව නංගි කියලා තෙල බෙදනවා මදිවට දැන් ඒකට නිදහසට කාරණාවකුත් හොයාගෙන..සික් ඉතරක්...

    ..............
    හිමින් ගමනත්..
    යන එන අවට බැළුමත්..
    නැවතී නිවීමත්..
    පසක් කරදෙයි දිවියෙ රහසත්...

    ReplyDelete
  56. @ සිතුවම් - ඔබටත් එසේම වේවා !

    ReplyDelete
  57. @ මාරයා - ඔව්වා මෙහෙම ප්‍රසිද්ධියේම කියනවායැ අෆ්ෆා ! හිකිස්...මටත් කියා දියකො ඔහොම කවි පද බදින්න !

    ReplyDelete
  58. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete