ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, December 25, 2011

හාල් පොත වගේ ඔච්චරම තමයි...

ඔය හාල් පොත වගේ ඔච්චරම තමයි තීයෙන්නෙ කියන වදන් පෙළ අපි ඒ කාලෙ භවිතා කළේ මොනව හරි එකම එකක් තියෙන වෙලාවටයි. 70 දශකයේදි හාල් පොත ඒ වගේ එක් කෙනෙකුට එහෙම නැත්නම් එක පවුලකට තිබුණු එකම දෙයක් වුණා. හාල් සහ ආහාර හිඟ ඒ කාලෙ මේකියන කාඩ් එකට තමයි සමූපකාරයෙන් ඒ ද්‍රව්‍ය ලබා දුන්නෙ.


මන් කියන්න යන්නෙ නම් හාල් පොත ගැන නෙවෙයි. ඒ වගේ මටත් තියෙන එකම එක දෙයක් ගැනයි. මගේ කවි සහ නිසදැස් ලියන්න තියෙන හැකියාව බින්දුවයි. ඒ නිසාමදෝ කොහෙද පත්තරයක, පොතක, සඟරාවක දැන් නම් සයිබර් අවකාශයේ තියෙන කවි හෝ නිසදැස් දැක්ක ගමන්ම කියවනවා. කියවලා රස විඳලා එහෙම මට ලියන්න බැරි එක ගැන පොඩ්ඩක් දුක් වෙලා අත ඇරලා දමනවා. ඒ වුණාට එක දවසක මම එක සිද්ධියක් ගැන එකම එක නිසදැසක් ලිව්වා. ලියලා මගේ දිනපොතේ තියෙන්න ඇරියා කාලයක්ම. 


පහු කාලෙක මූණු පොතේ මම කියවන්න කියල එකතු වුණ රූ කියන ගෲප් එකට මම නිකමට වගේ මේ නිසදැස යැව්වා. නිසදැස ඒකෙ පල වුණත් මතකයෙ හැටියට ප්‍රතිචාර නම් ලැබුණෙ නැද්ද මන්දා. වෙනත් ලස්සන නිර්මාණ කියවනවා හැර මගේ මේ අසාර්ථක නිර්මාණයට මොකද වුණේ කියලා මන් හෙව්වෙ නෑ. පස්සෙදි මගේ ඊ මේල් එකට ලිපි එන්න ගත්තා මගේ මේ නිර්මාණය ඒ අය මුද්‍රණය කරන පොතට අර ගත්තා සහ ඒකට කැමැත්ත ඉල්ලලා. මුලින්ම උනන්දුවක් නොතිබ්බත්..අන්තිම මොහොතේ වගේ මන් ලිපියක් දැම්මා ඒකට කැමැත්ත පල කරලා. 
ඒ නිර්මාණය වුණේ මෙන්න මේකයි.


හැඳින ගැන්ම
නුඹ ළඟින් හිදි
මගේ හදවත ගැහෙන රාවය
මගේ හදවත හඬන රාවය
නො ඇසුණ - නො තෙරුන නුඹ
ගුවන අරා ගිය යාන්ත්‍රික හදවත
" ආන්න එම්.අයි. 24 ක් "
හඳුන ගත් අපූරුව !


මේ පද වැල ඇත්තටම "මුතු අහුර" කවි පොතේ පල වුණා. ඒක එළි දැක්වීමේ උළෙල තිබ්බෙ බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක් මැදුරෙදි පහුගිය සැප්තැම්බර් හරියටම අර පොත් ප්‍රදර්ශනය තියෙන කාලයේමයි.සතුටක් දැනුණා මොකද තමන්ට හාල් පොත වගේ තියෙන එකම නිසදැස ට එහෙම තැනක් ලැබෙන කොට.


පසු කාලයේ අපේ ඔෆිස් එකෙන් "ස" ප්‍රසංගය වෙනුවෙන් කරපු සමරු කලාපයට නිර්මාණය් ඉල්ලන වෙලාවෙදිත් මට දෙන්න එකක් තිබුණෙ නෑ..ඕන්න ඔහෙ තියෙන් එකම දීලා දැම්මා. ඔය තියෙන්නෙ අපෙ අයිටී එකේ ජනා මල්ලි ඒකට එකතු කරපු පින්තූරෙත් එක්කම.






මට කොහොමවත් බැරි දෙයක් තමයි කවි සහ නිසදැස් ලියන එක. පොඩිපහේ
කතන්දරයක් ගැට ගහ ගන්න පුළුවන් වුණාට කවියක පද හතරක් ගැට ගහ ගන්න ..ම්හ්..
ඉතින් ලබන අවුරුද්දෙවත් උත්සාහයක් දරලා බලන්න ඕනි මේ වෙනකන් බැරිවෙච්ච කවි සහ නිසදැස් ටිකක් පද බදින්න. ඒ වලදි නොසෑහෙන්න උපමා උපමේය ඕනි වෙයි සහ මන් අතින් ලියවෙයි මේ වගේ එව්වත්,


මහ ගල් තලාවක් මත
පැලි ඉරක් මත
කුඩා  බෝ පැලයකි 
මගේ ආලය
මල් පල දරනු සැකයකි..


හික්ස්... බොන්න වෙන වැඩක් තමයි කවි නිසදැස් ලියන එක නම් ! 

34 comments:

  1. දෙකක් දාගත්තානම් අර මාරයියාට වගේ හිටු කියලා කවි නිසඳැස් ලියවෙයි :D

    ReplyDelete
  2. යකෝ . . . . බොට නිසඳැස් ලියන්න බෑ කියන්නෙ පට්ට බොරුනෙ . . . .ඔය ලියල තියෙන්නෙ යසට . . .

    තව ලියපං . . . නුදුරකදී උඹේම කියල පොතක එලි දක්වන්න පුලුවං වෙයි

    ReplyDelete
  3. ඒ හාල් පොත වගෙ එක ගිය දුර මැදෑ තව ලියන්න ලොකු ජෝනා ගෙන් පැතුම්!

    ReplyDelete
  4. බෑ කියලා හිටියොත් බෑමයි ලියන්නෝ.. ඒ හින්දා උත්සාහ කරන එක හරිම වටිනවා..අර ට්‍රයි කරොත් ෆ්ලයි කරන්න පුළුවන් කියලත් කතාවකුත් තියෙන්නේ..

    (පහලම නිසැදැස බොක්කෙන්ම ලියපු එකකද මන්දා...)

    ReplyDelete
  5. අනේ මටත් බෑ කවි ලියන්ට. ඒත් ඔයා නම් ලස්සනට ලියලා...:)

    ReplyDelete
  6. ඔය තියෙන්නේ ගින්දර වගේ.. තව වෙන මොනවද ඉතින්...

    ReplyDelete
  7. @ පුසා - ආන්න හරි , එහෙම වත් බලන්න ඕනි !
    @ ඕනයා - බෝතල් කීයක් ඉවර කරන්නෙ වෙයිද මන්දා කවි පොතක්ම ලියන්න ?
    @ ලොකු ජෝන් - ස්තූතියි..
    @නාකියා - බොක්කෙන්ම තමයි ලියන්න ඕනි..ඒත් එහෙම වෙන්නෙ නැති එකම තමයි දුක
    @ පො.කු - ලිව්ව එකම එක තමයි ඒ..
    @පැණි දොඩම් - හික්ස්..එකම එකයි

    ReplyDelete
  8. ඔය තියෙන්නෙ එලටම...
    තව ඕන්නං මාරයගෙං උපදෙස් ගත්තහැකි.

    ReplyDelete
  9. මම හිතන්නෙ හැකියාව තියනවා...අත දෙන්න කෙනෙක් ඉන්නවනම් ගොඩක් දුර යන්න පුළුවන්.....
    .
    .
    .

    කවි නිසදැස් ලියල දෙන්න කෙනෙක් ඉන්නවනම් ඊටත් වඩා දුර යයි....:D

    ReplyDelete
  10. යස රඟට දීලා තියෙන්නේ ඔය....

    ReplyDelete
  11. අන්තිම නිසදැස නම් මැක්සා... මට හිතෙන්නේ අයියට අයියගේ හාල් පොතෙන් සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් වෙයි වගේ...

    ReplyDelete
  12. කවි නිසැඳැස් නම් මටත් බැහැ අයියේ... අර අන්තිමට කියල තියෙන දේ නම් සිරා... ඒක නම් ලාවට පුලුවන් වගේ.

    ReplyDelete
  13. හිතට එන දේවල් ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන්න පෑනකින් කොලෙකට..
    අන්තිමේදී ඒවි ලස්සන සිතුවමක් වන් නිසදැසක්..
    අත්දැකීම්....

    ReplyDelete
  14. වෙනි අයියේ පට්ට ඈ....ඔය දිලා තියෙන්නේ දොඹෙන්..ආයි ලියමු...ජය

    ReplyDelete
  15. හාල් පොතෙන් ඔය දීල තියෙන්නේ හාල් හැලෙන්නම.. ඔහොම යං ඔහොම යං.. කිසිවෙක් කිසිවක් දැනගෙන මේ ලෝකෙට ආවේවත් කිසිවක් නොදැන මේ ලෝකෙන් ගියේවත් නෑ.. ඒ හින්ද අතාරින්න එපා..

    ReplyDelete
  16. කවි නේද..හපොයි මතක් වෙනකොට ඇඩෙනවා...

    ReplyDelete
  17. ලියන්ට...ලියන්ට... වෙනීට පුලුවනි....!

    ReplyDelete
  18. වෙනියො, කවි ලියන්න උන්දලා, උන්දියෝ , ඕනෙ තරං ඉන්නෙ ඔය. උඹ කතන්දරම ලියහන් බන් . උඹේ කතා මරු.

    ප.ලි.
    උඹේ නිසඳසත් හොඳා හැබැයි.

    ReplyDelete
  19. අනේ බං මටත් ඔහොම්මම තමයි. බිව්වොත් විතරයි කවි අදහස් පහල වෙන්නෙ....! සෙට් වෙමුද ?

    ReplyDelete
  20. බීවොත් නම් පුතාලා අදහස් ඇදෙනවා හිතට නිකං බුසු බුසු ගාලා .. බීපු වෙලාවට ගොලුවොත් කතා කරන එකේ . කවි සිතිවිලි පහල වෙන එක අහන්නත් දෙයක්ද ?

    ඔය ලියලා තියෙන්නේ ඇට්ටි හැලෙන්න

    ReplyDelete
  21. @ප්‍රසන්න - මන්දා මාරයාත් හරි හමන් උත්තරය්ක් දීලා නෑ අෆ්ෆා
    @ ලකී - හරියට හරි මචෝ කවුද ඉතින් අපිට අත දෙන්නෙ ? ආන්න දෙවනි අදහස රටක් වටිනවා..! උඹම ලියලා දියන් මචෝ..10ක් 15ක් එක පාරටම..
    @අභීත - ආ දුන්න සමරු කලාපෙන් ඕක කියෙව්වා ඉස්සෙල්ලා නේද ?
    @ප්‍රසන්න (ගෝල්ඩ් ෆිශ් ) - ඒක ඔහේ වචන ටිකක් විතරයි මල්ලි
    @අවංක පැට්ටා - මල්ලි උඹට බැරිත් නිසදැස් විතරයි, අනිත් සාහිත්‍ය නම් උපරිමයි..ලියහන්කො මල්ලි මොනවාහරි බුකියෙවත්..

    ReplyDelete
  22. @වර්ණා - ස්තූතියි ඔබේ උපදෙසට.. එහෙම කරලා බලන්නම්
    @ රාජ් - ස්තූතියි ,බලමු ආයිමත් ලියලා.. හැබැයි තව ගොඩක් කියවන්න ඕනි
    @ක්සැන්ඩර් - ඔව් ඔව්, අපි ඒ ගැන ගොඩක් කියවලා උත්සාහයක් දැරුවොත් යමක් කරන්න පුළුවන් නේද ?
    @ මාරයා - අනිත් හැමෝම කියලා තියෙන්නෙ මල්ලිගෙන් අහන්න කියලා.. හා හා ඔය ඇඬුවා මදෑ.. කඳුළු පිහ දමලා කියලා දෙන්න බලන්න !

    ReplyDelete
  23. @Unwiniran - ඔව් ඔව් තව උත්සාහයක් දරලා බලමුකො
    @ ඔබ්සර්වර් අයියා - ඔව් අයියෙ කතාවක් ගැට ගහ ගන්න නම් පුළුවන් කොහොමින් කොහොමින් හරි..
    @දුමී - ආන්න නියම අදහස ...ඒත් දැන් ඉතින් ඒකත් වර්චුවලි තමයි !
    @ හිස් අහස - සඳරූ කියනවනම් අහන්නම්.. ඉතින් ආයෙ අපි නොකියෙව්වද අර පහු ගිය කාලෙ ලියලා තිබුනු එලම එල නිසදැස් ටික !

    ReplyDelete
  24. ලියන්නාටත් කවි සිතුවිලි පහල වේගන එන්නෙ මොකද? දෙකක් ඇනගෙන වත්ද ඉන්නෙ?
    ඇත්තෙන්ම ෂෝයි කවිය. මටත් ටිකක් වෙලා ගියා මීටර් වෙන්න.

    henryblogwalker the Dude

    ReplyDelete
  25. වතුරට බහින්නම වෙනවා පීනන්න
    ජයවේව!!

    ReplyDelete
  26. අනේ මටත් බැරිම දේ මේ කවි සීන් එකනේ...එන්නෙමනෑ නේ හිතට...බලන්න ඕනේ ඉරිදටවත්.....

    ReplyDelete
  27. @ඩූඩ් - බහුතරයකගේ ඉල්ලීම මත එහෙම කරලා කවියක් ලියන්න බලන්න ඕනි හෙන් රි
    @අසරණයා - අනිවා ! ලියලම බලන්න ඕනි ඒවා නිකමට වගේ කවි නැත්නම් නිසදැස් වගේ පෙනෙනවාද කියලා !
    @ඔබ නොදුටු ලොව - ඉරිදා හොඳම දවසක් කවි ලියන්න මුලින් ටිකක් සප්පායම් වෙලා පටන ගත්තනම් !

    ReplyDelete
  28. බැරිදේවල් පෙළගැස්සුවොත් මගෙත් එකට එන්නෙ කවි. වෙනියාට "මහාකවි වෙනිවැල්පිටිය" හරි "වෙනිවැල්පිටිය කවියා" හරි වෙන්න ලැබේවා.

    ReplyDelete
  29. ඔය තියෙන්නෙ නියමෙට... තව ලියමු..

    ReplyDelete
  30. බෝ ගස්වල මල් පිපෙන්නෙ සෑහෙන්න කල් ගිහිල්ල බං අයියෙ.. අනික මල් පිපුනත් ලඟට මිසක් දුරට පේන්නෙ නෑ ගොඩක්ම පුංචි නිසා........

    ReplyDelete
  31. කවි වලට වැඩිය නැගලා යන්නේ කයි-කතන්දර!

    ReplyDelete
  32. @රාජ් - ඔය කීවට රාජ් කවි හිත නම් පහල වෙන්නෙ හරි අඩුවෙන්ම තමයි
    @නිසුපා - ස්තූතියි
    @ කකා - හ්ම්ම් ! හ්ම්ම්!

    ReplyDelete
  33. @නවම් - ආන්න හරි, මල්ලි, ඒක තමයි මට කියන්න ඕනි වෙලා තිබ්බෙ !

    ReplyDelete
  34. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete