මම කාර්යාලයේ වැඩ කටයුතු අවසන් කර ගෙදර ගියෙමි. මම කාර්යාලයේ සිට පළමු (මෙතන මොන ල යන්නද ල ද ළ ද ???? විනාඩි පහක් පමණ (මේ ණ යන්න හරිද ??? තවත් විනාඩි පහක්... ) බසය ගැනීමට කිලෝමීටර් තුන්කාලක් පමණ (ආයි මේ ණයන්නෙ කේස් එක ?) පයින් ඇවිද යන්නෙමි (මොන හු..ඇවිදින්නෙ පයින් නේන්නම් ) මම කාර්යාලයේ සිට පළමු බසය ගැනීමට කිලෝමීටර් තුන්කාලක් පමණ (මා හට නණලළ නීති (87නෙ සාමාන්‍ය පෙළ (?) විභාගය සඳහා අධ්‍යයන කටයුතු වලට සිංහල ඉගෙන ගත්තෙ )අමතකව ගොස් ඇත...) මා හට කිව්වොත් වාක්‍යය කතෘ කාරක නෙවෙයිනෙ..එතකොට කර්ම කාරකද ? කර්ම කාරකයට ගොස් ඇත කියලා වාක්‍යය අවසන් කරන්න පුළුවන්ද ? මා නැවතත් මේ නීති සියල්ලම හැදෑරිය යුතුය..කර්තෘ කාරකද මේක කර්ම කාරකද ???
මොන හුයන්නක්ද මේ ???
මා හට දැන් ලිවීමට සිතා ගත්තේ කුමක්ද යන්න සිහියේ නොමැතිය. මේ වාක්‍යය නම් නිසැකවම වැරදිය..
ආ ලියන්න ගියේ අර සමනලයා මාර ගහේ අත්තක ඉඳලා ලයිට් කණුවෙ පත්තු වෙවී තිබ්බ ලයිට් එක දිහාව පියාඹපු එකද නැත්නම් අර කළුවරෙ මාර ගහ පිටි පස්සෙ මුත්‍රා කර කර හිටිය මනුස්සයා ගැනද?
ආ ආ..මේක ලියලා හමාරයි. දැන් ඉතින් ඔෆිස් යන්න ලෑස්ති වෙන්න ඕනිනෙ. අපරාදෙ මේ ව්‍යාකරන සහ අක්ෂර වින්‍යාසය ගැන හිත හිතා හිටි පැය 2-3 මම ලියන්න හිටි කතාව ලියලා ඉවර කරන්නම තිබුනා.
මෙච්චර කල් බලු පුකේ සිංහලෙන් ලිව්වා වගේම මේ කෙරුවාව ලියනවද නැත්නම් ආයි සිංහල ලියන්න ඉගෙන ගෙන ලියනවද ?
\\පොඩි ඇටව් කාලෙ...හරි හරි පැටව් කාලෙ තමයි.. නැත්නම් කීප දෙනෙක්ම ඕකෙ අක්ෂර වින්යාසෙ හරි ගස්සන්න දඟලයි කතන්දරෙ කියවලා රස විඳින එක පැත්තකින් තියලා..\\
මේ තියෙන්නෙ මන් ඉස්සෙල්ලා ලිපියට කලින් දාපු ලිපිය පටන් ගත්තු විදිය..මේකට රිටර්න් එක හම්බ උනේ මෙතනින් ..මීට පස්සෙ ලිපියෙදි තමයි.. මේ තියෙන්නෙ ඒක..
\\බල්ලාගේ පුකේ සිංහලනේ ලියලා තියෙන්නේ. එක්කෝ මම කියලා ලියනවා නැත්නම් මං කියලා ලියනවා. 'මන්' කියන්නේ හින්දිද? 'මා ....කෙනිත්තුවෙමි'. බල්ලාගේ පුකේ කියන්නේ ඒකයි. 'පෙමින් වෙලී සිටි පෙම්වතියන්' ඇයි යකෝ පෙම්වතිය කියන්නේ පෙමින් වෙලෙන්නේ නැතුව වෙන මොන මගුලක් කරන එකීටද? 'දෙදෙනාගේම දෙමවුපියන්ගේ නැකත්' ඉතින් දෙමවුපියන්ගේ නැකත් සහ තමන් දෙදෙපොල අතර සම්බන්ධය කුමක්ද? සිංහල නොදන්නාකම නිසයි මෙවැනි අමන සිංහල ලියවෙන්නේ.
කුණු ගොඩකට කුණු ගොඩක් එක්වීම කියලා ලිව්වනම් හොඳයි.\\
මගේ මුල්ම ලිපි වලදි අපෙන් සමුගත් ඔබා අයියා ඈ බොල උඹ දෙකක් නවා ගෙනද මේක ලිව්වෙ මෙච්චර වැරදි...කියලයි අහන්නෙ.. ඒ ආදරේට..
අපේ පූසා මලයා සහ සෙන්නාත් කීප වතාවක් මගේ මේ වැරදි සොයලා දුන්නා (මුන් දෙන්නා ආදරේටද ඒක කලේ කියලා නම් තාම හොයා ගන්න බැරි උනා..පූසා හම්බ උනත් සෙන්නාව හම්බ වෙලා තිබුනෙ නෑ).මං දන්නවා ඔව්වො දෙන්නා ප්‍රසිද්ධියේ නොකිවට මට ආදරෙයි...මුල කාලෙ ඉඳන්ම මට කමෙන්ට් වලින් දිරිය දීපු ප්‍රවීන බ්ලොග් කරුවො දෙන්නෙක්නෙ..
ආයිත් කතන්දර වගේ ප්රවීනයො උනත් සමහර කතාවල් හොඳයි පොතකට පත්තරේකට යවන්න හරි ගස්සලා කියලා උපදෙස් දුන්නා..
එතකොට මේ අපේ හෙන්රියා.. ආයි වරකො බොලා අපේ ඔෆිස් පැත්තෙ ? මී අම්මපල්ලා ගහන්නෙ හැලප පොල්ලකින්...ආ වැරදුනා හැලප ඔතන අර කැන්ද ගහක පොල්ලකින්..
ඕක මතක තියන් ඉඳලා ආවෙ නැතොත් එහෙම අම්මපා එනවා බොලාලගේ ගෙදර සතියක් විතර නතර වෙලා ඉන්න..චෙහ් සතියකට මගේ කෑම බීම වියදම ශේප් එතකොට !.. ඕන්නම් හැලප තුනක් අරන් එන්නම්..දීපටයි පුතාටයි බොලාටයි !
(යකෝ වෙනියො ඔහොමද තෝ ඉංග්‍රීසි ගුරුවරයෙකුට කතා කරන්නෙ ? - නිර්දය විවේචකයා )
හරි හරි බන් උඹලා ඔව්වා හොයලා හිතේ තියන් ඉන්නෙ නැතුව කියන්නෙ මට තියෙන ආදරේට බව මන් දන්නවා !
ඒත් කොහෙද මගේ බලු වලිගෙ උණ පුරුකෙ දාලා ඇද අරින්න බෑ වගේ මේ වැරදි මට හදා ගන්නත් බෑ ඕන්..
වෙලාවක් නෑ...යන්තම් හිත ඇතුලෙ නලියන සිතුවිලි අකුරු කරනවා ඇර..ඔව්වයේ වැරදි හද හදා ඉන්න වෙලාවක් කලාවක් කොයි ?
පොතක් ගහන දවසට ඔය ඇත්තො හොයලා දීපු වැරදිත් හදා ගෙනම ලියන්නම්කො..එතකන් ඕන් ඔහේ සමාව දීලා ඉන්ඩකො..වැරැද්දක් තියේ නම් පෙන්නන්ඩ..මන් හදා ගන්නම් පොතට ගන්න ප්‍රින්ට් එකේ..
හැබැයි බ්ලොග් පෝස්ට් එක වැරැද්ද පෙන්නුවට පස්සෙ හදන්නෙ නෑ...මොකද එතකොට ඔබලා පෙන්නපු වැරැද්ද මොකද්ද කියලා ඕනිම කෙනෙකුට පේනවනෙ..
මං එච්චර අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරන ගැන නොහිතා සිද්ධීන් ලියලා දාන්නම්..ම්ම්ම් ඔයගොල්ලන් ඒවා රස විඳිනව නම් එච්චරයි..
http://a-step-forward.blogspot.com/2012/03/dear-employer-i-am-confused.html
-------------------------------------------------------------------------------
වෙනදා වගේම පස්වරු හතයි කාලෙ ඉඳන් මන් කාල හෝරා යන්ත්‍රය දිහා ඇහි පිය නේලා බලන හිටියෙ මගේ සේවා කාලයේ අන්තිම හෝරා කාල අවසන් වෙනතුරු..
අවසන් හෝරා කාල අවසන් වීමට විනාඩි පහක් පමන තියෙද්දි අංශයේ අජීවී ගෘහභාණ්ඩ සහ උපකරණ වලට මං සමු දුන්නේ ආයි මං හෙට එනකන් පරිස්සමින් හිටහල්ලා කියලා හිතින් කියවමින්ම තමයි.. අස්ථීර ජීවිතයක් මනුස්ස කූඩුවක රඳවා ගෙන ඉන්න අපිට ඊළඟ තත්පරේ මොනවා වෙලා අවසන් හුස්ම හෙලන්න වෙයිද කියලා අපිම නොදන්න කාලෙක.. එහෙම උනොත් මං උඹලයෙන් මේ සමුගන්නෙ අවසන් වතාවට කියලා මං මගේ ආදරණීය බර දරපු මේසෙටයි පුටුවටයි කිව්වා..ඒත් හිතින්මයි..
ආරක්ෂක අංශවලට මගේ අංශයේ යතුරු බාර දීලා..මගේ පලමු වෙනි බස් රථය ගන්න බස් නැවතුමට..එතනට කිලෝමීටර් තුන් කාලක් විතර පයින් යන්න තියෙනවා.. සුවිසල් ගොඩනැගිලි මැද්දෙන් උනත් වසර සීයක් විතර වයස සුවිසල් මාර ගස් වියනක් යටින් මේ කිලෝමීටර් තුන් කාලෙන් භගයක්ම යන්න තියෙන්නෙ..
තැනින් තැන තියෙන ලා කහ පාට එළිය විහිදුවන පහන් කනු අතර මැද අඳුර ඉසුඹු ලනවා..ආලෝකයෙන් අඳුරට..අදුරින් ආලෝකයට..මං හෙමින් හෙමින් පිය මැන්නා..
දොහ් ගාලා උරිස්සට වැටුන දෙයින් මම ගැස්සුනත් එක්කම පස්ස හැරිලා බලද්දි දැක්කෙ..මාර ගහක පොඩි අතු කෑල්ලක් - මැරිච්ච අතු කෑල්ලක් - කැඩිලා මගේ ඇඟටයි වැටිලා තියෙන්නෙ. මං හිතුවෙ අර පහු ගිය දවසක වගේ මොකෙක් හරි කුරුල්ලෙක් රුන්නා කියලා.. ඒ ශර්ට් එකේ බෙටි පැල්ලම යවන්නම බැරි උනා.. ක්‍රීස්...ගාලා අතු පතරෙ ඉඳන් ඒ සොරි කිව්වෙ වවුලෙක් වෙන්න ඇති.. මෙයා හින්දා තමයි මගේ ඇඟට වැටිච්ච අත්ත කැඩෙන්න ඇත්තෙ..කමක් නෑ බන් මට රිදුනෙ නෑ..මං එහෙම හිතුවා..
අවට පරිසරය ආලෝක කලාට පහන් කණුව යට එකතු වෙලා හිටියෙ අඳුර..
තැනින් තැන ගොනු වෙලා හිටි අඳුර මේ පහන් ආලෝකය ගැන ඉරිසියාවෙන් කුමන්ත්රනය කරනවයි කියලයි මං හිතුවෙම..
ලෝකයට ආලෝකයක් වෙන බහුතරයක් මිනිස්සුත් මේ පහන් කනු වගේ නේද කියලා හිතන කොටම මං යන්න හිටි ඉස්සරහ අඳුරු කුට්ටිය අස්සෙන් යමක් සෙලවෙනවා දුටුවා..ඒ එක්කම මං එක පාරටම හිතුවෙ ඒ කුරුල්ලෙක් කියලයි..ඒත් එ සමනලයෙක්..හෝ සලබයෙක්..ලොකු එකෙක්.. උදේ සහ දවල් කොයි තරම් දැකලා තිබුනත් රෑකට මෙහෙම එළියෙ පියාඹන සමනලයෙක් දැක්කමද කොහෙද මෙහෙම..ඌ අඳුර තුලින් එලියට පියාඹලා ආවත් පහන් ආලෝකයට වල්මත් වෙලා වගේ තමයි පහන් කණුව දිහාවට පියාඹුවෙ..
මලකින් මලකට පරාග ගෙනිහින් ශාක ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන්න මී මැස්සො, බඹරු, දෙබරු කොයි තරම් හිටියත්...ඒ වැඩේම කරන්නත්..අවට පරිසරය ලස්සන කරලා මිනිස් අපේ සිත් සතන් සැහැල්ලුවෙන් තියන්නත්..සොබා දම් මෑණියන්..සමනළුන්ව නිර්මාණය කරන්න ඇති කියලා හිතමින් මම අර මහා පහන් කණුවෙ ආලෝකයට වසඟ වෙලා ඒ දිහාවට පියාබන සමනලයා දිහා බැලුවෙ පොඩියක් විතර දුකින්..
ශෲස්...ස්පට්...ගාන සද්දෙන් අර සමනලයා මගේ දර්ශන පථයෙන් ක්ෂනිකව අතුරුදහන් උනා..
කොහේ හරි මුල්ලක සැඟවිලා වහල හිටි නිශාචර පක්ෂියෙක් මගේ මේ දෑස ඉස්සරහම තමන්ගෙ රාත්‍රී ආහාර වේල කර ගනිද්දි..ඉස්සරහට ඇවිදන් යන මගේ පාමුලට වැටුනෙ මෙච්චර වෙලා පණ ගැහෙමින් හිටිය අර ලස්සන ලොකු සමනලයගෙ පිහාට්ටක්.. නොරිදෙන්න තරමට ඒක අතට ගත්ත මං හෙමිහිට බෑග් එකේ පොතක් අතරට ඒක බහා ගත්තා...
මටත් නොදැනීම මගෙන් ලොකු සුසුමක් පිට උනා...
ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්...
සුසුමක් කියන්නෙ පඤ්චේන්ද්රියන් වලින් අපේ සිතුවිලි හරහා පපුව තුල එකතු වෙන මහා බරෙන් ටිකක් හරි එළියට පිට කරන උපක්‍රමයක් වීම කොයිතරම් නම් හොඳද ?
ඉස්සරහ තියෙන වංගුවත් එක්කම තියෙන මීටර් 100ක 150ක එක දිගටම තියෙන පාරේ තියෙන්නෙම එකම එක මාර ගහයි..මාර ගහ කොයිතරම් විශාලෙට තියෙනවද කියනවනම්..දෙපැත්තෙම තියෙන පහන කනු දෙකට කොහොමවත් බෑ එතන අඳුර මකන්න..
එතන අඳුරයි ආලෝකයයි අතරෙ මනුස්සයෙක් මුත්‍රා කරනවා..ඇත්තටම මේ පාර හරියෙදි කාට හරි මුත්‍රා බරක් හැදුනොත් ඉතින් මේ මාර ගස් පුදුම පිහිටක් වෙන්නෙ කියලා හිතන කොට..
මේ මනුස්සයා ඉන්න ඉරියව්ව දැක්කහම මට පොඩ්ඩක් සැක හිතුනා ඇත්තටම මුත්‍රා කරනවද කියලා..යන පාරෙ ඉස්සරහ නිසා මමත් ඒ දිහා ටිකක් සැලකිල්ලෙන් බැලුවා..
එතකොටයි සීන් එක තේරුනෙ..
ජීවිතයේ කොතන හරි වෙච්ච යම් සිදුවීමකින් වැරදි කා වැදීමක් වෙලා ඒක එක්කම ජීවත් වෙන මනුස්සයෙක්..
මනුස්ස ජීවිත ගැන මම කියෙව්ව හොඳම පොත් වලින් එකක් වෙච්ච ඩෙස්මන් මොරිස්ගෙ නිරුවත් වානරයා සහ මනුසත් උයන පොත් වල එහෙමයි මේ ජීවිත ගැන විග්රහ කරලා තිබ්බෙ.. මං ඒ දිහා බැලුවට...ඒ ගැන සැලකිල්ලක් නෑ කියලා පෙන්නන්න ඕනි නිසා ආයිමත් පාරෙ ඉස්සරහ බලා ගෙන ඉක්මනට එතනින් පිය මැන්නා..
තව පොඩ්ඩක් බලන් හිටිය නම් උඹටත් වෙන්නෙ අර හාල් සේරුවයි එක බෙට්ටයි කියන කතාව කියන්නයි කියලා නැත්නම් පස්සෙ පහු කාලෙකදි ඕනයා මතක් කරයි මේ ගැන කී දවසක...
ආහ් මං යන බස් එක හෝල්ට් එකට ඇවිත්..මන් දුවන ගමන්ම සාක්කුවට
දා ගෙන තිබ්බ රුපියල් දහය අතට ගත්තා..
-------------------------------------------------------------------------------
විනාඩි පහකින් දහයකින් මේ වගේ සටහනක් ලියලා දාන එක එච්චර ජීවිතේට බරක් නොවුනට...මේ ලිපියෙම හරි වැරදි හොයලා දාන්න උනොත් නම්.. මේක කරන්න වෙන එකක් නෑ...
ඒ හින්දා මේන් මේ ගමන ඕන් ඔහේ මේ විදියටම යනවා..
මේකෙන් වෙච්ච එකම හොඳ දේ තමයි අපේ සුදු පූසා එක්ක බුකියෙ වලියක් දා ගත්ත එක ! මීට පස්සෙ නම් වෙන එකෙක් අල්ලා ගන්න ඕනි..
ඔව් ඔව් අර වීදුරු ගෙවල් ලියන්නෙ නැත්තෙ මේ දවස් වල නම්...
මේකටම තව එකතු කරන්න පොඩි කෑල්ලක් තියේ..ඒ තමයි පහු ගිය කාලෙ තිබ්බ ඔය අපේම සහෘදයො කරපු සම්මාන උළෙලවල් වලට අපේ තවත් සහෘදයො කීප දෙනෙක්ම මගෙන් ඇහුවෙ,
"දාපන්කො බන් උඹේ බ්ලොග් එකත් ඔය සම්මාන උළෙලකට"
"අපෝ බෑ"
"හුහ් ලොකු එකනෙ උඹෙත්..මෙව්වා පොඩි සම්මාන උළෙලවල්නෙ..ලොකුම එකක් තියනකන් වෙන්න ඇති බලන් ඉන්නෙ"
දැන් මං සම්මාන දෙන එව්වට මේක දාන්නෙ නැත්තෙ ඇයි කියලා කියන්නම්..
මෙච්චර ලියන සිංහලේ වැරදිත් තියා ගෙන.. ඔය ඉල්ලන කැටගරි එකකින් වෙන මුකුත් ඉල්ලපු බ්ලොග් නොතිබිලා මගේ එක තේරුනොත් එහෙම ..
මම ලියපු එව්වයෙ වැරදි මටම පෙනිලා එව්වත් හිතේ තියා ගෙන ආයි රෙද්දක් ඇඳ ගෙන කොහොමෙයි ඔය කියන සම්මානෙ ලබා ගන්නෙ ???
අර මගේ සහෘදයො හිතපු තරම් ලොකු එකක් නිසා නෙවෙයි මං එහෙම කලේ...
කාලයක් එයි නිවාඩු පාඩුවෙ ලියන්න.. නියම හරි සිංහලෙන්..ආන්න එහෙම ලියන කාලෙක බලමුකෝ...
අගමුල පැටලිච්ච වැල්වටාරමක්නේ මේ ලියලා තියෙන්නේ. කෙනෙකුට බොහොම සරල සිංහල දැනුමක් ඇති නිවැරදි සිංහල ලියන්න. කමකට නැති එවුන් ආශ්‍රය කලාම තමන්ගේ සිංහල දැනුමත් බහිනවා. මොකද ඒ වගේ උන් ළඟ තියෙන්නේ කුණු සිංහල. ටිකක් පත්තර කියවන්න, පත්තරවල කතෘ වාක්‍යය කියවන එක බොහොම හොඳයි. විවේචකයන්ගේ ප්‍රශංසාව ලැබුණු සිංහල පොත් කියවන්න. එතකොට සිංහල හරියයි. නැත්නම් ආයෙත් කියන්න වෙන්නේ පුකේ සිංහල කියලම තමයි.
ReplyDelete@ඇනෝ
Deleteවැල් වටාරම යනු කුමක්ද..?
වැල් වටාරමේ අග මුල පැටලෙනවාද..?
- කෙනෙකුට බොහොම සරල සිංහල දැනුමක් ඇති නිවැරදි සිංහල ලියන්න.- මෙම වාක්‍යය නිවැරදිද..? පැහැදිලිද?
සිංහල දැනුම බහිනවා යනු කුමන ක්‍රියාවක්ද..? ඇෆ් ඩී කාරියකරවනයන්ට මෙම සිංහලය බහිනා හැටි පෙන්නූවානම් පුකේ සිංහල කෙසේ වෙතත් පුක පලා ගැනීමටනම් තිබිණි.
-මොකද ඒ වගේ උන් ළඟ තියෙන්නේ කුණු සිංහල. ටිකක් පත්තර කියවන්න- නැවතත්..මෙය නිවැරදිද..?
අවසාන ප්රශ්නය.. නෑ එක්කෝ ඒක අහලා වැඩක් නැහැ...
@වෙනී අයියා.සොරි ඈ මට අදාල නැති රෙද්දක් අහන්න ගියාට...
ඇනෝ - ආ ඔබට ප්‍රශ්ණය තිබෙන්නෙ ඔබ හා මතවාදමය හෝ වෙනත් පුද්ගලික කරුණක් මත විරුද්ධ වන අයවළුන් සමඟ මා මිතුරුකම් පැවැත්වීම විනා අන් යමක් නොවේ...කනගාටුයි මා හැකිනම් මේ රටේ සියල්ලන්ම හා මිතුරුකම් පවත්වනවා..මට මගේ මතවාදය කිසිසේත්ම නොදරන ඊට හාත්පසින්ම විරුද්ධ මතවාදයන් දරන අය සමඟ මිතුරුකම් පැවැත්වීමට කිසිම ගැටළුවක් නෑ. ඒ අර්ථකතනය තුල ඔබත් මගේ මිතුරෙක්... අපි දිනක හමුවේවි.මගේ මිත්‍රත්වයේ සුරත අනිවාර්යෙන්ම ඔබට දිගු වේවි මිත්‍රයා. හැබැයි ඔබ සුවිශේෂී නැහැ. හැමෝටම දිගු කරන සුරත එයයි...එපමණයි...
Deleteකමක් නෑ මාරයා මල්ලි ඔහුගේ යටි අදහස බොහොම පැහැදිලියි...
Deleteමගේ බල්ලගෙ පුකේ සිංහල මට හොඳා !
:-D
කාරියකරවනයන්ගෙ කතාව පොඩ්ඩක් පැහැදිලි කළානම් මාර මල්ලියෙ
Deleteඅපි මාරයා මල්ලි සංචාරෙ ඉවර කරලා එනකම් ඉම්මු හැලප ----------------------------අයියේ...මේකා ආන් අරෙහෙ රියෝ අයිස් කකා ඉන්නවා යාල්පානම් වල..කවදා හරි එයිනෙ ! මාත් දන්නෙ නෑ ඒ කාරියකරවනගේ කතාව.
Deleteමම නම් උඹට දුන්නෙ දෙඤ්ඤං බැටේ විචාරයක් නෙවෙයි. නිකම්ම ඔය අකුරක් අල්ලාගෙන කරපු පොඩී ෆන් එකක් විතරයි.
ReplyDeleteඔය න, ණ ල, ළ, බේදය මටත් තවම අමාරුයි බං. ඒ විතරක් නෙවෙයි ෂ, ශ වුනත් එහෙමයි. ඔය එක න'යන්නකින් ල'යන්නකින් ශ'යන්නකින් අනිත් එක වෙනස් වෙන්නෙ කොහොමද කියලා අහපුවාම කිසි කෙනෙක් ඒකට හරි උත්තරයක් දීලා නෑ මට නම්. වචනෙ කියවනකොට ඔය වෙනස මටනම් හොයන්න බෑ. අනික ඕක හරියට දැනගන්න අර මධුර වගේ එකක් ඇරලම බලන්න ඕනෙ.
ඉංග්‍රීසි වචනෙක අක්ෂර වින්‍යාසය හොයන්න ඔහොම දඟලන්න ඕනෙ නෑනෙ. වර්ඩ් ඩොක් එකක ගහපු ගමන් රතුපාටින් යටින් ඉරි ඇඳෙන නිසා පට් ගාලා හොයා ගන්න පුලුවං.
සිංහල වලට ඒක හරියන්නෙත් නෑනෙ. මම නම් ඔය විජේසේකර දන්නෙ නෑ. මම නම් ඔය සිංග්‍රීසි යුනිකෝඩ් එකේ ගහලා තමයි මේ ටිකත් කරගන්නෙ.
ඇත්තටම ඔය සිංහල වලට තියෙන අවම පහසුකම් මැද අපේ එවුන් මෙහෙම හරි සිංහලෙන් බ්ලොග් කොටන එකට මම නම් හරිම සතුටුයි.
අනේ ඔව් හෙන් රි මාත් කොටන්නෙ මේ යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිච්චි කරලා..
Deleteආ ඒකට මොකෝ ඕන් මාත් ඒක අල්ලා ගෙන ෆන් එකක් ගත්තා...
:-D
ඒක නෙවෙයි හෙන්රි අයියා, ඔයා thana කාලා තියෙනවද? (සිංහලෙන් කොටන්න බෑ අප්පා... ණන මාරු වෙනවනේ.. :D)
Delete. :D නැතුව නැතුව? නයනු දෙකම කාලා තියෙනවා. මුකුණුවැන්න ගොටුකොලත් තෘණ වර්ග තමයි. අනික උපන් ගමන්මත් කෑවනේ. ඒ වුනාට සද්ද කරන කොට නම් කිසිම වෙනසක් මට නම් තේරෙන්නෙ නෑ. නමුත් උඹලා වගේ එවුන් සෙවිල්ලෙන් ඉන්න නිසා (මේ විහිලුවට ඈ) මේ වගේ වචන ටයිප් කරන කොට විශේෂයෙන් බලනවා. අනික අර කකා දීලා තියෙන ගැජට් එක මම බැලුවා. ඒකත් නියමයි.
Deleteමාත් ඉන්නෙ අපේ කතන්දර ශූරින්ගේ ඒ ටූල් එක පාවිච්චි කරන්න මීට පස්සෙ.
Deleteඅකමා..ඇද්ද අහ ගත්තා ඩූඩාගෙන් ????
ඔන්න මාත් දුන්නා පොරට....
Deleteඅනේ වෙනී අයියෙ මොන අක්ෂර වින්යාසට මේව ලියනකොට. කියවන එකාට ලියල තියෙන එක තේරෙනවනං එච්චරයිනෙ ඕන. අනික ඔය සිංහල මතක තියාගන්නෙ කොහොමද මාසෙකට එක ගානෙ වගේ සිංහල හෝඩිය අප්ඩේට් කරනකොට.
ReplyDeleteමේ ළඟදිත් පොරක් අලුත් සිංහල හෝඩියක් හඳුන්වල දීල තිබුණෙ.
ඔන්න ඔහෙ බල්ලගෙ පුකේ හරි කමක්නෑ ලියමු වෙනියො.
නෑ මල්ලි මං හිතුවෙත් මට හිතේෂිවන්තකමට ලියනවා කියලයි..බළලා මල්ලෙන් පැන්නෙ දැන්නෙ ! මගේ ලියන වැරදි තියෙනවා තමයි.ඒව පුළු පුළුවන් විදියට හදන් මං පුරුදු විදියටම ලියනවා..
Deleteහිතා මතා ව්‍යාකරණ වරද්දන්නවානම් ඉතින් ඒකෙ වැරද්දක් තියෙනවා තමයි එහෙම කරන්න සාධාරණ හේතුවක් නැතිනම්. ඒ වුනාට තමන්ගේ හිතට එන දේ නිදහසේ ලියන බ්ලොග්කාරණයේදී ඔය නීති රීති බලහත්කාරයෙන් ඔබ්බවන්න ඕනි ? නිදහස් ලියන්නෙකුට ඒක බාධාවක්. මේක තමන්ට හිතෙන දේ ලියා දක්වනවා මිසක් පාඨකයාට සිංහල භාෂා දැනුම ලබා දීම වෙනුවෙන් ඔන්ලයින් පන්තියක් නෙවෙයි නේ. වැරදි ව්‍යාකරණ කියවලා ඒවා දැන දැන අනුගමනය කරන්න යනවානම් ඒක ඒ පුද්ගලයාගේ වැරද්දක්.
ReplyDeleteකවියේදී ? ගීතයේදී පවා නිර්මාණකරුවන් සෞන්දර්යාත්මකව ව්‍යාකරණ වලින් පිට පනිනවා නේද ? බොහෝ විට ඒ නම් හිතා මතා ?
පුද්ගලිකව මමත් කැමතියි මේ වගේ නිරායාසයෙන් ලියන්න පුළුවන් නම්.
ඕනි මංගල්‍යයක් කියල උඹට පුරුදු විදියට ලියහන් වෙනි අයියේ.
ඔව් රාමා මල්ලියෙ ඔයා කියන කතාව සහ තර්කය හරියට හරි..
Deleteඅර ඇනෝගෙ යටි අදහස තේරුනා..එයා පව් !
මොන හුයන්නක්ද මේ හික්
ReplyDeleteමට නම් ඔය වැරදි මුකුත් පේන්නේ නෑ. පේන්නේ නැත්තේ මම දන්නේ නැති හන්දා...:)
ReplyDeleteමම කරන්නේ පුරුදු නැති වචනයක නම් තේරුම සිංහල ශබ්ද කෝෂයකින් බලනවා. (මේ වචනේ ලියන හැටිත් බැලුවා ):D
කියවනකොට කතාවේ රසය ඇර වෙන මුකුත් මට නම් දැනෙන්නේ නෑ. ලියන්නා ලියන ඒවා රසවත්. ඒ වගේම වෙනත් කතාවක් යටින් දිවෙනවා වගේ මට නම් තේරෙන්නේ.
ශබ්ද කෝෂයෙන් බලන්ඩත් සිංහල අකාරාදිය දැනගන්ඩ ඕනනෙ..
Deleteඅපි සිංහලෙන් ලියන කොට වරදිනවා ඒක පොදුයි..දෙතුන් සැරයක් කියවලා ඒත් අහු වෙන්නෙ නැත්තෙ අපේ සිංහල දැනුම භාවිතයෙන් සෑහෙන්ඩ ඈත් වෙලා තියෙන නිසා..ඕලෙවල් වලින් පස්සෙ සිංහලා භාෂාවක් විදියට ඉගෙන ගත්තෙ නෑනෙ පොඩ්ඩියෙ..කැම්පස් එකේ කඩ්ඩෙන් කොරන්න ගිහින් සිංහලෙන් ලියන එක තවත් ඈත් උනා..ඒ උනාට පොඩ්ඩිගෙ හරබර වචන වලින් භාගයක්වත් මන් නම් ලියන්ඩ දන්නෙ නෑ.
Deleteහරී කියන දේත් හරි..මට තාම සිංහල අකාරාදියෙ පිළිවෙල හරියටම මතක නෑ..
අනේ බන් බුදු වෙනි අයියේ උඹත් එක්ක මොන තරහක්ද මේ මට.. මම ඔය එදා නිකන් ඉන්න බැරුව අහක යන එකකට හොට දාන්න ගිහින් නෙව ඔය ටිකත් වුනේ.. අනික උඹේ වැරදි පෙන්නන්න මම කවුද ? ඔය මම ලියලා තියන ඒවා බලහන්කො, වැරදිම කීයක් ඇත්ද ? මමත් දන්නවා වැරදි කියල, ඒත් හදා ගන්න අමාරුයි බන්.. ඒ අතින් බලපුවම සිංහල හරි අමාරු භාෂාවක්...ඉතින් මගේ ඇහේ පරාලයක් තියන්, උඹේ ඇහේ තියන පොල් කෙන්ද ගැන හොයන්න මම කවුද ?
ReplyDeleteඉතින් ඕක අපි බොට කිව්වෙ ආදරේටද කිව්වෙ කියලා දැන ගන්න හම්බෙන්නම ඕනයැ.. තරහට කිව්වනම් එදායින් පස්සෙ මේ පැත්තෙ පස් පාගන්නෑ...
ඔව් බන් අපි ප්‍රසිද්ධියෙ නොකීවට අපි හැමෝම බොට ආදරෙයි.. අරු න්දෙන්නා උඹව එලෝපු වෙලේ අපි විස්සෝප වුනෙත් ඒකනෙ.. :D
අර ප්‍රවීන කෑල්ලනම් පූසට හරි. මම තාම උඹලා පස්සෙන බඩ ගගා එන අංකුර බ්ලොග් කාරයෙක් බන් අයියේ..
ඔව් බන් සෙන්නා බොලයි මායි මොනා බෙදා ගන්න බැරිවද තරහා වෙන්නෙ නම් ? ඒත් කවදා හරි හමුවෙයි නෙ..ඒකට නම් මන් හරි කැමතී..ඉතින් බන් බොලාලා හරි ගස්සපු තැන් සේරම එක්ක තමයි මගේ පොතට දාන කෙටි කතා ටික එකතු වෙන්නෙ..ඒකම මදිද ? අර ටයිටැනික් එක ලියලා ප්‍රවීන උනේ..අපි කොහෙද එච්චර දිග එව්වා ලියන්නෙ ?
Deleteසමහර ලියවිලි වල වැරදි වැඩි උනාම ලියවිල්ල රස විඳින්න අපහසු වෙන අවස්ථා තියනවා. නණලළ කෙසේ වෙතත් දඳ බඹ ගඟ රුරැ වගේ දේවල් දැක්කහම මට ටිකක් කසනව වගේ.. (ඉතින් කසා ගන්න එකනේ).... විශේෂයෙන්ම කවියක, ගී පද රචනාවක ඒ වගේ වැරදි ගොඩක් දැක්කොත් මම කියනවා. හැබැයි අර අයියා කිව්වා වගේ ආදරේට... ආදරේම බැරි නම් යහපතට කියලා කියමුකෝ.. ගෑල්ළමයි වැරදියට හිතුවොත් එහෙම. නණලළ වලින් වචනෙක තේරුම වෙනස් වෙන්නෙ ඔය තණ, තන, මළ, මල වගේ කීපයක විතරනේ. ඒත් විඳ, විද, අබ, අඹ වගේ ඒවා එකිනෙකට වෙනස් වචන. ඔය කොයික උනත් දැක්කොත් කියන්නේ හිතවත් කමට, ඒ වැරදි තිබ්බෙ නැත්නම් තවත් සාර්ථකයි කියන්න. ඔය ටික කිව්වේ මාත් තැන් තැන් වල ඔය වගේ වැරදි පෙන්නලා තියන නිසා.
ReplyDeleteමේ කේස් එක වචන, ව්‍යාකරණ අවුලක් නෙමෙයි අයියේ... ඉරිසියාව, නැත්නම් කාලා ඉන්න බැරිකම කියන්නේ.. අන්න එහෙම එකක්. මෙහෙමත් කියන්න පුළුවන්...
එකෙක් නගිනකොට ඉහළට - ඇහේ කටු ඇනෙයි අනිකට
අදියි බිමට - හෙලයි පහළට ඕයි
ඔන්න එහෙනම් දීපංකෝ මේ ප්‍රශ්නෙට උත්තර...
//මටත් නොදැනීම මගෙන් ලොකු සුසුමක් පිට උනා...//
නොදැනීම ගියා නම් උඹ කොහොමද දන්නේ ගියා කියලා, ඈහ්?
//සමහර ලියවිලි වල වැරදි වැඩි උනාම ලියවිල්ල රස විඳින්න අපහසු වෙන අවස්ථා තියනවා. නණලළ කෙසේ වෙතත් දඳ බඹ ගඟ රුරැ වගේ දේවල් දැක්කහම මට ටිකක් කසනව වගේ.. (ඉතින් කසා ගන්න එකනේ).... විශේෂයෙන්ම කවියක, ගී පද රචනාවක ඒ වගේ වැරදි ගොඩක් දැක්කොත් මම කියනවා. හැබැයි අර අයියා කිව්වා වගේ ආදරේට... ආදරේම බැරි නම් යහපතට කියලා කියමුකෝ.//
Deleteතිසරගෙ කතාවට මමත් එකඟයි..ඇත්තටම කියනවා නම් මෙහෙම වුනාම වෙනී කියන්න හදන දේ අපිට ඒ විදිහටම තේරුම් ගන්න අමාරුයි..
ඈ තිසර මලේ බොලාත් ඔළුව අත ගාලා ගාලා ඇන්නා නේද ටොක්කක් ? හිකිස්..
Deleteමල්ලි කීව කරුණු ටික නම් 100%ක්ම එකඟයි..ඊළඟ ලිපියෙ ඉඳන් පුළුවන් උපරිමයට නිවැරදි කරනවා බන්..
ඔව් රූ ඒ ටික හරි ගස්සන්නම් හැකි උපරිමයෙන්..
I use this, sometimes.
ReplyDeletehttp://subasa.ambitiouslemon.com/spellerweb.py
කකා, ස්තුතියි. ඔන්න මම ඒක ගත්තා.
Deleteමේ ටූල් එක මට විතරක් නෙවෙයි හැමෝටම ඉදිරිපත් කරපු අපේ කතන්දර ශූරින්ට මගේ හද පිරි ස්තූතිය ! අහලක පහලක හිටිය නම් තට්ටෙට උම්මා එකක් දෙනවා..
Deleteමේක මන් දැනන් හිටියෙම නෑ. අර සුබස එක අප්සට් වෙනකම් ඒක පාවිච්චි කලා..
දෙයියනේ කියලා ලින්ක් දෙක තුනක් වැටිලා මගේ බ්ලොග් එකට! :D
ReplyDeleteප්රහ්..... ප්රහ්.... ප්‍රවීණ? :D ලියන තැනක ආධුනික ප්‍රවීණ කියලා එකක් නෑ බං අයියේ! රස ඇති සහ රස නැති කියලා දෙකක් තමයි තියෙන්නේ. ඒකත් සාපේක්ෂයි.
ලංකාවේ සිංහල භාෂාව ගැන ප්‍රවීණයෝ තර්ක කරනවා සිංහල හෝඩියෙන් ණන ළල භේදය අයින් කළ යුතුයි කියලා. ඒ වගේම සිංහල හෝඩිය වෙනස් විය යුතුයි කියලා(කැමතිනම් මේ ලින්ක් එකට ගිහින් ලිපිය සහ කමෙන්ට් කියවලා ඒ කරුණු පොඩ්ඩක් අන්තර්ජායලයෙන් හෙව්වොත් බොහොමයක් දේ දැනගන්න පුළුවන් වෙයි). මට නම් අක්ෂර වින්‍යාසය එච්චරම වැදගත් නෑ වචනයක් තේරුම් ගන්න අමාරු තරමටම වෙනස් නොවුනොත් හැරෙන්න.
ඊළඟට ව්‍යාකරණ. ඕවනම් මටත් හරියට බෑ. මගේ බ්ලොග් එකේ මුලින්ම ව්‍යාකරණ දෝෂයක් පෙන්නලා දුන්නේ කතන්දර මහත්තයා. මම අදටත් බොහොම කැමතියි කවුරු හරි ඇවිත් මගේ බ්ලොග් එකේ වැරැද්දක් පෙන්නලා යනවනම් (වැරැද්දක් පෙන්නන්න ඒක කියවන්න එපෑ මිනිස්සු! :D).
එතකොට අපිට වැරැද්දක් පේන්නේ අපි උවමනාවෙන් කියවන දේක විතරයි. අපි ලිපියක් උවමනාවෙන් කියවන්නේ ඒක හිත ඇදගන්නවනම්. අනික වැරදි විදිහට පේන්නේ අපි ඒ දේ ගැන දන්නවනම් විතරයි. දැන් මට වෙලා තියෙන වැඩේ මේකයි. මට ලිඛිත භාෂාවෙන් ලියවුණු දේවල් කියවනකොට(ආසා හිතෙන දෙයක්) ව්‍යාකරණ දෝෂ ඇතොත් මට පේනවා.(කරුමේ..... කරුමේ..... ආයේ වෙන මොකක්ද? :D). ඒත් ව්‍යවහාර භාෂාවෙන් ලියවෙන දේවල් වලනම් ඕවා බැලෙන්නේ නෑ.(උවමනාවකුත් නෑනේ). පොතක් ලිවීමේ අදහසක් වෙනී අයියා ගාව කාලෙක ඉඳන්ම පෙනුනු නිසායි තමයි මම එදා මම දැක්ක දෙයක් කිව්වේ. මං දන්නෑ ඒක නිසා වෙනී අයියට තරහා ගියාද කියලා( තරහා ගියත් මට පාං යැ? :D) අනික වෙනී අයියට පුළුවංයැ මම මේකට එන එක නවත්තන්න? :D
ෆේස් බුක් එකේ වලිය. හැබෑටම ඒව වලියක්ද? :D මට දැන් හරි පුදුම වැඩක් වෙලා. මේ බ්ලොග් හේතුකරගෙන බැණුම් අහන ඒවා චෝදනා ලැබෙන ඒවා දැන් දැනෙන්නෙවත් නෑ(දැනෙන කාලයක් තිබ්බා). දැන් තේරිලා තියෙන්නේ. බ්ලොග් කියන්නේ ජීවිතේ නෙමෙයිනේ! :D
//(වැරැද්දක් පෙන්නන්න ඒක කියවන්න එපෑ මිනිස්සු! :D). //
Deleteවැරැද්දක් පෙන්නන්න ඒක කියවන්න ඕන..කියවන්න ලියන්නත් එපෑ..හ්ම්..:P
අනේ පූසා මලයා එක්ක තරහා වෙන්නෙ නම් මොකටද අප්පා ? ඔය ගොල්ලො කියලා දීපු වැරදි මන් හදා ගත්තනෙ ඒ ඒ ලිපි වලම.. හැබෑටම කාලයක් තිබ්බා නේද අර පූසො අල්ලන ගැජට් එකක් පෙන්නලා නිහඬ කරවපු කාලයක් පූසගෙ මතය..ඒ වගේ වලි කාලයක් නම් ආයි එන එකක් නෑ තමා..
Deleteරූ එක්ක එකඟයි..අවාරෙට දෙල් වැටෙන්නා වගේනෙ බොලා දැන් ලිපියක් ලියන්නෙත්..
කියන්නත් ලැජ්ජයි. ඒ උනාට 1 වසරේ ඉඳන් 11 වසරට යනකම් ඉගෙන ගත්තට සිංහලත් බෑ, 1 ඉඳල 13ට යනකම්ම ඉගෙන ගත්තට ඉංග්‍රීසිත් බෑ. ඒත් ඉතින් මොනව කරන්නද. මම නම් කරන්නෙ අදහස් ප්‍රකාශ කරන එකනේ.
ReplyDeleteසිංහල බැරිවීම ගැන මම නම් අවංකෙන්ම කනගාටු වෙනවා උකුස්සා..නමුත් ඔබ කියන එක ඇත්ත...ඒ අතරේ මේ ඇනෝගෙ අරමුණ නම් වෙන දෙයක් කියලා ඔප්පු උන නිසා..ඒ ගැන තර්කයක් නෑ..
Deleteඅනේ මමත් ඔය මොනම භාෂාවක්වත් හරියකට දන්නෑ. සිංහල නම් මාත් ඉගෙන ගත්තෙ ඕලෙවල්වලට කරපු ටික විතරයි. (ආ ... දැන් මතක් වුනේ, දවසක් මම රාජාට නම් කිව්ව ඔය ‘වලට‘ කඩල ලියන්න එපා කැතයි , අදහස වෙනස් වෙනව කියල) ඉතිං මම ඔය සිංහල භාෂාව හරියකට දන්නෑ කියන කතාව කිව්වම දවසක් හිරූ කිව්ව සිංහල දන්නෑ කියල මිනිස්සු ලොකු කමටත් කියනව කියල. මම ඉතිං පුළුවන් විදියට හිරූටත් පහදල දුන්න මට එහෙම උනක් නෑ කියලත් එහෙමටම කියල කඩ්ඩ වැනීමේ හැකියාවක්වත් උවමනාවක්වත් තාම මට නෑ කියල.
ReplyDeleteකමක් නෑ වෙනී අයියෙ, ඔයා ලියන්නෙ ඔයාට පුළුවන් හැටියටනේ. කැමති විදයකට දිගටම ලියන්න. ඔන්න මම නම් කැමතියි ඔය ඔයාගෙ ඔය වර්ණනාවන් එක්ක ලියපුව කියවන්න. මම ඒත් ඒව කියවද්දි කල්පනා කරන්නෙ ඇයි මට මෙහෙම ලියන්න වචන එන්නෙ නැත්තෙ කියල.
ඔව් මල්ලි කියන දේම තව කීප දෙනෙක්ම කීවා... අපිට පුළුවන් විදියටනෙ ලියන්නෙ..හරි වැරදි හරි ගස්සා ගෙන ලියනවා කාලයත් එක්ක තියෙන ගැටුමටත් මූන දෙන්න එපාය !
Deleteඅකුරු වැඩක් නෑ බන්.. ඒයින් කියන දේ පිලිපදිනවද කියන කයි වැදගත්. ඇස් ඇම් ඇස් ගහන්නෙ හින්ගලෙන්ද.. ඒවා ඉන්ගිරිසිත් නෙමෙයිනේ... හරියට බැලුවෝත් කුණුහබ්බත් තියෙනවා... අයි ලව් යූ කියලා ගහන කොට ලව් වලට දාන්නෙ බින්දුව, බින්දුවේ වටිනාකමක් නෑ.. ඒක නිසාද මේ ඔක්කෝම වෙලා තියෙන්නේ...
ReplyDeleteඔව් මාතලන් ඒත් අපේ සිංහල වැරදි ඇනෝලා අර කන්ඩ තලගොයා කර ගෙන එව්වා ඉස්මතු කරනවා නේ !
Deleteභාෂාව පිළිබඳව කාලීනව මෙවැනි සංවාද විවාද ඇතිවීම ඉතාම වටිනවා. ඉස්සර 'හෙළ හවුල' කියන සිංහල භාෂා සංවිධානය තිබුන කාලෙත් භාෂාව නිසා මෙහෙම මරාගන්න තරමට වාද විවාද කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවේ සරල ව්‍යාකරණ රීති වලට වඩා අපේ භාෂාවේ ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස විධි තරමක් සංකීර්ණයි. එමෙන්ම අපේ භාෂාව ඉගැන්වීමේ යෙදී සිටින බහුතරයකට ශුද්ධ සිංහල හෝඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය මතකයෙන් ලියා පෙන්වන්න බැහැ. එය භාෂාවේ වැරැද්දක් නොවෙයි. අපි ඉංග්‍රීසි භාෂා යෙදුම් සමග සම්මිශ්‍රණය වීම නිසා ඒ මගින් යැපෙන්නට උත්සාහ කිරීම නිසයි එහෙම වෙන්නේ. සිංහල භාෂාවට වචන එකතුවෙන හැටි කියාදෙන්නේ උසස් පෙළ පන්තියට ගියාමයි. ඉතින් සිංහල විෂයය උසස් පෙළට හදාරන්නේ නැති සිසුන් ඒ ගැන දන්නේ නැහැ. ඔවුන් තම සමකාලීනයන් විහිලුවට හදාගන්න යෙදුම් පසුව සම්මත යෙදුම් බවට පත්කරගන්නවා. definite කියන වචනය ඇසුරෙන් 'ඩෙෆා' කියලා අවජාතක වචනයක් හදාගෙන තිබීම ඒ සඳහා උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්.
ReplyDeleteසිංහල යුනිකෝඩ් (යුනිකෝඩ් යන්නට සිංහල වචනයක් තිබිය යුතුයි) යතුරු ලියනය කිරීමේදී වරදින්නේ එය සිංහල භාෂාව ගැන නොසිතා කොහොම හරි සිංහල අකුරු යතුරු ලියනය කළහැකි පහසුකමක් ලෙස සකසා තිබීමයි.
මා මගේ අඩවියේ ලියන ලිපි වලදී මට අවශ්‍ය අක්ෂර වින්‍යාසය ලබාගැනීම සඳහා සෑහෙන වෙහෙසක් දරනවා. භාෂාව කාලීනව වෙනස් විය යුතුයි. නැත්නම් ඒ භාෂාව මැරෙනවා. හැබැයි වෙනස්විය යුත්තේ කසිකබල් සක්ක පද එබීමෙන් නොව, සිංහලයට වචන එක්වෙන තත්සම, තද්භව, සහ නිෂ්පන්න යන ව්‍යාකරණ රීති අනුවයි.
නිර්නාමිකයන් සමග කෝපයෙන් වාද කිරීමෙන් පලක් නැත ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රතිචාර නොදැක්වීම හොඳම විසඳුමයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
යුනිකෝඩ් යන්නට යුනිකේත ලෙස යොදා ගැනෙනවා මම දැක ඇත්තෙමි. :D
Deleteඔව් විචාරක කියලා තියෙන අදහස හරි වටිනවා.. අපි උසස් පෙලට සිංහල විෂය ධාරාව හැදෑරුවනම් මීට වඩා සිංහල යෙදවීමේ සංයමයක් ගන්න තිබුනා. වාණිජ්‍යය විෂය ධාරාව හදාරලා කැම්පස් එකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉතිරු ටික හදාරපු නිසා සිංහල ලිවීමේ හුරුව ඈත්වෙලා ගියා..දැන් ආයිමත් හදාරන්න ඕනි. නමුත් වෙලාව ?
Deleteඔව් ඇනෝ ප්‍රතික්ෂේප කරා දැනටමත්..
මාත් සිංහල දන්නේ නැහැනේ? අනික මන් ලියන ඒවා කියවන්න එන අයත් ඕවා හොයන්නෙත් නැහැ.අපි මේ හරියට සිංහල ලියන්නේ මතු ප්පරපුර හදන්නවත් කෘතියක් පල කරන්නවත් නෙවේනේ වෙනි අයියා.ඔන්න ඔහේ හිතේ තියෙන දේ ලියනවා මම නම්.කියවන අයට අපි ලියන දේ වැටහෙනවා නම් ඒ ඇතිනේ.
ReplyDeleteඔව් නිශාන් මල්ලි, මේ එක ඇනෝවෙක් පස්සෙ එලෝ එලෝ ගහන නිසයි මේක ලිව්වෙ.. එයාගේ අරමුණත් දැන් පැහැදිලියි හොඳටෝම..අනිත් අය වැරැද්දක් දුටුවම පෙන්නලා දෙන්නෙ ආදරේට...
Deleteමොකද අපුච්චියේ නැට්ට පාගගෙන? මං දෙතුන් දොහක් ආපු නැති හින්දද? :D
ReplyDeleteසිංහල භාෂාවේ සමහර අකුරු තියෙනවා හෝඩියට විතරක් සීමා වෙච්ච එව්වා. දැන් ඉන්න සිංහල ගුරුවරුවත් දන්නෑ ඒවා උච්චාරණය කරන්න. එව්වා ක්ෂය වෙලාම ගිහිං.
ඊළඟට තව කාලෙකදී ණන ළල කේස් එක. ඕවා වරදින්න ලොකුම හේතුව තමයි සිංහල නිවැරදිව ටයිප් කරන්න විදියක් නැති කම. මං සමහර අකුරු ටයිප් කරන්නේ වචන දෙක තුනක් ගහලා. "ණ"යන්න ගහන්නෙත් "ණය" කියලා ගහලා "ය"යන්න මකලා. ඉතිං ඕක හැම වෙලාවේම ප්‍රායෝගික මදි.
අනික් හේතුව තමයි භාවිතය මදිකම. ඕලෙවල් වෙනකන් ඉගෙන ගත්තු දේවල් ඒලෙවල් සිංහල කලේ නැත්නම් භාවිතය ඈත් වෙනවා. එතනින් අවුරුදු ගානකට පස්සේ ඕවා ගැන මොන කතාද? මටත් ඔය කේස් එක ලොකුවටම තියෙනවා.
අනික තමයි වෙනී අයියා මුලින්ම කියලා තියෙන එක දිගට කෙටුවේ නැත්නම් කියන්න ආපු දේ අමතක වීම.
------------
මොනවා උනත් මේ දේත් කියන්නම ඕනි. ඉස්සර බුද්ධ ගච්ඡය, සකස් කඩ (මාත් අහලා තියෙනවා විතරයි) කියවපු කාලෙට වඩා දැන් ඉන්න එවුන්ගේ රස වින්දනයනම් ගොඩක් අඩුයි. සිංහලෙන් න ලිව්වාමත් ණ ලිව්වාමත් "ලඩකා" නයන්න ලිව්වාමත් ඉංග්‍රීසියෙන් Nම තමයි. ඉතිං අපි කොච්චර පෝසත්ද? එතකොට ඉස්සර අය කොච්චර පෝසත් ඇතිද?
අර කලින් කියපු පොත් දෙක ගැන කිව්වේ වෙන මොහොකටවත් නෙවෙයි. ඉස්සර අයට වගේ අපිට යන්තම් බර වචනයක්වත් කියෝගන්න බෑ කියලා හිතුනු හන්දයි. දන්නවනේ දෙමළ අයට "හ"යන්න කියවන්න බෑ කියලා. ඒ උන් භාෂාවෙන් දුප්පත් හින්දා.
---------------
සමහර විට අනාගතේදී "ණ""ළ" හෝඩියට විතරක් සීමා වෙයිදෝ කියලා බයකුත් නැත්තේම නෑ.
"පණනම් තණ අග පිණි බිඳු වැන්නේ" කියලා අහලා තියෙනවනේ.
Deleteඅකමා උඹ මොකෙන්ද ටයිප් කරන්නෙ..? ණයන්න ලියන්න ඔච්චර දගලන්ඩ.. මම නම් මේක.. http://unicode.malindaprasad.com/
DeleteN ගහපු ගමන් ණ්යන්න අතේ..
සොරි.. N නෙමේ Na
Deleteමම ගූගල් ඉන්පුට් ටූල්ස් පාවිච්චි කරන්නේ.
Deleteඔයාගේ ලින්ක් එකත් ඕපන් කළා. තෑන්ක් යූ.
මොනවද-මේ-අමුතු-අකුරුමේ විචාරකගේ පරණ පෝස්ට් එකක්. (සාදර අනුග්රහයේ ස්තූතිය අපේ වල් රජාට.) මදනායක කියන නම ඉංග්‍රීසියෙන් ලියලා තියෙද්දී උච්චාරණය කළොත් කී විදියකට කියන්න පුලුවන්ද? එතනින් හොඳම එක තමයි--- මදන යකා
Deleteඔව් අකමා ආවෙ නෑනෙ පහුගිය දොහේම මේ පැත්තෙ..
Deleteඅකමා කියලා තියෙන දේ නම් හරියට හරි...මගේ නම් බොහොමයක් වෙන්නෙ භාවිතයෙන් ඈත්වීම නිසා වෙච්ච සංගෙදියක් තමා...
මටත් ව්යාකරණයි අක්ෂර වින්‍යාසයයි හරි අමාරුයි...
ReplyDeleteඅවුලක් නෑ ඉතිං පුළු පුළුවං විදිහටනේ ලියන්නේ කියලා හිත හදා ගන්නවා..
මම ඉතිං වෘතීමය ලේඛකයෙක් නෙමේනේ...
ඔව් තරියා අපි වෘත්තීයමය ලේඛකයො නෙවෙයිනෙ.. එහෙම තමයි මාත් හිත හදා ගත්තෙ..
Deleteමම බොහොම අමාරුවෙන් සිංහල පාස් උනේ,,ඒ හින්දා ඔය ව්‍යාකරණ කොහොමත් මට අමාරුයි
ReplyDeleteඔව් ඩිලා අපි පුළු පුළුවන් විදියට ලියමු ඔහේ !
Deleteමම නම් ඔය දේවල් ගැන කිසි දැනුමක් නැහැ. කතාකරන සිංහල පුළුවන් තරම් හොඳින් ලියන්නයි බලන්නේ. මේ පාර ලංකාවට ඇවිත් සිංහල ක්ලාස් එකකට යනවා
ReplyDeleteහා මාත් එනවා එහෙනම් ඒ සිංහල පන්තියටම ...
Deleteඔන්න ඔහෙ පුලු පුලුවං විදියකට ලියාපං වෙනී . . . . . දැං කියවන්න දෙයක් ලියන එවුං අඩුයි
ReplyDeleteඑහෙනං ඒකයි මූ මගෙ කඩමල්ල පලාතෙවත් නො එන්නේ !!
Deleteඕනයා සෑහෙන්න ලියනවා වගේ කතාව ??
Deleteඔව් ඕනයා..එහෙම කරමු.. පේනවනෙ බොලා නොලියන එකට තියෙන විරෝධය !
Deleteමටත් දැන්නම් සමහර වචන වලට සිංහල අකුරු මතක නෑ...එන්න ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්න සිංහල ව්‍යාකරණ පොතක් නම් ලග තියෙනවා...
ReplyDeleteඅනේ සිරා මල්ලි වෙලාව එක්ක පුදුම ගේමක් නේ දෙන්නෙ මේ ටිකටත් !
Deleteඔය වැරදි මටත් වෙනවා වෙනී අයියේ.. ලියන් යද්දී අනික ඕවා මතක් වෙනවත් අඩුයි.. ආයේ පස්සේ හෙමීට කියවද්දි තමයි මතක් වෙන්නේ.. එවෙලෙට හදනවා.. ඒත් මග ඇරෙන ඒවා ඇති..
ReplyDeleteඔව් දිනෙශ් මලයා මට වෙන්නෙ සමහර ඒවා දැක්කත් හදන්න වෙලාවක් නැති කම !
Deleteඔන්න ඔය කතාව අල්ලල දාල ලියපන් මල්ලි.. මම ඒකාලෙ හදිසියට ලියන එවුවගෙ වැරදි හැමදාම දැක්කෙ ඔබා. අකුරු වරද්ද වරද්ද ලියනව කියල කීප පොලක ලියල ඇති.. කාටද බං වෙලාව තියෙන්නෙ දෙතුංපාර කියවල වැරදි හදන්න ? ඒකනෙ ප්‍රශ්නෙ..ඉතිං කියවන අපෙ මහත්තුරු නෝනා මහත්තුරු සමාවෙංට ඕනෑ..
ReplyDeleteඔව් සරත් අයියෙ අපේ මේ වෙලාව එක්ක තියෙන සටන නිසා අර කීවා වගේ කියවන අය සමාව දෙයි ! ඒත් මේ ඇනෝලා තලගොයි කරගන්න යනවානෙ මේ සීන්..ඒකයි මටත් මේ නැට්ට පැගුනෙ මෙහෙම...
Delete"ලෝකයට ආලෝකයක් වෙන බහුතරයක් මිනිස්සුත් මේ පහන් කනු වගේ නේද කියලා හිතන කොටම. . "
ReplyDelete"මාර ගහ කොයිතරම් විශාලෙට තියෙනවද කියනවනම්..දෙපැත්තෙම තියෙන පහන කනු දෙකට කොහොමවත් බෑ එතන අඳුර මකන්න.."
"කාට හරි මුත්‍රා බරක් හැදුනොත් ඉතින් මේ මාර ගස් පුදුම පිහිටක් වෙන්නෙ"
වෙනී ගේ කතාව ඇතුලේ මම තවත් කතාවක් කියෙව්වා . . !!!!
යන්තම් ඇති දුකා මලයා බොලාවත් ඒ කතාව කියෙව්වා..
Deleteවෙනියෝ මම නම් ඔය මගුල් ගැන හිතන්නේ නැහැ බන්, හිතෙන විදිහට ලියනවා.
ReplyDeleteඔව් අලියාස් මාත් මේ වෙනකම් එහෙමයි...හැබැයි දැන් නම් ටිකක් බලනවා...
Deleteභාෂාව තියෙන්නෙ මනුස්සයගෙ ප්‍රයෝජනයට මිසක් ඒකෙ අනිත් පැත්ත නෙමෙයි. මනුස්සයාගෙ නිර්මාණයක මනුස්සයාම වහලෙක් වෙලා ඉන්නව දකින එක වෙලාවකට හිනා යන වැඩක්. ලියන්නා [මේ කියන්නෙ උඹ ගැන නෙමෙයි වෙනී අයියේ] කියන්න යන්නෙ මොකක්ද කියල කියවන්නාට අදහසක් යනවානම් කොහොම ලිව්වත් එකයි කියනමතයේ තමයි මම ඉන්නෙ නම්.
ReplyDeleteඔය භාෂා පිස්සුව වගේම තමයි ආගම වෙනුවෙනුත්, දේදපාලනය වෙනුවෙනුත් තව තවත් සමාජීය වටිනාකම් වෙනුවෙනුත් දිවි කැපකිරීම. බාෂාව කියන්නේ ටූල් එකක් කියල කීයෙන් කීදෙනාටද තේරෙන්නෙ.
නවම් මලයා ඉඳලා ඉඳලා උනත් ටක්කෙටම කීව එක ගැන සම්පූර්ණයෙන්ම එකඟයි..
Deleteවෙනීගෙ ලියැවිල්ලට අපි හරිම ආසයි..ඒත් මේ අකුරු පාවිච්චි කරන විදිහ වැරදි නිසා ලියන දේ ගැන නැතුව ලියන විදිහ ගැන හිතෙන අවස්ථා වැඩියි..
ReplyDeleteඒක නිසා වෙනීගේ වෙන්ට පාඨකයෝ අඩුවෙන්න පුළුවන්..අපි ඉතින් රස වැටිලා හින්දා මේකේ මොන මඟුල ලීවත් කියවනවනේ..!!
ඊළඟ පෝස්ටුව ලියද්දි ව්‍යාකරණ වින්‍යාස හිතන්නැතුව සාමාන්‍ය විදිහට ලියලා කීප වතාවක් කියෙව්වා නම් සමහර වෙලාවට මීට වැඩිය හොඳට වෙනීගෙ උත්සාහය අගයන්න පුළුවන් වේවි..
එතකොට කියෝපු ගමන් අහුවෙන වැරදි අඩු කරගන්න පුළුවන්..උදාහරණ ඕන නම් මේ පෝස්ටුවෙනුත් දෙන්න පුළුවන්..
ඒත් වෙනී මෙච්චර අමාරුවෙන් කියවන්න දුවගෙන එන මිනිස්සුන්ට “උඹලට ඕන නම් කියෝපල්ලා නැත්තං නිකා හිටපල්ලා මම ලියන්නෙ මට ඕන විදිහට“ කියලා තග දාපු එකට නම් මම විරුද්ධයි..
හ්ම් කවුද එන්නෙ විරෝධතාවය ප්‍රකාශ කරන්න ලිප්ටන් වට රවුමට..!!
ඔව් රූ එහෙම එන නිසා නෙ මාත් ලියන්නෙ..
Deleteහත් දෙයියනේ කොහෙද මන් එහෙම කියලා තියෙන්නෙ තග දාලා..මන් කීවෙ අපේ මේ කාලය මදිකම නිසා ලියවෙන වැරදි වලට සමාව දීලා කියවන්න කියලනෙ..
මත මතකයි මුල කාලෙ ඉඳලම එන සෙට් එකේ ස්ථීර සාමාජිකයෙන් රූ...අර තියෙනවනේ පෝස්ට් එකක් දාලා..මෙන්න මේ කට්ටියවත් මොනවා හරි කමෙන්ට් එකක් දායි කියලා බලන් ඉන්න...ආන් ඒ විසි දෙනා අතරේ රූත් ඉන්නවා...
වෙනි අයියේ.. අපි බ්ලොග් කියවන්නේ සිංහල ඉගනගන්න නෙවෙයි. එහෙම එන කෙනෙක් ඉන්නවානම් මං කියන්නේ ඉස්සරලාම එයා යුනිකෝඩ් ටික හදල ඉන්න ඕනේ. මේකේ සමහර අකුරු ගහන්න බෑ හරියට. ඒ සිංහල ඉංග්‍රීසිය වගේ සරල නැති නිසා බෑ කියල ගහන baa කියන අකුරු එක්ක බා කියන්න ශබ්දය එන්නත් පුළුවන් ඒ නිසයි.
ReplyDelete:)