ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, July 23, 2011

කෝපි එක

මේක ගුවන් යානාවක සිද්ධ වෙච්ච දෙයක්ලු...

සාමාන්‍යයෙන් ඔය ගුවන් ගමනක් අතරතුරදි නියමුවා සේරම මඟීන්ට සැරින් සැරේ ගුවන් ගමන පිළිබඳ විස්තරය, ඉන්නෙ අඩි කීයක් උඩින්ද, ගමනාන්තයට යන වේලාව, කාලගුනය ගැන කියන්වලු.. "ලු" ප්‍රත්‍යය දමන්නෙ තවම අත්දැකීම් නැතිනිසා.. එක ගුවන් ගමනකදී මේ විදියටම විස්තර කියපු
මඟීන්ට බොහොම සුවදායක වෙලාවක් ප්‍රාර්ථනා කරපු නියමුවා.. තමන් කතා කරපු මයික් එක ඕෆ් කරන්න අමතක වෙලා කියනවාලු මෙන්න මෙහෙම අනිත් නියමුවාට

"මට නම් රිලැක්ස් එකක් හම්බ වෙන්නෙ දැන් හොඳ කෝපි එකක් බීලා... ලස්සන ගැනුලමෙක් ලඟ ඉන්නවනම්...කරන දේ දනී.. මුලින්ම කරන්නෙ......"

මේක දැන් ගුවන් මගීන් සේරටම ඇහෙනවනෙ.. ගුවන් සේවිකාවො දෙන්න ගුවන් යානාවෙ සීට් අතරින් බොහොම ඉක්මනට දුවල යනවලු මේ මයික් එක ඕෆ් කරන්න කියන්න..ගුවන් යානාවේ මැද හරියෙ හිටිය ආච්චි අම්ම කෙනෙක් කියනවලු මහා හයියෙන්

"දුවේ
හොඳ කෝපි එකක් ගෙනියන්න අමතක කරන්න එපා"

10 comments:

  1. මරු කතාව! නියමයි ලේනා

    ReplyDelete
  2. මැක්සා .... කතාව. චුටි වුනාය මරු

    ReplyDelete
  3. මොකද්ද ඒ "ලේනා" කතාව . . . . .????

    ReplyDelete
  4. කියන්න එපා විසිතුරු මල්ලි ලේනා කියන්නෙ මොකද්ද කියල !

    ReplyDelete
  5. ඉන්නකො ප්‍රසන්න මමත් දවසක ලියනව ඔය මාලු ලියනව වගෙ දිග කතාවක්..තවමත් සඳා මන් දිහා බලල අමුතු විදියකට හිනා වෙනව..මට මතක් වෙන්නෙ අර දිග එව්ව සහ කොට එව්ව තමයි...

    ReplyDelete
  6. ෂඃ මරු කතාව.ඕනයියගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එකක් හරහා මේ පැත්තට ආවේ.ඔන්න මාත් අද ඉඳං කියවනවා ඔයාගේ බ්ලොග් එක.ඔහොමම ලියන්න දිගටම.මං දැන් බලපු විදියට හැමදාම එක ගානේ ලියල තියනවා... නියමයි....

    ReplyDelete
  7. ඕනයටත් ඕන් නැති ලේනෙක් මීයෙක් නැහැ වගෙ

    ReplyDelete
  8. @ ඕනයා,

    ගොන් හරකො, පොඩ්ඩක් උඩ බිම බලල කතා කොරහන්, තොට ඕනමැන්ටලය,ඇන්ඩ කියනව කියල තොගෙ බ්ලොගේ උඩම මහා ලොකුවට බැනර් ගහල තියෙන්නෙ, ඒ වගේ තමා ලේනත්.

    ReplyDelete
  9. @ඔබ්සර්වර් . . . .
    නොදන්න කමට අහන්නෙ . . . . එතකොට ඔබ්සර්වර් අයිය උඩ බලනකොට "ලේන" පේනවද . . . ???? අයියත් වෙලාවකට ගන දෙයියො වගේ නෙව . . . හික් හික් . . .

    ReplyDelete
  10. කෝපි ගෙනිච්චද දන්නෙ නෑ...

    ReplyDelete