ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, July 24, 2011

ෆයිට් එක

මේක සිද්ධ උනෙ අපි 7-8 පංති වලදි. ඔය කාලෙ ටවුන් එකේ කරාටේ සහ කුංෆු පංති වගයක් පටන් ගත්තා.. හැමෝම කොල්ලො කුරුට්ටො යන නිසා මමත් අපෙ ගැන්සියත් සෙට් කරගෙන ඔය කුංෆු පන්තියකට යන්න පටන් ගත්ත.හැබැයි කරාටේ පංති යන උන් හැදුවෙම අපේ පංතියෙ උන් එක්ක කොක්කක් ඇද ගන්නමයි.. අපිට ඉස්සෙල්ල හිටපු බැච් එකේ උන්ට කරාටේ සෙට් එක කොක්ක ඇදල ටවුන් එකේදිම නෙලල තිබ්බ නිල් වෙන්න. ඔය නිසාම අපි සෙට් එක ටවුන් එකෙ ඉන්න කොට ඉන්නෙ බොහෝම ශේප් තියරියෙන්ම තමයි.. ඇඟේ හැපුනත් අපි නෙවෙයි කතාවකට ගියේ.. හේතුව තමයි අපේ සර් කියල තිබ්බෙ මොනම විදියකටවත් රණ්ඩු වෙන්න තහනම් ටවුන් එකේදි.. ආරංචි උනොත් ක්ලාස් තහනම්කියල..ඊටත් වඩා ගහ ගන්නවට ඉස්සර භාවනා ක්‍රම සහ ඉවසා ගැනීමේ උපක්‍රම තමයි ඉගැන්නුවෙ..

මේ සිද්ධියට අදාල ක්‍රිශා.. මේක ටිකක් පොර වෙන්න දඟලන එකෙක්.. මුලින්ම අපි කැමති උනෙත් නැහැ මූ ක්ලාස් එනවට.. මොකද ක්ලාස් එකේ තියෙන ක්‍රම අල්ල ගන්න මේකට සෑහෙන කාලයක් යනව කියල අපිට තේරුනා.අනිත් එක ක්‍රිශා පොර වෙන්න ඕනිම ගොන් වැඩක් කරන ජාතියෙ පොරක්. අපි සර්ටත් කිව්ව..ඒත් සර් කිව්වෙ.. අපි එයාව හදල ගමු කියල
..

අපි ක්ලාස් එකේ මාස දෙකක් ගිහිල්ලත් අපිට කියල දීල තිබුනෙ, අදාල ව්‍යායාම සහ භාවනා ක්‍රම විතරමයි.. තුන්වෙනි මාසෙ ඉඳන් තමයි පහරදීම් සහ වලක්වා ගැනීම් ගැන කියල දෙන්න තිබුනෙ..

එක හවසක ක්ලාස් ඉවර කරල ගෙදර එන්න.. බස් එක එනකන් ඉන්නකොට . ටියුශන් ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්න හිටපු ගෑනු ලමයි ගොඩාක් හිටියා බස් හෝල්ට් එකේ.. ක්‍රිශාත් ටිකක් පොර සේ මේ ලමයින්ට ටෝක් කර කර හිටියෙ..කරාටේ ක්ලාස් එකෙ සෙට් එකක් ඔතනට එන්ටර් උනා සහ උන් දැක්ක අපි මේ කෙල්ලන්ට ටෝක් කර කර ඉන්නව . මුන් ටිකට අපිට නෙලන්න සහ නෙලල නෝන්ඩි කරන්න උවමනා සියලුම සාධක සම්පූර්න වෙලයි තිබ්බෙ..මුන් ටික අපේ පැත්තට එනකොටම මං කිව්ව අපෙ අනිත් උන්ට මොනවහරි වෙයි වගේ කියල.. එතකොට ක්‍රිශා ට්‍රයි කර කර හිටපු.. එකට බරටම ටෝකක් දෙනව..මං කිව්ව එක ඌට ඇහුනෙත් නැහැ. අපි දහ අතේ කල්පනා කරනව.. කොහොමද මේකෙන් ගැලවෙන්නෙ කියල..ක්ලාස් එක නෙවෙයිනම් පොල් අඩි වලින් හරි නෙලන්න තිබ්බ 2-3ක්.. අඩුම තරමෙ 10-15ක් වත් ගුටි කනකොට..

මුන් සෙට් එක එනකොට අපි පොඩ්ඩක් අයිනට උනා.. මුන් ආපු ගමන්ම දෙන්නෙක් හැපුනා ක්‍රිශාගෙ ඇඟෙ.. මූට මල පැන්න.. දැන් මූ ඉල්ලනව ගේම.. සේරම ඉවරයි.. ක්ලාස් එකෙන් ගහන්න .. ගුටි කන එකෙන් බේරෙන්න උගන්නල නැහැනෙ තවම.. ක්‍රිශා ටිකක් ඉඩ තියෙන තැනකට ගියා.. කරාටේ සෙට් එක මු ලඟ.. ඕනි මඟුලක් කියල.. අපිත් ලඟට ගියා.. දැන් ක්‍රිශා ගහන්න යන්නෙ උගන්නපු ව්‍යායාම වලින්.. අත් දෙක අඹරවනව..හිටු කියල.. සිටුවේෂන් එකේ භයානක කම පැත්තක .. අපිට හිනා.

මොකද අපිත් එච්චරයිනෙ දන්නෙ... වලිය ට ඔන්න මෙන්න තියා හොඳ වෙලාවට අපේ සර් මේක දැකල ආව.. කොහෙන්ද මන්ද ?

"පුතා අපි ක්ලාස් එකෙ උගන්නවල තියෙන්නෙ ඔච්චරයි.. තව එක්සර්සයිස් 5-6 ක් විතර ඇති.. නේද ක්‍රිශා?"

ගහන්න ආපු උනුත් හිනා කනව..

"මන් ඔයාලගෙ සර් එක්ක මේ ගැන කතා කරනව.. ඔයිට ඉස්සර වෙච්ච සිද්ධිය දන්නවනෙ..දැන් හැමෝම සේරම අමතක කරල අතට අත දීල ගෙදර යන්න"

කියල හැමෝම පිටත් කලා.. ක්‍රිශාගෙ ක්ලාස් එක එතනින්ම ඉවරයි.. අපේ ක්ලාස් දෙකේ අය සෙට් කලා අපෙ සර්ල.. ඊලඟ සතියෙ ඒ ලඟ තිබුන දිය ඇල්ලක් බලන්න ගියා.. ක්ලාස් දෙකම.. අපේ එදිරිවාදිකම් සේරම ඉවරයි..

8 comments:

  1. කරාටේ වලින් උගන්වන්නේ මනස පාලනය කර ගන්න හැට්නේ.....ඕක තමයි තාම කට්ට්ය තේරුම් ගන්නේ නැත්තේ.... ඕක ඉතින් රටේ පුරුද්දනේ.....

    ReplyDelete
  2. ඔබා මාම කියන්න වගේ..හිනා කාල මැරෙනවා

    ReplyDelete
  3. ඔය ට්‍රිප් එක යන කොට තමය් "ඊළඟ වංගුවෙ චාරුලතා" හම්බ වුනේ.....

    ReplyDelete
  4. ඇත්තටම වූෂූ ශිල්පයේ මම කැමතිම සහ මම හදාරපු එකම ශෛලිය තමා මම එදා ඉඳල අද වෙනකං පාවිච්චි කරන්නෙ .. . . . "දුවපංඩෝ" ශෛලිය . . . . ඊට අමතරව "සාමෙංඩෝ" ශෛලියත් මට ගොඩාක් වෙලාවලදි උපකාරී වෙලා තියනව ගැ‍ටුම් මගහරවා ගැනීමට.

    ReplyDelete
  5. @ වෙලාව ලඟයි.. ඒක නම් සම්පූර්න ඇත්ත..ඒත් ඕනිම දෙයක් පොඩ්ඩක් ඉගෙන ගත්තහම මත් වෙනවා..උන හදෙනව..ඒ කාලෙ පන්න ගත්තොත්.. ගැඹුරටම හදාරනව නේද ?

    ReplyDelete
  6. ස්තූතියි පිසා..කමෙන්ටුවට අපි තාමත් ක්‍රිශාට ඕක කියල හිනා වෙනව..

    ReplyDelete
  7. ඔබ්සර්වර් අයියෙ තාමත් මට ටියුබ් ලයිට් නෙ..

    ReplyDelete
  8. @ ඕනයා.. මගෙ මුලු කතාවටම වඩා හිනා ඔයාගෙ කමෙන්ටු වට.. ස්තූතියි.. රන්ජි අයිය යමක් කිව්ව.. මමත් එන්නම්..සෙට් උනොත්..කියන්න

    ReplyDelete