ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, June 19, 2012

අඳුනගන්න බඩුවක් !


මෙච්චරයි කරන්න තියෙන්නෙ. මේ දමලා තියෙන ෆොටෝ ටිකෙන් හඳුනා ගන්න බලන්න මේ හාර්ට් ශේප් බඩුව මොකද්ද කියල. 














ඉඟි 2-3ක් දෙන්න පුළුවන්,


1. මේක නිකම්ම නිකම් සුවනියර් ගනයේ බඩුවක් නෙවෙයි


2. මේක  එදිනෙදා ජීවිතයේ හරිම ප්‍රයෝජනවත් දෙයක්.


3. අනිවා දවසට තුන් හතර සැරයක්ම පාවිච්චි කරන්නම වෙනවා එක් කෙනෙක්..ඔව් ඔබලාත් දැනට වෙන විකල්ප භාවිතා කරනවා. 


4. මේක නිවසේ විසිතුරු බඩු තියෙන තැන් වල , කාමර වල, සාලෙ වගේ තැනක තිබ්බට කිසිම ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැති වෙයි.


අපේ බ්ලොග් වල ඉන්න සහෘදයන් ඉතින් කම්පියුටර් කාලා ඉන්ටනෙට් බීලා ඉන්න නිසා මේක අඳුනා ගන්න වැඩි වෙලාවක් යන එකක් නෑ. ෆොටෝ එක ස්කෑන් කරලා ඒ වගේ තියෙන අනිත් දේවල් මොනාද කියලා හොයලා දෙන්න සොෆ්ට්වෙයාර් පවා තියෙන කාලෙක මේක ගේමක් වෙන්න නම් බෑ කාටවත්ම..


හා හා ළමයි පොර කන්නෙ නැතුව පේලිය එන්න උත්තර දෙන්න..


ඉතින් ඕකෙ උත්තරේ හොයා ගත්ත කෙනාට මොනවද දෙන්නෙ ?
හ්ම්ම්ම් ඔබ කැමති ෆිල්ම් දහයක ඩීඩීඩී දහයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. 


මන් ළඟ තියෙන ඩීවීඩී ෆිල්ම් ගොන්නෙන්  ඇවිත් තෝරන් යන්නයි තියෙන්නෙ..


(උපකල්පනය - කිරුලපන පෙරේරා ඇන්ඩ් සන්ස් එක තියෙන තැන දන්නවා යන්නත් නිවසකට මුල් දිනයේම යනවිට අවම වශයෙන්වත් අයිසින් කේක් එකක් අරගෙන එනු ඇත..)


09.15 p.m. 



ජයග්‍රාහකයා මේ අවස්ථාවේ බිහිවී ඇති වී බව මට පෙනී යයි..


ඒ 


අපේ


සපතේරු උන්නැහේ..


මගේ උණුසුම් සුබ පැතුම් !


ප.ලි. -ලංකාවට සපැමිණි විටකදී ඔබගේ ත්‍යාගය පිරි නැමීමට බලාපොරොත්තු වෙමි. 


ආව් ආව්..මට මැවිලා පේනවා සපා අතින් කටින් තෑගි එල්ලා ගෙන මාව බලන්ඩ එන මනරම් දර්ශණයක්...අවුරුදු ගනනාවකට මට සෙරෙප්පු සපත්තු ගන්ඩ ඕනි වෙන එකක් නෑ..


67 comments:

  1. මම එක!

    උත්තරේ නං දන්නෙම නෑ.

    ඉංග්‍රිසියෙන් වත් ප්‍රස්නෙ අහලා තිබුනානම් ප්‍රස්නෙට එන වචනයක් දෙකක් පෝස්ට් එකෙන් හොයලා මුලට the දාලා උත්තරේ දෙන්න තිබුනා. සික්

    ReplyDelete
  2. හරක් පීකුදු කෑල්ලක්...

    ReplyDelete
  3. පෙන් ඩ්‍රයිව් එකක්/ සබන් කෑල්ලකි / එයාර් ෆ්‍රෙෂ්නර් එකක් - හිටු ආයේ හොයාගෙන තව දානවා

    ReplyDelete
  4. Professional coffee machine walanam ohoma kelli thiyanawa habay ara heart eka nam ne.....
    Blind filer kiyala ekak nam thibe.....

    ReplyDelete
  5. sink ekak neda?
    samavenna phone eke sinhala natha

    ReplyDelete
    Replies
    1. හරි... මේක අර මෙව්වා දාන එකක් නේද? සික් ෆෝන් එකෙන් නේ පොටෝ ගහල තියෙන්නෙත්. හොයන්න හරිම අමාරුයි.

      සිංහල ටික හරියට ටයිප් වුනාද දන්නේ නෑ.. ෆෝන් එකෙන් කොටන්නේ

      Delete
  6. පෙන් ඩ්‍රයිව් එකක් නෙමේද??

    ReplyDelete
  7. මේක ඈශ් ට්‍රේ එකක් එහෙමත් නැත්තන් ඈශර් එකක්

    ReplyDelete
  8. කෑමක් වෙන්න ඇති ... අනේ මන්දා !

    ReplyDelete
  9. අස්ස බිත්තරයක්?

    ReplyDelete
  10. බ්ලූ සීඩී බහාලයක්?

    ReplyDelete
  11. මේක සිරා භාන්ඩයක්.. මමත් පාවිච්චි කරනව.. හරි අපි බලමු කවුද හරි උත්තරේ දෙන්නෙ කියල.. නේද වෙනී මාමෙ ??

    ReplyDelete
  12. ගෑනු ලමයි මේ උගුලට අහු වෙන්න එපා
    මේ හදන්නේ ඩීවීඩී දෙන්න කියලා ගෙදරට ගෙන්න ගන්න :-D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අද කාලේ මාමලාව විශ්වාස කොරන්න එපා..

      Delete
    2. මරනේ,

      අර පොඩියටම තියෙන දේ දැක්කෙ නැද්ද යටින්ම... කේකුත් ගේන්ඩලු..... චීයා නේද අනේ...



      මේ තියෙන්නෙ//(උපකල්පනය - කිරුලපන පෙරේරා ඇන්ඩ් සන්ස් එක තියෙන තැන දන්නවා යන්නත් නිවසකට මුල් දිනයේම යනවිට අවම වශයෙන්වත් අයිසින් කේක් එකක් අරගෙන එනු ඇත..)//

      Delete
    3. කියලා වැඩක් නැහැ රුපියල් 50 ඩීවීඩී එකක් ගන්න කේකුත් අරන් පලකෝ මුන්දෑගේ ගෙදර :-D

      වයසට නෙමෙයි වෙනියගෙත් වැඩ දැන් :-D

      Delete
    4. ඈ.... ඒ කියන්නේ කේකුයි තව ඩීවීඩී එකකට 50 ගානේ 500 ගෙනියන්නත් ඕනෙද?

      Delete
  13. සිහ්.......

    වයසටද වෙනීගෙ වැඩ:D

    ReplyDelete
  14. ආ... මේ අර අරකනෙ.. :P

    ReplyDelete
  15. // අඳුනගන්න බඩුවක් ! //

    දෙයියනේ ..... වෙනී අයියෙ බඩු නම් එපා. නිකන් හම්බෙන බත් කාර්ඩ් එකටත් කෙලොගන්න වෙන්නෙ, ඕව කරන්න ගිහින්. ;)

    ReplyDelete
  16. තවමත් නිවැරදි පිලිතුර ලැබී නැත. කෑමක් හෝ ඉලෙක්ට්‍රොනික් උපකරනයක් නොවේ. නමුත් නුදුරු අනාගතයේදීම හෝ දැනටමත් ලංකාවේදීද මිලදී ගත හැකි බඩුවකි...

    ReplyDelete
  17. මේකප් සෙට් එකක් ..

    ReplyDelete
  18. සබන් දාන එකක්.අර සින්ක් එක ලගතියන්නේ. :)

    ReplyDelete
  19. මට නම් හිතෙන්නේ මේක සබන් පෙට්ටියක් කියලා

    ReplyDelete
  20. එහෙනම් එලාම් එකක් වෙන්න ඇති ....

    ReplyDelete
    Replies
    1. ඕං බලහල්ලකෝ........ දැංකොහෙන්ද එතකොට සද්දෙ එන්නෙ....!

      Delete
    2. අර සිදුරු තියෙන්නේ සද්දෙ පිට වෙන්න වෙන්නැති ... ඔය හාට් ශේප් එක වෙන්නැති එලාම් එක.. අනේ මන්ද මට පිස්සුද කොහෙද ?? :පී

      Delete
  21. පිහි මුවහත් තියන ගිනිගලක්

    ReplyDelete
  22. දෘශ්‍යමාන අනුරූපයක්

    ReplyDelete
  23. බැදපු මාළු කෑල්ලක්

    ReplyDelete
  24. කක්ක කරන්න ඉදගන්න පුටුවක් ද...... අර මැද හිලක් තියෙන්නෙ.. එකෙ හැබැයි වතුර තියේ

    ReplyDelete
  25. මං දැං කෝල් කලා.... හෙහ් හේ...... හරි උත්තරේ අහගත්තා.

    මම හරි උත්තරේ කියනවා මට ඩීවීඩි 05 දෙනවා නම්. මගෙන් උත්තරේ දැනගෙන ඒක වෙනියට කියන්න. පස්සෙ ඩීවීඩී 10 යම ඔයා ගන්න. ඩීවීඩී 05 සු පිරි වාසියක්... ඔබත් අදම හිමි කරගන්න....

    තොග සීමිතයි... දැන්ම ප්‍රතිචාරය සළකුනු කරන්න....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙන්න මම මුලටම ඈ.. පහක් වැඩි. දෙකක් විතර තිබ්බොත් ඇති..

      Delete
    2. ඔයාලට වැරදිලා. එයා දෙනවා කියලා තියෙන්නෙ ඩීවීඩී නෙමේ ඩීඩීඩී. ( මම නම් දන්නෑ ඒ මොනවද කියලා. එහෙම ජාතියක් තියනවද ? )

      Delete
  26. මුරුක්කු හදන ගැජට් එකක්

    ReplyDelete
  27. භාවිතා කරපු කොන්ඩම් දාලා තියෙන එකක්ද?

    ReplyDelete
  28. මෙව්වා එකක්...!!!

    ReplyDelete
  29. මට පේන්නේ හඳුන්කූරු ගහන එකක් වගේ..... ලයිටරයක් වගේත්....

    මට හිතෙන්නෙම වෙනියා මොනාහරි දෙයක් පරිස්සමට මාස ගානක් තිස්සේ දාලා තියන්න ගත්ත දෙයක් කියලා..ඒත් ඉතින් සයිස් ඔච්චරද කියලා අදහස බැහැර කලා..

    මට අන්තිමට හිතුනේ මදුරුවෝ වෙනුවෙන් පත්තු කරන වේපරයිසර් එකක් කියලා (පරිසර හිතකාමී...)

    මූ ඉඳලා හිටලා අරින්න එසේ මෙසේ නයි නෙවෙයි....

    ReplyDelete
  30. centered candle locket එකක්ද???

    ReplyDelete
  31. ඉඳි ආප්ප වංගෙඩියක් වගේ (මං කිව්වේ ඉඳි ආප්ප තට්ටුවක්, එක්කෝ පිට්ටු වංගෙඩියක්) මං මේ කල්පනා කරන්නේ ඇත්තටම වෙනී අයියා අයිසින් කේක් කන්න කරපු දෙයක්.

    එක්කෝ ඕක බඩු තුනක්.

    ReplyDelete
  32. ලක්ෂරි කිචන් අයිටම් සෝදන්න ගන්න ස්පොන්ජ් එකක්.

    ReplyDelete
  33. මම දැන් අවුරුදු ගානකට කලුන් ගෙදර යන වෙලාවක අපේ ගෙදර උන්දැට ගිහින් දුන්න ඔයිට ටිකක් සමාන ගැජට් එකක්... ඒක හැබැයි ඔය අත් වල ලූනු ගඳ පිලීගඳ හෙම යන්න අත හෝදනකොට පාවිච්චි කරන එකක්... මේකත් ඒ වගේ මට නම් පේන්නෙ...

    ReplyDelete
  34. මොන හු**ක් ද බං?

    ReplyDelete
    Replies
    1. චැහ් .... කුණුහරුප කියන්න එපා බං.

      අර මාරයිය වගේ සරල සුගම ශෛලියෙන් මෙහෙම අහපන්, තරු ඕනත් නෑ...

      මොන උත්තක් ද බං?

      Delete
    2. අපොයි නෑ ඒක නම් නෙවෙයි මේ ස්කයි හැමදාම කළුවරේනෙ...එක දවසක්වත් ලයිට් දමාගෙන...හිකිස්...

      Delete
  35. අයිසින්කේක් එකක් තරන් මේක වටින්නෙ නෑ.ඒ හින්දා උත්තරේ දෙන්නත් බෑ

    ReplyDelete
  36. සබන් රඳවනයක් වෙන්න ඕන. හාට් එකේ යට පැත්තේ පොඩි කට්ට කෑලි වගේ ඇති සබන් කෑල්ලෙ ඇමිණෙන විධියෙ.

    ReplyDelete
  37. අනේ මන්දා වෙනී අයියත් හොයා ගන්න ජිල්මාට් අයිටම්....කියනකම්ම ඉන්න වෙනවා දැන ගන්න

    ReplyDelete
  38. මේ පාර ගැජට් වෙනී මොකාටද එන්න හදන්නෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
  39. මේ සින්ක් එකක කාලක්. සහ -----------එකක්..

    ReplyDelete
  40. දිනන කෙනාට තෑගිත් දෙනවද? :D

    ReplyDelete
  41. Aiye Mekatha kilanne thaban kathe keela..huu huu ekwath danna oyala..

    ReplyDelete
  42. දැක්කෙත් අදමයි ! පුදුමයි. මොකද්ද මේ ?

    ReplyDelete
  43. අපි එද්දි ප්‍රශ්ණේත් අහලා උත්තරෙත් දීලා තෑගි දෙන දවසුත් කියලා ඉවරයි..

    ReplyDelete
  44. // ආව් ආව්..මට මැවිලා පේනවා සපා අතින් කටින් තෑගි එල්ලා ගෙන මාව බලන්ඩ එන මනරම් දර්ශණයක්...අවුරුදු ගනනාවකට මට සෙරෙප්පු සපත්තු ගන්ඩ ඕනි වෙන එකක් නෑ.. //

    මේක මරු කම්පිටිෂන් එකක්නෙ... දිනපු එකා ඕගනයිසර් ට තෑගි දෙන්න ඕන...: :D

    ReplyDelete
    Replies
    1. සපා ඉතින් ඉඳලා ඉඳලා එනකොට හිස් අතින් එයි කියලා මන් කොහොමද හිතන්නෙ ?

      Delete
  45. සබං පෙට්ටියක් ද?

    -Praසන්ன-

    ReplyDelete
  46. ඒ කාලේ න අම අපිත් බඩු අඳුනාගන්න ෆුල් වීරිය දැම්ම.. දැන් අපි දන්නවා. බඩු කියන්නේ මොනවගේ එවුවද කියලා.

    ReplyDelete
  47. පරණ පෝස්ට් එකක් උනත් බඩුවක් නේද කියල මදැයි මාත් කෙලං ආව ෂික් !!

    ReplyDelete