මේක ඇත්තටම මට සිද්ධ වෙච්ච ඇබැද්දියක්..
මගෙ හොඳම යාලුවා එයාගෙ අලුත් බාත් රූම් එක හැදෙව්වෙ මේ මෑතකදි.. මිනිහට බාත් රූම් ෆිටින්ග්ස් හොයන්න මන් තමයි උදවු කලේ..ඒ දවස් වල නොගිය හාඩ් වෙයාර් එකක් නැහැ..කොහෙ හරි බාත් රූම් ෆිටින්ග්ස් තියෙන ශෝරූම් එකක් දැක්කද යනව අපි දෙන්න එක්ක බලන්න..ඔහොම ගිහින් ගිහින්.. අවශ්‍ය කරන කෑලි ගොඩාක් හොයා ගත්ත..අන්තිමට ඉතුරු උනෙ බාත් රූම් එකට අවශ්‍ය කරන කන්නාඩිය විතරයි ..
ඒත් මිනිහගෙ අවශ්‍යතාවයට හරි යන එකක් හම්බ උනේම නැහැ.. මටත් හොයල හොයලම එපා වෙලා තිබ්බෙ.. මන් හැමදාම කීව්වෙ.. එක්ක පලයන්කො බොගෙ ගෙදර ඉන්න ගෑනි.. මට වද නොදී.. කියලයි.. ඒත් අවුරුද්දක පොඩි එකාව කාටවත් දමලා යන්න බැරි බව මම දන්නව නිසා.. මහන්සි නොබල උදව් කලා..ඒත් කන්නාඩි සෙට් එකක් නම් හොයා ගන්න බැරි උනා..
මම කොහේ ගියත් ඔය බාත් රූම් එකක කන්නාඩියක් දැක්කොත්.. ටුක් ගාලා ඒකෙ ෆොටෝ එකක් ගහල MMS කරනව මිනිහට ඒකවත් හරි යයිද බලන්න..මන් සති දෙකකට ඔය කොළඹ තියෙන තරු හෝටලේක නැවතිලා හිටිය..( හම්මෙ දැන් නයා කොහෙන් නවතීද දන්නෙ නැහැ... ) ඔය හොටෙල් එකට ගිය දවසෙම දැක්ක ඒකෙ තියෙන සිරා බාත් රූම් එක.. මට හවස මතක් උනා.. මුගෙ සීන් එක... ටුක් ගාලා ගත්ත ෆෝන් එක.. ගත්ත හැම ඈන්ගල් එකකින්ම ෆොටෝ ටිකක්.. MMS කලා යාලුවට.. රෑ මට කෝල් එකක් එනව.. යාලුවගෙන්
"මචන් උඹ එව්ව ෆොටෝ ටික නම් එල.. ඒ ජාතියෙ සෙට් එකක් නම් එල .. මන් හදව ගන්නව මචන් කියල.."ඔය අතරෙ මට ඇහෙනව මුගෙ බාරි කිචි කිචි ගගා හිනා වෙනව..
"මොකේ බන්z ඔයා ඔච්චර හිනා වෙන්නෙ?"
"මචන් මන් උඹ එව්ව ෆොටෝ ටික පීසී එකට දමල එයාටත් පෙන්නුව.. ඊට පස්සෙ තමයි එයා හිනා වෙන්නෙ.. උඹ ඔය ෆොටෝ ටික මට එවන්න ඉස්සෙල්ල චෙක් කරල නෙවෙයිද එව්වෙ?"
ඈ ඒ මොකද්ද ඒ සීන් එක කියල මමත් ෆොටෝ ටික චෙක් කලා..හුටාහ්. ෆොටෝ දෙක තුනකම තියෙනව මගෙ ප්රතිබිබ්බය..හැබැයි ඩිරෙක්ට් මිරර් එකේ නෙවෙයි මට පිටි පස්සෙ සහ පැත්තක තියෙන කන්නාඩියක..
මන් ඔය ෆොටෝ ටික ගත්තෙ වොශ් එකක් දමන්න බාත් රූම් එකට ගිය ගමන්නෙ.. ඉතින් කවුද බාත් රූම් වල රෙදි ඇඳ ගෙන වොශ් දමන්නෙ..මන් තවම යාලුවගෙ ගෙදර ගියේ නැහැ.. ඔය සිද්ධියෙන් පස්සෙ..
හෆොයි මාර සීන් කෝන් එකක්නෙ! ලියන්නාගෙ වෙලාවට ඩිරෙක්ට් මිරර් එකේ ප්‍රතිබිම්බය වැදුනෙ නැත්තෙ!
ReplyDeleteඅනේ අම්මෝ.............මැදැයි පොටෝ ගැහුවා.
ReplyDeleteනියම කතාව අයියේ....!!
අනේ අම්මපා මෙහෙමත් අයියලා.... වෙන මොනා හරි ප්‍රතිබිම්බයට අහුවුනානම් හෙම විනාසෙයි නේද...
ReplyDeleteමීට පස්සෙ වෙනියෝ MMS යවන්න එපා ආත්මෙට, ඩිරෙක්ට් පින්තුර දැක්ක නං යාලුවගෙ ගෑනි කිචි කිචි ගාය්ද වෙනිය පස්සෙ එය්ද දන් නැහැ. මන් ඉස්සෙල්ල පොස්ට් එකේ චුටි ප්‍රශ්නයක් ඇහුව, උත්තරයක් ලැබුනොත් වෙලාවට කෝල් එකක් වත් දෙන්න ට්‍රය් එකක් දෙන්ඥනං
ReplyDeleteඊ ලැජ්ජා නැද්ද අලේ.
ReplyDelete@ විසිතුරු - ඩිරෙක්ට් මිරර් එකේ වැදුන නම් MMS වලට සෙට් වෙන පොඩි සයිස් ෆොටෝ එකේ උනත් මට ටුක් ගාලා පෙනෙනවනෙ.
ReplyDelete@ පිසාචයා - ඔවු බන්z වෙච්ච වැඩේට මට තාමත් අප්සෙට්..
@ප්‍රසන්න - වැටෙන්න ඕනි සේරම ඒකෙ වැටිල තිබ්බ..ඒකනෙ කට කපල නෝන්ඩිය
@ඔබ් - ඔවු ඔබා අයියෙ.. ආයිනම් MMS යවනකොට ගන්න ෆොටෝ හොඳටම චෙක් කරල තමයි යවන්නෙ. මන් දැක්ක ඒ අහපු එක..සොරි උත්තර දෙන්න පරක්කු උනාට.. ඕනය රන්ජට තමයි කියල තිබ්බෙ.. රන්ජ මට කීව්ව.. මමත් කිව්ව මාත් එනෝ කියල..ඊටපස්සෙ තාම ප්‍රතිචාරයක් නැහැ.. අනිවා කියනව.. සෙට් වෙච්ච ගමන්ම..
ReplyDelete@ නදී - ලජ්ජාව කියන්නෙ නදී මන් දැන් කොහොමද යාලුවගෙ ගෙදර යන්නෙ රෙද්දක් ඇඳ ගෙන.. මාස එක හමාරක් වෙනව මන් ගියේ නැහැ. මන් යාලුවට කිව්ව ඒ ෆොටෝ ටික ඩිලීට් කරපන් කියල.. ඌ කියනව "පිස්සුද ඒ ටික තියා ගෙන ඉන්නෙ මන් දන්න අඳුරන අය ආවහම පෙන්නන්න" කියල..
ReplyDeleteඔය කරල තියෙන්නෙ ශෝක් වැඩක්. ඔයින් ගියා ඇති. තව ටිකෙන් කණ්නාඩි හෙවිල්ල පැත්තක තියල යාලුවට තොවිල් නටන්න වෙනව.
ReplyDeleteයාලුවගෙ හාමිනේ වෙනීගෙ පිංතූරෙ දිහා බලල . . . හිනාවෙලා යාලුවගෙං ඇහුවලු . . ."ඔය ඔක්කොමද ???" කියල
ReplyDeleteකාල වරෙන්කො කිව්වලු
ReplyDelete@කසුන් - සහතික ඇත්ත..
ReplyDelete@ ඕනය - එච්චර ෆුල් ඩීටේල්ස් වැටිල නැහැ.. එහෙම උනානම් එහෙම ඉඳල වැඩක් නැහැ..
අපෝ ආයෙ උන්ගෙ ගෙවල් පැත්තෙ පස් පාගන්න එපා.අර ගෑණි උඹ එනකම් බලන් ඇති සයිස් එකට.හික් හික්.
ReplyDelete