ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, January 10, 2014

බිම වැටුනු පාඩම




http://timzero4.deviantart.com/art/Slippery-When-Wet-196726621

වෙලාව උදෑසන නවය නැත්නම් නවය හමාර වෙන්න ඇති. මම කාර්යාලයට යමින් ගමන්ම තව වැඩ කීපයක් කර ගන්න තියෙන නිසා අතුරු ගමනක් විදියට බම්බලපිටියට ගියා. අතුරු වැඩ කිව්වහම කෙනෙකුට වැරදි වැටහීමක් එන්න පුළුවන් නිසා..මම ගියේ ඊට කලින් දවසෙ බම්බලපිටියෙ මාර්ගගත වෙළඳ ආයතනයකින් මම ඇණවුම් කරපු වාෂ්ප විදුම් යන්ත්‍රය ගන්න...ඈහ්  ! කියවෙච්ච අයට ආයිමත් කියන්නම්කො. අර කැච්මී ඩොට් එල්කේ කියන ඔන්ලයින් ට්‍රේඩින් කරන ආයතනයෙන් මම ඕඩර කරපු ට්‍රැවල් ස්ටීමර් එක ගන්නයි බම්බලපිටියට ගියේ.... ඔය තේරුණෙ අපූරුවට...

මාර්ගගත වෙළඳ ආයතන හතු පිපෙනවා වගේ හැමතැනම තියෙනවා දැන්. මම ඕකට මුලින්ම යොමු උණේ අර එනිතිං ඩොටෙල්කේ එකෙන්..මයිඩීල් එකෙනුත් මොනා හරි අරගෙන තියෙනවා මතකයි. වාසිය තියෙන්නෙ සාප්පු ගානෙ ඇවිද ඇවිද ඉන්න ඕනි නෑ. පරිගණකයේ අන්තර්ජාලය පිරික්සලා අවශ්‍ය දේ හොයා ගෙන ඇණවුම දාලා ඒ ඇණවුමේ පිටපතක් අරගෙන එතනට ගියහම අපිට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන්. ගෙවීම් මාධ්‍යය ණය පත් වලින් වගේම භාණ්ඩය ගන්න වෙලාවෙ ගෙවන්නත් පුළුවන්. මිල අතින් වාසියක් තියෙනවා කියලා පෙනෙනවා. මොකද මේක කරන්නෙ භාණ්ඩ ප්‍රවර්ධනයට නිසා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගන්න විශාල වට්ටම් දෙනවා පේනවා.
හැම ලාභ බඩුවෙම හිලක් තියෙනවායි කියන සංකල්පය මෙතනට අදාළ වෙන්නෙ කොහොමද කියලා කියන්න නම් මේ ක්‍රමය තව කාලයක් අපේ සමාජයේ ඇදිලා යන්න ඕනි. බටහිර සමාජයේ නම් මේක බොහොම සුලභ සංසිද්ධියක් නිසා වෙළඳ ආයතන හා පාරිභෝගිකයන් අතරේ බොහොම හොඳ සම්බන්ධතාවයක් තියෙනවා පේනවා.
කියන්න ආපු කතාව මේක නෙවෙයි.


භාණ්ඩයත් මිලදී ගෙන මම ගියා මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණයට. එතනට ගියේ මට අවශ්‍ය වෙලා තිබ්බ මුදල් ප්‍රමාණයක් එතන තියෙන ඒටීඑම් එකෙන් ගන්නයි. දෙපැත්තට ඇරෙන දොර එක්කම වෙළඳ සංකීර්ණයට ඇතුළුවෙන තැන බිම ඉහළ ඉඳලා පහළට පොඩි බෑවුමකට වගේ හදලා තියෙනවා ඔබ දැකලා ඇති. වෙනදා වගේම විශාල ඉඩකඩ තියෙන වෙළඳ සංකීර්ණයේ ආලින්දය කොටසේ සෙනඟ පිරිලා හිටියා. මෙතනට වැඩියෙනම එන්නෙ තරුණ පිරිස් සහ විදේශිකයන්. 


මමත් ඒ අය දිහා බලමින්ම බිම නොබලා අඩිය තියලා තියෙන්නෙ අර පහළට නෙරුමක් විදියට තියෙන කොටසේ කියලා තේරුණෙ ඉස්සරහට තියපු අඩිය ලිස්සලා යනවා දැනෙන කොටයි. ප්‍රමාද වැඩී වෙන පියවරකට යන්න... උදේ පාන්දරම හොඳට ඔප දමලා තිබ්බ පොළවේ මාව ලිස්සලා ගියේ නොවැටී බේරෙන්න මට තියෙන සියලුම විකල්පයන් ටික සුනුවිසුනු කරමින්. ලිස්සලා ගිහින් පස්ස බිම ඇනිලා කරේ එල්ලගෙන හිටිය බෑග් එකත් චග් ගාලා බිම වැදිලා කියන එක මට තේරුණෙ ක්ෂණයකින්.එතන හිටිය සියලුම අය මා දිහා බැලුවෙ හැමෝම විටින් විට ඇරෙන වැහෙන දොර දිහා තමන්ගෙ ඇස් යොමු කරමින් හිටිය නිසා මයි. වැටෙන ඊළඟ නිමේශයෙන් මම නැගිට්ටෙ හරියට අත්භූත බලයක් ලැබිලා වගෙයි. ඒ එක්කම අර තරුණ පිරිස සහ විදේශික පිරිස දෙස බැලුනෙ නෙත් කොනකින්.. කීපදෙනෙකුගේම මුවඟ පිරි සිනහව සමඟ තරුණියන් දෙදෙනෙක් මා දෙසට එන්න තැත් කරලා මම නැගිටපු වේගෙ නිසාම ඒ අය සානුකම්පිත බැල්මකින් මා දිහා බලා ගෙන හිටියා.
තමුන්ගේ වැඩිමහල්ම සහෝදරයෙක් නැතිනම් ඥාතියෙක් හෝ පියාගේ වයසෙ හිටි මා ඇදගෙන වැටෙනවා දුටු විගසම ඔවුන්මගේ උදව්වට එන්න නැගිටින්න ඇති. හිතට මුලින්ම ආවෙ ලැජ්ජාව මුසු හැඟීමක්. ලොකු අපහසුතාවයක් හිත දැනුණා. හරියටම මම විශාල පිරිසක් ඔවුන්ගේ ඇස් මානා ගෙන ඉන්නකොට දැනෙන සියුම් කියාගන්න බැරි වික්ෂිප්තභාවයකින් මාව වෙලිලා...


....ප්‍රාඥයින් කියලා තිබුණු කතාවක් මගේ හිතට ආවෙ ක්ෂණයකින්.. තමුන් වැටුනොත් වැටුණු තැන බලන්න. ඒක ඉදිරියට වටිනවා කියන එක..


ඇත්තටම මම වැටුණේ ඇයි කියන එක ආයිමත් බලන්න ඕනි. බිම පතිත වෙලා තිබුණු බෑගය ආයිමත් කරේ එල්ලාගෙන මම නැවතත් අඩි දෙකක් පස්සට ගියා. හොඳට ඔප දමලා තිබුණු පොළවේ පහළට නෙරලා තිබ්බ කොටසේ පිරිසිදු කරන සේවකයා හෝ සේවිකාව ඔප දමන ද්‍රව්‍ය උලලා තිබ්බත් ඒක තමන්ගෙ ඔප දමන යන්ත්‍රයෙන් හරියට ඔප දමලා තිබ්බෙ නෑ.. මම අර තරුණ පිරිස දිහා බලා ගෙන ඇවිත් හරියටම සපත්තුව තියලා තියෙන්නෙ අර ඔප දමන ද්‍රව්‍ය උඩටමයි. ඉතින් ලිස්සලා වැටෙන එක අහන්න දෙයක්ද ? තාමත් සපත්තුවෙ කොනක තැවරිලා තිබ්බ ඔප දමන ද්‍රව්‍ය ටික මගේ කතාව සනාථ කළා. මෙතනින් අද දවසේ තව අයෙක් වැටෙන්න පුළුවන්. මම අවට බැලුවා. අර පිරිස තවමත් මම දිහා දෑස් දල්වලා බලා ගෙන ඉන්නවා. ටිකක් එහායින් හිටිය පිරිසිදු කරන සේවකයට මම හස්ත සංඥාවක් දීලා කැඳෙව්වා. කැඳවලා අර ඉතිරි වෙලා තිබ්බ ඔප දමන ද්‍රව්‍ය ටික පෙන්නලා මම වැටුණු හැටිත් කියලා තව කෙනෙක් ලිස්සලා නොවැටෙන්න එතන පිසදමන්න කියලා ඒක හරියටම කරනකන් ඉඳලා තමයි මම එතනින් ඉවත් උණේ...


ඇත්තටම මම ක්ෂණයකින් කළයුතු දේ ඔය ඉහළ කිව්ව දේ උණත් මම කළේ ඒක නෙවෙයි. මා දිහා මානා ගෙන ඉන්න දෑස් පනහක් විතර මඟ හැරලා මම අඩියට දෙකට බැංකු තියෙන හරියට ගියා. එක කකුලක් රිදෙනවත් එක්ක.. එතන තිබ්බ ආපනශාලවෙන් උණු තේ එකක් බීලා සල්ලිත් අරගෙන අපහු එනකොට තමයි මම එතන අයිනෙ වැඩ කරමින් හිටිය පිරිසිදු කරන සේවකයට ඔප නොදැමූ කොටස පෙන්නුවෙ. එතන තව කෙනෙක් වැටෙන්ඩ තියෙන ඉඩ පෙන්නුවහම එයා අහිංසක විදියට එතනට දුවලා ගියේ ඔතන එක සර් කෙනෙක් ඇද ගෙන වැටුණා දැන් ඩිංගකට ඉස්සරවෙලා එහෙනම් එක තමයි කියමින්..


මම ඇද ගෙන වැටෙන වෙලාවෙ හිනා ගිය හැමෝටම හොඳ අතුල් පහරක් එල්ල කරනවා වගේ කරන්න තිබ්බ මේ වැඩේ මම අතින් නොකෙරුණු එක ගැන මට තාමත් තියෙන්නෙ පොඩි පසුතැවිල්ලක්...
මේකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි වැටුනොත් වැටිච්ච තැන දිහා ඒ වෙලාවෙම බලන්ඩ ඕනියි කියන එක තමයි...


53 comments:

  1. එම් සී එකේ වැටෙන එක ගැන නං කියන්න දෙයක් නෑ.. මාත් දෙතුන් පාරක්ම ඇදගෙන වැටිලා තියෙනව සෙරප්පුව ලෙස්සලා... හි හි... ඔය ටයිල් වල ලෙස්සන සෙරප්පු ජාතියක් තිබ්බ ඒ කාලෙ.. හැබැයි ඔහොම වැටුනම වෙන කරන්න දෙයක් මතක් වෙන්නෙ නෑ.. ටක් ගාලා නැගිටලා මුකුත් නොවුනා වගේ එතනින් මාරු වෙන්න විතරයි මතක් වෙන්නෙ... එකපාරටම නැගිටගන්න පුළුවන් උනොත් අපි නොදැනුවත්වම හරි වෙන්නෙත් ඒකමයි... වැටිච්ච පාරට නැගිටගන්න බැරි උනොත් තමයි උනේ මොකද්ද කියල පොඩ්ඩක් හරි හිතලා බලන්න මතක් වෙන්නෙ... හි හි

    ReplyDelete
    Replies
    1. මමනම් වැ‍ටුනම ඔය වෙනි අය්යා කියලා තියනවා වගේ එතන හොඳට බලනවා. ඒ වෙන මොකටවත් නෙමේ වැ‍ටුනෙ මගේ වැ‍රැද්දකින් නෙමේය කියලා බලන් ඉන්න අයට පෙන්වන්න. අර වෙනි අයියා කියපු කෙනත් ඔහොම කතාවක් කියලා තියෙන්නේ ඒ හේතුව හින්දමද දන්නෑ... හෙහ් හෙහ්

      Delete
    2. ඔව් අපේ අර මොනවද ක්ෂණිකව ක්‍රියා කරන ඇඩ්‍රිනලින්ද මොනාද කෙහෙල් මලක් හින්දා..සුටුෂ් ගාලා නැගිටලා මාරු වෙන්න නෙ හදන්නෙ...හැබැයි අමාරුවෙන් හරි ඉඳලා සෙන්නා කිවූ දේ කලා නම් තමයි හොඳම..මටත් ඒක පත්තු වෙලා ආවෙ ටිකක් පස්සෙ..

      Delete
  2. පොළොව දිහා බලන්නෙ නැතුව පොළොවට ඉහලින් තියෙන ඒවා දිහා බල බල යන කොට ඔහොම තමයි. අතක් පයක් නොකැඩි ඔහොම බේරුණා මදැයි..

    ReplyDelete
    Replies
    1. මාතලන් ගොයියා ඔහොම කීවට මැජෙස්ටික් සිටි එකට එන දැරිවියො දිහා ඇස් කන් ඇරලා නොබලා යන්න මමත් රහත් වෙලා කියලද හිතන් ඉන්නේ ??? අනේ නෑ බන් !

      Delete
  3. කතාවට කියන්නේ slippery when wet කියලා. ඒත් වතුර නැතුව ඕනා තරම් ලිස්සලා වැටෙන්න තියන අව්සාත වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔව් යක්..එහෙම තමයි කියන්නෙ ඒත් මේ පොලිෂ් කරපු පොළවවල් වල අපේ අඩි ගෙවිච්ච සපත්තු ලිස්සන්නෙ බණ්ඩක්කා ලෙසට නෙ..

      Delete
  4. //මම අර තරුණ පිරිස දිහා බලා ගෙන ඇවිත් හරියටම සපත්තුව තියලා තියෙන්නෙ අර ඔප දමන ද්‍රව්‍ය උඩටමයි.//

    යන දිහා පොඩ්ඩක් බලලා නෑනේ. අහක ඉන්න තරුණ පිරිස් දිහා තමයි ඇස් තිබිලා තියෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. ඉතින් පොඩ්ඩියෙ එම්සී එකට එන දරුවො , දැරිවියො දිහා නම් නොබලා යන්න ඉතින් ඇස් දෙක හොඳටම පෙනීම අඩු වෙන්න වෙයි.. :-D

      Delete
  5. කිව්වත් වගේ මෙහෙම වෙලාවක බරපතල අපහසු තාවයට පත් වෙනවානේ

    ReplyDelete
    Replies
    1. කියන්නෙ..වෙන දහසක් දේවල් ගැන කල්පනා කර කර් යනකොට ලස්සන කෙල්ලො ටිකකුත් ඉන්න ඉස්සරහ පෙරේතයා පොළවෙ ගැහුවා සේ වැටුනහම ආයි මොනාද හොදි ඕනි නෑ..

      Delete
  6. වැටිලා තනිවම නැගිට්ටම හිතට මාර ‍ෆිට් එකක් එනවා නේද වෙනි අයියේ ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලි මට නම් ෆිට් නෙවෙයි මාර ලැජ්ජාවක් තමයි දැනුනෙ ඒ වෙලාවෙ..පස්සයි ටිකක් තේරෙන්න ගත්තෙ..

      Delete
  7. මටනං ලොකු ආදර්ශමත් කතාවක් උනා අය්යෙ..!

    ඒ උනාට උඹ ඕය කොට සායවල් දිහෑ බලන්න ගියේ මක්කටෙයි බං..!!!:))

    ReplyDelete
    Replies
    1. ඔයි කිව්වට එම්සී ගිහින්ම බලන්නකො..නොබල යන්න පුළුවන්ද කියලා..අළුත් අළුත් ෆැශන් ගොඩාආආආයි..

      Delete
  8. පස්ස බිම ඇණුනු වෙලේ මොලේට මොකක් හරි වෙලා නං වන්දි ඉල්ලා සාප්පු සංඛීර්නයට නඩු දාන්න!

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න උන්නේ, මූට වන්දි ඉල්ලලා නඩුවක් දාන්න තිබුනා. වෙට් ෆ්ලෝ කියලා හෝදපු තැන් පොලිෂ් කරපු තැන් වල බෝඩ් දාලා තියෙන්නේ ඒ නිසයි. ඕකට වෙනම් ඉන්ෂුවරන්ස් එකකුත් තියෙනවා. ඒ ඉන්ෂුවරන්ස් එක ගන්න පබ්ලික් සේෆ්ටි ප්‍රිකෝෂන්ස් තියෙන්න ඕන. කකුල අමාරුයි කියාපු එකට වන්දියක් ගන්න පුළුවන්.

      Delete
    2. කශු මොනා කියනවද මන්දා...මම මේ නොකර සද්ද හිටියෙ ඔය ගැන..
      පස්ස බිම ඇනුනට පස්සෙ මොලේ පෑදුනා වගේ දැනෙනවා..පේන්නෙ නැද්ද මහා ප්‍රාඥටින් කීව කතාත් මතක් උනා..
      මාතලන් කීවට එයා මගේ මොලේ පෑදිලයි තියෙන්නෙ ඔය සිද්ධියෙන් පස්සෙ කියලා ගානක් කපා ගන්ඩත් ඉඩ තියේ දැන්නම්..

      Delete
  9. ඔය පස්ස බිම ඇනගත්තාම මොළේ අභයන්තර ලේ වහනයන් සිද්ද වෙන්න පුලුවන් මචං. බලාගෙන.

    ReplyDelete
    Replies
    1. දවසේ කොමෙන්ටුව සේ තෝරමි.. :D

      Delete
    2. ආයේ වෙන්න දෙයක් නෑ.. කලින් කොහේ හරි වැටිලා තියෙනවා.. හොඳ වැටිල්ලක්..

      Delete
    3. අහන්න දෙයක් නෑ ඔය කකුළෙ රිදුමක් වගේ දැනෙන්නෙ ඒක වෙන්න ඇති.
      වැඩේ සීරියස් වෙන්න ඉස්සෙල්ල MRI එකක්වත් කරගත්තොත් නරකද?

      Delete
    4. ඈහ්..හෙන්‍රි එහෙම අභ්‍යන්තර ලේ ගැලීමක් උනහම මොනාද අඳුරා ගන්න තියෙන් ලක්ෂන..??? අර සිම්ප්ටම්ස් කියන්නෙ ?!
      මාර්ස්, මාතා සහ ප්‍රසා මම බොලාට කිව්වයි කියලා හිතා ගන් !

      Delete
  10. ඔය වෙලාවට වැටුනට වැඩිය වේගෙන් නැගිටින්න පුලුවන් නේද වෙනි අයියේ....

    ReplyDelete
    Replies
    1. වැටෙනවා විතරයි මතක ඊළඟ නිමේශයෙදි මම එතනින් යන්නත් ගිහින්..ඒක කොයිතරම් වේගෙන් උනාද කියලා හිතා ගන්නත් බෑ..

      Delete
  11. අපරාදෙ අර බලල හිනාඋනු උන්ට පොර වගේ ලයින් එකක් දෙන්න තිබුනු චාන්ස් එක...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ චාන්ස් එක නම් මිස් උනේ කෙස් ගහෙන්..ඊළඟ සැරේ වැටියන්කෝ..එතකොට බලා ගන්නම් මම..

      Delete
  12. ඔහොම දේවල් වෙනව තමයි.ඔය වෙලාවට ගැටිස්සියෝ හිටියොත් දැනෙන ලැජ්ජාව ටිකක් වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ටිකක්...ටිකක් නෙවෙයි මල්ලි..බොහොමයි දැනිච්ච ලැජ්ජාව නම්..

      Delete
  13. ෂැහ් අයියට කියන්න මාත් ඔතනට ගියානේ ඔයිට පැයකට විතර පස්සේ.. හැබැයි කවුද මංදා කියනවා ඇහුනා තමා පොරක් කෙල්ලෝ දිහා කට ඇරගෙන බල බල ගිහින් වැටුන කතාවක්.. ඒ කිව්වට මං හිතුවේ නැහැ ඒ අයියය කියලා.. :D :D :D

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ දිහා බැලුවනම් එහෙම වෙන්නේ නෑ.. මූ බලන්නේ පස්සවල් දිහා.. උඹට මතක නෑ.. පුක් ප්‍රදර්ශනේ ගහපු පොටෝ ටික..

      Delete
    2. මට පේන විදියටනං වෙනී වැටිල තියෙන්නෙ ඔනකමිංමයි. අර කොට සායවල් වල අභ්‍යන්තරය වඩාත් හොඳ කෝණයකින් බලාගන්න.

      Delete
    3. උන් සෙට් එක මම කට ඇරන් ගිය හැටි දකින්න නැ බන් මාර්ස්..වැටුනහම්යි බැලුවෙ..
      මාතලන්..අහල නැද්ද බන් අමතක කරලමු පැරණි කතා...කියලා..
      ඔන්න ඔන්න ප්‍රසා ඇදන් වැටෙන කොට බලන එව්වා..

      Delete
  14. ඔයින් ගියා මදැයි

    ReplyDelete
    Replies
    1. අර කාලෙකට ඉස්සර බාත් රූම් එකක වැටිලා වගේ කොන්ද නොකැඩිච්ච එකම මදැයි..

      Delete
  15. ගෑල්ලමයි දිහා බලාගෙන යන එක දැන්වත් නතර කලොත් නරකද මම අහන්නේ.. අන්තිමේ අහිංසක පොළවට රවලා වැඩක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. මොකො බන් දැම්ම කෙලෙසුන් නසන්න හිතක් නෑ..ඔහෙ වැටිච්චදෙන්.. :-D

      Delete
  16. වැටිච්ච වෙලාවෙ අර වාශ්ප විදුම් යන්ත්‍රයෙන් වාෂ්ප පිටවෙන්න ඇති නේද? ෂුවර් නේද කැමරාව බෑග් එකේ තිබුණෙ නෑ කියලත්.
    අනික ඔය MC එකේ තියෙන ATM එක්දාස් අටසිය ගණං වල හයිකරපුවනෙ.

    වෙනී අයියට ‍තිබුණෙ සෝමක්කගෙන් ගානක් ඉල්ලගන්න.

    ReplyDelete
    Replies
    1. නෑ ඒක පැක් එක පිටින්ම බිම ඇනුනෙ..මුකුත් වෙලා නෑ..කැමරාව සදා කල්ම තියෙන්නෙ ඔය බෑග් එකේ තමයි..මුකුත් වෙලා නෑ..අපොයි මට සෝමක්කට ගානක් ගෙවන්න වෙයි බාගදා..

      Delete
  17. අපේ සීයත් හැරමිටිය අමතක කරල ගිය දාට කොහේ හරි වැටෙනව,

    ReplyDelete
    Replies
    1. ඈ කම්මලයො බොගේ සියාට තරම් මටත් වයසයි කියලද ඔය ව්‍යංගාර්ථ්යෙන් කියන්නෙ ???

      Delete
  18. wet floor කියන බෝඩ් එක අදට ගැලපෙන්නේ නැහැ. බිම ඇදවැටී පස්ස බිම ඇනීමෙන් මොලයට හානිවියහැකි ප්‍රදේශය වගේ එකක් තමයි හරියන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරක අපි එහෙම යෝජනාවක් දාමු එහෙනම්...
      අම්මපා මේකාත් උපහාසය කියන එක දන්නෙම නෑ..අර දේශකයාද කොහෙද මොකද්ද කියලා තිබ්බ එක හොයලා බලන්න ඕනි..

      Delete
  19. ‍මේව‍ගේ වයසක, අහිංසක මනුස්ස‍යෙක් වැටුනම උදව්වට ‍නොඑන එවුන් ‍මොක්කුද මංද!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒකනෙ රාජ් කියන්නෙ හරි නම් එතන හිටි ගෑණු ලමයි ටික දුවගෙන ඇවිත් මාව උස්සලා ගන්න ඕනි..කොහෙද එහෙම උනේ නැහැනේ...

      Delete
  20. සී සී ටී වී එකෙක් තියෙනවා කියන්නේ වෙනි අයියා වැටිල බිම ඉන්න ගමනුත් අර ගෑල්ලමයි දිහාම බලන් ඉන්න හැටි... නැගිට්ටෙත් ඒ ගෑල්ලමයි දිහා බලාගේනමනේ ..කට්ටිය හිතලා තියෙන්නේ බෙල්ල උලුක් වෙලා කියලා

    ReplyDelete
  21. අප්පට සිරි..ඕක අහල පහල් තිබ්බ කමරා වලත් රෙකෝඩ් වෙලා ඇති නේන්නම්..හතර විලි ලැජ්ජාවෙ බෑ මතක් වෙද්දි...

    ReplyDelete
  22. ඉගෙන ගත්ත පාඩම හොදටෝම ඇති..

    ReplyDelete
  23. මාව නම් හරියට වැටෙනවා. බිමම නෙමේ, බාගෙට. සපත්තු පෙරලෙනවා දවසකට දෙතුන් වතාවක්. ඒ වෙලාවට මම කරන්නෙත් සෙන්නා කිවුව දේ තමයි. මොකද මේ පොළොව ඇද වගේ බලනවා

    ReplyDelete
  24. වෙනි.......ෆුල් සීන් එකම යු ටියුබ් එකේ තියෙනවා. එක පාරටම නැගිටින්නේ නැහැ. බඩගාගෙන කණුවක් අල්ලගෙන කෙලින් වෙන්නේ. මම දැන් දන්නේ ඒ උඹ කියලා!

    ReplyDelete
  25. මේ නහින දෙහින කාලේ ඔය ලොකු බිල්ඩින්ග් අස්සේ මොකට රින්ගනවද මන්දා,අතක් පයක් කඩා ගන්නකෝ රගේ බලන්න

    ReplyDelete
  26. හයියූ උදේ පාන්දරම කැත සිද්ධියක් නොවැ වෙලා තියෙන්නෙ...මම නම් ප්‍රසිද්ධ ස්ථාන වල තවම වැටිලා නෑ...ශරීරයට හයිය මදි නම් වැල්පෙනෙල කැද එකක්වත් බොන්න...

    ReplyDelete
  27. දැන්වත් පාර බලාගෙන පල.අහල පහල බලන්නෙ නැතුව

    ReplyDelete