"ආන්න අර කසිප්පු ලියන්නා එනවා අදත් කරටි කැඩෙන්න ගහලා.. කුසුමා කුසුමා.. ඔය ළමයි ටික අරන් යන්න ගෙට..මේ පාහරයා ගමේ ඉන්න කං අපිට අපේ ළමයෙක්වත් හදා ගන්න බෑ..යන් යන් ඔය ළමයි ටිකත් අරං මේ ජන්ජාලෙ ඉවර වෙනකන් ළමයිව එහෙම එවන්න එපා පැත්ත පළාතට.."
හුහ් අර දුවන්නෙ කුසුමා ළමයි බමයි ටිකත් අරන් ගේ අස්සට..
"ආ පාල මල්ලී.. මට ඇඋණා උඹ කීව දේ.. ඇයි යකෝ තොගෙ ළමයි හදා ගන්න බැරි මන් හින්දා.. මන් ඉන්නවද තොගෙ හරහට !!@@%%$^ වෙලාවට..ඇයි යකෝ මන් බොන්නෙ මගෙ සල්ලි වලට.. මන් දවස තිස්සෙ වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් තමයි හවහට මන් බොන්නෙ.. තොපිට මොකද?"
"එහෙම නෙවෙයිනෙ අයියෙ අයියා ඔහොම කුණුහරුප කිය කියා සරමත් කරට අර ගෙන පාරෙ යනකොට කොහොමද අපේ ලමෙක්වත් හැදෙන්නෙ...උනුත් නරක් වෙනවනෙ.."
"ඔව් මන් කුණුහරුප කියන්න නරකයි.. තොපිලට කුණුහරුප කරන්න හොඳයි..අනේ !#$%^ ..මන් මගේ සරම උස්සගෙන යන්නෙ මට ඕනි ගානට යකෝ.. උම්බට මොකටද එව්වා ?"
"පාල එන්ඩ මෙහෙ ගෙට ඔය පිස්සො එක්ක කතා කරන්නෙ නැතුව.."
'ඔව් අපි පිස්සො.. තොපි උගත් බුද්ධිමත්තුනෙ.. පාර අල්ලගෙන වැට ගහ ගෙන ඉන්නෙ.. මෙව්වට ගහන්නෙ..මෙන්න මෙහෙම පයින්.. මෙහෙම.. හුහ්.."
"හු හු හූ වැටුණා නේද අපේ වැටට පයින් ගහන්න ගිහින්.."
"ලොකු පුතේ කට වහගෙන යනවා ගෙට..මේ නරි නාටක බලන්නෙ නැතුව.. දානවා හයියෙන් අර පිරිත් කැසට් එක."
@@#$%%^% වැට වල් ගහගෙන පාර මැද.. කැසට්.. දාන්න..
-------------------------------------------------------------------------------
"මේ ඇහුණද .. මේ... කාලා බුදියා ගන්නවා.. දැන් රෑ වෙලා.. කුණු වෙනකන් බීලා බීලා බුදි වැටිලා හිටියහම හරි යයි.. ආන්න හෙට උදෙන්ම වික්‍රමනායක මහත්තයලාගෙ කක්කුස්සි වල අදින්න එන්න කිව්වා.. සිරිපාල ඇවිත් කියලා ගියේ.."
අහ්ප්...හ්ප්ප්ප්ප්... බැල්ලී.. පල යන්න අහකට..
----------------------------------------------------------------------------------
වසර 35කට පමණ එහා අතීතය..මගේ ඔළුව තුල කැරකෙන්නට විය..
"ඇහුණද ලොකු කොල්ලා නම් හැදෙනවා අන්තිමයි.. අර දෙනියෙ ගෙදර සිරිපාල කොලුවත් එක්කමයි.. භජනෙ.. ඉස්කෝලෙ යනවා කියලත් නෑ..හොර ගඩා ගෙඩි කඩා කඩා ගම් මැද්දෑවෙ ඇවිදින එකමයි වැඩේම..
"ඔහෙනෙ ඉතින් ළමයව හුරතල් කරලා නරක් කරලා තියෙන්නෙ..ගමේ ගොඩේ කොල්ලො එක්ක නටන්න ඉඩ දීලා.. වහුකුණු උණාම මට කියන්න එනවා හෙම නෙවෙයි.."
අම්මන්ඩිගේත් තාත්තාගේත්.. කුටු කුටු කතාව මා අසා සිටියේ නිදා ගත් සේ මුත් නින්ද අහලකටවත් නොපැමිණි නිසාය..
"එහෙම නෙවෙයිනෙ ඔහෙත් පොඩ්ඩක් කියලා බලනවකො.. හැදෙන්න හරි නොහැදෙන්න හරි..අපිට තව කොල්ලෙ කියලා එකෙක් ඉන්නවා කියලයැ.. මෙහෙම ගියොත් බාල කෙල්ලො දෙන්නගෙ ඉස්සරහටත් හොඳ නෑ නොවැ.. අර හරමානිස් අයියා කිව්ව උන්දැගෙ රා කළේ බීලාලු මුන් දෙන්න පහු ගිය දවසක.."
"ඒක තමයි මන් ඕකව ආණ්ඩු මට්ටු කරන්න හැදුවට ඔහේ ඉඩ දෙනවද ? ඒත් නෑනේ.."
"ඔයකලා දෙන්න පහු ගිය දවසක අර එහා කණ්ඩියෙ හේතුවගේ කසිප්පුත් හොරෙන් බීළලු..කොහෙන් ආපු පුරුදුද මන්දා මෙව්වනම්.."
"ක්රෑහ්ප්..තුහ්ප්.. මගෙන් නම් නෙවෙයි..ඕකා මගේ ලමෙක් නෙවෙයිනෙ..උඹ පඳුරු ගානෙ රිංගලා.."
"අනේ මගේ කට !"
තාත්තා අම්මාගෙ කට වැසීමට ගැසිය යුතු අන්තිම තුරුම්පුවත් ගැහුවේය.. එය නියමෙට වැඩ කල බැවින්.. මටද නින්ද ගොස්..
"නැගිටපිය..පාහරයා.. තවත් බුදියා ගෙන පුකට ඉර එළිය වැටෙන කන්.. පල ඉස්කෝලෙ.. ආයි එහෙම ආරංචි උණොත් ඉස්කෝලෙ නොගියා කියලා.. තෝව කෝටු මස් කරලා තමයි පස්ස බලන්නෙ.."
පස්ස පැත්තට වැදුණු පා පහරත් සමඟම මා උඩ විසිවී ඇහැරුණේ මේ ගෝරනාඩුවත් සමඟය. මූණ කට සෝදා ගෙන මොනවාද ගිල දමා.. කලිසම හා කමිසය දවටා ගත් මා.. පාරට බැස්සේ..
"ඔහොම හිටු.. ඇත්තද තෝ අර හිඹුටු ගෙදර කෙසෙල් කැනක් කපලා හොරාට විකුණුවා කියන්නෙ.. අර කක්කුස්සි අදින ගෙදර සිරිපාලයත් එක්ක..? මොකද්ද උඹට උන් එක්ක තියෙන පයුරු පාසානම ? මන් ආයි නොකිව්වායි කියන්න එපා.. ඌ එක්ක අරෙහෙ මෙහෙ යනවා අහු උණොත් කඩනවා තොගෙ කකුල් කෙටි දෙක."
"මට කියාලා දෙන්න ඕනි නෑ ඔව්වා.. මන් උඹෙ ලමෙක් නෙවෙයිනෙ.. පඳුරු ගානෙ...."
"මොකද්ද කිව්වෙ පාහරයා ?"
කන ළඟින් හමා ගිය උළු කැට කැබැල්ලත් සමඟම මා දිව ගියේ..
එම තුරුම්පුවත් සමඟම තාත්තා මාගේ මුහුණවත් නොබැලුවේය.. හරියටම දින හතකට පසුව.. හන්දියේ කනත්ත ළඟ යකා ගැසූ තාත්තාගේ මල මිනිය හමුවූයේ අන්දර සීයාටය.. ඇස්, කන් සහ කටින් ගලා ගිය ලේ පාර වල් නිසා තාත්තාගෙ මුහුණ යකෙකුගේ මුහුණ මෙන් බියකරු ස්වරූපයක් ගෙන දුන්නේය.
"මොන යකෙක් ගහලද පැසර්ද මොකද්ද වැඩි වෙලා නහර පුපුරලලු අක්කෙ මැරීලා තියෙන්නෙ !"
----------------------------------------------------------------------------------
"මේ ඔහේ නැගිටලා කනවද නැද්ද ? මටයි කොල්ලටයි නිදා ගන්න ?"
"@@#$%%^ තොපිලා නිදා ගනියවු.. කෝ දීපිය එක්කො කන්න තොගෙ බඩ කඩිත්තුව.."
"ඔය තියෙන්නෙ බෙදලා මේසෙ උඩ"
"තුහ්ප්.. ඇසිලියාගෙ කසිප්පු කිසි වැඩක් නෑ දැන්.. වතුර කලවන් කරලා..ගාන නම් එකයි .. ඒත් දැනෙන්නෙවත් නෑ..ආයි පෙරා ගන්න ඕනි..ටිකක් මන් වත්..අර මඩුව අස්සෙ නේද බැරල් ටිකයි දඟර ටිකයි ? "
"ආයි පෙරන්නද ලෑස්තිය.. මේ මන් නොකීවයි කියන්න එපා ඕන්න.. පෙරළා පුළුවන් නම් ආයි අහු වෙනවා.. මහ උළු ගෙදර තපින්න ආයිමත් අවුරුද්දක් දෙකක්..මන් නම් එන්නෑ පොලිසි පැත්ත පළාතෙවත්.."
"තෝ නම් එන්න එපා දැක්කනෙ ගිය සැරේ ඇවිල්ලා.. අර කට්ටා රිංගන්න ගත්තා ගේ අස්සට..කෝ කොල්ලා නිදිද ? "
"ඔය නිදා ගත්තෙ.. ඌත් පොතක් අතින් අල්ලන්නෙ නෑ.. ඉස්කෝලෙ යන්නෙත් මරන්න අරන් යන හරකා වගේ තමයි.. අර පහළ ගෙදර අක්කලාගෙ කුකුල් කොටුවෙ බිත්තර හොරකම් කරලා මූයි තව එකෙකුයි.. ඊයේ මට කිය කියා දෝස්මුරෙ දැම්මා.. "
"ඉතින් පටන් ගත්තා අදෝනාව.."
"නැතුව මන් වෙන කාට කියන්නද ? මමම එපාය මේ යක්ෂ පැටියා කරන මගෝඩි වැඩ වලට බැණුම් අහන්න.. කාගෙන් පුරුදු වෙලාද දන්නෙ නෑ මේ පුරුදු ? "
"අනේ පල යන්න @##$%^ ඕකා මගේ ලමෙක්ද තෝ මන් එක්ක එන්න ඉස්සර.."
"මේ තමුසෙ මගෙන් අහ ගන්න එපා හොඳවයින්.. තමුසෙ එක්ක එන්න ඉස්සර.. හුහ් මගෙ කට.. මැරිලා ඉපදුනා කියලද හිතන්නෙ තමුසෙ ? මතකනෙ එදා තමුසෙ මාව බලෙන් බලෙන්ම නැති කළාට පස්සෙ.."
"මගේ කරුමෙට නේන්නම් තමුසෙ එදා වැස්සෙම අර අකුලෙදි හම්බ උණේ..එතකොටත් තමුසෙ කෙල්ලෙක්ද?"
"මේ තමුසෙ මගෙන් සහසුද්දෙන් අහ ගන්න එපා.. එව්වා පොලිස් පොතේ ලියවිලා ඇති අකුරක් අකුරක් ගානෙ. ඉස්පිරිතාලෙ රිපෝට් එකෙත් තිබුණා..ඇයි පොලිසියට තමුසෙ මාට්ටු උණේ ලේ ගෑවිච්ච සරම පිටින්ම නේද ? ඒ හින්දානෙ මට තමුසෙවම බැඳ ගන්න වුණෙ ? හුහ් .දැන් එනවා මෙතන කෙල්ලෙක්ද හොයන්න.. මගේ හොඳකමට දීපු කට උත්තරෙන් තමුසෙ අවුරුදු ගානකට හිරේ නොගිහින් බේරුනා.."
"හිරේ වැටුනානම් මන් දැන් නිදහස් බලනවා තමුසෙව කර ගහගෙන මන් තවම.."
"කෑවානම් බුදියා ගන්නවා.."
දඩාස් හඬින් කාමරයේ දොර වැසී ගියේ..
මේ ඇසිලියාගෙ කසියා වැඩක්ම නෑ අදනම්.. ඇග පත කැක්කුම එහෙම මයි.. නින්ද අහලකවත් නැත...
පැයක් හමාරක් ඇඳේ පෙරළි පෙරළී සිටියද නින්ද අහලකවත් නැත..එක එක විකාර වලින් ඔළුව පිරෙන්නේ කසියා වඩිය අස්පට් වූ දාටය.
"මේ.. ඒයි.. ඒයි.."
"මොකද .. නින්ද යන්නෙ නැත්ද ? "
"එනවකෝ මෙහෙට.."
කාමරයේ දොර නැවතත් කිරි කිරි හඬින් ඇරේ..
"එනවකො පොඩ්ඩක්.."
"මේ ඔය ජරා ලෙඩේ එක්ක.. හීනෙන්වත් හිතන්න එපා ඕන්න.. දැන් අවුරුද්දක් බෙහෙත් බිව්ව නේද ? ඉවසන් ඉන්නවකො තව මාස හයයිනෙ. දොස්තර කිව්වනෙ ටැස් එකක් කරල හරියටම කියන්නම් කියලා.."
"ඉතින් දැන් අවුරුද්දක් බෙහෙත් බිව්වෙ.."
"මදැයි කසියා පෙරළා අවුරුද්දක් හිරේ ගිහින් හදා ගත්ත දෑවැද්ද.. කොර ගත්තා නම් දැන් ඉවසන් ඉන්නවා..මටත් බෑ ජරා ලෙඩ හදා ගෙන දුක් විඳින්න.."
"අර පච්ච සෝමෙයා..මට අහු උණොත් මන් කනවා..ඕකා හින්දා තමයි.."
"මේ ඒයි මන් ඔළුව අත ගාන්නද නින්ද යන කම් ?"
"@@#$%% තෝ පල යන්න .. මන්ම අත ගා ගන්නම් ඔළුව..මෙච්චර කල් අත ගා ගත්ත විදියටම.."
"ඕන්න ඉස්සෙල්ල ගෙනාපු ගල් භාගයකින් ඉතුරු වෙච්ච ටික තියෙනවා ඒක හලා ගෙන බුදියා ගන්නවා.. හෙට උදේන්ම වික්‍රම මහත්තයලගෙ වැඩේට යනවා.. මන් යනවා බුදියා ගන්න.."
----------------------------------------------------------------------------------------
මැරුණා වගේ නින්ද ගියා..
"මේ යන්නෙ නැද්ද වැඩට අද ? "
"යනවා බන්"
"මේ කොල්ලො ඔහොම හිටහන් මොකද උඹ ඉස්කෝලෙ යනවා කියලා කට්ටි පනිනවා කියන්නෙ ? අර සේනාරත්න මහත්තයගෙ කොල්ලගේ කොම්පූටරයක්ද මොකද්ද මඟුලක් කැඩුවද උඹ ? මන් ආයි කියන්නෙ නෑ.. ආයි එහෙම ආරංචි උණොත් මගෝඩි වැඩ කරලා.."
"මට උපදෙස් දෙන්න එන්න එපා.. මන් උඹේ ලමෙක් නෙවෙයිනෙ.."
"මොකද්ද පාහරයා කිව්වෙ ?"
මගේ දෙකන්සය රත්වී ලේ ගලා එයි.. ඊ ළඟ මොහොතේ කොල්ලා පියඹා ගියේය..
"මන් යනවා ශීලා අක්කලගේ හත් දොහේ දානෙ දෙන එකට උදව් කරන්න.. තමුසෙ යන්නෙ නැද්ද ? අර වික්‍රම .."
"මගෙ පපුව ඇදුම් කනවා ඕයි.. තමුසෙ යන ගමන් කියනවද සිරිපාලට මන් එන්නෙ නෑ කියලා"
"අර සිද්ධාර්තෙ තෙල් කුප්පියක් ඇති අතුල්ලා ගන්නවා පපුවෙ.. නොහැදි තියේයැ පපුවෙ කැක්කුම් ගිනි වතුර බොන විදියට..."
මොහොතකින් මහ අම්මන්ඩී එනු පෙනේ.. කඩුල්ල පසු කර ගෙන මහත් විමසිල්ලෙන් මා සිටි ඉසව්ව දෙස බලමින් ගෙය පසු කරගෙන යන පන්සලේ හාමුදුරුවන්..
"මොකද හාමිනේ දැන් ලියන්නා බොන එක නවත්තවලා වද්ද ?
අනේ හාමුදුරුවනේ අනිත් පැත්තෙන් ඉර පායයි එහෙම උණොත්..ඇයි හාමුදුරුවනේ එහෙම ඇහුවෙ ?"
"වෙනදට මාව දැක්කහම සරම උස්සලා නිරුවත පෙන්නන එකා.. අද කිසි හැල හොල්මනක් නැතුව ඉන්නවා දැක්කටයි මන් හිතුවෙ හාමිනේ.. මමත් යනවා අර සීලවති උපාසක අම්මාගේ හත් දවසෙ බණ හවස් කොරේ.. ඒ පැත්තට ගිහින් එන්න කියලා.."
පපුවෙ පැත්තකින් පටන් ගන්නා විදුලියක් මෙන් වේදනාවක් දකුණු අත පුරාම විහිදෙන්නට විය..
යන්න ඕනි ඇසිලියගෙ කසියා පොළ පැත්තෙ..
දින හතකින් විරාමයකට අවසර..
ලියන්නාත් දැන් දැන් එක විදියක පෝස්ට් තමයි දාන්නෙ. උදේ හතයි ගානකට දාපු පෝස්ට් එකක් නම් රෑ දහයත් පහුවෙලා තියෙද්දි 0 comments වුනේ කොහොමද?
ReplyDeletehenryblogwalker the Dude
සමාජයේ තවත් එක් අඳුරු පැතිකඩක්.....
ReplyDelete"කසිප්පු ලියන්නා" කොච්චර කසියා ගැහුවත් කතාව නියමෙට ලියල තියෙනවා :))
අම්මට හුඩු ලියන්නා.. මොකද්ද බොල මේ...
ReplyDeleteමිනිස්සුන්ව නැති කරන්නේ ඔය ගිනි වතුර තමා.
ReplyDeleteතමන්ගෙන් පවුලට වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරලා ටිකක් බිව්වට කමක් නෑ කියලා තමයි සමහරු හිතන්නේ. :)
මේ කතාවත් එක්ක මට අපේ ගමේ පරන සිද්දි ගොඩාක් මතක් වුණා ..
ReplyDeleteකසිප්පු ලියන්නා ඔයාගේ මේ ලිවීම නම් සුපර්
අමුවෙන්මදී ලිවුවේ කලින් කතා වගේම සුපර්
ReplyDeleteඅගක් මුලක් හොයාගන්න ටිකක් අමාරුයි අප්පා.......
ReplyDeleteඅගක් මුලක් හොයන්න වැඩක් නැහැ, කොහෙන් කියෙව්වත් උපරිමයි, මේ මං මුලදිම කියවපු ලියන්න නම් නෙමේ කියල හිතෙනව දැන් ලියන්නෙ.
ReplyDeleteඑක හුස්මට කියෝගෙන ගියා, කිසි වෙහෙසක් නැතිව.
ලියන්නාට වැඩි වැඩියෙන් ලිවීමට ශක්තිය සහ කාල වේලාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
අන්තිමට කියන්න තියෙන්නෙ, ටොපේ ටොප් ලියන්නා, කීප් ඉට් අප්, ෂෝ යුව කලර්ස්....!!!
Henryblogwalker the Dude මෙහෙම කියලා තිබ්බා - \\ලියන්නාත් දැන් දැන් එක විදියක පෝස්ට් තමයි දාන්නෙ. උදේ හතයි ගානකට දාපු පෝස්ට් එකක් නම් රෑ දහයත් පහුවෙලා තියෙද්දි 0 comments වුනේ කොහොමද?
ReplyDeletehenryblogwalker the Dude \\
අනේ හිනා වෙලා පන පලයන් පෙරේදා කියුවලු.. හික් හික්.. නෝනාට කතා කරන විදිය, අනේ පල යන්ඩ කියලා, ශික් ශික්..
ReplyDeleteවිෂම චක්කරේ දිගටම යනව.
ReplyDeleteමරු වෙනී අයියේ..
ReplyDeleteබ්ලොග් එකේ වෙලාව වැරදියි ඒකයි හෙන්රි අයියාට පැටලිලා තියෙන්නේ.
ලියා.. කසියා නවත්තලා වරෙං බං ප්ලේන්ටි පාරක් ගහන්න...
ReplyDeleteකසියා වගේද එව්වා..:-D
කතාවෙන් කියන්න හදන දේ නං තේරුනා, ඒත් කතාව නං කොහොම පටන් අරං කොහොම ඉවර උනාද කියලා ඔලුවට ආවෙ නැහැ, බලමු තව පාරක් කියවලා .....
ReplyDeleteසික් . . උඹ තාම කසිය ගහනවද යකෝ . . . ???
ReplyDeleteසුපිරියි කසිප්පු ලියන්නා! දෙබස් වලින් කතන්දරේ ලස්සනට ගලාගෙන යනවා. ජය!
ReplyDeleteමරු අයියේ මැක්සා... ඇසිලියා මේක කියවන්නේ නැද්ද අයියේ.?
ReplyDeleteමරු ඈ...... අරහේ ඔබා මාමා කළු සුදු චිත්‍රපටි කෑලි පෙන්නනවා.... මෙහෙන් ලියන්නා ටෙලි කෑලි පෙන්නනවා...... සිරාවටම ටෙලියක් වගේ මැවිලා පෙනුනා.....
ReplyDeleteඅගේට පටලවල තියෙනවා මේ කතාව.......!! මරු....!!
ReplyDeleteලියන්න එක එක වේශෙන් කතා ලියන්නේ හරියට ටෙලියක් බලා හිටිය වගේ නේ.. නියමායි......
ReplyDeleteඋඹ හරියන්නෙ හඳගමට..
ReplyDeleteමොකක්ද අනේ මෙ කතාවේ තේරුම???
ReplyDeleteගනන් ගත්තෙ නැතුවට අතීතය නැවත නැවත සිදුවෙනවාලු..
ReplyDeleteකතාව ඇතුලෙත් කතාවක් යන එත නම් තවත් සුපිරි.
@ලොකු පුතා - ඔව් ඇත්තටම සමාජයේ කළුම කළු පැත්තක්..ඒත් මන් නිර්මාණය ගන නම් අතෘප්තිමත්..
ReplyDelete@පැණි දොඩම් - මෙහෙම කියමු, සංවේදීතවයක් හමුවේ මගේ හිත සසල වුනා..ඒකෙ කම්පනය තමයි මේ..මන් අසාර්ථකයි වගේ ඒක ප්‍රතිනිර්මාණයේදී..
@මදුරංග 100% ක් නෙවෙය් 1000%ක්ම එකඟයි ඔබ එක්ක
@සඳරූ - කතාව ලිව්වට වඩා සතුටක් දැනුනා..ඔබේ මතකයන් අවඩි කරන්න ලැබීම ගැන නම්..
@ අසරණයා - ඔව් ඔව්.. දැම්මොත් මට ඔළුව උස්සන් ඉන්න බෑ...
ReplyDelete@වින්චැට්කිරිල්ලී - තරහා අවසර, ඔබට නෙවෙයි වෙන්න ඇති මේ කතාව...සමාවෙන්න ඔබේ කාලය කා දැමුවානම්
@ඔබ්සවර් අයියා - තෑන්ක් යූ තෑන්ක් යූ..වෙනසකට වගේ ලිව්වා ඉතින්..
@ හෙන්රි - මට තවම හිතා ගන්න බෑ ඇයි හෙන්රි ගෙ කමෙන්ට් කෙලින්ම වැටෙන්නෙ නැත්තෙ බ්ලොග් එකේ කියලා. හැබැයි මේල් එකට ඇවිත් තිබුනා..ස්තූතියි ඩූඩ්..
@වර්ණා - මේක ඔබලා අත් නොවිඳපු ලෝකයක් වෙන්න ඇති..නමුත් එහෙම ලෝකයක් තියෙනවා.. කාන්තාවො අන්ත පීඩාවට පත් වෙන පත් කරන..
ReplyDelete@ රාජ් - මුළු කතාවම ඔබ වචන හතරකට ගොනු කරලා ? මාව පුදුමයට පත් කලා..මට කියන්න හදන දේ ඉදිරියේදී මගේ නිර්මාණය අසාර්ථකයි කියලයි මන් හිතුවෙ
@පූසා - ඔව් ඔව් බ්ලොග් එකේ පෝස්ට් කරන වෙලාවම නෙවෙයි වැටෙන්නෙ..
@ පසන් - කෝ කෝ කවද්ද ?
@ පංසල් හන්දිය - ස්තූතියි දෙවරක්ම කියවන්න හිතුවට..
@ ඕනයා - ඔව් ඔව්.. යන්ද ඇසිලින් අක්කගෙ පොට් එකට ?
ReplyDelete@විසිතුරු - ස්තූතියි ඇගයීමට
@ ප්‍රසන්න - අනේ ඇසිලියා අක්කා කියවන බ්ලොග් !
@ගොඩයා - ස්තූතියි ඇගයීමට.. ආ ඔබා අයියා තරම අත්දැකීම් කොහෙද මට ..
@ - ස්තූතියි ඔබටත්
@ක්සැන්ඩර් - ඔව් දෙබස් වලින්ම ගොඩ නගන්න හිතුවෙ කසිප්පු ගහන කෙනෙක් වැඩිය හිතන කෙනෙක් නෙවෙයි කියන උපකල්පනය මත ඉඳ ගෙන
@ඉන්දික - හත්වලාමයි කටුස්සන්ගෙ කරේ රත්තරන් නම් බඳින්න එපා බුදු මල්ලියෙ.. මන් ඉතින් පුරුද්දට ඔළුව වනනවා..
ReplyDelete@පොකූ - ස්තූතියි හමදාම වගේ ඇවිත් දෙන සහයෝගයට.. හදවත සසල කල සිදුවීමක කම්පනය කියලා කියමුකො..ඉස්සෙල්ලා කීව වගෙම
@නාකියා - ස්තූතියි .. ඒක අවශ්‍යම වුනා..
නාගරික සමාජයේ ජීවත්වෙන අපිට මේවා මැජික් උනාට ගම් වල නම් මේවගේ දේවල් සාමාන්‍ය සිද්ධි.
ReplyDeleteවෙනදා වගේම නියමයි.එක හුස්මට කියෙව්වා!
උඹේ මේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ ලියපු පොස්ට් වලින් මම ආසම එක මේක තමා...
ReplyDeleteකලින් කලින් උඹ අපේ බ්ලොග් වල කමෙන්ට් කරද්දියි එහෙං මෙහෙං ලියාගෙන එද්දියි හොඳටම තේරුණා උඹ මොන විදියේ ලියන්නෙක්ද කියන එක..ඒත් බ්ලොග් එක ලියාගෙන යද්දි ඒ මුලින් දැකපු දේ මතු උනා මදි..සමහර විටක උඹ ලියං ආව රටාව දිහා බලපු අය උඹව තේරුම් නොගෙන එකම පැත්තකට උඹව ඇඳගෙන ගියා වගේ දෙයක් උනේ කියලා මං හිතං හිටියේ...
රොඩ්නි වර්ණකුලලාට සම්භාව්‍ය අකැපයි වගේ ලෝකයක්නේ මේක.. ඒත් ජෝ උන්නැහේ විකටයාගෙන් දුෂ්ඨයාටත්..එතනින් වීරයාටත් ඇඳලා අන්තිම වෙනකොට කාටවත් හිතා ගන්න බැරි විදියේ චරිත රැසක් කලේ අර මුලින් හිටි විකටයාත් එක්ක එකට තියපුවාම "මේ මිනිහා මැරිලා උපන්නද" කියලා හිතන්න වෙන විදියට...
කොහොම උනත් උඹේ ගමේ ජීවිතයයි... දීර්ඝ කාලීන අත්දැකීම් ටිකයි... කියවා ඇති දහස් ගණන් පොත් කන්දරාවයි..කවදාවත් බ්ලොග් එකේ නොලිව්වාට ලියන දේට යටින් මතුව එන විරහවයි... මේ හැම දේම කලවම් වෙලා එද්දී අදට වඩා බොහෝම හොඳ දේවල් අපිට ඉස්සරහට බලන්න පුළුවන් වේවි...
මිනිස්සු හිනස්සන අස්සේම දෙයක් දෙන්න හැකි වීම වඩා වැදගත්...මොකද අපේ අය සීනි නැතිව තේ බොන්නේ නැහැ ලේසියකට...ඒ හින්දා සීනිත් පදමට දාලා තේ දෙන්න වෙනවා..ඒත් තේ අමතක කරන්න එපා... සීනි විතරක් බීම උඹටත් මටත් දෙන්නටම අහිතකරයි...
.................
මඟ වැරදුන මිනිසකුගේ කතාව උඹ ලස්සනට කියනවා..
පාප මිත්‍ර සේවනය..
අද ඒ මුලින් තමා එක්ක හිටිය එකාම තමාව පිළීකුල් කරමින් තම පවුල් ආරක්ෂා කරද්දී උන් හින්දා නරකට වැටිච්ච එකා ඌටම පාච්චල් වෙවී අසාර්ථක පවුල් ජීවිතයක් ගෙවන ආකාරය..
චක්‍රයක් වගේ තමන්ගේ පියාට අත්දකින්න උන දේ තමාටත් ඒ ආකාරයෙන්ම විඳින්න ලැබීම වගේ කතා ගොඩක් අස්සේම මිනිසෙකුට මුහුණ පාන්න වෙන බොහෝමයක් යථාර්තයන් ගොන්නක් උඹ ඉස්සරහට අරන් එනවා... සිරගත ජීවිතය.. සමාජ රෝගී තත්වය... බේබදුකම.. පහත් මට්ටමේ කියා හැදින්වූවත් මිනිසුන්ගේ ආසාවල් හරහා මිනිසුන් තිරිසන් තත්වයට වැටීම..අතරේම ගලාගෙන යන සිහින් ධාරාවක් වැනි වූ ආදරය..
මේ හැම එකක්ම මේ තුල තිබෙනවා... එකින් එක ගලවා වෙන් වෙන් වශයෙන් කතා කල යුතු නැති..හැම දේම එක පොදියක් කොට ගත යුතු මිනිස් ජීවිතය ගැන අපූරුතම කතාවක්...
කියන්න තියෙන්නේ විශීෂ්ඨයි කියලා තමා.. අති විශිෂ්ඨයි කියන වචනේ තියා ගන්නං පසුව පාවිච්චියට..උඹ ඒකට හරියන්න දෙයක් ලියලා දීහං..
history repeats කිව්වාලු.....
ReplyDeleteනියමෙට ලියලා තියනව අය්යා
ReplyDeleteඅද මෙතන මේ පවුලට, හෙට අතන අර පවුලට. කාලයත් එක්ක තැන, පුද්ගලයා වෙනස් වුණාට ප්රශ්නය වෙනස් වෙලා නැහැ. සංවාද ඇසුරෙන් ගොඩ නැගෙන කතාව එක හුස්මට කියවගෙන යන්නට පුළුවන් වගේම, කතා කරන්නට තෝරාගත් මාතෘකාවත් හුඟක් වැදගත්. සමාජයේ අඳුරු පැතිකඩක් එළියට අරගෙන.
ReplyDeleteජය!
නියමයි වෙනියො..මේක නම් නියමයි...කියන්න වචන නැ..
ReplyDelete@ රජිත් - ඔව් ඒක ඇත්ත.. මන් ගමේ ගත කරපු කාලයේ විඳපු ජීවිතය මොනවහරි ලියන කොට ලොකු පිටුවහලක් වෙනවා..
ReplyDelete@ මාරයා - දමලා ගහපු වචන ටික නම් වැදුනා තදටම..ස්තූතියි .. තේ...සීනි.. නියම අර්ථකතනය..ඉස්සරහදි මී පැණි නැතුව තිත්ත කසායකුත් ඔළුව ඇතුලෙ කැරකි කැරකි තියෙනවා..බලමු බලමු..
ReplyDelete@නලිනි චන්දිමා - ස්තූතියි ඇගයීමට..පොඩි කේන්තියක් නැත්තේම නෑ..සිත් ආර තුල තවත් නිර්මාණ බිහි වෙන කන් බලා ඉන්නවා..ඒක වෙන්නේ නැති නිසායි පොඩ්ඩක් කෙන්ති..වැඩ අධික ඇති..ඒත්...
ReplyDelete@ නිසුපා - ස්තූතියි ඔබටත්...හොඳට සාරාංශ කරලා තියෙනවා..
ReplyDelete@නදී - ස්තූතියි.
@ ලකී - මෙන්න සැලූට් එක !
ReplyDeleteඔබතුමාගේ අනිත් බ්ලොග්වල දාපු කමෙන්ටු දුටුවෙමි. එනිසාම බලලා යන්න ආවෙමි. උපරිමය. බොන සීන් එක පරම්පරාවෙන් ලද දායාදයක් වගේය..
ReplyDeleteජය ශ්‍රී..
මෙ දවස්වල බේබදු කතාමය(අද දවසට කියවප්ය් 5වන බේබදු කතාව) මේවා බලනකොට බොන්න හිතෙනවා
ReplyDeleteඋබගෙ ලියවිල්ල එන්න එන්න සුපිරි වෙනව බන් අයියේ... සිරාවටම ආසයි කියවන්න... උබෙන් දැකපු ලිපි වලින් උපරිම තත්වෙ තියෙනවා මේකත්... ජය
ReplyDelete@ සෑම් - ස්තූතියි, ඔබේ පැමිණීමට සහ ඇගයීමට.
ReplyDelete@ ලොකු ජෝන් - ඉතින් සෙට් වෙමුකො අෆ්ෆා..මේ අපි ඉන්නෙ
@ගොඩයා - වෙනසකටයි ඉතින් මෙහෙම ලිව්වෙ.. ස්තූතියි .
සෙහ් ! සුපිරියි බං අයියෙ, කිසිම අමාරුවක් නැතුව එක හුස්මට කියවං යන්න පුළුවන්. කසිප්පු ලියන්නලට කසිප්පු බූලියෙම දියවෙනව ඇරෙන්න අඩියක් උඩහට තියන්න හිත දෙන්නෙ නැත්තෙ මොකද කියල හිතුනෙ නැද්ද?
ReplyDeleteහත්තිලව්වායි මන් ඊයේ පෙරෙදා දොහක ලියන්නා අයියා වගේම එකෙකේ දැක්කා කාණුවක් අයිනේ වැටිලා ඉන්නවා අයියමයි කියලා හීනෙකින් වත් හිතුන් නෑ කියහන්කෝ
ReplyDeleteදැන් තමයි මීටර් උනේ
දානයක් සෙට් වෙන්න ලඟයි වගේ