ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, July 12, 2011

අතීසාර මිත්‍රයා

උදේම ෆෝන් එක රිං වෙනව..ආ මගේ අතීසාර මිත්‍රයනෙ..

මොනවද මචෝ අලුත් තොරතුරු?

මං අලුත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත බන්z


හැබෑට??? කී වෙනි කුළුඳුල් එකද ?

නෑ බන්
මේක නම් සිරාවටම ලියනව.

උඹ ඉස්සෙල්ලත් කිව්වෙ ඕකමයිනෙ..මොකෝ උනෙ අර නොමිනි ජීවිතද මොකද්ද එක???ඒකත් සිරාවටම නේද ලිව්වෙ?

නොමිනි නෙවෙයි..යකෝ නිහඬ ජීවිතය
..

එතකොට අර උඹෙ මැන්ටල් ගැන ලිව්ව එක?

ඒ මොකද්ද? ආ මගෙ පිස්සුව.. ෆෝන් ගැන ලියන්න හදපු එක.. මගෙ අලුත් එක බලපන්කො.. සිරාවටම මං ලියනව..

දැන් කීයක් ඔහොම කිව්වද? දැන් උඹ මට කියවන්න දීපු එව්වයෙ තියෙන්නෙම පෝස්ට් 2-3යි..මට බෑ.. උඹ ඕකෙ පෝස්ට් 100ක් දමල මට කියන්.. මන් නිවාඩු දමාගෙන හරි කියවනව..මං තියනව මචෝ..බායි..

ඕන්න මගේ අතීසාර මිත්‍රයා..

2 comments:

  1. ඇත්ත තමා . . . . මමත් මේ බොලාගෙ කරදහියෙ ලියාපුව කියෝල ඇති වෙලා හිටියෙ

    ReplyDelete
  2. ඇත්ත තමයි.. දැන් සින්හලෙන් කොටන්න ඉස්සර තරම් වෙලා යන්නෙ නැහැ..යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිච්චි කරන්නෙ.

    ReplyDelete