වසර අවසාන මහා චාරිකාවක් යන්න අපිත් එකතු උනා ඕන්න..
මෙන්න මෙහෙම සැලසුම් කරලා තිබ්බ චාරිකාවෙ සිතියම දකපු ගමන්ම ගොඩක් අය කීවෙ මේක යන්න නම් දවස් හතරක් වත් යයි කියලා සහ..මෙන්න බුදුන්...මෙන්න මල්...මෙන්න මං කියලා තමයි එන්න වෙන්නෙ කියලයි..ඇත්ත ඒ කතා සේරම මොකද කොළඹ ඉඳලා ලංකාවෙ නැගෙනහිර කෙළවරට ගිහින් බලා ගෙන එන්න දවස් දෙකකින්...වැඩිම වෙලාවක් බස් එක තමයි කියන හැඟීම මටත් තිබුනා..
ඒත්..
මේක කාර්යාලයෙන් තම තමන්ගෙ පවුල් සමඟ යන චාරිකාවක් නිසා මට නම් හරි සතුටුයි..මොකද කාර්යාලයේ අයගේ පවුල් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්න එන එක අවස්ථාවක් මේක වීම..ඒ හින්දා දවසම බස් එකේ උනත් කමක් නෑ වගේ හැඟීමක් තමයි මට නම් තිබුනෙ. උදේ පාන්දර 4 ට විතර පටන් ගත්ත චාරිකාව...
නුවර පහු කලා අතරමඟින් ගන්න ඕනි සේරමත් එකතු කර ගෙන...
මහියංගනයට ගිහින් එතන බොහොම නිවී හැනහිල්ලේ වැඳ පුදා ගෙන..
දවල් කෑම කන්න ළඟ තිබුනු බෙලිගල්ල පන්සලට ගියා..එතන තිබුනු සඳකඩ පහනක් මෙන්න..
මහ ඔය උණුවතුර ලිං..සමහර ලිං වල නම් නාන්න පුළුවන් තරමේ රස්නයක් තිබුනත්..මේවයෙ රස්නයට තේ හදන්නත් පුළුවන්..බස් එකේදි හැමෝම විහිළු කලේ මම ෆොටෝ ගත්තෙ නාන අයගෙ කියලයි..අනේ මම එහෙම කලේ නෑ..
අරන්තලාව භික්ෂු ඝාතනය වෙච්ච තැන..එතන දැයට කිරුලත් එක්ක ළඟම තිබ්බ ඉඩමත් අරගෙන..අර ඝාතනයට ලක් වෙච්ච භික්ෂූන් හිටි සැබෑ බස් රථයම ගෙනත් ඒ සිද්ධිය අඹලා තිබ්බා හද සසල වෙන විදියට..අමතක වෙන්න නොදී රැක ගන්න ඕනි අතීතයක් ඒක..
ඊළඟට බුද්ධංගල..ඓතිහාසික පුරා විද්‍යාත්මක බිමක් උනාට අළුතින් හදපු දේවල් නිසා..අනේ මන්දා..
පහු වෙනිදා උදෙන්ම ඕළුවිල් අපේ නවාතැනේ ඉඳන් මීට 100ක් විතර එහායින් තිබ්බ වෙරළට අපි දුව ගෙන ගියේ..නැගෙනහිරින් හිරු පායන හැටි බලන්න..නපුරු වළාකුල් ඒකට ඉඩ දුන්නෙ නැතත්..අපි දකින්න තිබුනු අසිරිය නම් විඳ ගත්තා අපූරුවට..
දීඝවාපිය පුද බිමත් වැඳ පුදා ගත්ත අපි..
ඊළඟට ගියේ මුහුදු මහා විහාරයට..එතැනදී හාමුදුරුවන්ගෙන එහි විස්තර ඇතුලත් බණක්ද ශ්‍රවණය කරලා..
ගියා ආරුගම් බේ වලට.. එතැනදී නම් නාන්න ඕනි අය මුහුදෙ පැනලා නෑවා හිතේ හැටියට..මගේ නම් මේ අවුරුද්දෙ නාන කෝටා එක ඉවර වෙලා හින්දා..දුකින් උනත් නොනාම හිටියා..
අපේ සඳරූ මලයත් කෝල් එකක්ම දීලා විස්තර ඇහුවා මේ හරියෙදි..ඒත් ඉතින් පුද්ගලික චාරිකාවක් නොවන නිසා හමු වෙන්න වෙලාවක් නම් තිබ්බෙ නෑ..ඒත් ඒ වෙලාවෙ අපේ දුක සැප කොහොමද කියලා අහලා හොයලා බලපු එකත් අපූරුයි නේ ඉතින්..
අපේ චන්දන ලියනාරච්චි මලයත් අම්පාර ටවුමෙම ඉන්නවයි කී නිසා හතර අතේ අත වන වනා ගියා..දුටුවද නම් දන්නෙ නෑ..
එතනින් මඟුල් මහා විහාරයටත් ගිහින්
අන්තිමේදී මුලින් දවස් හතරක්වත් යයි කියලා හිතපු චාරිකාව දවස් දෙකකින් ඉවර කර ගන්න ලැබුනා..බලන්න සැලසුම් කරලා තිබුනු තැනුත් බොහොම නිවී හැනහිල්ලේ බලා ගත්තත් එක්ක..
මොනරාගලින් පටන් අරන් අරන්තලාව, මගුල් මහා විහාරය, උණුවතුර ලිං, දීඝවාපිය, ඔන්න ඔය ටිකේ අපිත් ගියා. අරංතලාව අපි යනකොටනම් බස් එක තිබුණෙ නෑ. අර පාරෙන් වම්පැත්තෙ ටිකක් දුර පයින් ගිහින් බලන්න තිබුණෙ. මීට අවුරුදු 3කට විතර කලින්. ඒ හරියට තොප්පිගල පේනව.
ReplyDeleteඒ බස් එක සහ ස්මාරකයන් හදල තියෙන්නෙ දැයට කිරුලත් එක්කලු..මතකද ඒ දවස් වල තිබුනු ස්මාරකයට එහා පැත්තෙ තිබුනු කැළෑව වගේ බිම් කොටස..ඒ හරිය තමයි ඒ..
Deleteමුහුදු මහා විහාරය සහ මඟුල් මහා විහාරය කියන්නේ බලන්න වටින තැන් දෙකක්..ලංකාවේ බීච් වලින් මම ආසම බීච් එක තියෙන්නේ මුහුදු මහ විහාරය ළඟ.. ඒකේ රැල්ල පාගන්න බැරි තරම් මුහුදු සැරයිලු. ඒත් එතන හරිම ලස්සනයි. නිස්කලංක තැනක්....
ReplyDeleteබුද්ධංගල ගිහින් නැති වුණත් වැඳපුදාගන්න නියම තැනක් වගේ.....
අයියා සෑහෙන්න රවුමක් ගහලා තියෙන පාටයි.....
ඔව්...ඒ විහාර දෙක නම් බලා කියා ගන්නම වටිනවා..ඒ කාලෙ බැරි වෙච්ච ඒවා..දැන් නම් නිදහසේ වැඳ පුදා ගන්න පුළුවන් වෙලා තියෙනවා.. ආරුගම්බේ උනත් මුහුද තරමක් සැරයි..නාන්න තියෙන අවදානම අඩු ප්‍රදේශය ඉතා කුඩායි..
Deleteනියමයි වෙනී අන්කල්.... :)
ReplyDeleteස්තූතියි මල්ලි..
Deleteකිව්වත් වගේ මෙච්චර තැන් බලාගන්න හම්බුනා කියන්නේ ලොකු දෙයක්
ReplyDeleteඔව් සැලසු කරපු සේරම තැන් බලන්න පුළුවන් උනා..
Deleteබොලා වාසනාවන්තයි...අපි ගාල්ලෙ ඉඳල...ඕයපැත්තෙ ගොහින්..පාසිකුඩා එක දවසක් ඉඳල..දෙවෙනි දවසෙ නුවරට ආව මහියංගනය හරහා ඕච්චරයි..ආ මගුල්මහා විහාරයටත් ගියා..!
ReplyDeleteමුලින්ම සැලසු කරද්දි මමත් හිතුවෙම ඔය තැන් දෙකකට විතර යන්න පුළුවන් වෙයි කියලයි...මොකද අර පොත් බෙදා දෙන උත්සවේට අම්පාරෙ ගියා දවසම ගියා යන්නම..ඒ අත්දැකීමත් එක්ක මම මුලින් එහෙම හිතූ එකත් හරි..
Deleteඇවිද්ද පය දහස් වටීනම් ලියන්නගේ කකුල් කොච්චර වටිනවා ඇද්ද දැං (වටින එවුන්ට)!
ReplyDeleteඒක නම් ඇත්ත හෙන්රි..මේ ඔෆිස් ට්‍රිප් එක නම් ඉතින් හැම අවුරුද්දෙම යනවා..ඊට අමතරව යන ට්‍රිප් තමයි දැන් දැන් අඩු වෙන්නෙ..
Deleteමොකක් කිව්වා? අපි ඔක්කොම වෙරළට දිව්වා නැගෙනහිරින් ඉර පායන හැටි බලන්න. ඇයි අප්පේ එහෙන් නේන්නම් හැමදාම පායන්නේ :D
ReplyDeleteනියම සංචාරයක්. අපේ කට්ටියකුත් ඔන්න ලෑස්තිවෙනවා ලබන මාසේ හොඳ සංචාරයක් යන්න.
අර ස්මාරකය ඔය අරන්තලා ඝාතකයා ඔතනට එක්ක ඇවිල්ල හොම්බට දෙකක් ඇනලා පෙන්නන්න ආසයි.
ඔව් විචාරක අපි ඉතින් මෙහෙ බස්නාහිර වෙරලේ ඉඳලා ඉර බහින එකනෙ බලන් ඉන්නෙ..
Deleteඔව් ඒ ස්මාරකය පෙන්නන්න ඕනි තමයි ඒ මනුස්සයට..
අන්න නියම කතාව විචාරක.. හැක්
Deleteමේ ඔක්කොමටම කලින් ගිය බර්ලින් චාරිකාව ගැන ලියලා නෑනේ වෙනී අයියා..
ReplyDeleteඔව් ඔව් ඒක ගැනත් ලියන්න ඕනි මල්ලි.
Deleteමාත් ඔය බුද්ධංගල ගැන ලිව්ව නෙව.. ඕං බලාගන්න..
ReplyDeleteබුද්ධංගල පුරාවිද්‍යාවට එපාද??
මම ඒක කියෙව්වෙ මේ යන්න ඉස්සර වෙලා..කමෙන්ටුවකුත් දැම්මා වෙ.ම. !
Deleteකෙටි කාලයකින් සෑහෙන තැන් වලට ගිහින්. වටිනවා.
ReplyDeleteඔව් අරූ..උදෙන්ම පටන් ගත්ත නිසාත්..සෙට් එකම කිව වෙලාවට ආපහු ආ නිසාත් එහෙම කලා..
Deleteහරියට සංවිධානය කරල ගියානං ඔය තැන්ටික බලාගන්න පුලුවං. ඒ වගේම යන වාහනේ එලෝන එකත් වැඩකාරයෙක් වෙන්න ඕන. පුද්ගලික ගමනක් විදියට ගියානං ඔය ටිකෙන් බාගයයි බලාගන්න වෙන්නෙ.
ReplyDeleteකෝ අර අනුමත විච්ච ඒව ගැන කියල නෑනෙ.
ඔව් ප්‍රසා ඒක නම් ඇත්ත...ගොඩකෙවෙල හරියෙදි ප්රසාවත් මතක් කලා..කිවිසුම් යන්න ඇති මයෙ හිතේ.. අනුමත උනේ නම් රෑ විතරයි..ඒවයෙ ෆොටෝ දැම්මෙ නෑ..
Delete//මම ෆොටෝ ගත්තෙ නාන අයගෙ කියලයි..
ReplyDeleteඑහෙනම් කන්තෝරුවේ එවුනුත් දන්නවා නෙවී උන්දෑ කැරැට්ටුව...හික්ස් :)
නියම ගමනක්... !!!
අපොයි ඔව්..කාලයක් වෙනවනෙ වසන්න වෙලා..කට්ටිය දන්නවා..
Deleteඅපූරු ගමනක් ගිහින් තියෙන්නේ. අර හාමුදුරුවන් ගෙ පින්තූරෙ දකිද්දි නම් දුක යි.
ReplyDeleteඔව් දිලිනි ඒ අඹපු ටික තියෙන්නෙ ඇත්තටම ඒ සිද්ධිය වෙච්ච බස් රථය ඇතුලෙමයි..දකිද්දි දුකයි..
Deleteමේ එක තැනකටවත් මම ගිහින් නෑ. දුකයි
ReplyDeleteඅම්පාර පැත්තෙ ට්‍රිප් එකක් දාගත්තොත් බලන්න..වටිනවා මේ තැන් ටික..
Deleteවැද පුදාගෙන ඇවිත් තියෙන පාටයි ...ඒත් කෝ අර නාන කාන්තාවන්ගේ පින්තූර ටික දාලා නැහැනේ ..
ReplyDeleteඑතන වැඩියෙන්ම නෑවෙ පිරිමි අය චමී..උනු වතුර ඇඟට වැටෙන කොට උඩ පනිනවා බලන්න සුන්දරයි..
Deleteමමත් ඔය ඉසවුවේම කරක් ගගහ හිටියෙ, වෙනි එන අරන්චියටම සුරුස් ගාල බස්නාහිරට පැනගත්ත, ඔන්න අපේ ප්‍රසා සාක්කි,
ReplyDeleteඇත්තද ? හෆොයි..ප්‍රසාගෙ ගෙවල් හරහද ආවෙ ?
Deleteඅරංතලාවෙ භික්ෂු ස්මාරකේ හැදුවට පස්සෙ ඒක බලන්න යන්න බැරි උනා.ලියන්නා ලියපුවා හැටියට ඒ පැත්තෙ යන්න ආස හිතුනා.
ReplyDeleteඔව් දැන් ඒ ස්ථානය හරිම සංවේදී තැනක් කරලා තියෙන්නෙ...
Deleteහොද රවුමක් ගහල තියෙන්නෙ..ලස්සන ෆොටෝ ටික..
ReplyDeleteස්තූතියි උමේෂ් ඔබටත්...
Delete