ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, April 9, 2015

අයිස් කියුබ් වලට ලෑලි...

මේ සිදුවීම් මාලාවම උණේ රටේ බොහොම ප්‍රසිද්ධ, කවුරුත් ක්ෂේත්‍රය කිව්වහම හොඳින්ම නම දන්නා අයෙක් ආශ්‍රිතව තමයි..විශේෂත්වය වෙන්නෙ අර වී කරල මෝරන්න මෝරන්න නැවෙන්නෙ බිමට කියන්නැහේ මේ සුවිශේෂී චරිතය ප්‍රසිද්ධ වෙන්න ප්‍රසිද්ධ වෙන්න..තව තව නිහතමානි වෙන එක ! මීට වඩා හොඳ කියන්ඩ ගිහින් වැඩ අධිකව තිබුණත් මේ සටහන ඇහැ ගැටුනොත් අනිවාර්‍ය්යෙන්ම කියයි..
ගුණ කථන කියන්ඩ එපා බොලව් මල ගෙවල් මතක් වෙන්නෙ
කියලා..



විටෙක දෙමව්පියන්ට වඩා අපිට ආදරේ...විටෙක එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරයෙකුටත් වඩා ලෙන්ගතු..විටෙක හොඳම යහළුවෙකුටත් වඩා මිතුරු...අපූරු මනුස්සයෙක් ! මගේ වාසනාවකට කොහෙන්දෝ මන්දා ඔහුගෙ සෙවනෙ ඉන්න මම පින් කරලා තිබුණා...


ඔයිට වඩා මම කියන්නෙත් නෑ..ඒ කවුද කියලා කියන්නෙත් නෑ..
කියවලා බලන්ඩකෝ මේ සිදුවීම් කීපය...


ඊළඟට මම සර් කියලා කියන්නෙ මේ අපූරු මනුස්සයට තමයි !
දවසක් හැන්දෑවෙ මමයි තව යාලුවෙකුයි සරුයි යනවා සුපර් මාර්කට් එකට..ඔන්න ඔය බීම වගයක් හදන්න අඩුම කුඩුම ටික ගන්ඩ..අවශ්‍ය බඩු ටික අරගෙන එහෙම..


අපි දෙන්නා දැන් අයිස් කැට හෙවත් අයිස් කියුබ්ස් හොයනවා.. ෆ්‍රීසර් දෙකේම හෙව්වත් හොයා ගන්න බැරි උණා..තියෙන්න පුළුවන් හැම තැනම බැලුවත් ම්හ්හ්හ්..


මොනවද බලන්නෙ කෝ අයිස් කියුබ්ස් ?
සර් අයිස් කියුබ්ස් නැහැ වගෙයිනෙ


අපි අහල බලමු වෙළඳ සහයක කෙනෙක් ගෙන්..


අයිස් කියුබ්ස් හෙව්වට වඩා හොයලා ඕන් වෙළඳ සහයක කොළුවෙකුත් හොයා ගෙන අපි ඇද ගෙන ආවා ඌව..


අයිස් කියුබ්ස් නැද්ද ?


අපි හොයපු හැම අස්සක් මුල්ලක්ම හොයපු මූ අන්තිමේ පරාජය පිළි අරගෙන..


අයිස් කියුබ්ස් නම් නැහැ වගේ සර්


මමයි යාලුවයි දෙන්නා දැන් සොරි ඩොට් කොම් වෙච්ච දෙන්නෙක් වගේ ඉන්න අතරේ සර් අර වෙළඳ සහයකගෙන් අහනවා
ලෑලි තියෙනවද ?


මමයි යාළුවටයිත් වඩා තුෂ්ණිම්භූත වෙච්ච වෙළඳ සහයක දහ අතේ කල්පනා කරනවා ලෑලි කොහෙද තියෙන්නෙ කියලා වෙන්ඩ ඇති...මමයි යාලුවයි කල්පනා කරනවා..බීම හදන්ඩ ලෑලි මොකටද ? තව අඩු...අයිස් කැට විතරයිනෙ..


සර් ගෙ මූණ දිහා බැලුවත්...ම්හ්හ්හ් අර උගන්වන කොට තියෙන සීරියස් මූනම තමයි...විහිළුවක් කරලත් නෙවෙයි...


කුතුහලය වැඩි වෙච්ච තැනම මම සර්ගෙන් ඇහුවා


මොකටද සර් ලෑලි ?


අර වෙළඳ සහයකත් සැනසුම් සුසුමක් හෙළුවා ඇහුණා..


අයිස් කැටයක් නැති මේ මඟුල වහලා දාන්ඩ !


කිව්ව සර් යන්ඩ ගියා..මටයි යාළුවටයි හිනාව නවත්තා ගන්න පුළුවන් උණේ සල්ලි ගෙවපු කවුන්ටරෙත් පහු කළාට පස්සෙ..අර වෙළඳ සහයක කොලුවට නම් සෝපාහාසය තේරුණාද මන්දා...


ඔය වගේ බොහොම දුර දිග බලලා අමුතු විදියෙ කතාවල් කියන නිසාම අපිත් සමහර වෙලාවට සර් ඉන්න වෙලාවල් වලට කරන කතාවල් අහගෙන ඉන්න ආසයි..


ඔන්න අනිත් සිදුවීම උණේ..


මහ රෑක සුහද හමුවක් තිබිලා..රෑ ජාමෙ දොළහට විතර දැන් බලා ගෙන ඉන්නවා ටක්ශියක් හරි ත්‍රී වීල් හරි එකක්..එකක් කිව්වට එකක්ම නෙවෙයි..දෙක තුනක්ම එනකන් බලාගෙන ඉන්න අතරෙ..අපේ එක් කෙනෙක් තමන්ගෙ අතේ තිබුණු ෆෝන් එකෙන් කැබ් සර්විස් එකකට කතා කළා...වෙලාවෙ හැටියට පාරෙ වෙන ත්‍රී වීල් ඇත්තෙත් නැති නිසා..ඒක හොඳ විකල්පයක් නිසාත් හැමෝම දැන් තම තමන් දන්න කැබ් සර්විස් වලට කතා කරනවා..


සරුත් දැන් කතා කරනවා..පොඩ්ඩක් කතා කරලා මේන් එක සිය ගානට බනිනවා..මෙන්න මෙහෙම..


වහලා දාන්ඩ කියනවා ඔය කෑබ් සර්විස් එක..කැබ් තියෙන්න ඕනි රෑකට මිනිස්සුන්ට යන්න මිසක් වෙන මොකටද ...
වගේ ඒවා කිය කියා..


අපි තේරුම් ගත්තා ෆෝන් එකේ අනිත් පැත්තෙ ඉන්න කෙනා මොනා හරි ජල්බරි උත්තරයක් දීලා තමයි කියලා..පස්සෙ ඇහුවහමයි සර් කිව්වෙ..


එහා පැත්තෙ හිටපු කෙනා කියලා මේ මහ රෑ නම් කැබ් එකක් එවන්න බෑ කියලා..හැබැයි සර් ගෙ උත්තරේ ඇහැව්වට පස්සෙ නම් කැබ් සර්විස් එකේ අය ඒ උත්තරේ නම් ආයි එන කෝල් වලට දෙන්න නැතුව ඇති...
ඊළඟ සිද්ධිය නම් තව කීප තැනකමත් කියවෙලා තිබුණා..


ඔහොම ආයි දවසක..සුහද හමුවක් තිබිලා..අපි ආපහු එනවා තුන් ශක රියක..පොලිස් මුර පලක් කිට්ටු වෙන්ඩ එන කොටම...සර් කෑ ගහනවා පොලිස් කාරයින්ට..


ඒයි හූ හූ..අපි බීලා ඉන්නෙ..ඔය ඇල්ලුවදෝ..හූ හූ...


මගේ නම් ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ..මූලග්ගය තියෙන පොලිස් මාමා කෙනෙකුට හෙම ඕක ඇහුණා නම්..වීල් එකෙන් මුලින්ම ඇදල අරගෙන සලකන්නෙ සර් ට නෙවෙයි..මට නිසයි... 


ඔහොම ඉන්න තැනක අපි සිහියකින් පතකින් හිටියොත් ඉතින් කතා සාගරයක් මැවෙන හමුවක් තමා තියෙන්නෙ.. අපේ අවාසනාවට ඉතින් අපිත් ඉන්නෙ ඔයවා ඇහුනත් ඒ වෙලාවට හිනා වෙලා ආතල් එකක් ගන්නවා මිසක් හිතේ රඳා පවතින තරමේ සිහියකින් නොවන නිසා...
ඒ කතා සරිත් සාගරයෙන් දැනට මතක් වෙන්නෙ ඔච්චරයි ආයිබොවන්ඩ

15 comments:

  1. වහල දාන්න කියනවා ඔය මගුල් බ්ලොග් එක...

    මීට සර්

    ReplyDelete
  2. තව ටිකෙන් මාත් ඔය දේශා කියපු එක කියන්නේ , තැන්කු වේවා වසන්තයා

    ReplyDelete
  3. ඔය සුපර් මාර්කට් නං වීදුරු දොරවල් වලින් වහගෙනම නේද ඉන්නෙ. අලුතෙන් වහන්න දෙයක් නෑනෙ.

    ReplyDelete
  4. තුනී ලෑලි තියෙනවද ? ටිකිරි මාරි පැකට් එකකුත් දෙන්න....!

    මේ වෙනී අයියේ, හෙල්මට් එකක් දාගෙන පල ඔය සර් එක්ක ගමන් බිමන් යන කොට.....!

    ReplyDelete
  5. බොස්ලත් එක්ක බොන එක මහා පාපකර්මයක්!

    ReplyDelete
  6. ඒ සර් හොඳ සර් කෙනෙක් වෙනී...

    ටැක්සි ගැනනම් කතා කරලා වැඩක් නැහැ... ඔව්ව කරනවා කියල ගණන් මිනුම් පත්තර වල ඇඩ් දාල කෙබර කෙළින උන්ගේ මව් පාර්ශවෙට සදාකාලිකවම පීනස වගේ ඇති මම හිතන්නේ...
    කිඹුහුං ඇරලා ඇරලා සීමාවකුත් නැතෑ...

    ReplyDelete
  7. අන්න බොස් ලා..

    ReplyDelete
  8. me kiyana sir thuma enagatta neda me iiye pereda wedding photography gena kiyanna gihin?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සර් එතන ඇන ගත්තද නැද්ද කියන එක ත්ගීරණය වෙන්නෙ..තමන්ගෙ දැනුම් මට්ටම අනුවයි. මොකද අදටත් බුකියෙ බ්‍රේන් ස්ටෝමින්ග් කියන සන්කල්පය හොඳටම ක්‍රියාත්මක වෙන්නෙ සර් ඉඳලා හිටලා දමන ඒ වගේ පෝස්ට් වලින්ම තමයි. වෘත්තියෙ නියැලිලා ඉන්න අය වගේම සේවය ලබා ගන්න අයගෙත් අදහස් එළියට ඇදලා ගන්න එක. මට නම් පෙනුනෙ හොඳින්ම ඒ කමෙන්ට් කියෙව්වහම..කමෙන්ට් ලියපු අයගෙ පටු, ආකල්ප ටික තමයි...

      Delete
  9. කවුද බං ඔය සර්?

    ReplyDelete
  10. සර් මතක් කරා කියහං

    ReplyDelete
  11. To sir with .... errr .. intoxication ??

    ReplyDelete
  12. ලෑලි කෑල්ලක් :D

    ReplyDelete