ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, January 17, 2014

පූසො, බළලො. ගඩ්ඩො...සහ උන්ගෙ බලු වැඩ

http://www.allposters.com/-sp/Comic-Cartoon-Dog-Says-Ain-t-Love-Wonderful-as-Two-Cats-Fight-on-Fence-Posters_i8229972_.htm



අද උදේ පාන්දරම මාව ගැස්සිලා ඇහැරුණේ කන ළඟම වගේ ඇහුණු මර හඬ තැලිල්ලක් එක්කමයි. හිතට ආපු නොරිස්සුමත් එක්කම උණත්..තව පොඩ්ඩක් ඇඳේම ඇලවෙලා ඉඳලා මුලින්ම කළේ ඕනිම පිරිමියෙක් උදේ පාන්දරම කරන දේ තමයි.. (ඒක දන්නෙ නෑ කිව්වා ????)

ඒ එක්කම මට අවිඥානිකව අර මර හඬ දී ගෙන ඇහුණු සද්දයක් එක්කම හිතට ඇවිත් මුව හරහා ගිය සිනහවට හේතු හොයන ගමන්ම මදුරු දැල රෝල් කරලා ගැටයක් ගහලා පොඩි වෙච්ච ඇඳ ඇතිරිල්ලත් හරි ගස්සලා වතුර එකක් රත් කරන්න ලිප පත්තු කළා.මට ඇහිච්ච කෑ ගැහිල්ල පූසො දෙන්නෙකුගෙ රණ්ඩුවක්.. රණ්ඩුවක් කිව්වට ඕක මොකද්ද කියලා නොදන්න බබ්බු ඉන්නවයෑ ඉතින්...


ඇයි ඒත් අවිඥානිකව පූසො පොර කන සද්දෙට මට හිනා යන්නෙ? නින්ද කැඩෙන එකට හිතට එන කේන්තිය පරයා හිනාවක් එන්න තරමේ වෙච්ච සිදුවීමක් නිසයි එහෙම වෙන්නෙ..දශක දෙකහමාරකට විතර ඉස්සර වෙලා වෙච්ච දෙයක් උණත්..මේක මට අද වගේ මතකයි.


ගමේම ඉන්න බල්ලොත් අපිට වඩා ගමේ මිනිස්සුන්ගෙන් හොඳ අහපු කාලයක් වෙච්ච ඔය සංදියෙ අපේ නඩේ 10 නැත්නම් 12ක් විතර හිටියා. ගමේම තිබ්බ පොදු වැඩවලට උණත් දෙවරක් නොහිතාම..බැහැල උදව් කළා වගේම ඉතින් රෑට පානකට..වත්තක පහළක ගඩා ගෙඩියක් පැහෙන්න ඉදෙන්න අපේ බැල්මෙන් තොරව කෙරෙන්නෙ නැති තරමටම අපේ රංචුව විමසිල්ලෙන් හිටියා..


හැමෝටම මතක ඇති ඔය රූපවාහිනිය රට ගම තරණය කරපු කාලෙ බලන්න තිබුණෙ වැඩසටහන් දෙක තුනක් විතරයි. බුබුළු බුබුළු රාශියක් මැද්දෙ යන්න්තම් හෙවණැලි වගේ පින්තූර පේන කොට අපි බැලුවෙ නයිට් රයිඩර්, මංකී, ටුෆොර්ටී රොබර්ට්, මැගයිවර්, ස්ට්‍රීට් හෝක් වගේ ඉංග්‍රීසි එව්වයි දොස්තර හොඳ හිත වගේ වැඩසටහනුයි තමයි. ඔය අතරේ ටාසන් බලලා වැල් වල එල්ලිලා අත පය කඩා ගත්තෙ නැත්තෙත් නෑ. ඒ වගේමයි ටාසන්ගෙන් අපි ඉගෙන ගෙන හදා ගත්තා අපි අපි අතරෙම හොඳ සංනිවේදන ක්‍රමයක්..සත්තු කෑගහන ක්‍රම කීපයකට අපි අපිම දුන්නා එක එක අර්ථ නිරූපණ. එව්වා හොඳටම ප්‍රයෝජනවත් උණේ රෑ ගමන් යනකොට කට්ටියව ගෙදරින් එළියට ගන්න.


බල්ලො බුරන විධිය, කුරුල්ලො සහ පූසන්ගෙ ඤාව්ව තමයි වැඩියෙන්ම පාවිච්චි උණේ..


ඔය කියන කාලෙ ගමේ පූසො රැලේ වැටෙන කාලෙ. ගෙවල් වල වහල වල් දිගේ කෑ ගහ ගහ දුවන එකයි පොර කන එකයි මහාම වදයක් වෙලා තිබුණ වගේමයි ගමේ තිබ්බ මතයක් නෙ පූසො පොර කන එක අසුභ ලකුණක් කියලා... ඔය නිසා පොර කන පූසන්ට ගල් සහ පොලු පාරවල් යහමින් ලැබුණා. ගම් වල පූසන්ගෙනුත් ඉතින් අඩුවක් නෑනෙ. ගෙවල් වලට හිමිකම් කෙ පුසො වගේම ගෙවල් කීපයකට හිමිකම් කී උනුත් ගමම තමන්ගෙ සන්තකයට ගත්ත වාසනාවන්ත පූසොත් හිටියා. ඔහොම පූසන්ගෙ මල කරදර කාලෙක තමයි මේ සිදුවීම උණේ. ඒ කාලෙ ආවා ඉංග්‍රීසි ටෙලි නාට්‍යයක් ඩිනස්ටි කියලා. ඕක
වැඩිහිටියන්ට පමණයි නිසා පෙන්නුවෙ රෑ 10.30 ට වගේ. අද නම් හිතෙන්නෙ මොන මඟුලද ඒකෙ වැඩිහිටියන්ට පමණයි තිබ්බෙ කියලයි. අපි කට්ටිය ඕක බැලුවෙ එක යාළුවෙකුගෙ ගෙදර..එහෙ අම්මයි තාත්තයි හතහමාර වෙනකොට නිදි..අපිට නිදහසෙ ටීවී බලන්න ඉඩකඩ තිබුණා..

එදත් බදාදා දවසක්...රෑ නවයට විතර ඇති..රෑට කාලා මම ඩිනස්ටි බලන්න යන්න සලසුම් කරන් ඉන්නවා.. මොකද්ද මන්දා මැරෑටි වැඩක් කරලා ඕක ගමේ කවුරුහරි කෙනෙක් තාත්තගෙ කනේ තියලා. මට තාත්තා දෙනවා හොඳ බණ දේශනාවක්..


උඩහ ගෙදර කපිල ඇවිත් මට සිග්නල් දෙනවා වරෙන්
වරෙන් කියලා..කුරුල්ලෙක් කෑ ගහන සද්දෙට..මම තාත්තගේ දේශනා මාලාව දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා හිත හිතා ඉන්නවා..කපිලය බලන් ඉඳලා ඉඳලා..ඉස්සරහ මල් වැටිය ළඟ මුවා උණා..

අපි මොනාට හරි තද උණහම කුණුහරුපෙන් සංඥා දෙන්නෙ පූසො කෑ ගහන සද්දෙන්..


ටිකක් වෙලා ඉඳලා කපිල ..ඤාව්...ගෑවා..


තව සැරයක්...

තව සැරයක්..


ඊළඟ සැරේ මහා හයියෙන් ඥැඇඇඇඇඇඇඇඇඇව් ගෑවා..


තාත්තගේ දේශනාවත් ඉවර පාටයි මම එසැනින් නැගිට්ටා..


සරස්..ගාන සද්දෙයි..


දඩිහ්


ගාන සද්දෙයි එක්ක..


කපිලගේ ඊළඟ ඤාව් එකේ මැද්දෙන් ඇහුණෙ බුදු අම්මෝ කියන සද්දෙ..


මමයි තාත්තයි මල් වැට එහා පැත්තට යනකොට ඊට වඩා ඉක්මනින් අපේ අයියා ආවා එක අතක ගඩොල් කැටයක් එක්ක..


කපිල බිම පෙරළිලා පස් කනවා..කොන්ද හරහා ගඩොල් භාගයක් වැදිලා තිබ්බා..


"පොර කන පූසොන්ට මම ගැහුවෙ ගඩොල් බාගෙන්..මේ ළමය කොහෙද මේ මල් පඳුර අස්සෙ කළේ..?"


හිතා ගන්න පුළුවන්නෙ වෙච්ච දේ..


බැඳලා අලුත හිටි අයියා පොරකන පූසන්ගෙ සද්දෙට කැඩෙන් නින්ද ගැන හොඳටම කේන්තියෙන් හිටියෙ..


කැඩුම් බිඳුම් වෙද මහත්තයගෙන් තෙලක් ගාවා ගෙන කපිලව ගෙදරට ඇරලවලා ආපහු ආපු අපි..දුක් උණත්..අපේ සෙට් එක ඕකට හිනා වෙච්ච තරමක්..පස්සෙ කපිල කිව්වා අපේ ගෙදරට..එතන හිටපු කෑ ගහන පූසන්ට පොල්ලකින් ගහන්න යනකොට තමයි ගඩොල් බාගෙ කොන්දට ආවෙ කියලා..


අදටත් පූසො පොර කන කොට ඔය සිද්ධිය මතකෙට නාවත්..හිනාවක් හිතට මෝදු වෙන එක නම් වළක්වන්න ම බෑ..





අද පත්තරේ මේ ලිපිය දුටුවෙ ඔය සිද්ධිය එක්කම...පොර කන පූසන්ව අධෛර්යමත් කරන්න පූසන්ට පළඳවන මේ ආරක්ෂක ක්‍රමය ගැන..
පව් දෙයියනේ පූසන්ගෙ ඒ අවශ්‍යතාවය කෙරෙන්නෙ කොහොමද මේක ඇන්දෙව්වහම ?

53 comments:

  1. මහ රෑ මැද්දෙ ඔය සද්දෙ එනකොට නම්... අම්මාපල්ල..පූසව මරන් කන්න හිතෙන්නේ.. කොරන මඟුලක් සද්ද නැතුව කරගත්තනම් අහවරයිනේ..

    ReplyDelete
    Replies
    1. පූසන්ට ඕක සද්ද නැතුව කොරන්න බැහැයිලු බන්..මාත් ඒ කාලෙ කන්ඩ තරහයි තමයි..දැන් නම් ඉතින් උපේක්ෂාවෙන් ඉවසලා වදාරන් ඉන්නවා...

      Delete
  2. /* පව් දෙයියනේ පූසන්ගෙ ඒ අවශ්‍යතාවය කෙරෙන්නෙ කොහොමද මේක ඇන්දෙව්වහම ? */

    තව පොඩ්ඩක් ඇඳේම ඇලවෙලා ඉඳලා අර ඕනිම පිරිමියෙක් උදේ පාන්දරම කරන දේ කරන්න කියමුද පුසාටත්?

    ReplyDelete
    Replies
    1. අනේ...අනේ කශූ..සරම් 5ක්ද 6ක්ද තියෙනවා නේද අල්මාරියෙ..ඔව්වා අඳින්නෙ නැද්ද රෑට හැබෑටම ? අඳිනවා නම් දැන ගන්න එපාය..උදේ මුලින්ම කරන්නෙ රෑට ඇඳ ගෙන හිටිය සරම කොහෙද කියලා හොයලා ආයි ඇඳ ගන්න එක නොවැ !

      Delete
    2. ඕනැ පිරිමියෙක් කියලා කියන එක වැරදියිනේ බං ඕකට. ඕක අදාල වෙන්නේ ලෝක ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් වන රෑට සරොං අඳගෙන නිදාගන්න ජනගහනයටනේ. අනිත් උන් පජාමා, ෂෝට් සහ උපන් ඇඳුමෙන් නිදගන්නවා.

      Delete
    3. ආන්න උන් ටික නේන්නම් මම කිව්වෙ.....
      එන්ඩ එපා සරොං අඳින්නෙ නැති පිරිමි මගේ බ්ලොග් එක පැත්ත පලාතේ ! :-D

      Delete
    4. ඒ කෙසේ වෙතත් දැන් පූසෝ බලු වැඩ කරන කොට බල්ලෝ පූස් වැඩ කරනවාද?

      Delete
    5. ශැහ්... මම හිතුවෙ හැමෝම කරන වැඩේ කියන්නෙ 204වෙනි හෝ 205 වෙනි අස්ථිය කහන එක කියලා...
      ඒක නැති එවුන් ඉතිං සරම හොයන එක තමයි කොරන්න වෙන්නෙ....

      Delete
    6. චික් බං ඇල්! උඹ මහා වල් කතා කියන්නේ.

      Delete
    7. නෑ කශූ බල්ලන්ට කරන්න වැඩක් ඇත්තෙම නෑ දැන්..උන ඔහේ ඉන්නවා..
      ඇලා මල්ලි ඉඳල හිටලා හරි නාන්ඩ අප්පා..එතක්ට උදේට ඉය ඇටසැකිල්ල එන්නෙ නෑ..
      හෙන්‍රි ඇලා කොහේ හරි නොවල් කතාවක් කියල තියේද බන් මේ සම්මජ්ජාතියටම ?

      Delete
  3. හම්මෝ... තාමත් හිනා, වෙනී...!!!

    ReplyDelete
    Replies
    1. ඕක වෙච්ච වෙලාවෙ නම් මොන හිනාද මල්ලි..මාව ගැහෙන්න ගත්තා..කපිලයට මොනා හරි උනා නම් එහෙම !

      Delete
  4. මටත් ඔය සද්දෙ ඇහෙනකොට ඉන්න බෑ..අහුවුණු එකෙන් දෙනව පූසන්ට..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා..හැමෝම කරන්නෙ ඒකම තමයි..ඒත් උන් ඔය පොර කෑම නවත්තනෙත් නැහැ කවදාවත්ම...

      Delete
  5. ගඩොල පිටේ වැදිල බේරුනේ හොද වෙලාවට :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා අප්පා..හොන්ද වෙලාව ගඩොල් බාගෙ මල් පඳුරෙ වැදිලා කපිලයගෙ කොන්දෙ වැදිලා තිබුනෙ..

      Delete
  6. මටත් ඔය සද්දේ නම් පේන්න බෑ...ඔය වගේ සන්නාහයක් එකෙන්ම මාත් අනුමත කරනවා. කරන මඟුලක් සද්ද නැතුව කරගන්න ඕනි රෙද්ද......>:(

    ReplyDelete
    Replies
    1. සේරම හරි ඔය සන්නාහකයෙ ගාන තමයි..රුපියල් දෙතුන් සීයකටවත් ගන්න තිබුනා නම්...

      Delete
  7. හෙහ්, ඒකත් මරු භාණ්ඩයක්නේ..

    ReplyDelete
    Replies
    1. ඕන්න දිනේශ් මලයා නම් එකක් අරගෙන එයි වගේ ලංකාවට එනකොට...

      Delete
  8. කොහොමද පූසො හත් අට දෙනෙක් ඇවිත්, නොදකින් කාලකන්නියා අපේ චාන්ස් එකත් නැති කරනවා කියලා කපිලයව බරු ගැහුවනම්.

    ReplyDelete
    Replies
    1. හකාස්..ඉන්නකෝ විචාරක තුමා ඊළඟ සැරේ කපිලයව මුණ ගැහුනහම මම කියන්නම් මේ කමෙන්ටුව .. :-D

      Delete
  9. අලුත බැඳපු අයියා මොකද නිදාගන්නේ ....?

    ReplyDelete
    Replies
    1. කවුද බන් දන්නෙ ? අපි පොඩි උන් අයියා ඒ දවස් වල..කිව්වෙ මේ හොර ගඩ්ඩො නිදා ගන්න දෙන්නෙ නැති හැටියක් කියලයි..

      Delete
    2. හේතුව = කණක් ඇසී නිදා ගත හැක්කේ අලුත විතරක් වීමය

      Delete
    3. ඕන් ඉතින් ඉන්දික අත්දකීමෙන්ම කීව උත්තරේ අපි පිළිගත්තා..

      Delete
  10. සිරාවට ඈ.. ඕක නං මහ කරුම සද්දයක්! මැරෙන්න ගහන්න හිතෙනවා -_-

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පව් බන් ඒ උනාට...ඔය කුලයේ සත්තුන්ගෙ සෙට් එකටම ඔය වැඩේ මහ වේදනාකාරිලු..ස්වභාව ධර්මයේ හැටි..ඒක එහෙම වෙන්නත් හේතුවක් තියෙනවලු..නැෂනල් ජියෝග්‍රැෆි එකේ වැඩසටහන්ක ගියා ඔය ගැන..

      Delete
  11. මාත් එකපාරක් දෙපාරක් ඔය ඩිනාස්ටි බලල තියෙනව. ඒකෙ ඔය වැඩිහිටියන්ට පමණයි කියන කිසිම දෙයක් තිබුණෙ නෑ.
    ගඩොල් කැටේ කපිලයගෙ ඔලුවටවත් පතබෑවුනානං අලුත බැඳපු අයියට මහ උළු ගෙදර තමයි ඉන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒක නම් ඇත්ත..හොඳ වෙලාවට ගඩොල් බාගෙ මල් පඳුරෙ වැදිලා කපිලයගෙ කොන්දට වැදිලා තිබ්බෙ..කපිලයා උන්ගෙ ගෙදරට කියලා තිබ්බෙ වැටුනා කියලා..ඒත් අපේ අම්මා උන්ගෙ අම්මට සම්පූර්න කතාවම කියලා ඌ ගෙදඉනුත් බැනුම් ඇහුවා බොරු කීවා කියලා...

      Delete
  12. “ බුබුළු බුබුළු රාශියක් මැද්දෙ යන්න්තම් හෙවණැලි වගේ පින්තූර පේන කොට අපි බැලුවෙ නයිට් රයිඩර්, මංකී, ටුෆොර්ටී රොබර්ට්, මැගයිවර්, ස්ට්‍රීට් හෝක් වගේ ඉංග්‍රීසි එව්වයි දොස්තර හොඳ හිත වගේ වැඩසටහනුයි තමයි.“ .....
    මේ වචන ටිකම මාව ආයෙත් මගේ සුන්දර පාසල් කාළෙට අරගෙන ගියා , ඩිනාස්ටි බලන්න ඒ කාළෙ ට්‍රයි කළා අපිත් , කොහෙද , චාන්ස් එකක් ලැබුණෙම නැහැ ....:)

    ස්තුතියි මිතුර !

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්...අද අපි HD තියා ගෙනත් තව හොයන්න යන්නෙ UHD නේ..ඒ කාලෙ ටීවී බැලුවෙ කොහොමද කියලා මතකත් නෑ අප්පා..

      Delete
  13. තව පොඩ්ඩක් ඇදේම ඇලවෙලා කොහෙද බන් සරම් අදින්නේ . . ..ඔය වෙන වැඩක් කොරල තියෙන්නේ . . . ..

    උබ පුසෝ කෑ ගහන සද්දේ අහල තමා ඕක වෙල තියෙන්නේ . . . ඈ බන් සත්තු බොලාගේ ගෙවල් හරියෙන් යන එන එකත් නවත්තල ඇත්තේ . . . හෙහෙ හෙහෙ හෙහ්

    අනේ අනිච්චං

    ReplyDelete
    Replies
    1. නෑ බොල මඟියො..නිදිමත යනකම් ඇඳේම තවටිකක් ඇලවෙලා ඉඳලා..ඊට පස්සෙනෙ සරම හොයන්නෙ..අර කතන්දර හොඳා තව !

      Delete
  14. ඩැයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ..අපොයි ඔය සද්දේ නම් කන්ඩ තරහයි ඒ වෙලාවට...

    ReplyDelete
    Replies
    1. නියමයි ඩ්‍රයිවර් කොල්ලා..එලස් කිව්වා...

      Delete
  15. මම නම් ආය කථා දෙකක් නෑ ගහනවා වතුර බාල්දියක්.. මොන කසාඳයක්ද.. ඕනේ එකක් කරගනියව් නින්ද කන්නේ නැතුව.. බල්ලොන්ටත් එච්චරම තමා. බොරුවට උඩු බුරනකොට දෙනවා කොසු මිටි පාරක් හරි වතුර පාරක් හරි... මට මතකයි 2004 හෝ 2005 වසරේදී රසඳුන පත්තරේ බුවාලන්තේ ලියපු තිස්ස කුමාර කරුණාසේකර මේ කතාවක් ලියල තිබ්බා..

    ReplyDelete
    Replies
    1. බළල් පොර ගන නම් කතා ගොඩාක් ලියවෙලා තියෙනවා මල්ලි..ඔව් මාත් දෙන්නෙ වතුර පාර තමයි ඉස්සර..ඒත් දැන් දන්න නිසා..

      Delete
  16. ///.තව පොඩ්ඩක් ඇඳේම ඇලවෙලා ඉඳලා මුලින්ම කළේ ඕනිම පිරිමියෙක් උදේ පාන්දරම කරන දේ තම////
    මේ මොකක්ද බන් මේ? උස්සපු කොඩිය බස්සන එකද?

    ///බැඳලා අලුත හිටි අයියා පොරකන පූසන්ගෙ සද්දෙට කැඩෙන් නින්ද ගැන හොඳටම කේන්තියෙන් හිටියෙ..////
    අයියා අසාධාරනයි...බැඳපු අළුත අයියා පොරකන සද්දෙට අපි කොච්චර කේන්තියෙන්ද හිටියේ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඉස්සෙන කොඩි සුටුශ් ගාලා පාත් වෙනවා දවසෙ කොරන්ඩ තියෙන වැඩ කන්දරාව මතක් වෙනකොට අරූ..
      බැඳපු අයියලා නොකර සද්දනෙ පොර කෑවෙ..අපිත් ඉතින් නොදන්න තාලෙට හිටියා..

      Delete
  17. මෙවුවා සන්නාහයක් දාගෙන ඉන්න පූසෙක්ව පෑගුණොත් එහෙම :-o

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි පෑගුනොත් එහෙම නම් ඉතින්..කකුලට දෙවි පිහිටයි..

      Delete
  18. Replies
    1. ඒක නම් ඉතින් ඕනයා නයි කතාවක් නේ...

      Delete
  19. ඔය අමාරුව නේද දැනටත් ඉදල හිටල උබට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දැන් නම් ඉඳලා හිටලා තමයි..

      Delete
  20. ඔය පූසන්ගෙ මගුල් සද්දෙ මටනම් මළ අප්පිරියයි.ලග පූස් තඩියෙක් ඉන්නවනම් එක්කො උගේ කොන්ද ඉවරයි නැත්තං කොස්සෙ මිට ඉවරයි. අයියට ඉතිං කේන්ති යන්නෙ නැතිව තියෙවිද අලුත් අත්දැකීම් ගන්නකොට

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..අපි නොදන්නවයෑ ඔව්වා...

      Delete
  21. තනිකර සත්ත්ව අයිතිවාසිකම් බිඳ හෙලීමක්! නඩු මගට බහින්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවී ඕන්න..මම ඔව්වට හරි සපෝට්..

      Delete
  22. මාත් දවසක් බල්ලෙකුට වතර ගහන්න ගිහින් වතුර ගොඩේම වැටිල කොන්ද ඇනගත්තා හොද එකෙන්.. ඉතිං බං හිනා නොවී බෑනේ අරූගේ කොන්ද කැඩුනත් මේ සිද්ධියට.. හැක්

    ReplyDelete
    Replies
    1. දිට්ඨ දම්මවේදනීය කර්මයක් පල දීලා තියෙන්නෙ දේශකයා..

      Delete
  23. පවු බන් පුසෝ..

    ReplyDelete