ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, August 9, 2011

සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී.....

මේ කතාව නම් මතක් උනේ අන්තිම පේලියෙ තිබුනු කතාවක් බලල

හිනා වෙවී ඉන්න ගමන් ඒකෙ තිබුනු කමෙන්ට් එකක් දැකල තමයි..
පාසලේ උ.පෙල කරන කාලෙ.. අපෙ ආටෙකුට තිබුනු ලෙඩක් තමයි.. කිහිල්ලට ඇඟිල්ලෙන් ඇන්නොත් "හුක්" කියල මහා හයියෙන් කියවෙන එක... පහු වෙනකොට ටිකක් ඈත ඉඳල උනත් පොඩ්ඩක් ඇඟිල්ල දික් කරල අනින විදිය අනුකරනය කලත් කැපිච්ච පනුව වගෙ දඟලන ගතියක් තිබුන..මේ සිද්ධිය දන්න නිසාම පංතියෙ ගුරුවරු පවා සුනිල්ව තියල තිබ්බෙ පංතියෙ හිටපු හොඳම දෙන්නෙක් මැද තමයි..උන් කවදාවත් සුනිල්ට ඇඟිල්ලෙන් අනින්න ගියේ නැහැ. ඒකට කොමස් එකේ අපි සෙට් එක තමයි ෆුල් ෆන් එකක් ගත්තෙ.. දැන් වැඩිහිටි උනාට පස්සෙනෙ තේරෙන්නෙ මෙව්ව සවුත්තු වැඩ කියල.. හැබැයි සුනිල් කවදාවත් අපෙ ප්‍රින්සිපල්ට හෝ විනය සර්ට කිව්වෙ නැහැ කවුද ඇන්නෙ කියල.. ඒ නිසාම අහල පහල ඉන්න හැමෝටම හම්බ උනා වේවැල් කසාය..හැම සඳුදම තියෙනව අපේ මේන් එසෙම්බ්ලි එක.. මුලු පාසලම පිට්ටනියට එක් රැස් කරල තමයි තියෙන්නෙ.. එක සඳුදාවක.. දැන් ඕකෙ පන්සිල් අරගෙන ඉවර වෙලා.. භාවනාව පටන් ගත්තා.. පන්සිල් දෙන හාමුදුරුවොම දැන් මෛත්‍රිය භාවනාව පටන් ගත්තා.

"සියලු සත්වයෝ නිදුක් වෙත්වා"

"සියලු සත්වයෝ නිරෝගී..."

"හ්හ්හ්හූක්ක්ක්"

කාටවත් හිතා ගන්න බැරි උනා එකපාරටමටිකක් වෙලා ගියහම තමයි හැමෝටම මීටර් උනෙ
.. ඒකත් එක්කම ළමයි හිනා කනව..ටීචර් ල සාරියෙන් කට වහගෙන හිනා වෙනව.. සුනිල් බොහොම අසරණ වෙලා බිම බලා ගෙන ඉන්නව.. විනය සර් ගෙ අතට කොහෙන් වේවැල ආවද දන්නෙ නැහැ.. ප්‍රින්සිපල් වෙව්ලනවා කේන්තිය වැඩි කමට..මුලින්ම ඇදල ගත්තෙ සුනිල්ව

"කොයි පාහරයද මේක කලේ"


සුනිල් ඊටත් වඩා බය වෙලා

"ස ස සර්..."

"කියපන් අද ඌව ගෙදර යවලම තමයි පස්ස බලන්නෙ"

"මන් දැක්කෙ නැහැ සර් කවුද කියල" සුනිල් කිව්ව විතරයි


"තෝ දන්නෙ නැහැ තොගෙ කිහිල්ලට ඇන්න එකා"

මුලින්ම වේවැල් පාර හම්බ උනේ සුනිල්ට
 අපි සෙට් එකටම දැන් හෙන අප්සට්..කොච්චර ගුටි කෑවත් සුනිල් නෙවෙයි කිව්වෙ..

ප්‍රින්සිපල් ගත්ත අපේ පේලි දෙකම ඉස්සරහට..

"දන ගහපිය සේරම"

පවු කියන්නෙ සුනිලුත් දන ගැහැව්ව


විනය සර් සුනිල්ව පැත්තකට ගත්ත

එකාට වේවැල් පාර හතර ගානෙ වැදුනා
 අපේ ක්ලාස් එකේ විසි ගනනක් හිටිය..සේරටම හම්බ උනා..

"හිටපියව් මන් කියනකම්ම ඔහොම"

දැන් අපි උදේ පීරියඩ් දෙකක්ම අර බොරලු ගොඩේ දන ගහගෙන


ඊට පස්සෙ විනය සර් දුන්න ජීවිතේටම අමතක නොවෙන දේශණයක්


"තමුසෙලා හරිනම් සුනිල්ට ඇඟිල්ලෙන් අනින්න නෙවෙයි වැඳල සමාව ගන්නයි
.. සුනිල් වැරදිලා හරි ඇන්න පාහරය්ගෙ නම කීව්වනම් .. හෙට ඉඳල ගෙදර තමයි"

හැබැයි එදායින් පස්සෙ නම් අපි සෙට් එක කවදාවත් සුනිල්ට ඇඟිල්ලෙන් අනින්න ගියේ නැහැ
..සුනිල් අපි එක්කත් හොඳටම ෆිට් උනා..

12 comments:

  1. අඩෝ ෆට්ට.. හිනා කාල මැරෙනවෝ....

    ReplyDelete
  2. පවු අප්පා... මටත් ටිකක් කිචි තියෙනවා. අපේ ඉතිං තාම කිචි ගිහිං නෑනේ... කුළුඳුල් කොල්ලොනේ අපි...

    ReplyDelete
  3. ඔව්වා කැත වැඩ.හෙ හෙ අපේ නෑදෑ වෙන අක්කෙකුටත් තියෙනවනොවැ ඔය ලෙඩේම.මගේ ආසම වැඩේ ඉස්සර ඒක තමයි.හ්හික් හික්

    ReplyDelete
  4. @ නුවන් - සුනිල් තමයි ඒ සිද්ධියෙන් පස්සෙ අපිට හොඳටම හිනා උනෙ
    @ ප්‍රසන්න - සිතුවම් - අපේ විනය සර් කිව්ව විදියට පාහර වැඩක්ම තමයි.. ඒත් කොලු කාලෙ කරන වැඩනෙ..බරක් පතලක් හිතන්නෙ නැහැ..

    ReplyDelete
  5. හුක්ක්ක්ක්ක්ක්ක්.........
    මොන වුණත් සුනිල් හොඳ කොල්ලෙක්.....

    ReplyDelete
  6. වෙනී . . . දැං නෑ නේද ඔය කොල්ලන්ට ඇඟිල්ලෙං අනින පුරුද්ද ???

    ReplyDelete
  7. ඇත්තට ඕනෙ අයිය කිව්වත් ‍වගේ දැන් ඔය කොල්ලන්ට ඇගිල්ලෙන් අනින පුරුද්ද ඇරිල නේද?...

    ReplyDelete
  8. විනය සර්ට තකා කියන්නේ ඇය්?

    ReplyDelete
  9. @ ඕනෙ සහ සාතන් -ඇත්තටම අපේ කාලෙ පරම්පරාවෙ ඔය වයස ගත කරපු අයයි දැන් මේ වයස ගත කරන අයයි ගොඩාක් වෙනස්..දැන් අය ටිකක් Aggressive නේද? ඒකනෙ වලියට බර..හැබැයි බොලාලා දෙන්න කොහෙ හරි මීට් වෙයිනෙ..අන්න එදාට නම් ඇනල බලනව.. හුක් ගානවද කියල..

    ReplyDelete
  10. මෙහෙමයිනෙ ඔබ්සර්වර් අයියෙ වෙන්නෙ.. අපි කරන්නෙ, ක්ලාස් එකේ ඉන්න ගෑනු ලමයි ලඟට ගිහින් "බලන්න, අපෙ කරු සර් ( විනය භාර සර්) හරියට විනය තකා නේද වැඩ කරන්නෙ?" කියල එක ලමයෙක්ගෙ පපුව දිහා බලගෙන කියනව..හිතා ගන්නකො ඇතිවෙන අති ශෝචනීය තත්වය..උන් අතට අහුවෙන එකෙන් අපිට දමල ගහන්නෙ..

    ReplyDelete
  11. හිහ් .... හිහ් .......
    එල මලයා මේකත් පට්ටයි .........

    ReplyDelete