ඒ එක්කම මගේ මතකය ඇදී ගියේ මන් පොඩි කාලෙ ඉඳන්ම තොප්පි වලට කොයි තරම් නම් ආසද කියන සිතුවිල්ල වෙතටයි.. අනිත් කොල්ලන්ගෙ වගෙ මගේ කෙස් වැවිලා නොතිබ්බ නිසා වෙන්න ඇති මන් මතක ඇති කාලෙක ඉඳලම තොප්පියක් දමා ගෙනමයි හිටියෙ. කෙස් වැවෙන්නෙ නැත්තෙ මන් කොළ ජාති මුකුණ වැන්න, ගොටුකොළ කතුරු මුරුංගා , පැෂන් , වැල්පෙනෙල වගේ එව්ව කන්න හොර නිසායි කියලයි මගෙ වැඩිහිටියො කියලා තිබ්බෙ.
කොහොමින් කොහොමින් හරි මම ඒ කාලෙ පැය විසි හතරෙම වාගේ තොප්පිය දමා ගෙනම ඉන්න පුරුදු වුණා කියලා මතකයි.රෑට නිදියා ගන්න කොටත් තොප්පිය දමා ගෙන තමයි නිදියෑවෙ..ඒත් උදේ වෙනකොට තොප්පිය ඔළුවෙ තිබ්බෙ නෑ කියලත් මතකයි. පොඩිම කාලෙ මන් ආසම තොප්පිය තමයි අම්මා පොළෙන් ගෙනත් දීපු රෝස පාට තොප්පිය..ඒකෙ මුදුනෙ රතු පාට රවුන් බෝලයක් වගේ එකකුත් තිබුණා.. ඒත් ඒක ඉක්මනටම පාට වෙනස්වෙන කොට..ටිකක් තද පාට ඒවා තමයි පාවිච්චි කරන්න උණේ.
"උඹේ ඔය තොප්පිය හැම වෙලාවෙම දමා ගෙන ඉන්නෙ.. දවසක ඕක මසලනවා ඔළුවටම"
කියලා හැමෝම කීවත් අද වෙනකම්ම ඒක වුණේ නෑ.
එක දවසක හවසක මන් කලබලේට කාමරේට දුව ගෙන එනකොට ඒ දවස් වල ඉස්කෝලෙ අත් වැඩට හද හදා හිටිය කඹය බිම තිබිලා ඒකෙ පැටලිලා මාව ඇද ගෙන වැටුණෙ ළඟම තිබුණු පිත්තල පහනකුත් පෙරලගෙන මයි.
"මොකද්ද ඒ පෙරළෙන සද්දෙ ? "
අම්මා කුස්සියේ ඉඳන්ම
"මුකුත් නෑ අම්මේ මේ මගේ තොප්පිය බිමට වැටුණා"
"ඔච්චර සද්දෙට ඔය පිත්තල පහනත් පෙරළුනෙ තොප්පිය වැටිලද ? බොරු කියන්න එපා මන් ආවොත් අනිනවා හිල් වෙන්න ඔළුව"
"ඉතින් තොප්පිය තමයි වැටුණෙ..මන් බොරු කීවේ නෑ.තොප්පිය වැටෙන වෙලාවෙ මන් ඒක දමා ගෙනනෙ හිටියෙ අම්මෙ "
මන් ඔළුව හිල් කර ගන්නෙ නැතුව බේරුණා.
ඒ දවස් වල අපිට තිබුණ එක ලෙඩක් තමයි තල්ලු කරන එක. ඒ කියන්නෙ තව යාළුවෙක් කොහෙ හරි හිටියොත් විශේෂයෙන් මඩ වළක් ළඟ, ගල් වැටක් උඩ , කාණුවක් ළඟ.... අත පය පොපියනවා මූව තල්ලු කරපං තල්ලු කරපං කියලා..ඒක හෙණ ඩේන්ජරස් වුණත් තල්ලු කරපු එකා වැටිලා ඉන්න කොට කට්ටිය එක්ක හිනා වෙන එක තරම් තරම් තවත් ජොලියක් තිබ්බෙ නෑ. අපිව තල්ලු කළහම අනිත් උන් හිනා වෙන එක ගැන තරම් කේන්තියක් තිබ්බෙත් නෑ..ඔය සෙල්ලම ඔහොමම යනකොට දවසක අපි හවසක ක්‍රිකට් ගහන්න ගියා.. රෑ කළුවර වැටෙන්න ඕන්න මෙන්න තියෙන කොට ආපහු ගෙදර එන්න ලෑස්ති වෙලා..දැන් කට්ටියම ඉස්කෝලෙ පිට්ටනියෙ අයිනකට වෙලා ඇඳුම් වල ඇලිලා තියෙන තුත්තිරි ගලවනවා.. මම නැවිලා තුත්තිරි ගලවන්න හදන කොටම එකෙක් මාව තල්ලු කළා..ශරීරය සමතුලිත කරගන්න ඉස්සරහට තිබ්බ කකුල හිටියෙ ඉස්සරහ තිබුණු කානුවෙ..මාව ගිහින් දඩෝන් ගාලා හැප්පුනෙ නැද්ද එතන තිබ්බ බිත්තියක. නළලෙන් තරු විසි වෙනවා..එක ඇහැකින් කඳුළු වැක්කෙරෙනවා.. මගේ කෑ ගැහිල්ලට කට්ටියම තක්බීර් වෙලා මගේ නළල බිත්තියේ වදින කොට දමා ගෙන හිටිය තොප්පියෙ තිබ්බ බොත්තම් ගැජට් එකක් ඇහේ ඇනිලා..සති දෙකක් විතර යනකන් අර මුහුදු මංකොල්ලකාරයෙක් වගේඑක ඇහැක් වහ ගෙන පැලැස්තර දමා ගෙනයි හිටියෙ ..
ඕක දකින දකින සැරයක් ගානේ ඉස්කෝලෙ ලොකු පංතිවල අයියලා මගෙන් අහන්න ගත්තෙ ,
"බිත්තියේ හැප්පුණෙ තොප්පිය විතරද ?"
කියලා තාලෙකට.. අයියා නම් කියලා දුන්න තව හැප්පිච්ච එකක් ගැන උන්ට උත්තර දෙන්ටයි කියලා..ඒත් මන් පොඩි එකා නිසා ඔය නොදන්න දේවල් කියන්න ගියේ නම් නෑ.
තොප්පි වෙලෙන්දාගෙ කතාව නොදන්න කෙනෙක් නැති නිසා මන් ඒ කතාව නම් මෙතන මතක් කරන්න යන්නෙ නෑ..ඒත් ඔය තොප්පි වෙලෙන්දාගෙ මුණුපුරෙකුත් ඔය ජොබ් එක තෝරා ගත්ත නිසා තොප්පි මුදලාලි ඔය කතාව කියලා එයා වඳුරන්ට දමාපු ට්‍රික් එකත් කියලා දුන්නලු..හදිසියකට වගේ ඕනි වෙයි කියලා.. ඔය මුණුපුරා අහම්බයෙන් වගේම ඒ සීන් එක වෙච්ච පොට් එකටම එන්ටර් වෙලා තමන්ගෙ සීයට වගේම නින්ද ගියාලු. වඳුරො සෙට් එකත් ලෙසටම වැඩේ කරලා තොප්පි ටික දමා ගෙන ගස් උඩලු. ඇහැරිලා බලපු මුණුපුරාට එතකොටලු තේරුණෙ සීයාගේ වික්‍රමය ! මෙයාත් තමන් දමා ගෙන හිටපු තොප්පිය බිමට දමලා ගැහැව්වලු.. ගහක පහළම අත්තක හිටපු වඳුරෙක් ටුක් ගාලා ඇවිත් අර මුණුපුරා දමලා ගහපු තොප්පියත් අහුලා ගෙන ඒක ඔළුවෙ දමා ගෙන යන ගමන් කියනවලු,
"හුහ්, මිනිස්සුන්ට විතරයැ සීයලා ඉන්නෙ ?" කියලා.
ඔය මහ රැජින ලන්කාවට ආපු කාලෙ කෙල්ල වෙලා හිටිය අපේ ආච්චි ලාටත් රැජින ගේ ඉස්ටැයිල් ඔළුවට ගහලා තිබුණා නොව.. ආච්චි ඒ හින්දා අඳින්නෙම අර රැජින වගේ ගවුම්.. තොප්පියකුත් දමාන තමයි ගමේ එහෙ මෙහෙ හක්කලන් කොරේ. කොච්චර වයසට ගියත් ඔය ගවුම් අඳින පුරුද්දයි තොප්පි දමන එකයි නම් නැති වුණේම නෑ. අපි එක දවසක සරුංගල අරිනවා..කන්දක් උඩ..ආච්චිත් ආවා අපේ තනියට වගේම..අපේ ආරක්ෂාවටත් එක්කම. ගවුමක් ඇඳලා..තොප්පියක් එහෙම දමා ගෙන බලන්න එපාය උජාරුව උන්දැගෙ..
මහා හුළඟක් එන කොට අපි ෆුල් ට්‍රයි එක සරුංගල් ටික උඩට නග්ගා ගන්න. පහළ පාරේ යන සීමන් ආතා ආච්චිව දැකලා නැවතිලා කියනවා මෙහෙම,
"ඈ බන් සොපියො උඹට ලැජ්ජා නැද්ද ඔය හුළඟට උඩ යන ගවුම අල්ලා ගන්නෙ නැතුව තොප්පිය දෑතින්ම බදා ගෙන ඉන්නෙ ?"
"මගෙන් මුකුත් අහ ගන්න එපා සීමන් ඔය අවුරුදු හැට හැත්තෑවක් වෙන එව්වා වගේද මන් ගිය සුමානෙ පොළෙන් ගත්ත මේ අලුත්ම තොප්පිය? උඹ නම් කියයි ඉතින් ඔතන ඉඳන්"
කියලා.
හෙටම යන්න ඕනි අළුත්ම තාලෙ තොප්පියක් ගන්න අළුත් අවුරුදු සේල් එකකට !
තොප්පි නෙමේ බං අයියේ හෙට ඉඳන්වත් පටං ගනින් වැල් පෙනල කැඳ ටිකක් බොන්න! :D
ReplyDeleteසුදුපාට මල් යට සාය මතකයි . .
ReplyDeleteඉන ලඟට කරකවල . . .
*************. . . . .
තොප්පියට උන හරිය මතකයි . . .
අනේ බං වෙනියෝ, බොලාගේ ආච්චිත් ඉතින් බොලා වගේ ඇතිනේ....! අහල පහල කොල්ලංට සරුංගල් අරුන්න විතරක් නෙමෙයි ජීවිතෙත් එපා නොවුනා පුදුමයි.....! හික් හික් හික්
ReplyDeleteපොඩි කාලේ මටත් ඔය තොප්පි ආසාව තිබුනා.. ඒත් තොප්පි දැම්මම කොණ්ඩේ යනවා කියලා කතාවක් මං අහපු නිසා ඒක නවත්තලා දැම්මා..
ReplyDeleteපරණම පරණ කවියක් මතක් වුනා, මෙතන කියන්න බැරි එක ගැන නං හද පතුලෙන්ම දුකයි.
ReplyDeleteඅර වකුටු මොකෙද්ද එකෙක්, මොකද්ද දැකල, තොප්පියත් ගලෝල, මොනවද අස්සෙන් එබිල බලපු එක......දන්නෝ දනිති.
//ඒක මීයො කපලා.. හපොයි මීයන්ට කපන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද මන්දා.//
ReplyDeleteමේ මීයෝ කියන ජාතිය වඳ කරලා දාන්ට ඕනි. ඊට පස්සේ තමා හරියන තොප්පියක් දාගන්ට තියෙන්නේ.
පොඩිම කාලෙ මන් ආසම තොප්පිය තමයි අම්මා පොළෙන් ගෙනත් දීපු රෝස පාට තොප්පිය.
ReplyDelete//හික්z කෙල්ලොනෙ රෝසපාට තොප්පි දාන්නේ හිහි
අපේ සුපර්සීනියර් අයිය කෙනෙක් හිටිය නිතරම කැප්එක ඔළුවෙ. එයාගෙ කාඩ්එක කැපා. //හිරිකිඩ නිසාමත් සෙම එන්න බලනවා වැඩී.. කාලෙකින් පාවිච්චි කොකරපු තොප්පිය අරන් බැලින්නම් හුටා..ඒක මීයො කපලා..// :)))
ReplyDeleteමගෙත් එක කාලයක් තිබුනා තොප්පියක් දාගෙනම හිටපු,ඒකේ අම්මට කොහෙන්ද හම්බෙච්ච බැජ් එකකුත් ගහගෙන තිබුනේ,මේකත් එක්කම තොප්පිය නැතිවෙලා බැනුං ඇහුවා ඇති වෙන්න,අවුරුදු විසිගානක් පරිස්සං කරපු බැජ් එකක් දවසෙන් නැතිකරා කියලා ......
ReplyDeleteජුලි 7 යි! මමත් දවස තිස්සෙම තොප්පිය දාගෙන ඉන්නේ. මගෙත් තට්ටේ පැදෙඉද දන්නේ නැහැ :O
ReplyDeleteතොප්පියක් දා ගනින් වෙනියෝ...කෝකටත් හොදයි....
ReplyDeleteඅෆොයි.. තොප්පිය විතරමද වැදුනේ?...........
ReplyDeleteමමනම් ආසම නෑ තොප්පි දාගන්න :D
ReplyDeleteපොඩි කාලේ තොප්පිය රෝස පාට කිව්වනේ.... දැන් තොප්පිය මොන පාටද දන්නෙ නැහැ...??
ReplyDelete!
!
!
!
මං හිතන්නෙ කලු පාට වෙන්ටෑ.....
ඔහොම යද්දි තොප්පි වැටෙයිද දන්නැ වෙනි අයියේ පරිසංවෙයං
ReplyDeleteසීමන් කාරයට ගෙදර ගිහින් වැඩ තියෙන්න ඇති!
ReplyDeleteහෙහ්.. තොප්පි නෙවෙන්නං වැටෙන තරමක් වැටෙන්නෙ අපිට. ඉස්සර මාත් හෙන තොප්පි පිස්සෙක් තමා, මට මතකයි චිකාගෝ බුල්ස් ලගෙ තඩි ගොංවස්සගෙ මූණ ඇම්බොරොයිඩර් කොරාපු වයිසර් එක හැඩේට රෝල් කරපු එකක් තිබුන. හප්පේ ඒ කාලෙ මං උන්න උජාරුව !!
ReplyDeleteඇත්තටම කොන්ඩේ ගියේ කොළ ජාති කන්නේ නැති නිසාද.නැත්නම් උඳුගොවුවෝ කාලද?.
ReplyDeleteඋඹේ තොප්පිය දැන් කොහෙ හරි වද්දන්න කාලේ හරි වගේ වෙනියෝ...
ReplyDeleteතොප්පිය වද්දගෙන. හික්ස් :)
ReplyDeleteමට ඉස්සර තිබ්බා පන් කොළ තොප්පියක්. :)
උඩින් කොමෙන්ට් දාපු උන් මහ වනචර කතා කියලා තියෙනවා නෙව
ReplyDeleteමට තිබුනෙ තොප්පි පිස්සුවක් විතරක් නෙවේ...ඇයි කුඩේ.. හරියට ලමිස්සියක් වගේ කියල අපේ යාඑවෝ මට නිතරම කින්ඩිය දානවා..ඒත් ඇත්තටම මට ඒ දවස්වල හිතුනෙම මම ගමනක් ගියොත් වහිනවාමයි කියලමයි..ඒකට මේරටවල් වල පොඩි ලමයි උනත් තෙමී තෙමි එහෙ යනවා උන්ට මේ අපිට වගේ ඉක්මනට සෙම නගින්නෙ නෑ..
ReplyDeleteකුරුම්නියා.
තොප්පියේ පාට වෙනස් උනේ වයසට යද්දී වෙන්ටැ....
ReplyDeleteනැහැ, නැහැ වැරදුනා... පරණ වෙද්දී වෙන්න ඇති නේද වෙනි :)
අර පොඩි කාලේ යාලුවන්ට හදී කොරල හිනා වෙන කැත පුරුද්දට මම පොඩි කාලේ ඉඳලම කැමති නැහැ බං
මම අදටත් ඒ විදිහේ හිරිහැරයක් කාටවත් කරලා සතුටුවෙන්න කැමති නැහැ
ඒ වගේම මටත් ඒ වගේ දෙයක් කවුරුහරි කලොත් ඒකට රිටර්න් එකක් දෙනවා මට කරපු එක වගේ දෙගුනෙකින්...
ඔය වැටිලා තියෙන්නේ තොප්පි.....
ReplyDeleteවෙනි අයියාගේ තොප්පිය කොහෙද හැප්පුනයි කීවේ ??????
වෙනියෝ ඔය වයසට තොප්පියක් ඕනිමයි.. හෙටම ගොහින් කන් දෙකත් වැහෙන විදියේ තොප්පි පතයෙක් ගන්නවා හොඳයි...
ReplyDelete@ පූසා - ඇයි මල්ලියෙ වැල් පෙනෙල කැඳ බීවම ආයි කොන්ඩෙ වැවෙයිද ?
ReplyDelete@ ඕනයා - ඒ තරු වල තියෙන්නෙ මොනවද දන්නෙ නෑ..හා හා ඊ මේල් එකට දමපන් මෙතන නොදා
@දුමී - අනේද කියන්නෙ...ඔය ඉන්ග්‍රීසි මහ රැජිනගෙ උනනෙ ඔලුවට ගහලා තිබ්බෙ..ඊට පස්සෙ නම් කොල්ලෙ සරුන්ගල් අරින තැන් වල හිටියෙ නෑ
@ දිනේශ් - මල්ලි විතරයි වගේ කතාව හරියටම කියවලා තියෙන්නෙ...මම නම් කොන්ඩෙ අඩු හින්දයි තොප්පිය දැම්මෙ..එතකොට අඩු කොන්ඩෙ පෙනෙන්නෙ නෑ
@ ඔබ අයියෙ - ඔව් ඔව්..මතකයි මතක්යි ඒ කවිය..
ReplyDelete@ පොකූ - මීයො වඳ කරන්න වඳ කරන්න ආයි කොහෙන් හරිම එනවා අෆ්ෆා.. මේක නොනවතින යුද්ධයක් තමයි !
@නදී - ඔව් රෝස පාට කෙල්ලොන්ට කියලා දැන ගත්තෙ පස්සෙ තමයි
@ රාජ් - කැපා . ඒ නම නම් ගැලපෙනවා නියමෙටම
@ඔබ නොදුටු - ගුටියක් නොකා බැනුම් අහපු එක ගැන විතරක් සතුටු වෙමු..
@ කසුන් - අනිවා දෙපා.. කාලෙන් කාලෙට බලන්න තට්ටෙ පෑදී ගෙන එනව එනව වගේද කියලා
@ ලකී - අනිවා ..උපදෙස පිලි ගත්තා තොප්පිය ගලවලා සැලියුට් එකක් ගහලම !
ReplyDelete@ක්සැන්ඩර්..- දැන් ලොකු හින්දා මන් කියනවා අපේ අයියා ඔය ප්‍රශ්නෙට ලොකු කොල්ලන්ට කියන්න කියලා දීපු උත්තරෙ ඔන්න !
@ ගිම්හානි - ආන්න ආදර්ශමත් හොඳ ලමයි !
@ unwiniran - තනිකරම කලු පාට නෑ..හිකිස්
@ රාජ් - ඔව් ඔව් බොහොම පරිස්සමෙන්
@ සබිත් - ඔව් ඔව් මින්හත් අපෙ ආච්චිගෙම වයසනෙ
@ නවම් - මට මැවිලා පේනවා අෆ්ෆා හිටපු උජාරුව..
@ අසරණයා - මන් කාපු උඳුගොව්වෙක් නෑ..මන් ඒ කාලෙ ඉඳන්ම වෙජිටේර්යන් නෙ
@ අභීත - ආන්න තේරුනා ටක්කෙටම !
@ රජිත් - පන් කොල තොප්පි නම් ටොප් ට්‍රිප් යනකොට ඒකාලෙ අපි කොහෙන් හරි හොයා ගන්නවා පන් කොල තොප්පි ටිකක්
@ කුරුමිනියා - ඒක ඇත්ත .. වයසට යනකොටද මන්දා මේ සෙම අමාරු එන්නෙ
ReplyDelete@ ලොකු පුතා - ඔය අනික් අයට හිරිහැරයක් එහෙම නැත්නම් පොඩි ජෝක් එකක් කරලා හිනා වෙන එක නරකයි කියලා මම නම් කියන්නෙ නෑ.. ඒ තුලින් නේද යාලු මොත්‍ර කම් දිගටම ගලා ගෙන යන්නෙ.. අපි අනිත් අයව සලකනවා ඒ අයගෙ සැලකුම් අපට තියෙනවා කියන එක සංනිවේදනය වෙන්නෙ ඒක තුල්ලින් නේද ? කරන විහිලුව , හිරිහැරය දිග පලල හොඳට හිතලා බලලා කරනවනම් ඒ තුලින් ගන්න පුලුවන් ෆන් එක මැක්සා..
@ මදුරංග - ඔබට කියන්න ඕනි කමෙන්ට් එක මන් ලියල තියෙනෙ රජිත්ට
ReplyDelete@රජිත් - අනේද කියන්නෙ මල්ලි,,, මගෙ තුන් හිතකවත් නොතිබුනු එව්වනෙ ඒ ලියලා තියෙන්නෙ
@ ගොඩයා - බිත්තියේ නේන්නම් හැප්පුනෙ !
@පැණි දොඩම් - හෙටම යනවා මල්ලි ගන්න ..