---------------------------------------------------------------------------------------------------------------------
"ලියන්නා ඔය ඕෆ් වෙන්නද හදන්නෙ ? තවම ඕෆ් වෙන වෙලාව ආවෙ නැහැ නේද? "
"සර් මට හරියටම දහයට තමයි බස් එක තියෙන්නෙ..ඒක මිස් වුණොත් ඊ ළඟ බස් එකට යන්න බැරි වෙනවා සර් ඒකයි මගේ වැඩ ටික ඉක්මනට ඉවර කළේ"
"වැඩ ටික උඩින් පල්ලෙන් ගහලා දමන්න ඇති..කෝ දැන් හෙට ඕනි කරන රෙකෝර්ඩ් ටික. බලනවා ඒ ටික කරලා නෑ. "
"සර් ඔය අද ෆයිල් එක. හෙට ගන්න ඕනි ෆයිල් එකේ සේරම දමලා ඇති"
"තමුසෙලා ජොබ් එකට එනකොට නම් කලින් යන්න දඟලන කතන්දර නෑ..කියන වෙලාව එනකන් ඉන්නවා කියලයි එන්නෙ. සෙට් කර ගන්නවකො මේ අහල පහළ බෝඩිමක්. හොයා ගෙන තියෙන්නෙත් කොළඹ අන්තිම කෙළවරේ.."
බොහෝමයක් පුද්ගලික ආරක්ෂක සේවාවල රැකියා ජීවිතය මෙහෙම තමයි.. හොඳම ලොක්කෙක් ලබන්න නම් වාසනා කරලා තියෙන්න ඕනි.. පිළිතුරු දෙන්න ගිහින් මේ වාදය දිග්ගස්ස ගෙන මට අන්තිම බස් එක වරද්දා ගන්න බෑ..ඒ නිසාම නිහඬ බව අවස්ථානුකූලව උචිත යැයි මට වැටහී ගිය බැවින්..
....ලියන්නා පුතා ඔයා මොන අවස්ථාවට මුහුණ දුන්නත් ආයි ආවේගශීලී වෙන්න නම් බෑ..ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් මුලින්ම හිතන්න ඒ අවස්ථාව කොයි තරම් වෙලාවක් දරා ගන්න වෙයිද කියලා ඔයාම අනුමාන කර ගන්න. ඊට පස්සෙ ඒ කාලයට හරි යන්න යම්කිසි ගානක ඉඳන් අවරෝහණ ක්‍රමයට හිතෙන් ගණන් කරන්න පටන් ගන්න. එතකොට ඔයාටම දැනෙයි ඔයාගෙ ආවේගශීලි බව අඩු වෙනවා.. ඊට වඩා මන් කියන්න ඕනි නැහැනෙ.අපි මෙච්චර දවස් ඔයාව දැනුවත් කරපු දේවල් මතකයේ තියා ගන්න...
ගුරු පියාණන් කෙනකුගේ බඳු එම වෛද්‍ය ඔවදන් එදින පටන් මාගේ ජීවිතාරක්ෂකයෙකු බවට පත්වූ ආකාරය නම් ඉතා පුදුමාකාරය.
50,49,48,47,46,45…….
"තමුසෙ හෙටවත් වෙලාවට එනවා.. දැන් දවස් කීයක් පරක්කු වෙලා ආවද?"
37,36,35,35,34,.......
"අන්තිම චාන්ස් එක තමයි මේක..මන් හෙඩ් ඔෆිස් එකට දන්වල යවනවා එතකොට ඉවරයිනෙ.."
20,19,18,17,....
"එකෙක් මෙහෙම කරනකොට මන් කොහොමද අනිත් අයව කන්ට්‍රෝල් කරන්නෙ?"
10,9,8,7,6,5,..
"හොඳයි සර් මන් එහෙනම් යනවා.. ගුඩ් නයිට් ! "
"හ්ම්..."
එක අතක ඇති දිගු කුඩයට වාරු වෙමින් මම හනි හනිකට බස් නැවතුම වෙත පිය නැගුවෙමි..මීට සති කීපයකට ප්‍රථම මගේ ප්‍රධානියාට අවශ්‍ය ආකාරයට මගේ හෘද්‍යසාක්ෂිය විකුණූයේ නම් මෙවන් අසාධාරණ වූ දෝෂාරෝපණ වලට ලක් නොවන්නට ඉඩ තිබිණි. මස් රාත්තලම ඉල්ලන සමාජයක නියම කොටසක් වූ වර්තමාන ප්‍රධානියාගෙන් මීට ප්‍රථම සිටි ප්‍රධානියාගෙන් මෙන් කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වීම ඉදිරියේ පසුතැවිලි වීමට හේතුකාරක විය හැකි බැවින් එය ඉවත දමා බොහෝ කල්ය. මගේ වැරදි වලට බනින කොට නම් එය හදා ගන්න බැරියැ..මට අදාළ නොවන බැණුම් මා කනකට වත් නොගන්නේ එම හේතුව නිසාය.
අද දින නම් බසය වෙනදාට වඩා සෙනඟ පිරී ඇත. සහතිකවම මීට පෙර පැමිණිය යුතුව තිබූ බසය අවලංගු වන්නට ඇත. විනාඩි 45කට වඩා යා යුතු වූ දුෂ්කර ගමන.. සීට් එකක් අයිනට වුණා නම් එක් කකුලක් සීට් එකට හේත්තු කරගෙන ටිකක් හරි පහසුවෙන් ඉන්න පුළුවන් වෙයි යන සිතුවිල්ලත් සමඟ මා බසයට නැගුනෙමි. විනෝද චාරිකාවකට හෝ එවන් ගමනකට ගොස් ආපසු එන තරුණ පිරිසකින් බසය පිරී ගොස් තිබුණි. පාසල හැර ගිය සැනින්ම රැකියාවට යොමු වූවායැයි සිතිය හැකි තරුණ තරුණියන් පිරිසකි ඒ. නවීන පන්නයට නෑකම් කියමින් යාන්තමින් විලි වසා ගත් ඔවුන්, ඔවුන්ගේ ලෝක වල සිනා සලමින් බසය ඔවුන්ගේම කර ගනිමින් දඟලමින් පිස්සු කෙළිමින් සිටියෝය. බසයේ පසු පස දොරටුවෙන් නැගි මා බසය පුරා බැල්මක් හෙළුවේ මදක් හෝ පහසුවෙන් හිට ගෙන යා හැක්කේ කොතනද යන්න සෙවීමටය. බසයේ ඉදිරියේම අසුන ළඟ මද ඉඩක් පෙනෙන්නට තිබුණි. ඉතා සීරුවෙන් බසයේ අසුන් අතර දෙපේළියට සිටින සැමගේම නොරිස්සුම් බැල්මන් ඉවසා ගනිමින් මම හෙමිහිට මගේ ක්ෂේම භූමිය අසලට ඇදුනි. මට අවැසි තරමට එතැන ඉඩ තිබුණත්..ඒ ළඟම සිටි තරුණියන් රොත්ත මා දෙස බලන්නට වූයේ මහත් නොරිස්සුමකින් මෙනි .
"එක්ස්කියුස් මී මිස්.."
කොඳුරමින් මා මගේ ආරක්ෂිත ස්ථානයට පැමිණීමට හැකි විය. බසයේ උඩ ඇති රාක්කයට බෑගය දැමූ මා දිගු සුසුමක් හෙළමින්.. ඉදිරි අසුන හා බසයේ රියැදුරු අතර ඇති වැට මතට මගේ බර යාන්තමින් සැහැල්ලු කළේ දකුණු කකුලෙන් පැමිණෙන වේදනාව දරා ගනිමිනි. අත තිබූ කුඩය එම කකුලට ආධාරකයක් වන සේ තබා තරමක සැහැල්ලුවක් ගත් මා දෑස පියා ගත්තේ... මද හෝ සැනසීමක් ගැනීමටයි.
බසය පුරාම පැතිර යන කෙළිලොල් හිනා හඬ කියා පාන්නේ වගකීමක්, බරක් පතලක් නැති සොඳුරුම සොඳුරු තරුණ දිවියේ ප්‍රීතිමත් ස්වභාවයයි.. කෙළි කවට හිනා හඬ මා සිතට දැනෙන්නෙ දවස පුරාම වූ තෙහෙට්ටු ගතිය පලවා හරින ඖෂධයක් ශරීරය පුරා ගල්වන්නාක් මෙන් හැඟීමකි. වරින් වර නැගෙන පාදයේ වේදනාව මදින් මද දුරස් වේ.. බසය රළු පාර පුරා උඩ පනිමින් එහාට මෙහාට පැද්දෙමින් ඇදෙන්නේ කුඩා කොලු ගැටයෙකු මවගේ සුරතින් මිදී පාර පුරා දුවයන හිතුවක්කාර ගමන් විලාසය සිහිපත් කරමිනි. දෑසට දැනෙන කෙඩෙත්තු ස්වභාවය නිවා ගැනීමට මා දෙනෙත් වසා ගත්තේ..හෙටින් එළඹෙන සතිය පුරාවට මා අනිවාර්යෙන්ම කළයුතු කාර්යයන් සිහිපත් කර ගැනීමට උත්සාහ දරා ගනිමිනි. හෙට උදෑසනින්ම සේවා ස්ථානයට පැමිණිය යුතුව ඇත. මා සිත තුල කිසිම ක්‍රෝධයක් නැතත් මාගේ ප්‍රධානියා යම් විවේචනයක් ප්‍රධාන කාර්‍යාලයට දැන්වුවහොත් අලි මදිවට හරක් සේ තවත් ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට වනු නියතය. වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඉඩක් ඇත්තේම නැත . දැනට තිබෙන වියදම් සහ ලැබෙන පඩිය තුලිත කරන්නට සිදු වන නිසාම දුර ප්‍රශ්නයක් වූවත් ඉතා අඩු මුදලක් ගෙවන මාගේ වර්තමාන කුලී නිවාසය අත හැර දැමිය නොහැක.. පඩි පත අතට ගත් වහාම කල යුතු කාරණා අතර මුල් කාරණය වන්නේ දැනට අපහසුවෙන් වූවත් පැළඳීමට වී තිබෙන කල් පැන ගිය කිට් එක...
"වට් අ ෆ... දැන් කී සැරයක් නම් කකුලෙ අත හැප්පුවද ? එක සැරයක් දෙකක් ඉවසුවා.. ඒ මදිවට කකුල හේත්තු කර ගන්නවා මගේ ඇඟේ.. බලන්න අයියෙ ?"
එක් වරම මා සිතුවිලි ලොවෙන් ඇද දැමූවේ දෙසවන් අසලින්ම ඇසුණු කෝප සහගත කට හඬකින් හා සියුමැලි අතකින් මා තල්ලු කර දමන වෑයමකින්ය. අනපේක්ෂිත සිද්ධිය නිසාම මා මගේ කකුලට වාරු කරගෙන තිබූ කුඩය මා අතින් ගිලිහී ගිය අතර ශරීරයේ සමබරතාවය රැක ගැනීමට එම අතින් බසයේ අසුන් ගරාදිය අල්ලා ගතිමි. ශරීරය සමබර වූයේ අසල වූ අනිත් තරුණියගේ නිතඹේ මගේ මුලු ශරීරයම ගැටීමත් සමඟය. ඇයද නොරිස්සුම් හඬින්
"මේ වනචරයො එක්ක බස් එකක වත් යන්න බෑ අප්පා.."
අවට සිටියවුන් නොසන්සුන් වනවාත් සමඟම.. ඔවුන් අතරේ සිටි තරුණයන් කිහිප දෙනා එම තරුණියන් අතරින් මා දෙසට එන්නට විය.
"මුන් බස් වල එක්ක යන්න වටින්නෙ නෑ.. ඇදලා එළියට දමමු මචන්.."
"කෙල්ලෙක් ජීවිතේට දැකලා නැති අසහනකාරයො.. බලහන් බීලාද කොහෙද ඉන්නෙත්.. "
"ඔව් ඔව් හරියට කෙළින් ඉන්නවත් බෑ"
මීට පෙර සිදු වූ අත්දැකීම් වලින් මා උගෙන සිටියේ මෙවන් අවස්ථාවලදි කටහඬ අවදි කර තත්වය උග්‍ර කර ගන්නවාට වඩා නිහඬව සිටීම නුවණට හුරු බවයි.මාස දෙකකට පමණ පෙර මා බීමතින් සිටිනවා යැයි සිතා මෙවැනිම තරුණයන් පිරිසක් මා බසයෙන් ඇද දැමූ විට මා හට සිදුවූ අකරතැබ්බය මා හට තවමත් මතක නිසාම..
999,998,997,996,995 .....
"ඩ්‍රයිවර් අයියෙ නවත්වන්න බස් එක ඉස්සරහා.. මූව එළියට දමන්න."
එක් අයකු මාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ගත් අතර..
"මල්ලි ඔයාලට වැරදීමක් වෙලා.."
වාක්‍යය අවසන් කරන්නට මා හට ඉඩ නොලැබුනි.
"කොහෙද යකෝ වරදින්නෙ ..කොහෙද? "
කලිසමේ බඳ පටිය තදින් අල්ලා ගත් කාය වර්ධන ශූරයකු බඳු තරුණයා.. මා දෙස විමසිලිමත්ව බලමින් රකුසු කර ගත් මුහුණින් යුතුව...
ඔහු මිටි කරගත් අත සහ තද කරගත් ඇඟිලි වලින් ඔහුගේ අත ගෙන ගියේ මාගේ යටි බඩ දෙසටයි...
එක්වරම.. දෑස් විශාල වී.. වඩාත් විමසුම් බැල්මක් මා වෙත යොමන්නට විය.
" තමුසෙලා බස් එක ඇතුළෙ වලි දමා ගන්නව නෙවෙයි..මන් අල්ලනවා බස් එක පොලීසියට ඉස්සරහ තියෙන.. "
ඒ බස් රියදුරුගේ රළු කටහඬයි.. මගේ යටිබඩ මිරිකූ තරුණයාගේ දෑස තවමත් විශාලය.. කමිස කොලරය අල්ලා ගෙන සිටි තරුණයාගේ අතින් මා මුදවාලූ ඔහු..
"අතෑරලා දමමු මචන්.."
සිහින් හඬින් මිතුරාට කීවේය.
"ඇයි ? ඇයි ? ඇදලා දමමු මචන් එළියට මූව.."
"කියන එක අහපන් බන්..මේක අත ඇරලා දමමු.."
"ඔය ළමයි දෙන්නා මෙතන ඉඳ ගන්න.."
අසල වූ අසුනේ සිටි දෙදෙනා පෙර කලබල කල තරුණියන් දෙදෙනාට එම අසුන පරිත්‍යාග කරමින් නැගී සිටියෝය.
"මේ වගේ උන්ට රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි ලොකුම අහේතුව..."
මා අසලම අනිත් අසුනේ සිටි මැදිවිය ඉක්මවූ ගැහැනුන් දෙදෙනා මහා හඬින්, මා දෙස පිළිකුලින් බලමින්, විශාල සාකච්ජාවකට මුල් ගල තැබූහ..
අර හැඩි දැඩි තරුණයා තවමත් මා දෙස විමසිල්ලෙන් බලා සිටී. නිහඬව සිටින ලෙස ඔහුට ඔළුවෙන් සන් කල මා..
800,799,798,797,796,795...
500,499,498,497...
ඉහත කී තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙක් බස් රථයෙන් බැසීමට නැගී සිටියාය.කකුල මෙන්ම යටි බඩ දෙසින්ද එන වේදනාව නිසාම මා එම අසුනේ ඉඳ ගැනීමට තැත් කරන විටම අර තරුණිය වහා තම අතවූ කුඩා බෑගය ඇයත් මාත් අතරවූ හිඩැස මත තැබූයේ.. නැවතත් හදිසියේ වත් ස්පර්ශවෙතැයි යන පිළිකුලින් යුතුවය..කෙසේ හෝ මා හට ලැබුණු කුඩා ඉඩ මත මා ඉඳ ගතිමි.
දකුණු කකුලේ දණහිස ළඟින් පැමිණෙන වේදනාව මුළු ගතම හිරි වට්ටා ගෙන යයි. .. කලිසම් කකුල රෝල් කර උඩට ගෙන දණහිසෙන් පහළ වූ ඇලුමිනියම් පාදය එය දණහිසට සම්බන්ධ කර තිබූ ගාන්චුවෙන් ගලවා පැත්තකට තැබු මා.. දුටුවේ දණහිසට පළඳවා තිබූ විශේෂ රෙදි ආවරණය මතට ලේ බිඳු උණා ඇති බවයි. මගේ ගමන් මල්ල තුල වූ විශේෂ බෑගයේ තිබූ අයිස් කැට කීපය කකුල මත තැබූ මා හට යම් සහනයක් දැනුණි..
ත්‍රස්තවාදීන් අටවා පුපුරා ගිය පිටකොටුවේ බෝම්බය නිසා පාදයක් අහිමි වූ මා හට අහිමි වූයේ පාදයක් පමණක් නොවේ.. ජීවිකාව කල රැකියාව සහ මාගේ ඉදිරි පරම්පරාවයි.පෙනහැල්ල ඇතුළු ශරීරයේ බොහෝ ස්ථාන වල රැඳී ඇති යකඩ කැබලි නිසා මා හට ආවේගශීලි වීම තහනම් කර තිබෙන්නේ..එහි ප්‍රථිපලයක් වන අධික රුධිර පීඩනය මාගේ ජීවිතයට අනතුරුදායක නිසාය. එවකට සිටි රැකියාවෙන් ලද වන්දි මුදල මස් රාත්තලම ඉල්ලන සමාජයේ මාගේ නැගණියන් දෙදෙනාගේ දෑවැද්ද සඳහා දුන් මා හට දැනට කරන රැකියාව මාගේ එකම ජීවිත රැකවරණයයි. සුළු මුදලක් වන ගෙවල් කුලිය හා කෑම වලට යන වියදම හැරුණ විට ඉතිරිය වියදම් වන්නේ බෙහෙත් වලට සහ යටි බඩ පෙදෙසට පැළඳිය යුතු විශේෂ උපකරණ සඳහාය. අසරණ යැයි සමාජයට පෙන්වීමට ඉඩ නොදෙන මගේ ආඩම්බර හිත ඉවතලා හෙට සිට මාගේ අත් වාරුව රැගෙන ආ යුතුය යන්න මගේ සිතට කා වැදුණි.
අහම්බෙන් මෙන් මා දෙස බැලූ යුවතිය ක්ෂණයකින් මා හා ඇය අතර හිර කර තැබූ බෑගය වහා අතට ගෙන මා දෙස බැලූයේ විස්මයකිනි.මා දෑස තද කර වසා ගතිමි.මේ සොඳුරු යොවුන් තරුණ තරුණියන් අත වරදක් නැත. ඔවුන් කාලයත් සමඟ මෝරන ජීවිතය තුල ක්ෂණික තීරණ වල අවලංගු බව පසක් කර ගනිමින් බොහෝ දේ උගෙන ගනිමින් සමාජය ජීවත් කරවනු නියතය.
599,598,597,596......
වේදනාව පරයමින් සිනහවක් මා හද තුලින් පිපෙන්නට පටන් ගති...
පසු වදන
මේ ගීතයේම නව මානයක් හොයා ගෙන ගිහින් මම කලෙකට ඉස්සර ගොතපු මේ කතාව මගේ සිහියට නැගුනෙ අද උදේ පාන්දරම නැවතත් කනට වැකුණම තමයි...
බ්ලොග් එකේ කතාවක් ලිව්වෙ නැහැ කාලෙකට..ඒ ගැන හිතේ තියෙන අතෘප්තිකර හැඟීමත් එක්කම මට ආපු ලොකුම ප්‍රශ්ණෙ.. මේ වගේ නිර්මාණ කරන්න මගේම නොවන මට තිබ්බ මගේම හිත අද කෝ කියලයි..
මරු මචං. මං කොතන හරි මේ වගේ කතාවක් හැබැයි මේ විදියම නොමෙයි එකක් කියෙව්වා... ඒකෙදි නං උනෙ අන්තිමට ඔක්කෝම සමාව ඉල්ලල ඊට පස්සේ කකුලක් නැති කෙනා හොද දේශනයක් දීලා.
ReplyDeleteඇත්තටම මචං මාත් සංවේදි උනා කතාවේ අන්තිම හරියෙදි.
කකා තමා කිව්වේ මේ වගේ කතා වලට උඹ හරිම රුසියා කියලා.. මම නං ඉතිං කෝමත් ඒක දන්නවා..
මෙක ලිව්වෙ 2011 අවුරුද්දෙ දේශකයා , ඇයිද මන්දා දැන් මේ වගේ එව්වා ලියන්ඩාදහස් එන්නෙ නැත්තෙ ?
Delete@ දේසෝ උබ ලිව්වොත් ඉතින් අර සුවද බලල එන ගමන් කේස් එකක් තමා
Deleteතව බොහොම කෙටි කාලයකින් ආබාධිත සොල්දාදුවා යනු අඟහරු ලෝකයෙන් ආව එකෙක්දැයි කියා විමසන තත්වයක් එනවා. ලෝකේ හැටි ඔහොම තමයි. 100000, 99999, 99998, වශයෙන් ගනින්න වෙන කාලය වැඩි ඈතක නෙවෙයි.
ReplyDeleteඒක වෙන්නත් පුලුවන් තමයි විචාරක , අලුත් පරම්පරාවට කොහොමත් ඒ අඳුරු යුගය ගැන කිසිම හැඟීමක් නෑ වගේම රණ විරු සෙවන වල් වල තියෙන වැඩ වල මිල් තැන අර ගෙන වැඩකරන අයත් ඉන්නවා
Deleteඅපූරුයි....
ReplyDeleteසෙන්නා නම් ඒ කාලෙ ලිව්ව කතාවත් කියවන්නඇතී මයෙ හිතේ
Deleteවෙනි සුපිරියි කතාව මචෝ...... මොනතරම් දේවල් වෙනවද මේ අපි අතරම වුවත්.......
ReplyDeleteස්තූතියි නලින්
Deleteමේ වගේ නිර්මාණ හැකියාවක් තියෙන උඹ ඇයි fb
ReplyDeleteඑකේ ෆොටෝ ෂෙයා කර කර විතරක් ඉන්නෙ
මාත් ඔය ප්‍රශ්නෙම මගෙන් අහ ගන්නවා එදිරි , ආයි මේ පැත්තට එන්න දොර අරින්න කාලය හරි ...
Deleteඑදිරි,
Delete(Y)
මට පේන්නේ බ්ලොග් කරුවන්ටත් ෆේස්බුක් එකට එරෙහිව උද්ගෝෂණයක් කරන්න වෙයි වගේ..
Deleteමරු කතාවක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න
මේ වගේ කතාවක් කලිනුත් කියෙව්ව මතකයි.කොහොම උනත් බ්ලොගේ පාලුවට යන්න නොදී මොනා හරි ලියපං.
ReplyDeleteමූම තමයි කලිනුත් ලිව්වෙ 2011දි . මේ කරල තීන්නෙ ඒක කොපි පේස්ට් කිරිල්ලක්. කම්මැලි හෝතම්බුව. මෙන්න කතාව.
Deletehttp://liyanna-liyanna.blogspot.com/2011/12/blog-post_08.html
මේ මෝල අර එෆ් බී එකේ කපුටන්ට ආප්ප දදා සිඟිති ආතල ගන්නව මෙච්චර දස්සකම් පුකේ ගහන්. මොනා කරන්නද බන්, පවට පින දෙන්න අපිට බෑනෙ.
කරුණාකරලා FB ප්‍රොෆයිල් එක Deactivate කරනවද?
ReplyDeleteමොනවා කරන්නද.. අපේ උන් සමහරකට යුද්ධේ නැතිව පාලුයි. හැබැයි ඒ කාලේ වෙච්චි ඩේ අමතකයි
ReplyDeleteමම මේක කලින් කියෙව්වා මචං. නමුත් කතාව නම් රසවින්ද බව මම තව පාරක් කියනව. මමත් ඔහොම ගැන ගැන රස්සාව කරන්න ගත්තා නම් හරි.
ReplyDeleteමුලින් ලියපු ගැම්ම නෑ දැං ඔහේගෙ! මම කියන්න හිටියෙ...
ReplyDeleteමෙවගෙ එකක් කියෙවුවගෙ මතකයක් තිබුන.බලද්දි මෙයාගෙම නේ.ඔය බුකියත් එක්ක දීගකැමනම් දැන් ඇතිවගෙ නේ.
ReplyDeleteවර්තමාන ඛේදවාචකය තමයි බන්. අපූරු කතාව. අපිට යන එන මං නැතිවෙනවා බං මේ සමාජ ආකල්ප වෙනස් නොවුනොත්.
ReplyDeleteඅයියා..ඉරිවේරිය කැඳ තමා ඕකට බෙහෙත...
ReplyDeleteමට කියවන් එද්දී මතක් වුනා මේක කලින් කියෙවුවා නේද කියලා.. හැබැයි කතාව ටිකක් වෙනස් කරලා..මට මතක හැටියට ඔය හිතින් ගණින එක කලින් එකේ තිබුනේ නෑ..
ReplyDeleteමේක කලින් කියෙව්වා... :)
ReplyDeleteකොහේද බෝඩ් වෙලා ඉන්නේ ?
ReplyDeleteකතාව කියවගෙන යද්දි මට මතක් වුණේ මේ සිංදුව. සින්දුවට ලියපු කතාවක් කියලා හිතුණේ නැහැ මුලින්ම. මේ සිංදුවේ සංගීතයෙන් සහ ගායනා කරන විලාසයෙන් ගීතයේ අර්ථයට කිසිම සාධාරණයක් කරන්නේ නැති වුණත්, මේ සංවේදී සිදුවීම ඒ දේවල් පරයා මතුවෙනවා.
ReplyDeleteඔය ගණන් කිරිල්ල අවරෝහණ ක්‍රමයට කරන එකේ රිස්ක් එකක් තියනවා නේද? :) බින්දුවට ආවහම මොකද කරන්නේ? මට නම් ඔය වැඩේ කවදාවත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙලා නෑ. කේන්ති ගියහම ඔය දේවල් මතක් වෙලා කරන්න පුළුවන් නම් එතන මහ ලොකු කේන්තියක් තියෙන්න විදිහක් නෑ. කේන්තිය කියන්නේ මිනිස්සුන්ගේ හිතන්න පුළුවන් හැකියාව සුළු මොහොතකට නතර කරන දෙයක් කියලා මට නම් හිතෙන්නේ....