ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, August 15, 2011

වැටීම සහ නැගිටීම

ඉවසන් හිටපු අයට බොහෝම ස්තූතියි. දැන් තමයි නිවාඩු පාඩු වෙලාවක් ආවෙ මේ කතාව කියන්න.. ප්‍රධාන කතාවට අදාලව අතුරු කතා කිහිපයක්ම තියෙනව. නැත්නම් මේ කතාව පැහැදිලි කම පොඩ්ඩක් අඩු වෙනව.

මුලින්ම කියන්න ඕනි, මේක දේශපාලනයට සම්බන්ධ කතාවක් නෙවෙයි..මේකත් මටම වුන සිදුවීමක්. සිද්ධ උනෙ පහුගිය සෙනසුරදා (13) . දවසකට දෙකකට උඩදි හම්බ උනු සඳා නන්ගිත් ඇහුව මෙහෙම..

"ඇයි අයිය සේරම කතා අතීතයෙන්ම අදින්නෙ ඊයෙ පෙරේද වගෙ වෙච්ච දේවල් නැද්ද හැබෑටම ?"

"නැහැ නන්ගි.. ඒ කාලෙ කාපු කටු වල හැටියට දැන් හොඳටම තෙම්පරාදු වෙලා නිසා .. ඒ වගෙ එව්ව වෙන්නෙ නැහැ දැන්"

"අනේ යන්න බොරු නොකියා..එතකොට අර පහු ගිය ට්‍රිප් එක ගිහින්.."

ඒක එච්චර දෙයක් නෙවෙයිනෙ

එච්චර දෙයක් නොවෙන්නෙ මොකද? මන් ඒ කතාව දමන්නද කමෙන්ට් එකක් හැටියට

ඉන්න ඉන්න මන් ඉක්මනටම ඒ කතාව මමම දමන්නම්

හා

ඉතින් මේ පහු ගිය කාලෙ වෙච්ච සිදුවීමක් ලියන්න ඕනි කිය කිය හිටි වෙලාවක..

මගෙ බාත් රූම් එකේ එක පැත්තකින් තීරුවක්ම ස්වභාව දර්මයට විවෘතයි..හොඳ වෙලාවට ඒ තීරුව වහල එක්කමයි තියෙන්නෙ. මගෙ ඇනෙක්ස් එක තියෙන්න ටිකක් උඩ ප්‍රදේශයක..පහල තියෙන අනිත් ගෙවල් අඩි 15ක් තරම් පහලින් තියෙන්නෙ.. ඔය පින්තූරෙන් පෙනෙන්නෙ මගෙ බාත් රූම් එකට පෙනෙන දර්ශනයක්..පහල වත්තක් තියෙන්නෙ..පොල් , පුවක් , අඹ, ගස් වලින් පිරිල. අයිතිකාරයන්ගෙ ගෙවල් තියෙන්නෙ පොඩ්ඩක් එහා.. ඒ නිසා දවල් වරුවෙම හොරු, කුඩු කාරයො ඔය වත්ත සූරන් කනව



මම ඉන්නෙ උඩ සහ මගෙ බාත් රූම් එකෙන් ඔය එලි පහලිය බලන්න පුලුවන් නිසා සේරම ටික මට පෙනෙනව..මමත් බලා ඉඳල.. පොඩි ෆන් එකක් ගන්නව..ඒ කොහොමද ෆන් එකක් ගන්නෙ?

මගෙ බාත් රූම් එක පලල අඩු දිගින් වැඩි බාත් රූම් එකක්.. ශවර් එක සහ සින්ක් එක තියෙන්නෙ එක කෑල්ලක..ඊට උඩ මට්ටමෙන් අනිත් ගජට් ටික තියෙන්නෙ..ඔය පොටෝ එකෙ තියෙන්නෙ මගෙ කතාවට අදාල කොටස. ඉතින් සෙනසුරදා පෝය නිසා නිවාඩු. මම උදෙන්ම රෙදි සෝදන්න පටන් ගත්ත



රෙදි ටික භාගයක් හෝදන කොට මට ඇහෙනව සද්දයක් පහල වත්තෙ.. මම රෙදි ටික එහෙමම තියෙද්දි බැලුව .. හෆ්ෆා..ඉස්කෝලෙ නිවාඩු නිසා කොල්ලො 4 දෙනෙක් සෙට් වෙලා.. ගහෙ තියෙන කුරුම්බා වලට වැඩේ දෙන්න යන්නෙ.. උන්ට ගස් නගින්න බැරි සෙට් එකක් සුවර් එකටම.. අල්ලපු වත්තෙන් ඉනිමගකුත් අරන් ඇවිත්.. මන් බලා හිටිය
, දෙන්නෙක් ගහ මුල.. එකෙක් ඔත්තු බලනව.. අනිකා නැග්ග ගහ උඩට.. කුරුම්බ ගෙඩියට අත තියන්කොටම මන්

"ඒයි ඒයි ඔය මොනව්ද කරන්නෙ?" කියල මන් කෑ ගැහුවා..

ගහ උඩ එකා ටුක් ගාල බැස්ස.. දෙන්නෙක් ඉනිමග උස්ස ගත්ත..4 දෙනාම දිව්ව උන්ගෙ තාප්පෙ ලඟට.. මන් දැන් ආයි බලා ඉන්නව. මුන් සෙට් එක හතර අතෙ හොයනව..කවුද කෑ ගැහුවෙ.. දැන් එයි දැන් එයි කියල.. ම්ම්ම්හ්හ්හ්.. උන්ට මෙලෝ සම්මත ජාතියකට මාව පෙනෙන්නෙ නැහැ..විනාඩි 10ක් විතර බලා ඉඳල මේන්න සෙට් එක ආයිමත් ගහමුල..මන් බලා හිටිය ගහට නගිනකම්ම..

නැගල කුරුම්බෙයක් කරකවනකොටම..ආයිමත් ආවද වේ..
!@#$$%%^^^& කියල කුනුහරුප ගොන්නක් ඇද බෑව

මේ පාරනම් බය වෙච්ච සෙට් එක.. ඉනිමගත් අරන්ම තාප්පෙන් අනිත් පැත්තට පැනල යන්නම ගියා.. මට තනියෙන් හිනා..

විනාඩි 20ක් විතර ඒ ජෝගිය නටල.. මට මතක් උනා යාලුවෙක් කෝල් කරන්නම් කිව්ව කියල.. ෆෝන් එකත් බාත් රූම් එකටම ගෙනත් ආයිමත් රෙදි හෝදන වැඩේ කරන්නම් කියල හිතපු මම .. අර ස්ටෙප් එකක් වගෙ තියෙන මම හිටපු උඩ කෑල්ලෙ ඉඳල රෙදි හෝදන පහල කෑල්ලට අඩිය තිබ්බ
අප්පට සිරි.. තිබ්බ කකුල ලිස්සල ගියා.. වැටෙන එකෙන් බේරෙන්න අනිත් කකුල පහලට අරන් තිබ්බ ..ඒ කකුලත් ලිස්සල ගියා..මේ පොඩි ඉඩේ අල්ලා ගන්න එකකුත් නැහැ..ඇඟේම සමබරතාවය නැති උනා.. ඇනුනෙ නැද්ද පස්ස පැත්ත බිම ඩොක් ගාල..විනාඩියක් හිටිය හෙල්ලෙන්නෙත් නැතුව..තුනටියට නම් මොකක් හරි උනා..මුලින් තිබ්බ කකුලෙ ඇඟිලි ටික ගිහින් වැදුනෙ දොර ලඟ තියෙන සිමෙන්තියෙ අත බිම හිටිය තැනත් අප්සට්.. පොඩ්ඩක් වෙලා ඉඳල නැගිට්ට.. තුනටිය , කකුලෙ ඇඟිලි සහ අත රිදෙනව..කැඩිල බිඳිල නම් නැහැ වගෙයි..වැටුනෙ කොහොමද කියල බලද්දි තමයි මගෙ ඇඟ හිරි වැටුනෙ..දෙයියනේ පුදුම ලක් එකක් තිබුනෙ..මේ පටු තීරුවෙ ලිස්සල වැටෙද්දි.. රෙදි බේසමේ හරි.. සින්ක එකේ හරි නොවැදි කෙලින්ම ලිස්සල වැටෙන්න.. ඔය දෙකෙන් එකක හරි පැටලුනානම්.. සොරිම තමයි..එහෙම නම් සින්ක් එක කැඩිල මාව හොඳටම තුවාල වෙන්න තිබුනා.. ලිස්සල නොවැටුනානම් තමයි පුදුමෙ.. මට අමතක උනා මම රෙදි හෝද හෝද ඉන්නකොට වැටිච්ච සබන් පෙන උඩ තමයි මම අඩිය තියල තියෙන්නෙ.. කොහොමද මගේ නොසැලකිල්ලක තරම.. වැඩේ නවත්තල මම කොර ගහ ගහ ඇවිත් චෙක් කලා.. හරියට රිදෙන්නෙ තුනටිය තමයි.. අර බිම වැදුනු පාර.. තැල්ම වගෙයි..කකුලයි අතයි නම් එච්චර අවුලක් නැහැ..

ප්‍රථිපලය තමයි.. ඉරිද, සඳුද.. දවස් දෙකම ගෙදර ඉන්න වෙච්ච් එක..තවමත් ඉඳ ගන්නකොට රිදෙනව..අන්තිමේ දැන් කල්පනා කරල බලනකොට.. මට තේරෙන්නෙ..

මීට පස්සෙනම්..හොරා කාලා හරි ගන්න යන අනුන්ගෙ සැපතට බාදා කරන්නෙ නැහැ..කියල.. එතකොට ෆන් එක ???

එක්කො.. රෙදි හෝදන කොට විතරක් පහල වත්තෙ හොරුන්ට මම කරදර කරල ෆන් ගන්නෙ නැහැ කියල මටම දිවුරල පොරොන්දු උනා.. මේ සිද්ධිය කියවන අය පල්ල.. ඒ පොරොන්දුව නම් කඩන්නෙ නැහැ.

මේ කතාවට පෙර සූදානමක් විදියට ගත්ත පෝස්ට් එකේ මන් ඉඟියක් දුන්න මේ දේශපාලනය ගැන කතාවක්ද කියල.. අනේ අප්පෙ.. මගෙ දේශපාලන මති මතාන්තර නම් කෙලින්ම කතා කෙරෙන එකක්ම නැහැ.. දැන් අවුරුදු 10කට විතර උඩදි මට තේරුනෙ.. එකිනෙකාගෙ විවිධ දේශපාලන මත තිබීම සහ එව්ව කතා කිරීම නිසා මට අහිමි වෙච්ච (ඒ දේශපාලන මතයන් අයින් කලහම ඉන්න ) සොඳුරු මිනිස්සු ගොන්න..නිසා.. දේශපාලනය ඔහෙ තිබුනාවෙ.. අපි අපේ සොඳුරු ලෝකෙ ඉමු..

23 comments:

  1. හොඳ වැඩේ අර පොඩි කොල්ලන්ගෙ ෆන් එක කාබාසිනිය කලාට.. :D

    jokes apart ... බාත් රූම් අනතුරු අතිශය දරුණු විය හැකියි... ඔබ කිව්ව වගේ ඒ ලිස්සල වැටෙන වේගය කොයි තරම්ද කියන්න බෑ... පරිස්සම් වෙන්න..

    // දේශපාලනය ඔහෙ තිබුනාවෙ.. අපි අපේ සොඳුරු ලෝකෙ ඉමු..//

    100% ක් එකඟයි...

    ReplyDelete
  2. ඔව් සපතේරු අර පොඩි උන් බය කරපු එක තමයි මට ඒවෙලාවෙම පල දුන්නෙ..
    බාත් රූම් අනතුරු ගැන ඔබ කිව්ව එක හරි..මගෙ යාලුවෙක්ගෙ තාත්ත වැටුන, ඔලුව වැදුන කොමඩ් එකේ..සුෂුම්නාව ඩැමේජ් වෙලා මැරුනා..

    ReplyDelete
  3. මටත් හිතුනා මේ පැත්තෙ රවුමක් ගහලා යන්න..
    අනුන්ගේ සැපතට ඊරිසියා කරන්න එපා කියන්නේ ඕක තමයි.
    මීට පස්සේ දැක්කොත් අහක බලාගෙන යන්න හොදේ...

    ReplyDelete
  4. ඇත්තටම ඇයි ඒ පොඩි උන්ට කුරුම්බයක් කන්න නොදුන්නේ. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියයන්නේ ඕවට තමා...!

    ReplyDelete
  5. පව් අර පොඩි උන්ට කුරුම්බයක් කඩාගන්න දුන්නෙ නෑනෙ... ඇත්තට අයිය හොර කුරුම්බ බීලම නැද්ද?... ;)

    ReplyDelete
  6. යකෝ . . . ඔය කොල්ලො වගේ දුවන . . . පනින . . . . වැටෙන . . . වයසක් ද ??? නාකි දනගානවදෝ කියලත් වෙලාවකට හිතෙනව . . . . ඒ උනාට පරිස්සමෙං බොල . . . ඔය දඟලන්න ගිහිල්ල වැටිල හෝස් පයිප්පයක් වත් පිපිරුවොත් . . . . උඹේ මොඩල් එකේ පාට්ස් දැං කොම්පැනියෙ ගහන්නෙත් නෑ . . . . .

    ප.ලි.
    මගෙ බැල්කනියෙ වගේ උඹේ බාත් රූම් එකේ විවු එක මදි බං අයියෙ . . .

    ප.ප.ලි.
    රන්ජ මොකුත් කීවෙ නැද්ද ලබන 19 වෙනිද ගැන ???

    ReplyDelete
  7. @ගිම්හානි - අපොයි දැන් නම් එ ගස් වල කුරුම්බා ඇට්ටිවත් නැහැ . සේරම කාලා..
    @ චතුරංග - අනිවා ඒකම තමයි පල දුන්නෙ
    @ සාතන් - ඒ වත්තෙ කුරුම්බා ඉවර උනහම පනින්නෙ මන් ඉන්න වත්තටනෙ මල්ලි.. අත්දැකීමෙන් කියන්නෙ..ගමේ හොර කුරුම්බා කඩපු අත්දැකීමෙන් තමයි..තව මොන කතාද?

    ReplyDelete
  8. හොඳ වැඩේ... අහිංසක ෆන් එක කඩාකප්පල් කෙරුවට...

    ReplyDelete
  9. @ ඕනය - මන් එච්චර වයස නැහැ බොල..හුහ්.. තාම කොල්ල වගේ..වගේ කිව්වට කොල්ලම තමයි..
    ඔයිට එහා විවෘත උනා නම් මම වසල හමාරයි.. මේ සෙට් එකම කූඹි කැලේ මරුවො ටිකක්..සුවර්.. මගදි අදිනව දැලි පිහි පාර..
    රංජි තාම කිව්වෙ නැහැ..19 ද දැන් එතකොට ?

    ReplyDelete
  10. කොල්ලනේ දැන් පලයල්ලා. මේක තමයි උඹලගෙ වෙලාව.
    .....
    මොනව වුණත් ඔයින් ගියා මදැයි. තව නූලක් එහා මෙහා වුණා නම් භයානක දෙයක් වුණත් වෙන්න තිබ්බනේ...

    ReplyDelete
  11. @ ප්‍රසන්න - මන් පවු නැද්ද බන්z?
    @ නුවන්- දැන් වැඩිය උස නැති ගස් වල කුරුම්බ ඇට්ටියක්වත් නැහැ. නූලෙන් තමයි බේරුනෙ..ලක් එකට..

    ReplyDelete
  12. හිහ් අර කොල්ලො ටික බයවෙන්න ඇති හොදටම.
    අප්පේ මදැයි ඔයින් ගියා.මේ ලගදී අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් බාත් රූම් එකේදී වැටිලා දැන් තාම ඉන්නෙ අයිසීයූ එකේ,එයාගෙ බාබත් නැතුවුනා.පරිස්සමෙන් කොන්ද නොකැඩී බේරුනා මදෑ.

    මේ අර බාත් රූම් එකේ හැරෙන්න වත් ඉඩක් කඩක් නෑනේ.මරු වොශ් රූම් එක. :))

    ReplyDelete
  13. ඔය වැටෙන වෙලාවෙ මුකුත් ඇඳගෙනද හිටියෙ, ෆැමිලි ජුවෙල්ස් වලට එහෙම ආපදාවක් නැහැ නේද?

    ReplyDelete
  14. @ නදී - ඔව් , ඒකම තමයි මන් හිතන්නෙ..මන් වැටුන උනත් ලක් එක හොඳයි කියල..ඔව් අප්පා..හැරෙන්නවත් ඉඩ නැහැ..මම අර හතරයි හයෙ පොරක් නෙවෙයි නිසා..ශේප්..

    ReplyDelete
  15. @ඔබ්සර්වර් - ඒ වෙලාවෙ සරමක් ඇඳගෙනයි හිටියෙ..හැබෑවටම එහෙම අනතුරක් වෙන්නත් ඉඩ තිබ්බ තමයි.. ලක් එක හොඳයි..ඒ ටිකත් පරිස්සම් උනා..

    ReplyDelete
  16. ඔය විදියට බේරුනා හොඳටම ඇති. ඒ උනාට ඉතින් ඔය වැටුනා වගේද අරුන් භය වෙලා දුවන හැටි දැක්කම.හික්ස්

    අපේ ගමේ වත්තේ නම් ඔය වගේ දේවල් වලට අවසර දීලමයි තියෙන්නේ. හරියට අපි හොරු අනිත් හොරු අයිතිකාරයෝ වගේ...

    ReplyDelete
  17. ඔව් ඒ හිනාව ලඟම වේදනාව තිබුනා..ඔය වත්ත අයිති අයිය එක්ක මන් කිව්ව මේ සිද්ධි..ඒ ගොල්ලොත් දන්නව..ගෙදර ඉන්නෙ වයසක අම්මයි, තාත්තයි විතරයි.එයාලට කියල තියෙන්නෙ දවල්ට මොනව උනත් දොර ඇරල එලියට එන්න එපා කියලයි..කුඩු කාරයො විශ්වාස නැහැනෙ..

    ReplyDelete
  18. සෝයි පාඩම ආතල් කුඩු කරනවට.කුරුම්බයක් දෙකකට වග කියනකම් ඉදලා එපෑයැ ආතල් කඩන්න.
    අම්මපල්ල කොල්ලෙකුට හොරෙන් කුරුම්බයක් බොන්න දෙන්නැති හැටි මේ මිනිස්සු.
    හෙ හෙ මරුම කෑල්ල කියන්නෙ ඒක යකාගෙ හොරෙන් කුරුම්බා බෑමක් නොවැ ඉනිමඟක් අරන් ආවයි කියන්නෙ.ඔය මමනම් ඇහුවමයි.

    ReplyDelete
  19. ඔව් සිතුවම්, හිටින්කෝ ඊලඟ දවසෙ මන් සද්ද නැතුව ඉඳල ෆොටෝ කෑලි ටිකක් ගහල මේකෙ දමන්නම්කෝ..මේ කූඹිකැලේ ඒරියා එකනෙ..කුඩ්ඩො ඉන්නව.. හුස්ම ගන්නෙත් අමාරුවෙන්..මගදි හම්බ උනහම "මහත්තයා..බෙහෙත් ගන්න රු.50ක් දෙන්න, හෙට හවස දෙන්නම්" කියනව..දුන්නොත් ආයි ආපහු සල්ලි හම්බ වෙන්නෙ නැහැ. නොදුන්නොත් "හු!@#$%^&*&^^%% කියල බැන බැන යනව"

    ReplyDelete
  20. @ඔබ්සර්වර්:
    හික් හික් . . . ශින්න පෝල අයියා . . . .ශින්න පෝල . . . .

    ReplyDelete
  21. අනුන්ගේ සැපතට බාධා කිරීමේ විපාක..

    ReplyDelete
  22. අය්යෝ .. මමත් කොල්ල කාලේ ඔය ජොලියට කුරුම්බා කලා තියෙනවා. හොඳ දඬුවම අනුන්ගේ වතුවල පොල්ගස් රකින්න ගියාට !

    ReplyDelete
  23. @ ඕනයා,
    කොහෙද බොල මේ දවස් වල හැංගිලා ඉන්නෙ?

    ReplyDelete