ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, January 8, 2012

ඒක අහවරයි ! දැන් මක්කැයි කොරන්නෙ ?

ලෝකයේම සිටින ජීවීන් අතරින් මිනිසා අපූර්වතම සත්වයකු වන්නේ විවිධාකාර හේතු ගණනාවක්ම නිසාය . ඒවා පෙලගැස්වුවහොත් අනිකුත් ජීවින්ගෙන් මිනිසා වෙනස් වන්නේ කෙසේද යන්න අපට මනාව පැහැදිලි වේ. මෙම ගුණාංග අතුරින් එක සුවිශේෂී  ලක්ෂණයක් වන්නේ මිනිසාට සිනා සීමට හැකි වීමයි. හිතවත්කම පෙන්වීමට මෙය මූලික වශයෙන්ම යොදා ගන්නා උපක්‍රමයකි. අප ලංකාවේ මිනිසුන් නම් ඕනෑම නොදන්නා අයකු හමු වූවද කිසිම වෙනත් ප්‍රතිලාභ නොතකා සිනාවකින් සංග්‍රහ කිරීමට පැකිලෙන්නේ නැත. එය ලොව පුරාම ප්‍රසිද්ධ රහසකි. නමුත් වර්තමානයේ නම් මෙම වටිනා හැසිරීම යම් වෙනස්වීමකට භාජනය වන්නේද යන්න පිළිබඳ යම් සැකයක් පවතී. අප කුඩාවුන් වූ ඒ කාලයේ අපිට හොඳ හැටි මතක සිද්ධියක් වූයේ අපගේ වැඩිහිටියන් තුල වූ මේ අව්‍යාජ සිනහවයි. ගම් වලට පොදු හර පද්ධතීන් තුල තිබූ එක සුවිශේෂී ගුණාංගයක් වූ එකිනෙකා හා ඇති ලෙංගතුකම පෙන්වන ඉතා ඉහල අගයක් ගත් එක් අවියක් වූයේ සිනහවයි. 


"ආ අක්කෙ නානවද ?"


දිය රෙද්දක් ඇඳ තෙත බරිත ව සිටින ගමන් ඊළඟ වතුර බාල්දිය අදින වැඩිහිටි අක්කලාගෙන් අපි සිනහා මුසු මුහුණින් ඇසීමු. ඇස් පොට්ට වෙලාද මන්දා මෙච්චර නානවා පෙනි පෙනී නානවද අහන්නෙ කියා ඔවුන් කිසිදින අපෙන් ඇසුවේ නැත. 


සිනහමුසු මුහුණින්


 "ඔව් මල්ලි, නාන්නද ආවේ ?"


යන්න ඇසුවේ තුවායක් කරේ දමාගෙන බාල්දියක රෙදි පුරවා ගෙන සිටි අප දෙස බලමිනි. ඊට පසු යම් දෙයක් දෙඩූවද නැතුවද අප දෙපිරිස අතර යම් සුහද මිත්‍රශීලී සමාගමයක් හුවමාරු වීමට එම කුඩා දෙබස ප්‍රමාණවත්ය. නමුත් පසු කාලීනව මාධ්‍ය හරහා මෙය ප්‍රබල ලෙස හාස්‍යට ලක් කර අද දින නම් මෙවන් මෝඩ ප්‍රශ්ණයක් අසනවා තබා සිතීමටවත් ඉඩ නොතබයි. අද දින මෙසේ මල්ලක් රැගෙන කඩේ යන අයකු දැක ඔහුගෙන් 


"ආ කඩේ යනවාද?"


 යන්න ඇසුවහොත් ලැබෙන පිළිතුර වන්නේ 


"නෑ මේ පීනන්න යනවා "


 යනුවෙන් කොක් හඬලා සිනහා සීමයි.ඊ ළඟ දිනයේ මෙය සිතේ තබා ගන්නා අර ඉහත කී පුද්ගලයා නැවත එම ප්‍රශ්ණය කිසිදා නොඅසනු ඇත. ඒ වෙනුවට ඔහුට කතා කිරීමට කිසිවක් නැත. තමන්ගේම සහෝදරයෙක් වන් අයකු මුණ ගැසුනත් බුම්මා ගෙන යනු විනා කතා කිරීමට කිසිවක් නැත. මෙයින් බිඳී ගියේ අපේ වටිනා සාර ධර්මයක් නොවේද ? එකිනෙකාගේම ලෝක වල තනිවූ හුදකලා මිනිස් සමාජයක්  ගොඩ නැගෙමින් පවතී කියූවහොත් එය සම්පූර්ණයෙන්ම වැරදි නොවේ. වර්තමානයේ ගම් වල මේ තත්වය තරමක් වෙනස් වූවත් නගර වල මේ තත්වය ශෝචනීය බව මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම ප්‍රචාරය වන ප්‍රවෘත්ති තුලින් අපට අවබෝධ කර ගත හැක. 


තත්වය කෙසේ වෙතත් මිනිසාගේ මූලික ආශාවක් වූ රංචුවක් ලෙස ජීවත් වීමේ ආශාව කිසිවිටෙකත් වෙනස් කල නොහැක. අප කුමන වාතාවරන වල, කුමන තත්වයන්ගෙන් සිටියත් කුමන වයස් කාණ්ඩවල සිටියත් අප වඩාත් කැමැත්තේ අළුතින් නොදන්නා අයකු දැන ගැනීමට නොවේද ?  වැඩිම යහළුවන් ගනනාවක් සිටින තැනැත්තා වඩාත් සතුටින් සිටින්නේ යන්න මගේ පුද්ගලික මතය වූවත් එයට බොහෝ අයෙක් එකඟ වනු ඇත. අයකුගේ වටිනාම වස්තුව කුමක්ද යන්නට මා නම් දෙන පිළිතුර වන්නේ ඔහුට සිටින යහළුවන් පිරිස යන්නයි ! එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහන්නේ යම් පරමාර්ථයක් ඇතිවය... එය ඔවුන්ට සතුට ගෙන දෙනු නියතය..


මෙය බ්ලොග් ලෝකයට, සිංහල බ්ලොග් ලෝකයටද වෙනසක් නැතැයි මට සිතේ.


ලියන දෙය කෙතරම් නීරස වූවත් , නොවටිනා වූවත්, එය තමන්ගේ ජීවිතයේ යම් සුළු සිද්ධියක් වූවත් එය ලිවීමට ගන්නා උත්සාහය කැමැත්ත, පෙළඹීම අනිවාර්‍යෙන්ම අගය කල යුතුමය. අද මෙසේ ලිවීමට පටන් ගන්නා කුඩා අංකුරය කොතරම් දුර ගොස් කොතරම් පතාක ගසක් වනුදැයි කීමට කිසිවකුත් නොදනී. අප පොහොර සහ වතුර දමා බැලිය යුතුමය. මෙය සිංහල සයිබර් අවකාශයට මුදා හරින සියළුම සිංහල බ්ලොග් කරුවන්ට අදාල නොවන්නේද යන්න මගේ සිත තුල දැවෙන ප්‍රශ්ණයකි. මගේ පුද්ගලික මතය නම් කුඩා වූවද නිර්මාණය ඇගයීමකට ලක් කලයුතුයි යන්නයි. 


නමුත් අද කනගාටුවට කරුණක් ලෙසින් බොහෝ අවස්ථාවල ඇස ගැටෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙයයි ! 


කෙසේ වෙතත් පසු ගිය කාලයේම සිංහල බ්ලොග් ලියන පිරිස් ගාල්ලේදී හමු විය යුතුයි යන අදහසත් සමඟම බොහෝ පිරිසක් එයට දායක වී , සංවිධානය කර හමුවක් ලෙස එකට එකතු වී සතුටින් විසිර ගිය මොහොතකයි අප මේ පසු වන්නේ.. මේ ඵල ගැනුනේ සංවිධායකයන් ලෙස ප්‍රමුඛ පෙල ගෙන ක්‍රියා කල කිහිප දෙනකුට අන් සියල්ලම එකඟ වීමයි. මෙහිදී සියල්ලන්ම බ්ලොග් ලියන බව දන දැන වූවද ,


"ඔයා බ්ලොග් එකක් ලියනවද ?"


යන ප්‍රශ්නයට සිනහ මුසු පිළිතුරක් ලෙස ලැබුනේ ,


"ඔව්, ඔව්, අර බ්ලොග් එක ලියන්නේ මන්"


යන්නයි. මෙතන ගොඩ නැගුනේ අපෙන් විටෙක ගිලිහී ගිය සහෝදරත්වයේ සළකුන නොවේද ? ලෙංගතුකම නොවේද ? එකිනෙකා හැඳින ගනිමින් සිනහා නගමින්, කෙලි දෙලෙන් හා ප්‍රීතියෙන් ගත කල ඒ සීමිත වූ කාල සීමාව කෙතරම් ප්‍රබලද යන්න දැනෙන්නේ මේ දැන් නොවේ.. හෙටයි...අනිද්දායි ! ලබන මාසයේයි ! එසේ නොවේද ? 


ෆොටෝ එක ඉස්සුවෙ අභීතගෙ ඇල්බම් එකකිනි. අවසර ලබා ගෙන නොමැත. 


ඒ ලෙංගතු හිනාවත් සමඟ නැවතත් ඒ හෙට, අනිද්දා, ලබන මාසයේ අපි හමු වෙමු මීටත් වඩා උඩ පැන පැන හිනා වෙන්නට ! හිනා වෙමින් යම් ලොකු අරමුණක් ඉටු කර ගන්නට ! 

59 comments:

  1. කට්ටියම සංතෝස වෙන්න ආඑති කියල හිතනවා,,,කට්ටියව හම්බවෙන්න ආසවෙන් ඉන්නේ මාත්!

    ReplyDelete
  2. ඔක්කොම හරි කියමුකො . . . අර ගෑනු නාන අස්සෙ රිංගුවෙ අහවල් එකකටද ???

    ReplyDelete
  3. මොනවා වෙලා හරි වැඩේ නැගලා ගියා නම් එච්චරයි....ජය !!!!

    ReplyDelete
  4. කාලෙක ඉදන් මමත් මේ සේරමවම ආශ්‍රය කරනවා,,තාම එක්කෙනෙක්වත් හැබැහින් මුන ගැහෙන්න බැරි උනා,,,මේ පොටෝ දකිද්දී දැනෙන සතුට, ඉක්මනින්ම හමු වෙමු

    ReplyDelete
  5. ඉක්මනින්ම මමත් එන්නම්කෝ

    ReplyDelete
  6. කට්ටිය ගොඩාක් සතු‍ටු වෙලා තියන බව පේනවා. පින්තූර බැලුවම.

    ReplyDelete
  7. එන්න හිටියට එන්න උනේ නෑ නෙව.
    කට්ටියම සෑහෙන්න සතුටු වෙලා තියෙන පාටයි.
    ලියනමහත්තයාත් බීවෙයි ?

    ReplyDelete
  8. ඔව් ඔව් අපි සතුටු උනා ගොඩක්.තව ටිකක් පින්තුර දාන්න තිබ්බෙ අය්යෙ.මෙයාලට ඉරිසිය හිතෙන්නත් එක්ක

    ReplyDelete
  9. පට්ට සේනාවක් ගිහිල්ල නොවැ.. දැන් තමයි දුක..

    බ්ලොග් වල කමෙන්ටු වල නම දැක්කත්, අසරණයාගේ පෝස්ටුවක උබේ කැරැක්ටුව ගැන තිබ්බ බොල ඒකයි බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. ජය...

    ReplyDelete
  10. වෙනි අයියේ ඇත්තටම කොච්චර ප්‍රබල සම්බන්ධයක් බිහිවෙනවද භෞතිකව පුද්ගලයන් එකට මුණ ගැහුණු විට. එය වෙනත් කිසිම මාර්ගයකින් ඇතිකල නොහැක්කක්.එය සිංහල බ්ලොග්කරුවන් භාවිතාමය වශයෙන් කීපවතාවක් ඔප්පු කලා.වාද භේද නොමැතිව එක්වුණු මේ අවස්ථාවත් එයට කදිම නිදසුනක්..

    ReplyDelete
  11. මෙහෙම ෆන් එකෙක් නම් ගත්තාමයි නැද්ද වෙනී අයියේ? මගේ උගුරුත් රිදෙනවා බස් එකේ සිංදු කියලා :D ;)

    ReplyDelete
  12. පිස්සුම කොරයි!!
    මැක්සා ෆන් එකක් ගත්තා!!
    ගොඩාක් අය අදුන ගත්තා... නියමායි!

    ReplyDelete
  13. කොහොම උනත් සිර ෆන් එකක් ගත්ත සිර දවසක් අයියේ

    ReplyDelete
  14. ආතල් එක කොච්චරද කියලා දන්නෝ දනිති..හික්..අප්පේ මගදිගට සැප කොටීයයි..

    ReplyDelete
  15. සහතික ඇත්ත කතාවක් සහෝ...
    අපේ අතින් ගොඩක් සාරධර්ම ගිලිහෙමින් පවතින කාලයක් මේක
    මේ පාර බැරි උනාට ඊළඟ වතාවක එන්නම් මේ වගේ එක්කාසුවෙලා පොඩි විනෝදයක් ලබල යන්න...
    ගෙට්ටුව ගැන මීට වඩා විස්තර තිබ්බනම් ගොඩක් හොඳයි

    ReplyDelete
  16. ඕනයා කියන්නා සේ "ගෑනු නාන අස්සෙ රිංගුවෙ අහවල් එකකටද"

    උඩ තට්ටුවකට වෙලා බලං හිටියනම් ඉවරයිනේ.....

    ReplyDelete
  17. හොදයි. මාත් සෙට්වෙන්න ට්‍රයි කරනව. පිංතූරෙ සූම් කරන්න බෑනෙ.

    ReplyDelete
  18. වෙනි අය්ය කියන කතාව ඇත්ත...මමත් මේ කොළඹ ආවට පස්සෙ කෙනෙක් එක්ක දැක්ක පලියට කතාකරන්න බයයි..අනික සමාර අයට ඒ අය මතක නෑ කිව්වම තරහත් යනව..මගේ ජීවිතේට මට හමුවුනු ගොඩක් අය මතක හිටිනව අඩුයි..මෙමරියෙ මනුස්ස රූප හඳුනාගැන්මේ අයි ෂී එකේ අවුලක්...ඉතින් සමාරු ආ මාව දන්නව නේ කියන්න බලන්න මං කවුද ??කියල ඇහුවට මට මතක නැ... මතක තියාගන්න ඒ තරම් ලොකු කෙහෙම්මල් නැති උනාට නම් ගම් පින්තූර මනුස්ස රුප මතක තියනව අඩුයි...කොටිම්ම ගෑල්ලමයි පවා අමතක වෙනවා...දවසක් ගෑල්ලමයෙක් කතා කරල මතක නැද්ද අපි ඉස්සර කිව්ව..ඒත් මට මතක නෑ..මං ලිස්ට් එකක්ම කියාගෙන ගියා මෙයාද මෙයාද කියල අහ අහ..හා නෑ මල්ලි මේ මං......අක්ක කෙනෙක් කිව්ව..අම්මෝ මට ආව සන්තෝසෙ..

    ReplyDelete
  19. පට්ට සෙට් එකක් එකතු වෙලානෙ...

    ඕනෙ අයිය ඇහුව වගේ ගෑණු නාන තැන් වල රිංගන්න ගියෙ මොකෝ?....

    ReplyDelete
  20. ලියන්න ලිවිල්ලක් ලියල තියෙනවා... :D
    හදුනා ගැනීමට ලැබීම සතුටක්..!

    @ජනරංගන අයියා: මොකක්ද බොල ඔය දාල තියෙන කොමෙන්‍ටුව. මෙලෝ ඇටයක් තේරුන් නෑ..!

    ReplyDelete
  21. අයියෝ.. මට එන්න බැරි වුනානේ.. ඊලග නිවාඩුවට අවහමත් බලමු..

    ReplyDelete
  22. පොටෝ දැක්කා...බොහොම සන්තෝසයි.....
    වෙනිඅයියෙ...උඹගෙ පොටෝ තියෙන්නෙ බොහොම අඩුවෙන්....මොකද කේස් එක..වැඩිවුනාද

    ReplyDelete
  23. ඔක්කොම හරි මොකද්ද අර බනියා පොතක් ඇතුලේ දාපු ලියුමක් ගැන කියලා තියෙන්නේ...

    ReplyDelete
  24. @යසයා:
    උඹට පුලුවංනං ජනරංගනගෙ සම්පූර්න නම එකපාර කියෝපං . . .

    ReplyDelete
  25. වෙනි අයියාව අදුනගන්න ලැබීම ගොඩාක් සතුටුයි.. මගේ කැමරා කාචයේ ඔයාගේ පින්තුරත් තියෙනවා ඔන්..
    ඊයේ දවස ගොඩාක් සුන්දර දවසක් :)))

    ReplyDelete
  26. වෙනි අයියා ඊයේ සෙට් උනාට කතා කරන්න නම් බැරි උනා. සයිබර් සැණකෙළියේදී වත් ආයෙත් සෙට් වෙමු.

    ReplyDelete
  27. අපිට ඊරිසියාවයි කමක් නෑ නේද?

    ReplyDelete
  28. ආ නාන්න යනවද?
    නෑ මං මේ නාන්න යනවා.
    ආ මං හිතුවෙ නාන්න යනවා කියලා.

    ගියමාසෙ ඔය තරම්ම සේනාවක් නැතත් පොඩී එකමුතුවක් තිබ්බාලු ටවුන් හෝල් එක අවට. දෙන්නෙක් රතු ලයිට් එකක් හරහා ගිහින් පොලීසියටත් මාට්‍ටු වුනා කියලා පත්තරේ දාලා තිබ්බෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හපෝයි ඒක උනේ බොලාට අත වනන්න ගිහිල්ල නෙව, ඔය දෙවෙනි දවස කලර් ලයිට්ස් අමතක වෙච්ච. ඒ දෙදොහෙම මාළුවෙක් උන්න පිටිපස්සෙ සීට් එකේ. තව එක පාරක් හරි ඔහොම විනාසයක් උනොත් මම තීරණයක් අරගෙන ඉන්නෙ ඌව දාගෙන නොයන්න.

      Delete
  29. ඇත්තටමම මාර විදියට විනෝද වුනා... ගොඩක් යාළුවෝ අඳුන් ගත්තා...

    ReplyDelete
  30. මමත් මෙවැනි අවස්තාවක් ලැබෙනකන් බලාගෙන ඉන්නවා ඊළග ගෙට්ටුවේදි අනිවාර්යෙන් හමුවෙමු

    ReplyDelete
  31. මං මේ හොඳම කොමෙන්ටුව ගැන සම්මානය ඕනයට දෙන්න යනකොට ඒකට තාරක ඩිල්ෂාන් කෙලියනේ...

    ReplyDelete
  32. පින්තූර දැක්කාම පට්ට සංතෝසයි බන් . . .

    බලමු ඊලඟ සැරේ සෙට් වීමකට හරි සෙට් වෙන්න.

    ReplyDelete
  33. දැක්කමනම් ඉරිසියත් හිතෙනවා.අපිට එන්න බැරි උනත් ඔයාල ඒකතුවෙලා,හිතවත් කම් සහෝදර කම් බෙදා ගත්ත එක ගැන ගොඩක් සතුටුයි..

    අනිත් කාරනේ ලංකාවේ තමා හිතවත් කම් පිරුන මිනිස්සු ඉන්නේ කියන එක..ඒත් එකට මම එකඟ නෑ..ඉන්නවා තමා.

    ඒත් ඔයා දැකලා තියෙනවද ලිෆ්ට් එකකට ගොඩවෙන්න ඉන්න කෙනෙක්ට එකෙන් එලියට එන කෙනෙක් අපේ රටේ ඒ වෙලාවට ගැලපෙන විදියට සුභ පතනවා..(කවදාවත් නොදැකපු අයට )..සුභ දවසක් හෝ ඒ සමාන දෙයක් කියල..

    ඒත් අපි ඉන්න මේ රටවල අය එහෙම කරනවා විතරක් නෙමෙයි..ලිෆ්ට් එක තුලදී මුනගැහුනොත් දවසේ කාලගුනය ගැන හරි කියනවා..

    අපේ රටේ අයනම් අනිකාගේ මූනවත් බලන්නෙ නෑ නේ..තරහ කාරයෝ වගේ යන්නේ එලියට එනකන්..

    ReplyDelete
  34. දැන් ඉතින් ඔයා පින්තූරේ කීවෙනියටද ඉන්නේ? කියන්ටකෝ මූනවත් බලාගන්ට...:D

    ඊරිසියාවයි කියලා ඉතින් මොනවා කරන්ටද? නේද?

    ReplyDelete
  35. කොච්චර සන්තොසද ගිය අයට... කොච්චර ඊරිසිය හිතෙනවද ඉතින් අපිට..

    ReplyDelete
  36. ලබන පාරවත් බලමු ඉතිං..

    ReplyDelete
  37. මොනවා කරන්නද මම පූරුවෙ කල පවට .... ඊලග එකට එනවා අනිවාර්යයෙන්..........

    ReplyDelete
  38. කතාව සහතික ඇත්ත බං අයියෙ. මීට අවුරුදු අටකට කලින්, ඒ කියන්නෙ කොළඹට එන්න කලිං ගාල්ලෙ, මාතර උන්නකාලෙ හිටි එකාට වඩා දැං ඉන්න එකා මිනිස්සුත් එක්ක කතාකරන්න හිනාවෙන්න කලින් දෙපරක් හිතනව. ඒ වෙන දෙයකට නෙමෙයි අනිත් පාර්ශවයෙන් එන ප්‍රතිචාරය මොනවගේ එකෙක් වෙයි ද කියන දෙගිඩියාව නිසා. ඒත් බ්ලොග් ලියන සුන්දර මිනිස්සු [මට මුණගැහිච්ච සුළුතරය] එහම නෑ කියල ටික ටික ඔප්පුවෙමින් යන කාලයක් මේක.

    ReplyDelete
  39. පෝස්ට් එක පට්ටය... ගෙට් එකත් පට්ටය... ඒකට මට එන්න බැරි වීම පජාතය... ලංකාවෙ උන්නා නම් අනිවා එනවාය. බොල ගත්තු ෆන් එක දවස් 2ක් තිස්සෙ දැකල දැකල මට දැන් ඉරිසියාය.

    ReplyDelete
  40. කට්ටිය බෝම සන්තෝසෙන් ටුවර් එක ගිහිල්ලා ඇවිල්ලා වාගේ . අපිට ඉතින් එන්ඩ බැරුවා නේ .. කමක් නෑ ඔය පින්තූර බලලා අපිටත් ටිකක් සතුටු හිතුනා

    ReplyDelete
  41. ගාල්ලෙ ට්‍රිප් එක ගැන මින් මතුවට පල වෙන පෝස්ට් නොකියවන්නට තීරණය කලෙමි. [පැහැදිලි ඊරිසියාව නිසා]

    ReplyDelete
  42. @සාබිත් - අනිවාර්යෙන්ම අපිත් කැමති ඔබව මුණ ගැහෙන්න. අපි හමුවෙමු නැවත දවසක ! සතුටින්,
    @ඕනයා - මනුස්සකමට මල්ලි, මනුස්සකමට !
    @බස්සා - ඔව් ගන්න ඕනි ෆන් එක ගත්තා හැමෝම, එකිනෙකා අඳුරා ගත්තා !
    @ ඩිලා - අනිවා ඩිලා වැඩි කලක් නොගිහින්ම හමු වෙමු නේද !
    @ගිම්හානි - ඔව් ඔව් මූණු පොත දුටුවා නේද ?

    ReplyDelete
  43. @මදුරංග - මා ඔබට මීට පෙර පෝස්ට් එකේ දුන් පිළිතුර කරුණාකර කියවන්න ! මෙන්න එය නැවතත්, " @මධුරංග - ඒ පැතුම එහෙමම ඉටු කරන්නම් ! එක්කො අයියෙ කියහන් නැත්නම් මාමෙ කියහන් ඔය "මහත්තැන්" කෑලි එපා බන්z..ඒ ආමන්ත්‍රණයම උඹයි මාවයි සෑහෙන්න ඈත් කරනවා වගේ මට දැනෙනවා !ඔෆිස් එකේ මයිනර් ස්ටාෆ් එකට කියලා තියෙන්නෙත් මට "සර්" කියන්න එපා කියලා.. මන් ඒ ගොල්ලන්ට කතා කරන්නෙත් අයියෙ, අක්කෙ, නංගි, මල්ලි කියලයි ! ඒක ටිකක් ලෙංගතුයි නේද ? "

    ReplyDelete
  44. @ හිම හංසි - ඔව් ඔව් මූනු පොතේ ෆොටෝ තියෙන නිසා මම එක ෆොටෝ එකයි දැම්මෙ !
    @සෑම්ශ්‍රී - ස්තූතියි මමත් දැක්කා ! බොහෝම සතුටු වුන අවස්ථාවක් තමයි ඒක
    @ජනරංග - සහසුද්දෙන්ම ඒක තමයි ඔතන කතාව ! මෙය ආරම්භයක් පමණයි !
    @පුසා - සම්ම්පූර්ණ ඇත්ත.. දැන් නම් දුකයි, ඒ දවස ඉවර වෙච්ච එක ගැන
    @මහිම - අනිවාර්යෙන්ම මහිම, මට දුක දෙවැනි බස් එකේ ආපු අය එක්ක හරි හමන් විදියට කතා කරන්න බැරි වීම !

    ReplyDelete
  45. ජීවිතේටම අමතක නොවන ගොඩක්ම ලස්සන දවසක්.......

    ReplyDelete
  46. @රාජ් - කොයිතරම් කාලයක් ගියත් අමතක වෙන්නෙ නෑ ගත්ත ෆන් එක !
    @ලොකු පුතා - අනිවා හම්බ වෙමු ! අනිත් හැම බ්ලොගයේම සහ මූනු පොතේ විස්තර ෆොටෝ තියෙන නිසා මම මේ විදියට හිතුවා !
    @ තාරක - මල්ලියෙ උඹෙ කටේ මසුරමක් දමන්න වටිනවා මේ මතක් කිරිල්ලට නම්.. මටත් කට උත්තර නැතුව හිටි වෙලාවක ! හුහ් දීපන්කො ඕනයා එහෙනම් උත්තර ?
    @රාජ් - අනිත් බ්ලොග් වලයි, මූනු පොතෙයි තියෙනවා ඇති තරම් ෆොටෝ සහ විස්තර..ඒ නිසයි මන් පොඩි ෆොටෝ එකක් විතරක් දැම්මෙ !

    ReplyDelete
  47. @අමිල - මටත් ඒක වෙනවා..නගරෙ ඉන්න පිරිස වැඩී..විවිධයි හැම විටම අළුත් මූනු අතරෙ පරණ මූනු මටත් පටලැවෙනවා තමයි.. ඒක සාමාන්‍ය දෙයක් !
    @සාතන් - ඔව් ඔව්.. අන්න මූනු පොතේ මන් ශෙයාර් කරපු ෆොටෝ ටික බලන්නකො
    @යසයා - ඔව් ඔව් මටත් සහ අපිටත් ඔබ වැනිම ගොඩාක් අය හඳුනා ගැනීමට ලැබීම හරිම සතුටක් ! දැන් අපි එකට ඉදිරියට යමු !
    @අසරණයා - ඔව් ඔව් අපි ඊළඟ සැරේ අනිවා හම්බ වෙමු !

    ReplyDelete
  48. @ලකී - කැමරා ගොඩක් තිබ්බ නිසා මගෙ කැමරාව එලියට ගත්තෙ නෑ..ඔය පොඩි මඩ ශොට් 2-3ක් ගත්තා. ආන්න දැන් මූනුපොත අප්ඩේට් වෙලා ෆොටෝ වලින් වැහි වැහැලා..මඩ දෝරෙ යනවා..
    @දිනේශ් - ඒක ඇත්ත...එහෙම සීන්කෝන් එකක් වුනා තමයි !හික්ස් !
    @වර්ණා - ඔව් ඔව් මන් ඒක ඩවුන්ලෝඩ් කර ගත්තා..මට සහ අපිටත් හරිම සතුටුයි..ඒත් අපි පාටිය උදෙන්ම පටන් ගත්ත නිසාම සහ තව ගොඩක් අය එක්ක කතා කරන්න තිබුන නිසා කාලය සීමිත වුනා .. ඒත් ආරම්භයක් විදියට ඒ හමුව සෑහෙන වටිනවා.. මම කියවලා තියෙන බ්ලොග් වල නිර්මාන ශිල්පින් ශිපිනියන් හම්බ වෙන්න පුළුවන් වුනා.

    ReplyDelete
  49. @රෙප් මහත්තයා - ඔව් ඔව් ආරම්භය විදියට දැක බලා ගත්ත එක හොඳයි. අපිට අවුරුදු උත්සවේදි නම් මීට වඩා කාලය තියෙයි කතා බහ කරන්න !
    @වින්චැට් කිරිල්ලි - එනවා කිය කියා හිටියා වගේ මතකයි..එහෙනම් ඊළඟ හමුවට එන්න අනිවාර්යෙන්ම !
    @ඩූඩ් - හෙන් රි සිරාවටම එහෙම දෙයක් වුනාද ? මන් කීවෙ පොලිසියට අහු වෙච්ච එක ? ඒ හමුවත් සෑහෙන වටිනවා.. ගෝල්ඩ්ලීෆ්...ආ වැරදුනා ගෝල්ඩ්ෆිශ් ආවා..
    @ ගැමියා - අනිවා හම්බ වෙමු ! හරිම සතුටුයි හම්බ වෙන්න !

    ReplyDelete
  50. @ මාරයා - ඒක නම් තාරක ලෙසටම කියලා තියෙනවා.. මටත් අමතක වෙලාම තිබ්බ එකක් ඔය !
    @දුකා - ඔව් ඔව්.. මේ සැරේ හම්බ වුන සීමිත කාලය වුනත් එල නේද ? ඊළඟ සැරේ හමු වෙමු !
    @පුංචි කුමාරිහාමි - ඒකයි මම අතීතයෙ ගම සහ වර්තමානයේ ගම සහ නගරයේ තත්වය සංසන්දනය කලේ !
    @පොකු - හැබෑටම ඔබ නෙවෙයිද පො.කු ලෙස මගේ මූනු පොතේ ඉන්නෙ.. බලන්න ශෙයාර් කරපු ෆොටෝ වල මන් ඉන්නව !

    ReplyDelete
  51. @සරත් - ඔබ ලංකාවෙ නේද ඉන්නෙ ? අපරාදෙ එන්න තිබ්බා නෙ !
    @නිසුපා - ඔව් ඔව් අවුරුදු උත්සවේ ට එන්න !
    @සම්මානි - අපිත් ඔන්න බලා ඉන්නවා ඔයා එනකම් ඊළඟ සැරේ
    @ නවම් - සම්පූර්ණ ඇත්ත .. ඒ කතාව් නම් !
    @පිස්සා - ඔය ඉරිසියාව අත ඇරලා ආපුවහම අපි හම්බ වෙමු !
    @හිස් අහස - සඳරූ ඊළඟ එකට එන්න .. හැමෝම කැමති වෙයි නේද සඳරූව හම්බ වෙන්න !

    ReplyDelete
  52. @ඔබ්සර්වර් අයියා - ඉවසන් ඉන්නකො අයියෙ අප්‍රේල් වෙනකන්.. එතකොට සෙට් වෙමු !
    @සඳකිඳුරා - හරියටම හරි ජීවිතේටම අමතක නොවේ ! කොයිතරම් නම් සොඳුරුද ?

    ReplyDelete
  53. ඔයා බ්ලොග් එකක් ලියනවද ?කියලා අහන්නවත් දැක්කේ නැද්ද මන්දා.. මොකෝ ලාස්ට් ඉන්..ෆස්ට් අවුට් වුණා නේ.. :D

    ReplyDelete
  54. වෙනි අයියත් එක්ක කතා කරන්න මහ වෙලාවක් ලැබුන් නෑනේ අෆ්ෆා. අනික කතා කරන්නෙ කොහෙද මුහුදු හුළගටද කොහෙද එහෙ මෙහෙ වැනි වැනිනෙ උන්නේ.

    මොනවා උනත් නව බැදීම් ඇතිකරපු. බැදුනු බැදීම වැඩිකරපු ඒ දවසනම් පස්ටම පස්ටයි.
    අන්න මායි වෙනී අයියයි ඉන්න පොටෝ එකක් පැණිදොඩම් දාලා තියෙනවා.දැක්කද?

    ReplyDelete
  55. බලහං ඒ ෆොටෝ එකට ‘නාකියා‘ කියල දාන්න බැරුව මං ඉන්නෙ. ලොල්..

    ReplyDelete
  56. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  57. ඔන්න මමත් පරක්කු වෙලා ආවා,. ඇත්තටම සුන්දරයි ඒ දවස.. අර කිව්වත් වගේ එකිනෙක පාගගෙන ඉහළට යන සමාජෙක මේ වගේ සුන්දර මිනිස්සු ඉන්නවා නේද කියලා දෙනුනම හිතට දැනෙන්නේ පුදුම සන්තොසයක්,.

    ReplyDelete
  58. @චතුමිතු - ඔව් අපිට කතා කරන්න නම් බැරි වුනා.. තමයි, මේ ආරම්භය විතරයිනෙ.. නැවත හමුවෙමු
    @නාකියා - ඔව් ඔව් ආයිමත් හමු වෙමුකො.. අවුරුදු උත්සවේදි
    @පැණිදොඩම් - ඔව් ඔව් ඒක මට වදී කියලනෙ !
    @ප්‍රාර්ථනා - අනිවාර්යෙන්ම..

    ReplyDelete