ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, June 30, 2013

හෝරා යන්ත්‍රය...



"හැම
 කෙනෙක්ගෙම අතේ ඔරලෝසු බැඳ ගෙන හිටියත් වෙලාවට කලාවට වැඩක් කෙරෙනවා කියලා එකක්යෑ?"

"උඹලා නම් හැම එකකම වැරැද්දක් මිසක් හොඳක් දැක්කද කවදාවත් ඉතින් ?"

"යමු යමු ඔය වැඩේටවත් වෙලාවට"

නගරයේ සිටි ඔරලෝසු කාර්මිකයාගේ අවසාන පුරුක වූ ඔහු විසින් තම ජීවිත කාලයම තුළ දැත්තෙන් දැත්ත ඇණයෙන් ඇණය,මුරිච්චියෙන් මුරිච්චිය එකට පුරුද්දා සකසන ලද අසල නගර ගම් දනවු සියල්ලටම තිබෙන මහා විශාල හෝරා යන්ත්‍ර රාජයා නගරය මැද ඇති විශාල ශාලාවේ පියස්ස මත විවෘත කිරීමේ උත්සවයට නගරයේ අස්සම මුල්ලක් නෑරම වූ ජනී ජනයා මේ මොහොතේ නගරයටඑක්කාසු වන්නට වූවෝය.

ඔහුගේ අවසාන කැමති පත්‍රය වූයේ තමන්ගේ මිය යාමෙන් දින සතක් අවසන් වූ තැන මෙම විශ්ව කර්ම නිර්මාණය බඳු වූ හෝරා යන්ත්‍රය නගරයේ තැන්පත් කර ක්‍රියාත්මක කරන ලෙසයි

ඔහි විසින් නගර වාසීන්ට කරන ලද මෙහෙය සලකා මෙම අවසන් ඉල්ලීම එලෙසම ඉටු කරන්නට නගරවාසීන් විසින් කටයුතු මෙහෙයවනලදී.

ඈත මුහුදු දිය මත සූර්‍යයා සැඟවී යන්නට තව මොහොතක් පවතීනගරය රන්වන් පැහැ සූර්‍ය රශ්මියෙන් නැහැවී ගත්තේ අමුතුම වෙනසකටඅර අඳින්නට මෙනි

මෙතෙක් වෙලා ආවරණවලින් සඟවා තුබූ හෝරා යන්ත්‍රය තම ලැජ්ජාශීලී වත මුල්වරට තමා දෙස ඇසි පිය නොහෙළා බලා සිටිනසියල්ලන්ම වෙත පෑවාය.

"ඕහ්....ආහ්..."

විස්මයජනක සුසුම් හා හඬ ගෑම් වලින් මුළු පරිසරයම ජ්වලිත වන්නට වීය.

"මේක නම් සැබෑම විස්මය ජනක නිර්මාණයක් තමයි"

සියල්ලෝම එක හඬින් තමා සමඟ වූ අනිකාට කොඳුරන්නට වූවෝය.දැවැන්ත හෝරා යන්ත්‍රයේ මුහුණ හා හෝරා කටු නිසලව රන්වන් පැහැයෙන් බබළන්නට වූයේ සැඳෑ හිරුගේ පැහැය නිසාද නැතහොත්තමන්ගේම වර්ණයෙන්ද යන්න නරඹන්නන්ට එක්වරම සිතා ගත නුහුණු වීය.

හරියටම සන්ධ්‍යාවේ හය වේලාව පෙන්වමින් තවමත් හෝරා කටු තුන නිසලය.

අවසන් අභිප්‍රාය ඉටු කිරීමේ අභිලාෂයෙන් හෝරා යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ යතුර අසල කාර්මිකයා තම අත වූ හෝරා යන්ත්‍රය දෙස නෙත්දල්වා හුන්නේය.

එක යායට පෙනෙන හිස් පොදිය විටින් විට තම අත තුබූ හෝරා යන්ත්‍රය දෙසද සුවිසල් හෝරා හිස දෙසද විටින් විට තමන්ගේ හිස් යොමුකරන්නට වූවෝය.

"වෙලාව හරි"

යමෙක් මහ හඬින් කෑ ගැසුවේය.

කාර්මිකයාගේ අතින් දැවැන්ත හෝරා යන්ත්‍රය ක්‍රියාත්මක වීය.සයුරේ ගිලෙන්නට ඔන්න මෙන්න සිටි සූර්‍යාද මොහොතක් නැවතත තම හිස ඔසවා හෝරා යන්ත්‍රය දෙස බැලීය..

"ඒකේ තත්පර කටුව ආපස්සට යන්නෙ"

අල්පෙනෙතියක් නොවැටෙන තරමේ වූ නිහඬතාවය බිඳිමින් දරුවකුගේ හඬක් සියල්ලන්ගේම සවන් පතිත වද්දී සියල්ලන්ගේම ඇස් යොමුවූයේ තත්පර කටුවෙ දෙසටයි

එය තම ස්වාමියාගේ අණ අකුරටම පිළිපදිමින් සැඳෑ හිරු එළියේ රන්වන් පැහැයෙන් ජ්වලිත වෙමින් ගමනේ යෙදෙන්නට වීය

15 comments:

  1. තේරුම් ගත නොහැක, දෙවරක්ම කියෙව්වෙමි.

    කෙසේ වෙතත් ජූනි මාසය ගෙවී යාමට තත්පර කිහිපයක්ට පෙර ලියන්නාට තම බ්ලොග් එක සිහිවීම ගැන මගේ ප්‍රසාදය!

    ReplyDelete
  2. මචං මටත් තේරුං ගනන බෑනොවැ. මොකක්ද කාලය ආපස්සට ගැනීම ගැන සංකල්පයක්ද අදහස් කළේ...
    ටිකක් විස්තර කරපං නැත්තං අපි අමාරුවේ.

    ReplyDelete
  3. කාලය ආපසු යනවා..සියල්ලන්ටම සිද්ධ වෙනවා තමන් කල, තමන්ට සිදු වෙච්ච දේවල් නොකරන්නට සහ නොවන්නට..මේක හැමෝම දකින සිහිනයක් කියලයි හිතෙන්නෙ..

    ReplyDelete
  4. ඇත්තටම අපේ ජීවිතවල තියෙන්නේ පසුගාමී බවක් කියන එක මටත් හිතෙන අවස්ථා තියනවා. අපි මේ යන්නේ කොහෙද? මොනවද කරන්නේ? ඇයි මේ තරම් අපේ ස්වාධීන චින්තනය විකෘතිවී තිබෙන්නේ? ඇයි හැම වෙලාවේම අනුන්ගෙන් යැපෙන්න බලන්නේ. නිවැරදි එහෙත් තරමක් දිග ක්‍රම තිබියදී වැරදි කෙටි ක්‍රම අනුගමනය කරන්නේ ඇයි.

    මේ ඔරලෝසු කාර්මිකයා කිව්වේ මිනිස්සුනේ අතීතයට ගොස් බලපල්ලා කියන පණිවිඩය නේද?

    රු 5000 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් මට ඇතත්, හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු අතේ බැඳපු කාලයක් නම් මතක නැත. :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  5. මම තවම පෝස්ට් එක කියෙව්වේ නෑ.

    කොහෙද බොල ගිහින් හිටියේ?

    ReplyDelete
  6. මම නම් හැබැයි හැම තිස්සේම වේලාවට වැඩ කරන්න උත්සහා කරනවා.හැබැයි අතේ නම් ඔරලෝසුවක් නැ.

    ReplyDelete
  7. ලොකු කලකිරීමක් වගේ මට නම් පෙනුනේ. ඒක වැඩක් නෑ. මොකෑ උනේ.. අන්න අදත් මම උඹ ගැන කොමෙන්ට් එකක ලිව්වා.. මතක් කලා විතරයි, මෙන්න පෝස්ට් එකක් දාලා...

    ReplyDelete
  8. පොඩි එකෙක් තමයි හැමදාම "වැරැද්ද" පෙන්නුවේ.

    ReplyDelete
  9. මටත් ඒ හැටි මීටර් උනේ නෑ පල්ලෙහා කමෙන්ට් කියවනකං!

    ReplyDelete
  10. කතාව සහ කොමෙන්ට් කියවූ පසු තේරුම ගතිමි, හුඟ කාලෙකින් ..!

    ReplyDelete
  11. මට හිතෙන්නේ ඔබ අන්තිම අවස්ථාවේ අන්තිමටම ගෙවුන තත්පරේ ආපස්සට ගන්න කතා කරන බවකුයි. ඉතිං ලෙඩ කඩ හොදද??

    ReplyDelete
  12. හා එහෙං ආපස්සට ගිහිල්ල පහුගිය ඇරියස් ඒවටත් එක්ක ‍ලියමුකො බලන්න. අර අතරමග නතරකරල දාපු කතා ටික එහෙම.

    ReplyDelete
  13. "රජ්ජුරුවෝ හෙළුවෙන් යනවෝ" කියලා කෑ ගැහුවෙත් පොඩි එකෙක් නේ.

    ReplyDelete
  14. එසේ පසුපසට ගමන් ඇරඹි තත්පර කටුව වට හය ලක්ෂ හාර දහස් අට සිය වැනි වටය කරකැවී දින හතක කාලය සම්පූර්ණ කරන්නට යෙදුණ මෙවැනිම හිරු අවරට යමින් තිබූ සැඳෑවක හෝරා යන්ත්‍රය පාමුල නොසොල්මනේ වැතිරී තිබූ ඔරලෝසු කාර්මිකයාගේ සිරුර මුලින්ම දක්නා ලද්දේද ඉහත කී කුඩා දරුවාමය.

    ReplyDelete
  15. මමනම් ඔරලෝසු බදින්නෑ.. හැබැයි බොහෝවිට වෙලාවට වැඩ කරනවා. එහෙම කරලා අපහසුකම් වලට මුහුණ දෙන්න වෙච්ච අවස්ථාත් එමටයි. කතාවෙන් දෙන පණිවිඩය තේරුම් ගන්න මගේ දැනුම මදි කියලා තමා හිතෙන්නෙ..

    කොහෙද ගිහින් හිටියෙ ?

    ReplyDelete