ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, August 2, 2011

අයියෙ මට ඔයාගෙ ඩික් එක දෙනවද?

ටික දවසකට පස්සෙ ඕන්න අද උදේම සඳා නංගි හම්බ උනා.
"කොහොමද නංගි සැප සනීප එහෙම..ඔයා දැක්කෙ නැති දවස් ටිකට සුදු වෙලා..ලස්සන වෙලා.."

හම්මේ මූනට වොට් 200 බල්බ් එකක් ගැහුවා වගේ එලිය වැටුනා..
"හොඳින් ඉන්නව අයියෙ..මන් පහු ගිය දවස් ටිකේම බල බලා හිටියෙ අයියව හම්බ වෙන්නමයි"
 
"ඇයි නංගි මොනවද කෙරෙන්න ඕනි ? "

"හරි නරකයි අයියෙ ඔයා දැන් බ්ලොග් එකේ මන් ගැන මොනවවත් ලියන්නෙ නැහැ"
 
"ඔව් නංගි අපි එකඟ උනානෙ මන් ආයෙ ඔයා ගැන ලියන්නෙ නැහැ කියලා..ඔයා තරහෙන් හිටියෙ මන් ලිව්ව එව්ව ගැන "

"ඔව් ඉතින් එහෙම කියලා එව්ව ඩිලීට් කලෙත් නැහැනෙ.. අනික ඉතින් දැන් ඔයාට සාගරී ගැනයි සෞම්‍යා ගැනයි ලියන්න පුලුවන්.. අපි ගැන තමයි ලියන්න බැරි"
 
"ඉතින් නංගි..."

"හරි හරි මං එදා කිව්ව ඒවා එච්චර සීරියස් ගන්න එපා"

"හා එහෙනම් කමක් නැහැ..ඒක නෙවෙයි ඔයා දැන් කියවනවද මන් බලන අනිත් බ්ලොග්ස්.."
"ඔව් අයියෙ ඉඩ තියෙන තියෙන වෙලාවට කියවනව දැක්කද අර සිත් ආර ලියන ඩොක්ටර් ලස්සනට ලියනව නේද ? මං ආසාවෙන් කියවනව"
"එතකොට තෙලස්ට්‍රෝ එක"

"ආ ඒකත් කියවනව.. කවුද අයියෙ අර ඔබ්සර්වර් කියල ලියන අංකල්.. ඔයාගෙ නෑයෙක්ද?"
"නෑයෙක් ඔච්චර හොඳ වෙයිද නංගි.. යාලුවෙක් විතරයි.. ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ එයා ලියන්නෙම අයිය කියන ඉඳල ඉඳල කියන ජාතියෙ ඊයා කතාමයි"
"ඔයා කතා සේරම කියවන්න නැහැ එහෙනම්"

"නෑ ඔබ්සර්වර් අංකල්ගෙ එව්ව සේරම කියෙව්ව"

ඉතින් ඊයා නම් කියවන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ මන් එහෙම නොකියා හිතුව විතරයි
"ඒක නෙවෙයි අයියෙ මන් ඔයාව හම්බ වෙන්න හිටියෙ ඊට වඩා වැදගත් දෙයකට..මට ඔයාගෙන් පොඩි දෙයක් ඉල්ලන්න තියෙනව ඕන්න බැහැයි නොකියා දෙන්න ඕනි."
"කියන්නකො දෙන්න පුලුවන් දෙයක් නම් දෙන්නම්"

"මට ඔයාගෙ ඩික් එක දෙන්න අයියෙ .. මන් සතියකින් ආපහු දෙන්නම්.. වැඩ ගොඩාක් කර ගන්න තියෙනව"

මොකාක් මගෙ ඩික් එක ????
"අනේ අයියෙ මගෙ ඉන්ග්‍රීසි ක්ලාස් එකේ එක්සෑම්. ඉවර වෙච්ච ගමන්ම ආපහු ගෙනත් දෙන්නම්"

"ආ හ් ඩික්ශනරියද ?"
"ඔව්"

"නංගි ඩික්ශනරියට කවදාවත්ම ඩික් එක කියන්න එපා..ඒ වචනෙ වෙන තේරුමක් තියෙනව"

"ඇත්තට ??? මොකද්ද අයියෙ ඒ වචනෙ තේරුම?"

මන් මොනවද කියන්නෙ ඉතින්
"නන්ගි මන් ඔයාට ඩික්ශනරිය ගෙනත් දෙන්නම්"

"තෑන්ක්ස් අයියෙ.. අර වචනෙ තේරුම?"

"ඔයා හොයා ගන්න"

"අයියා අපිට ඉගෙන ගන්න කියල නම් බන කියනව දන්නෙ නැති දෙයක් ඇහුවහම කියල දෙන්නෙ නම් නැහැ"

26 comments:

  1. සඳා නංගි ආපහු ජීවිතේට කතා කරන එකක් නෑ වගේ...

    ReplyDelete
  2. ඕකම බන් මටත් උනා ලගදි
    අපේ එකෙක් ඇහුවනේ බන් දෙනෝදාහක් මැද මට ඩ්ක් 1ක දියන් කියලා

    ReplyDelete
  3. http://www.kopikade.net/2011/03/blog-post_02.html

    ReplyDelete
  4. හික්ස්... පවු වැඩේ....

    ReplyDelete
  5. @සාතන් - ඔව්.. වගේ..ඒත් සඳා නගා කිව්වනෙ එයාගෙ එව්ව ලිව්වට කමක් නැහැ කියල
    @ mahima මමත් ඕකෙ නියම තේරුම දන්නෙ නැති කාලෙ කෙටි නම තමයි කිව්වෙ
    @ කුරුං ගුරුං - බොහෝම ස්තූතියි ඔයාගෙ බ්ලොග් එකේ ලින්ක් එක දැම්මට, මන් ඒක මන් බලන එව්වට එකතු කලා..සඳා නන්ගි කියවයිනෙ.මමත් ඉඩක් ලද සැනින් කියවන්නම්
    @බුරු - මන් පවු නේද ?

    ReplyDelete
  6. පවු අසරන නංගිලාව කඩේ යනවන.... දැං ඉතිං ගෙදර ගිය ගමන මුලින්ම අරකේ තේරුම බලන්න ඇති...

    ReplyDelete
  7. @සාතන් - ඔව්.. වගේ..ඒත් සඳා නගා කිව්වනෙ එයාගෙ එව්ව ලිව්වට කමක් නැහැ කියල

    ReplyDelete
  8. Richard = Dick
    Cranian = Head

    Richard Cranian = Dick Head

    ReplyDelete
  9. ඇත්ත කියන්න සහෝ. සඳා නංගි ගැනම ලියන්නෙ මොකද? හිතේ මොකක් හරි සීන් එකක් තියනව නේද?

    ReplyDelete
  10. @ - ස්තූතියි ඔබෙ හිනාවට..
    @ ප්‍රසන්න - ඉතින් මන් කොහොමද ඕකෙ තේරුම කියන්නෙ ඔය ලමයට.. මගෙන් ඉල්ලගෙන ගියේ මලලසේකර ඩික් එක (:-D).. ඒකෙ ඔය තේරුම නැහැ..කොලින්ස් ඩික් එකේ තියෙනව..
    @ඔබ්සර්වර් අයියෙ..ඒක Richard Cranium නේද..මන් සර්ච් කලා එතකොට මේ ලින්ක් එක හමු උනා http://www.urbandictionary.com/define.php?term=richard%20cranium
    අයියා ඕපන් කරල දුන්න දොර නියමයි..ඒක ඇතුලෙ ගොඩාක් දේවල් තියෙනව සොයා බලන්න
    @ කසුන් - එකක් ????? හපොයි සහෝ එකකට වඩා ගොඩාක් තියෙනව..හික් හික් හී...

    ReplyDelete
  11. අයියෝ අයියේ මේක ගැනද මේ කිව්වෙ, ඕක මම අහපු වෙලේ කිව්වනං ඉවරයිනෙ ............

    ඕක මට නං එච්චර දෙයක් නෙවේ ........

    ReplyDelete
  12. මාත් පොඩි කාලේ ඔය වචනේ හැංගිලා තිබ්බ තේරුම දන්නේ නැති නිසා අර නංගී විදියටම වචනය භාවිතා කළා. ටිකක් දැනුම තේරුම් වුණාම තමා ඒ වචනේ අවුල ගැන දැනගත්තේ. මම හිතන්නේ ලංකාවේ ඕනෙම කෙනෙක් ශබ්දකෝෂයට ඔය වචනය කියලා ඇති ජීවිතයේ කොතැනකදී හරි

    ReplyDelete
  13. @සඳා - ස්තූතියි සඳා ඔයාගෙ කමෙන්ට් එකට.. මන් අපේ සඳාට කෝල් කරලම ඇහුව ඔයා මගේ එකේ මොනවහරි ලිව්වද කියල "හනේ අයියෙ අද කමෙන්ට් ලියනව තියා තාම ඉන්ටර්නෙට් යන්නවත් බැරි උනා කියල"

    ReplyDelete
  14. ස්තූතියි නන්ගි ඔයාගෙ කමෙන්ට් එකට.. ඔයාගෙ බ්ලොග් එක කියවන්න පටන් ගත්ත..ඒකෙ තියෙන ගොඩාක් ප්‍රයෝජනවත් ලිපි නිසා..හෙමිහිට නිවීහැනහිල්ලෙ බලන්න ඕනි නිසා මන් පොඩ්ඩක් කල් දැම්ම..මේ සති අන්තයට..

    ReplyDelete
  15. spelling mistake එක දැක්කෙ නැහැ, උඩ ඒක ගහල ඒකම කොපි පේස්ට් කලා මිසක, sorry

    ඔයා දුන්නු ලින්ක් එකටත් ගිහිල්ල බලන්න ඕනෙ

    ReplyDelete
  16. යකෝ . . . ‍තෝ මගෙ කොමෙන්ට් එක එඩිට් කොලා නේද ???

    ReplyDelete
  17. ඕනෙ මන් මුකුත් කලෙ නැහැ.. ඔය මන් කිව්ව එකම නෙ කෝට් කරල තියෙන්නෙ.. ඒ නිසා මන් හිතුව ඔයා බයි මිස්ටේක් උන දෙයක් කියල..මේ වෙනකන් මන් මොනවවත් එඩිට් කරල නැහැ

    ReplyDelete
  18. දැන් ළමයින්ට තේරුනාද ජේ.ආර් උන්නැහේට හිතවත්තු ඩිකී කියල කතා කලේ මොකද කියල...

    ReplyDelete
  19. සපතේරු උන්නැහේට මතක් වුනා "යැංකි ඩිකී" නේද?

    ReplyDelete
  20. අනේ පවු ඔබා.. ඔන්න මන් වගේ (ජය්ය)ආදර්ශමත් කතා ලිවුවා නම ඕක වෙන්නේ නැහැනේ.. පවු කෙල්ල.. ඕක ගොඩක් අය කරන දෙයක්..

    ReplyDelete
  21. @සපතේරු උන්නැහෙ - අහා මන් අහල තියෙනව ඩිකී කියනව කියල..මෙහෙම සම්බන්ධයක් ගැන දැනන් හිටියෙ නැහැ ඇත්තටම...
    @ ඔබා අයියෙ බලන්නකො සපතේරු ගෙ මතකය හොඳයිනෙ..
    @ සරත් - මොකෝ ඔබා අයියට වෙලා තියෙන්නෙ ? මම ඊයෙ තමයි හරියටම දැන ගත්තෙ ජයීයා සහ සරත් එක් අයෙක් බව..බ්ලොග් කියවන කාලෙ ට වඩා වෙනස් බ්ලොග් ලියනකොට තමයි

    ReplyDelete
  22. අපේ මිතුරියක් කාරෙකේ ඩිකියට කිව්වා ඩික් එක කියලා. මං හිනාව කාගෙන හිටියා!

    ReplyDelete
  23. හෙ හෙ අපේ මිනිස්සු මේ වචන කෙටි කොරල විලිලැජ්ජා කොරනවනේ.අපේ ඔෆීසියෙත් හිටිය කෙල්ලෙක් come වෙනුවට ලියන්නෙ cum කියල.පස්සෙ එහෙම ලියන්න එපා කියල කියල තමයි නවත්තගත්තෙ.හපෝයි මේ ස්ත්‍රී පරාණ.

    ReplyDelete
  24. ඔබා මාමා හරි පරසිද්දයි නෙවැ.......
    ඩික් එක ඉල්ලුවේ හරි තේරුම දැනගෙමද දන්නෙත් නෑ....
    නෑ මේ මට නිකන් හිතුණා......

    ReplyDelete
  25. uba dick 1 pennalama theruma kiyala denna thibba! :) hikk hikk!! ohoma wenawa bn apitat!! maru kathawa!

    ReplyDelete