ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, April 23, 2012

සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...


සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...






සිහිනයක් නොවූ මුත් සොඳුරුම සොඳුරු සිහිනයක මතකයක් හිත මුල රන්දලා තියලා අවසන් වුනත් අවසන් නොවුනු ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුනු හෝරා නවයක් දහයක්...


හඳුනා ගන්න...එකම එක වචනයක් හරි කතා කරලා හිත සතුටු කර ගන්න තිබ්බ ඒ හෝරා කීපය නම් ඊළඟ අවුරුද්ද වෙන කම්ම අමතක වෙන්නෙ නෑ..


ගත වෙන හැම තත්පරේම සිදු වන සොඳුරු නිමේශය කැමරා කාචයේ රඳවාගන්න උත්සාහ දරපු මට හොඳටම විශ්වාසයි ගොඩාක් අය එක්ක දොඩමලු වෙන්න බැරි වුනු බව..


ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා..


හිනා වෙන්න නම් ඇති...ඒත්..අර මුලින් කීව සතුට මැද්දෑවෙ ගුලි ගැහෙන්නෙ පොඩිම පොඩි දුකක්..
මන් කැමරාව නොගෙනිච්චනම් හරි කියලා නොහිතෙනවමත් නෙවෙයි..ඒත්..


කැමරා කාචය හරහා මතක පතේ රැඳිලා තියෙන ජායාරූප 564 න් එකක කොහේ හරි ඔබ රැඳිලා ඉන්නවා...


සමාවෙයල්ලා.....
මට එකම එක වචනයක් හරි කතා කරන්න බැරි වෙච්ච සහෘදයිනේ..මට දුකයී ඒ ගැන දැන්..

108 comments:

  1. වෙනී අයියා...ස්තුතී

    ReplyDelete
    Replies
    1. සංවිධාන කටයුතු එල පහට තිබ්බා..

      Delete
  2. පින්තූර ගොඩාක් මූනු පොතේ දැමීම ගැන ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් තියෙනවා පොකු එඩිට් කර කර දමන කොට සෑහෙන කාලාක් යයි වගේ..

      Delete
  3. වෙනි අයිය දැක්කට කතා කරන්න නම් බැරි උණා!:)

    ReplyDelete
    Replies
    1. ඇත්තද ? මන් නම් ඉඩ ලද සැනින් ලඟ ලඟ හිටි අයත් එක්ක කතා කරලාඅ අඳුරා ගත්තා...ඊළඟ සැරේ මතක ඇතුව කතා කරන්න

      Delete
  4. මම නම් වෙනි අයියා එක්ක කතා කරා මතකද

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අපේ ඔෆිස් එකටත් ආවා කීවනෙ...

      Delete
  5. නිල් පාට ශර්ට් එක ගහලා කැප් එකක් දාල ඉන්නේ ඔබා අය්යද?

    ReplyDelete
  6. http://www.facebook.com/media/set/?set=a.3524777352022.2153512.1049785475&type=1&l=451ebcca21

    ReplyDelete
  7. මටත් වෙනි අයිය එක්ක කතා කරන්න බැරි වුනා ඊළඟ පාර අනිව සෙට් වෙමු......ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල්ලි, ඊලඟ සැරේ සෙට් වෙන කන් මූනු පොතට එන්න..

      Delete
  8. ස්තුතියි වෙනී භයියා.... මට නං ගියඅවුරුද්දෙ මතකෙ තමා ළබන අවුරුද්ද වෙනකල් තියාගන්ඩ වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. බුද්ධි මලයට ඉතින් නොවැලැක්විය හැකි හේතු නිසා නේ එන්න බැරි උනේ..ලබන සැරේ නම් තුන් දෙනාම එන්න..

      Delete
  9. අනේ උඩ පොටෝ එකේ මම නෑ වෙනී මාමා.........:'( :'(
    අපිනම් වෙනී මාමා කියාගත්තු ගමන්මයි ඊයෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ෆොටෝ එක මල්ලි ගත්තු එකනෙ..ඒකයි..ජේඩී දමලා තියෙන ෆොටෝ සෙට් එකේ ඉන්නවා..

      Delete
  10. 564 ම දාන්න වෙනි අයියේ මුණු පොතේ.. ඔක්කොම බලන්න ආසයි

    ReplyDelete
    Replies
    1. මගෙනම් ළඟටම ඇවිත් කතා කලානේ. මාර සතුටුයි :)

      Delete
    2. ගමන් මහන්සියට වෙන්න ඇති ඔය ගොල්ලො ඉඳගෙනමනෙ හිටියෙ..හොඳ ටික තෝරලා දමන්න ඕනි නංගි..සමහර ඒවා හොඳට වැදිලා නෑ..

      Delete
  11. කතා නොකරට මොකෑ .අයියලව දැක්කත් සතුටක්

    ReplyDelete
    Replies
    1. කතා කරා නම් කවුද කින්ද මන්ද කියලත් දැන ගන්න තිබුනා..

      Delete
  12. ලබන සැරේ අනිවා හමුවෙමු...

    ReplyDelete
    Replies
    1. අනිවා හම්බ වෙමු...

      Delete
  13. පින්තූර ටික නම් පංකාදුයි වෙනී මාමා! කතා නොකලට හිතේ සුන්දරත්වය කවදත් වෙනී මාමාගේ ඔය අව්‍යාජ සිනාවෙන් අපට මැනගන්න පුළුවන් !

    ReplyDelete
    Replies
    1. ඊලඟ සැරේ නම් මන් කතා කරනවා කැමරාව පැත්තකින් තියලා..

      Delete
  14. අපි කතා කොලා නෙව... මම රික්වෙස්ට් එකක් දාලා තිබුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක නිසාම හොඳට මතක හිටියා...

      Delete
  15. වෙනී මාම හරියටම දැක්කෙ අදයි! :)

    ReplyDelete
    Replies
    1. මම මූනටම කිව්වා.. :)

      Delete
    2. ඔන්න මාත් වෙනි මාමත් එක්ක කථා කොලා..කොහෙද ඉතින් කැමරාව මානගෙනමනේ හිටියේ... :D

      Delete
    3. ඔව්..අපිට වචනයක් දෙක කතා කරන්න බැරි උන එක තමයි..දුක..ඇයි කතා කරන අස්සෙ පේන්නෙම කැමරාවට අල්ල ගන්න ඕනි සීන් නෙ....චම්මා මතක මගේ බ්ලොග් එකේ මුල් කාලෙ ඉඳලමයි..

      Delete
  16. උදේ පාන්දරම කැමරා ආම්පන්න ටිකත් උස්සගෙන වෙනි අයියා පිට්ටනියට එනකොටත් අපි එතන නේ. ඉතින් අපිට නම් වෙනි අයියත් එක්ක කතා කරන්න ලැබුනා. සැගවුන අමුත්තාගේ ගති ගුණ ගැන ජනා කියනකොට වෙනි අයියගේ නම කියලා කට්ටියක් කෑ ගහනවා ඇහුනෙත් වෙනි අයියා ලග ඇත්තටම ඒ කියපු ගතිගුණ තිබ්බ නිසාම තමයි. එහෙනං මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න ආයෙත් දවසක මුණ ගැහෙමු

    ReplyDelete
    Replies
    1. එතකොට මමත් එක්කනේ වෙනී අයියා හිටියේ .. මම ඉතින් ඇහුවා වෙනී අයියා නේද සැගවුන අමුත්තා කියලා... ලොල්නේ... අතින් පයින් යනවයැ... එත් අතට පයට මොනවත් හම්බ වුනෙත් නෑ.. :(

      සැගවුන අමුත්තා හොයන්න වුන මහන්සිය එක්ක බලද්දි මට අසාධාරණයක් වෙලා තියෙනවා පැහැදිලිවම... :))))))

      Delete
    2. රෙප් මහත්තයායි නාකියයි ගාල්ලෙ මතකයේම තිබ්බනෙ..

      Delete
    3. නාකියා මන් ඒ වෙලාවෙ ඒක කීව නම් නාකියාට සැඟවුනු අමුත්තා කියලා එතන හිටි කෙල්ලො එක්ක කතා කරන්න චාන්ස් එක නැති වෙනවනෙ..

      Delete
  17. දුකයි සෑහෙන්න.....ලබන අවුරුද්දෙවත් බලමු මාමෝ....:(

    ReplyDelete
  18. ඉහි ඉහි දුක තමයි රන්ජනී

    ReplyDelete
    Replies
    1. බින්දි එන්න නිවාඩුවකට ලබන සැරේ...

      Delete
  19. දුකා අය්ය අක්කවත් එක්කගෙනම ඇවිත්.. එල එල

    ReplyDelete
    Replies
    1. ඇයි සොඳුරු ත්‍රස්තවාදියා විරුල්...

      Delete
  20. "ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා.."

    මේක නම් සිරාම ඇත්ත...

    අනික තමා හුගක් අයට "යන්නම්" කියලා එන්න බැරිවුන එක.. :(

    ReplyDelete
    Replies
    1. ඔව් අපි බලද්දි ගිහින් තිබුනා..නැත්නම් ඔය ප්ලාස්ටරයක් ගලවනවා මන් යන්ඩ ඉස්සෙල්ල..තුවාල ඇත්තම ඒවද බලන්න...

      Delete
  21. එනවා කියලා එන්න බැරි වුනු අයත් ඉන්නවා.. :) ඊ ළඟ වතාවේ හම්බ වෙමු.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. මොකෝ උනේ ?

      Delete
    2. ඉක්මනින් සුවය ලැබේවා කියලා පතන්නම් ! පහු ගිය ටිකේ කියවන්න බැරි උන නිසා මග හැරිච්ච දේවල්...

      Delete
  22. ඇත්තටම ගොඩක් සතුටු හිතෙනෙ මොහොතක් වෙනී අයියේ.. මම අලුත් උනත් ගොඩාක් රස වින්දා..

    වෙනි අයියේ ඔරිජිනල් සයිස් පොටෝ එක මට ඊයක් දානවද..
    mr.sithi@gmail.com

    ReplyDelete
    Replies
    1. හා..ජේඩී එඩිට් කරපු එක එවන්නම්..මූනු පොතේ මල්ලි ඉන්න ෆොටෝ ටික ටැග් කරන්න..මන් එවන්නම් ..

      Delete
  23. පින්තූර ටික බලන්ඩ වෙන විදිහක් නැද්ද ? බුකියත් එක්ක ගනු දෙනු නැති නිසා ඒකෙන් බලන්ඩ බෑ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ දමන්න අමාරුයි සේරම මූනු පොතේ වගේ..එන්නකො මූනු පොතට..

      Delete
    2. හා හා.මුණු පොත ගැන කියන්න එපා. සෙනාට කේන්ති යනවා..

      Delete
  24. මට නම් සෑහෙන්න සන්තෝසයි මොකද මම ටැග් එක ගහගන්නත් කලින් මම ආව ගමන්ම මාව අඳුනගත්තේ වෙනී අයියානේ පුදුමත් හිතුනා වෙනී අයියව එතන කැපී පෙනුනු චරිතයක් ඒ මුකුත් නිසා නෙමෙයි බුරුසු රැවුලයි ආපු වෙලේ ඉඳන් තිබුනු හිනාවයි නිසා...

    මට තාම මම ඉන්න එකම එක ෆොටෝ එකයි අහුවුනේ ඒකත් ගෘප් ෆොටෝ එක..

    ඔය ෆොටෝ සේරම RAR ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න දැම්මනම් සෑහෙන්න වටිනවා මොකද බුකියේ පින්තූර ලෝඩ් වෙන්න යන වෙලාව වැඩියිනේ....

    සැඟවුනු අමුත්තා ගැන කියද්දි වඩාත්ම සුහදශීලි කියද්දි මම ආවේ වෙනී අයියව හොයාගෙන කොහෙද ඉතිං නාකියා එතකොට ඒකටත් වැඩේ දීලනේ...

    මේ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ කලින් නොදැකපු පිරිසක් එක්ක මේ තරම් සුහදව සැමරු අවුරුදු උත්සවයක් මගේ මතකෙට එන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඉන්න ෆොටෝ ටැග් කරන්න මන් ඒවයෙ ඔරිජිනල් ටික මේල් එකට එවන්නම්..මගේ තව ෆොටෝ සිය ගනනක් තියෙනවා..ටික ටික තමයි දමන්නෙ..ඔෆිස් එකේ වැඩත් අතරෙනෙ කරන්නෙ..

      Delete
    2. මම ඉන්න පොටෝ 6ක් විතරමයි තාම අහුවුනේ අයියේ ඒත් අනික් පොටෝ සේරම තියාගන්න ආසයි එතකොට මතක් කරගන්න පුළුවන්නේ හැමෝම විනෝද වෙච්චි හැටි... සමූහ ඡායාරූපේ ඔර්ජිනල් එක එවන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා

      Delete
  25. මට එන්න බැරි වුනානෙ...:((((

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ අත හරීන්න එපා අනිවා එන්න

      Delete
  26. හුඟක් බලාපොරොත්තු තියන් හිටියා මේ බ්ලොග් එකේ ෆෝටෝස් දායි කියලා, දැන් වත් දාමුකො ආඩම්බර නැතුව නම් ගම් එක්ක.

    ප.ලි. ඕනයා හොස්පිටල් එකේ ICU එකේ බව දැනගන්නට ලැබුනා. හැකිනම් බලනවද. ඊයෙ නම් ආසිරි එකේ ඉඳලා තියෙන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඊයේ බලන්න ගියා..මන් හෙට උදේම බලන්නම් හෙන් රි...

      Delete
  27. මට එන්න බැරි වුනානේ :'(

    ReplyDelete
    Replies
    1. අපරාදෙ එන්න තිබුනා නම් හොඳයි..අපිටත් අඳුරා ගන්න තිබුනා..

      Delete
  28. වෙනියෝ,
    අනේ ෆේස්බුක් එකේ ඒ පරණ ටිකමනෙ බං තියෙන්නෙ. දීපා උඹට බනින බැනිල්ල ඇහුවොත් නම් උඹ...
    මචං මට අහගෙන ඉන්න බැරුව බං මේ ලියන්නෙ... අතරින් පතර ප්‍රචාරයට සුදුසු මට්ටමේ කෑලි වලින් කිව්වොත්...

    ...ඔච්චර හොඳ කැමරාවක් තිබිලා....
    ...වැඩක් නෑ....
    ...ඒක මූනුපොතේ දාලා...
    ...අහුවෙද්දෙංකෝ ඕකා මට...
    (වාරණය කරන ලදි)
    (වාරණය කරන ලදි)
    (වාරණය කරන ලදි)

    එතකොට මායි චූටි පුතයි උඹව බේරාගන්න මේවගෙ දේවලුත් කිව්වා.

    ...එයාගෙ කැමරා එකනෙ...
    ...උගෙ බ්ලොග් එකනෙ...
    ...උගෙ බ්ලොග් එකේ ඌට ඕනෙ දෙයක් දාන්න ඌට අයිතියක්....(චටාස්)
    (වාරණය කරන ලදි)
    (වාරණය කරන ලදි)

    විකාශනයට ඇනයක් හිටින ලදි

    අනේ ඔන්න ඕක දාපං බං

    innocent endangered henryblogwalker the dude

    ReplyDelete
    Replies
    1. වෙනියට බනින්න එපෝ....ඔය ඔක්කොම ෆොටෝ ගත්තෙ වෙනියම නෙවෙයි.
      මම හිතන්නෙ මේ වැඩේදි අඩුවෙන්ම ආතල් ගත්තෙ වෙනියා...
      අනිත් අය(එන්න බැරිවුන අය) වෙනුවෙන් සිරා කට්ටක් කෑවා.

      Delete
    2. හෙන් රි මන් ටික ටික එඩිට් කරන් මූනු පොත අප්ඩේට් කරනවා.. ආන්න අනිත් අය දමලා ෆොටෝ එකසිය ගානට..ඒ ටිකවත් දීපට පෙන්නල ශේප් වෙන්ඩලකො දෙන්නම පොඩියකට..ජේඩී ගෙ සහ හසිත් මල්ලිගෙ ඇල්බම් මන් ශෙයාර් කරලා තියෙන්නෙ..අනේ සුදු හෙන් රි ඒ ටික දැනට බලන්නකො..

      Delete
    3. සුමිත් අනේ මේ අපෙ හෙන් රි සහ දීපානෙ.. මන් නොදන්න ඩබල..ආයි ලංකාවට ඇවිත් අපේ ඔෆිස් පැත්තෙ ආවහම මන් ප්ලේන්ටියක් දීලා ශේප් කර ගන්නවා..

      Delete
  29. ඔක්කොම ෆොටො දාමු වෙනී අයියේ.. අපි වගේ අයට ෆොටො බලලා නේ සතුටු වෙන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් මල්ලි එඩිට් කර කර තමයි දමන්නෙ..ටික දවසකින් සේරම දමන්න පුළුවන්..

      Delete
  30. හා ෆොටො ටික දමන්නම්.. බ්ලොග් එකේ..හකි ඉක්මනින්ම.. හෙන් රි... හිකිස්...

    ReplyDelete
  31. අයියව අඳුරගන්න ලැබුණ එකත් ලොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. මල්ලි මූනු පොතේ ඉන්නවද මගෙ ලිස්ට් එකේ..? රික්වෙස්ට් එකක් දමන්න.මටත් හරිම සන්තෝසයි අලුත් අය අඳුනා ගන්න ලැබීම..

      Delete
  32. වෙනියා සුපිරි මිතුරෙකු බව හැගින..

    කතා කරන්න බැරිව මිස් වුනා ගොඩක් අය.. :(

    ReplyDelete
    Replies
    1. සෑම් මටත් හරි සතුටුයි සයිබරයෙන් විතරක් දන්න අය හැබැහින්ම දැක ගන්ඩ ලැබිච්ච එක ගැන..ආයි හම්බ වෙමු..

      Delete
  33. අයියෝ.. වෙනී අයියා ඔයා ආවද? කතා කරන්න ගොඩාක් ආසාවෙන් හිටියේ.... දැකලම නෑනේ... අපරාදේ.......

    ReplyDelete
    Replies
    1. (අභියා මන් බොට කීවා කියලා හිතා ගන්..)
      චෙහ්.. මමත් ඔටෝග්‍රාෆ් එකකුත් තියන් හිටියා අභීත ගෙන් සයින් එකක් ගන්න.. කොහෙද බැරි උනානෙ..

      Delete
  34. කොහෙද ඉතිං වෙනි අයියව හොයන්න අල්ලපු ක්‍රීඩා ගාරෙට යන්න උනානේ...!

    ReplyDelete
    Replies
    1. ඔව් මාලු යාලු හිටියෙම ඒ හරියෙනෙ..කතා කරන්න නම් බැරිම උනා වගෙයි මතක..කමක් නෑ අහල පහල ඉන්න වෙලාවක ආයි හම්බ වෙමු...

      Delete
  35. ANWER MANATUNGAGE HUCHCHAKUWATA OBAPUWAMA INTERNET BACKFIRE WENAWA. HARIMA KARADARAYAK.

    ReplyDelete
    Replies
    1. තාම ටියුබ් ලයිට් ඇනෝ...

      Delete
  36. වෙනී අයියව දැකපු ගමන් අඳුන ගත්තෙ උඩු රැවුල හින්දා. බ්ලොග් අවකාශෙ උඩු රැවුලො හරි අඩුයිනෙ. ආයෙ ඉන්නෙ ඔබා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් උඩු රැවුල මගේ අනන්‍යතාවය වෙලා..ඇයි කුමාරයා.අපේ සුමිත් සහෝදරයා.නාකියා මූන පුරා රැවුල වවලා..තව හිටිය..පොශ් රැවුලො ටිකක්..බලන්න ෆොටෝ..

      Delete
  37. කට්ටියගේ නම් ගම් එක්කම ෆොටෝ ටිකක් බ්ලොග් එකේම දැම්මනම් තමයි හොඳ...

    කොහෙද ඉතින් අපි තාමත් ලංකාවට ආවේ නැහැනේ
    ලබන පාර වෙද්දී ලංකාවේ ඉන්න නිසා අවුලක් නැතුව එන්න පුළුවන් වේවි...
    (ජිවත් වෙලා හිටියොත්)

    ReplyDelete
    Replies
    1. පුලුවන් ඒත් හැමෝම තමන් ව නියම නම් වලින් එලියට යනවට කැමතිද මන්දා.. එන්න මූනු පොතට..එතනින් ගන්න පුලුවන්..

      Delete
  38. ඊගාව පාරවත් බලමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඊළඟ සැරේ හම්බ වෙමු..

      Delete
  39. මම මේක කවියක් විදියට කියන්න හෙන ට්‍රයි එකක් දුන්න බැරිම තැන නිකම්ම කියල දැම්මා.

    ඊළඟ සැරේවත් බලමු..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඊළඟ සැරේ හම්බ වෙමු..

      Delete
  40. කරුමේ කරුමේ. මේ පාර එකෙත් මයෙ මූණ නෑ. කොහෙද මේ ළමයි බමයි එක්ක ආවම හැන්දෑවෙන්න කලින් ගෙවල්වල ගාල් වෙන්න එපැයි බං අයියෙ. අම්මප අයිය දැක්කෙ නෑනෙව පැත්ත පලාතෙ. හැංගිලාවද්ද උන්නෙ ඈ.. ලෝකයාට මූණ දෙන්න බැරුව වත් ?

    ReplyDelete
    Replies
    1. නවම් මල්ලි චූටි මැණිකෙ අඳුන්වලා දුන්නෙ මතක නැද්ද? දැන් මූනු පොතෙ Part II සෙට් එක බලන්න..ඈතින් හිටියට මන් නවම්ව දැක්කෙ නැද්ද කියලා...

      Delete
  41. ඕන ඔට්ටුවක් වෙනී අයියගේ ෆොටෝ වල මම නෑ.:)

    ReplyDelete
    Replies
    1. කසුන් ආව නම් මගේ ෆොටෝ වල ඇති අනිවා.. ඉන්න තැනකින් ටැග් කරන්න මල්ලි.. මන් බලන්නම් අනිත් ෆොටෝ වල..

      Delete
    2. :) මට එන්න වුනේ නෑ අයියේ...:(

      Delete
  42. වෙනි අයියා මගේ නයිස් පොටෝ එකක් ගත්තට ඒක දාලා නෑ නේ.. අයියෝ කතා කළේ නෑ කියලා කිසි ම තරහක් නෑ.. ලබන පාර කතා කරමු. අනිත් එක, අයියා කැමරාව ගෙනාවේ නැත්නම් අද අපි ඒ දවස ගැන අවදි කරන මතකයන් බොහොමයක් අවදි නොවෙන්න ඉඩ තිබුණා..

    ReplyDelete
    Replies
    1. ඒක දැම්මා මල්ලි බලන්න තුන්වෙනි ෆොටෝ සෙට් එකේ තියෙනවා..ඔව් ඔව් ට්‍රිප් එකක් යන්න කතා වෙනවා ඇහුනා..ඒකෙදි සෙට් වෙමු..

      Delete
    2. එල නේ.. මටත් හිතුණා ට්‍රිප් එකක් යන්න තියෙනවා නම් එල කියල.. අනිවා.. අර ෆොටෝ එක තිබුනේ නෑ අයියේ.. :-(

      Delete
  43. කියලා වැඩක් නෑ වෙනි අයියේ.... ඒ ගත කරපු පැය කීපය නම් ලොවෙත් නෑ..... බොහෝම සතුටුයි..... අවුරුද්දටම ඇති.....

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා...!!! කියන්න වදන් නෑ.. ගොඩයා මල්ලි.. ඕනයා නිසා අපි තව ටික වෙලාවක් හිටියා..

      Delete
  44. මාව ඉතිං අදුරන්නෙ නෑනෙ..:( ඉතිං මම කතා කලේ නෑ..

    ReplyDelete
    Replies
    1. හරි නරකයි..හැබැයි ඔයාව හඳුන්වලා දෙද්දි නම් ඒ හරියක මන් හිටියා..ඊළඟ සැරේ කතා කරන්න ඇවිත් හොඳේ..

      Delete
  45. වෙනි අයියා ෆොටෝ ටික නම් සුපිරි ..!! මට වෙනි අයියා හම්බුනේ ඔක්කම ඉවර කරලා ආපහු එනකොට ..!! මම ජේ.ඩි , පිසාච්යා... (මතකද දන්නේ නැහැ )..!!

    ReplyDelete
    Replies
    1. මූනු පොතේ ඉන්නවනම් ෆොටෝ එකක් ටැග් කරන්න මල්ලි.. මට මතක් වෙයි..එදාම අඳුර ගත්ත ගොඩාක් අය අතරෙ මල්ලි ඇති අනිවා..

      Delete
  46. ඔයාලා අපිව දැකලා නොදැක්කා වගේ උන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඩිලා මගෙ කට අවුස්ස ගන්න නම් එපා.. ෆොටෝත් එක්කම දමනවා.. අපි ඉතින් දෙන්නටම සහායක් වශයෙන් වෙනදා වගේ තොරතෝංචියක් නැතුව කතා කලේ නම් නෑ..

      Delete
  47. හදුනගන්න ලැබුනට බොහොම සන්තෝසයි වෙනී අයියේ... මමනම් අයියත් එක්ක කතා කළා.... ආයෙත් දවසක හමුවෙමු...

    http://pradeepot.blogspot.com/2012/04/blog-post_23.html#comment-form

    ReplyDelete
  48. ඔව් මල්ලි ඔයාලා සංවිධාන වැඩ අස්සෙ සෑහෙන්න බිසි නිසාම කතා කරන්න බැරි උනා..

    ReplyDelete
  49. මමනං තරහයි.. කතා කරේ නෑ ඩෝ මාත් එක්ක... :D :D :D

    ReplyDelete
  50. අඬු හතර කඩාගෙන එන්න බැරි උනා නේ මට. ශිහ්.. එන්නම හිටිය එක මිස් උනේ දවස් දෙක තියල.

    ReplyDelete