ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 1, 2014

පුනරාවර්ජනය - Flashback

ඊයෙ වගේම තවත් එක දවසක් තමයි අදත්..අදත් මෙහෙමම ගෙවිලා ගිහින් ආයි ඊයෙ ආවා වගේ, අද වගේ ම තව දවසක් හෙටක් කියලා අදට එකතු වෙයි. අනිද්දාඅ වෙනකොට ඒම ඊයෙ වෙයි..
2013 දෙසැම්බර් 31 වෙනිදා ඉඳන් අද 2014 ජනවාරි පළමු වෙනිදා දවසත් ඔහොමමයි ගෙවන්නෙ..

යම් කාලයකදී හිත බොහොම වේදනාවෙන් පිරිලා කීතු කීතු වෙලා යද්දි ඉතුරු වෙච්ච කෑලි ටික අල්ලා ගෙන ඒ වේදනාවෙන් මොහොතක හරි සහනයක් ගන්න මොනවා හරි නිර්මාණයක් කරලා එක ඔහේ අවකාශයට මුදා හැරිය කාලයක් තිබුනා. 

ඒත් එහෙම කාලෙ ඉවර වෙලා..අද වෙනකොට නම් අළුත් නිර්මාණයක් කෙරෙන්නෙම නැති තරම්..වෙනදා වගේම වැසිකිලියෙ ඉන්න කොට, බස් එකේ යනකොට..නිදියන්ඩ යනකොට අළුත් අළුත් කතා ගොන්නකට අදහස් මූල් බීජ ආවත්..ඒවා හිත ඇතුලෙ හිර කර ගෙන..තැම්බි තැම්බී ඉඳලා ඒවා අකුරු කරන එක තමයි කෙරෙන්නෙම නැත්තෙ.. ඒ හින්දම මෙන්න මම ඒ කාලෙ ලිව්ව කතාවක් එහෙම පිටින්ම..
නම නම් පොඩ්ඩක් වෙනස් කලා..


අදින් ඇරඹෙන වසර සතුට සෞභාග්‍යය පිරි එකක් වේවා කියලා බ්ලොග් රසික රසිකාවියන්ට පතන්නම් !

---------------------------------------------------------------------------

"ආන්න අර කසිප්පු ලියන්නා එනවා අදත් කරටි කැඩෙන්න ගහලා.. කුසුමා..... කුසුමා.. ඔය ළමයි ටික අරන් යන්න ගෙට..මේ පාහරයා ගමේ ඉන්න කං අපිට අපේ ළමයෙක්වත් හදා ගන්න බෑ..යන් යන් ඔය ළමයි ටිකත් අරං මේ ජංජාලෙ ඉවර වෙනකන් ළමයිව එහෙම එවන්න එපා පැත්ත පළාතට.."


හුහ් අර දුවන්නෙ කුසුමා ළමයි බමයි ටිකත් අරන් ගේ අස්සට..


"ආ පාල මල්ලී.. මට ඇඋණා උඹ කීව දේ.. ඇයි යකෝ තොගෙ ළමයි හදා ගන්න බැරි මන් හින්දා.. මන් ඉන්නවද තොගෙ හරහට !!@@%%$^ වෙලාවට..ඇයි යකෝ මන් බොන්නෙ මගෙ සල්ලි වලට.. මන් දවස තිස්සෙ වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් තමයි හවහට මන් බොන්නෙ.. තොපිට මොකද?"


"එහෙම නෙවෙයිනෙ අයියෙ..... අයියා ඔහොම කුණුහරුප කිය කියා සරමත් කරට අර ගෙන පාරෙ යනකොට කොහොමද අපේ ලමෙක්වත් හැදෙන්නෙ...උනුත් නරක් වෙනවනෙ.."


"ඔව් මන් කුණුහරුප කියන්න නරකයි.. තොපිලට කුණුහරුප කරන්න හොඳයි..අනේ !#$%^ ..මන් මගේ සරම උස්සගෙන යන්නෙ මට ඕනි ගානට යකෝ.. උම්බට මොකටද එව්වා ?"


"පාල එන්ඩ මෙහෙ ගෙට ඔය පිස්සො එක්ක කතා කරන්නෙ නැතුව.."


'ඔව් අපි පිස්සො.. තොපි උගත් බුද්ධිමත්තුනෙ.. පාර අල්ලගෙන වැට ගහ ගෙන ඉන්නෙ.. මෙව්වට ගහන්නෙ..මෙන්න මෙහෙම පයින්.. මෙහෙම.. හුහ්.."


"හු  හු   හූ වැටුණා නේද අපේ වැටට පයින් ගහන්න ගිහින්.."


"ලොකු පුතේ කට වහගෙන යනවා ගෙට..මේ නරි නාටක බලන්නෙ නැතුව.. දානවා හයියෙන් අර පිරිත් කැසට් එක."


@@#$%%^% වැට වල් ගහගෙන පාර මැද.. කැසට්.. දාන්න.. 
-------------------------------------------------------------------------------
"මේ ඇහුණද .. මේ... කාලා බුදියා ගන්නවා.. දැන් රෑ වෙලා.. කුණු වෙනකන් බීලා බීලා බුදි  වැටිලා හිටියහම හරි යයි.. ආන්න හෙට උදෙන්ම වික්‍රමනායක මහත්තයලාගෙ කක්කුස්සි වල අදින්න එන්න කිව්වා.. සිරිපාල ඇවිත් කියලා ගියේ.."


අහ්ප්...හ්ප්ප්ප්ප්... බැල්ලී.. පල යන්න අහකට.. 
----------------------------------------------------------------------------------
වසර 35කට පමණ එහා අතීතය..මගේ ඔළුව තුල කැරකෙන්නට විය..
"ඇහුණද ලොකු කොල්ලා නම් හැදෙනවා අන්තිමයි.. අර දෙනියෙ ගෙදර සිරිපාල කොලුවත් එක්කමයි.. භජනෙ.. ඉස්කෝලෙ යනවා කියලත් නෑ..හොර ගඩා ගෙඩි කඩා කඩා ගම් මැද්දෑවෙ ඇවිදින එකමයි වැඩේම..


"ඔහෙනෙ ඉතින් ළමයව හුරතල් කරලා නරක් කරලා තියෙන්නෙ..ගමේ ගොඩේ කොල්ලො එක්ක නටන්න ඉඩ දීලා.. වහුකුණු උණාම මට කියන්න එනවා හෙම නෙවෙයි.."


අම්මන්ඩිගේත් තාත්තාගේත්.. කුටු කුටු කතාව මා අසා සිටියේ නිදා ගත් සේ මුත් නින්ද අහලකටවත් නොපැමිණි නිසාය..


"එහෙම නෙවෙයිනෙ ඔහෙත් පොඩ්ඩක් කියලා බලනවකො.. හැදෙන්න හරි නොහැදෙන්න හරි..අපිට තව කොල්ලෙ කියලා එකෙක් ඉන්නවා කියලයැ.. මෙහෙම ගියොත් බාල කෙල්ලො දෙන්නගෙ ඉස්සරහටත් හොඳ නෑ නොවැ.. අර හරමානිස් අයියා  කිව්ව උන්දැගෙ රා කළේ බීලාලු මුන් දෙන්න පහු ගිය දවසක.."


"ඒක තමයි මම ඕකව ආණ්ඩු මට්ටු කරන්න හැදුවට ඔහේ ඉඩ දෙනවද ? ඒත් නෑනේ.."


"ඔයකලා දෙන්න පහු ගිය දවසක අර එහා කණ්ඩියෙ හේතුවගේ කසිප්පුත් හොරෙන් බීලලු..කොහෙන් ආපු පුරුදුද මන්දා මෙව්වනම්.."


"ක්‍රෑහ්ප්..තුහ්ප්.. මගෙන් නම් නෙවෙයි..ඕකා මගේ ලමෙක් නෙවෙයිනෙ..උඹ පඳුරු ගානෙ රිංගලා.."


"අනේ මගේ කට !"


තාත්තා අම්මාගෙ කට වැසීමට ගැසිය යුතු අන්තිම තුරුම්පුවත් ගැහුවේය.. එය නියමෙට වැඩ කල බැවින්.. මටද නින්ද ගොස්..


"නැගිටපිය..පාහරයා.. තවත් බුදියා  ගෙන පුකට ඉර එළිය වැටෙන කන්.. පල ඉස්කෝලෙ.. ආයි එහෙම ආරංචි උණොත් ඉස්කෝලෙ නොගියා කියලා.. තෝව කෝටු මස් කරලා තමයි පස්ස බලන්නෙ.."


පස්ස පැත්තට වැදුණු පා පහරත් සමඟම මා උඩ විසිවී ඇහැරුණේ මේ ගෝරනාඩුවත් සමඟය. මූණ කට සෝදා ගෙන මොනවාද ගිල දමා.. කලිසම හා කමිසය දවටා ගත් මා.. පාරට බැස්සේ.. 


"ඔහොම හිටු.. ඇත්තද තෝ අර හිඹුටු ගෙදර කෙසෙල් කැනක් කපලා හොරාට විකුණුවා කියන්නෙ.. අර කක්කුස්සි අදින ගෙදර සිරිපාලයත් එක්ක..? මොකද්ද උඹට උන් එක්ක තියෙන පයුරු පාසානම ? මං ආයි නොකිව්වායි කියන්න එපා.. ඌ එක්ක අරෙහෙ මෙහෙ යනවා අහු උණොත් කඩනවා තොගෙ කකුල් කෙටි දෙක."


"මට කියාලා දෙන්න ඕනි නෑ ඔව්වා.. මං උඹෙ ලමෙක් නෙවෙයිනෙ.. පඳුරු ගානෙ...."


"මොකද්ද කිව්වෙ පාහරයා ?"


කන ළඟින් හමා ගිය උළු කැට කැබැල්ලත් සමඟම මා දිව ගියේ..
එම තුරුම්පුවත් සමඟම තාත්තා මාගේ මුහුණවත් නොබැලුවේය.. හරියටම දින හතකට පසුව.. හන්දියේ කනත්ත ළඟ යකා ගැසූ තාත්තාගේ මල මිනිය හමුවූයේ අන්දර සීයාටය.. ඇස්, කන් සහ කටින් ගලා ගිය ලේ පාර වල් නිසා තාත්තාගෙ මුහුණ යකෙකුගේ මුහුණ මෙන් බියකරු ස්වරූපයක් ගෙන දුන්නේය.


"මොන යකෙක් ගහලද පැසර්ද මොකද්ද වැඩි වෙලා නහර පුපුරලලු අක්කෙ මැරීලා තියෙන්නෙ !"


----------------------------------------------------------------------------------


"මේ ඔහේ නැගිටලා කනවද නැද්ද ? මටයි කොල්ලටයි නිදා ගන්න ?"


"@@#$%%^ තොපිලා නිදා ගනියවු.. කෝ දීපිය එක්කො කන්න තොගෙ බඩ කඩිත්තුව.."


"ඔය තියෙන්නෙ බෙදලා මේසෙ උඩ"


"තුහ්ප්.. ඇසිලියාගෙ කසිප්පු කිසි වැඩක් නෑ දැන්.. වතුර කලවං කරලා..ගාන නම් එකයි .. ඒත් දැනෙන්නෙවත් නෑ..ආයි පෙරා ගන්න ඕනි..ටිකක් මං වත්..අර මඩුව අස්සෙ නේද බැරල් ටිකයි දඟර ටිකයි ? "


"ආයි පෙරන්නද ලෑස්තිය.. මේ මං නොකීවයි කියන්න එපා ඕන්න.. පෙරළා පුළුවන් නම් ආයි අහු වෙනවා.. මහ උළු ගෙදර තපින්න ආයිමත් අවුරුද්දක් දෙකක්..මං නම් එන්නෑ පොලිසි පැත්ත පළාතෙවත්.."


"තෝ නම් එන්න එපා දැක්කනෙ ගිය සැරේ ඇවිල්ලා.. අර කට්ටා රිංගන්න ගත්තා ගේ අස්සට..කෝ කොල්ලා නිදිද ? "


"ඔය නිදා ගත්තෙ.. ඌත් පොතක් අතින් අල්ලන්නෙ නෑ.. ඉස්කෝලෙ යන්නෙත් මරන්න අරන් යන හරකා වගේ තමයි.. අර පහළ ගෙදර අක්කලාගෙ කුකුල් කොටුවෙ බිත්තර හොරකම් කරලා මූයි තව එකෙකුයි.. ඊයේ මට කිය කියා දෝස්මුරෙ දැම්මා.. "


"ඉතින් පටන් ගත්තා අදෝනාව.."


"නැතුව මං වෙන කාට කියන්නද ? මමම එපාය මේ යක්ෂ පැටියා කරන මගෝඩි වැඩ වලට බැණුම් අහන්න.. කාගෙන් පුරුදු වෙලාද දන්නෙ නෑ මේ පුරුදු ? "


"අනේ පල යන්න @##$%^ ඕකා මගේ ලමෙක්ද තෝ මං එක්ක එන්න ඉස්සර.."


"මේ තමුසෙ මගෙන් අහ ගන්න එපා හොඳවයින්.. තමුසෙ එක්ක එන්න ඉස්සර.. හුහ් මගෙ කට.. මැරිලා ඉපදුනා කියලද හිතන්නෙ තමුසෙ ? මතකනෙ එදා තමුසෙ මාව බලෙන් බලෙන්ම නැති  කළාට පස්සෙ.."


"මගේ කරුමෙට නේන්නම් තමුසෙ එදා වැස්සෙම අර අකුලෙදි හම්බ උණේ..එතකොටත් තමුසෙ කෙල්ලෙක්ද?"


"මේ තමුසෙ මගෙන් සහසුද්දෙන් අහ ගන්න එපා.. එව්වා පොලිස් පොතේ ලියවිලා ඇති අකුරක් අකුරක් ගානෙ. ඉස්පිරිතාලෙ රිපෝට් එකෙත් තිබුණා..ඇයි පොලිසියට තමුසෙ මාට්ටු උණේ ලේ ගෑවිච්ච සරම පිටින්ම නේද ? ඒ හින්දානෙ මට තමුසෙවම බැඳ ගන්න වුණෙ ? හුහ් .දැන් එනවා මෙතන කෙල්ලෙක්ද හොයන්න.. මගේ හොඳකමට දීපු කට උත්තරෙන් තමුසෙ අවුරුදු ගානකට හිරේ නොගිහින් බේරුනා.."


"හිරේ වැටුනානම් මන් දැන් නිදහස් බලනවා තමුසෙව කර ගහගෙන මන් තවම.."


"කෑවානම් බුදියා ගන්නවා.."


දඩාස් හඬින් කාමරයේ දොර වැසී ගියේ..

මේ ඇසිලියාගෙ කසියා වැඩක්ම නෑ අදනම්.. ඇග පත කැක්කුම එහෙම මයි.. නින්ද අහලකවත් නැත...

පැයක් හමාරක් ඇඳේ පෙරළි පෙරළී සිටියද නින්ද අහලකවත් නැත..එක එක විකාර වලින් ඔළුව පිරෙන්නේ කසියා වඩිය අස්පට් වූ දාටය.


"මේ.. ඒයි.. ඒයි.."


"මොකද .. නින්ද  යන්නෙ නැත්ද ? "


"එනවකෝ මෙහෙට.."


කාමරයේ දොර නැවතත් කිරි කිරි හඬින් ඇරේ..


"එනවකො පොඩ්ඩක්.."


"මේ ඔය ජරා ලෙඩේ එක්ක.. හීනෙන්වත් හිතන්න එපා ඕන්න.. දැන් අවුරුද්දක් බෙහෙත් බිව්ව නේද ? ඉවසන් ඉන්නවකො තව මාස හයයිනෙ. දොස්තර කිව්වනෙ ටැස් එකක් කරල හරියටම කියන්නම් කියලා.."


"ඉතින් දැන් අවුරුද්දක් බෙහෙත් බිව්වෙ.."


"මදැයි කසියා පෙරළා අවුරුද්දක් හිරේ ගිහින් හදා ගත්ත දෑවැද්ද.. කොර ගත්තා නම් දැන් ඉවසන් ඉන්නවා..මටත් බෑ ජරා ලෙඩ හදා ගෙන දුක් විඳින්න.."


"අර පච්ච සෝමෙයා..මට අහු උණොත් මන් කනවා..ඕකා හින්දා තමයි.."


"මේ ඒයි මං ඔළුව අත ගාන්නද නින්ද යන කම් ?"


"@@#$%% තෝ පල යන්න .. මංම අත ගා ගන්නම් ඔළුව..මෙච්චර කල් අත ගා ගත්ත විදියටම.."


"ඕන්න ඉස්සෙල්ල ගෙනාපු ගල් භාගයකින් ඉතුරු වෙච්ච ටික තියෙනවා ඒක හලා ගෙන බුදියා ගන්නවා.. හෙට උදේන්ම වික්‍රම මහත්තයලගෙ වැඩේට යනවා.. මංයනවා බුදියා ගන්න.."
----------------------------------------------------------------------------------------
මැරුණා වගේ නින්ද ගියා.. 


"මේ යන්නෙ නැද්ද වැඩට අද ? "


"යනවා බන්"


"මේ කොල්ලො ඔහොම හිටහන් මොකද උඹ ඉස්කෝලෙ යනවා කියලා කට්ටි පනිනවා කියන්නෙ ? අර සේනාරත්න මහත්තයගෙ කොල්ලගේ කොම්පූටරයක්ද මොකද්ද මඟුලක් කැඩුවද උඹ ? මන් ආයි කියන්නෙ නෑ.. ආයි එහෙම ආරංචි උණොත් මගෝඩි වැඩ කරලා.."


"මට උපදෙස් දෙන්න එන්න එපා.. මං උඹේ ලමෙක් නෙවෙයිනෙ.."


"මොකද්ද පාහරයා කිව්වෙ ?"


 මගේ දෙකන්සය රත්වී ලේ ගලා එයි.. ඊ ළඟ මොහොතේ කොල්ලා  පියඹා ගියේය..


"මං යනවා ශීලා අක්කලගේ හත් දොහේ දානෙ දෙන එකට උදව් කරන්න.. තමුසෙ යන්නෙ නැද්ද ? අර වික්‍රම .."


"මගෙ පපුව ඇදුම් කනවා ඕයි.. තමුසෙ යන ගමන් කියනවද සිරිපාලට මං එන්නෙ නෑ කියලා"


"අර සිද්ධාර්තෙ තෙල් කුප්පියක් ඇති අතුල්ලා ගන්නවා පපුවෙ.. නොහැදි තියේයැ පපුවෙ කැක්කුම් ගිනි වතුර බොන විදියට..."


මොහොතකින් මහ අම්මන්ඩී එනු පෙනේ.. කඩුල්ල පසු කර ගෙන මහත් විමසිල්ලෙන් මා සිටි ඉසව්ව දෙස බලමින් ගෙය පසු කරගෙන යන පන්සලේ හාමුදුරුවන්..


"මොකද හාමිනේ දැන් ලියන්නා බොන එක නවත්තවලා වද්ද ?


"අනේ හාමුදුරුවනේ අනිත් පැත්තෙන් ඉර පායයි එහෙම උණොත්..ඇයි හාමුදුරුවනේ එහෙම ඇහුවෙ ?"


"වෙනදට මාව දැක්කහම සරම උස්සලා නිරුවත පෙන්නන එකා.. අද කිසි හැල හොල්මනක් නැතුව ඉන්නවා දැක්කටයි මං හිතුවෙ හාමිනේ.. මමත් යනවා අර සීලවති උපාසක අම්මාගේ හත් දවසෙ බණ හවස් කොරේ.. ඒ පැත්තට ගිහින් එන්න කියලා.."


පපුවෙ පැත්තකින් පටන් ගන්නා විදුලියක් මෙන් වේදනාවක් දකුණු අත පුරාම විහිදෙන්නට විය.. 

යන්න ඕනි ඇසිලියගෙ කසියා පොළ පැත්තෙ..










දින හතකින් විරාමයකට අවසර..

දින හතකින් කසිප්පු ලියන්නාත් තමන්ගේ පියා මෙන්ම වළකජ්ජ ගහයිද ?

52 comments:

  1. මේ මොකද්ද යකඩො මේ අලුත් අව්රුද්ද ලබපු ගමන්ම

    මේ බ්ලොග් පේජ් ඇරපු ගමන් ඇඩ්වටිස්මන්ට් ගොඩක් එන එක මට විතරක් තියෙන ලෙඩක්ද අනික් යටත් එහෙම වෙනවද

    ReplyDelete
    Replies
    1. බ්‍රවුසර් ඒෙක් අවුලක් ෙවන්න අැති ෙබාල.. මට වුෙන නැහැ ඒෙහම..

      Delete
    2. උඹේ විස්ටද තියෙන්නෙ ? මගෙත් විස්ටා තියන කම්පියුටරේකින් එහෙම වෙනවා.. ක්ලීන් පාරක් දුන්නත් හරි ගියේ නෑ..

      Delete
    3. මැලේ මේක 2011 ලියපු කතාවක්..ආයිමත් දමන්න හිතුනා..මේක කාලයේ වැලි තලාවෙන් වැහිලා තිබ්බෙ..
      සෑම් සහ සෙන්නා කිව්ව දේද දන්නෙ නෑහැ ඔබට ඇඩ් පේන්නෙ..
      මගේ බ්ලොග් එකට මම ඇඩ්සෙන්ස් වත් දාලා නෑ මැලේ..

      Delete
    4. බ්‍රවුසරයේ සෙටින්ග්ස් වල එක්ස්ටෙන්ෂන් ගිහින් අනවශ්‍ය ඇප් රිමූව් කරන්න

      Delete
  2. හිස්ට්‍රි රිපීට්ස්ද මොකක්ද මගුලක් කියනවනෙ නේද ? මටනම් හිතුනේ ලියන්නා අවජාතකයා වුනාට උගෙ පුතානම් එහෙම නෑ කියලා..

    සුබ අලුත් අවුරුද්දක් වෙනිස් අයියා !!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සෙන්නා..මෙහෙම කතා ඒ කාලෙ ලීවත් මොකද මන්දා දැන් බැරි..
      ඔබ ඇතුළු පවුලේ සියල්ලන්ටමත් මගෙනුත් සුබපැතුම් !

      Delete
  3. කතාව එල ය.

    සුභ අළුත් අවුරුද්දක් වේවා...! සිතුවිලි බෝ වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධනා කමෙන්ටුවට සහ පැතුමට..

      Delete
  4. සුපිරි කතාවක්නෙ වෙනියෝ,සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වෙ 2011 හැලපෙ..ආයි ඇදලා ගත්තා...ස්තූතියි

      Delete
  5. මාර කතාවක්නෙ බං මේක..
    සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඕක මගේ එක්ස්පෙරිමන්ටල් කතාවක් ඒ කාලෙ ලියපු...ස්තූතියි

      Delete
  6. සුපුරුදු ඉටු නොවන සුභ පැතුම් වලට වඩා මෙහෙම එකක් රටක් වටිනවා..

    අවුරුදු සුබ වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. මෙදා පාර පැතුම් ලේසියෙන් ඉටුවෙන එකක් නම් නෑ වගෙයි මාතලන්..

      Delete
  7. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....

    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. නියම පද බැඳුමක් එක්ක එකතු කල පැතුමට තුති !

      Delete
  8. මම හිතුවේ ඒකාංගික නාට්‍යයක් කියලා. තවත් ඇදෙනවද මේක?

    ReplyDelete
    Replies
    1. ඒකාංගික එකක් විචාරක..හැබැයි විවෘත අවසානයක් තිබ්බෙ..අදහස් එකතු උනොත් ඊළඟ කොටසට යන්න බලා ගෙනයි..

      Delete
  9. ඒක නිකං නාට්ටියක් වගෙයි....සරම උස්සන් යන ජවනිකාව මරු...

    ReplyDelete
    Replies
    1. ඔව් රන්දු මම උත්සාහ කලේ දෙබස් අස්සෙන්ම කතාව ගොඩ නගන්න..

      Delete
  10. ඔමා ඇතුළු පවුලේ සියළු දෙනාටමත් මගෙනුත් සුබ නව වසරකට සුබාසිරි !

    ReplyDelete
  11. වෙනී අයියේ තරහා අවසර,

    අයියගේ කතා මම හැමදාම හුඟක් ආසාවෙන් කියෙවුවා.. සමහර වෙලාවට කතාවල භාශා භාවිතය අපිට වෙනස් කරන්න වෙනවා ඒ ඒ තැන් වල හැටියට.. දෙබස් වල අතර මැදට කුණුහරප යොදෙන තැන් වහන්න තරු ලකුණු කතාව පුරාවටම යොදා ගන්න එක කතාව පැත්තෙන් හානියක් නේද? අදහසක් පමණයි..

    සුභ නව වසරක් වෙනී අයියට..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි කියන කතාව හරි තමයි..මේක ලිව්වෙ 2011 කාලෙ ..ලියන එක ගැන එච්චරම ගටක් මට තිබ්බෙ නෑ ඒ කාලෙ..අදටත් එහෙමම තමයි..ස්තූතියි අදහසට..

      Delete
  12. අවුරුදු කීපෙකට කලින් ආපු එස්.එම්.එස් එක මේ අවුරුද්දෙත් එන එකේ, පරණ කතාවක් නරකම නෑ... වෙනියාගේ හිතේ තෙරපෙන තැම්බෙන සිතුවිලි කතා බවට පත්වෙන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. තිසර ගේ පැතුම ඉටුවෙයිද බලමු...ඇන්ටි ඩිප්‍රෙෂන් බෙහෙතුත් මේකට වග කියන්න ඕනි...

      Delete
  13. වෙනී අයියටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    අර පතල් කතාවෙ ඉතුරු ටික මේ අවුරුද්දෙවත් ලියවෙයි නේද?
    මැණික් සොයා...... පළමුවෙනි කොටස

    ReplyDelete
    Replies
    1. අනේ ප්‍රසාගෙන් මේ නවත්තපු කතාව ගැන බේරෙන්න මගක් නැති හින්දා මම පතලකට පනිනවා මී අම්මපල්ලා !
      ඒක ලියන්න ඕනි ප්‍රසා..

      Delete
  14. කතාව කියෙව්වට පස්සේ සුබ පැතුම අමතක උණා...:(

    ඒත් හිතේ තියෙන පැතුම් ඔක්කොම ඉටුවෙන, වාසනාවන්ත එකක් වේවා කියලා පතන්නම්!!!

    ReplyDelete
    Replies
    1. //ඒත් හිතේ තියෙන පැතුම් ඔක්කොම ඉටුවෙන,...........

      මේ කෑල්ල අයින් කරන්ඩ... මේක භයානකයි. :)

      Delete
    2. මේක ඉටු වුණොත් ගිනි නිවන හමුදාවට වැඩ වැඩි වෙනවා...

      Delete
    3. හිතෙ තියෙන ඔක්කොම පැතුම් ! නියමයිනෙ එහෙනම්...
      නෑ නෑ ගිණි තියන පැතුම් නම් එකක්වත් නෑ...මෙන්න මේ තිසරයට තමයි මම ගිණි කූරක් පත්තු කරන්නෙ ඊළඟ සැරේ... :-D

      Delete
  15. අතීතය ගැඹුරුයි නැවත කිමිදිය හැකියි එහි.. වෙසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා..පරණ කතා ටික ආයි ලියන්න වත් ඕනි...

      Delete
  16. සුබ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි ඔබටත් !

      Delete
  17. යමන් ලියන්න අයියේ මාත් එනවා කසිප්පු පොළ පැත්තේ ....මෙහෙම රහ කතාවක් ඇහුවේ නෑ වෙනි අයියගෙන් කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. මේ පරණ කතාවක්ම ආයි පබ්ලිශ් කලා මල්ලි..මොකද කෙනෙක් ආකය්ව් එක අවුස්සලා කියවන්නෙ නැහැනෙ..

      Delete
  18. දෙපාරක් කියෙව්වහමයි තේරුම් ගත්තේ

    සුභ නව වසරක්!! :)

    ReplyDelete
    Replies
    1. ඔව් සමී පොඩියක් පැටලිලි සහගතයි නම් තමයි කතාව..

      Delete
  19. Replies
    1. ඔව් දෙබස් ටිකෙන්ම තමයි කතාව ඇද ගෙන යන්න හැදුවෙ..

      Delete
  20. සුබ නව වසරක් වේවා වෙනි....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් එසේම වේවා කෙන්ජි !

      Delete
  21. ඔන්න අවුරුද්දේ මුලම දීලා ඇද්දා එහෙනං මරු කතාවක්

    ReplyDelete
    Replies
    1. මේක පරණ 2011 දාපු කතාවක්ම තමයි නලියා..

      Delete
  22. මේකට සමාන සිද්ධියක් ගැන අද බලන්න වුනා. අම්මයි තාත්තයි පුතයි. ඔය වගේ දේවල් ඇත්ත ලෝකයේත් සිද්ධ වෙනවා. ඒවා පණ පිහිටවලා නිර්මාණයක් කරන එක ලොකු වැඩක්. සුබපැතුම් අයියේ. සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  23. එකපාරටම ඔළුවට ගියේ නෑ. ටිකක් වෙලා ගියා හරියටම මොකක්ද කියලා තේරුම් ගන්න.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. මේ කතාව මම එදා කියෙව්වා මතකයි. 2014 වෙනියාගෙන් නව නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවෙන නව වසරක්ම වේවා.

    ReplyDelete
  26. සුභ නව වසරක් වේවා වෙනී අන්කල් :)

    ReplyDelete
  27. කියලා වැඩක් නැහැ දෙබස් ටික ටොපේ ටොප්.....වෙනී පවුලට සුබ නව වසරක්!!

    ReplyDelete