ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, February 13, 2013

ආදරය මොන වගේද ?


ආදරය කියන්නෙ මොකද්ද කියලා යන්තම් චූ බරට එව්වා මෙව්වා වෙන කාලෙ ඉඳන්ම හොයලා බලලා.....

අන්තිමේ තීරණය කලේ ආදරය කියන්නෙ අසීමාන්තික කිසිම කොන්දේසියක් නැතුව දෙදෙනකු අතරේ ඇති වෙන හැඟීමක් කියලයි..

වෙළඳ ලෝකෙ වැලන්ටයින් කියලා විකුණ ගෙන කන්නෙ නම් උන්ගෙ වාණිජ පරමාර්ථ තමයි..මාත් ඉතින් එස් එම් එස් එකක් ගහයි අයි ලවු යූ කියලා...ස්කයිප් එකෙනුත් ඉතින් ඔය වගේම බොළඳ දේවල් ටිකක් දොඩවයි අනිත් අය වගේම..


ඒත් අපි දෙන්නා අතරේ තියෙන්නෙ සැබෑ ආදරයක් කියලා හිතෙන කොට ඇති වෙන හැඟීම තරම් තවත් දෙයක් , සතුටක්, තෘප්තියක් මේ ජීවිතේටම නෑ..

හතලිහ පැනපු කෙනෙක් ආදරේ ගැන කියවන එක ටිකක් ඔඩ් වගේ තමයි ඒත්...

අපි දෙන්නට තියෙන්නෙ අපි දෙන්නටම ආවේනික වෙච්ච ආදරයක් කියලා හිතෙන කොට....

අනන්තය කියන්නේ ආදරයට කොහොමවත් සීමාවක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ..

වර්තමානයේ ආදරය කියන්නෙ බහුතරයකට ලිංගික එක් වීමට මහා ලොකු ඉඩක් මහා ලොකු පදාසයක් වෙන් කරපු බැඳීමක් වෙච්ච ලෝකෙක..

ඔයාට ලිංගික අවශ්‍යතාවයක් තියෙනවා නම් කවුරු එක්ක එකතු උනත් මට එච්චර දෙයක් නෑ..මට ලොකු අපේ ආදරේ..මන් දන්නවා මේ අවුරුදු ගාන ඇතුලෙම ගොඩ නැගිච්ච ඒ ආදරේ වෙනස් කරන්න වෙන කාටවත් බැරි බව ...

වගේ අදහසක් ඔබේ පෙම්වතිය ඔබට කීවොත් කෙනෙක් කියයි එතන තියෙන්නෙ ආදරයක්ද කියලා ? 

මටත් ඒ වගේ කතාවක් හදවත පතුලෙන්ම කියන්න පුළුවන්කම තියෙන ආදරයක් මගේ ජීවිතයේ පැත්තකින් ඉන්න බව කීවොත් කෙනෙක් කියයි එතන තියෙන්නෙ ආදරයක්ද කියලා..

මෙන්න මේ අපේ සංස්කෘතියේ තියෙන බොරු සොබ්බෙ නැති බොහොම විවෘත මනසක් තියෙන කෙනෙක් මගේ ආදරයේ  කොටස් කාරියෙක් වෙච්ච එක ගැන මට තියෙන්නෙ නම් මහා ආඩම්බරයක්ම තමයි..

අපි දෙන්නම වැලන්ටයින් ඇදහුවෙ නැතත්..

ආදරයේ පණිවිඩයක් අපි දෙන්නා අතරේ හුවමාරු වෙයි හෙට පෙබරවාරි 14 වෙනිදා..

සංනිවේදන තාක්ෂණය හරහා..

ඒත් අත් දෙක අල්ලා ගෙන උඩ පැනලා 

අපි දෙන්නාගේ මේ ලෝකෙ කිසිම සීමාවකට යටත් නැති ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්ඩ කෑ ගහලා කියන්ඩ තිබ්බා නම් කොයි තරම ශෝක්ද කියලා නොහිතෙන්නෙත් නෑ..

කොයි තරම් වයසට ගියත් මන් ඇතුලෙ ඉන්න මේ බොළඳ කමට මන් ආසයි..

හැමෝටම ආදරයෙන් පිරිච්ච ජීවිතයක් පතන මා

වෙනී ලියන්නා සමඟ නි. වීවේචක

86 comments:

  1. වෙලාවට වෙනි අයියා මේක දැම්මෙ...සද්ද වහලා ඉද්දි මම හිතුවෙ හෙට ලව් ට්‍රේන් එකේ යන්න සූජානම් වෙනවදෝ කියලා...අවංක ආදරය දිනේවා...වෙනී අයියට ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. ලව් ට්‍රේන් එකට අගුරු දාන්නෙ වෙනි මාමලු !

      දැන් අවංකාදරය කොහෙ හැංගිලාද මන්ද වෙනි මාමේ !

      Delete
    2. අපි දෙන්නට මොන ලව් ට්‍රේන්ද සිරා මල්ලි, එයා එහෙ...මන් මෙහෙ... සිරිපාල දොරේ...ආආ වැරදුනා අර අන්තිම කෑල්ල නෑ..
      මන් ලව් ට්‍රේන් එකේ ගියා නම් සෑමගෙ කටේ ඔබනවා අඟුරු තාච්චියක්ම ! :-D

      Delete
    3. සිරිපාල මොන දොරේද වෙනි අයියා..

      Delete
    4. සිරිපාලගේ අරක වැලේ...

      Delete
  2. අපිටනම් වැලන්ටයින් නෑ... ඒ කියන්නේ ඒ වෙනුවෙන් විකිනෙන්නෙ නෑ.. අපිට හැමදාම වැලන්ටයි නේ...

    වෙනි අයියේ උබ ඔහොම කියල අහු වෙද්දෙන්කො ආදර කෝච්චියේ ගිහිල්ල...

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒ කියන්නෙ දෙන්නා කෝච්චියේ යයි වගේ...
      මාත් සත පහක දෙයක් වියදම් කලේ නම් නෑ වැලන්ටයින් දිනේ කියලා නම්..එයාත් නෑ...ඒත් අපි වැලන්ටයින් ගැන කතා කරනවා..

      Delete
  3. මහ ලොකුවට විකිනෙනවා කිව්වට අයියා සමහර අය සහකාරයා/සහකාරිය වෙනුවෙන් වියදම් කරන්නේ එදාට විතරනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම උන්ට නම් සාධාරනයි අද වගේ දවසක් මල්ලි..මොකද එදාට හරි කොල්ලා / කෙල්ල වෙනුවෙන් වියදම් කරයිනෙ මොනවට හරි...

      Delete
  4. මටත් හැමදාම වැලා

    ReplyDelete
    Replies
    1. නැතුව...නැතුව... අපි නොදන්නවයෑ ? කෝ මේ .... ?

      Delete
  5. ඇත්තටම ආදරෙයි නම්. අමුතුවෙන් දිනයක් ඔනෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම ඕනි නෑ...ඇත්තම ආදරේ දුලබ නිසා වෙන්න ඇති දිනයක් වෙන් කරන්..සමරන්නෙ මයෙ හිතේ මේ ගොල්ලො..

      Delete
  6. සිරාවට ලව් කරන උන්ට මොකටද දිනයක් හැමවෙලාවෙම ලව් මූඩ් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ලව් මූඩ් එකෙන්ම ජීවිතේට මූන දෙන කොට ජීවිතේ අපි පැත්තට එන ප්‍රශ්ණ උනත් හරිම සුන්දර විදියට විසඳෙනවා .. අත්දැකීමෙන් කියන්නෙ..

      Delete
  7. ආදරේ කියන්නෙ සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම කියන එකට මමත් හොඳින්ම එකඟයි.
    වෙනී අයියගෙ ආදරේ හැමදාම ඒ විදිහටම තියෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් වචනයේ පරිසමාප්ත අයුරින්ම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම තමයි ඒක..අපි දෙන්නා සමහර දේවල් වලට තර්ක කරලා තර්ක කරලා හිත් අමනාප කර ගෙන..ආයි යාළු වෙන්නෙ..අපි දෙන්නම කොයි තරම් වැරදියට ඒ ගැන තේරුම් අරන්ද කියලා කතා වෙලා තමයි..ඒක හරිම සුන්දරයි..වැරදියට තේරුම් ගැනීම පවා සම්පූර්ණයෙන් තේරෙන එක..

      Delete
  8. සීමාවක් නැති ආදරයක් ඇත්නම් ඒකට වෙනමම දිනයක් අවශ්‍යද නැත. ඒ වගේ අයට හැමදාම වැලන්ටයින් තමා.....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී.. හැමදාම එක වගෙයි..සුන්දරයි..සීමාවන් වැට කොටු තිබ්බ ආදරයන් කීයකින් පස්සෙද මේ ?

      Delete
  9. ආදරය කරන්න පුළුවන් එක්කෙනෙකුට විතරද ?

    ReplyDelete
    Replies
    1. හැමෝටම ආදරේ කරන්න පුළුවන් රාමා...හැමෝටම..

      Delete
  10. මේකත් වැලන්ටයින් පණිවිඩයක්ද?

    ReplyDelete
  11. පූජනීයයි ආදරේ... ඒකෙ ආයෙ සමරන්ඩ දෙයක් නෑ...

    වෙනි අයියවත් ඇතුලට අරන් නේද අරුන් දෙන්නා.. :-)

    ReplyDelete
    Replies
    1. පූජනීය නිසාම වන්දනීයයි..
      ඔව් තුන් දෙනා සාම ගිවිසුමක් ගහ ගත්තා...

      Delete
  12. //අපි දෙන්නාගේ මේ ලෝකෙ කිසිම සීමාවකට යටත් නැති ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්ඩ කෑ ගහලා කියන්ඩ තිබ්බා නම් කොයි තරම ශෝක්ද කියලා නොහිතෙන්නෙත් නෑ..

    කොයි තරම් වයසට ගියත් මන් ඇතුලෙ ඉන්න මේ බොළඳ කමට මන් ආසයි..//

    සහතික ඇත්ත වෙනි අයියේ...!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ බොළඳ කම් නැති වෙලා ගියදාට...ජීවිතේ එච්චර වටින එකක් නෑ...

      Delete
  13. සැබෑ ආදරවන්තයින්ට මොන වැලන්ටයින්ද.... සටහන ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිනි, ඒක හුළඟේ පා වෙලා එන දූවිලි කැටේක තියෙන ලස්සනේ ඉඳන් සුන්දර මහා සාගරය වගේ ලස්සනයි..

      Delete
  14. බැඳීම් නැති ආදරේ..

    මේ කතාව කියෙව්වම මට කලින් තැනකත් මං කියපු කතාවක් මතක් උනා...

    ලිංගිකත්වය කියන්නේ වර්ගයාගේ පැවැත්ම සඳහා ඇතිවෙච්ච හැඟීමක් සහ අවශ්‍යතාවයක් කියලා කියන නිසා, මම හිතනවා මුලින්ම මිනිස්සු අතර ආදරේ කියලා ඇති වෙන්න ඇත්‌ෙත් මේ වෙනි අන්කල් කියන විදියේ බැඳිමක් වෙන්න ඇති කියලා... ඒ කිව්වේ එක්කෙනෙක් තව කෙනෙක් මගේ කියලා කියන්න ඇත්තේ, එකට ජීවත් වෙන්න පටන් ගන්න ඇත්තේ මෙන්න මේ වගේ හැඟීමකින් වෙන්න ඇති කියලා....

    දැන් ඒක දික්කසාදයකදී වන්දි ලබාගන්න, සමාජයේ බලපෑම් වලින් බේරෙන්න ගන්න සහතිකයක් විතරක් වෙලා...

    වෙනී අන්කල් කියනවා වගේ අත් දෙක අල්ලගෙන උඩ පැනලා මුළු ලෝකෙටම ඇහෙන්න ආදරෙයි කියලා කියන්න තියෙනවා නම් මාත් ආසයි.... ඒත් අපි ඉන්න සමාජේ කොල්ලෙක් කෙල්ලෙක්ගේ අතින් අල්ලන් පාරේ ගියොත් මුන්ට පුදුම විසයක් නේ තියෙන්නේ කියලත්, බැඳපු ගෑණියෙකුයි මිනිහෙකුයි අතින් අල්ලන් පාරේ ගියොත්, පස්ස හැරිලා බලලා, මුන්ට තියෙන විසේ හොඳ වෙලා නෑ තාම කියලා හිතන මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා..

    ඒක නිසා කොච්චර තරුණ උනත්, කොච්චර වයස උනත් අපේ ඒ ලස්සන බොළඳකම් හැමදාම හිතේ හිරවෙනවා...

    මටත් ඉස්සර ලොකු ආසාවක් තිබ්බා ටවුන් හෝල් එක මැද්දේ පාර එහා පැත්තේ ඉඳන් දුවගෙන ගිහින්, එයාගේ කර වටේ අත දාගෙන, කිටි කිටියේ එයාව බදාගෙන, එයාට මං කොච්චර ආදරේද කියලා පෙන්නන්න.. ලෝකෙටම මගේ ආදරේ පෙන්නන්න.... ඒත් මේ විකාර සමාජය මං ඇතුලේ ඇති කරලා තිබ්බ බය නිසා මං හැමදාම ගොලු වෙලා, ගල් වෙලා, එයා පාර පැනලා මං ගාවට එනකම් බලං හිටියා....

    ReplyDelete
    Replies
    1. මගේ පුංචි සටහනටත් වඩා ලොකු කතාවකින් ඒකෙ වටිනාකම වැඩි කලාට පින් හිරූ...

      Delete
  15. මම දකින විදියට ලංකාවෙ ආදරේ කියපු ගමන්ම ඊලඟට එන ප්‍රශ්නෙ තමයි විවාහය. මම මේ මෑතකදි Youtube එකේ වීඩියෝ වගයක් දැක්ක. තමන් ආදරේ කරන කෙල්ලව සප්‍රයිස් කරන්න කොල්ලා යාලුවො සෙට් එකත් එක්ක ඩාන්ස් එකක් දාල කෙල්ලගෙන් අහනව Will you marry me කියල. ඒ හැම තැනදිම කෙල්ල හා කියන්නෙ නැහැ. සමහර කෙල්ලො බෑ කියනව. හැබැයි උන් දෙන්න ආදරේ කරන දෙන්නෙක්. ඔය ප්‍රශ්නෙ තමයි මටත් තියන්නෙ. දෙන්නෙක් ආදරේ කරන්නෙ කසාද බදින්නමද ???

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් ආදරේ කරන්නෙ කසාද බඳින්න නම් එතන තියෙන්නෙ..සීමා සහිත ආදරයක් විතරයි..කසාද බැන්දට පස්සෙ ආදරේට මොකද වෙන්නෙ ? බලන්නකොඅද මීඩියා වල යන නිව්ස්..ආන්න එහෙම සීමිත ආදරේක ඵල..

      Delete
  16. ආදරය අනාදරයක් වෙන්නේ
    අවබෝධය දුරවබෝධයක් උනහම කියල හිතෙනව

    ලිංගික ක්‍රියාකාරකම් නම් එක් අයෙකුට සීමා කිරීම සෞඛ්‍යයටත් හොඳයි!

    ඒත් ආදරයට සීමා තිබෙන්න පුලුවන්ද?

    ඔලුව රිදෙන පණ්ඩිත අදහස් මේ වැලන්ටයින් දිනයේ මොකටද?
    සරලව එක හිතින් ආදරය කරමු සහකාරියට සහකරුට?

    ReplyDelete
    Replies
    1. මෙතන අදහස 5-6 දෙනෙකුට ආදරේ කරන්න සෙක්ස් කරන්න කියන එක නෙවෙයි..මගේ ආදරයේ තියෙන්නෙ අපි දෙන්නා ඉන්නෙ ඇතපුම් දහස් ගානක් ඈතින්..හම්බ වෙන්නෙ අවූරුද්දකට සැරයයි නැත්නම් දෙසැරයයි..

      Delete
  17. වැලන්ටයි නම් ඈක්කා....අපිට නැති වැලන්ටයි භංග වේවා.....

    ReplyDelete
    Replies
    1. දැන් ඔය පේරා ගිහිල්ලත් කොච්චර කල්ද ? ළඟදිම අළුත් නැව එයි..අර හමුදා පුහුණුව තාම යනවා නේද ? ඒක ඉවර වෙච්ච ගමන්..පිසාචි කෑල්ලක් සෙට් වෙයි..ලබන වැලන්ටයින් ගමු ජයට !

      Delete
  18. අපිටනම් හැමදාම වැලන්ටයිනේ වෙනී අයියේ.. ඒ හන්දා හෙට කියලා විශේෂයක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...හිටුකො වෙඩිමට අපිත් එනවා !

      Delete
  19. මට නම් වැලන්ටයින් දිනය ගැන වැඩි හැඟීමක් නැත්තේ අපි මුලින්ම ආදරය කරන කාලේ ඒ වගේ දෙයක් දැනගෙන හිටියේ නැති හින්දා... වැලන්ටයින් දිනය ගැන මහා හාහෝවක් ආවහම ඉතිං මෙච්චර කල් කරපු විදිහ නරකයැ කියලා අපි අලුතෙන් මොකවත් කරන්න ගියේ නෑ.

    හැබැයි කෙනෙක් වැලන්ටයින් දිනය තමන්ට හැකි ආකාරයේ ආදර සමරුවකින් සරසනවා නම් ඒ ගැනත් මගේ කිසිම විවේචනයක් නෑ. මහා ලොකු තෑගි අරං දීලා ඕක සමරන්න ඕනෙ නෑ කියල එක සාමාන්‍ය අවබෝධයක් තියන ගොඩක් දෙනෙක් දන්නවා.

    යම් කිසි දෙයකට දිනයක් තියනවා කියලා කියන්නේ, ඒක අදාට විතරක් කරන්න ඕනේ කියන පටු අදහස තියන දෙයක් නෙමෙයි. මව් වරුන්ගේ, පියවරුන්ගේ, ළමයින්ගේ දින නම් කරලා තියෙන්නේ ඒ ගැන සමාජයේ අවධානය යොමු කරවන්න. කතාකලයුතු මාතෘකාවක් බව මතක් කරන්න.

    නිදහසේ ආදරය කරන්න දහසකුත් එකක් බාධා ඇති අපේ රටවලට තමයි වැලටයින් වගේ දිනයක් වැඩිය වැදගත්... ආදරේ කරනව කියන එක මනුෂ්‍ය අවශ්‍යතාවයක්, ඒක ස්වාභාවික දෙයක් කියන එක මිනිසුන්ට පෙන්වන්න...

    ReplyDelete
    Replies
    1. \\අවධානය යොමු කරන්න...කතා කල යුතු මාතෘකාවක් බව මතක් කරන්න..\\
      අපූරුයි..එකඟයි ඒ අදහසට මාත්..

      Delete
  20. අද මේක වෙලෙන්දන්ට ගරාගන්න දිනයක් වෙලා හිදා ගරන්ටයින් දිනේ කියලා නම තියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ...එහෙම කියමු... වරෙන්කො බන් චොක්ලට් එකක් වත් අරන් ඕක සමරන්න !

      Delete
  21. හුටා, අද වැලන්ටයි දිනයද? මට නම් ඔය වෙළඳ ලෝකයේ මගුල් පෙන්නන්න බහ වෙනි.

    මේ පහල තියෙන්නේ මම උමා (දසුන්) ගේ මම ආදරය කළා වැඩිද කියන පොස්ට් එකට දාපු කොමෙන්ට් එක. එකම මෙතනත් දාන්නේ හිතුනා.

    ආදරය.. ආදරය.. ආදරය..
    උපන්දා සිට මැරෙන තෙක් සැම
    සොයන්නා වූ
    දෙයකි සැම දෙන...

    එසේ සේවුවද
    සොයන අයවත්
    නොම දනීමය
    කිමද මේ දෙය.......

    නොදත් කමටම
    බොහෝ විට අප
    වෙනත් දෙයකට
    රැවටිලා ඇත.............

    ලැබුන විටදීත්
    අපට මේ දෙය
    බැහැර කරතිය
    නොදත් කටම.......

    එසේ කරමින්
    නැවත නැවතත්
    නොදත් කටම සොයන්නේමය
    ආදරය.. ආදරය.. ආදරය..

    ReplyDelete
    Replies
    1. ශාහ් නියමයි පද පේලි ටික අයිලාස්...
      ආදරේ හොයන් යන චාරිකාවම ආදරනීය ජීවිතය කර ගත්තහම දැනෙන දේ මෙහෙමයි...

      Delete
  22. ඔව් ඔව් ආදරේට ඔක්කොම තරහකාරයෝ එකතු වෙනව නෙව.. වෙලිනි...තමා...

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නෙ එච්චර බලගතු දෙයක් තමයි

      Delete
  23. //කොයි තරම් වයසට ගියත් මන් ඇතුලෙ ඉන්න මේ බොළඳ කමට මන් ආසයි..//

    මමත් ආස අන්න ඒකට තමයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රජා මෙච්චර ජොලියෙ ඉන්නෙ..සිරා මූඩ් මක්කටෙයි නේ ?

      Delete
    2. එකෙන්ම... දාන්න 5ක් :)

      Delete
  24. මේ ලියැවිල්ල නම් මට එච්චර තේරුනේ නෑ..වැලන්ටයින් නිසා මාව මොට්ට වෙලාද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. නෑ රූ ඔය මගේ ආදර කතාව නෙ..සෑහෙන්ඩ හංගලා ලියලා තියෙන්නෙ..

      Delete
  25. //ආදරය කියන්නෙ අසීමාන්තික කිසිම කොන්දේසියක් නැතුව දෙදෙනකු අතරේ ඇති වෙන හැඟීමක් කියලයි...//

    ආදරය තරම් ආත්මාර්ථකාමී හැඟීමක් මේ ලෝකේ තවත් නෑ.:)

    ReplyDelete
    Replies
    1. මට වඩා එයාට ධනය කියන දේ තියෙනවා..අපි ආදරෙන් ඉන්නෙ..එයාට නිතර ලෝකෙ වටේ යන්න වෙන නිසාත්..අර ක්‍රිස් අයිලන්ඩ් එකේ භූමි කම්පාවෙන් නූලෙන් බේරුනු නිසාත් එයාට ඕනි උනා එයාගෙ අන්තිම කැමති පත්තරේ ලියන්ඩ..එයාගේ කැමැත්ත වෙලා තිබ්බෙ මාව හම්බ වෙන්න ඉස්සර සම්පූර්ණ ධනයම ලංකාවෙ ළමා නිවාසයකට ලියන්න..
      හෙට එයා මලත් එයාගේ අන්තිම කැමැත්ත අනුව කවදා හරි සම්පූර්ණ ධනයම යන්නෙ ඒ ළමා නිවාසෙට..අපි දෙන්නා තරමට ආදරේ කරන තවත් දෙන්නෙක් නෑ පොඩ්ඩි..
      ආදරේ ආත්මාර්ථකාමීයි ?

      Delete
  26. ප්‍රේමවන්තයින්...හා ආදරවන්තයින් කියන්නෙ දෙගොල්ලක්ද මන්දා..?

    කොහොම උනත් කාලසටහන් යොදාගෙන ආදරය කරන්න පුලුවන්ද..! ඒක අවස්ථානිකයි...! අනෙකාගේ බැලම්කින් පවා ආදරය දැනෙන හදවත කීතු...කීතු කරන හැගීම...නොවේද..ආදරය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් වීයා..ආදරේ කියන්නෙ එකි නෙකාට අනන්‍යව නිර්වචනය වෙන දෙයක් නිසා ඔබ හරි...

      Delete
  27. උඹ ඇහුවේ ආදරේ මොන වගේද කියලනේ.. මට නම් ලුණු වැඩි මාළු පාන් ගෙඩියක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් හරි මාතලන්..කාපු වෙලාවෙ ඉඳන් වතුර තිබහයි නේ !

      Delete
  28. 'අපි දෙන්නාගේ මේ ලෝකෙ කිසිම සීමාවකට යටත් නැති ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්ඩ කෑ ගහලා කියන්ඩ තිබ්බා නම් කොයි තරම ශෝක්ද කියලා නොහිතෙන්නෙත් නෑ..'
    ඔය දැං කියල තියෙන්නෙ.

    සුබ වැලන්ටයින් දිනයක් වෙනී අයියා.

    (වෙනියටද, ලියන්නටද, නි.විවේචකයටද මන්ද මේක කියන්න ඕන)

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා මේකත් එක කීමක් තමයි...
      කෝච්චියේ ගියේ නැතෙයි ?

      Delete
  29. මං ඉතින් කවදත් අදහන්නේ ආදරය කියා දෙයක් නොපවතී ඇත්තේ ගනු දෙනු පමණි යන්නය.

    ReplyDelete
    Replies
    1. ඒක හරි නලීන්.. හැම බැඳීමකම අවසාන පරමාර්ථය තමන්ගේ සුරක්ශිතතාවය, තමන්ගෙ සැපය.. ඒ කියන්නෙ ආත්මාර්ථය..

      Delete
    2. පොඩ්ඩිට දීලා තියෙන උත්තරේ තියෙන්නෙ සැබෑ සත්‍යයක් නලීන් සහ සෙන්නා !

      Delete
    3. මමත් නලීන් අයියට කියලා තියෙනවා... දෙනු පමණක් තියෙන ආදරයවල් මම දැකලා තියෙනවා කියලා... අද ඒකට තවත් උදාහරණයක් එකතු උනා...

      Delete
  30. "කොයි තරම් වයසට ගියත් මන් ඇතුලෙ ඉන්න මේ බොළඳ කමට මන් ආසයි.." - ලෙසටම!!!

    ReplyDelete
    Replies
    1. ඔව් තිසා...ඒක නැති උනදාට ජීවිතේ වේලිලා යයි වගේ

      Delete
  31. ආදරේ නම් අනේ මන්දා....වැලන්ටයින් නම් එත් අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. ඔහොම නම් අනේ මන්දා ?

      Delete
  32. ලංකාවේ අද කාමර වටලනවලු පොලිසියෙන්. මේ වගේ බූරු වැඩ කරන්න කලින් අපේ මිනිස්සුන්ට හිතන්න තිබ්බා කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වුනාම උන්ට නිදහසේ වචන දහයක් කතා කරන්න ආදරෙන් තුරුළු වෙලා ඉන්න උන් රිංගන්නේ පාක් එකකට. එතන ඉන්න සික්ක ඇවිත් උන්ට පාට් එක දාලා උන්ව එලවනවා. ඊට පස්සේ උන්ට තියන එකම නිදහස් තැන කාමර. උන් ඒවා අස්සට රින්ගුවාම තව වෙන මොනවාද? දැන් වැලන්ටයින් දවසක් ගැන කියනවා. ඒවා උනේ කාගේ වරදින් ද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ක්සැන්ඩර් පෙම්වතුන්ට නම් නිදහසේ කතා කරන්නවත් ඉඩක් හසරක් අද නෑ තමයි..එහෙම වෙලා තියෙන්නෙත් සමහා පෙම්වතුන් කියන උන් ඒකෙ නාමෙන් කෙල්ලොන්ව අනාථ කරලා දැම්මහම එව්වා විසඳන්න වෙන්නෙත් පොලීසියටයි නීතියටයි නිසා වෙන්න ඇති..අද පෙම් කරනවා කියන්නෙත් ඔය ලිංගික හැසිරීම කියලා හිතන් ඉන්න බහුතරයක් නිසා තමයි මේක වෙන්නෙත්..

      Delete
    2. මේ රිප්ලයි එක මටත් හිතන්න දෙයක් ඉතුරු කළා, ආදරේ නාමෙන් ලංකාවේ සමහරු කරන්නේ කෙල්ලෝ අනාථ කරන එක නේ. අනේ මන්දා වෙලාවකට හිතෙනවා පිටරටවල් හොඳයි කියල..

      Delete
  33. අනේ මන්දා.....
    මාත් ආසයි වෙනී අයියගේ වගේ ලව් එකකට. හරිම නිහතමානියි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මන් පට්ට ලකී කියලා හිතන්නෙ..

      Delete
  34. හරි කෙනාව හම්බුනොත් හැමදාම විඳින්න පුලුවන්, හම්බුනේ නැත්නම් හැමදාම විඳවන්න පුලුවන් දෙයක් නොවැ ඔය ලව් එක!

    ReplyDelete
    Replies
    1. හරි කෙනා හෝ හරි ගස්සා ගන්න තරමේ නම්‍යශීලිත්වය තියෙන දෙන්නෙක්වත් සෙට් වෙනවා නම් හරි සාබිත්..

      Delete
  35. ආදරේට මොන වයස් පරතරද නේද වෙනී අයියා....
    වෙනි අයියගේ ලවු එකට ජයවේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ආදරේට වයස් පරතර තියන් ඉඳලනෙ මේ කෙලි සේරම වෙලා තියෙන්නෙ !

      Delete
  36. වෙලෙන්දන්ගේ කපටි ගැට වලට අහුවෙන් නැතුව අහිංසක විදිහට සමරනවනම් වැලන්ටයින් කොච්චට ෂෝක්ද...වැඩේ කියන්නේ 14 වෙනිදට කොච්චර පෙට්ටි කැඩෙනවද.........මං කිව්වේ චොක්ලට් පෙට්ටි කීයක් කැඩෙනවද...නේද..

    වෙනී අයියා ගේ ආදරයට ජය වේවා! ආදරේ ....හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. වර්තමානයේ නම් බහුතරයක් වෙන්නෙ එහෙම පෙට්ටි කැඩෙන එකම තමයි මල්ලි,

      Delete
  37. ඇත්තටම ඕක සමරන්න ඕනෙද ? අනේ අපිනම් හැමදාම සමරනවා

    ReplyDelete
    Replies
    1. ඔව් සැබෑ ආදරේ තියෙන තැන හැම වෙලාවෙම ඒක සැමරෙනවා !

      Delete
  38. වැලන්ටයින් කියන්නේ වෙලෙදන්ගේ දිනයක් කියලයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අද වෙළෙන්දන්ගේ දිනයක් කර ගෙන..නත්තල, අවුරුද්ද වගේම !

      Delete
  39. ඔය දවසට එක අවුරුද්දක සලාකා එක ඉස්සරහ රෝස මල් වික්කා . වෙළඳ අට්ටාලේ දාල තිබ්බේ මිනි මල් ශාලා හිමියෙක් . කොහොමද ඒක ?

    ඇතිදා වැලන්ටයින් ... නැතිදා ටර්පන්ටයින් ද කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක නම් නියම අදහසක් තමයි..ඒක ඇත්ත..

      Delete
  40. වාසනාවන් වා...සනාවන්.

    ReplyDelete