බොහොම කාලෙකට පස්සෙ හිතයි ගතයි දෙකම ප්‍රබල අකර්න්ය වීමකට ලක් වෙලා හිටියා.. මේ කාලෙ තුළ දුරකථනයෙන් හා සයිබර් අවකාශය හරහා මාත් එක්ක පොඩියක් හරි දුක සැප හදා ගත්ත සහෘද කැලට මගේ හදපිරි ස්තූතිය සහ ප්‍රණාමය.. තවමත් කෙටි කතාවක් ගොඩ නගා ගන්න හෝ ඡායාරූප ලිපියක් පළ කරන්න විසිරුණු සිතේ කැබලි එකමුතු කරා මදි මදි වගෙයි...
නමුත් වරෙක මා සතුටින් කුල්මත් කල කෙටි කථා ගොඩනැගීම විවිධ තේමාවල් හරහා අකුරුකරනය කරන්න පටන් ගන්න ඕනි..එයින් ලද තෘප්තිය තරම් වෙනත් දෙයක් නැති තරම්.
මේ සිදුවීම උණේ ඊයෙ උදේ 10.30 ට විතර..154 කිරිබත්ගොඩ - ගල්කිස්ස බස් රථය තුළදී..
මම හිටියෙ පස්සෙම සීට් එකේ..ඒ සීට් එකේම තව හතර දෙනෙක් හිටිය.. මම සුපුරුදු විදියටම කවුළුවෙන් එහා මාව පහු කරගෙන යන ගොඩනැගිලි දිහා දෙනෙත රඳවා ගෙන සිටියා..මම ළඟ හිටි අවුරුදු 30ක විත්ර තරුණයා කලබලයෙන් එහාට මෙහාට දඟලනවා..තමන්ගෙ සාක්කු වලට අත දා ගෙන මොනවදෝඅ හොයනව. මගේ ඇඟෙත් හැප්පුණ දෙසැරයක් විතර. දැන් මට තේරෙනවා ඒක ඔවරැක්ටින් වගෙයි කියලා.
"මගේ ෆෝන් එක උස්සලා.."
දෙතුන් සැරයක් කිව්ව මේකා
"සර් ළඟ තියෙනවද ෆෝන් එකක් කෝල් එකක් ගන්න"
මගෙන් අහපි. මට මතක් උණා යම් සිදුවීමක් පත්තරේ ගිය..
"මමලඟ නෑ"
මම උත්තර බැන්දා.
.
"චෙහ් මම ආවෙ 135 බස් එකේ..ඒකෙ එකෙක් උස්සන්න ඇති"
මාව අත ඇරලා අනිත් පැත්තෙ හිටි කෙනාව අල්ලා ගෙන මිනිහා කියෝනවා.
අනේ අර මනුස්සයා එයාගෙ ෆෝන් එක අරන් මේ යකා කීව නොම්මරේ ඩයල් කරනවා..
මම මේකට හොරෙන් අර මනුස්සයගෙ අවධානය ගන්න
"ටක් ගාලා බස් එකෙන් බැහැලා ගිහින් අර බස් එකේ බලන්න"
කියලා හයියෙන් කියන ගමන් මාව දිහාට යොමූණු ඇස් වලට කිව්වා අංග චලනයෙන්.. එපා එපා එපා.. කියලා.යන්තම් මිනිහට තේරුණා මම කීව එක.
"රින්ග්ස් යනවා ගන්නෙ නෑ"
කියලා මා දිහා බලලා හිනා වෙමින් කී කෙනා හෙමිහිට තමන්ගෙ සාක්කුවට තමන්ගෙ දුරකථනය දා ගත්තා..මේ මනුස්සයා කියෝනවා කියෝනවා..තව කෙනෙක්ගෙ ෆෝන් එකක් ගන්න තරමටම..
"මොකද්ද ෆෝන් එක ?"
එක් කෙනෙක් ඇහුවා..
"ගලැක්සි නෝට් ත්‍රී එකක්"
මට බකස් ගාලා හිනා ගියා..
අනිත් එක ගැලැක්සි නෝට් 3 කියන්නෙ තාම මාකට් එකටවත් නො ආපු ෆෝන් එකක් ඒක තමයි විහිළුවට කාරණය..
එච්චර ලොකු ෆෝන් එකක් දා ගන්න පූළුවන් සාක්කු තියෙන කලිසමක් නෙවෙයි මිනිහා ඇඳලා හිටියෙ.. ඩෙනිමක් ඇඟට හිර වෙච්ච.. අනික එච්චර හිරට ඇඳන් හිටි කලිසමේ පොකට් එකෙන් අච්ඡර ලොකු ෆෝන් එකක් ඇදලා ගන්නවා නොතේරෙන්න මිනිහට ලාදුරුද මන්දා ?!
මම මගේ සුපුරුදු හන්දියෙන් බහින කොටත් මිනිහා අනිත් අයට කතාව කියෝනවා..
මට මතක් වෙච්ච අතීත සිද්ධිය..
මොකක් හරි හදිස්සියක් කියලා..පාරෙ යන කෙනෙක්ගෙන ෆෝන් එක පොඩ්ඩකට ඉල්ලගෙන , සිග්නල් මදි කියලා..පොඩ්ඩක් එහාට ගිහින් ඔරේ රන් කරපු සීන් එකක් පත්තරේ ගියා..ඒකයි මට මතක් උණේ..මේකත් එහෙම සිද්ධියක් වෙන්න ඕනි..
මනුස්සකම් වලින් ක්ෂණිකව උණු වෙන වෙඬරු වගේ හිත් වලට ගින්දර දාන මුන් වගේ උන් නිසා ඇත්තටම මනුස්සෙක්ටවත් උඩව්වක් නොකරන සමාජයක් බිහි වෙන එක අරුමයක් නෙවෙයි කොහොමත්ම..
දැන්නං මනුස්සයෙකුට උදව්වක් කරන්න දෙපාරක් හිතන්න ඕන තමයි.
ReplyDeleteවෙනී අයියට අහන්න තිබුණෙ ගැලක්සි එක කොහෙන්ද ගත්තෙ කියල. :D
සහතික ඇත්ත..මල්ලි, මම බොහොම කෙටි දුරයිනෙ බස් එකේ ගියේ..හැබැයි අර කෝල් එක ගන්න උදව් කල කෙනාට නම් කීවා..මෙහෙම දේවලුත් වෙනවා කියලා
Deleteමෙහෙ හොඳයි සමහර රටවල අතේ තියෙන එක උදුරන් දුවනවා...
ReplyDeleteඔය ක්‍රමෙත් මෙහෙට බෝ වෙයි මාතලන් ළඟදීම..අහල තියෙනවද ගෑස් කඩ හොරෙන් කඩලා සිලිංඩර අරන් යනවා..පන්නිපිටියෙ එහෙම දෙයක් උනා..සිලිංඩර 37ක් උස්සලාලු එක රෑක..බඩියක පටවන් ගිහින් තියෙන්නෙ..
Deleteමම මේ ඒකත් වෙනවා කියන්න හැදුවේ. මේ ලඟදි බස් ඒකෙන් බැස්ස ටිකක් වයසක මනුස්සයෙක් යන ගමන් කෝල් එකක් අරන්. කොහොමහරි කෝල් එක අරන් යනකොට කඩාගෙන දුවලා.ෆෝන් එක බරපතල විදියට හොඳ එකක්ලු කියලයි ආරංචිය.
Deleteඑහෙමද ? එහෙනම් මම අනාගත කාලයෙන් කීව දේ වර්තමාන කාලයෙන් කිව්වහැකි..
Deleteඅනේ හපොයි අපේ රටට වෙච්චි දෙයක්....
ReplyDeleteහොරකම් නම් ඔයවගේ එව්වා වෙන්නෙ..ඒත් අපචාර !? ඉහිලුම් නෑ ඒවා ගැන ඇහෙන කොටනම්..
Deleteඅපේ මාමගෙ පුත්තරයටත් ගිය මාසෙ ඔහොම වැඩක් වෙලා තිබුනා. ඌ මේ තවම ඒලෙවල් කරන එකෙක්. කොල්ලොත් එක්ක ගිහින් මොකක්ද අනතුරක් වෙලා හතර පස්දෙනෙක්ම එකට ගිහින් ඉස්පිටිතාලෙ බෙහෙත් දාගන්න. ඒ අස්සෙ එතන හිටපු කෙනෙක් මගේ ටිකට් කැපුවා ගෙදරට කියන්න ෆෝන් එක පොඩ්ඩක් දෙන්න කියල ඉල්ලල. අරූ දීලා. උන්ගෙ කලබල අස්සෙ ඌට අමතක වෙලා. අන්තිමට බලනකොට පොර නෑලු. ගත්ත එකා ඒ සිම් එකෙන් මොකක් හරි පඩත්තල වැඩක් කළොත් කියල පොලිසියෙ පැමිණිල්ලක් දාලා නිකා හිටියා.
ReplyDeleteවෙනී අයියටත් තිබුනෙ එතැන හිටපු මිනිස්සුන්ට දැනගන්නත් එක්ක ඇත්ත කියන්න. ඌ පාඩමක් ඉගෙන ගත්තත් නැතත් බස් එකේ හිටපු මිනිස්සු පාඩමක් ඉගෙන ගනීවි.
රෝහල් වල නම් ලෙඩෙක් ළඟ තියෙන බඩු පවා හොරෙන් උස්සනවා.. මම කිව්වා පොඩ්ඩක් අර උදව් කරපු මනුස්සයට ඇහෙන්න.. බයයි වැඩේ ගැස්සුනු කේන්තියට දැලි පිහි පාරක්වත් ඇද ගෙන ගියොත් කියලත් හිතුනා...එහෙම දේවලුත් වෙලා තියෙනවා..පික් පොකට් කාරයෙක් පොකට් එකකට විදින්න ගිහින්..ළඟ හිටි ගෑණු කෙනා කියලා..මේ යකා දැලි පිහි පාරක් දීලා මූන හරහම ඊට පස්සෙයි බස් එකෙන් බැහැලා තියෙන්නෙ..
Deleteමෙහෙම මගඩිත් තියනවා එහෙනං. දැනගත් එක හොදයි වෙනි. මොකද වෙලා තියෙන්නේ කිසිවක් දන්නෙ නැ. ඔබේ අංකයක් වත් මා සතුව නෑනේ.
ReplyDeleteමෙයා චුටි බබා.ඇයි යකෝ ලංකාවෙ සදාචාරාත්මක සියලුම මාධ්‍ය වලින් දවස ගානේ ඔය වගේ සීන් පලකරනවද/කියනවද/පෙන්නනවද?
Deleteනලින් මම නම්බර් එක එවන්නම් මූණුපොතෙන්..
Deleteකෙන්ජි කියන කතාවත් ඇත්ත..පත්තරවල වෙන්වෙච්ච පිටුව ගානෙ තියෙනවා නේද අපරාධ වෙච්චා රහ කරලා කියවන්න..
ඕකට තමයි කියන්නෙ මනුස්සකමට දැක්කෙ නෑ කිව්වම පොඩ්ඩක් රෙද්ද ඉස්සුවම පුකේ අරින්න එනවා කියලා..
ReplyDeleteආන්න හරි අමිල මල්ලි...ඒකෙන් වෙන්නෙ වෙන හොඳ දේකටවත් රෙද්ද උස්සන්න බය වෙන එකම තමයි..
Deleteඋදව්වක් කරන්න ඉස්සර තුන්හතරපාරක් හිතන්න ඕන කාලයක්.
ReplyDeleteඇත්තටම ඒකයි වෙන්නෙ..දූෂිත සමාජයකින් වෙන දෙයක් බලපොරොත්තු වෙන්නත් බැරි හැඩයි..සැබෑවටම උදව් දිය යුතු අයටත් ඒකෙන් වෙන අවාසිය බොහොම ඉහලයි..
Deleteඑක එක ජල්තර කාරයො ලංකාවෙ එන්න එන්නම වැඩි වෙනව.
ReplyDeleteතව ටික කාලෙකින් ෂොපින් බෑග් එකට කඩෙන් අරං යන එක වේලේ මල්ල උදුරන් යනව.
ඔව්මයි කෙන්ජි..මොකද ශොපිං බෑග් එකක් පුරවලා බඩු ගේනවා කියන්නෙ...රු. හාර පන්දාහක වටින එළවලු, පලතුරු තමයි..ඉතින් එහෙම කාලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්..
Deleteඉට පස්සෙ කොහොමද අපි මිනිස්කමක් බලාපොරොත්තුවෙන්නෙ
ReplyDeleteඔව් මනුස්සකම පුද්ගලයන්ගේ හද මඩලේම සැඟවිලා යාවි..කනගාටුයි තමයි... ඒත්...
Deleteසුවීට්.. තව ටික කාලෙකින් මිනිහෙක් පාර මැද්දේ මැරිලා හිටියත් නොදැක්කා වගේ යන්න වෙයි. දැනටත් ඒ වගේ තමා...
ReplyDeleteඔව් හිරු දැනටත් ඒ වගෙයි..ඔය අපස්මාරය හැදිලා වගේ කටෙන් පෙන දදා ඉන්න මිනිස්සු..උදව්වට ආපු අයගෙන් ගාන කපා ගන්න සීන් එකක් මට ඇහුනා..
Deleteසමහර විට ඒ අසරණ මනුශ්‍යයට ෆෝන් එකක් නැතුව ඇති..... අළුත් එකක් ගන්න සල්ලි නැතුව ඇති...... පව්.... ඔබට තිබුනෙ ඒ පුද්ගලයට ඔබේ ෆෝන් එක දෙන්න..... නැතිනම් ෆෝන් එකක් ගන්න සල්ලි දෙන්න....
ReplyDeleteඇනෝ කියන එකත් ඇත්ත..අයි දවසක එහෙම උනොත් මම ඔබ කී විදියටම කරන්නම්කො..
Deleteඈ බං, දැන් ෆෝන් ඉස්සුවට වැඩක් නෑ අර අහවල් නොම්මරේ තියෙන හන්දා පට් ගාලා හොයාගන්න පුලුවන් කිව්ව නිසා මම හිතුවේ දැන් ෆෝන් ඉස්සිල්ල අඩුයි කියලා.
ReplyDeleteමං හිතන්නෙ අයියා ඔය වගේ ඒව උන් කාගෙ හරි ඇඟේ ගහනව අඩුවට. ඕවගේ ඒවට අහුවෙන හරක් තාමත් ඉන්නව ජයටම, අඩුවට දෙනවය කිව්වොත් ඕන දහජරාවක්. අන්තිමට අමාරුවෙ වැටෙන්නෙ ගත්ත මිනිහ.
Deleteමෙන්න මටත් හිතුන කතාව. ඒත් මං හිතුවේ මේ පොන් එකෙන් කෝල් එකක් යාලුවෙකුට අරගෙන ඉන් පස්සේ ඒ අංකයට ගේමක් දෙන සීන් එකක්. අන්න මගේ කමෙන්ට් එකට කෙන්ජිට මල පැනලා.
Deleteහෙහ් හෙහ් ... කෙන්ජි අයියා වෙලාවකට මල අතේ තියන් ඉන්නෙ, නේද.
Deleteනම්බරේ..එහෙමට අඩුවක් නෑ..දුටු තැන උස්සනවා හෙන් රි..
Deleteඇත්තටම අර අනිත් මනුස්සයා අර නොම්මරේට ඩයක් කල නිසා..එහෙමත් කරන්න පුළුවන්...
නලිය,තද වෙන්නෙ නැද්ද බොල ප්‍රවීන මාධ්‍යවේදියෙක්,රට රටවල ගිය කෙනෙක් විදියට මරිසිපාල ලාගෙ වැඩ දන්නෙ නැහැ කිව්වම.
Deleteහොද වෙලාවට අමුවෙන් ඉන්න වෙලේ දැක්කෙ.
ලග දෙක තුනක් නමාගෙන හිටියනම් මොනව ලියැවෙයිද දන්නෙ නැහැ :):):).
ඒක ඒ කියන තරම්ම වෙන්නෙ නෑ ඩූඩ්. දන්නවනේ ලංකාවෙ හුඟක් ආන්ඩුවෙ තැන් වල වැඩ කරන හැටි. මම දන්න කියන කීපදෙනෙක්ම එමි නම්බර් එක ඔය විදියට ටී.ආර්.සී. එකට යැව්වා. තාම ප්‍රතිචාරයක් නෑ. කරන්න මහලොකු දෙයක් නෑ ඔතන. මම දන්න යාලුවෙක් නම් ඩයලොග් එකේ ඉන්න යාලුවෙකුට කියල දැන් ෆෝන් එක පාවිච්චි කරන නම්බර් එක හොයාගෙන තිබ්බ. ඒක ඉතින් නීතිවිරෝදී වැඩක්. හුඟ දෙනෙක් ඒක කරන්නෙ නෑ. මොකද කරල අහු උන්නොත් උගේ රස්සාවට සොරි.
Deleteඕ...ඕ..ඒකත් එහෙමද ? එහෙනම් ඩූඩ් කීව දේ අපිට මෙහෙ කරන්න හම්බ වෙන්නෙ නෑ.. හැබැයි මගේ ෆෝන් එකේ තියෙනව ෆීචර එක..කවුරුහරි ෆෝන් එක උස්සලා වෙන සිම් කාර්ඩ් එකක් දමපු සැනින් මට එස් එම් එස් එකක් සමඟ ඊ මේලයක් එනවා..
Deleteවෙනී අයියට තද වෙලා තියෙන්නේ වෙන එහෙකට නෙවෙයි තමුන්ගේ රස්සාවම තව එකෙක් කොරන්න ගිය හින්දා.. ඕකට කියන්නේ වෘත්තීමය ඉරිසියාවද මොකක්ද එකක්... :D :D :D
ReplyDeleteහික්ස්...ඔය කීවෙ..මම තාම බැස්සෙ නැත්තෙ ඔය ජොබ් එකට..තාම ප්‍රැක්ටිස් මදි නිසා..
Delete//බොහොම කාලෙකට පස්සෙ හිතයි ගතයි දෙකම ප්‍රබල අකර්න්ය වීමකට ලක් වෙලා හිටියා.. //
ReplyDeleteගෙදර හිටියේ නෑ වෙනියෝ...ඒ හන්දා පහුගිය දවස්වල මොනා උනාද කියලා දන්නෙත් නෑ.:(
මිනිස්සු මෙහෙම කරන්නේ දුප්පත්කම හින්දද? නැත්නම් ෆෝන් එකට ආසා හන්දද?
ඔබ කිවූ හේතු 2ම නිසා වෙන්න පුලුවන්
Deleteඔහොම කතාවක් නොඇහව්ව දවසක් මතක් කරන්න බලාන පුලුවන්නම්,
ReplyDeleteඔහොම සීන් කීපයක්ම පහු ගිය පත්තර වල ගියා මල්ලි..
DeleteLets Start Weni..
ReplyDeleteyup...step by step..
Deleteවෙනි උඹේ තුන නැතිඋනා කීවට පස්සේ අද තමයි දැක්කේ. මෙඡාර දවස් තුන හෙව්වද?
ReplyDeleteනැහැ අයිලාස් අසනීප වෙලා හිටිය..සති 5ක්ම එක දිගටම ගෙදර..මම හිටියෙ මෙහෙ නෙවෙයි..ලැපෙක් නෑ මහ ගෙදර..ඒකයි උනේ..
Deleteඅනේ අපොයි...
ReplyDeleteසුදු මහත්තයා දැන් ඔය කවුරු ගැනද විස්සෝප වෙන්නෙ..
Deleteලොරි කාරයෙක් රෑ පාරෙ හිටපු එකෙක්ව දාගෙන ගිහින්. ටික දුරක් ගිහින් බෙල්ලට පිහියක් තියල මාව ගෙදරටම ගිහින් දාපන් කිව්වලු. ලොරි කාරය අතුරු පාරක් දුගේ හෙන දුරක් එක්කගෙන ගිහින්. උගේ පර්ස් එකයි ෆෝන් එකයි අරගෙන මිනිහ කැලෑවක් හරියෙන් බැහැගෙන. ඔන්න ඔහොමයි උදව් කරන්න ගියාම වෙන්නෙ. වෙනද රෑට මනුස්සයෙක් පාරේන්නව දැක්කම ඉඩ තියනවනම් අනිවා දාගෙන එනවා. දැන් නම් දැක්කම අර සිද්දිය මතක් වෙන්නෙ. ඉතින් මොකටද නිකම් ඉල්ලල ටිංකිරි ගාගන්නෙ කියල නවත්තන්නෙ නැතුව එනවා.
ReplyDeleteඇත්ත වාහන වල තත්වෙ නම් ඕකම තමයි..සමහර තුන් රෝද රියදුරො..දිග ගමනක් යන්න එන්නෙත් අකමැත්තෙන්..රාත්‍රියට..
Deleteදවසක් අපේ හාමිනේගෙ ෆෝන් එක උදුරගෙනම යන්න හැදුවා පොඩි කොල්ලෙක්.... උදව් කරන්න නම් දැන් සෑහෙන කස්ටිය බයයි තමයි.
ReplyDeleteඅකර්න්ය හරිද, නැත්නම් අකර්මන්‍ය ද, දෙකම හරිද?
ඔව් ගොඩල් වෙලාවට කාන්තා පාර්ශ්වයේ බඩි මං කොල්ල කන වා වැඩී..
Deleteස්තුතියි තිසර අකර්මන්‍ය වෙන්න ඕනි හරි වචනෙ..
ඇත්තටම උවමනවක් උනත් උදව්වක් ගන්න බැරි වෙනවා
ReplyDeleteඔයාට මොකක් හරි උවමනාවක් තියනවද? උදව්වක් ඕනෙද?
Deleteඈ ඇනෝ මොකාටද එන්න හදන්නේ...කොල්ලා ගෙට ගනිං මාමේ... ..
Delete!
O
@ඇනෝ
Deleteමම අදහස් කරන්නෙ මගදී කෝල් එකක් ගන්න උවමනාවක් උනොත්
මිනිහෙක් මග මැරුනත් බලන්නැති ජාතියක් බවට අපි පත්වෙමින් යන්නෙ මේ වගේ දේවල් නිසා. පාලන තන්ත්රය ජනතාවට මනුස්සයන්ට වගේ සළකන්නැති වෙනකොට, මිනිස්සු තිරිසන් වෙන එක අරුමයක් නෙවෙයි.
ReplyDeleteආපහු ලියන්න ආපු එකට සතුටුයි වැනියෝ....
ReplyDeleteඔය වගේ එව්වා මෙහෙත් වෙනවා..ලංකාවේ අයත් කරනවා... හදිසියකට උදව්වක් කරන්න තියන හිතත් නැති කරගෙන තමා ඉන්න වෙන්නේ දැන්...