ඩිස්ක්ලේමර් එක - මෙහි ඇති කතා කිසිම අයුරකින් ආදර්ශමත් ඒවා නොව..එක අතීත ආවරජනයක් ලෙස මනසට හමු වූ එක් කාලයක කරන ලද දැන් තරමක අප්‍රසාදයක් දනවන ඒවා වේ..
දැන් නම් බෝ පැල වගේ ඉන්ඩ උත්සාහ කළාට අපි හැමෝටම ළමා කාලයක් තිබුණා..
දැන් වැටහෙන විදියට බොහොම නරක සහ හොඳ ආදර්ශයන් සපයන්නෙ නැති විදියේ වැඩ කරපු..
ඒවයින් අපි ඒ කාලෙදි බලාපොරොත්තු උණේ මොනවද කියල නම් අදටත් හරියටම හිතට
ආවර්ජනය කර ගන්න බෑ..සමහර විට අහිංසක විනෝදයක් වෙන්න ඇති..
ඒත් අවසානය සිද්ධ උණ දේ කල්පනා කරන කොට බලාපොරොත්තු වෙච්ච අහිංසක විනෝදය
වෙනුවට ජීවිත කාලයම විඳවන විදියේ පසුතැවිල්ලක් විතරයිද මන්දා ඉතුරු උණේ මෙහෙම සිද්ධ වෙච්ච එක දෙයක් තමයි මන් ඉස්සෙල්ලා ලිපියෙන් කීව අපේ කොලු රැලව පෙන්නන්න බැරිව හිටි බලු රැලේ නායකයට අපි කළේ..මගේ ආදරණීය කමෙන්ට් කරුවන් සහ කාරියන් සැමගේ අප්‍රසාදයට ලක් උණා ඒ සිද්ධිය නම්..ඒ අප්‍රසාදය ලබන්න මන් සුදුසුයි..මම ඔය වැඩේට කෙළින්ම සම්බන්ධ උණේ නැතත්..මන් එතන කළයුතුව තිබූ යමක් නොකළ නිසා..මම සහ අනිත් අය ඒ වැඩේට සම සහකරුවො තමයි..අතීතය සහමුලින්ම අමතක කරලා එය තෙරුම් අරන් රහත් උණා නම් අංගුලිමාල..මට බැරි වෙන එකක් නෑ අඩුම තරමේ සසර කෙටි කර ගන්න මගේ එක පියවරක් හරි ඉස්සරහ තියන්න මේ පොඩි කාලෙ කරපු පව් වැඩ තේරුම් අරන් අමතක කරලා දමලා..
අපි ගම් තුලානෙ මල ගෙයක් හරි මඟුල් ගෙයක් හරි තියේ නම් ඉතින් ඕකෙ නිදි මරා ගෙන් වැඩ කරන එක තමයි තියෙන ෆන් ම වැඩේ..ඒක අදටත් ඉතින් එමමයි..ඒත් දැන් නම් නිදි වරන තියෙන කම්මැලි කම නිසාත් වැඩ අධික කම නිසාත් මේක මගහැරෙනවා වැඩී..හැබැයි චාන්ස් එකක් ආවොත් අත හරින්නෙත් නෑ..
නිදි වරන්න කියන නා නා ප්‍රකාර කතන්දර එක්කම තියෙන එක එක චැලෙන්ජ් හරිම විනෝදජනකයි..
මල ගෙයක් අවසානෙ බනෙන් පස්සෙ පහුවදා තියෙන දානෙ ගෙදරට අපි සපෝට් එක දෙන්නෙ උයන්න පිහන්න ඉන්න අයට පොඩි පොඩි සපෝට් එක දීමෙන් තමයි..රතුලුනු ශුද්ධ කිරීම, අල පොතු හැරීම, එළවළු කපා දීම වගේම බොහොම වෙහෙසකාරී වෙන පොල් ගෑම් ඒවා අතරින් ප්‍රධානයි..ඔය අතරට ගමේම ඉන්න කෙළි පැටික්කියොත් එන නිසාම අපි ඒවට සහයෝගය දුන්නෙ කිසිම මසුරුකමක්, කම්මැලි කමක් නැතුවමයි.. ඒ කාලෙ පොල් ගාන දැන් වගේ ඔය විදුලියෙන් ක්‍රියාන්ත්මක වෙන මැෂින් තිබ්බෙ නෑ..ඔන්න මන් පහළ ඈඳලා තියෙන කටු සටහනේ වගේ පොඩි ඉඳ ගෙන ඉන්න
බංකුවකට හයි කරපු හිරමන් තලයක් තමයි තිබ්බෙ..පොල් ගාන එක ඉතින් කොහොමත් කාන්තා පාර්ශ්වය අතින්ම තමයි කෙරුණෙ

ඒ උණාට ඒකම මහා පරිමාණයෙන් කෙරෙන කොට අපිට තමයි භාර වෙන්නෙ..
"අනේ මල්ලියෙ මෙන්න මේ පොල් ටික ගාල දියන්කො..උඹල ඉස්කෝලෙ ගියත් පංති වල පේල් වෙවී වෙවී කරන්නෙ පොල් ගාන එකනෙ"
කියලා ඒ ගොල්ලන් ඒකත් අපිටම භාර දීලා යනවා..තේ හදන්න වගේ භාර ධූර රාජකාරී වලට.අපි සෙට් එක ඉතින් පොල් ගාන රාජකාරිය කරන අතරතුරේ එක එක චැලෙන්ජ්..ඉක්මනටම පොල් ගෙඩිය ගාලා ඉවර කරන ඒවා..
ඒ අතරෙ ජොළිම ගේම් එක ඉල්ලීම තමයි..
"මචන් මොකද කියන්නෙ උඹ පුච්චපු කොස් ඇට හතක් කාලා ඉවර කරන්න ඉස්සෙල්ලා මන් පොල් ගෙඩි හතක් ගාල ඉවර කරනවා ඔට්ටුද ?"
මේක බැලූ බැල්මට ඕනි කෙනෙක්ට හිතෙන්න පොල් ගාන කෙනා එක පොල් බෑය ගාලා ඉවර වෙන කොට අනික් ඔට්ටුව භාර ගත්ත කෙනාට දිනන්නත් පුළුවන් කියලයි ඒත් පරදින්නෙ කොස් ඇට කන්න ඔට්ටුව භාර ගත්ත කෙනා කියලා කීවොත් ඔබ විශ්වාස කරනවද ?
කොහොමද ඒක එහෙම වෙන්නෙ ?
දැන් කොස් ඇට හත පුච්චලා දෙනවා කන්ඩ චැලෙන්ජ් එක භාර ගත්ත කෙනාට..අනිත් කෙනා පටන් ගන්නවා පොල් ගාන්න..කොස් ඇට කන කෙනා එකක් කනවා.. දෙකක් කනවා..තුන හතර වෙන කොට තමයි..හිර වෙන්නෙ.. මතකද මේවා පුච්චපු කොස් ඇට..කොස් ඇට වල තියෙන තනිකරම පිෂ්ඨයනෙ..පුච්චන කොට ඒකෙ තියෙන සියලුම ජලය නැත්තටම නැති වෙනවා..කොස් ඇට දෙක කනකොට කටේ තියෙන කෙළ ටික කොස් ඇට වල තියෙන වේලිච්ච පිටි වලට උරා ගෙන..කටේ කෙළ හිඳෙනවා..කොස් ඇට කටේ කෙළ උනන්න තරම් ප්‍රියජනක රසවත් ආහාරයක් නොවන නිසා, හතර වෙනි කොස් ඇටේ කාලා වතුර නොබී නම් ඊළඟ එක කන්න බෑ..මේකෙ එක කොන්දේසියක් තමයි වතුර දෙන්නෙ නෑ..ඉතින් පොල් ගෙඩි හත ගාන කෙනාට බොහොම ලේසියෙන් හෙමින් සීරුවෙ පොල් ගාලත් දිනන්න පුළුවන්.හැබැයි අපේ එක නසරානියෙක් කොස් ඇට හත කාලා දිනලා වීරයෙක් වෙලා උන්නා..පස්සෙ යි දැන ගත්තෙ මේකා කල් ඇතුවම ලුණු කැටයක් හක්කෙ හංගන් තමයි කොස් ඇට කන වැඩේ පටන් අරන් තියෙන්නෙ..
තවත් බොහොම ජනප්‍රිය ගේමක් තමයි..පුනීලයට ශත පහ දැමීම..දැන් බෙහෙතකට වත් හොයා ගන්න නැති උණාට ඒ කාලෙ ශත පහේ ඒවා ඕනි තරම් තිබුණා..මේකට අහුවෙච්ච එකෙක් ආයි අහු වෙන්නෙ නෑ..ඒ නිසා හැම වෙලාවෙම මේ ට්‍රික් එකට අහු නොවෙච්ච කෙනෙක්වම තමයි අල්ල ගන්න ඕනි..
මොකක් හරි ලොකු දෙයක් ඔට්ටුවට තියලා අහනවා
"උඹට පුළුවන්ද පුනීලයට ශත පහ දමන්න?"
කියලා.. හා කීවොත්..උඩ බලා ගන්ඩ කියලා තියනවා ශත පහක් නලල උඩින්
පුනීලයක් අරන් ඒක ගහනවා ඇඳන් ඉන්න සරමෙ හරි කලිසමේ හරි බුරිය ළඟින්ම..දැන් කෙනා මූණ උඩ අතට හරවන් ශත පහ නළල උඩ බැලන්ස් කරන් ඉන්නවා හරි කියන සංඥාව දෙනකන්..ඒ අතරෙ තමයි එතකොටත් සෙට් කරගෙන ඉන්න වතුර ජෝග්ගුවක් තව කෙනෙක් අර පුනීල කටට හලන්නෙ..
හිතා ගන්නකො වතුර ජොග්ගුවක් ඇඳන් ඉන්න ඇඩ්දුම අතරින් වැටෙන කොට දැනෙන නීපය..හැබැයි ඔය විහිළුව අවස්ථා කීපයකම ඇස් රතු වෙලා තිබ්බා සමහරුන් අතින්..එක අවස්ථාවක ඇල් වතුර එක කියලා තමන් බිබී හිටපු උණු තේ එක පුනීලෙන් හළලා තිබ්බා..තව අවස්ථාවක වතුර වෙනුවට භූමිතෙල් හළලා තිබුණා..ඒ දෙකේදීම පීඩිතයා රෝහල් ගත වෙලා තමයි විහිළුව නැවතුණේ..
මේකටත් පොඩි පහේ චිත්‍රයක් ඇන්ඳා තමයි ඒත් පුනීලෙ ගහන් ඉන්න එකාගෙ චිත්රයෙ හැටි දැක්කහම මට හිතෙන්නෙ ..ඒක ටිකක් සභ්‍යත්වයෙන් එහා ගිය පෙනුමක් එන නිසා ඒ චිත්‍රය දැම්මෙ නෑ මෙතනට..
ඔය වගේ විහිළු වලින් ඇස් රතු වුණ අවස්ථාත් නැතුවම නෙවෙයි..
ඔය වගේ නිදි වරණ ගමන් එන නිදිමත මග හරවා ගන්න කරන වැඩ අතරෙ කරන බලු වැඩ ඇතුවාමත් නොවෙයි.. අහල පහළ වත්තක තියෙන ගහක් කොළක් පාළු කරන එක..අහල පහළ ගෙයක සිද්ධ වෙන මොනව හරි අසම්මත දෙයක් වැඩිදුර නිරීක්ෂණය කරන එක වගේ දේවල් එක්කම..
අපිට පාට් දමපු බළලෙක්ව අල්ලලා උගේ වලිගෙ අර සිලි සිලි බෑග් එක ගැට ගහලා අතඇරියහම ඌ කඟවේනා වගේ දුවන හැටි බලන් ඉන්න එක වගෙ දේවල් නොකෙරුණාම නෙවෙයි. ඕන්න ඔහොම මල ගෙදරක නිදිවරලා නිදි වරලා ඉන්න දවසක තමයි සේන අපේ කනට මේ ආරංචිය ගෙනාවෙ..
"අර දාස අයියත් රිංගනවලු නේද ලතා අක්කලයෙ ගෙදර රෑට රෑට ?"
නෑ ? අර මේ ළඟදි ගමට ආපු පුන්චි කුඩම්මගෙ පුතා ?"
"නෑ නෙවෙයි ඔව්..උඹල දන්නෙත් නැද්ද ? එහෙනම් ලිස්ට් එකට මිනිහගෙ නමත් දමාපන්"
ලතා අක්කාගෙ මහත්තයා ගමෙන් පිට වැඩ කළේ..මාසයකට සැරයක් විතර ගමට ආවෙ...
මුලු ගමේම අස්සක් මුල්ලක් නෑර පීරලා හොයන අපිට ලතා අක්කලයෙ ගෙදරට යන එන අය ගැන අමුතුවෙන් කියන්න ඕනි කරලා තිබුණෙ නෑ..ඒ නම් ලිස්ට් එකේ ඉන්න දහ පාළොස් දෙනාටම් ළඟදි ගමට ආපු දාස අයියවත් දමා ගත්තා..හැබැයි නම කන්ෆර්ම් කරන්න නම් ඒක අපේ දෑහින් දැක ගන්නම ඕනි..කවුරුවත් කීව පලියට එහෙම යමක් දෑසට නොදැක පිලි නොගන්න ගතියක් තිබ්බා අපේ සෙට් එකටම..
එතකොට රෑ දහය විතර වෙන්න ඇති..
"ගිහින් බලමුද?"
කාගෙන් හරි යෝජනාවක් ආවා..හැමෝම අනුමතයි..
"අද ලතා අක්කෑ මහත්තයාද දන්නෙ නෑ ඉන්නෙ?"
"නෑ නෑ එයා එන්නෙ 25න් පස්සෙ.."
අපේ අය කොයිතරම් සැලකිලිමත්ද කියනවනම් සතියෙ ඒ ඒ දවසට එන්නෙ කවුද කියලා අනුමාන වශයෙන් කියන්නත් පුළුවන් කම තිබුණා..
දැන් කට්ටිය හෙමින් හෙමින් ඒ ගේ දිහාවට ඇදෙනවා..ගම් ගොඩැල්ලෙ කෙළවරක තිබ්බ මේ ගේ මැටි වරිච්චි කරපු ටකරන් වහලක් එක්ක තිබ්බ ගෙයක්..ඒ ගොල්ලන්ට මහ ලොකු සල්ලියක් තිබ්බ අය නෙවෙයි.. ගෙදර ලාම්පු එළියක් පත්තු වෙනවා දැක්කෙ වරිච්චි බිත්තියෙ හිල් සහ දොරේ ලෑලි අතරින්..
"කෝ බන්ස් සමීරයා එනවා කීව නේද අපි එක්ක?"
"ඌ එයි බන් අම්මවයි නංගිවයි ගෙදරට දමලා"
වේලිච්ච කොළ ගොඩක් උඩින් උණත් සද්ද නොකර ඇවිදින්නෙ කොහොමද කියලා දැනන් උන්න අපි..හෙමිහිට හෙමිහිට දොර ළඟට කිට්ටු කළා..ඇතුළෙ ඉන්න අයට නොදැනෙන්න හෙමිහිට අපි තුන් හතර දෙනා දොරෙ ලී අතරෙ තියෙන හිඩැස් අතරින් එබිලා බලනවා. ලාම්පු එළියෙන් පේනවා සිමියොන් මාමා පුටුවක් උඩ ඉඳන් විට කනවා ලතා අක්කා පැදුරක් වියනවා..අපේ සෙට් එක හතරක් නැත්නම් පහක් එකෙකුට එකෙක් හේත්තු වෙලා ගේ ඇතුළෙ ඊළඟට වෙන්නෙ මොකද්ද බලනවා..
ඒ එක්කම අපි පිටිපස්සෙන් ආපු තල්ලුවක් එක්කම දොර ළඟම හිටි දෙන්නා දොරට හේත්තු උණා..ඇතුළෙන් ලොක් නොකරපු දොර ඇරෙනවත් එක්කම අපි පස් දෙනෙක් ගේ ඇතුළට පෙරලගෙන එකා පිට එකා වැටුණෙ නිකන් ෆිල්ම් එකක වගේ..කුණුහරුපයක් එක්කම ඉඳ ගෙන හිටිය පුටුවෙන් නැගිටපු සිමියොන් මාමා අපි දිහා බැලුවා..සූස් ගාලා කුප්පි ලාම්පුව නිව්වා අපිවත් පෙරළා ගෙන දිව්වෙ..ලතා අක්කා හූ තියලා කෑ ගහනවා අපිට ඇහෙන කොට අපිත් ඇල පැනලා කුඹුරු යායෙ භාගයක් විතර දුවලා ඉවරයි..ටික කාලයක් යනකම්ම සිමියොන් මාමයි අපියි එකට මුණ ගැහුණම හිටියෙ නිකන් ගල උඩ රීපු බළල්ලු රංචුවක් වගේයි.
වෙලා තිබ්බෙ අම්මවයි නංගිවයි ගෙදරට ඇරලපු සමීරයා දුව ගෙන ඇවිත් බ්රේක් නැති වෙලා..
"ගේ හරියෙ හොරුන්ට ගන්න දෙයක් නම් නෑ අක්කෙ..කවුරු හරි කුපාඩියෙක්ම තමයි ගෙට පැන්නෙ"
ලතා අක්ක කම්මුලෙ අත තියන් කඩේ ළඟ අයට කීවෙ..
වෙනි අයියගෙ මේ අතීතාවර්ජන නං හරිම රසවත්...කම්මැලි නැතිව කියවන්න පුලුවන්
ReplyDeleteහොඳ වෙලාවට අර ඩිස්ක්ලේමර් එක දාලා තියෙන්නෙ....නැත්තං අපි මේවා ආදර්ශෙට ගන්නවා..
ඔව් මට බය හිතුනා ලකී වගේ පොඩි උනුත් මේවා කියවනවා..ආදෘසෙට ගත්තොත් එහෙම කියලා..
Deleteචෑහ් ලතා අක්කා බය වෙන්න ඇති කොටු පනින්න පෝලිමක් ඇවිත් කියලා :D
ReplyDeleteඔව් හොඳ වෙලාවට ලතා අක්කා දැක්කෙ නෑ කවුද එක පාරටම කඩා වැටිච්ච උන් ටික කියලා..
Deleteඇස් රතුවෙන විහිළු ජීවිත කාලෙටම මතකයන් ඉතුරු කරන බව නම් ඇත්තයි..
ReplyDeleteඔව් රූ..ඒ වගේ ඒවා..ඉතුරු කරන්නෙ පසු තැවිල්ලක්ම තමයි..ජීවිතේටම පාඩම් ගේන්නෙත් ඒවමයි..
Deleteසිත්තරයක් අඳින්න ඔත්තු ගොඩයි! ඒත් අද සෙනසුරාදානේ...... වෙනී අයිය ලියන ශෙලිය මගේ හිත ගත්තා. මාර සරළයි.
ReplyDeleteඈ චිත්‍රයක් අඳින්න ? අනේ මල්ලියෙ ඔහොම හිතට එන දරුනු අදහස් අමතක කරලා දාලා සාමෙන් ඉන්ඩලකො මේ අවුරුදු දවස් ටිකේ...
Deleteඇර බුද්දිය ඇර . . . . .
Deleteදීපිය සපෝට් ඕනය... බෙලෙක් කඩේ හන්දියෙ අක්කලා ටිකකට කොන්ත්‍රාත් එක දෙන්නෙ ඕනයට ගේම දෙන්න...!!! :DD
Deleteබෙලෙක් කඩේ හන්දියෙ උනට බය වෙන්න එපා බුද්ධියො. මං එවන්නං ගොනා කොවිලෙනුයි තිස් හතේ වත්තෙනුයි, තව මදිනං සී බීච් රෝඩ් එකෙන්යි ඇන්ටිල ටිකක් මුගෙ අක්කල ටිකට ඇඩ්රස් නැතිවෙන්නම. උඹ ඇඳහං කොල්ලො ඉටි කිරිස් ටිකට මේ පප්පල ටික අර දොර කඩං ඇතුලට වැටෙන විදියයි මුගෙ සරම තෙමෙන විදියයි දෙකම.
Deleteමන් හොයා ගන්නවා කූඹිකැලෙන් ඇන්ටිලා සෙට් එකක්..
Deleteහෆෝයි මේ වැඩේට බුද්ධිට සපෝට් කරන්න සේරම සෙට් වෙලා..මට කවුද සපෝට් එකට ඉන්නෙ..?
චෙහ් ගහන්න තිබ්බ එකම තුරුම්පුවත් මන් අදම ගිහින් දුන්නනෙ කඩුවෙලට..! :DD
බුහ්හ්හාහා හා........
Deleteපව් ලතා අක්කා... බය වෙන්න ඇති.... ඇයි ඇදන් වැටුනු පස් දෙනා ඇඳුං ඇඳලා නැහැ නෙව...... (මං දන්නේ නැහැ මේ චිත්තරේ හැටියට එහෙමයි පේන්නේ) :D
ආයේ ඉතිං කූඹි කැලෙන් කුඹි ඇන්ටිලා සෙට් එකක් ගෙනාවත් වැඩක් වෙන එකක් නැහැ අයියේ......... ලබන සෙනසුරාදාට සූජානං වෙලා ඉන්ට වෙයි....... :D
හය්යෝ....මාමල තමයි මාමල.......
ReplyDeleteහැබැයි මේ ..ඒ මාමලා දැන් හරි හොඳයි !
Deleteඅම්මප රොයිටර් එකේ ජොබ් එකක් දෙන්න තිබ්බේ....
ReplyDeleteඔව් මල්ලි, එච්චරම නිරීක්ශන හැකියාවක් තිබ්බ තමයි ඒ කාලෙ !
Delete1. හිරමනේ ඇන්දෙ වෙනී චිත්‍ර ශිල්පියාමද? (බුද්ධි උඹෙයි මගෙයි බඩට පාර වදින කෙලියක් මේක නම්. එහෙන් ඔබා ලිඳවල් අඳිනවා මෙහෙන් මූ හිරමනයක් ඇඳලා)
ReplyDelete2. පුනීලේ කලිසම අස්සෙන් උඩට ඇවිත් තියෙන එක අසභ්‍යයි කියලා චිත්‍රය නොදාපු එකා හැම සින්ඩියෙම සහ බ්ලොග් රෝල් වල යන ආකාරයට අසභ්‍ය වගේ පෙනිලා අනිත් උන් දුවගෙන එන මාතෘකා දාන්නෙ කොහොමද?
3. උඹලා අර ගෙදෙට්ට ගියේ කන්ෆර්ම් කිරිල්ල කෙසේ වෙතත් ලිස්ට් එකට වැටෙන්න නෙවෙයිද?
4. වේලිච්ච කොල ගොඩක් උඩින් සද්ද නැතුව ඇවිදින්නෙ කොහොමද?
henryblogwalker the Dude
1. ඔව් ඔව්..චිත්‍ර දෙක ඇඳෙ මන් චිත්‍ර ශිල්පියාම තමයි..නැත්නම් එච්චර ස්වාභාවිකව වෙන කවුරු අඳින්නද ?
Delete2. ස්..ස්..ස්.. ඔහොම කොර වෙන ප්‍රශ්න අහන්ඩ එපා සුදු අයියෙ..
3.හෆොයි නෑ..ඒකෙ ලිස්ට් එකේ හිටියෙ අත්දැකීම් බහුල අය විතරයි..අපි වගේ පොඩි උන්ට වේකන්සි තිබ්බෙ නෑ..
4. කොකා නෙලුම් කොලේ උඩ ඇවිදින්නා සේ..
පුනීලෙ සීන් එක මට කලේ අපේ තාත්තා.. වස නිංගිරාවක් වුනේ..
ReplyDeleteලතා අක්කගෙ සීන් එක පට්ට. පව් බං උන්ට සැනසීමෙ වැඩක් කර ගන්න දුන්න නැති එක.
මාත් අහුවෙලා තියෙනවා සෑම්..හැබැයි එක සැරයයි..
Deleteඉස්සර මල ගෙවල් වල තිබ්බේ යකඩ පුටු.. දැන් කාලේ වගේ ප්ලාස්ටික් පුටු තිබ්බේ නෑ... මහ රෑ 2 පනිනකොට ඔය යකඩ පුටු පේලියට තියාගෙන කට්ටිය නිදා ගන්නවා... අපි කරන්නේ විට තට්ටුවෙන් හුනු ටිකක් අරන් ගිනි කූරක නැට්ටේ ගාලා අර පුටුවේ යටින් අලවනවා... ඊට පස්සේ ගිනි කූර පත්තු කරලා ඈතට ගිහින් බලාන ඉන්නවා.... යකඩ තහඩුව රත් වෙනකොට නිදාගෙන ඉන්න එකා තිත්ත කුණුහරප කියාගෙන නැගිටින්නේ..... ඒත් ඉතින් අපිව අල්ලන්න වෙන්නේ නෑ ජීවිතේට....
ReplyDeleteඔව් ඔව් අර ටකරන් වගේ තුනී සීට් එකක් ගහපු පුටු..ඒවා සුටුස් ගාලා රත් වෙනවා..
Deleteඇයි නිදි වරලා නිදි වරලා නිදියන් ඉන්න උන්ගෙ සරම් එකට ගැට ගහනවා.. නිදි විකාරෙ නැගිටින්නෙ... :DD
නයිට ගහද්දී කම්මැලිකම යන්න කළහැකි තවත් නසරාණි වැඩ කිහිපයක්...
ReplyDelete1. කනත්තෙන් මල් වඩම්, සැරසිලි ගෙනැවිත් ගෙවල් වල දොරකඩින් තැබීම.
2. එකළග ගෙවල් දෙකක මල්පෝච්චි මාරු කිරීම.
3. සියල්ලෝම නින්දට ගියපසු ගෙවල් වල ජනෙල් වලට සෙමෙන් තට්ටු කිරීම.
4. මළගෙදර සිට තනිවම නිවසට යන වයසක මිනිසුන්ව මගරැක සිට බයකිරීම (උදා : යන පාරේ තැන් හතරක හතර දෙනෙක් සැඟවී හිඳ ඔහුගේ නම කියා මැරුණු මිනිහා කතාකරන ලෙස කතා කිරීම... නැත්තම් පුංචි ගල් කැට ගැසීම...)
ඔන්න අපිනම් ඕවට නෑ... ;)
හිකිස්...
Deleteගොඩාක් ඒවා මමත් ලීවෙ නෑ..එක සැරයක් එක ඔහොම වයසක අපේම සීයා වෙන කෙනෙක්ව මල ගෙදරදි ඊළඟට යන්ඩ වෙන්නෙ සීයට තමයි කියලා කේන්ති ගස්සවලා..ගෙදර යද්දි හොරෙන් පස්සෙන් ගිහින් සීයව ඇද ගෙන ගිහින් කනත්තට දමලා කට්ටිය දුවලා..ඒක නම් තව පොඩ්ඩෙන් මිනී මැරුමකින් ඉවර වෙන්නෙ..
එක කුප්පයෙක් නමි පැන්නත් කමක් නෑලු කුප්පයෝ පස් දෙනෙක් පැන්නාම දරා ගන්න බැරිලූ
ReplyDeleteකොහේ දරා ගන්නද දඩ බඩාන් ගාලා එකා එකා පිට එකා වැටෙන කොට...
Deleteකොස් ඇට කථාවනම් පිළිගන්ඩ බෑ බෑ වගේ, කරලා බලන්ඩ ඕනා. මට හිතෙනවා පුලුවන් වගේ...
ReplyDeleteසෙන්නා කරලා බලන්න...හොඳට පුච්චපු කොස් ඇට වෙන්න ඕනි..ඊලඟට වතුර බොන්න බෑ..මේක තරඟයක් නිසා කාගෙන් කා ගෙන යන්න ඕනි..ගොඩක් වෙලාවට ඔය වෙලාවෙ කන කෙනා කතා කියලා..හිනා වෙලා..වැඩ කරලා මහන්සියෙන් ඉන්නෙ..එතකොට කොහොමත් කටේ කෙල හිඳිලා ඉන්නෙ..මමත් ට්‍රයි කලා මට පුලුවන් උනේ දෙකයි..ඊ ලඟ එක හිර උනා..
Deleteඇත්තමයි අයියේ.. අර කොස් ඇට කතාම මම අදයි ඇහුවේ.. පුනීලෙට සත පහ දාන එකනම් අනන්තවත් කරලා ඇති.. අන්තිමේ ඉතින් හැමදාම රණ්ඬු.
ReplyDeleteඔව් මල්ලි ඔය වගේ ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙච්ච ඒවා තියෙනවා..අපේ පැත්තෙ හරියට කොස් ගස් තියෙන නිසා වෙන්න ඇති ඒ වගේ චැලෙන්ජ් එකක් ආවෙ..
Deleteවෙනී අය්යලත් කරලා තියෙන දේවල් . දෑන් මතක් වෙනකොට හරිම රසවත් ..
ReplyDeleteපොඩි කාලෙ පොඩි කමට කරපුවා නෙ..
Deleteරසවත් අතීතයක්. ඒක කියන හැටිත් හරිම ලස්සනයි.:)
ReplyDeleteරසවත් තමයි ඒත් ටිකක් අප්රසන්නයිත් වගෙයි සමහර ඒවා..වැඩිහිට්යො විදියට අපි පොඩි අය කරන එක අනුමත කරන්නෙත් නැති තරම්..
Deleteවෙනී අයියත් පුනීලෙට සත පහ දාන්න ගිහිල්ල අහුඋනා නේද?
ReplyDeleteනියම කතා සෙට් එක.
අනිවා ප්‍රසන්න මලයා මන් අහු උනා එක සැරයක්..හැබැයි ඇල් වතුර..
Deleteකොස් ඇට කෑම නම් කරන්නම වෙනවා...
ReplyDeleteමම තාමත් පොල් ගානෙ ඔය හිරමනයකින් තමා :)
පුනීලෙ වැඩේනම් හොස්ටල් එකේ හැමෝටම කරා. මමයි තව එකෙකුයි තමා ඕක පටන් ගත්තෙ.. පුනීල නෑනෙ කඩදහි ගොට්ටක් තමා ගත්තෙ.. එකෙක් හිටියා ඌට කරන්න බැරි දෙයක් නෑ කියලා චැලෙන්ජ් බාර ගන්න.. ඌට තමා මුලින්ම ශොට් එක දුන්නෙ.. ටික වෙලාවක් යනකම් ඌට හිතාගන්නත් බැරිවුනා වෙච්ච දේ..
අනිතිම කතාව නම් පට්ට පට පට..
ඔව් හැබැයි මන් කාලෙකින් මේ සීන් එක දැක්කෙ නෑ..හැබැයි හැමෝටම මේ අත්දැකීම් තියෙනවා වගෙයි..
Deleteපුනීලෙ කතවෙත් අදමයි ඇහුවෙ. අනිත් දවසෙ කරල බලන්න ඕනෙ. ඒත් චිත්‍රයක් නැතුව පැහැදිලි නෑ වගේ. බැයිද ඒක හොර පාරෙන් අපි දෙතුන් දෙනෙක්ට එවන්ඩ.. :D
ReplyDeleteමෙහෙමනෙ.. මුලින්ම "පුලුවන්නම් ඉඳගෙන පුනීලයට මේ කාසිය දාපන්" කියලා කවුරුහරි අල්ලගන්න ඕනෙ..
Deleteඊටපස්සෙ පුටුවක වාඩි කරවලා අත්දෙක පිටිපස්සට කරන්න ඕනෙ..
පුනීලයේ හීනිහරිය බුරිය ගාවින් කලිසම අස්සට යවන්න ඕනෙ.. පුනීලයට දාන වතුර ඇතුලට යන විදිහට..
ඊටපස්සෙ උඩ බලාගන්න කියලා කාසිය තියන්න ඕනා ඔලුවෙන්.. මිනිහා උඩ බලාගෙන කාසිය බැලන්ස් කරගන්න ට්‍රයි කරන අතර වතුර එකක් හලන්න ඕනෙ පුනීලෙට..
ඊටපස්සෙ අරූට අහුනොවෙන දුරකට දුවන්න ඕනෙ.. එච්චරයි..
අන්තිම එක තමා මරුම කතාව අරුට අහුනොවෙන දුරකට දුවන්න ඕනේ.
Deleteඔන්න සිහින මල්ලි හම්බ උනානෙ උත්තරේ..හෆොයි ඒ චිත්‍රෙ දැක්කහම මටම ලැජ්ජයි..
Deleteහරී...මට මෙච්චර ලස්සනට මේක විස්තර කර ගන්ඩ බැරි උනා නොව...බොහොම ස්තූතියි..ඔබට.
.\\ඊටපස්සෙ අරූට අහුනොවෙන දුරකට දුවන්න ඕනෙ.. එච්චරයි.. \\
මේක නම් නියමයි.. :DD
එලනේ! පංකාදු කතාටික. චිත්‍රය දැම්මෙ නැත්තෙ අපරාදෙ!
ReplyDeleteඅෆොයි රාජ් මගෙ චිත්‍ර වල තත්වය පේනවනෙ..
Delete"ගේ හරියෙ හොරුන්ට ගන්න දෙයක් නම් නෑ අක්කෙ..කවුරු හරි කුපාඩියෙක්ම තමයි ගෙට පැන්නෙ"
ReplyDeleteලතා අක්ක බබා..............
අපි හිනා වුනෙ දෙපැත්තෙන්ම කනියා...
Deleteඅඩේ අපිටම් ඕකට කියන්නේ ගොට්ටට පහ දානවා කියලා.. ෆට්ටම ආතල් වැඩේ ඕක.. අපි දවසක් ඕක එකෙක්ට කරලා පොරට වැඩේ මීටර් වෙන්න විනාඩි 5ක් වගේ ගියා.. මොකද ඇදල තිබ්බේ ඩෙනිමක් නිසා.
ReplyDeleteඩෙනිම වේලා ගන්ඩත් සෑහෙන් වෙලාවක් යන්ඩ ඇති නේද ?
Deleteගොට්ටට අපි දැම්මෙ සත පනහ . . . මමත් වතාවක් කෑව මදි නොකියන්න
ReplyDeleteඒ කීවෙ දුවගන්ඩ බැරි උනාද අහුනොවෙන්ඩ...?
Deleteමේ දවස්වල කතා ටික නම් ...... එලටම යනවා ....... ඔය එන්නේ කරපු හොඳ හොඳ වැඩ ටිකක් එලියට
ReplyDeleteදැන් ගම්පලාතේ ගිහින් පුරුද්දට ඕවා කරන්න යනවද දන්නෙත් නෑ වෙනී අයියා ... ;)
දැන් ගමේ ගියාම ඔය කතා මතක් කරලා හිනා වෙනවා විතරයි
Deleteපුනීලේ කේස් එක මට මුලින්ම වුනේ සාපෙ කාලේ ඉස්කොලෙදි එක කකුලක් දිගේ ලස්සනට ගියා වතුර පාර.... පූසා ඔහොම දුවලා ළිඳකට වැටුනොත් කාට කියන්නද...
ReplyDeleteඅන්තිම වැඩේ ගැන කියවද්දි නම් අම්බානක හිනා ආවා කස්ටියට ලස්සන ෆිල්ම් එකක් මිස් වෙලානේ අපරාදේ නේ?? මෙයාලා අනික් 15ම ලිස්ට් වලට දාන්න මාස කීයක් ෆ්‍රී ෆිල්ම් බැලුවද කියලයි මම මේ කංපනා කරන්නේ... බුද්ධි අයියා මේක ඇන්දොත් මරුවටම අඳියි බුරුසු රැවුලක් දොරෙන් එබිලා බලන විදියට....
හෆොයි ෆුල් ෆිල්ම් එකම බලන්ඩ ඉන්නෙ නෑ..මොකද අපි බලනවා ඕවා හොයා බලනවා කියලා කාට හරි අහු වෙයි කියන බය ලොකුවටම තිබුනා..දඟ වැඩ කලාට හොඳ නම තියන් හිටියා..විශ්වාස කරන්නත් අමාරු ඇති නේද ?
Deleteමේ අත්දැකීම් ගොඩක් අයට නෑ මේ බ්ලොග් කියෝන,,,ඔය පුනීල වැඩේ නම් මටත් වෙලා තියනවා,,,අනේ ප්‍රිජ් එකේ දාපු සීතල වතුර පාරක්..
ReplyDeleteඅපේ අළුත් පරම්පාරාවට නම් කම්පියුටර් ගැන තියෙන අත්දැකීම් හැර වෙන විවිධ අත්දැකීම් තියෙන්න බෑ..අපේ ළමා කාලෙ කම්පියුටර් තිබ්බෙ නෑ..හරියට කම්පියුටර් එකක් අත පත ගෑවේ 1993 කැමපස් එකේ ෆස්ට් ඉයර් එකේදිම තමයි ඒකයි වෙනස ඩිලා..
Deleteපුනිල කතාව කලින් අහල තියෙනව් වගේ මතකයි ඒත් කවදාවත් දැකල නැහැ. ඒත් අපි කරලා තියෙනවා වතුර බේසමේ කෙස් ගහ හිටවන එක.
ReplyDeleteලතා අක්කලාගේ ගෙදර යන්නේ වයසක මිනිස්සු විතරයි ද?
දැන් දහයට ගනින්න බැරුව හිටියට කරලා තියෙන වැඩ චික්...
පෝස්ට් එකක් දමන්න කෙස් ගහ හිටවන එක ගැන අසර්...අපි තාමත් බෝ පැල...!!!
Deleteඅද කතාව ලියා තියන විදිහට මම කැමතියි . පුනීල කතාව නම් එමට අහලා තියනවා . වෙනි අයියටත් අතීත මතකයන් ආවර්ජනය වෙනවා කීවම පුදුමයි . මම හිතුවේ දැන් වෙනීට ඒ මතකයන් අමතක වෙලා ගිහින් කියලා .. යන දාට ගෙනියන්න ඉතිරිවෙන්නේ ලස්සන මතකයන් ටික විතරයි .. මගේ ලඟත් මගෙ මින්ටි සෝරි කාලේ සිද්ද වෙච්ච ලස්සන අමුතු සිදුවීම් පවා හිතේ කොනක තාම තියනවා .. ඒත් සමහරුන්ට උදේට කෑ දේවත් මතක නෑ කියන්නේ .
ReplyDeleteසඳරූ මලයා මාව නාකිම කරලා දමලා වගෙයි..ඒ මතකයන් කවදාවත් ගිහිලා යන්නෙ නෑ..හැබැයි වැලලිලා තියෙන්නෙ..මොනව හරි වර්තමාන සිදුවීමක් එක්කම ආයි එලියට ඇදෙනවා..
ReplyDeleteෂා....නියම කතාව....මටත් මතක් උනා අපිත් ඔය වගේ කරපු ජල්තර් කේස් ගොඩක්...හැබැයි මම ඔව්වට වැඩිය සම්බන්ද උන් නෑ...සමාජ අපවාදයට ලක්වෙයි කියල බයේ.බලන් හිටීම,සප් එක දීම වගෙ දේවල් තමයි කොරේ.(වක්‍රව සම්බන්දයි) ගත්ත ෆන් නම් මතක් වෙනකොට නිකම්ම හිනා එනව..
ReplyDeleteහැබැයි කවදාවත් ගෙවල් වලට එබෙන්න නම් ගිහින් නෑ....
ඒ කියන්නෙ වෙනී අයියල හරි දියුණුයි....
අර මාමා කෙනෙක් ගාව ගත්තේ බොරුවට නේද....?
ReplyDeleteඒකාලේ පුරුද්දට දැනුත් කුනුඇල දිගේ උඩහට යනව එහේම නෙමේ...වෙනි අයියේ
ReplyDeleteඅම්මෝ ඔච්චර දේවල් වෙලා ඔහොම ඉන්න එක ලොකු දෙයක්..
ReplyDelete