ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 20, 2011

කෙටි නම් වල දිග නම්

මම ඉස්සෙල්ල වැඩ කල ඔෆිස් එකෙදි තමයි මේ කතාව මන් ඇහුවෙ. මහනුවර පලාතේ ඉඳල ආපු හාදයෙක් තමයි කරු කියන්නෙ.. එයා වැඩිපුරම සයිට් වල තමයි හිටියෙ.. ඒත් ඔෆිස් එකට ඇවිත් ඉන්න වෙලාවල ඔෆිස් එකම හිනා සාගරයක් මිනිහ කියන කතා වලට..එව්ව කියන්නෙ හරියට එයාට උනා වගෙයි.. ඒ නිසායි වැඩිපුරම රසවත්..

මල්ලි මන් පොඩි එකා කාලෙඔය ඉස්කෝලෙන් කියනවනෙ.. කෙටිනම් වල දිග නම් හොයා ගෙන එන්න කියල.. ඔය ග.නි.ස.ම. - ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය.. වගෙ එව්ව..

ලංවිම කියන්නෙ ලං උනොත් විදල මරනව කියන එක නේද ? ඉතින් දවසකඉ ඉංග්‍රීසි පාඩමක දුන්න කෙටි නම් කීපයක්ම හොයා එන්න කියල.. එකක් තිබුන
WPC කියන්නෙ මොකද්ද කියල.. අනිත් සේරම හොයා ගත්තත් මේක හොයා ගන්න බැරි උනා.. මන් හිතා හිටියෙ මේක ඉස්කෝලෙ යන ගමන්ම පාර අයිනක ඉන්න WPC නැන්ද කෙනෙක්ගෙන් අහනව කියල.. ඒත් මගදි හම්බ උන ලොකු පංතියක අයිය කෙනෙක්ගෙන් ඇහුව මොකද්ද WPC කියන්නෙ කියල.. අයිය කිව්ව ආ ඒ කියන්නෙ W කියන්නෙ වෙස්සු .. අනිත් අකුරු දෙක PC පීසී ම තමයි කියල.. මට පොඩ්ඩක් සැක උනත් ඕක ඔලුවෙ තියාගෙන.. ඒත් පාර අයිනක ඉන්න නැන්ද කෙනෙක්ගෙන් ඇහුව.. මන් දන්න එක හරිමද කියල.. මල්ලි කියන්නෙ අර නැන්ද මගෙ අල්ල ගත්ත කනෙන්.. දුන්න චටාස් ගාලා කටට එකක්.. මම දිව්ව .. නැවතුනෙ ඉස්කෝලෙම තමයි..

6 comments:

  1. ටිකක් ඉස්සර වෙන්නැති, දැන් එහෙම නං සුදු වෑන් කේස් එකක් වෙන්නත් ඉඩ තිබ්බ

    ReplyDelete
  2. ඔව්.. ඔව් ඒක නම් ෂුවර්..

    ReplyDelete
  3. සොරි ඇනෝ මට සැකයි ඔයාගෙ කමෙන්ට් එක දැක්කහම සහ ඔයා අන්තිම පේලියෙ හසා කියල ලියල තිබ්බ එක ගැන.. මම දන්න අන්තිම පේලියෙ හසා ඔයාට වඩා මහත්මයෙක්.. ඒ නිසා ඔයාගෙ කමෙන්ට් එක මන් මැකුවා..

    ReplyDelete
  4. මොකද්ද මචං මේ සීන් එක. මම මේකට කොමෙන්ට් කළ වගක්නම් මට මතක නෑ. මොනවද මෙතන දාලා තිබුණෙ. මටනං මේ පෝස්ට් එක හොඳටම සිරා....

    මම තමයි අන්තිම පේළියෙ හසා.

    ReplyDelete
  5. ඔව් හසා -අන්තිම පේලියේ හසා කියලා බයිලාවක් ලියල ගිහින් තිබුනා.. ඒ නිසාම මම ඒක අයින් කලා හසා.. මම හසාව පුද්ගලිකව දන්නෙ නැති උනත් අ.පේ ඉඳන් දන්නවනෙ. ඒ නිසා මට සුවර් කවුරුහරි මැන්ටල් ඇනෝවෙක් ඒකා

    ReplyDelete
  6. ඔන්න මචං මං හදාගත්තා කොමෙන්ට් දාන විදිය. මං තමයි අන්තිම පේළියෙ හසා. දැන් හරිනෙ.

    ReplyDelete