ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, July 26, 2011

සිරිපාලගෙ ඉංග්‍රීසි පාඩම

සිරිපාල ට පොඩි කාලෙ ඉඳලම හොඳ ඉංග්‍රීසි දැනුමක් දෙන්න ඕනි මේ කාලෙ හැටියට.. නැත්නම් පහුවෙන කොට ජොබ් කට්ටක් හොයා ගන්න අමාරුවෙනවා ඉංග්‍රීසි බැරි උනොත් කියල අම්මයි තාත්තයි කතා උනාලු.. ඉතින් මොනවද කරන්නෙ.. ක්ලාස් එකකට යවනවා වගේම හෙදරටත් ගුරුවරයෙක් ගෙන්නල ඉංග්‍රීසි උගන්නනවලු..ඔය අතරෙ ක්ලාස් එකේ ටීචර් වගේම.. ගෙදරට එන ටීව්ත් කිව්වලු.
 "ඉංග්‍රීසි භාවිතය තමයි ඉගෙන ගන්න බොහෝම වැදගත්..ඒ නිසා ගෙදරදිත් සිරිපාල එක්ක හැමවෙලාවෙම.. ඉංග්‍රීසි වචන දමල කතා කරන්න.. එතකොට ඒ වචන එයාට නිකන්ම හුරුවෙයි"
කියලා ඒ නිසා සිරිපාලගෙ අම්මයි තාත්තයි හැම වෙලාවෙම සිරිපාල එක්ක කතා කලේ ඉංග්‍රීසි , සිංහල මිශ්‍ර කරලලු.. දවසක් සිරිපාල මිදුලෙ සෙල්ලම් කර කර ඉන්නකොට.. මී මැස්සො වගයක් මල් පැණි බොනවලු..සිරිපාල හෙමිහිට ගිහින් මුන්ව චප්ප කර කර මරනවලු.. තාත්ත මේක දැක්ක විතරයි ගියාලු ලඟට
 "මයි සන් ඔයා ඔය මරන්නෙ හනී බීස් ලව (Honey bees)  නේද ?? ඔයාට මාසයක් යනකන් හනී (Honey) දෙන්නෙ නැහැ"

 ඔහොම තව සතියක් දෙකක් යනකොට සිරිපාල මිදුලෙ සෙල්ලම් කර කර ඉන්න ගමන් මල් වලට ආපු සමනලයො ටිකක් චප්ප කරනවලු.. මේකත් දැක්ක තාත්ත
"ඕ ම්ය් සන් ඔයා ඔය බටර්ෆ්ලයිස් ලාව ( Butterflies) නේද මරන්නෙ ? මාසයක් යනකන් ඔයාට දෙන්නෙ නැහැ බටර් (Butter)"
 දැන් හනී නැහැ.. බටර් නැහැ.. සිරිපාලත් ටිකක් අප්සට් එකේ උන්නලු..එදා රෑ අම්මා කුස්සියෙ කෑම උය උයා ඉන්න කොට ජනේලෙන් පියාඹල ආවලු කැරපොත්තො කීප දෙනෙක්.. මෝර්ටීන් එක ගත්ත අම්ම. දුන්නලු කැරපොත්තො සෙට් එකටම වැඩේ.. තාත්තත් බලා ඉන්නවලු පැත්තකට වෙලා.. සිරිපාල
"අනේ මමී ඔයා ඔය කොක්‍රෝච්ස් ලාව (Cockroaches) නේද මැරුවෙ ?"
ටිකක් වෙලා තාත්ත දිහා බලා හිටපු සිරිපාල
"තාත්තම කියන්වද නැත්නම් මන් කියන්නද ?"

(මෙය ජොනී (ඇම්ඩන්) ගේ කතාවක අනුසාරයෙන් නිර්මානය කරන ලද්දකි.)

12 comments:

  1. අෆොයි.................! තත්ත්පර 20ක් විතර ගියා ලයිට් එක පත්තු වෙන්න. මැක්ස කතාව සහෝ.

    ReplyDelete
  2. සතියක්නම් ඒ හැටි මොකද ඉතින්.....

    ReplyDelete
  3. පට්ට කතාව සහෝ...දිගටම ලියන්න...

    ReplyDelete
  4. අයියෙ උඹ කියල තිබුනෙ නෑනෙ . . . . උඹට පුතෙක් ඉන්න විත්තියක් . . . .

    ReplyDelete
  5. හිහි..හිහි.......එලම තමා..!!

    ReplyDelete
  6. තාත්තට වලක් හාරගෙන බහින්න හිතෙන්න ඇති....

    ReplyDelete
  7. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි

    ReplyDelete
  8. ඕනය පිටුවහල් කොරන එක සමරන්න කෂ්ටිය සැට් වෙනවා කියල ආරංචියක් ආව, වෙලාව දවස කිව්වොත් ...........

    ReplyDelete
  9. මම නම් ටියුබ් ලයිට්ලු ;)

    ReplyDelete
  10. සාතන්.. මේ වෙලාවට තමයි අපෙ ඔබා අයිය ඕනි වෙන්නෙ.. අත්දැකීම් සපිරි වැඩිහිටියනෙ..ටුක් ගාලා ඔය ටියුබ් ලයිට් එක පත්තු කරල දෙයි..

    ReplyDelete
  11. ඔබා අයියෙ තාම ඒ ගැන ප්‍රතිචාරයක් නැහැනෙ..

    ReplyDelete