ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, August 27, 2011

නිරුවත් සබන් භූතයා

ආආආආආආආආ හ්

ඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ හ්...




අයි පොඩ් එක කනේ ගහ ගෙන හෙමිහිට නට නටා පඩි පේලිය උඩ තට්ටුවෙ ඉඳන් ආපු දුව කෑ ගහගෙනම පඩි පෙල උඩ ඉඳ ගත්තා..

මගෙ ඇනෙක්ස් එක අයිතිකාරය එයාලගෙ ගෙදර ලොකු අළුත්වැඩියාවක් පටන් අරන්..ඒක නිසාම මගෙ පැත්තෙ ඉස්සෙල්ල තිබුනු සාමකාමී, නිහඬ බව නැත්තටම නැතිවෙලා ගිහින්. මොකද කියනවනම්..ඒ පැත්තෙ කඩල බිඳල දමන එව්ව අරන් යනකම් මගෙ පැත්තෙ මිදුලෙ තමයි ගොඩ ගහල තියෙන්නෙ.දූවිලි පිරිල..ඊයෙ පෙරේද වැස්ස නිසා ඒ ප්‍රශ්නෙ නම් ඉවරයි.. දැන් මඩ පිරිලා..ඔය ෆොටෝ කෑල්ලෙ තියෙන්නෙ..



මගෙ ඇනෙක්ස් එකයි අයිතිකාරයගෙ ගෙයයි වෙන් වෙන්නෙ අඩි 10ක් විතර උස  තාප්පෙකින්.. ඔය තාප්පෙ කඩල..ඒ ගොල්ලන්ගෙ පැත්ත ලොකු මිදුලක් කරන්න ඕනි කියල.. තාප්පෙ තිබුනට වඩා මගෙ පැත්තට අල්ලල ආයිමත් බඳින්නයි යන්නෙ..ඒකෙන් වෙන්නෙ මගෙ පැත්තෙ තිබුනු විශාල මිදුල තව ටිකක් කුඩා වෙන එක තමයි.. මගෙ ඇනෙක්ස් එකේ තියෙන හොඳම දේ තමයි මේ මිදුල.. බල්ලො ටික එක්ක රේස් තියන්න.. යාලුවො ටික එක්ක සෙට් වෙන්න නියම ඉඩ කඩ.. ඒක ටිකක් අඩු වෙනව මේ සීන් කෝන් එකෙන් පස්සෙ
. මේ වැඩේ කරන බාස්ල සහ ගෝලයො ටිකත් මහ ඇණට් ටිකක් එක වෙලාවකට.. මන් ලඟ තියෙන ගැජමැටික් දැක්කහම උන්ට පාඩම් කියල දෙන්න වෙනව වෙනමම..වෙන ගැජමැටික් නෙවෙයි පී.සී එකයි, ලැපයි, සවුන්ඩ් සිස්ටම් එකයි, දෙතුන් දාහක ඩීවීඩී ටිකයි.. (මෙන්න නයෙක් යනෝ...!)

ඊයෙ උදේ නැගිටල ඉව්ව.. මේ දවස් ටිකේම මන් උයා පිහා ගෙන ඔෆිස් යන නිසා උදෙන්ම නැගිටල කරන්නෙ උයන එක තමයි..උදේට ඉව්වහම බ්‍රෙක්ෆස්ට්.. ලන්ච් ඇන්ඩ් ඩිනර් සේරම රෙඩි.. රෑට ගෙදර ඇවිත් තව එක කරියක් හදා ගන්නව...ඉතින් මන් ගියා නා කියා ගන්න.. ශවර් එක යට විනාඩි පහක් හිටියා.. සබන් ගෑවා.. ආයිමත් නාන්න ශවර් එක ඇරියා

හුටා.. වතුර නැහැ.. හුචූස් චූස් චූස් ගාලා හුලන් තමයි එන්නෙ ශවර් එකෙන්.. මන් කේශාන්තයෙ සිට පාදාන්තය දක්වා සබන් ගා ගෙන..ටවල් එක ඉනේ පටලව ගෙන.. පොඩ්ඩක් ඔලුව දමල බැලුවා
එලියට.. කවුරුවත් නැහැ.. වැඩකරන බාස්ලා තාප්පෙන් එහා පැත්තෙ වැඩ.
 කොරන්න දෙයක් නැහැ.. ඇයි වතුර නැත්තෙ බලන්න අයිතිකාරයට කතා කරන්න මෙහෙමම එහා පැත්තට යන්න වෙනව..සබන් පෙණ වලින් පිරිච්ච ඇස් දෙක පොඩ්ඩක් පාදා ගෙන මන් එහා පැත්තට එබුනා.. බාස්ල සෙට් එක එතන පයිප්ප්යක් කඩා ගෙන.. වැරදිලා ඉල්ලන්කූරු පාරක් වැදිලා වතුර පයිප්පෙට.. ඉතින් කොහෙද මට වතුර?

"මට නාන්න වතුර නැහැ"

සෙට් එකම බැලුවා මන් දිහා.. ගැස්සිලා හිටල.. සෙට් එකටම කන්ඩ හිනා.. මට එකපාරටම මල පැන්න.. මල පැන්න සැනින් මට මතක් උනා.. මම උන් සෙට් එකේ හිටියනම් එහෙම මම මාව දකින්නෙ කොහොමද.... ඔලුවෙ ඉඳන් දෙපතුලටම සබන් පෙන වලින් වැහිච්ච.. අඩි හතරයි දෙකේ තුවායකින් යන්තම් විලි වහ ගත්ත
හයයි තුනේ පොරක් දැක්කහම...



මටත් බකස් ගාලා හිනා ගියා..මොනා කරන්නද..
" මට වතුර නැහැ... ඔය ගොල්ලො පයිප්ප කඩලා.. ඒකනෙ.. මන් කොහොමද මෙහෙම ඔෆිස් යන්නෙ?"

හිනාව නවත්තල මන් ඇහුවා..එතකොටයි අයිතිකාරය එතනට ආවෙ.. මිනිහත් මාව බලල හිනා වෙලා ලේ පිරිසිදු කර ගෙන එහෙම..

"ඕක හරි ගස්සන්න කොච්චර වෙලාවක් යනවද බාස් උන්නැහෙ?"

"බටේ කුඩුවෙලා .. අලුත් බට කෑල්ලක් පුරුද්දන්න වෙනව.. පැය භාගයක්වත් යනව"

"ලියන්න ඔයා අපේ බාත් රූම් එකෙන් නා ගන්නකො..එච්චර වෙලාව්ක් ඔහොම ඉන්නයැ..ඔය සාලෙ මැදින් යන්න එහා කාමරේට දකුණු පැත්තෙ තියෙන්නෙ බාත් රූම් එක"

සාලේ මැදින් යන්න ආපු මාව දැකපු අයිතිකාරයගෙ දුව තමා අරහෙම කෑ ගහන්න පටන් ගත්තෙ

විනාඩි 2ක් විතර කෑ ගහපු පොඩ්ඩි .. හිනා වෙන්න ගත්ත

"ලියන්න අංකල් දැන් නම් නියම සබන් භූතයෙක් වගෙ"

"එතකොට දුවා කෑ ගැහුවෙ බය වෙලා නෙවෙයිද?"

"මට පිස්සුයැ අංකල්ට බය වෙන්න? මන් දැක්ක උඩ ඉඳන්ම වෙච්ච සීන් එක"

"මමනෙ දැන් බය උනේ මෙතන මෝහිනී වගෙ කෑ ගැහුවහම"

"ආආආආආආආආහ්

ඊඊඊඊඊඊඊඊඊඊඊඊහ්

කියලද මෝහිනී කෑ ගහන්නෙ? "

අයිතිකාරයයි බාස්ලයි ආයිමත් හිනා වෙනවා..

"යන්ඩල සේරම මාවම බයිට් කරන්න හදනව මෙතන"

ඔන්න ඔහොමයි ග්‍රීස් යක්කු, භූතයො අතරට සබන් භූතයෙක් එකතු උනෙ.

19 comments:

  1. තුවාය ගැලවුණා නං සබන් බූතයා බැබුන් බූතයා වෙන්ණ ඉඩ තිබුණා!

    ReplyDelete
  2. මම හිතන්නේ ඔබ හරි. ඔන්න ඔහොම දෙවල් තමයි, මේ භූතයන්ට උපත් දීල තියන්නේ අනේ මෙහෙමත් රටක්. හිනා වෙන්න ඕනෙ දෙට බයවෙලා අසරණ ජීවිතම 4 ඉවරයි.

    ReplyDelete
  3. ඒ ගෑනු දරුවත් හරි එක්කෙනෙක් තමයි! ඈ ලියන්නාතුමනි ඔබතුමා මෝහිණී එහෙම දැකලා නැද්ද?

    ReplyDelete
  4. අයියත් කරගන්න එව්වා. ඕකට තියෙන එකම විසඳුම තමා පොඩි බේසමකට බැකප් වතුර ටිකක් පුරෝලා තියලා නාන එක...

    ReplyDelete
  5. මෙන්න භූතයෙක්... ගහපියව්.... :)

    ReplyDelete
  6. දුව බබාගේ හිනාව නම් කනට ටිකක් හුරුයිත් වගේ....:)

    ReplyDelete
  7. අනේ වෙනී මටත් ඔහොම වෙලා තියෙනවා. මම රහසක් කියන්නද? අර ප්‍රසන්න කිව්වා වගෙ මමත් බැක් අප් එකක් තියා ගන්නවා. කොහෙද දන්නවද? වොෂිං මැෂින් එකේ. උඹලා එකෙක්වත් වොෂිං මැෂින් එකකින් නාලා නැත්ද?
    henryblogwalker aka Dude.

    ReplyDelete
  8. ඔයින් ගියා ඉතින් මදෑ..නැත්නම් ඉතින් දැන් ග්‍රීස් යක්කු අල්ලන්න ගිහින් වෙනවා වගේ දේවල් වෙන්න තිබ්බා..

    ReplyDelete
  9. @ කකා - ඔයා මාව දැන් බය කරනවනෙ.. එහෙම උනා නම් එහෙම වෙන්න තිබුනු අති ශෝචනීය තත්වය මට නම් හිතා ගන්නවත් බැහැ
    @ වෙද ගෙදර - සම්පූර්ණ ඇත්ත.
    @ විසිතුරු - ඔහොම නෙවෙයි මේ දුවා මාව බයිට් කරන්න කරන්නෙ..හොඳට හිනා යන වැඩත් කරනව..එව්වත් ලියන්නම්කො.. මට ඒ වෙලාවෙ කටට ආපු වචනෙ තමයි කියල දැම්මෙ..

    ReplyDelete
  10. @ ප්‍රසන්න - ඒක තමයි.. මන් ඕක හිතුවෙ නැත්තෙ..මට කවදාවත් වතුර නැති වෙන්නෙ නැහැ..මොකද ස්ටොර් ටැන්කියක් තියෙනව..වතුර කපපු දවසටත් මට වතුර තියෙනව.. ඒ නිසා ඒක ගැන එච්චර හිතුවෙ නැහැ..
    @ සාතන් - සබන් භූතයන්ට ගහල වැඩක් නැහැ බන්z.. උන් ලිස්සල යනව..
    @ පොඩි - හප්පට සිරි..දැන ගත්තත් කමක් නැහැ කියන්න එහෙම එපා..මාව ඉවරයි..ඇත්තටම වෙච්ච සිද්ධි එහෙම මෙතන කමෙන්ට් වලට දැම්මොත් රෙදි ඇඳ ගෙන පාරෙ බැහැල යන්නත් බැරි වෙයි

    ReplyDelete
  11. @ ඩූඩ් - මට වොශින් මැශින් එකක් නැහැ.. එච්චර හෝදන්න ඇඬුම් නැති නිසා.. ගත්තෙ නැහැ.. පහු ගිය දව වලත් ඔෆිස් එකෙ සේල් එකක් තිබුනා..පහසු ගෙවීමට ගන්නත් තිබුනා..ඒත් පස්සෙ ඕනි නැහැ කියල නිකන් හිටිය
    @ චම්මා - ඒක නම් ඇත්ත.. ඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩි කියල කිව්වලුනෙ..

    ReplyDelete
  12. හිම වලහෙක් අඹුඩෙ ගහං ආව වගේ තියෙන්න ඇති නේද ????

    ප.ලි.
    තුවාය කැඩුනනං තමා කෙලිය බලන්න තිබුනේ

    ReplyDelete
  13. "බැකප් වතුර තබා ගැනීම"
    ඒකත් හොඳ සංකල්පයක්

    ReplyDelete
  14. ඔයින් ගියා මදෑ, කො‍හොමද වෙන වැඩක් කර කර ඉඳලා වතුර නැති උනානම් එහෙම ......

    ReplyDelete
  15. @ ඕනෙ - හිම වලස්සු සුදුයි..පට්ට කලු මන් සබන් වලින් සුදු වුනහම හිතා ගන්කො..
    @ ඔබ්සර්වර් අයියෙ - ඔය සංකල්පෙ හොඳයි කිව්වෙ නාන කොට විතරක්මද ???
    @ පංසල් - හප්පට සිරි ..එහෙනම් සොරි තමයි..

    ReplyDelete
  16. ලියන මහත්තයාටත් වෙන දේවල්... හෙ හී..

    ReplyDelete
  17. අලුත් විකාරයක් පටන් අරගෙන. ගෑනුන්ටත් මල සමයන්...
    මිනිහෙක් දැක්ක ගමන් මතක් වෙන්නෙ ග්‍රීස් යකෙක්.....
    ඔයා සබන් පිටින් එලියට ගියානම් ගහල මරනවා......

    ReplyDelete
  18. අර ගෑනු ලමය කෑ ගහපු සද්දෙට වෙනිගෙ තුවාය බිමට වැටුනනම් හපොයි දෙයියනේ වෙනිගෙ ලැජ්ජාව.

    ReplyDelete
  19. @ පැණි දොඩම් - ඔව් අප්පා මටමමයි වෙන්නෙ
    @ගිම්හානි - අනිවා ඩෙෆා ඒක නම් සුවර් !
    @රන්ජිත් - මම එක අතකින් තුවාය අල්ලගෙන හිටියෙ

    ReplyDelete