ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, April 10, 2012

ජීවිතය...



ජීවිතය කියන්නෙ,
දුක
සැප
නින්දා
ප්‍රසංශා
යස
අයස
ලාභ
අලාභ

කියන  අට ලෝ දහම එක්ක ගැටෙමින් පවතින පංචස්කන්ධයන් මම, මගේ කියලා ගොඩ නගා ගත්ත සිතුවිලි ගොන්නක් අරන් තත්පරෙන් තත්පරේ කාලය ගත කරන එක තමයි කියලයි මට හිතෙන්නෙ..මට දැනෙන්නෙ..මේ අට ලෝ දහමේ විචලනයන් හමුවේ සැලෙන සිත අස්වසන්න උපකාරී වෙන්නෙත් මේ සිතුවිලි ගොන්නමයි..එකිනෙක බැඳී පවතින මේ අට ලෝ දහම..අනිත් සත්වයන්ට වගේම මටත් බලපානවා..සතුටින් ඉන්නවා වගේම දුකිනුත් ඉන්නවා.. ඒ වගේම තේරෙනවා දැනෙනවා..මේ සියල්ලම ඉතා වේගයෙන් වෙනස් වෙනවා..


ඇසි පිය හෙලන අතරවාරයේ, සිය දහස් වාරයක් වෙනස් වන මේ පංචස්කන්ධය..ඇතිවෙලා..පැවතිලා..නැතිවෙලා...යන අතරතුරේ..මන් හිතන කොට මේවා ස්ථීරයි කියලා..ඔන්න දුක හිතෙනව..දුක හිතෙන කොට හිතන්න ගන්නවා... ඇයි දුක හිතුනෙ කියලා..බැලින්නම් ඉස්සෙල්ලා තිබ්බ එක වෙනස් වෙලා..ඒකයි..වෙනස් වීම තමයි ස්වභාවය කියලා හිතපුවහම ආයිමත් හිත තැන්පත් වෙනවා...


අනේ මන්දා අද වගේ දවසක...හැම දාම මන් හිතන්න පුරුදු වෙලා හිටියෙ මෙන්න මෙහෙමයි..


කොහොමත් මේ ඌෂ්ණ කාලෙ ඔය වගේ විකාර ඔළුවට එනවා තමයි කියලා මගේ යාළුවො කීප දෙනෙක්ම කිව්වා..


ඒත් දවසක මේ ඇතිවෙන එක නැති උනා නම්..පැවතීම නැතිවෙනවා.. නැතිවීම නැති වෙනවා..


එය විය හැකියි අපට ලබන්න පුළුවන් සුවදායකම සුවය..විමුක්තිය..සාමය..සතුට..


ඒත් මේ ඉපදීම කවදා නැති වෙයිද ?




යමක් මගෙන් ගිලිහිලා යද්දි, නැතිවෙයි කියලා හිතෙන කොට..දුකක් ඇති වෙනවා..බයක් දැනෙනවා...යමක් ලැබෙද්දි , ලැබෙයි කියලා හිතන කොට සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් දැනෙනවා...ඒත් මේ දක්වා ගොඩ ගැසුනු අත්දැකීම් රාශිය නිසාම හිත කියනවා දුක වගේම සතුට..තාවකාලිකයි..ආයිමත් ඒකත් ලෝක ස්වභාවයටම නතු වෙනවා කියලා..එතකොට දැනෙන්නේ උපේක්ශා සහගත හැඟීමක්..
මේකද මන් ජීවිතෙන් මෙච්චර කල් බලාපොරොත්තු උනේ ?
ඔව්..ඔව්..ඔව්..
කියලා හිත කෑ ගහනවා..


අද වගේ දවසකත් මට ඕනි එච්චරයි...


29 comments:

  1. අයියා ඕනවට වඩා ජීවිතේ ගැන හිතන්න එපා අෆ්ෆා.අනේ මන්දා මට දැනෙන ආකාරයට මං නම් කරන්නේ එහමයි.මං වැරදි නම් මට බනින්න එහෙම එපා ඈ.

    ReplyDelete
  2. ඒ කියන්නේ අද නිවාඩු දවසක් වුනාද මොකක්ද ඕනේ කරන වෙනස.

    ReplyDelete
  3. හේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ.... ;)

    ReplyDelete
  4. මම නම් ගොඩක් ජීවිතේ හිතන්න යන්නේ නෑ

    ReplyDelete
  5. "Oh, These photos are sharp. The trouble is this butterfly itself is not sharp"

    ReplyDelete
  6. හොඳ සංකල්පනාවක් ...“අද වගේ දවසකත් මට ඕනි එච්චරයි“ ..., හැමදාමත් ඇවිත් යමක් හිතට අරගෙන යනවා ...ස්තුතියි ..

    ReplyDelete
  7. තූති වැඩිනිසා වෙන්ඩ ඇති.....මටනම් මෙලෝ ඩෙයක් ටේලුනේ නෑ මාමෝ....:(

    ReplyDelete
  8. "නැවතීමමය ගමන - සංසාරයමය නිවන"

    ReplyDelete
  9. ජීවිතේ කියන්නේ සතුට විතරක්ම උනානම් අපිට සතුට එපා වෙන්න තිබුණා. එහෙනං සමහරක් විට සතුට කියන දේ අපිට හඳුන ගන්නත් බැරිවෙන්න තිබ්බා. දුක කියන දේ තියෙන හන්දා තමයි අපිට සතුට වෙන කරලා හඳුනගන්න පුළුවන්. ජීවත් වෙන කාලේ දුකයි සතුටයි දෙකම තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ.
    හැබැයි මගේ පොඩි අවුලකට තියෙන්නේ මම පුනර්භවය විශ්වාස කරන්නේ නෑ. මොකද පුනර්භවයක් තියනවාය කියලා විශ්වාස කරන්න තරම් සාධක ලැබිලා නැති නිසා!

    ReplyDelete
    Replies
    1. මොන පුනර්භවයක්ද..! ජීවිතේ ලැබෙන්නනෙ එක වරයි. සියලු විඳීම් සහ විඳවීම් ඒ තුළමයි...

      Delete
    2. ඔය දෙකටම සාධක නෑ.

      Delete
    3. ඇත්ත..... ඔය දෙකටම සාධක නෑ. පුනර්භවය විස්තර කෙරෙන්නේ ආත්මය කියන දේත් එක්ක. ඒත් නවීන වෛද්‍ය විද්‍යාව නිසා ක්ලෝනීයකරණයෙන් ජීවීන් බිහි වෙනවා. ආත්මය කියන දේ ක්ලෝනීයකරණයට ඇප්ලයි කරගන්න බැරිව යනවා නේද?
      ඒ හන්දා මම වැඩිපුර කැමතියි පුනර්භවයක් නෑ කියලා හිතාගන්න!

      Delete
  10. පෙරෙයිදා වැටුන මහ මුරුගසං වරුසාවට තෙමිලා..මොනා හරි උනාද වෙනි අයියේ..නැත්තං ඔය ගෙවල් අයිනේන් යන කුනු ඇලේ කුයිලේ වැදිලා අලකලංචියක් වත් වෙලාද..කොහොම උනත් හොඳම වැඩේ අවුරුද්දට ගමේ ගොයින් එන එකයි මේ ගෙන්දගම් පොලොවේ නොහිට...

    ReplyDelete
  11. ජීවිතයෙන් තවත් අවුරුද්දක් ගෙවිලා ගිය හන්දා ඔලුවට එන දේවල්ද? :)

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් වෙනි...!

    ReplyDelete
  13. වෙනී අයියට සුබ උපන්දිනයක්.

    ReplyDelete
  14. නරක තැනක් කොහේහරි වැදිල ටික වෙලාවක් යනකං ඔහොම තමයි බං. ගනං ගන්න එපා. :)

    ReplyDelete
  15. හරි... මගේ ලෙඩේ මූටත් බෝ වෙලා.. වෙනීටත් මඤ්ඤං

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඒත් මේ ඉපදීම කවදා නැති වෙයිද ? කියන ප්‍රශ්නෙට උත්තරේ නම් "නිවන"

    එතනට යන්න දැන්ම ඉඳන්ම පාර එලි පෙහෙළි කර ගත්තොතින් "දුක" කියන වචනේ බෙල්ලෙන් අල්ලලා දොට්ට දාන්න පුළුවන්. මොකද නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාට දුකක් නෑ. ඉපදීමක් නෑ. ඉපදීමක් නෑ කියන්නේ දුකක් කොහොමත්ම නෑ කියන එකනේ.

    ReplyDelete
  18. උපන් දිනේ දවසට ඔහොම දේවල් හිතට එන එක උඹට විතරක් තියෙන අවුලක් නෙවෙයි බං.. ගණන් ගන්න එපා...

    දැන් බොට සුභ පතන්නත් ඕනද..? ඒත් මොනවටයි කියලද සුභපතන්නේ... අපි අපිට සුභ පතාගන්නං උඹත් එක්ක මෙහෙම ඉන්න ලැබේවා කියලා ඇහැකි කාලයක්...

    ReplyDelete
  19. සුබ උපන් දිනයක් වේවා!
    දැන් කොහොම හරි උඹට වාහනයක් ගන්න වෙනවා.

    දුක සැප නිතර අප්ඩේට් වන සුලුය.
    for latest updates of worries and joys call me.



    henryblogwalker the Dude.

    ReplyDelete
  20. පොඩ්ඩක් ඔළුව තෙමලා නාපං හරි යයි.

    ජය !

    ReplyDelete
  21. මට ඔව්වා තේරෙන්නෙ නෑ වෙනි අයියේ..

    ඊළඟ අවුරුද්දෙත් මේ දවසට උඹ ලියන මේ වගේ ප්‍රබුද්ධ අදහසක් කියවන්න අපට අවස්තාව ලැබුනොත් මට හරි සතුටුයි....

    ReplyDelete
  22. ජීවිතය කියන්නෙ ඉතින් සිදුවීම් දාමයක්ම තමයි. ඒකෙ සැප දුක නිති පෙරලේ.. ඔය දෙකේම අන්තයට ගියාම ජීවිතේ එපා වෙනවා. එතනදිත් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවම තමා.

    සුබ උපන්දිනයක් වේවා !! ( අනෙත් කමෙන්ට් මත අනුමාන කළෙමි. නිවැරදිදැයි නොදනිමි )

    ReplyDelete
    Replies
    1. උඹ හරි සෙන්නා ඒත් අද පෝස්ටුව නිසා ජීවිතේ මොකක්ද කියලා තේරුනා !

      මේ උපන්දිනේට දාපු පෝස්ට් එක කියලා දැනගත්තේ අද පෝස්ටුවෙන්. ඒ වගේම ජීවිතේ ගැන ‍‍තේරෙනවා පෝස්ටු දෙකම බැලුවාම.

      Delete
  23. රාජ්ගෙ නවාතැනෙන් වෙනීගෙ මෑණියන් පිළිබඳ කණගා‍ටුදායක ආරංචියක් ලැබුනා.
    ???
    henryblogwalker the Dude

    ReplyDelete
  24. ඔබේ ආදරණීය මෑණියන්ට නිවන් සුව පතමු.

    ReplyDelete