පොත් ප්රදර්ශණේ දෙවැනි දවසත් උදා උනා.. මගේ රාජකාරීමය මට්ටමින් උනත් මට මෙතනට යන්න වෙන නිසාමත් වගේම මාත් ඉතින් වෙනදාට වඩා උදෙන්ම ගියා ප්රදර්ශණ භූමියට .. උදෙන්ම කීවට ඉතින් එතනට යනකොට 10 විතරම උනා..
ඕන් මන් මෙතෙන්ට යන එකට ලෝකයා කයි කතන්දර හදනවා..මන් යන්නෙ පොත් ගන්ඩ නෙවෙයිලු..එතෙන්ට එන ගෑල්ලමයින්ගෙ ෆොටෝ අල්ලන්ඩලු..එතන රෑ වෙනකන් නයිට් ඩියුටි මුර කොරනවලු... අනේ මන්දා... අහිංසක , පරම , පිවිතුරු..සුනිමල අපිට හදන කතා හැබෑටම..ඕම කියන අයගේ කටේ දත් ටික පනුවොම කන්ඩ ඕනි ඕන්...ඒ කියන කතා බොරු නම්...
දුප්පත් මට ඉතින් හාල් පොත වගේ තියෙන කැමරා පොඩ්ඩ අරන් යන්නෙ නැතුව අහවල් එකෙන්යැ ෆොටෝ අල්ලන්නෙ ඕන්...
ඔහොම දෝස්මුර තිබ්බට කාරුවත් හිත් නොහොඳ නෝක්කාඩු කොර ගන්නෙ එහෙම නෑ..
මාත් කාටත් හොරෙන් කම්පනා කොරලා බැලුවා මේ කතන්දර ටික !!!
බොලේ හැබෑවටම මෙච්චර දවස් දෙකක් ගිහිල්ලත් මොනාද ගත්ත පොත්..අනිත් අය පොත් අතින් කටින් එල්ල ගෙන යද්දි..මොනාද ගත්ත පොත් මන් අහන්නෙ ???
ආයිමත් කියවන්න හිතිලා කේ. ජයතිලක ශූරින්ගෙ එකම එක පොතක්... හිකිස්...
පොත් ප්රදර්ශණේට වැඩියෙන්ම එන්නෙ ගෑල්ලමයි නම් ඉතින් ගහන ගහන ෆොටෝ එකට අහු වෙන්නෙ ඒ අයම නොවෙන්නම්...ඒක අහිංසක මගේ වැරැද්දක්ද ?
හරි ඒ වැරැද්ද හෙටම නිවැරදි කර ගන්ඩ පුළුවන්.. හෙට ඉඳන් කැමරාව අල්ලන්නෙම පිරිමින්ගෙ දිහාවට විතරයි... තව කතන්දරයක් හදයිද මන්දා ඒ ගමන... !!!!
චම්මින්ද වෙලගෙදර
තාරකා වාසලමුදලි
අද ඒ කියන්නෙ 20 වෙනිදා ඉක්මනටම යන්න ඕනි..උදෙන්ම ගියොත් නිවී හැනහිල්ලෙ පොත් ටිකක් තෝර ගන්ඩ පුළුවන්.. මාව දැක්කොත් කතා කොරන්ඩලා ඕන් ආඩ්ම්බර කම් පැත්තකින් තියලා..