ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, August 29, 2011

කෑවද ? පාර්ට් 2 (තවත් පාට් දමනවද ඉතින්? ආයිනම් ඉවසන්නෙ නැහැ ඕන්න..!@#$$%)

මෙන්න තව තැනක කස්ටිය පොර කනව කන්ඩ..මමත් ලංවෙලා බැලුව..ඊට ඉස්සෙල්ල ඔය ෆොටෝ කෑල්ල ගහ ගත්ත..



පේනවනෙ සෙනඟ..පොඩි පහෙ ෆයිට් එකක් දීලා ගත්ත පේපර් ප්ලේට් එකකට මොනවද මන්ද සුදු පාට කෑලි කැලි ටිකක්.. හුටා..බැලින්නම් මස් වලින් හදපු කෑමක්..එලවලු විතරක් කන (ඈ කරෝල, හාල්මැස්සො, බිත්තරත් එතකොට එලවලුද???) මම ඔය ජරා මස් ජාති කන්නෙ නැහැ. ඒ ටික ලඟ ඉන්න කෙනෙකුට දීල කිව්ව විස්තරෙත්.. මිනිහ නම් රහ කර අර කෑව..

මෙන්න එතනම තියෙනව චොකලට් ඇල්ලක්.. හැබැයි කුඩා පරිමාණයෙ එකක්..



ජුජුබ්ස් එකක් ටූත් පික් එකක ඇනල ඒක මේ චොකොලට් ඇල්ලට අල්ලල දෙනව.. හ්ම්ම්ම් මාරම මාර රහයි.. තුන් සැරයක් ඇවිත් ගත්ත..ඊළඟ සැරේ ආවනම් එහෙම එතන හිටිය කහ ටී ශර්ට්  හාදය මොනවහරි කියන සයිස් එකක් තමයි තිබුනෙ..

මෙන්න ඊළඟට ඊජීබී ස්ටෝල් එක.. මින්චි නැත්නම් පාස්ලි කොල බ්ලෙන්ඩ් කරල.. අයිස් කැට එක්ක ජින්ජර් බියර් එකක් දුන්න..රහ නම් ලොවෙත් නැහැ..කොහොමද මේක හදන චූටි දුවාලාගෙ අපූරුව..



ඊළඟ පෝලිම තිබුනෙ තවත් අමුතුම කෑමකට තමයි.. නම තමයි පොඩ්ඩක් "කචල්" නම "අයිස් කචල්" මේ ප්‍රදර්ශන වලට එන අය දැකල ඇති මේක.. මේ ෆොටෝ එකේ තියෙන්නෙ මේ අයිස් කචල් හදන මැශින් එක..සහ හදන හැටි.. ක්‍රශ් වෙලා එන අයිස් ටික එක ශේප් එකකට පිඟානකට දමනව.. ඊට උඩින් පාට පාට සරුවත් වගෙ එව්ව.. තව පලතුරු කෑලි ටිකක් දමනව.. ඒක කන්න පුලුවන්.. මමත් එකක් අරන් කෑවා.. නරකම නැහැ..අන්තිම ටික තමයි එච්චර රහ නැත්තෙ..ඒ උනාට මාර ඉල්ලුමක් තිබුනා.. මේ ගොල්ලො මේ මැශින් එක තමයි මාර්කට් කරන්නෙ ස්වයංරැකියාවක් විදියට කරන්න පුලුවන් කියලයි කියන්නෙ..




මේ වගේ නානාප්‍රකාර මැශින් ගොඩාක් තිබුනා..මමත් ඉතින් ඔය වෙලාව වෙන කොට කාලා බීලා ඇවිදල මහන්සි නිසා එහෙම්මම ගෙදර ආවා.
 මොනව උනත් රු 40 ට පාඩු නැහැ ගිය ගමන..

14 comments:

  1. මෙයා ගිහින් කාල කාල ඇවිත් වගේ.

    ReplyDelete
  2. මෙයා කාලා කාලා විතරක් නාලාත් ඈවිල්ලා වගේ....

    ReplyDelete
  3. රු. 40 කට ඔච්චර කෑව මදැයි අද කාලෙ,, අර ජින්ජර් බියර් බීමට දාන්නෙ මින්චි කොළයි, ජින්ජර් බියරුයි විතරද? හදලා බලන්න ඕනි

    ReplyDelete
  4. මේක තාමත් අර රුපියල් හතලිහ ගැන කතාව.....බඩ පැලෙන්න කාල බීලත්.

    ReplyDelete
  5. @ නදී - මට දුක අපරාදෙ සෙනසුරාදා යන්න බැරි වෙච්ච එක ගැන..
    @ ප්‍රසන්න - අපි එහෙම තමයි තැනකට ගියොත්..
    @ පිණි - ඔව් ඔය සෙනඟ අතරෙ ඉඳන් බලන කොට දැක්කෙ.. අයිස් කැටයි..මින්චි කොලයි..මන් හරියටම දන්නෙ නැහැ නම මින්චිද කියල.. අර මෙන්තෝල් රහක් තියෙන කොල..ජින්ජර් බියර් තමයි..
    @ ඔබා අයියෙ.. - මන් එහෙම කිව්වෙ මොකද දන්නවද.. ගොඩාක් අය ප්‍රදර්ශන බලන්න යන්නෙ නැහැ.. අපෝ.. ටිකට් ගන්නත් උනා.. අපරාදෙ සල්ලි කියල දුක් වෙන නිසා..

    ReplyDelete
  6. affaa..යන්න හිතෙන විදියට ලියල තියෙනව!

    ReplyDelete
  7. ඊළඟ ප්‍රදර්ශනේට එන්න ඉන්දික..හැබැයි මෙහෙම නොමිලෙ කෑම දෙන්නෙ කෑම ගැන තියෙන එව්වයෙ විතරයි..අනිත් දවසට පර්ස් එක හිඳෙනව..

    ReplyDelete
  8. මම ඉස්සෙල්ල කියෙව්වෙ මේක. විකාර වුනා එක පාරට. පස්සෙයි ටොපික් එක දැක්කෙ. ඊට පස්සෙ ගිහින් මුල් කොටස බලල ආවෙ. අනිවා 40ක් දීල 4000ක විතර කෑම වලට ශොට් එක දෙන්න ඇති

    ReplyDelete
  9. ෂික් ,අපිට සෙට් වෙන්නේ නැහැ නේ ඔය වගේ එව්වා

    ReplyDelete
  10. @ කසුන් - මට මුලින්ම ලියන්න බැරි උනා මේකෙ මුල කතාව ඉස්සෙල්ල එකෙන් බලන්න කියල..එහෙම දමන්න ඕනි..අනිවා.. තෑන්ක්ස් කසුන් මතක් කලාට..ඔව් සෑහෙන්න කෑවා තමයි..
    @ චම්මා - ඉන්න මන් ඔයවගෙ එකක් ආයෙ තිබුනොත් ඉක්මනටම කියන්නම්.. සාමාන්‍යෙන් ප්‍රදර්ශන පටන් ගන්නෙ සිකුරාදා..එදා ඒක විවෘත කරල හවස ඉඳන් ඕනි කෙනෙකුට බලන්න් පුලුවන්..ඒත් ස්ටෝල් හරියට හදල සේරම බඩු එන්නෙ සෙනසුරාද සහ ඉරිදා තමයි..

    ReplyDelete
  11. වෙනියො,
    අවුරුද්දට රුපියල ගානෙනෙ ගිහින් තියෙන්නෙ. කොහොම උනත් අර ඇතුලේ ඉන්න පොර කරදර කරන එක වැරදි නෑ මට පේන්නෙ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  12. ඔව් ඩූඩ්..ඒක නම් ඇත්ත තමයි..ඒත් සමහර වෙලාවට පොඩි පොඩි ගැටුම් තියෙනව..අන්තිමෙ මමම තමයි පරාද..

    ReplyDelete
  13. යකෝ මට ඉන්විටේසන් එකක් හම්බ වෙලත් ගියෙ නෑ. අපරාදෙ....

    ReplyDelete
  14. මටත් ඉන්විටේෂන් ලැබුනා ගියේ නම් නැහැ. ඒත් මම දැන් ලියන පොස්ට් එකේ හැටියට ඕවෑ ඉදල අහු වුනොත් මගේ කාඩ් කුඩු. අපිටත් එක්ක කාල ආවනේ ඒ මදෑ.

    ReplyDelete