ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, August 10, 2011

ඇඟිල්ලෙන් ඇන්නහම

දැන් අපි සෙට් එකම සුනිල්ට ඇඟිල්ලෙන් ඇනීමේ අයහපත් ප්‍රථිපල මත ඉන්නව බොරලු ගොඩේ දන ගහ ගෙනමගෙ මතකෙ විදියට.. 20 ගනනක් හිටිය.. ආර්ට් ක්ලාස් එකෙයි කොමර්ස් ක්ලාස් එකෙයි තව සා.පෙ කරන බුවාලා 2-3ක් දෙනෙකුත් හිටිය. සුනිල් විතරයි අපේ ක්ලාස් දෙකෙන්ම මේ පීරියඩ් දෙකේ පංතියෙ ඉන්නෙ.. එසෙම්බ්ලි එක ඉවර වෙලා .. දැන් සේරම කට්ටිය යනව පෙරහැරේ තම තමන්ගෙ පන්තිවලට.. අපි දිහාවෙ බලන්නෙ.. හරියට කවදාවත් දැකපු නැති සත්තු ටිකක් දිහා බලන විදියට.. අපි මේ වෙනකොටත් කැන්ටිමේදි තග දමල උන්ගෙ සල්ලි වලින් තේ බීපු ඇටිකිති කොල්ලො .. තව නැවතිලාත් බලල යනව නෝන්ඩියට..

අද අහන්නම්
.. හෙට අහන්නම් කිය කියා කල් දමපු එව්ව .. සදහටම ඉවරයි..කීප දෙනෙක්ම ඒ ගැන හිත හිතා හූල්ලනව..අපි දන ගහගෙන ඉන්න තැන පැත්තකින් තමයි.. අපේ ප්‍රින්සිබල්ගෙ රූම් එකයි, විනය සර්ගෙ රූම් එකයි දෙකම.. ඒ හින්ද අපි හෙල උනත් වැඩේ මාට්ටු.. මුල් විනාඩි 10 අවුලක් නැහැ හිටිය.. දැන් ටික ටික දනිස්ස සහ කකුල් වල ඇඟිලි රිදෙනව..බොරලු පොලවෙ ඉස්සෙල්ල දැනුනෙ නැති බොරලු කැට දැන් තමයි දැනෙන්නෙ.. මන් හොඳ වෙලාවට දන ගහල තියෙන තැන ලඟින්ම පොඩි තණකොල පඳුරු ටිකක්.. ශේප් එකේ මම ඒක උඩට ආවා..ටිකක් සනීපයි

අපේ එකෙකුටවත් විනාඩි 10ක් දඟලන්නෙ නැතුව ඉන්න බැරි ලෙඩක් තිබ්බෙ.. ඒත් දැන්..එක එකා කොහොමහරි තම තමන්ට ටිකක් පහසු වෙන ඉරියව්වලට ආව..

"මචන් ආයිනම් සුනිල්ට කවුරුවත් මොනවවත් කරනව එහෙම නෙවෙයි"

"මොනව කලත් කමක් නැහැ ඇඟිල්ලෙන් අනින්නෙ නැතුව"

"ඈ බන්z ඇයි ඌට විතරක් ඇඟිල්ලෙන් අනින කොට හුක් ගාන්නෙ?අපිට ඇනපන්කො මීක් ගාන්නෙවත් නැහැ"

"කවුද බන්z දන්නෙ?"

"ඕක ආරෙට එන එකක්ලු "
"ආරෙ අයියගෙන්ද එතකොට මූට මේක බෝ වෙලා තියෙන්නෙ"

සුනිල්ගෙ ගෙවල් ලඟ හිටිය පවුලක් ඒ ගොල්ලන්ගෙ වාසගම ආර්
.. හැමෝම කිව්වෙ ආරෙ අයිය, ආරෙ අක්කා, ආරෙ නන්ගි කියල තමයි ඒ ගොල්ලන්ට..

"යකෝ ආරෙ කිව්වෙ පරම්පරවෙන් එන එකට
..දැන් බලපිය උඹේ තාත්තත් කොටයි.උඹත් කොටයි..ඒ වගෙ.."

"එතකොට අපේ ඉස්සරහ පේලියෙ ඉන්න නන්දා
.. එයාගෙ තාත්ත උසයි අම්මත් උසයි ඒත් නන්දා කොටයිනෙ"

"ඇයි බන්z  නන්දාලගෙ අල්ලපු ගෙදර සිමියොන් මාමා කොටයි උඹ දැකල නැද්ද?"

මුන්ගෙ ජබර කතා වලට හිනා යනව
..ඒත් ප්‍රින්සිබල් දැක්කොත් එහෙම ඩබල් පනිශ්මන්ට්..

"කට පියාන ඉඳපල්ලකො මේ පැය එකහමාරවත්"

"අපි දැන් සුනිල්ව අල්ලගෙන උගෙ හැමතැනටම ඇනල බලමු හුක් ගෑවෙන්නෙ නැති තැන් තියෙනවද කියල .. නේද මචන්ල?"

"මේ වල් වසෝ උඹ කට පියාන ඉන්නවද නැත්නම් මෙතන තියෙන ගොම්බෙට්ට උලනව උඹෙ කටේ"

වසා යන්තන් විනාඩි 5ක්  කට වසා ගෙන හිටිය. මන් හිතුවෙ නාමල් කිව්ව කතාවට බයේ කියලයි. නැහැ..බැලින්නම් අපෙ කුටු කුටුව ඇහිලද කොහෙද විනය සර් අපි ඉන්න දිහාවට එනව..ඒත් ටික දුරක් ඇවිත් ආපහු හැරිල ගියා.

"ගියාද බන්z තකා සර්?"

අපි කොහොමත් විනය සර්ට කිව්වෙ තකා සර් කියලයි


"මේ ඇයි බන්z සුනිල්ට අනින කොට හුක් කියලම බෙරිහන් දෙන්නෙ?"

"එතකොට ඌ වෙන කොහොමද බෙරිහන් දෙන්න ඕනි?"


"හ්ම්ම්ම් ඔය සුවපත් වේවා කියල වගෙ එකක් උනා නම් අද මෙහෙම කට්ටක් නෑනෙ"

"මේ ඒක නෙවෙයි වසා මොකෝ බන්z උඹ ඌට ඔය භාවනාව කරන  අස්සෙම ඇන්නෙ?"

"මන් හිතුවෙ නැහැ බන්z මේකා මෙච්චර හයියෙන් කෑගහයි කියල"

"අනේ උඹ ඔය ජීවිතේටම ඌට ඇන්නමයිනෙ"

"අපි නම් ආයි උඹල ඉන්න පේලි ලඟින්වත් ඉන්නෙ නැහැ"

සාපෙ උන් ටික කෙඳිරි ගානව

"කවුද උඹලට ඉන්න කිව්වෙ
.. සාපෙ උන් සාපෙ උන් විදියට ඉන්න ඕනි..එනව අපි අස්සෙ රින්ගන්න"

"වැඩේමයි උඹල අස්සෙ රින්ගන්න..හැබෑටම උඹල කරන වැඩ දැක්කහම අපිට නම් හිතා ගන්නත් බැහැ සා.පෙ කරලද ඔතෙන්ට ආවෙ කියල"

උනුත් අතාරින්නෙම නැහැ
..සාපෙ උන් කොහොමත් අපි එක්ක ඇටෑක්.

"අනේ මේ තොපිල වගෙ නෙවෙයි අපි සබ්ජෙක්ට්
8ක් ගොඩ දමල ආවෙ.. තොපිල දැන් කරන්නෙත් හයයි..ඔව්ව බාල වැඩ"

මතකද මන්ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල එක අවුරුද්දක සාපෙට තිබ්බෙ සබ්ජෙක්ට් 6යි

"කට පියා ගන් ඕන්න ප්‍රින්සිබල් එනව"

"උඹලට මෙතනවත් එක විදියකට ඉන්න බැහැ
..පලයල්ල පංති වලට . ආයිමත් එහෙම මේ වගේ පාහර වැඩක් අහු උනොත් කිසිම සමාවක් නැහැ"

ඕන්න ඔහොමයි අපෙ පැය එකහමාරෙ පනිශ්මන්ට් එක පැය භාගෙන් ඉවර උනෙ

14 comments:

  1. එළ එළ... ගුටිකාපුව දණගහගෙන හිටපු ඒවා පේළියට මතක් වී ගෙන එනවා...

    ReplyDelete
  2. පට්ට දෙබස් ටික බං...! කොලු කාලේ ආතල් මතක් වුනා

    ReplyDelete
  3. ඉතින් අල්ලපු ගෙදර මනුස්සය කොට වුනාම ඉස්සරහ පේලියෙ නන්ද කොට වුනේ කොහොමෙය්?

    ReplyDelete
  4. ඕං ආවා මෙයා......

    ඒ කාලේ ප්‍රින්සිපල් උන්නැහෙගෙන් අරියාදුවක් නැත්තන් ඉස්කෝලෙ ආවේ නැහැ වගේ.....කොහොමද මහ පාරේ 10ක් විතර දණ ගහගෙන ඉන්නකොට. චීත්ත ඉකූල් බස් ටිකත් යනව අත වනාගෙන නේ....ඇඬෙනව මෙයා

    ReplyDelete
  5. @ නුවන් සහ චතුරංග - දැන් ඉන්න ළමයින්ට දඟලන්න සහ ගුටි කන්න දෙකටම පින නැහැ.. නවතින්න වෙන්නෙ එක්කො පොලිසියෙන් නැත්නම් උසාවියෙන් තමයි..

    ReplyDelete
  6. ඇත්තම කියනවනම් ඔබ්සර්වර් අයියෙ, මේ වගෙ බැරෑරුම් ප්‍රශ්නෙකට උත්තරයක් අහ ගන්න ඉන්නෙ අයිය වගෙ වැඩිහිටියෙක්ම තමයි.. පොඩි ඔබ්සර්වර් පාරක් දමල උත්තරෙ හොයල දෙන්නකෝ..

    ReplyDelete
  7. ඔව් හීනි. ඔය සිද්ධියෙන් පස්සෙ අපේ සෙට් එකේ ලව් 2-3ක්ම කැඩුනා..උන් තරහ උනෙ අනේ අහින්සකයෙකුට හින්සා කලා කියල.. අහපු එව්ව 2-3ක්ම රිජෙක්ට් උනා..අනේ අපි වගෙ අහින්සකයි ටිකක් නේද?

    ReplyDelete
  8. ඉස්කෝලෙ මතක් වෙනව බං . . . . හික් හික් . . . .

    ReplyDelete
  9. ප්‍රින්සිබල්ට එපා වෙන්න ඇති මුං ටික ටික බලාගෙන ඉඳලා.... එහෙම නැත්තං අයියලාගේ කතා ටික අහගෙන ඉඳලා පොරට හෙන ජොලියක් යන්න ඇති....

    ReplyDelete
  10. @ ඕන - ඉස්කෝලෙ මතක් වෙනකොට දුකයි බන්z..ඒත් ඉතින් ආයි ඒ කාලෙට යන්නයැ?
    @ ප්‍රසන්න - ඔව්.. ඒ උනත් ප්‍රින්සිබල් අපිට හරි ආදරෙයි..එක දවසක් කිව්ව "හිතන්න එපා මම ඔයාලට දඩුවම් කරන්නෙ අපෙ ලමා කාලෙ අමතක වෙලා කියල..ඒත් ඔයාලගෙ වැඩ දකින පොඩි ලමයි එව්ව කරන්න ගියොත් පාලනයක් නැති වෙනව කියල."

    ReplyDelete
  11. ඔෆිස් එක ගාව කඩේකට එනවා වයසක මනුස්සයෙක් මිනිහටත් ඔය ඇඟිල්ලෙන් ඇන්නම වෙන ලෙඩේ තියෙනවා ඉතින් කඩේ ඉන්න අනික් වයසක මිනිස්සු කරන්නේ ගෑනු එහෙම කඩේ ඉන්න වෙලාවක් බලලා අර මනුස්සයට ඇඟිල්ලෙන් අනිනවා :-D

    ReplyDelete
  12. @ ම - ඒක ඇත්ත.. මොකද දන්නෙ නැහැ එහෙම වෙන්නෙ.. මගෙ යාලුවො කිව්ව හේතුව නම් වෙන්න බැහැ..

    ReplyDelete
  13. හිහ් ..... හිහ් ...... පට්ට කතාව මලයා ........

    ReplyDelete
  14. apeth ohoma ekek innawa! uuta agillak dakkath athi! hu**a kiyagenamai inne! :D :D

    ReplyDelete