ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, June 9, 2012

උම්මා දීම...




"මොකෝ පාලයියෙ ඔය නලල පලා ගෙන අක්කා එක්කවත් කචල් එකක් ගියාද ?"

"උඹටත් ඕනි නැති මඟුලක් නෑ බන්.. බාත් රූම් එකේ වැටුනා බන් සින්ක් එකේ නලල වැදුනා"

"ඉතින් නලල විතරද තුවාල උනේ?"

"නෑ තව තැන් කීපයක් තුවාල උනා..උඹට සම්පූර්න වාර්තාවක් ඕනිද ? රොයිට එකට දමන්නද ?"

ප්‍රති උත්තර ලැබෙන ඔරොප්පු ලීලාව නිසාම යම් කිසි සිද්ධියක් වී ඇති බව මට හැඟුනු නිසාම මා පාලයියා තවත් වෙහෙස නොකර,

"හා අයියෙ එහෙනම් පරිස්සම් කර ගන් ඔය තුවාලෙ ඇඳ විට්ටම් වල එහෙම වැදෙන්න හොඳ නෑ"

යනුවෙන් උපදෙසක් දෙමින් ඔහුගෙන් සමුගත්තෙ ඔහුගේ තොල් අතරින් ශබ්ද පිට නොවනා කුනුහබ්බ දෙක තුනක්ද මනැසට යොමු කර ගනිමිනි.

"ලියන්නා මල්ලි උඹ නම් දවසක කනවා කාගෙන් හරි ඔහොම අවුස්සන්ඩ ගිහින්"

මේ කතාව අසා සිටි දාවිත් මාමා කීවේ,

"ඉතින් දාවිත් මාමෙ මනුස්සෙකුට දුකක් කරදරයක් නම් හොයලා බලන එක අපේ යුතුකමනෙ"


පාලයියා අප නිවසට නිවාස කිහිපයක් ඈතින් සිටින මාසයකට 5-6 වතාවක්ම තම බිරිඳ සමඟ රණ්ඩුවන හිත හොඳ මිනිසෙකි. හිත හොඳ වන්නේ කුමක් කීවත් ඕනිම විටකදී ඔහුගේ හිත උනු වී  උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන නිසාය. ඔහුගේ එක් වැරැද්දකට තිබුනෙ අසල්වාසීන් පවසන පරිදි ඔහු නිසා කුකුලන් පවා ලැජ්ජා වන බවයි.

මෙය සැබෑවක් වන්නට ඇති සාධක වන්නේද තම බිරිඳ කාන්ති අක්කා සමඟ සෑමවිටම රණ්ඩු වීමට හේතුවක් වන්නේ කවුරුන් හෝ කාන්තාවක්ගේ සම්බන්ධයක් වීම නිසාය..

එම නිසාම මෙම නලලේ තුවාලය සඳහාද යම් රසවත් නිදාන කතාවක් තිබෙන බව මා හට ඉවෙන් මෙන් දැනෙන්නට වීය. මා නිවසට යන්නේ කාන්ති අක්කා ගේ නිවස පසු කරගෙනය. මා එදෙස බැලුවෙමි. දරුවන් නැති කාන්ති අක්කා බලු පැටවුන් දෙදෙනකුත් පූසන් තුන් හතර දෙනෙකුත් සුරතල් කරමින් මිදුලේ මල් ගස් වල් වියලි  අතු ඉති කඩා දමමින් සිටී.

"ආ අක්කේ මල් ගස් වලට සාත්තු කරනවා වගේ"

"ආ නෑ මල්ලියෙ මේ බල්ලො පූසන්ගෙ කිනිතුල්ලො ගලවනවා.. මේ දව ස්ටිකේම ඔය පාරෙ හරක් රංචුවක් ගියා එහාට මෙහාට උන්ගෙන් බෝවෙලාද කොහෙද මේ"

"මන් දැක්කා අයියත් කඩේ පැත්තට යනවා..නලලෙ ප්ලාස්ටරයක් ගහන් හිටියෙ මොකෝ අක්කෙ ? මට අහන්නත් බැරි උනා"

"අනේ ඔව් මල්ලි මේ ඊයෙ බීලා ඇවිත් ඔතන බිම තිබුනු දර කෑල්ලක් කකුලෙ පැටලිලා වැටිලා මේ ගලක මූන හැපිලා"

මගේ සැකය හරියටම හරිය.

"මන් යනවා අක්කෙ"

ඉදිරියේ වූ කුඩා කඩ පෙල අසල මා නැවතුනේ මදුරු දඟරයක් ගැනීමටයි. සීතා අක්කා තම කුඩා දරුවාද රැගෙන කඩයට පැමිනෙයි. කඩයේ උන් ඇග්නස් අක්කා මා හට මදුරු දඟරය දී ,

"මොකද්ද සීතෝ ඔය උනේ ඊයෙ හැන්දෑ කරේ ? මොකෝ උඹ අර පාලයට ගැහුවෙ කිරි බෝතලේකින්..උඹට මොනා හරි කරදරයක් කරන්න ආවද ?"

"අනේ නෑ නැන්දෙ පාලයියා මට එහෙම මුකුත් කරන්න ආවෙ නෑ"

"එහෙනම් ?"

"මේ පොඩි එකාව ඉම්බා ඒකයි"

"ඉතින් බන් ඔය පොඩි එකා ඉම්බා කියලා ඌට කිරි බෝතලේකින් ගහන්න ඕනිද ? ඔලුව පොඩි වෙන්න.. කොහොමත් ඔය පොඩ්ඩව දැක්කහම ඕනි කෙනෙකුට ඉඹින්න හිතෙනවනෙ බන්..බලහන් රෝස පාට කම්මුල්"

මෙය නම් සැබෑවකි..සීතක්කා ගෙ පොඩ්ඩා සීතා අක්කාටත් වඩා ඉතාමත් හුරුබුහුටි එකෙකි. දුටුවිටම වඩා ගෙන ඉඹ ගෙන යාමට තරම් සිතෙන රෝස පැහ පිම්බුනු කම්මුල් කියන්නෙ එලෙස බොහෝ අය පොඩ්ඩාට උම්මා දී ඇති බවයි.

සීතාගේ අතේ කුඩයක් ඇති බැවින් මගේ සිතුවිලි වටහා ගනීදෝ යනුවෙන් බිය වූ නිසා මා අඩියක් දෙකක් එහාට ගියෙමි.

"නෑ නැන්දෙ තාම පොඩ්ඩා බෝතලෙන් කිරි බොනවා හොරයි. කොහොමවත් පොවන්න බෑ..තාම මන් කිරි දෙන්නෙ.. පාලයියා පොඩ්ඩව ඉම්බෙ මන් කිරි දිදී ඉන්නකොට. ඒකයි උනේ"

72 comments:

  1. දැන් තුවාලේ හොඳද වෙනී අයියේ? :D

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේදා උනේ මල්ලි. මන් ආයි පාලයියා හම්බ උනහම අහල කියන්නම් ..

      Delete
  2. okane weni aiye kiyanne podi un kiri bona welawa ibinna yanna epa kiyala
    eka nemei weni aiye godak amaruda.. Haiyen wadinna ethi neda....

    ReplyDelete
    Replies
    1. පාලයියා අපි කීවට අහන එකක්යැ ජිංජි මලයා..එච්චර අමාරුයි වගේ නම් පෙනුනෙ නෑ..

      Delete
  3. හික්ස් ... මට මතක් වුණේ අර “බබා අම්ම කුක්කු බොවද නැත්නම් මම ...“ කියන කෑල්ල.
    වෙනී අබිලිංට එහා නෙව.

    ReplyDelete
    Replies
    1. මටත් බං................. :-)

      Delete
    2. ඔව්..ඔව්.. ඒ ජෝක් කෑල්ල පහු ගිය කාලෙ හෙන ෆේමස් උනා නේද ?

      Delete
  4. :D අයියා කිරි බොන්නත් හැදුවද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පාලයියා උම්මා එකක් දෙන්න හදලා විතරයි..

      Delete
  5. // සීතක්කා ගෙ පොඩ්ඩා සීතා අක්කාටත් වඩා ඉතාමත් හුරුබුහුටි එකෙකි. //
    ඔය පයින්නෙ බලල්ලු මල්ලෙන් එලියට...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම කතාව තමයි බන්..සිරාවටම බේබි සබන්ද මන්දා ගාන්නෙ ?

      Delete
  6. වෙනියත් රෝයිටර්ට හපන්නේ බලාගෙන ගියාම

    ReplyDelete
    Replies
    1. නිව්ස් එකක් තියේනම් ඉතින් ආයි නොසොයා ඉන්නෙ කවුද ?

      Delete
  7. ayyata badagini enna ati podi eka kiri bonawa dakkahama.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන් හැබෑටම..

      Delete
  8. ayyata badagini enna ati podi eka kiri bonawa dakkahama.

    ReplyDelete
  9. පාරෙ හරක් යනව කිව්වෙ කවුරු ගැනද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නම් නිකම් ඔලොක්කුවට වගෙයි කීවෙ මටත් තාම තේරුම් ගියේ නෑ අප්පා..

      Delete
  10. මව් සෙනෙහස විඳින්න ගිහිං වගේ පාලයියා...

    ReplyDelete
    Replies
    1. ආන්න හරි මන් හිතුවෙත් ඒකම තමයි ..පව් මිනිහා..සීතක්කා වැරදියට තේරුම් ගන්න ඇති..

      Delete
  11. ඇති යන්තන් නළල විතරක් තුවාල කරගෙන බේරුනා. :D

    ReplyDelete
    Replies
    1. ඔව් බලන්න නරක තැනකට එහෙම වැදුන නම් ඉතින් මේ වෙනකොට සීතක්කා හිරේ..

      Delete
  12. එල! උඹටත් එපා මඟුලක් නෑ. මේ ඇත්තම කතාවක්ද නැත්තං ගොතපු එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත එකක් බන්.. අනේ උඹලා අහල පහල ලෝකෙ වෙන දේවල් නොසොයා ඉන්නවද ?? මන් හිතන්නෙ නෑ..

      Delete
  13. නලල විතරයි නේද වෙනී අයියෙ. වෙන මොකවත් අඩු එහෙම නෑනෙ.

    ReplyDelete
    Replies
    1. නලලෙ ප්ලාස්ටරය්ක් තියෙනවා දැක්කා..වෙන නම් මුකුත් හානියක් වෙලා තිබ්බෙ නෑ මල්ලි මන් පාලයියව හම්බ උනහම ආයි හොඳට බලන්නම්..

      Delete
  14. අපොයි දෙයියනේ.. නනල කියන්නෙ ලේසි තැනක් නෙමේ.අර ඔළු ගෙඩියට ඉස්සරහින් තියෙන්නේ ඒක නේද තුවාල වුනේ... :)

    ReplyDelete
    Replies
    1. ආයි දෙකක් නෑ. ඒ නලලම තමා..

      Delete
  15. කුක්කු නෑ පැටියෝ, වෙනී මාමා ඔක්කෝම ටික බීලා....!

    ReplyDelete
    Replies
    1. පාල මාමා කියල වෙනස් වෙන්න තිබුනා බෝතල් පාර නොවදින්න !

      Delete
  16. සීතක්කගෙ කැත හිත මම නම් කියන්නෙ... එහෙම නැත්නම් වෙනියගෙ අර බුරුසු ‍රැවුල කුක්කුවගෙ ගෑවිලා (වෙනියා හීනෙකින්වත් නොහිතපු වීදියට) කිති කැවෙන්න ඇති සීතක්කට.

    ඒක නෙවෙයි , මේ උමටම මොකෝන් ඔය හැටි වැල සීන් වෙන්නෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පාලයියට රැවුලක් නෑ හෙන්රි..
      අනේ මන්දා මාව වැල සීන් වලට අනාවරනය වෙනවා වැඩීද මන්දා ?

      Delete
  17. අර බුරුසු රැවුලට සීතක්කට කිචි එන්න ඇති බන්.. නැත්නම් කිරි බෝතලෙන් ගහන්න තරම් දෙයක්යැ ඕක...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිරි බෝතලෙන් ගහන්න දෙයක් නම් නෙවී..ඒත් පාලයියට රැවුලක් නෑ..සීතක්ක්ට ඕක නුහුරුවෙන්න බෑ බැඳපු අයියා මූන පුරා රැවුල වවලා ඉන්නෙ..

      Delete
  18. මේකට උත්තර දියං වෙනී අයියා...බබා කුක්කු බිව්වේ අම්මගෙන්නං කොහොමද එතනට කිරි බෝතලයක් ආවේ...

    දැන් හොඳ එකා වගේ දුවලා ගිහිල්ලා ඔය අනිත් ටික හෙව්වා වගේ ඒකත් හොයං ඇවිත් කියහං...

    ReplyDelete
    Replies
    1. හරියට හරි මාරයා the FBI Agent ! ඔය ගහන්න ඇත්තෙ කුක්කුවකින්! අර මව්කිරි වල ගුණ ගැන ලියලා තිබ්බ රචනාවෙ තිබ්බ විදියට පූසාට බීමට නොහැකි, තැන තැන ගෙන යා හැකි අලංකාර කුක්කු ඇසුරුමෙන්... බෝතලය කිව්වෙ වැරදීමකින්!!
      henryblogwalker the Dude

      Delete
    2. මාර්ස් මලයා ගිහින් අහන්න ඕනි නෑ..මේ දවස් වල සීතක්කා පොඩ්ඩව බෝතලේට හුරු කරන්න යන්නෙ..මන් දෑහින් දැක්කා..පොඩ්ඩට කිරි පොවන්නෙ බෝතලෙත් ලඟ තියන්..ඌට හොරෙන් හොරෙන් අර සූප්පුව කටේ ගහනවා කිරි බොන අතරෙ..ඌට තේරෙනවා වෙනස..ඌ අඬනවා බෝතලේ ගහපු ගමන්ම..චිහ්..උත්තරේ වැඩියෙනුත් ලීවද මන්දා ?

      Delete
    3. ඈ දැන් හෙන්රි කියන්නෙ කුක්කු තනෙන් ගැහුවා කියලද ? අනේ මන්දා ? ඕක නිවිලා යනකොට මන් පාලයියගෙන් අහන්නම්කො..

      Delete
    4. බොලේ මේං වෙනි අයියා හොරෙන් බලාන ඉඳලා පොඩි එකාට හොරෙන් සූප්පුව කටේ ගහන හැටිත්... ඊළඟට කන්නේ වෙනි අයියාය

      Delete
    5. අනේ මංදා පඳුරට විද්දත්...

      Delete
    6. සීතක්කා පොඩ්ඩට කිරි පොවන දිහා ඒ ගමම බලන් ඉන්නවද? නැත්තං බලන් ඉඳපු එකම එකා අපි දන්න එකෙක්ද? :D

      Delete
    7. අහන ප්‍රශ්නවලට කෙටි උත්තර සපයන්න කියලා වැඩිහිටියො උගන්වලා තියෙන්නෙ කිනන්යැ ? දිග උත්තර ලීවහම ඕනි නැති දෙවලුත් ලියවෙනවා..මීට පස්සෙ නම් ඔව්, නෑ, බෑ විතරයි...

      Delete
  19. හරිම රොයිටර් කෙනෙක්නෙ බලනකොට :D

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම තමයි..අවට පරිසරය ගැන දැනුම්වත්ව තමයි ඉන්නෙ...

      Delete
  20. මෙනී අයියා පුදුම රොයිටර් කෙනෙක් නෙව බලාගෙන යනකොට. හික්ස් :)
    හොද වැඩේ කිරි බොන්ඩ යනකොට ඉබින්න ආවට !!!

    ReplyDelete
    Replies
    1. මන් ඉතින් අවට වෙන දෙවල් වලට හරි සංවේදීයි..පාලයියට ඔය මොලේ තිබිලා නැතුවා නොවැ..

      Delete
  21. අබිලින්ම තමයි... පොඩ්ඩක් මොඩ්..එච්චරයි වෙනස

    ReplyDelete
    Replies
    1. ආයි ඉතින් එහෙම අහල පහල වෙන දේවල් නොදැක්කා වගේ ඉන්නයැ සුමිත්

      Delete
  22. "මේ කතාව අසා සිටි දාවිත් මාමා කීවේ,

    "ඉතින් දාවිත් මාමෙ මනුස්සෙකුට දුකක් කරදරයක් නම් හොයලා බලන එක අපේ යුතුකමනෙ""

    පොඩි අවුලක් නේ මේකේ? මොකෝ තාම ඔලුව රිදෙනවද වෙනි අයියේ?
    ;)

    ReplyDelete
    Replies
    1. අවුලක් ? හෙම්බිරිස්සාව හැදෙන්න ඉස්සෙල්ලා ආපු ඔළුවෙ කැක්කුම දැන් නම් සනීපයි හොඳටම..

      Delete
    2. අවුලක් කිව්වේ
      " දාවිත් මාමා කීවේ" කියල ආයෙත් දාවිත් මාමාටම ගැනම කියන එක. :)

      Delete
  23. මොනවා හරි සිද්දියක් වුනාම හැමෝම අල්ලගන්නේ වෙනි අයියව. කාටවත් කරදරයක් නැති අහිංසකයා.

    ReplyDelete
    Replies
    1. කාටවත් කරදරයක් නැත්තේ මොකද.. ඇයි අර කුක්කු බිබී හිටිය පොඩි එකා..තව ඩිංගෙන් ඌටනේ අසාධාරනේ වෙන්නේ වෙනී අයියා කුක්කු ඔක්කෝම බීලා...

      Delete
    2. අසර් ට විතරයි මාව හරියට තේරුනෙ...ඒත් මදැයි..
      මාරයා ඒ සයිස් එකට ඔය පොඩි එකාට තනියෙන් බීලා ඉවර කරන්න බැරි තරම් කිරි !

      Delete
  24. අපෙ අප්පෝ මාර ගවේෂණයක්නේ... වෙනි අයියත් තව ඩිංගෙන් කනවා ළමයි හුරතල් කරන්න ගිහින්(කා ඇත්තේ වෙනි අයියද යන්න හිතන ගමන්)

    //සීතක්කා ගෙ පොඩ්ඩා සීතා අක්කාටත් වඩා ඉතාමත් හුරුබුහුටි එකෙකි. දුටුවිටම වඩා ගෙන ඉඹ ගෙන යාමට තරම් සිතෙන රෝස පැහ පිම්බුනු කම්මුල්....//

    බොලේ දරුවා නොහිටින්න කස්ටිය සීතක්කවද ඉඹින්නේ.මං අහන්නේ අවසරයකින් තොරව පැනපු ගමන් ඉඹින්න යන එක හොඳ නෑ නේද...

    පොල් පැලේද ?? තැඹිලි පැලේද ??

    ReplyDelete
    Replies
    1. මට පුන්චි කාලෙ ඉඳන්ම ඔය වගේ ගවේශන කරන්ඩ හරිම කැමතී...

      Delete
  25. වෙනි අයියා චැනල් 4 එකට හොදයි.. තව දේවල් හොයන්න එපැයි.. අර මාරයා කියපු කාරණා එහෙම... :)

    ReplyDelete
    Replies
    1. ඒ හෙව්ව දේවල් සේරම මෙතන දමතෑකිද අප්පා ?

      Delete
  26. පුතා කිරි බොනවද? නැත්තං මාමා බොන්නද? :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මම දාන්න ආපු කමෙන්ට් එක.. :(

      Delete
    2. චන්දික සහ සෑම් - හිකිස්..අපි එච්චර වාසනාවන්ත නෑ අප්පා..

      Delete
  27. වෙනී අයියටත් හොයන්න හිතෙන දේවල්......!!!

    "සීතක්කාගෙ පොඩ්ඩා සීතා අක්කාටත් වඩා ඉතාමත් හුරුබුහුටි එකෙකි" දෙපාරක් හිතන්නම වෙනවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව..පොඩ්ඩත් ඒ වගේම හුරුබුහුටී..

      Delete
  28. කතාවේ කොටස් කීපයක් සැකයට බඳුන් කරමු.
    1. ළමයා කවුරු වගේද? (කවුරු වගේ උනත් රෝස පාට හැඩ කොල්ලෙක්.)
    2. වෙනියා බෝතල් සිද්ධිය දන්නේ කොහොමද (බෝතලෙන් මාරුවෙන් මාරුවට කිරි පොවන එක?)
    3. ළමයාගේ ඉම්බේ කොතනද? (පොතේ හැටියට පොඩි එකා තමයි පයින් ගහන්න ඕනේ.)
    (පුතා අම්මා කුක්කු බොනවද මම බොන්නද කියල මුණ ලං කළා විතරයි දුන්නා....)

    ReplyDelete
    Replies
    1. 1. සීතා අක්කා වගේමය.
      2.මගේ නිරීක්ශන ඇහැ නොව
      3.පොඩි එකාගෙ පස්ස පැත්ත නෙවෙයි ඉඹින්න යන්න ඇත්තෙ මූන කියා සිතමි.

      Delete
  29. Replies
    1. ස්තූතියි තරූ හිනාගිය එක මට දැන්නුවට...

      Delete
  30. තොගෙ අම්මි කුක්කු තෝ බොනවද.. නැත්තං මං බොන්නද..
    හික් හික් මේක මම බලපු වීඩියෝ එකක තිබ්බ දෙබසක්. කියවන් යද්දි මතක් උනා. උඩ කවුරු හරි කියලත් ඇති. කමෙන්ට්ස් 60 ගානක් කියවන්න කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි හැමෝටම ඒ සීන් එක තමයි මතක් වෙන්නේ...

      Delete
  31. පාලයිය මහ මෝඩයෙක් , වෙනී අයිය වගේ නෙමෙයි. ගිය තැන හත්පොලේ ගාගන්නව. අන ඒකට වෙනී.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ නවම් මල්ලි, බලන්න ඕවා අපෙන් අහගත්තනම් ඔහොම වෙන්නෙ නෑ..

      Delete