මේ දිනවල සරුංගල් අරින කොල්ලෝද, කොල්ලන් පසුපස එලවා යන බල්ලොද අඩුවක් නොමැත.
පහු ගිය දිනකදී කොල්ලෙක් සරුංගලයක් අත දවටා ගෙන දුව ගෙන එයි.. සරුංගලයද එකසිය ගනනකට කූරියා ගසයි. මූද කූරිය ගසන සරුංගලය දෙස ආපසු හැරෙමින් බලමින් දුව ගෙන විත් හැපුනේ මගෙ ඇඟේය.. වාසනාවකට කිසිම අනතුරක් නැත.. නමුත් කොල්ලා
"බලන්නකො අංකල් පාර බලා ගෙන යන්නකො.ඇඟේ හැප්පුනායින්මගෙ සරුංගලයක් බිම වැටුනා"
යි කියමින් මට තගක් දමන්නට ආවේය
"ආ ඒ සරුංගලයක්ද ? මන් හිතුවෙ හුලං පෙත්තක් කියල" මමත් සෙකන්ඩ් නොවූයෙමි
ඊළඟ දිනයේ මන් මගෙ පාඩුවෙ පාරේ යන විට කොල්ලො දෙදෙනෙක් කෑ ගසමින් මා පසු පස එයි
"පොඩ්ඩක් ඉන්න අංකල් ..පොඩ්ඩක් ඉන්න අංකල් "
කියමින් මුන් දෙන්නාගේ සරුංගලයේ තිබු නූල් මගෙ කකුලෙන් ගලවන්නට විය. සිදු වී තිබුනෙ පාර මැද තිබූ නූල මගේ සපත්තුවෙ පැටලී එයත් සමඟම මා ටික දුරක් ගමන් කොට තිබීමය..මට කේන්ති ගියේ නූල කකුලේ පැටලීම නිසාද නැතහොත් මා වැනි තරුණ ගැටයෙකුට අංකල් කියා ඇමතීමද යන්න ගැන තවමත් නිශ්චිතව හිතා ගත නොහැක.
අද දින නිවාඩු නිසා මමද නිවාඩු සුවයෙන් කාමරයට වී සිටියෙමි.. වෙලාව දහවල් 10ට වන්නට ඇත..
ශූශ්ශ්ශ්ශ්ශ්ස්ස්ස්ස්ස්ස්... යන ශබ්දයක් සමඟම කිසිවකුත් කෑ ගසන හඬක් සමග මා මිදුලට පැමිණියෙමි..
නිවාස අයිතිකාර හිමිගේ නිවස තට්ටු දෙකකි. එහි වහලට ඇස්බැස්ටස් දමා රස්ණය අඩු කර ගැනීමට උළු දමා ඇත.. වහල උඩම සිට කොල්ලෙක් කෑ ගසයි..ඒ සමඟම මා දුටුවේ බියකරු දසුනකි. තව කොල්ලෙක් වහලයේ කෙළවරේ වතුර බැස යාමට ඇති පීල්ලේ එල්ලී නැවත වහලට නැගීමට දරන උත්සාහයකි.. මා සිතුවේ කුමක්ද යන්න මතක නැත
"දඟලන්නෙ නැතුව ඉන්න පුතා ඔහොමම.. "
මගෙ අතට ඉනිමඟක් ආවේ කෙසේදැයි මම නොදනිමි. හැකි ඉක්මනින් ඉනිමග බිත්තියට තබනවාත් සමඟම.. ඔහු එල්ලී සිටින පීල්ල ගැලවී ගියේය.. නමුත් ඔහු මා තැබු ඉනිමඟ දුටු නිසා වහා ඉනිමඟට කකුලක් තබා බිත්තියට වාරු විය..මා හෙමිහිට ඔහුව බිමට බැස්සුවෙමි. අත පය හිරී ඇති මුත් වෙන කිසිඳු හානියක් නැත. නිවාස හිමිකරුද පැමිණි පසු ඔහුට වතුර එකක් බීමට දී විස්තර ඇසුවෙමු.
කොල්ලො දෙන්නාගේ සරුංගලය නූල කැඩී පාවී විත් රැඳී ඇත්තේ මෙම වහල උඩය. මුන් දෙන්න අල්ලපු වත්තේ තාප්පය දිගේ විත් වහලට නැග සරුංගලය ගැනීමට යාමේදී.. වහලය මත වූ උළු කැට මත ලිස්සා විත් පහලට වැටෙන්නට පෙර.. පීල්ල අල්ලා ගෙන ඇත. වැරදීවත් පහල වැටුනා නම් විශාල අනතුරක් වන්නට ඉඩ තිබුනි. ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා විස්තර කියාදී කොල්ලාව භාර කලේය. තුවාල කෙසේ වෙතත් පියා ගෙන් හොඳ ටොකු පාරක් නම් වැදුනි. කෙසේ වෙතත් ඔහු නොසැලකිල්ල පිළිබඳ පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ හොඳටම ඇතිය.
මේ සිද්ධියත් සමඟම මගේ මතකය ආවේ අප කුඩා කාලයේ සරුංගල් ඇරපු ආකාරයයි. අපේ ගම වට කර තිබුනේ තේ වතු සහිත කඳු ගැට රාශියකිනි. පාසල් නිවාඩු කාලයේ උදෑසන ආහාරයෙන් පසුව මෙම කඳු ගැට උඩට සරුංගල රැගෙන යන අප ආපසු එන්නේ හවස ජාමයේය.. සරුංගල් උඩට යවා ඒවායේ නූල් තේ වත්තෙ ගිනිසීරියා - අපි කියන්නෙ ලාඩප්පා - ගස් වල බැඳ අප මුළු තේ වත්ත පුරාම රවුම් ගසයි.. අහල පහල ඇති කැලෑවල ඇති ගඩා ගෙඩි දවල් ආහාරයයි. එහෙමත් සුන්දර කාලයක්..
දැනට මම ඉන්නා මේ ප්‍රදේශයේ ළමයි තට්ටු නිවාස වල උඩම කොන්ක්‍රීට් ස්ලැබ් වලට වී සරුංගල් යවන ආකාරය දකින් විට මට නම් ඇති වන්නෙ දුකකි.
යම් කාලයකට පෙර සරුංගල් අරිනව යන්නට වෙනත් තේරුමක්ද ඇති බව දැන ගත්තේය. කොල්ලො රංචුවක් එකතු වූ විට මොකෝ බන් ඔච්චර කෙට්ටු උඹ හැමදාම සරුංගල් අරිනවද කියා ඇසුවහොත් .මේ සරුංගල් ඇරීම සහ කෙට්ටුව අතර ඇති සම්බන්ධතාවය හිතා ගත නොහැක..
ඇත්ත කතාව දැන් සරුංගලයකටවත් නිදහසේ ඉහළට යන්න ඉඩක් නැති තරමි , ඒත් තාම ගාළු කොටුවේ සරුංගල් අරින කොළු පැටවුන්ට නම් ඇති තරං දඟළන්න ඉඩ තියනවා දැං. ලස්සන කතාවක් .
ReplyDeleteඔය සරුංගල් පිස්සුවනම් මරු තමයි. මං ජීවත්වුණ මරදානත් ඔය සරුංගල් පිස්සුව තදින්ම ගහන පැත්තක් තමයි. සරුංගල් හින්දා මිනිමරාගන්න වැඩ වෙන්නෙ. මේ ඒක නෙමෙයි., ඇත්තටම සරුංගල් ඇරියාම කෙට්ටු වෙනවා කියන්නෙ ඇයි..? හිකිස්.!
ReplyDeleteසරුංගල් ඇරිල්ලත් හස්ත කර්මාන්තයක් වෙන්නැති
ReplyDeleteඔව් මහේෂ් අදටත් මම ගෝල් ෆේස් යන්නෙ ඔය අහසෙ පා වෙවී යන සරුංගල් බලන්නයි..මුහුද අඬන හැටි බලන්නයි, අහන්නයි..ගියහම එන්න හිතෙන්නෙ නැහැ..
ReplyDeleteදමියා - ස්තූතියි ආවාට.. ඇත්තටම සරුංගල් යවන එක මෙච්චර මිහිරි ඇයි කියල මටත් තේරෙන්නෙ නැහැ. අපිත් ආසා ඇති සරුංගලයක් වගේ පාවි පාවි ඉන්න එච්චර සැහැල්ලුවෙන්. අහපු ප්‍රශ්නයට උත්තරෙ - හිකිස් !
ReplyDeleteඅනේ මන් නම් ඔව්ව දන්නෙ නැහැ ඔබා අයියෙ.. (අපායෙදි කටේ ලෝදිය නම් සුවර් මේ කියන මුසාවාදා වලට)
ReplyDeleteසරුංගලය මගේද මිහිරි මතකයකි . මේ අත්දැකීම ගැහැණු ළමයින්ට පොදු නොවුවද මට නම් සරුංගල් වාරය අපුරු අත්දැකීමක් වුනා . සරුංගල් මාට්ටු දමා ඇතිවූ රන්ඩුද ..නුල කැඩී ගොස් අපට අහිමි වූ සරුංගල් නිසා ඇති වූ දුකද ..සරුංගල් සමගම ඈත අහසේ පියඹු සිතද මතක් කර අද සතුටු වෙමි.
ReplyDeleteඒ ගැන ලියු කවි පෙළක් තිබේ . කමෙන්ට් වල ලින්ක් දමනවාට ඔබ කැමතියි නොදන්නා නිසා මෙහි කිව නොහැක .
හෆොයි එහෙමත් කාලයක්. අගෝස්තු නිවාඩුව කියන්නෙ ඉතින් සරුංගල් විතරමයි. නරකද අංකල් ආපහු සරුංගලයක් ඇරල බැලුවොත්. ලොල්..
ReplyDeleteසරුංගල් අරින්ඩ ආසයි පොඩි කාලේ,ඊට වඩා ගොඩක් ආසයි අහසේ ඈත යන සරුංගල් දිහා බලාගන ඉන්න.නූල කැඩිලා ගෙදර වහලෙට පාත්වෙලා තියන සරුංගල් අරන් හොරෙන් හංගගන ඉදලත් තියනව.ඒ පොඩි කාලේ.
ReplyDeleteඇයි ඒ කෙට්ටු වෙන්නෙ?කන්නෙ බොන්නෙ නැතුව සරුංගල් අරින නිසාද?මට තේරුනේ නෑ.
වෙනී අන්කල්!හිකිස්!!!දැන් දැන් සමහර පොඩි උන් මටත් ආන්ටි කියනව.මල පනිනව එතකොට මටත්.
අර චිත්‍රෙ වෙනී අන්කල් ඇදපු එකක් වෙන්ටැ.ලස්සනයි.නරකද ච්ත්‍ර තරගයකට ඇරියොත් :))
ReplyDeleteමාත් සරුංගල් හැදුවනේ... අම්මෝ ඒ දවස් වල බලන්න ඕනේ තියෙන විසේ. බට හොයන්න එක පාරයි, සව් කොල ගේන්න එක පාරයි... අන්තිමේ උඩ යවන්න යන්නෙත් බීච් එකට...
ReplyDelete@ බින්දි - ඒ ලින්ක් එක දමන්න..ඒක කොච්චර හොඳද? එතකොට අපි හැමෝටම ඒ කවි ටික කියවන්න පුලුවන්නෙ
ReplyDelete@ නුවන් - හොඳ අදහස..ඒත් ගමට ගිහින් තමයි ..
@ නදී - ඇයි සරුංගල් වලට ගල් ගහල, සරුංගලේ නූල ඇතුලට රැවුල කපන බ්ලේඩ් තල යවල..වෙන රංඩු..කෙට්ටු වෙන එක නදී හරියටම ගෙස් කරල තියෙනව
ReplyDeleteඅපි පොඩි කාලෙ අපෙ මාමල නැන්දල අපිට කොච්චර ආදරේද කියල හිතෙන කොට තරහ නිවිල යනව ටක් ගාලා..ඔව් මගේ චිත්‍රෙ ..බලන්නකො මන් ඉනිමග කර තියාගෙන යන ලස්සන.. මටම හිනා ගියා චිත්‍රෙ ඇන්ඳට පස්සෙ..ඒ නිසාම ඒක දැම්ම..
ඔව් ප්‍රසන්න ඒ කාලෙ ආයිමත් එන්නෙත් නැහැ.. අපි දැන් සරුංගල් යවන්න ගියාට ඒ මිහිර දැන් දැනෙන්නෙත් නැහැ.."කාලය මැවු වෙනසක අරුමේ.."
ReplyDeleteසරුංගල් කතා ගමකට ලියන්න තියෙනවා... කුඹුරු යායවල් පුරා දුවලා සරුංගල් ඇරපු අපි දැන් දරුවොත් එක්ක පොඩි ස්ලැබ් එකකට වෙලා අමාරුවෙන් හිර වෙලා සරුංගල් යවනවා.... සරුංගලයක් කඩාගෙන ගියාට පස්සේ අළුත් එකක් කඩෙන් ගේනවා මිස කොහෙන් කඩන් ගිය එක පස්සේ දුවන්නද?
ReplyDeleteඅභීත..ස්තූතියි මේ පැත්තෙ ආවට සහ කමෙන්ට් එකට..ඇයි කඩා ගෙන යන සරුංගලෙ දිහා උඩ බලාගෙන දුවල වැටිල කොච්චර තුවාල කර ගන්නවද ?
ReplyDeleteකව්ද එතකොට මේ මුසාවාද කියන්නෙ? ලියන්නද, මමද?
ReplyDeleteසරුංගල් තරග තියන කාලෙට යන්න ඕන ගෝල්ෆේස් . හරි ලස්සන සරුංගල් බලන්න පුළුවන්. මුළු අහස පුරාම පාට පාට සරුංගල්.
ReplyDelete@ ඔබා අයියෙ, මුසාවාදයක් කියන්නෙ මම නෙවෙයි කිව්වොත් මුසාවාදයක්ම තමයි..
ReplyDelete@ ගිම්හානි.. ඔව් ඒක් නම් හරිම ලස්සනයි..ගිය සැරේ ගල්කිස්ස බීච් එකේ නේද තිබුනෙ , මට යන්න බැරි උනා
වෙනී. මමත් ගියා හිතෙන් අතීතයට. අර කිව්වත් වගෙ චිත්‍රය මේකටම ඇඳපු එකක් නේද? මම් පොඩි ශර්ලොක් හෝම්ස් පාරක් දාන්න්නද වෙනියො? වෙනීගෙ උස අඩි හයයි අඟල් තුනයි. ළඟදි naughty forties වලට එන්ටර් වුනා.BMICH එක ගාව ඔෆිස් එකේ වැඩ. එතකොට ගම බලංගොඩ හෝ ආසන්නයෙද?
ReplyDeletehenryblogwalker aka Dude
ඒක මිත්‍යාවක්!
ReplyDeleteඩූඩ් මම කතාව ගලපන්න මේ චිත්‍රය ඇන්ඳෙ, ඊට පස්සෙ තමයි කතාව ලිව්වෙ..චිත්‍රය මේකට දමන්න අදහසක් තිබුනෙ නැහැ..පස්සෙ චිත්‍රය දැකල මටම හිනා ගියා..මම චිත්‍ර වලට අති අදක්ශයි ඉස්කෝලෙදිත්..
ReplyDeleteහ්ම්ම්ම් උස 5 යි 6යි..අනිත්වා හරි.. ඉතුරු ටික බලන්න එන්න එෆ් බී එකට
ඔව් ක කා ඒක අනිවා මිත්‍යාවක්...
ReplyDeleteසරුංගල් කතාව නැගලා යනවා නේද?
ReplyDeleteබොහොම ස්තුතියි අතීතයට එක්කරන් ගියාට. එල...!
අපි සරුංගල් ඇරිය වෙල මැද ගල් පරුවත දිහා මම ගූගල්;අර්ත් ගිහින් දැනුත් බලනවා.
ReplyDeleteමම ඒත් කලපනා කොලා මොකද මූය් මේතරං කෙට්ටුවට ඉන්නෙ කියල . .. . බලද්දි සරුංගල් ඇරල නොවැ . . . දිගට හරහට
ReplyDelete@ දමියා - ඔව් ඔව් මේ දවස්වල සරුංගල් දැකල මන් විඳපු අතීතය තමයි බෙදා හදා ගත්තෙ
ReplyDelete@ ලංකා - මමත් බලන්න ඕනි අපේ ඔය තේ වතු තියෙන කඳු ගැට ටික ස්තූතියි මතක් කලාට
@ ඕනයා - කකා අත්දැකීමෙන් කියන්නෙ "ඒක මිත්‍යාවක්" කියල. මන් අත්දැකීමෙන් අහන්නෙ "ඈ බොල මන් ගිනි කූරක් තරම් කෙට්ටුද?" නැහැනෙ.. ඒක මිත්‍යාවක් !
ReplyDeleteහනේ වෙනි බබා. බේසමක තියල පොල් කට්ටකින් නාවන්න හිතෙනව. සරුංගල් අරින හැටි දන්නෙ නෑ....
ReplyDelete