ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, July 19, 2011

ඊ මේල් එක

මේ කතන්දරෙ උනේ නම් සඳා නගාට නෙවෙයි කියල ඕනිම තැනක දිවුරා පොරොන්දු විය හැකිය..

මෙය සිදුවූයේ 90ගණන්වල මැද භාගයේය. ඒ වනවිට මා සේවය කරමින් සිටියේ ගොඩනැගිලි සාදන සමාගමක ගිණුම් අංශයේය. එහි සිටි  මලී අක්කා ඇස්තමේන්තු පරිගනකගත කරන්නිය වූවාය. ඇය අළුතින් පැමිනෙන පරිගනක වැඩසටහන් පිළිබඳ මහත් උනන්දුවකින් යුතු වූ අතර අපට නම් මෙය මහා හිසරදයක් වූයේ එවකට ආයතනයෙ තිබූ පරිගනකවල වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය තුල වූ කුඩා කුඩා වැඩසටහන් ඇයට මහාත් ප්‍රශ්න වූ බැවිනි.

ඒවයින් කරගත හැකි වැඩ මෙන්ම කරගත නොහැකි වැඩ පිලිබඳව මෙන්ම.. එවන් වැඩ කර ගත නොහැක්කේ මන්ද යන්න පිළිබඳවද ඇයට මහත් ප්‍රශ්ණ රාශියක් තිබිනි. තිබුනු ප්‍රශ්න වලට අපෙන් විසඳුම් ඇසීම අපට මහත් හිසරදයක් විය.. මන්ද ඇයට යම් කිසි දෙයක් පැහදිලි කර දීමට මහත් කාලයක් යන බැවිනි.

ඇය යම්කිසිවක් තේරුම් ගන්නෙ ඇයට අවශ්‍ය ආකරයට මිස එහි ඇති ආකාරයට නොවන නිසාය. එවකට ජනප්‍රියව පැවති ලෝටස් 123ආර්24 වැඩසටහනෙ සිට ඇයගේ ඇස්තමේන්තු එxසෙල් වැඩසටහන ට මාරු කල විට අපගෙ ගිණුම් වැඩද ප්‍රමාද වූයේ ඇයට පැනනැගි ප්‍රශ්න නිසාය..
හැඳින්වීම හමාරය..

ආයතනයට අන්තර්ජාල පහසුකම සමඟ වින්ඩෝස් 98 පරිගනකයක් මිලදී ගත් අතර අපටද අන්තර්ජාලය පිලිබඳව ඉගෙන ගැනීමට ඉඩ ලැබිනි. මලී අක්කට නම් මෙය මැජික්ම විය. අප එවකට ප්‍රචලිතව තිබූ හොට්මේල් හි ඊ මේල් ගිනුම් ආරම්භ කරගෙන තිබුනි. දිනක් උදෑසනම එතරම් වැඩ නොතිබුනු බැවින්... මලී අක්කා

මල්ලි මටත් හොට්මේල් එකේ ඊ මේල් එකක අරින්න ඕනි

අක්කට යාලුවො ඉන්නවද ඊ මේල් යවන්න?

මල්ලි කියා දෙන්නකො..

එහෙනම් ඔය ඩයල් අප් කනෙක්ශන් එක ඕපන් කරල ඉන්ටර්නෙට් එxෆ්ලෝරර් එකෙ ටයිප් කරන්න හොට්මේල් කියල ..ඒ වෙබ් සයිට් එක ඕපන් උනහම මන් කියල දෙන්නම්..

ඒ සමඟම අසල ඇති වැඩපලක ඉතුරුවී ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය ගනනය කර ආයතනයේ ගබඩාවට ගෙන ඒම සඳහා සහය වීමට අපටද කාර්‍යාලයෙන් පිටතට යාමට සිදුවිය

මලී අක්ක අපි ඇවිත් කියා දෙන්නම්..
පැය එකහමාරකින් පමණ කාර්‍යාලයට පැමිනෙන විට..මලී අක්ක මුහුන රතුකරගෙන සිටියාය.. ඇය කුමකට හෝ අඬා ඇති බව පැහැදිලිය..
අප දුටු විගසම ඇය ගස්සා ගෙන ඇයගේ පුටුව වෙත ගියාය..
අන්තර්ජාල පහසුකම් සහිත පරිගනක මොනිටරය කාඩ්බෝඩ් ෆයිල් එකකින් වසා ඇත.

මොකද්ද උනේ අක්කෙ ? ඇයි මේ මේක වහල?

මොකද තමයි.. ඔයා කිව්ව වෙබ් සයිට් එක මන් ඕපන් කලා.. මොනවද ඒකෙ තියෙන්නෙ ? ඔයාම බලා ගන්නකො..

මොකක් හෝ අකරතැබ්බක් සිදුවී ඇත. මම මොනිටරය දෙස බැලීමි.

අහෝ.. මලී අක්ක හොට්මේල් mail  යන්න  වෙනුවට male  ලෙස ටයිප් කර ඇත.. පැමින ඇත්තේ වැඩිහිටියන්ට පමනයි සයිට් එකකි...

ඉන් පසු කොතෙක් පැහැදිලි කලද ඇය කිසි දිනක අන්තර්ජාලය පාවිච්චි කලේ නැත..

9 comments:

  1. හොඳා හොඳා, රසවත් විදිහට ලියලා තියෙනවා. තව ලියමු. අපි කියවන්නම්....!

    ජය වේවා !!

    ReplyDelete
  2. තව ලස්සනට ලියන්න උත්සාහ ගන්නව.. දුමීලගෙ බ්ලොග් කියෙව්වහම ඒවයින් ගතහැකි පාඩම් බොහෝමයි. ස්තූතියි ඔබේ කමෙන්ටුවට..

    ReplyDelete
  3. එල එල..සිංඩියේ දැකලා ආවේ!දිගටම ලියන්න!ජය වේවා!

    ReplyDelete
  4. අෆොයි දෙයියනේ! මර චාටර් එකනෙ වෙලා තියෙන්නෙ. එල එල, දිගටම ලියන්න සහෝ.

    ReplyDelete
  5. @ Sabith - ස්තූතියි සබිත් සහෝදරය.. ඔයාගෙ වචන ටික මට ධෛර්‍ය්යක්.. ලියන්නා (වෙනිවැල්)

    @Kasun - ඔවු සහෝ තවමත් අපි මලී අක්කට හිනා වෙනව ඔය ගැන කියල. ස්තූතියි ඔබේ කමෙන්ටුවට - ලියන්නා (වෙනිවැල්

    ReplyDelete
  6. මලීට වැලේ වැල් නැතුව යන්න ඇති නේ. හොදයි හොදයි ඔහොම්ම ලියමු.

    ReplyDelete
  7. හපොයි දෙයියනේ... Hardcore Gay Movies!!!!

    ReplyDelete
  8. @රන්ජිත් - ඔවු රන්ජිත් අපි බයේ හිටිය ඒ දවස්වල මලී ඔය සීන් එක බොස්ලටත් කියයි කියල..එහෙම උනා නම් අපිට මාර ලෙඩක් වැටෙනව. ස්තූතියි ඔබේ කමෙන්ටුවට - වෙනිවැල් (ලියන්නා)

    ReplyDelete
  9. @ ස්කයි - ඇත්තටම ස්කයි ඒ දවස්වල එච්චරම බරපතල විදියට එව්ව තිබුනෙ නැහැ.. මොකද අපි පස්සෙ මලී අක්කට පෙනුනෙ මොනවද කියල හොරෙන් බැලුව.කූටටම එලියෙ දමාගත්ත ෆොටෝස් විතරයි තිබුනෙ.. . ස්තූතියි ඔබේ කමෙන්ටුවට - වෙනිවැල් (ලියන්නා)

    ReplyDelete