ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, July 18, 2011

දිග ඒවා සහ කොට ඒවා

ගුඩ් මෝනිං අයියා..

සුපුරුදු කටහඬක් පිටිපස්සෙන් ඇහිච්ච නිසාම මං හැරිලා බැලුවා..

හත්දෙයියනේ සඳා නංගි අර බ්ලොග් සීන් එකෙන් පස්සෙ ඔය කතා කලාමයි..

ගුඩ් මෝනිං නංගි.. ඔයාව දැක්කෙ ගොඩ කාලෙකට පස්සෙනෙ..

ඔව් අයියෙ හරියට වැඩ මේ දවස්වල..
අයිය හරී නරකයි අර කතාවත් ඔයාගෙ බ්ලොග් එකේ දමලනෙ..

ඉතින් නංගි ඒ මං බ්ලොග් එක ලියන විදිය.. මං කිව්වනෙ මගෙ එක බලන්න එපා කියල..

ඒ උනාට මං බැලුව..ඒකෙ කියල තියෙන්නෙ මං මොංගල්, අඩු මාසෙන් ඉපදිලා කියල.. හරී නරකයි.. කොහෙද මන් පොෂ් වෙන්න දඟලන්නෙ???

ඉතින් නංගි ඒකෙ තියෙන්නෙ
ඇත්ත කතාවම නෙවෙයිනෙ..සිද්ධිය ඇත්ත උනාට..ඔයාගෙ නියම නම දමලත් නැහැනෙ.. එහෙම තමයි ..ගොඩාක් ලියන අය පඩේ බෝම්බෙ කරගෙන තමයි ලියන්නෙ..

මොකාක් මොකක් කරගෙනද අයියෙ ලියන්නෙ???
ඔයානම් කිව්වොත් ඔය වගේ කතාවක්ම තමයි කියන්නෙ? දැන් මේ කතාවත් ඔයකෙ දමනවද?

අපොයි නැහැ නංගි මේක දමන්නෙ නැහැ..

එහෙනම් කමක් නැහැ..
ඒක නෙවෙයි අයියෙ ඇයි ඔයාගෙ ඒවා ඔච්චර කොට ? බලන්නකො අර කතන්දර අයියගෙ ඒවාගෙ දිග.. මාරය අයියගෙ ඒවාත් මං බැලුව හරීම දිගයි.. ඒ අයියලගෙ ඒවා දිගයි ඔයාගෙ ඒවා කොටයි..අනිත් අයගෙ ඒවා මං බලන්න ඉන්නෙ

මොකාක්?????

මං වටපිට බැලුවෙ තව කාටහරි මේ කතාව ඇහුනද කියල?

නංගි මං යනව මට වැඩ ගොඩාක් තියෙනව.. පස්සෙ හම්බ වෙමු..
ඔයා බලන්නකො අනිත් එව්වත් හෙමිහිට...

1 comment:

  1. අෆොයි විනාසයි! බලන්නකො මේ මාරය අයියලගෙ වැඩ නිසා අහිංසක කොල්ලන්ගෙ 'කොටයි' කියල අහගන්න වෙනවනෙ.

    ReplyDelete