ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, May 17, 2014

හිට්ස් නම් තම්බලා කන්ඩද ? හෙවත් ආදරබර ස්තූතිය.. Thank you Very much !

මාස 34ක් තිස්සෙ එක දිගටම මේක ඇද ගෙන එන්න පුළුවන් කම තිබ්බෙ මේක බලන්න ආපු මගේ ආදරණීය රසිකයො ටික නිසාම තමයි. මම කවදාවත් ඇස් මට්ටමේ එල්ලා ගන්න නොහිතුව , නමුත් මුල කාලෙ නම් එහෙම එල්ලලා තියා ගෙන හිටිය ලියන්නව කියවන්න ආපු ගණන අද වෙනකොට ලක්ෂ දෙක පැනලා. ඒ නිසාම ඔන්න අහම්බෙන් ඇහැ ගැටිච්ච ඒ ඉලක්කම එල්ල ගත්තා ඇස් මට්ටමේම. 

 සිංහල බ්ලොග් අවකාශයේ කියවන අයව බොහොම වේගයෙන් ආකර්ශනය කර ගන්න පුළුවන් එක මාතෘකාවක් තමයි  දේශපාලනය..තවත් කෙටින්ම කිව්වොත් පවතින ආණ්ඩුවට විරුද්ධව මතයක් දරා ගෙන ඒ සම්බන්ධව ලිපි ලිවීම.ගොඩක් අය ඒ වගේ ලිපි කියවන්න තමයි කැමති. ඒ වගේමයි ඒ වගේ ලිපි කියවලා මතවාද, සංවාද ,විසංවාද ගොඩ නගා ගන්න තමයි බහුතරයක් කැමතියි..සිංහල බ්ලොග් අවකාශයේ හිට්ස් වලින් නම්  ඉහලින්ම තියෙන්නෙ ඒ වගේ බ්ලොග් කිහිපයක් තමයි. මම උනත් වැඩියෙන්ම කියවන්නෙත් ඒ වගේ ලිපි තියෙන බ්ලොග්ම තමයි.

ඒත් මම ලියන්ඩ  අකමැතිම මාතෘකාවත් දේශපාලනය තමයි. ඒක මගේ පුදගලික අකමැත්තක් මිසක් වෙන හේතුවක් නෑ..ඒ වගේමයි ඉතින් මම එහෙම දේශපාලන ලිපි ලිව්වා නම් මේ බ්ලොග් එකේ හිට 20කට 30 කට එහා යන්නෙ නෑ මේ වෙනකම් මොකද එච්චරටම නීරස වෙයි..මට එහෙම ලිපි ලියන්ඩ හැකියාවක් නෑ ඒකයි හේතුව..

ඒ නිසාම මගේ බ්ලොග් ලිපි පිරිලා තියෙන්නෙ මගේම ජීවිත අත්දැකීම එක්ක මිශ්‍ර වෙච්ච කෙටි නිර්මාණ ගොන්නකින් කියනඩ පුලුවන්. එහෙම බහුතරයක් ආකරෂනය කර ගන්ඩ බැරි මාතෘකා ගොන්නකින් ලියලා හොයා ගත්ත ලක්ෂ දෙක මට හරියට වටිනවා... 

කොයි තරම් කාලයක් ගියත් අතීතය නම් අමතක වෙන්නෙ නෑ..මම පටන් ගත්තෙ ලියන්න අවුරුදු ගානකට ඉස්සර මොනවා හරි දෙයක් සර්ච් කරන කොට අපේ චතුෂ මල්ලිගෙ මාරයගේ හෝරාව අහම්බෙන් ඇහැ ගැටුනා..ඒතනින් කියවන්ඩ පටන් ගත්තා..ලින්ක් හරහ සහ ගූගල් වලින් සර්ච් කර කර කියෙව්වා..අවුරුදු ගණනාවක්ම..මම ලියපු පළමුවෙනි කතාව පළ උනේ නම් අන්තිම පේළිය සයිට් එකේ..ඒකට කතා 10 ක් විතර ලියලා තමයි මම මේ ලියන්නා බ්ලොග් එක හදා ගත්තෙ..මුල්ම කමෙන්ටුව දැම්මෙ ඉතින් ආයි වෙන කවුරුත් නෙවෙයි කතන්දර ..මම කියන විදියට කශූ..

ඔහොම පටන් ගත්ත එක.. පෝස්ට් තුන් සිය ගානක් වෙලා කමෙන්ට් මහ බර ගානක් වෙලා..හිට්ස් උනත් ලක්ෂ දෙකක් වෙච්ච එක මට අහිංසක ආඩම්බරයක් තමයි. ඒ වගේමයි මේ බ්ලොග් එක හරහා සහ බුකිය හරහා පටන් ගෙන ඇත්තටම හමු වෙච්ච මිතුරු මිතුරියො කන්දරාව.. මම හිතුවෙ නෑ බොහොම පොඩියට පටන් ගත්ත මේ බ්ලොග් එක හින්දා මෙච්චර දෙයක් වෙයි කියලා නම්..

මෑතදීම සිද්ද උනේ..මම එම්සී එකට ගියා ලැප් එකට අවශ්‍ය බඩු වගයක් ගන්න. යුනිටි එක යට තියෙන පෙරේරා ඇන්ස් සන්ස් එකෙන් අයිස් කෝපි එකක් බීලා එළියට එනකොට මාත් එක්ක හිනා වෙච්ච හාදයා...
ඔහු  කතා කරලා අඳුන්වලා දුන් නිසාවෙන දැන ගත්තෙ අජිත් කියන ඔහු මගේ බ්ලොග් එක මුල කාලෙ ඉඳලම කියවපු කෙනෙක්..ඒ වගේ සිදුවීම් අනන්තවත් උනා මේ පොඩි කාල සීමාව ඇතුලෙ...

පහු ගිය කාලෙ තිස්සෙම වැඩ අධික වීමත් එක්කම බ්ලොග් එක ලියන එක සහ සහෘද බ්ලොග් වල කමෙන්ට් දමන එක පොඩ්ඩක් අඩු උනත්.. ආයිමත් මේ වැඩ ටික එහෙ මෙහෙ උන ගමන්ම පටන් ගන්න ඕනි ඒක..
හිට්ස් තම්බලා කන්ඩද කියලා ටොපික් එක දැම්මට හිට්ස් සහ කමෙන්ට් වලින් එන ආත්ම තෘප්තිය නම් මිල කරන්න බෑ..ඒ සතුටම තමයි නැවත නැවතත් මොනවා හරි ලියන්න කියලා අපේ හිත උනන්දු කරවන්නෙත්..
එහෙනම් මාත් එක්ක මේ වෙනකම් හිටිය මට ලොකු හයියක් වෙච්ච මගේ සහෘද කැලට මගේ හද පිරි ගෞරවාන්විත ස්තූතිය මෙහෙම පුද කරන්නම්...

http://herbtrends.com/6-medicinal-flowers/

71 comments:

  1. උණුසුම් සුබ පැතුම් වෙනී. හිටස් හා කමෙන්ට් ගෙනෙන ආත්ම තෘප්තිය කියා මිල කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. ඇයි නලින් ඒ සහෘදයන්ම පෞද්ගලිකවත් දැන හඳුනා ගන්න ලැබීම සහ අපේ ජීවිත වලට සමීප වීම පුන්චි දෙයකින් කොයි තරම් නම් ලොකු ලෝකයක් අපි වෙත එනවද අප්පා !

      Delete
  2. Replies
    1. ස්තූතියි සහෝදර බොහොමත්ම..හම පෝස්ට් එකටම කමෙන්ට් නොකලත් දන්නවා කියවනවා කියලා..

      Delete
  3. ඔබගේ ස්තුතියට අපගේ ප්‍රමාණය වැරදුනා ප්‍රණාමය ..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මැලේ රාළ, මතකයි ඔබ කාලයක් මාත් එක්ක රැඳිලා ඉන්න බව..සතුටුයි ඒ ගැන..

      Delete
  4. Replies
    1. ස්තූතියි චෙෆ්..ඒ පැත්තෙ රවුමක් ගහලා ආවෙ..ඕන් ඔබට ලියන්ඩ ගොඩක් දේවල් තියෙයි වගේ..

      Delete
  5. බ්ලොග් කියන්නෙම හිට්ස් හා කොමෙන්ට්ස්. ඒකයි හිට්ස් කොමෙන්ට්ස් නැති උන් හැලිලා යන්නේ. අනික මේකේ පොරවල් නෑ. ඔක්කෝම එක ලෙවල්. උඹ අපි හම්බ උනෙත් බ්ලොග් නිසානේ. උඹ මට හම්බ වෙච්ච රත්තරන් මනුස්සයෙක්. අහිංසක මනුස්සයෙක්. එළකිරි මචෝ. කීපීටප්....

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් බ්ලොග් නම් හිට්ස් සහ කමෙන්ට්ස් තමයි ඉතින් ඊට පස්සෙ එකතු වෙන සහෘදයන් සමූහය තමයි ගොඩක්ම වටින්නෙ..

      Delete
  6. දෙකට උණුසුම් සුබ පැතුම්. තුනත් පන්නගන්න ඉක්මනටහ හැකිවේවා !
    හිට්ස් තම්බල කන්න එපා අයියා. ඔය කොළ. 07 එකෙන් මොනව හරි අරගෙන තම්බල කන්න. :D

    ReplyDelete
    Replies
    1. තුන පන්නන්න නම් තව කාලයක් යයි ප්‍රසා එන්න එන්නම වැඩ අධික වෙනවා මිසක් ආයි අඩුවක් නම් නෑ..හැබැයි එතකොටත් ඛොම හරි වෙලාව බැලන්ස් කර ගන්න දත කන අස්සෙ ටික ටික ලියන්න පුළුවන්..

      Delete
  7. හද පත්ලෙන්ම සුබ පතමි.තව තව හිට්ස් කමෙන්ට්ස් වැඩිවෙන්නට වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඒ පැතුම ඇතුලේ දවසක හමු වෙන්න කියලත් පතමු හැලපෙ අයියා ..

      Delete
  8. හිට්ස් ගැන මමත් සැලකිලිමත්..හැමවිටම මම වැඩි පාඨක පිරිසක ට යන්න උත්සහ කරනවා..ඒත් මම හිට්ස් බලා ගෙන ලියන්න, මාතෲකා හදා ගන්නේ නෑ....එහිට්ස් බලා ගෙන නොලිවිය යුතු බව මම ඉගෙන ගත්තේ ක‍ටුක පාඩමකින්....හැමවිටම ලියන දෙය වචන නැමැති ලස්සන දවටනයේ ඔතලා දෙනවා මිසක් හිට්ස් බලා ගෙන ලිවිය යුතු දේ තීරනය කිරීම නොකල යුතු බව මෙහි ප්‍රතිපත්තියයි.

    best wishes for 200000

    ReplyDelete
    Replies
    1. ඔව් මයියා මම ඔයහිට් කවුන්ටරේ සෑහෙන කාලයක් එළියෙ තිබ්බෙත් නෑ..බැලුනෙත් නෑ..ඒ ගැන වද නොවී ඔහේ ලියා ගෙන ගියා..එහෙම කරන කොටයි මේක දැක්කෙ..ඉතින් සතුටු හිතුනා.

      Delete
  9. වැදගත් සැබෑ ජීවිතේදි අපේ බ්ලොග් කියවන මිනිස්සු සමාර විදියට අපි නිකං හෙන පොරවල් විදියට දකිනවා. එතකොට නං මට පොඩි කිතියක් එනවා.

    ReplyDelete
    Replies
    1. අමිල මල්ලිගෙ දාර්ශනික බ්ලොග් පෝස්ට් වල දි නම් එහෙම තමයි..මගේ ජෝක් කතා මතක් කරලා හිනා වෙන කොට මටත් පොඩි සතුටක් එනවා තමයි.

      Delete
  10. මගෙන් සුබ පැතුම්, මන් අදමයි ඔයාගේ බ්ලොග් එකට ආවේ, දිගටම ලියන්න නිදහස සහ අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි එහෙනම් හැමදාම එන්නකො..

      Delete
  11. ඔබ හැමදාමත් ආදරණීය බ්ලොග් සහෘදයෙක්. ඒ වගේම ඔබගේ බ්ලොග් පෝස්ට් බොහොම නිර්මාණාත්මක සහ රසවත්. ඉතින් ඔබට තව බොහෝ දුර යන්නට සුබපැතුම්. ජය...! (වෙනී අයියෙ නරකද කෙටිකතා පොතක් ගැහුවොත්?)

    ReplyDelete
    Replies
    1. අනිත් හැමෝම එහෙම ආදරණීය සහෘදයො වෙනකොට අපිත් එහෙම වෙනවනෙ මල්ලි..තව කාලයක් ඉඳලා කෙටි කතා පොතක් ලියමු නේද ?

      Delete
  12. හිට් කමෙන්ට් මොක වුනත් මේ බ්ලොග් කෙරුවාවෙන් නියම මිනිස්සු සෙට් එකක් අදුන ගත්ත.අයියෙ උබත් එකෙක්.මගෙ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අන්තිම වෙනකන් එකට ඉන්නෙ ඒ මනුස්සයො සෙට් එකම තම්යි මල්ලි.ඒකම තමයි වටින්නෙම..

      Delete
  13. උඹට රහට ලියන්න පුළුවන්කම වගේම මිතුරන් දිනාගැනීමේ වාසනාවත් තියෙනවා. ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක්..වෙලාව කලාව පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් ඉක්මනටම නැවතත් ලැබෙයි ඒ අවස්ථාව ආයිමත්..

      Delete
  14. ලියන්නා නොලියන්නා වීම ගැන මුලින්ම අවංක විරෝධය!!

    ලස්ස දෙකක් හිට්ස් තීන එකා බලන්න ඕන දෙක තුන කරගන්න ක්‍රම. කොහෙද රාජ්‍ය සේවකයො උනාම ඉතින් දියුණුව ගැන හිතනව අඩුයිනෙ කොහොමත්.

    එහෙනං මං ගියා, දෙක තුන උනු දාක උන්නොත් එන්නං සුභ පතන්න.

    එතකල්, මම ඈත ඉඳන් දැකපු වෙනී නම් සොඳුරු මිනිසාට විතරක් ජය පතනව.!

    ReplyDelete
    Replies
    1. ඊළඟට එන්න ඉස්සෙල්ලා ඇත්තටම හමු වෙන්න අවථාවක් එන්නත් පුළ්වන් ඉන්දික..

      Delete
  15. වැදගත් තැනක මුල් තැන ලැබී ඇත්තේ මටද නිකං ඇන්ටන් ෂෙල්ටා වගේ?

    මගෙනුත් සුභ පැතුම් වෙනී.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කශූ නේන්නම් ඉතින් මුල්ම සලකුණ තියලා ගියේ..

      Delete
  16. තම්බන්නේ නැතිව පොඩ්ඩක් තෙම්පරාදු කරලා ගත්තනම් මල් පහයි! ජය ඈ!!

    ReplyDelete
    Replies
    1. තෙම්පරාදුවක් දාන්න ඕනි මලයා රහට හැකි ඉක්මනින්ම..

      Delete
  17. ලක්ෂ දෙක වෙනුවෙන් වෙනීට සුභපැතුම්. අපි දෙන්නම පටන් අරගෙන තියෙන්නෙ එකම කාලෙක. මම මාසයකට විතර වැඩිමල්. නමුත් ඒකාලෙ මම හිතුවෙ වෙනී සෑහෙන්න පරණ පොරක් වෙන්න ඇති කියල.

    දේශපාලනයට හිට්ස් අඩුයි වෙනී. හිට්ස් තියෙන්නෙ කතන්දර වලට. කොහොම නමුත් දේශපාලන ලිපි නොලිව්වට අපිට බෑ නෙව දේශපාලනයෙන් ස්වායත්ත වෙන්න. ඒ නිසා අත්දැකීම් තියන කෙනෙක් විදියට කමෙන්ට් නොකිරීම අනුමත කරන්නෙ නෑ.

    දැන් දැන් කතන්දර ලියවෙනවත් අඩුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රාජ්ට සුබ පතන්න ගිහින්ම තමයි මාත් මගේ හිට්ස් බැලුවෙ.. දැන් නම් කතන්දර ලියවෙනවා නම් අඩුයි තමයි..

      Delete
  18. අප්පේ බ්ලොග් එක්ක ඇනිවසරි එක්ක පය ගහන්න වෙන්නෙ මට මද මංද... මේ කීවෙනි වතාවද මටත් මතක නෑ...
    අදමනෙ ආවෙ එන්නං හැමදාම..
    කමෙන්ට් වැහි වහින හිට්ස් දෝරෙගලන හැපි ඇනිවසරියක් වේවා

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ ඉඩ නිවාඩු ලැබෙන අනාගතයක් ආවොත් ඉතින් ගොඩ තමයි..

      Delete
  19. හිට්ස් කොමෙන්ට්ස් නැති නම් බ්ලොග් කෙරුවාවක් මහ ලොකු කාලයක් තියෙන්නේ නෑ අයියන්ඩී . . . උඹ උඹේ ලිපි වලින් කියන ජාතියෙම ගෙන්දගම් පොලොවේ පය ගහල ඉන්න සංවේදී මිනිහා කියලා මම දැනගත්තේ උඹව හෑබෙවටම දැන් අඳුනා ගත්තු කාලෙමයි. ජය වේවා වෙනී අයියා

    ReplyDelete
    Replies
    1. ආයි හමු වෙලා කතා බහ කරන්න කාලයක් එයි කියලත් හිතනවා දුකා මල්ලි..

      Delete
  20. හිට්ස් නෙවෙයි වැදගත් වෙනි. ඔබ ලියන දේ. ඔබ මටනම් වැදගත්. ලියන්න දිගටම. මගෙන් උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමා වැදගත් වෙන්නෙ ලියන එක තමයි..ඒකෙ ප්‍රතිපල තමයි මේ..ස්තූතියි..

      Delete
  21. Replies
    1. ආ මේ ඉන්නෙ ලාන්කීය සින්ඩියෙන් දීපු සපෝට් තමයි මේත්..

      Delete
  22. සුභ පැතුම් වෙනි... ජයවේවා..!!!

    ReplyDelete
  23. සුබ පැතුම් !!! දවස් තුනක නිවාඩුවක් ගත් නිසා ප්‍රමාද වුණා.

    ReplyDelete
  24. සුභ පැතුම් වෙනී.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  25. හද පතුලෙන් නැගෙන උණුසුම් සුබ පැතුම් වෙනී...:)

    ReplyDelete
  26. අවුරුදු දෙකට චුට්ටක් වැඩි කලක් ගිහින්
    හිට්ස් ලක්ෂ දෙක පන්නා වෙනී නමින්
    ඉරිසියාවේ බෑ අප්පා හද පතුලෙන්
    නැගෙනා මගේ සුපැතුම් වෙනියෝ අරගන්

    ReplyDelete
  27. ලක්ස දෙකට සුභ පැතුම් වෙනී!

    ReplyDelete
  28. සුභ පැතුම් වෙනී. අල්ලපු ගෙදර නංගිලගේ පෑන්ටීස් බලන්න ඇවිත් මමත් උඹත් එක්ක කොච්චර දුරක් ඇවිත්ද! උඹේ Facebook ගිණුම හැක් කරලා දැම්මනම් උඹ මීට අවුරුද්ද්කට කලින් 200000ගහන්නේ.

    ReplyDelete
  29. හප්පා.. දවසක්දා මොකෙක්ද මංදා කලුම කලුපාට බුවෙක්..ටයි පොල්ලකුත් එල්ලං මතක හැටියටනං තඩි සන්ග්ලාස් දෙකකුත් දාං.. (මට අර ඉන්දියන් කාරයව උඹත් එක්ක නිතරම පැටගෙන හින්දද මංදා) මට පතරංග මැසේජ් එකක් එවලා තිබුනා කියලා මතකයි... කවුද හිතුවේ එදා මේ යකා බ්ලොග් ලියයි... හිට් ගනී.. අන්තිමට මෙහෙම පෝස්ට් එකක් දායි කියලා... :D

    කොහොම උනත් බ්ලොග් ලියන්න ආවට පස්සේ දැන අදුරගත්තු උන්ගෙන් අවුලක් නැතිව ආස්සරේ කරන්න ඇහැකි.. බය නැතිව දෙයක් කියන්න ඇහැකි.. හේතු ඇතිව නැතිව මරාගන්න ඇහැකි සෙට් එකේ එකෙක් හැටියටයි මං උඹව දකින්නේ.. තව ඉතිං එහෙම බුවාලා ඉන්නේ කිහිපයයි.. අර වයසක මුවන් තිස්ස.. එතකොට අර කොට ඇල්පේනිස් වගේ උනුත් ඒ ගොඩේ... :D

    වැඩි හරිය ඉතිං එකට කාලා පුකට කෙලින උන් වෙච්චි කොට මොකා තරහා උනත් ඇත්ත කියන්න එපෑ... එහෙම උන් අස්සේ හම්බු වෙච්ච මනුස්ස පරාණයක් උන බොට මේ වගේ අවස්ථාවක සුභ නොපතා කොහොමද..?

    සුභ පැතුම් වෙනී අංකල්... :D
    තව තවත් ලියන්ට කියන්ට.. කොමෙන්ට්ස් හිට් හම්බු කොරන්ට හැකියාව වාසනාව හිමි වේවා..!

    ගෙහුං එඤ්ඤං ඈ...

    ReplyDelete
  30. සුභ පැතුම් වෙනී අයියා..මංනං මේක කියවන්න ගත්තෙ මේ ළඟදි..
    ලක්ෂ තුනත් ඉක්මනට පන්න ගන්න ලැබේවා..

    ReplyDelete
  31. අනේ මංදන්නෑ මුන්දැට ඉංගිරිස් වචනයක් අහුවුනොත් ඒකත් තම්බන් කන්න හදනවා. අපි නොදන්න ඇස්පරගස් කිව්වලු. හිට්ස් කියන්නේ වෙනී අයියෙ තම්බල කන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනිමනම් ඉල්ලන් කන්න පුළුවන් දෙයක්. ඕන්නම් මන්කියන්නැහේ සද්දකෝසෙක ගහල බලන්නකෝ Hits කියල.

    මම සින්ඩියක් විදියට පාවිච්චි කරන්නෙත් මේක තමයි. එතකොට නොදැනුවත්වම මාත් බොට අම්බානෙක ගහල තියෙනවා ඈ.... :O

    ජයවේවා!!!!!

    ReplyDelete
  32. බ්ලොග් ලෝකයේ මා දැක ඇති නිහතමානී වගේම අහිංසක චරිතයක් වෙනී මාමා...හෙවත් වෙනී අයියා...ඔබ මා මුලිච්චි වූ වෙලාවෙත් මට ඉතාම නිරහංකාරව බ්ලොග්කරණය පිළිබද ඔවදන් රැසක් ලබා දුන් බව මට මේ මොහොතේ සිහිපත් වෙනවා...ඔබේ රසවත් ලියවිලි වැඩි වැඩියෙන් ලියවෙන වසරක් බවට මේ වසර පත් වේවා....අපිට ජය වේවා !

    ReplyDelete
  33. ඔන්න එහෙනම් ඒ කඩඉමට අඟහරු වාසීන්ගෙන් සුභ පැතුම්! මම බ්ලොග් ලෝකේ සහ සාමාන්‍ය සමාජෙත් දැකපු සැමදා සිනාවෙන් පිරි පුද්ගලයෙක් තමා වෙනී අයියා.. අපිට වඩා සෑහෙන්න වයස් උනත් කිසි අවුලක් නැතුව ගෙට් දෙකේදීම හිනා වෙලා කතා කළා..
    ඔය දේශපාලු පෝස්ට් තියනවා නේද... මට පේන්න බෑ.. ඉලව්.

    ReplyDelete
  34. වෙනී අයියා ජය.!!!

    ReplyDelete
  35. සුබ පැතුම් වෙනි. ඔබ හොඳ ලියන්නෙක්

    ReplyDelete
  36. වෙනී සුභ පැතුම්...

    මමත් දැක්ක විදියට අපි කියන ඕනම විකාරයකට හිනා වෙලා ඉන්න පුළුවන් කෙනෙක් තමා උඹ. ඒ අතින් උඹ ග්‍රේඩ්.. ඒ වගේම තමා උඹේ ජීවන අත්දැකීම් පාදක වෙච්චි කතා වලට මං බොහොම මනාපයි. වරක් කකා කිව්වා ඒ වගේ කතා ලියන්න උඹ රුසියෙක් කියල මගේ පෝස්ට් එකකදී .ඒ තක්සේරුවත් ඉතාම වැදගත්.

    ඊටත් වඩා මං අගය කරන්නේ උඹට තියෙන මනුස්සකම. ඒක අති ඉහලයි. දන්නවනේ අපි බොට එක වචනයක් මුණූපොතේ හිත හොදින් කියල තියේද නැහැනේ. ඒකම මදෑ උඹ කව්ද කියල තේරුම් ගන්න.. හැක්.. ජය වේවා වෙනී..

    ReplyDelete
  37. සුභ පැතුම් දෙලක්ෂෙට...

    විසිලක්ෂයකට සැලසුම් කරමු.

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!111111111111111111111111111111

    ReplyDelete
  38. ආඩම්බරයි ආඩම්බරයි.. ..

    ReplyDelete
  39. කාටද ආඩම්බර

    ReplyDelete
  40. සු භ වේවා අයියේ

    ReplyDelete
  41. වෙනි අය්යගෙ දෙකට ජය වේවා!!!

    ReplyDelete
  42. වෙනීගේ නොයෙකුත් ආකාරයේ ලිපි මම කියවා ඇත්තෙමි. උඹට ඇති රසවත්ව ලිවීමේ හැකියාව නිසා ප්‍රමාදව හෝ පැමිණ කියවන්නෙමි. ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
  43. සුබ පැතුම් මිත්‍රයා !

    ReplyDelete
  44. අය්යා උඹේ ඔය හොම්බෙ තියෙන තඩිපොල්ල වගෙ සැවුලේ තියෙන ගස් වගේ හිටස් කමෙන්ට් ලැබෙවා..!

    ReplyDelete
  45. පරක්කු වුණා. සුභ පැතුම් වෙනී. වෙනී ගෙ ලියවිල්ලේ මම දකින විශේෂත්වය තමයි, හැම පොඩි දෙයක් ගැනම දක්වන සැලකිල්ල. යමක් ලියන්න පෙර ඒ ගැන හොඳ හැදෑරීමක් කරන බව ලියවිලි වලින් පේනවා.

    ReplyDelete
  46. කමෙන්ට් වලින් සුබ පැතූ සියල්ලටම මගේ හෘදයා0ගම ස්තූතිය..

    ReplyDelete
  47. සුභපැතුම් වෙනි.. කොන්ඩම් එකක් අරගෙන ඉන්ටවිව් ගිය හැටි කියවන්න ඇවිත් මමත් කමෙන්ට් නොකලත් කලත් මෙතනට එනවා. වෙලාවකට අපිව මීයෝ කරගෙන පරීක්ෂණ කරන වෙලාවකට පට්ට සිරා කතා අඬන්න කියන්න මීට වඩා කෙනෙක් ගැන මම දන්නේ නෑ අවංකව.

    ReplyDelete
  48. This comment has been removed by the author.

    ReplyDelete
  49. සුබ පැතුම් වෙනියෝ....!!!!!! :)

    ReplyDelete
  50. හිට්ස්නම් තම්බලා කන්නද ? කමෙන්ට්ස් වලින්නම් පුළුවන් රස වැංජනයක් හදා ගන්න..

    සුබ පැතුම් වෙනිස් අයියා..

    ReplyDelete