ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 15, 2011

බොගක් දමන හැටි


වෙන වැඩකට කියල මං ගියා අල්ලපු වැටේ තියෙන සෙක්ෂන් එකට.. මෙන්න එනව සඳා
( මොංගල් නම්බර් වන්..පොශ් වෙන්න දඟලන ගම් පලාතක ගෑල්ලමෙක්) නංගි හිනා කටකුත් පුරෝ ගෙන.. ෂුවර් එකටම කම්පීතර් හුටප්පරයක්ම තමයි..

ගුඩ් මෝර්නින් අයියෙ...

ගුඩ් මෝනින් නගා..මොකෝ පාන්දරම කුකුලත් අතින් අරන්..

මේ කුකුලෙක්යැ මගෙ ලේන්සුවනෙ..

හොටු ලේන්සුව ඕක මාසෙකට සැරයක්වත් හෝදනවද මන්ද ?

මොනාද අයියෙ කුටු කුටු ගාන්නෙ ?

නෑ.. නෑ මුකුත් නෑ.. ඇයි නංගි ?මොකද්ද දැන ගන්න ඕනි ?

අයියෙ මටත් බොගක් දමන හැටි කියල දෙන්නකො..

මොකාක් ????

මේකි නම් අඩු මාසෙන් ඉපදිලාද කොහෙද ? මේ මොනවද අහන්නෙ ?

මොනවද නංගි මේ උදෙ පාන්දර අහන්නෙ ? මෙච්චර කල් ඔයා කොහොමද දැම්මෙ ? ඒ විදියටම දමන්න..

මං දමන බොගක් නැහැ.. ඔයාත් ඉතින් එහා සෙක්ෂන් එකේ කවුරුහරි ඇහුවනම් ඉතින් පීසී එක ලඟ ඉඳගෙන කියල දෙයි. අපි ඇහුවහම තමයි..

ආ එහෙනම් මේක කම්පීතර් ප්‍රොබ් එකක් තමා..

කවුද දැන් මන් බොග දමන කතාවක් කිව්වෙ ඔයාට ?

ඇයි අර ප්‍රශා අයිය කිව්වෙ.. අයිය අළුත් බොගක් දමල තියෙනව.. ඒක එයා කියෙව්ව. වැඩකට ඇති දෙයක්නම් නැහැ ..වල්පල් කියල..

ආ... හරි දැන් තමයි මීටර් උනෙ.. ප්‍රශා දීල තියෙනව නියමෙටම මුන්ට ඇඳ ගන්න.. යකෝ වචනයක් කිව්වහම එක්කො බලපිය ඩික් එක.. නෑ මං කිව්වෙ ඩික්ෂනරියක්වත්.. කොහෙද එච්චර මොලයක්?

හිනා නොවී කියල දෙන්නකො අයියෙ ? අද බොසී එන්නත් පරක්කු වෙනව කිව්ව..

නංගි ඔය වචනෙ බොග නෙවෙයි.. බ්ලොග.. ඔය දෙක අහසට පොලව වගෙයි.. හැබැයි සමහර බ්ලොග් නම් වෙනසක් නැහැ..

ආ.. බ්ලොග්ද ? මොක හරි..

ඔයා යන්න මගෙ බ්ලොග් එකට ඒක කියවන්න එපා..මොකද එකයි බොගයි අතරෙ වෙනසක් නැහැ..ඒකෙ මන් කියවන එව්ව කියල හොඳ බ්ලොග් කීපයක් දමල ඇති.. ආන්න එව්ව කියවල බලන්න.. සමහර එව්ව බලනකොට නිකං ප්‍රෙග්නන්ට් වෙයි කියල හිතෙනවනම් කියවන්න එපා

හා ඊට පස්සෙ..

මුලින්ම එව්ව කියවල බලන්න.. ඊට පස්සෙ ඔයා මොනවද ලියන්නෙ කියල හිතල මට කියන්න.. මන් බ්ලොග්ස්පොට් එකෙන් බ්ලොග් එකක් හදන හැටි කියල දෙන්නම්..

හැබැයි මීට පස්සෙ බ්ලොග් වලට බොග් කියන්න එපා.. ඒකෙ වෙනම තේරුමක් තියෙන්නෙ.. නංගි ඔයා ඉංග්ලිස් ක්ලාස් යනව නේද?

ඇත්තටම මොකද්ද බොග් කියන එකේ තේරුම..

හොයා ගන්න ..

ඔය වචනෙ තේරුම හොයා ගත්ත මේ ගෑල්ලමය තවමත් මගෙ මූන බැලුවෙත් නහැ.. බ්ලොග් ගැන ඇහුවෙත් නැහැ..

10 comments:

  1. එහෙනං බොග දාන්න පටන් ගත්ත ඈ!

    ReplyDelete
  2. ස්තූතියි. ක.කා. මගේ බ්ලොගයේ පලමු වෙනි කමෙන්ටුව ඔබගෙන්.

    ReplyDelete
  3. ඒ කියන්නෙ කකා තමයි වෙනීගෙ බ්ලොගේ පලවෙනි බොග දැම්මෙ . . . .

    ReplyDelete
  4. පලමුවෙනි කමෙන්ටුව දැම්මෙ කකා තමයි.. මන් ගොඩාක් කල් ඉඳන් ඉරිසියා කලා කකාට සහ එයාගෙ ලියන රටාවට..මටත් මෙහෙම ලියන්න පුලුවන්නම් කියල හිතුවා.. ඒ අතරෙ මගෙ බ්ලොග් එකේ පලමුවෙනි කමෙන්ටුව කකාගෙන්ම එනකොට හිතන්නකො තියන සතුට...ඒ අතරෙ ඔය මන් බොහෝම කැමැත්තෙන් බලපු බ්ලොග් ඔය ගොල්ලන්ගෙ ඒවා.. ඔයගොල්ලොත් මෙහෙම කමෙන්ට් දමන කොට ඉතින් කවර කතාද ?

    ReplyDelete
  5. අපි දැන් බලා ඉන්නෙ 34න් පස්සෙ දමන සෙල්ලං මොනවද දමන්නෙ කියලයි ?

    ReplyDelete
  6. හෙහ්...හෙහ්..හෙහ්....ඕනයගේ බොගේ පලවෙනි පෝස්ට් එකේ ඉස්සෙල්ලම බොග දාල තියෙන්නෙ මං තුමා විසිනි. බොරු නං ගිහිල්ලම බලන්න.

    ReplyDelete
  7. මන් මේ වෙනකන් කියෙව්ව බ්ලොග් හැම එකකටම ඔබා අයියා කමෙන්ට් ලියල තියෙනව දැක්ක..

    ReplyDelete
  8. ඒ වුනාට Weni, මේකෙ කොමෙන්ට් ටිකත් නිකං ඉන්න වෙලාවක කියෝල බැලුව නං

    http://ornaya.blogspot.com/2009/08/12-most-annoying-types-of-facebookers.html#comments

    ReplyDelete
  9. ඔබා අයියට කියන්න.. මමත් ඕනයගෙ මේ ලිපිය කියෙව්වෙ නැහැ.. කියෙව්වෙ කමෙන්ට් ටික විතරයි..

    ReplyDelete