ක්ෂිතිජයට ඉමක් තිබේද ?
එය සොයා යාම අර්ථාන්විත දෙයක්ද ?
එය ක්ෂණයකින් නැති වී යා හැකි කාරණා සිය දහසක් මැද දිවි ගෙවන මේ ජීවිතයට කිසිදා හෝ හමුවේද ?
දෙසවන් තුලට අන් ශබ්දයක් යා නොදී හෝ හෝ හඬින් හා එම හඬ තුල ජීවිතයේ සියළු දුක්ඛ දෝමනස්සයන් භාව රාව ප්රතිරාව දෙන්නා වු වෙරල සමීපයේ වූ පොල් කොටය මත හිඳ මා මගෙන්ම මෙම ප්‍රශ්ණ අසා ගත්තෙමි.
ක්ෂිතිජයේ ඈත ඉම කොනක හිරු රාජයා ලොවින් සමු ගැනීමට ඉතා ආසන්නය..
ඉහත ප්‍රශ්ණ තුනටම පිළිතුර,
"ඔව්"
යන්න හැර වෙන කිසිම පිළිතුරක් මා හද සන්තානයේ නොමැත.
මම දනිමි.
"මොන හරකෙක්ද බන් ඒ?"
"හරිම ගොන් උත්තරයක් ඒක."
"මෙලෝ ඉගෙනීමක් නැති කෙනෙක් උනත් ඔයිට වඩා බුද්ධිමත් උත්තරයක් දෙයි."
"වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැතුව ඇති.."
"මේ වගේ මෝඩ හරක්නෙ ඉන්නෙ අපි එක්කත් ලොකුවට.."
"අවුරුදු හතලිහක් ජීවත් වෙලා තියෙන්නෙ අන්ධයෙක් , ගොළුවෙක් බීරෙක් වගේනෙ.."
"අමු පිස්සෙක්නෙ !"
දස දෙසින් සමච්චල් සිනා හඬ ඇසෙනු ඇත...
ඒත් සමා වෙන්න සොයුර සොයුරිය..
ඔව්
යන්න හැර වෙනත් කිසිම පිළිතුරක් මා හට නැත.
ක්ෂිතිජ ඉම රේඛාව මා දෑස් ඉදිරියේම අඳුර විසින් ගිල ගනී..
මට දුකක් නැත..
හෙට උදෑසනත් මෙය මෙලෙසම මා දෙනෙත ඉදිරියේ එන්න සබඳ මා වෙත පවසමින් අනේක වූ බලාපොරොත්තු දහසක් හිත රඳවා ගෙන මා එනතුරු බලා සිටිනු ඇත..
මා හිඳ සිටි තැනින් නැගී සිටියෙමි...
මා කෙදිනක හෝ ඔබ වෙත එමි..
මා කෙදිනක හෝ ඔබව සොයා ගනිමි...
මීට පෙර ලිපියේ මා යම් කඩ ඉමක සේයාවක් පිළිබඳ අදහසක් මාගේ සහෘදයන් වෙත ලබා දුන්නා මතක ඇතැයි සිතමි..
මේ ලිපිය එම කඩ ඉමයි..
වසර එකහමාරක් තුලදී මා ලියූ 200 වෙනි ලිපිය මෙයයි..
මා අතිශය විශ්මයට පත් වෙමි..
මන්ද ?
මා මෙවන් දුරක් එතැයි මා නොසිතුවෙමි.
වැපා සහ මරණෙ අපි ගොඩක් අය අඳුරන දෙන්නෙක්..ඔවුන් මේ බ්ලොගයට නො එනවා උනත් අතීතයේ යම් දිනයක ඒ අපි අම්පාර උහන විද්‍යාලයට පුස්තකාල පොත් ලබා දීමට යන අතරතුරදීය..
"බ්ලොග් එකක් උපරිම උනොත් අවුරුදු තුනයි ලියන්ඩ පුළුවන්..කවුරු කොහොම කීවත් ඒක හැමෝටම පොදුයි"
දෙදෙනාම එක හඬින් කීවෝය..
මා එදිනද එකඟ නොවූයෙමි..
අදද ඔවුන් දෙදෙනා හා එකඟ නොවෙමි..
බොහෝ අයට එලෙස වන්නට පුළුවන..
සුහද මා ඔබේ මතයට එකඟ නොවූවද එයට ගරු කරමි..
බලන්න ..
මා යන්නේ...
ක්ෂිතිජයේ ඉම සොයා..
ඔබ නැවතත් සමච්චලයෙන් සිනහා වූවත්...
මම එය සොයා යමි..
ඒ සොයා යන එක නිමේෂයක් වූවද මට මහා කතන්දර ගොන්නක් අකුරු කර ඔබ වෙත පෑ හැකිය.. එහි සාර්ථක අසාර්ථකබව රැඳෙන්නේ..මා එයට යොදවන කාලය හා ශ්‍රමයේ සීමාවන් නිසාය..නමුත් යම් දිනයක එම සීමාවන්ද බිඳෙනු ඇත..
මා ලියූ බොහෝ ලිපි වලට අවම වශයෙන් එක් අයෙක් වත් ඇසූ ප්‍රශ්ණයක් වූයේ..
මේක ඇත්තටම සිදු උනාද ?
යන්නයි..
ඉඩ දෙන්න මට අද එයට යම් පිළිතුරක් ලබා දෙන්නට..
මෙම පිළිතුරම අඩු වැඩි වශයෙන් මා විවිධ අවස්ථාවල පවසා ඇත..
මා හට යම් යම් චරිත වලට ආවේශ වීමේ හැකියාවක් ඇත. එය සුවිශේෂී හැකියාවක් නොවේ. එය ඕනෑම අයකුට ක්ෂණයකින් කල හැක.බොහෝ සාමාන්‍ය දෙයකි..එම ආවේශය තුල හිඳ මා මේ වන තෙක් පඤ්චේන්ද්රීයයන් තුලින් මගේ මතක ගබඩාවට ගොනු කර ගත් සියළු දේ එම චරිතය තුලට පුරවා...ඒ තුලින් ලොව දැකීමේ නොතිත් ආශාවකින් මා පෙලේ..මා නිර්මාණයක් ලෙස එලි දක්වන්නේ එම සිතුවිලි ගොන්නයි..
එයින් මිදුනු මා හට නිර්මාණය පසු කලෙක දකින කියවන විට මා විසින්ම මෙය ලිව්වේද යන්න විස්මයට කාරණයකි.
මා ලියන්නෙකු නොවෙමි...මා තවමත් ලියන්නේ කෙසේදැයි හදාරන සිසුවෙක් වැන්න..
යම් චරිතයකට ආවේශවීම එම නිසාම තාමත් මට දුෂ්කරය. සාර්ථක ලියන්නකු හට එය කජු කනවා මෙන් පහසු විය යුතුයි..
එක නිදසුනක් පවසන්නම්..
පෙර ලියූ කඩ ඉමක සීමා.. මිනී කපන්නකු මෙන් සිත සිතා දින කිහිපයක් ගත කලෙමි..වීඩියෝ කීපයක්ම නැරඹුවෙමි..සිතින් කී වාරයක් මිනී කීයක් කැපුවාද මතක නැත..තවමත් දිනෙක රෑ නින්දෙන් බිය වී අවදි වන්නේ මා මිනී කාමරයක තනි වී ඇති සිහිනයක් දැකීමෙනි..
එනිසා මා තවමත් සාර්ථක ලියන්නකු නොවේ..
මා ලියන්නේ කෙසේදැයි හදාරන සිසුවෙක්මි..යම් දිනක...එය අද හෝ හෙට නොවෙනු ඇත.. මා ලියන්නකු වනු ඇත..ඒ මගේ සිහිනයයි..
මා කිසි දිනක මෙතරම් දුර ලිවීමක් නොකරනු ඇත...
නමුත් මා මෙතරම් දුර ලියා ඇත..
ඒ සහෘද ඔබ නිසාය..
ඔබගේ අදහස් දක්වමින් කරන කමෙන්ට් නිසාය..
කමෙන්ට් කිරීමට තරම් විවේකයක් නොලදත් මෙහි පැමිණ ඇති පිරිස දක්වන හිට්ස් නිසාය..
මට අති මහත් ධෛර්යයක් වූයේ එයම බව මා තරයේ අදහමි..
මාගේ බ්ලොගය තුල කමෙන්ට් කරන ඔබ මටත් වඩා අති දක්ෂ ලියන්නකු බව මම බ්ලොග් ලියන ඔබගේ ලිපි තුලින් දකිමි..ඒවායින් මා ලබා ගන්නා දැනුම අති මහත්ය..එවන් වූ දක්ෂ තවත් ලියන්නන් රාශියකගෙන් එක් වදනක හෝ කමෙන්ට් එකක් ලැබීමට මා ඉතා වාසනාවන්තය..මා වැනි අංකුර ලියන්නකුට එය මහඟුය..
එයට සදා තුති පුද කිරීමට මට ඉඩ දෙන්න..
මා මේ ක්ෂිතිජ ඉම සොයා යන ගමනේ සමුච්චිත වන දෑ සියල්ලම යතුරු පුවරුවේ වචන හරහා ඉඩ හසර ලද විගස ඔබ වෙත ගෙන එන්නම්..
-----------------------------------------------------------------------
-----------------------------------------------------------------------
"හ්ම්ම්ම් ඔය ඇතිනෙ 200 ට ලිව්වා..අපිටත් ලියන්න ඕනි මොනවා හරි..."
මාව තිගැස්සිලා ඉඳ ගෙන හිටි පුටුවෙන් බිමට නොවැටුනා විතරයි..
"මේ මගේ බ්ලොග් එක මන් ඇයි කාටවත් ලියන්න දෙන්නෙ මෙ පෝස්ට් එකේ?"
හොඳට දන්න ගොරහැඩි කටහඬ දිහා නොබලම මන් උත්තර දුන්නා..මන් දන්නවා මේ කටහඬ කාලෙකින් මේ පැත්තෙ නො ආවත් මගේ නිර්දය විවේචකයගෙ කියලා..
"හිතන් ඇති 200 ලිව්වා කියලා මහ ලොකු බ්ලොග් කාරයෙක් කියලා..."
"අත ඇරපන් බෙල්ල....."
--------------------------------------------------------------------
ඊට පස්සෙ ආන් වෙනියා කාමරෙන් එලියෙ..
අපි දෙන්නා මුකුත් නොලිව්වොත් මේ පෝස්ට් එක සම්පූර්ණ වෙන්නෙ නෑ..
මෙච්චර වෙලා ඌ කිව්ව දේවල් වල ඇත්ත මන් කියන්නම් මෙතන ඉඳන්..
200 යි කියලා මෙතන පඩ ශෝ දැම්මට ඔය 200න් 190ක්ම වල් පල් ..කිසිම දෙයක් ගන්න නැති පල් හෑලි විතරයි...ඕනිම උනොත් ලිපි 10ක් ඇති මොනවා හරි දෙයක් ගන්න..
මහ ලොකු මහන්සියක් වෙනවා කියන්නෙ එක ලිපියක් ලියන්න..
හුහ් අනේ මගේ කට..දවසක ගලවනවා මුන්දැගෙ රෙදි සේරම..මෙහෙම ගියොත්..
බස් එකේ පැයක් එක හමාරක් යන ගමන් අමුන අමුනා ගිහින්..ඔය වෙලාවට මනුස්සෙක් මූණ බැලුවට හිනා වෙනවද..නෑනෙ..හිත හිතා ගිය දේවල් ගෙදරදි ටයිප් කරලා ඔෆිස් එකෙදි දාලා..මෙතන පෙන්නන්ඩ හදන බොරුව මොකද්ද ? කාවද මෙහෙම රවට්ටන්නෙ කියලා මේක කියවන සේරම තේරුම් ගත්තොත් හොඳයි..
මේ වැඩේ ඕනි ටිං කිරි කොල්ලෙක් කරයි..
එච්චරයි..
මේකට ඇවිත් කමෙන්ට් කරන ඔය ගොල්ලො නොවෙන්න මූ ලියයි..
බලමු කොරන හැටි..ටික කාලයකට මේ බ්ලොග් එක තියෙන්නෙ අපි දෙන්නා අතේ..
ඔව් මේ පෝස්ට් එකෙන් පස්සෙ කමෙන්ට් කරන්නෙත් අපි දෙන්නා..
අහන්න මූ ගැන ඕනි දෙයක් අපි කියන්නම්..
"ඒයි ලියන්නා මල්ලි ඔය සිගරැට් එක විසි කරලා වරෙන් මෙහෙ..උඹත් ලියනවද මොනවා හරි මේකෙ.."
මූ කියන විදියට මන් - නිර්දය විවේචකයා -
----------------------------------------------------------------------
මන් මොනවා ලියන්නද මගේ නම විකුනන් කාපු එකා ගැන..ඔව් සල්ලි නම් හම්බ කර ගත්තෙ නෑ තමයි ..ඒත් ලියන්නා ලියන්නා කියලා හම්බ කර ගත්ත මිනිස්සු කන්දරාව..මීට පස්සෙ වෙනියා එළියෙ අපි දෙන්නා තමයි මේක රන් කරන්නෙ..
"ඒයි කොහොමද මචන් මේකෙ පාස් වර්ඩ් වෙනස් කරන්නෙ මූට ආයි එන්න බැරි වෙන්න ?"
දෙකේ දේකෙ පොල්ලකින් අම්බානකට කෑවා වගේ.. තේරුම්ගන්ඩ බැරි නිසා තේරුම්ගන්ඩ උත්සහ කරන්නෑ...
ReplyDelete200 ට සුබ පැතුම් !
ආන්න ඔය තියෙන්නෙ නියම උත්තරේ සෙන්නා..ගොඩක් පෝස්ට් වල ඔහොමමයි.. යමක් තේරෙන්න සරලව ලියන්න දන්නෙම නෑ මූ..
Deleteඔය සුබ පැතුමට නම් ස්තූතියි කියයි වෙනියා...
වෙනි අයියේ උඹ බය නැතුව හිටහන්.. මුන් දන්නට වැඩි කල් සෙල්ලම් දාන්න දෙන්නෑ අපි.. උඹට ආයෙ මේක අරන් දෙනවා කොහොම හරි.. ( මේක අරුන් දෙන්නා මකයිද දන්නෑ.. )
Deleteලියන්නයි, නිර්දය විවේචකයයි එකතුවෙලා වෙනි අන්කල්ව බෙල්ලෙන්ම අල්ලලා එළියට දාලා නේද... හි හි...
ReplyDeleteහැබැයි මොනා උනත් වෙනියා ලියලා තියෙන බොරු ටික නම් කියලා වැඩක් නෑ...
මා ලියන්නෙකු නොවෙමි...මා තවමත් ලියන්නේ කෙසේදැයි හදාරන සිසුවෙක් වැන්න..
//එනිසා මා තවමත් සාර්ථක ලියන්නකු නොවේ..//
//මා ලියන්නේ කෙසේදැයි හදාරන සිසුවෙක්මි..//
නියම බොරු ටික වෙනි අන්කල්... හි හි
හිරු නංගි ඕකා කෙල්ලන්ට කියන බොරු ඔව්වට හපන්..වෙනී අංකල් ගැන දැන ගන්න ඕනි ප්‍රශ්ණයක් අහන්න ...උත්තර දෙන්නම් ටක්කෙටම..මිනිහා දැනටමත් දඟලනවා ඇති...ආයි මේක අපෙන් ගන්න.. ඊට ඉස්සෙල්ලා අහන දෙයක් අහන්න !
Deleteමෙන්න බොලෙ හිරු අංකල් කිවුවම වෙනී නංගී කියනවා. !!
Deleteසුභ පැතුම්!
ReplyDelete"බ්ලොග් එකක් උපරිම උනොත් අවුරුදු තුනයි ලියන්ඩ පුළුවන්..කවුරු කොහොම කීවත් ඒක හැමෝටම පොදුයි"
ඕක කිව්ව උන් දෙන්නට බ්ලොග් අවකාශේ උන්ගේ හොඳම යාළුවන්වම අමතක වෙච්චි එකයි පුදුමේ! අවුරුදු තුනක් හතර පහක් තිස්සෙ තාමත් බ්ලොග් ලියන්නේ උන්ගේ හොඳම යාළුවෝ කීප දෙනෙක්මයි!
මරනෙ සහ වැපා විහිළුවට කී දෙයක්නෙ මේ වෙනියා ලොකුවට අරන් දඟලන්නෙ පූසා..
Deleteගොඩාක් වුන්ට වැරදිලා තියෙන්නේ වැපයි මරනෙයි බ්ලොග් ගැන, අන්තර් ජංජාලෙ ගැන කියන ඒවා හරි කියලා හිතන් ඉන්න නිසා....
ReplyDeleteකියන දෙයක් කෙටියෙන් කියපන් වෙනියො අපිව වටේ යවන්නේ නැතුව....
200ට සුභ පැතුම් වෙනියා.... බ්ලොග් ලියලා පොරවල් වෙච්ච උන් අතරේ උඹ සැබෑවටම චරිතයක් මචන්....
උන් දෙන්නගෙ විජිළුවක් සිරාවට ගත්ත එකෙක් ගැන කවර කතාද අභීත ..මේ වෙනියගෙ මනස්ගාත බන්...
Deleteකවුරු ලීවද, කවුරු කාමරේ එළියේ හිටියද බ්ලොගේ 200 ක් සටහන් කිරීමට සුභ පැතුම්!!! එකක් කියන්න ඕන තමා නිර්දය විවේචකයතු සමග ජීවත් වීම ඉතා වාසනාවන්නයි. මම ඔබේ කතා වල හුගක් දැක ඇත්තේ මේ විස්මයජනක චරිත මැවීමේ හැකියාවයි. පොඩ් උදාහරණයකට මම පහුගිය දේට ඔබට දුන් ප්‍රතිචාරේ කොටසක් දානවා.
ReplyDelete//මේකා ඕක ලියන්න මිනී කීයක් කපන්න ඇත්ද?? කියලා වැඩක් නෑ.. මට තේරෙන්නේ නැත්තේ කතාව යටින් දුවන සංධ්වනිය කොච්චර ලස්සනට හසුරුවල තියෙනවාද කියලායි... අම්මම මේකා ගිය ආත්මේ රුසියාවේ ඉන්න ඇත්තේ 1917 ට කලින්... අති විසිස්ටයි...//
ඉතිං වෙනියෝ මම කියපු කතාව ඇත්ත නේද? මොන ජගතා උනත් හරියට ලියනවනං එහෙම තමා වෙන්න ඕන. ආයේ දෙකක් නෑ අරුන් දෙන්නව හප කරන්න ඕන. අඩේ ඔට්ටුවක් වත් දැම්මනං හරි එදාම... ජයවේවා.. දිගු ගමනකය සුභපැතුම්
මේ කතාවට වෙනියා හිටියා නම් මෙතන කියයි...ඔව් ඔව් දේශකයා කී කතාව ඇත්ත කියලා..ඒත් දැන් මේක රන් කරන්නෙ මමයි ලියන්නයි හින්දා...
Deleteහැමදාම වගේ බැලුවත් කවදාවත් කොමෙන්ට් කාලේ නැහැ. ඔබගේ ලිවිලි සුපිරියි. 200ට සුබපැතුම්.
ReplyDeleteවෙනී වෙනුවෙන් ස්තූතියි කියන්නම්කො නිරෝශන් ට
Deleteඅමාරු වැඩක් නෙව මෙහෙම ලියනා එක
ReplyDeleteInception බැලුව වගෙයි
ලිවීම තව තවත් දියුණු වේවා
අසංවේදී මනස්, සංවේදී සොඳුරු ඒවා කරන්නට මං පෙත් විවර වේවා
ඔබට ජයෙන් ජය හිත මිතුර!
ඒ චිත්‍රපටිය නම් අපි බැලුවත් තාම ඔළුව කරකැවෙනවා කරකැවෙනවා වගේ..
Deleteඅපරාදේ වෙනියා හිටියනං සුභ පතන්න තිබුනා.. දැන් මේ අහක ඉන්න කොල්ලන්ට අහවල් එහෙකට සුභ පතන්නයෑ... :P
ReplyDeleteඌ මෙච්චර දුර ආවෙ අපි දෙන්නා නිසා මාරයා අයියෙ...අපි දෙන්නට සුබ පතන්න !
Deleteතේරුනේ නං නෑ...
ReplyDelete200ට සුභ පැතුං වෙනී අයියේ....
හා එහෙනම් ලියන්නා වන මන් පොඩ්ඩක් තරියට කියලා දෙන්නම්..වෙනී හැමදාම තමන්ගෙ කතා ලිව්වෙ ලියන්නාව අල්ල ගෙන..එතකොට ඒ කතා වල නියම ගවුරවය යන්න ඕනි කාටද ? එතකොට වෙනී ට්‍රැක් එකෙන් පනින්න යන හැම තැනකම ආයි ඌව ට්‍රැක් එකට ගත්තෙ කවුද අපේ මේ නිර්දය විවේචකයා.. එතන ක්‍රෙඩිට් එක යන්න ඕනි කාටද ? මේ 200 වෙනි පෝස්ට් එකේ මම - ලියන්නයි - මේ මගේ පැත්තකින් ඉන්න විවේචකයයි..වෙනියව එලියට දාලා බ්ලොග් එක අල්ලා ගත්තා..ආපහු දෙනවද කියලා තාම සලකල බලනවා..
Delete200ට සුභ පැතුම්,,ඔයත් ඔය වැපයි,මරනයයි කියන ඒවා අහනවා නේ,,ඕකුන් දෙන්නගේ පැහැදිලි ඊරිශියාවට කියන කතා ඔය..
ReplyDeleteඑහෙමද නැත්නම් මේ වෙනියා උන් දෙන්නා බ්ලොග් එක නොලියන එකට ඉරිසියාවට කී කතාවක්ද දනෙත් නෑනෙ ඉටැලි ඩිලාන්... නේද ?
Delete200 වෙනි ලිපිය ලියපු වෙනී අයියට සුබ පැතුම්. අඩෝ ඔය වෙනී අයියට සද්ද දාන උං අහුවෙන්න එපා හරිය අපිත් කොටකෙතනට කිට්ටු හරියක ඉන්නෙ.
ReplyDelete'මා ලියන්නෙකු නොවෙමි...මා තවමත් ලියන්නේ කෙසේදැයි හදාරන සිසුවෙක් වැන්න..'
එතකොට බ්ලොග් එකක වචන දෙකක්වත් ලියාගන්න බැරි අපි මොක්කුද වෙනී අයියෙ.
අප්පට සිරි මේ අර යුගයේ ජනප්‍රියතම බ්ලොග් එක හිමි ප්‍රසන්න නේද ? ඒයි ලියන්නො වරෙන් වරෙන් ...
Delete200ට සුභ පැතුම් වෙනි අයියේ.මොකෑ මේ තමන්ටම බැනගන්නේ? මට ඔය ප්රබුද්දයන්ට වගේ තේරුනේ නැහැ එත් මට තේරුනේ වෙනියා වෙනියම පහත් කරගන්න හදනවා කියලා.
ReplyDeleteඅපොයි නිශාන් නම් පොඩි එකෙක්ම නේන්නම්...තව පහු වෙනකොට තේරෙයි ඔයාට පුතේ..නියම සත්‍ය යථාර්ථය ට කියන්නේ තමන් තමන්වම පහත් කර ගැනීම නෙවෙයි කියලා..පිලි ගන්න අකමැති උනාට මෙක තමයි ඒ නියම ඇත්ත..ඒයි ලියන්නා ඔය සින්දුවෙ සද්දෙ පොඩ්ඩක් වැඩි කරහන්කො...
Deleteඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නෙ...
මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නෑ එන්නෙ....
බ්ලොග් පොඅස්ට් 200ක් ලිව්වා කියලා කියන එකාගෙත් ඇත්තම ඇත්ත ඕකනෙ පුතේ..
හෑ හාකෝ හාකෝ :)
Deleteඅඩෝ මේ ලියන්නා. උඹ අපේ වෙනියට පාට් දාලා අහුවෙන්ඩෙපා අරිද? බාවනව කොනක ඉඳං. අපි ඔඳට ඔඳයි. නරකටත් ඒ වගේම ඔඳයි, අරිද>
ReplyDeleteඒක නෙවෙයි මචං. එදා අපිට හැලප, යෝගට් හෙම අරන් දුන්නෙ උඹලා දෙන්නගෙන් කොයි එකාද?
මේ හෙන්රි සර් ඔය මෝල් දිවයිනෙ ඉඳන් මෙහෙට එනකොට අපි දෙන්නම හැංගෙනවා..ඒකට කල් ඇති...හැලප අරන් දෙන්න ඇත්තෙ නම් වෙනියම වෙන්න ඇති..හොයලා බලන්න සර් ඒකටත් කොමිස් කීයක් හරි තියා ගන්න ඇති...
Deleteඑතකොට කොයි එකාද ඩෝ මගෙ නම හෙන්රි කියලා ලියන්නෙ නැතුව හෙන්රි හරි හෙන් රි කියලා හරි ලියන එකා. ඌවත් බාවන්න ඉන්නෙ නිවාඩුවක් හම්බවෙච්ච ගමන්.
Deleteලියන්නා අනතුර දකින්න. මාල දිවයිනේ ඉඳං කෙනෙක් කොනක ඉඳල බාවනවා කිව්වම ඒ කියන්නේ ලියන්නාට ආගමික ව්‍යාප්තවාදයේ ගොදුරක් වෙන්න වෙනවා කියන එකයි..
Deleteහෙහ් හෙහ් කතාවෙන් කතාවෙන් දෙසීයට සුබ පතන්නත් අම්තක වුනානෙ. වෙනී/ලියන්නා බ්ලොබ් ලොව වැජඹේවා!
Delete200 ට සුබ පැතුම්....!
ReplyDelete//.මා වැනි අංකුර ලියන්නකුට එය මහඟුය..//
මගේනම් අදහස අංකුර ලියන්නෙකු නෙවෙයි,ලියලන්නෙකු බවයි....
මුලින්ම 200 සුභ පැතුම්.
ReplyDeleteමේ ඇත්තටම තුන්දෙනෙක් ද නැත්නම් ලියන්නාමද?
පරක්කු උනා එන්ට. ඒත් 200 ට මුලු හදවතිනම් සුබ පතනවා...:)
ReplyDeleteලේසී , ඕනිම කෙනෙකුට කරන්ට පුලුවන් කියලා කීවට, ලියන අමාරුව දන්නේ ලියන්නෝම තමා. ෆොටෝ ගන්න එකත් එහෙමයි හොඳේ. ඔයාට ඒ දෙකටම විශේෂ හැකියාවල් තියනවා.
තව ගොඩාක් දුර යන්ට සුබ පැතුම්!!!
Well done, mate!
ReplyDelete200ටැ උණුසුම් සුභපැතුම්.
ReplyDelete200 ට සුභ පැතුම් අයියා.
ReplyDeleteෂික් 500 ක් ලියන්න තිබුනු කාලෙ. ටිකක් අත දිගෑරල ලියල දාන්ටකෝ.
ඇත්තටම ඔයාට අළුත් අදහස් තියෙනවා, අත්දැකීම් තියෙනව, හුඟක් කියවල තියෙනව, ලිවීමේ හැකියාව තියෙනව. ඉතිං ..... තව මොනවද.
ඌ වුනත් මූ වුනත් මොකා වුනත් සබරගමුවෙන් බිහි වූ අසහාය බ්ලොග්කතුවරයාට ජය වේවා..
ReplyDeleteනිර්දය විවේචකයයි, ලියන්නයි ෆේල්... ආයෙ වෙනි අයියට මේක බාර දෙමු.. උන්දෑ ඔය කුණුහරුප එහෙම මකලා අරගනියි.. හැහ් හැහ්..:)
ReplyDelete200 ට සුබ පැතුම් මලේ ...!
ReplyDeleteමා කිසි දිනක ඇනෝ ඩිසේබල් කර නැත...කරුණාකර එමගින් අයුතු ප්‍රයෝජන නොගන්නා මෙන් මාගේ හිතාදර ඇනෝ සහෘදයන්ගෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටිමි..සමා වුව මැන !
ReplyDeleteහප්පෝ වෙනී අයියට 40 ක්ද...එහෙනං ඉතිං මාම කියන එක තමා වඩා නිවැරදි...වැප් සහ මරණෙ ඔය කථාව කියපු තැන මමත් හිටියා... බ්ලොග් කලාව පිළිබද තියෙන උනන්දුව සහ, යෙදවීමට තියෙන කාලය යන සාධක මත එවැනි තීරණයකට එළැඹෙනවා ඇති කියලයි මට හිතෙන්නෙ...
ReplyDeleteවෙනී නම් සුන්දර මිනිසා මම යම් තරමකට හදුනාගෙන සිටිමි. එක් වරක් හමුවෙන්නටද අවස්ථාව එළැඹුනි...ඉදින් තවත් චිරාත් කාලයක් ලියන්නෙක් වීමට මගෙන් සුභාශිංෂණ.... ජය !
200ට සුභ පැතුම් වෙනී අයියේ.. මන් ඒත් මුල හරිය කියවද්දී බැළුවා මේ මොකද්ද කියලා..
ReplyDeleteබලන් ගියාම ලියන්නයි, නිර්දය විවේචකයයි නැත්නම් වෙනියෙක් නෑනෙ...හික්ස්... ඔන්න තුන් දෙනාටම 200ට සුභ පැතුම්..!!
ReplyDeleteඅර සෙන්නා කිව්වා වගේ මට නිකං කැරකිල්ල වගේ දැන්,. කොහොම උනත් ඔන්න 200ත් පන්නගත්තු එකේ මගේ සුභපැතුම්.
ReplyDelete( චරිත වලට ආවේශ වෙලා ලියන එක ලොකු හපන්කමක්. කාට නැතත් මටනං ඒක ලොකුම හපන්කමක් වගේ පේනවා.)
වෙනි මලයෝ මගේ සුභ පැතුම්!!
ReplyDelete200ට සුභ පැතුම් වෙනි..
ReplyDeleteඉතුරු ටික රන් කරන්න ලියන්නට හදපතුලෙන් සුභ පැතුම්...
කවුද ඔය වැපයි මරණයයි කියන්නේ... ? :D
ReplyDelete200 ට සුබ පැතුම්
ඩබල් සෙන්චරියට පිසා මලයගෙනුත් උණු උණු මෙව්ව හොඳේ......
ReplyDeleteනොදැවී ටිපල් සෙන්චරියත් ලඟදිම දාන බව දන්නව ඉතින්.........
ඒක නෙවෙයි අර කාලතුවක්කුව වගේ ලෙන්ස් එක ගත්තේ කොහෙන්ද හැබෑවටම...?
සිතිජය කියන්න අපි ඉස්සරහට යන්න යන්න තවත් ඈතට යන එකක්නෙ. ඉතින් ඒ වගෙ ලියන්නයි ඕනෙ.. එහෙම ලියන්න ශක්තිය ලැබේවා කියා පතන්නම්..
ReplyDeleteසුබ පැතූ හැමෝටම ස්තූතියි එහෙනම් ! අරුන් දෙන්නා එක්ක සාම ගිවිසුමක් ගහලා ආයි මේක මන්ම අර ගත්තා ඕන් !
ReplyDelete