ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, August 8, 2011

එන්න ගඟේ නාන්න.. මාලු නැහැ.. ඉන්නෙ යාලු විතරයි

මෙම කතාව මම විසින්ම   http://tlr.thelastrow.net/හි මීට පෙරදී ලියන ලද්දකි..

මේ සිද්ධියත් මටමයි උනේ… මට වෙන්නෙ මේ වගේවම තමයි.. කියල හැමෝම හිතන්න එපා.. මීට වැඩිය එව්වත් වෙලා තියෙනව..




අපි යාලුවො සෙට් එක ගියා තව යාලුවෙකුගෙ ආච්චිගෙ මළ ගෙදරක, කහවත්ත ඒරියා එකේ..මගේ උපන්ගම තියෙන්නෙත් ඒ ළඟම උනත් අපි සෙට් එක ගියෙ කොළඹ ඉඳන්..එකට ඉගෙන ගන්න සෙට් එක…ගිහින් පළමු වෙනි දවසෙ නයිට් එක ඇදල.. දෙවෙනි දවසෙ හවස් වෙනකොට කට්ටියටම නාන්න යන්න ඕනි උනා.. ගෙදරට පහලින් තිබුන පොඩි අතු ගඟක..


නෑ නෑ ඒකෙ මාළු හිටියෙ නැහැ.. ඒකනෙ කිසිම අතුරු අන්තරාවක් නැතුව නෑවෙ..


කැලෑව මැද ටිකක් පාළු සහ පෙනෙන තෙක් මානයක කවුරුවත් නැති නිසාත් අපි වැඩිය ඇඳුම් ගෙනිහින් තිබුනෙ නැති නිසාත්..කට්ටියම නෑවෙ යකඩ සූට් එකෙන්මයි..


පැයක් දෙකක් විතර ඔහොම නෑවා.. එකපාරටම අපෙ සෙට් එක එකින් එකා ටුක් ගාල ගොඩට හිහින් තිබුනු එකම ටවල් එකෙක්න් ඇඟ පිහිදගෙන කලිසම් වලට මාරු උනා.. මන් ලඟ හිටිය එකත් ගියහම.. තමයි මං දැක්කෙ අක්කල දෙන්නෙක් එනව එතන තිබුනු පොඩි අතු පාරකින් ලොකූ රෙදි පොට්ටනි දෙකකුත් අරං හෝදන්න ගඟට..මම ටුක් ගාල වතුර පපුව හරියට තියෙන වලක් වගෙ තැනකට ගියා. අක්කල දෙන්න එන්න ඉස්සර මට ටවල් එක එවන්න කියල මන් යාළුවන්ට වැන්දෙ නැතුව විතරයි.. උනුත් බල බල හිටියෙ බයිට් සීන් එකක් එනකම්මයි..


දැන් මේ අක්කල දෙන්නත්, මමයි ගං ඉවුරයි අතරෙ තියෙන ලොකු ගල් දෙකක් උඩ ඇන තියාගෙන රෙදි හෝදන්න පටන් ගත්ත.. අපෙ උන් සෙට් එකත් මාර සීරියස් ලුක් එකක් අරන් මට පොර ටෝක් දෙනව..


“වරෙන් මචං දැන් අපිට පරක්කුත් වෙනව.. උඹ වතුරට බැස්සහම ගොඩට ගන්න බැහැනෙ.. ඇයි උඹ වියලි කලාපෙද ඉන්නෙ?”


දැන් අක්කල දෙන්නත් මමත් එක්ක හොඳට ලෙංගතු විදියට හිනා වෙලා අපෙ සෙට් එක මට ගොඩට එන්න කියල කරන දේශනා වලටත් හිනා වෙනවා.. මමත් නානව නෙවෙයි එතන වතුරෙ හිටගෙන ඉන්නව.


එකෙක් ටවල් එක ඔලුවෙ ඔතා ගෙන මට උලුක්කු කරනව..මම මෙහෙම පැය භාගයක් විතර සීතලෙ ගැහි ගැහී ඉන්න කොට.. දැන් ටවල් එක අතේ තියාන ඉන්න එකා ගලින් ගලට පැන පැන මන් ලඟම තියෙන ගලක් උඩට ආව..යන්තම් ඇති බයිට් එක ඉවරයි කියල මට හිතල ඉවර කරන්න උනෙත් නැහැ..


“මචෝ ටවල් එක ඔතනට දැම්මොත් තෙමෙන නිසා මං මේ ගල උඩින් තියනව”


කියල මූ මං ළඟම තිබුනු උස ගලක් උඩින් ටවල් එක තියල යන්න ගියා


මේ වගේ දසයන්ට යාලුවො කියල අර්ථකතනය කරපු එකා මට ඒ වෙලාවෙ අහු උනානම්..


සෙට් එක මට තවත් පොර ටෝක් දෙනව තද වෙච්ච සයිස් එකෙන්.. තවත් විනාඩි 10කට විතර පස්සෙ තමයි.. අර අක්කල දෙන්නගෙන් කෙනෙකුට  මීටර් උනෙ මන් ඉන්න තත්වෙ.. ඒ අක්ක අනිත් අක්කට කුටු කුටු ගාල මොනවද කිව්ව.. හිකි හිකි ගාල හිනා උනා..


“ආ මල්ලි ටවල් එක ගන්න”


කියල මේ දේවතාවියො දෙන්න අනිත් පැත්ත හැරිල රෙදි සෝදන්න උනා..


එදා රෑ මේ අක්කල දෙන්නත් මළ ගෙදර ආවා.. අපේ සෙට් එක එක්කම කතා කලා.. මාව දැකල වෙන මුකුත්ම ඇහුවෙ නැහැ..


“ආ මේ මල්ලි නේද?”


කියල හිකි හිකි ගාන්න ගත්ත..

10 comments:

  1. තොටේ යකා . . . . කියන්නෙ ගෑනු නාන තො‍ටුපලවල් වලට නිරිවස්තරෙං එන යකෙක් නේද . . . . ??? (මම මේ නොදන්න කමට ඇහුවෙ)

    ReplyDelete
  2. දිව විකාගෙන මැරෙන්න වෙන සිද්දියක්නේ...හිහි...හි..!!

    ReplyDelete
  3. වෙලාවට ඒ අක්කල දෙන්නට තේරුනා සීන් එක. නැත්තන් ඉතින් රෙදි ටික හෝදගෙන යනකල්ම ඉන්න වෙන්නෙ.

    ReplyDelete
  4. හික් හික් ඔහොම තමයි බං යාළුවො කියන එවුවො. බයිටක් සෙටි වෙනව නම් ඉතින් වෙන මොනවත් ඕනෙ නැහැ. අනික් කතා ටිකත් ලියල දාමු නේද....

    ReplyDelete
  5. @ ඕනයා- හැබෑටම මලයත් නොදන්න දේ වල් !!!!
    @ පිසාචයා - ඔව් බන්z ඒ මදිවට මුන් මේක අපේ බැච් එක පුරාම ප්‍රචාරය කලා
    @ කසුන් - ඔව් ඒකනෙ මන් කිව්වෙ ඒ දේවතාවියො දෙන්නෙක් කියල..ඔතන හිටියෙ අපෙ බැචී ල දෙන්නෙක් නම් කැමර 2ක් හොයාගෙන ඔතනට වෙලා බල ඉන්නව මන් ගොඩට එනකන්. හොඳ වෙලාවට ඔය කාලෙ කැමරා ෆෝන් කියල ජාතියක් තිබුනෙ නැහැ
    @ නුවන් - ඔව් නුවන් අන්තිමෙ හොඳටම මතකයෙ රැඳිලා තියෙන්නෙත් ඔය බයි සීන් ටික තමයි. ඉක්මනටම ලියල දමන්නම්..

    ReplyDelete
  6. ඊ මෙයාල කරන දේවල් පොදු ස්ථාන වල ඔහොමද හැසිරෙන්නෙ ඈ?

    ReplyDelete
  7. @නදී - ඒක කැලයක් මැද තියෙන පාලු අතු ගඟක් නිසා තමයි.. හා අපි පොදු ලිං වල එහෙම නාන්නෙ.. හොඳ වැදගත් විදියට.. කමිස කලිසන් ඇඳල..

    ReplyDelete
  8. ආ මේ මල්ලි නොවැ.හෙ හෙ කොයි මල්ලි ගැනද දන්නෑ අක්කල කථාවුනේ

    ReplyDelete
  9. @ සිතුවම් - අක්කල අනිත් පැත්ත හැරිලනෙ හිටියෙ..

    ReplyDelete
  10. පොතෙත් නෑ වෙලා තියන දේ ......
    එල සීන් එක ........
    මෙච්චර හොඳ කතා සෙට් එකක් තියාගෙනද මේ සද්ද නැතුව ඉඳලා තියෙන්නෙ ......

    ReplyDelete