ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 19, 2011

සුරය



මේකත් ජී.එච් පෙරේරා මාවතෙ බෝඩිමේ ඉඳිද්දි උන සිද්ධියක්. කට්ටිය ඒකෙ ඉඳන් ෆන් ගත්තෙ කොහොමද කියල මතක් කරගන්න කියවපු නැති අය ආයිමත් කියවල එන්නකො..මෙහෙම නිදාගමු ලිපිය.


ඒ ගෙදර ඉස්සර කාමරෙ තමයි අනිත් උන් 3දෙනෙක් එක්ක යාසින් හිටියෙ. යාසින් කියන කාඩ් එක වැදුනෙත් උගෙ අත්සන ගහන්නෙ යාසින් කියල ඒ නිසයි. උගෙ කරේ හැම වෙලාවෙම සුරයක් එල්ලල තිබුන..අපි ඒකට බයිට් කරනකොට ඌ කිව්වෙ..
"මේකෙ මන් ඉන්නෙ භූතයො ටිකක් එක්ක කියල ගෙදර මිනිස්සු දන්නව.. ඒ නිසයි උන්ගෙන් බේරෙන්න මේක එල්ල ගෙන ඉන්නෙ"
"නෑ???? අපි හිතුවෙ උඹෙන් අපිව ආරක්ශා වෙන්න ඕනි නිසයි ඕක එල්ල ගෙන ඉන්නෙ කියලයි"
"උඹලගෙන් බේරෙන්න් ඕනි නම් මේක මෙතන නෙවෙයිනෙ එල්ල ගන්න ඕනි"

ඔහොම කියල ඔය සුරේට ගෝරි ගොඩයි නිකන් ඉන්න වෙලාවට.
කැම්පස් ඉන්න කොට ඉතින් කාගෙ උනත් මල ගෙයක් වෙනව කියන්නෙ හ්ම්ම්ම්ම්ම් ට්‍රිප් එකක් යන්න සෙට් උනා හා සමානයි . අවුරුද්දකට මෙහෙම මල ගෙවල් 10-15ක් අනිවා යනවාමයි. ගියහම ඉතින් ආපහු එන්නෙත් හත් දවසෙ දානයත් ඉවර වෙලා තමයි. ඉතින් අපිත් ඔය පොදු න්‍යාය පත්‍රයෙම තමයි හිටියෙ.


එක සැරයක් අපෙ වත්තල හිටපු බුවෙක්ගෙ ආ උගෙ නම එඩියා ආච්චි නැති වෙලා..ඒ කිව්වෙ මැරිලා.. අපිත් හවස හයට විතර මෙහෙන් පිටත් උනා.. ආච්චිලගෙ ගෙදර හැඳල කිව්වා.. අපේ සෙට් එක 6 දෙනාත් දැන් යනව..යාසින් ආච්චිලගෙ ගෙදරට යන පාර දන්නව කිව්ව නිසාත්දැන් කාලෙ වගෙ සෙල්ෆෝන් නැති නිසාත් දැන් කට්ටිය යනව සුදු කොඩි ගහල තියෙන දිහාවල් බල බලා ..
"ආ ඔය තියෙන්නෙ බැබලි බැබලි "
යාසින් වීරය වගෙ ඉස්සර උනා. ගෙදර හමෝම දුකින් ඉන්නව.. අපිත් ගිහින් ආචාර සමාචාර කරල මිනිය ලඟට ගියා.. හුටා.. මේ ආච්චියෙක්යැ.. තරුන හාදයෙක්නෙ මැරිල තියෙන්නෙ..වැරදි මල ගෙයකටනෙ ඇවිත් ඉන්නෙ.මොනව කරන්නද කියල හිත හිතා එලියට එනකොටම කූල් ඩ්‍රින්ක් එකකුත් ලැබුනා. වැඩිහිට්යො දෙන්නෙක් ඒ මැරිල හිටිය හාදයගෙතාත්තයි අයියයි ඇවිත්
 "මේ පුතාල අපෙ පුතාගෙ ක්ලාස් එකේද උන්නෙ? දැකල පුරුදු නම් නැහැ?"

මොනව කරන්නද ඉතින් අපි ඇත්තම විස්තරෙ කිව්ව..

"ආ ඔය කියන මල ගෙදර තියෙන්නෙ තව කිලෝමීටරයක් විතර එහා.. ඉන්න පුතාලා ගෙනාපු පාර්සලේ දෙනකම්"

අපි මල ගෙදර ගෙනියන්න ගත්ත මාරි පෙට්ටිය ආපහු දෙන්න හදනව. අපි ඒක ගත්තෙ නැහැ..මොන හිතකින් ගන්නද?

වෙච්ච වැඩේට යාසින්ට බැන බැන.. තව කිලෝමීටරයක් .. කිව්වට අපිට දැනුනෙ කිලෝමීටර් 5ක් විතර.. රෑ කලුවරේ යනකොට තමයි අපිට නියම මල ගෙදර හම්බ උනේ.. ඒ ගිහිල්ලත් ටික වෙලාවකට පස්සෙ තමයි අපෙ බුවා ආවෙ..ඊලඟ දවසෙ මල ගෙදර අවසන් කටයුතු ඉවර උනහම.. එඩියගෙ ගෙදරත් ගිහිල්ල අපි ආයෙමත් ආවා බෝඩිමට.. එතකොට හවස හය හමාරට විතර ඇති.

එනකොට

ගෙදර මොනවද ශාන්තිකර්මයක් කරනව..ඒක අපිට එච්චර අරුමයක් නෙවෙයි.. බෝඩිමේඇන්ටි හරියට ඔය ගුප්ත දේවල් ගැන විශ්වාශ කරනව. සතියකට කීප වතාවක්ම ගෙදරට එන කට්ටඩියෙක් හිටිය..ඇන්ටිගෙන් ගාන කපා ගන්නව එක එක දේවල් කියල. අපි ඇන්ටි එක්ක ඒක ගැන කතා කලත් ඇන්ටිගෙ අන්ධ විශ්වාසය නැති කරන්න බැරි නිසා.. නොකර සද්ද හිටිය ඔය ගැන... අපිට ගෙට එන්න දුන්නෙත් දෙහි ගාලා නෑවට පස්සෙයි.. ඊට පස්සෙ අපිත් ගිහින් බැලුව මොකද්ද සීන් එක කියල.

"බලන්න පුතේ අල්ලපු ගෙදර උන හූනියමක් තියල ගිහින් .. ඒක කප්පවන්නයි යන්නෙ.."

තක්කඩ්යා.. වැරදුනා කට්ටඩියා ගෝලයත් එක්ක.. යමරෙට වැඩ ..මෙදාපාර නම් ලොකු ගුස්පියක් අල්ලයි වගෙයි.. ඇන්ටිත් එක්ක ඔය අල්ලපු වැටේ ඉන්න ජෝඩුව හැමදාම කචල් .. වැට මායිමකට සහ ඒ ගොල්ලන්ගෙ වත්තෙ බැහැල යන වතුර හරවල තියෙන්නෙ ඇන්ටිගෙ කුස්සියටමයි.. වැස්ස දවසට කුස්සියට වතුර දමනව.
"ඉතින් ඇන්ටි කොහෙද ඔය හූනියම තිබ්බෙ?කොහොමද දැක්කෙ ?"
අපේ එකෙක් ඇහුවා..

"අනේ පුතේ මම ඊයෙ පොලට ගියා. හවස මල් පුජා කරන්න යනකොට මෙන්න මගෙ බුදු ගේ ඇතුලෙම තියල ගිහින් අර පරට්ටි තමයි ඕක කරන්න ඇත්තෙ"

ඇන්ටි අල්ලපු ගෙදර අක්කගෙ මව් පිය ගුණ වරුනා කරනව.. ඔය අව් අස්සෙ අපෙ යාසින් බොහොම කලබල වෙලා කාමරේට දුවනව අපි දැක්ක. අපිත් දැන් ඇන්ටිගෙ අතීතාවර්ජනය අහන් ඉන්න අතරෙ යාසින් අපිට එන්න කියල බොහෝම සැරෙන් සංඥා දෙනවඇන්ටිගෙ කතාවෙ සැර බාල වෙන්න ඇරල.. අපිත් කාමරේට රින්ගුවා.. මොකෝ යසින් ට උනෙ කියල බලන්න..

"ඇයි බන් හූනියම කපන්නත් ඉස්සෙල්ල උඹට මොකාද ආවේශ උනෙ?"
"අඩෝ මාර කෙලියනෙ,  මන් මල ගෙදර යන්න ඉස්සෙල්ල මගෙ බෙල්ලෙ බැඳල තිබ්බ සුරය ගලවල තිබ්බ ඇන්ටිගෙ බුදු ගේ ඇතුලෙ. දැන් ඒක නැහැ"

අපිට මුලු කතාවම මීටර් උනා එක සැරේටම. ඇන්ටි හූනියම කියල දැකල තියෙන්නෙ එහෙනම් යාසින්ගෙ සුරේ තමයි..ඒක සැක හැර දැන ගන්න ඕනි නිසා මමයි ලකියයි ගිහින් කට්ටඩි ගෝලයට කිට්ටු කරල භාශාව දමල ඇහුව
 "කෝ ගුරුන්නාන්සෙ දැන් ඔය කියන හූනියම අපිට පොඩ්ඩක් පෙන්නනකො.. අපි දැකලම නැහැ හූනියමක් මේ වෙනකම්"

තිබ්බ ගෝලයව මුරුන්ග අත්තෙ.. ගෝලයට ගුරුන්නාන්සෙ කිව්ව නිසාම මේක පෙන්නපි රතු පාට රෙදි කෑල්ලකින් ඔතල මොනවද මන්ද නූල් ඔතපු යාසියගෙ සුරය..
"එතකොට දැන් ගුරුන්නාන්සෙ මොකද්ද කරන්නෙ යන්නෙ මේකට?"

එතකොට මේක ඇහිච්ච මහ ගුරූ එනව අපි ලඟට ඇස් කර කව කවා
"වෙන මොනව කරනවද මහත්තයො.. හූනියම කපල ආපහු යවනව එවපු එකාව හැඳි ගෑවිලම යන්න"

අපි ආපහු කාමරේට ආවා..අරුන් අපි දිහා බලාගෙන
"ඒක බොගෙ සුරය තමයි .. අන්න ගුරා ඒක කපන්න යන්නෙ"


"මන් ගිහින් කියනව" යාසින් නැගිට්ට

"බූරුව උඹට ඕක කියන්න තිබ්බෙ මල ගෙදර යන්න ඉස්සෙල්ලනෙ ඇන්ටිට.. දැන් කිව්වොත් .. අර ගුරූල දෙන්නගෙ බිස්නස් එක ඉවරයි.. උන් දෙන්න ගෙනාපු දුම්මල ගහල එලවන්නෙ අපි සෙට් එකව තමයි.. බලපන් ලබන මාසෙ එක්සෑම්. ඒක ඉවර වෙනකම් වත් ඉන්න ඕනි නේද මෙහෙ?"

"දැන් මන් සුරේ ගැන මොනවද ගෙදරට කියන්නෙ"

යාසියා අඬනව.

"ඒක ඇත්තටම කපයිද"

"ගෙදරට කියහන් නැති උනා කියල"

බොහෝම අමාරුවෙන් එහෙම එකඟතාවයකට යාසින්ව අර ගත්ත අපි ..

හිනා තද කරගෙන එකා එකාගෙ මූන බල බලා.. හූනියම කපන හැටි බලා හිටිය.. යාසියා හැබැයි බොහෝම දුකෙන් තමයි බලා හිටියෙ..

"රුපියල් හයසීයක්ම ගියා පුතේ ඒ වැඩේට"
පහුවෙනිද ඇන්ටි අපිට කිව්ව.. අපි සෙට් එක අන්තිමේ බෝඩිමෙන් යනකොට අපේ මාසෙක තිබ්බ ඩිපොසිට් සල්ලි ගත්තෙ නැහැ.. ඇන්ටිගෙ ඔය මුදලට හරි යන්න කියල..ඒත් ඇන්ටි දන්නෙ නැහැ.. ඇත්ත කතාව.

17 comments:

  1. හූනියම කපල ඉවර වුනහම ටෝක් කරල කට්ටඩියගෙන් සුරේ ඉල්ලගන්නනෙ තිබුනෙ...

    ReplyDelete
  2. හෆොයි මාර සීන් එකනේ.ඒක නෙමේයි අර යොදයා ආයි සුර දෑම්මේ නෑද්ද....

    ReplyDelete
  3. අපරාදෙ,, ඇත්ත කියන්නයි තිබුණෙ

    ReplyDelete
  4. @ සාතන් - හූනියම කැපුවට පස්සෙ ඒ සුරයට මොකද කලේ කියල හොයන්න ගියේ නැහැ. ඇත්ත සීන් එක මාට්ටු වෙයි කියල
    @ අසංක - ඊලඟ සතියෙම ඉඳන් ආයිමත් එකක් දමන් ආවා..
    @ පිණි - එහෙම කිව්ව නම් අපිට වෙන බෝඩිමක් හොයා ගන්න වෙනව..කැම්පස් එකට ලඟ ඒ වගෙ නිදහස් බෝඩිමක් අත හරින්න අපි බය උනා

    ReplyDelete
  5. හප්පේ.තක්කඩියන්ගෙ කට්ටඩි වැඩ නේද?හික් හික්.

    ReplyDelete
  6. ඒ කාලේ ෆොර්න් තිබ්බෙ නෑ කියන්නෙ අය්ය කැම්පස් ගියෙ කොයි කාලේ වගේද? :O

    ReplyDelete
  7. @ සිතුවම් - ඔව් .. ඒ කට්ටඩිය අනිවා අඳුරා ගන්න ඇති ඒක හූනියමක් නෙවෙයි.. කවුරුහරි පාවිච්චි කරන සුරයක් කියල..ඒත් ඇන්ටිව ඇන්ඳුවා

    @ නදී - ෆෝන් නැති කාලෙ කිව්වට.. සෙල්ෆෝන් තිබුනා අර ගඩොල් භාග සයිස් එව්ව රු.60,000 යි ගනන..1993-97 කාලෙ තමයි. 90 උ.පෙ ලියලා අවු. 3ක් ගෙදර හිටිය..කැම්පස් වහල තිබ්බ්නෙ 88-89 කාලෙ..

    ReplyDelete
  8. වෙනී අයියා කැම්පස් ගියේ 77ත් කලින්ලුනේ.....

    ReplyDelete
  9. ඉතිං වෙනී සුරේ වතුරෙ දැම්මද ???

    ReplyDelete
  10. @ පිසාචය. - 77ට කලින් මන් ගෙදර බන්z හිටියෙ..
    @ ඕනෙ - මන් අහල කියන්නම්..

    ReplyDelete
  11. ආහ්...ඔයා 90ද ඒ ලෙවල් කරේ එතකොට මම් 1 වසරේ :)

    ReplyDelete
  12. ඔව් දුවේ..මන් උපෙල කලෙ 90 දි තමයි..

    ReplyDelete
  13. සුර දැමිල්ලත් හුනියම වගේම සල්ලි ගැරිල්ලක් තමයි..

    ReplyDelete
  14. ෂික් බන්.. මම බලාගෙන ගියා දැන් කියයි.. දැන් කියයි.. කියල.
    තක්තඩින්ට දෙන්න තිබ්බා මරු ගේමක්. හොඳ වෙලාවට මං වගේ එකෙක් ඉඳල නෑ උඹල එක්ක.

    ReplyDelete
  15. @ ලංකා - ඔව් ලංකා අනිවා නියම ගැරිල්ලක්.. අන්ඳනව නියමෙට..අහුවෙනව නියමෙට
    @ පැණි - අපිත් බයේ හිටියෙ උඹ වගෙ එකෙක් ඉඳල කියයි කියල.. කිව්වනම් අනිවා ඊලඟ දවසෙ වෙන බෝඩිමක.. ඔය බෝඩිමෙ තියෙන නිදහස, පහසුකම් සහ ගාන අඩු නිසා හැමෝම එන්න ට්‍රයි කලා.. ඇන්ටි ගත්තෙත්.. ඉස්සෙල්ල හොඳට හිටපු උන්ගෙ රෙකමදාරුව එක්ක තමයි..ඊටත් වඩා අල්ලපු වැටේ බෝඩිම ගෑනු දරුවන්ගෙන් පිරිලා..

    ReplyDelete
  16. දැන් අපි නදීගෙ වයස නං දන්නව

    ReplyDelete
  17. මමත් කියන්නෙ කට්ටඩියාගෙ ප්‍රෝඩාව එලිදරව් කරන්න තිබ්බෙ. මමත් හරි ආසම genre එකක් තමයි බෝඩිං කතා.

    ReplyDelete