ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 20, 2013

මතකද අවුරුද්දකට ඉස්සෙල්ලා...


සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...



සිහිනයක් නොවූ මුත් සොඳුරුම සොඳුරු සිහිනයක මතකයක් හිත මුල රන්දලා තියලා අවසන් වුනත් අවසන් නොවුනු ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුනු හෝරා නවයක් දහයක්...

හඳුනා ගන්න...එකම එක වචනයක් හරි කතා කරලා හිත සතුටු කර ගන්න තිබ්බ ඒ හෝරා කීපය නම් ඊළඟ අවුරුද්ද වෙන කම්ම අමතක වෙන්නෙ නෑ..

ගත වෙන හැම තත්පරේම සිදු වන සොඳුරු නිමේශය කැමරා කාචයේ රඳවාගන්න උත්සාහ දරපු මට හොඳටම විශ්වාසයි ගොඩාක් අය එක්ක දොඩමලු වෙන්න බැරි වුනු බව..

ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා..

හිනා වෙන්න නම් ඇති...ඒත්..අර මුලින් කීව සතුට මැද්දෑවෙ ගුලි ගැහෙන්නෙ පොඩිම පොඩි දුකක්..
මන් කැමරාව නොගෙනිච්චනම් හරි කියලා නොහිතෙනවමත් නෙවෙයි..ඒත්..

කැමරා කාචය හරහා මතක පතේ රැඳිලා තියෙන ජායාරූප 564 න් එකක කොහේ හරි ඔබ රැඳිලා ඉන්නවා...

සමාවෙයල්ලා.....
මට එකම එක වචනයක් හරි කතා කරන්න බැරි වෙච්ච සහෘදයිනේ..මට දුකයී ඒ ගැන දැන්..

ප.ලි.(2013/04/20) - මෙදා පාර නම් හැමෝම එක්ක කතා කරන්නත් ඕනි...ෆොටෝ ගන්නත් ඕනි...පස්සෙ මඩකට හරි කියලා ඉතුරු වෙන්නෙ ඔහොම ගන්න ෆොටෝ ටික තමයි ඕන්..

16 comments:

  1. Gampha Getuva matak wadi enama hitanawa eat...Labana Auruda enawami.
    Jayawewa

    ReplyDelete
  2. අයියෝ මොකට දුක් වෙනවද ඔය හැටි ? ඒක හීනෙන් එලිවෙන්නෑලුනෙ..ඒක ඇත්ත බව හෙට ඔප්පු වෙනවනෙ..

    ReplyDelete
  3. ///ප.ලි.(2013/04/20) - මෙදා පාර නම් හැමෝම එක්ක කතා කරන්නත් ඕනි...ෆොටෝ ගන්නත් ඕනි...පස්සෙ මඩකට හරි කියලා ඉතුරු වෙන්නෙ ඔහොම ගන්න ෆොටෝ ටික තමයි ඕන්..//

    අර සමාජ සත්කාරෙට ගිහින් ඇවිත් දාපු පෝස්ට් ටික මතක් උනේ.. හි හි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  4. හෙට බලමුකො වෙනී අයියෙ.

    අපිටත් පුතේ කියල කතා කරයිද දන්නෑ. :D

    ReplyDelete
  5. මතක ඇතුව සමරු කලාපෙ කවරෙ පසු පිට බලහන්.

    ReplyDelete
  6. හිත් පොජ්ජට පට්ට අමාරුයි ඕයි...එන්න වේද..?මන්ද..?

    ReplyDelete
  7. දැන්ම ඉදලා මඩ ගහන්න නේ හදන්නේ

    ReplyDelete
  8. හෙට හවසම ෆොටෝ ටික දාන්න වෙනීඅය්ය...

    ReplyDelete
  9. මගෙත් එක්ක නම් කතා කළා. එහෙනම් හෙට සෙට් වෙමු.

    ReplyDelete
  10. මොනවද අද වුන විස්තර.

    ReplyDelete
  11. හෙට හම්බ වෙමුකෝ එහෙනම් වෙනියෝ!

    ReplyDelete
  12. අපි ඉතින් පස්සේ නිවාඩු පාඩුවේ හම්බුවෙමු..

    ReplyDelete
  13. හොඳින් සතුටු වෙන්නකෝ එහෙනම් ...

    ReplyDelete
  14. කෝ අපේ සිත්තර කතා ටික..... අදම දානවා නේද?

    ReplyDelete