ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Wednesday, February 6, 2013
ජීවන සුවඳ...
"මොකද සුමිතා අද සපෝට් එකටද මේ කොලු පැට්ටෙකුත් අරන් ඇවිත් ඉන්නෙ?"
"අනේ නෝනා ලොකු කෙලිත් දැන් අර රෙදි වැඩපලේ වැඩට යනවනේ මේකව ගෙදර දාලා එන්න විදියක් නෑ..වෙනදට අල්ලපු ගෙදර සෝමෙ කෙලී ගාවා දාලා එනවා ඒකිත් ළමයා හම්බ වෙන්න ඉස්පිටිතාලෙ නැවතුනානෙ"
"හා හා ඒකට කමක් නෑ වැඩ එහෙම අතපසු කරන් නෑ අපේ ලොකු මැඩම් සුපවයිස් කරන්න එන වෙලාව දන්නවනෙ ඒ වෙලාවට ඔය මුල්ලකට කරලා තියහන් . නැත්නම් දන්නවනෙ අපිටත් ලෙඩේ වැටෙයි"
"හා නෝනා"
"ඒ අපේ සුපවයිස නෝනා පුතේ..මන් කියන වෙලාවට උඹ සුටුශ් ගාලා මෙන්න මේ කාමරේට රිංගන් වහං වෙලා හිටින්..අනිත් වෙලාවට ඔය අහල පහලට වෙලා හිටින් . ඔය නොදන්නා බඩු මුට්ටු එහෙම අදින්න එපා..හෙට අනිද්දා ඉඳන් ආයි සෝමෙ නැන්දා ගෙ මල්ලියා හරි නංගියා එක්ක හරි සෙල්ලම් කර කර ඉන්න බැරියැ.."
"හා"
"එහෙනම් මන් ගිහින් අර ටොය්ලැට් ටික හෝදලා දාලා එන්නම්..උඹ මේ හරියෙම හිටින්..පස්සෙ මන් කැන්ටිමෙන් බනිසක් ගෙනත් දෙන්නම්කො"
අපොයි සෝමෙ නැන්දලාගෙ හෙදර ඉන්නවට වඩා නම් මෙතන ඉන්න එක නියමයි..හැම තැනම එක එක ජාතියෙ ලයිට් හයි කරලා තියෙන හින්දා මහ දවල් වගේ එළිය..ආ ඒත් තාම මහ දවල් වෙලා නෑනෙ..අම්මා හනිකට විශාල බාල්දියක් වැනි උපකරණයක් සහ කොස්සක් වැනි මිටක අග අසල නගරයෙන් පැන ආ බූලා ගේ නැට්ට වැනි විශාල මයිල් සහිත නැටි රාශියක් හයි කර තිබූ උපකරනයක් ගෙන අසල වූ කාමරයට වැදුනාය.
වෙනදාට සෝමෙ නැන්දලාගේ ගෙදර ඉන්න විට ඇසෙන අහල පහල උන්ගේ කච කචය මෙහි කොහෙත්ම නැත..මහා හයියෙන් දැමූ නා ගහ යට ටීවී එකේ සමහර විට යන ඇසෙන විට නිදිමත හැදෙන ජාතියේ සින්දු නොනවත්වාම කොහෙන්හෝ ඇසෙයි..සෑමතැනටම ඇස් යොමු කලවිට සුදුම සුදු පාට සිවිලිමේ තැනින් තැන සවි කර ඇති ඉස්පීකරවලින් එම සින්දු ඇසෙන බව මා සොයා ගතිමි. අම්මා ආ පසු ඒ බව කිව යුතුය. ලබන අවුරුද්දේ සිට මා අසල වූ පාසලට යවන බව පැවසූ අම්මා ඒ වෙනතෙක් ගෙදර සිටිය යුතු බව පවසා සිටියද ඒ ඉස්කෝලේම ඉගෙන ගත් අක්කා විභාග ෆේල් නිසා පසු ගිය දොහක සිට ළඟ ඇති රෙදි හදන පැක්ටේරියක වැඩ කරන්න යන නිසා මා විටෙක ඇසුවේ මට ඉස්කෝල් නොගිහින්ම රෙදි වැඩ පලේ යන්ඩ බැරිද කියායි. ඒ මා පාසල ගියද විභාග නම පාස් නිවන බව හොඳටම සුවර් නිසාය. මොකද අක්කා විභාග ෆේල් උනත් කවි කතා කීමට ඉතා දක්ෂ නිසාත් මට තවමත් කොල ඉරී ගිය පොතේ මුල පිටුවෙන් එහාට කිසිම අකුරක හෝ වචනයක් කීමට නොහැකි නිසාත්ය.
සෝමෙ නැන්දලාගෙ ගෙදර සිටියා නම් මේ වනවිට කීප සැරයක්ම මොනවා හරි කන බව නම් හොඳටම සුවර්ය. බබෙක් හමබ වෙන්න ඉන්න නිසා සෝමෙ නැන්දාගෙ මාමා පියල් මාමා සැමවිටම නැන්දාට මොනවා හරි ගෙනත් දෙයි. එයින් කොටසක් මා හට ලැබෙන්නෙ..
"අනේ මටත් ඕනි මෙන්න මේ වගේ කොලු පැටවෙක් තමයි..."
කියමින් මාව ළඟට ඇද ගෙන සිඹිමිනි.
අසලින් ගලා යන කුණු ඇලෙන් නැගෙන නහය කඩා ගෙන යන සුවඳ මෙහි නැත..
මීට මොහොතකට පෙර අම්මා විසින් යම් බඳුනකින් චූස් චූස් හඬ නගමින් අහල පහල සෑම තැනකට ඉසින ලද යම් දෙයක ගඳක් නාසය අසලින් නිතරම හමා යයි..එය තරමක හුස්ම හිර කරන තරමේ එකකි..අපගේ ගෙවල් මණ්ඩියට විටෙක කොළඹ නෝනලා වගයක් අපිට දීමට තෑගි රැගෙන ආවා මතකය. එම තෑගි අප අසල වූ කුණු කන්දෙන් එකතු කර ගන්නා බෙලෙක් ටින් කබල් වලින් අපම සාදා ගන්නා සෙල්ලම් බඩු තරම් මිහිරක් අපට නොගෙනාවත්...එම නෝනලා ළඟ තිබුනේද මෙවන් ගන්ධයකි.
"ඒ සැන්ට් වල සුවඳ බන්"
කාලයක් කොළඹ බංගලාවක වැඩ කර ඉස්පිටිතාලෙන් නැවත ආපසු අප වෙතම ආ අපට වඩා වැඩිමල් සුනිල් පණ්ඩිත ලෙස පවසයි.මේත් සැන්ට් ජාතියක්ම වෙන්ඩැති..සුනිලද අපේ අක්කා ගිය පාසලටම ගියත් උගේ තාත්තා අම්මා සහ නංගි අතහැර වෙන ගෑණියක් එක්ක පැනලා ගියාට පස්සෙ සුනිල් පාසල් නොගොස් කොළඹ ගෙදරක වැඩට ගියේය. අපේ තාත්තත් අර මාළු මාකට් එකේ වැඩ කරලා වැඩ කරලා බීලා ඇවිත් රෑට අම්මා එක්ක රණ්ඩු වෙන්නෙ නැතුව වෙන ගෑණියෙක් එක්ක ගියානම් ඉවරයි කියලා මට හිතුනත් සුනිල් ඒ ගෙදරින් ඉස්පිටිතාලෙ යන්ඩ වෙච්ච කතාව ඇහුවම නම් ඒ අදහස ඉස්මනටම වෙනස් කර ගත්තේ ඒ දවස් වලමය.
ඒ ඒ ගෙදරම වැඩට හිටි ගුණදාස මාමා සුනිල්ට මොන මොනවද කර පසුව එයින් සුනිල් තුවාල වී ඉස්පිටිතාලෙන් නැවත ගෙදර ඇරලවූ බවත් ඒ ගැන පොලීසි නොගියාට ලොකු මුදලක් සුනිල්ගෙ අම්මාට දුන් බවත් ඔහුම පැවසීමෙන් අපද එම කතාව දැන උන්නෙමු. විටින් විට සුනිල් කිවූ කරුණු නිසාම සෝමෙ නැන්දාගේ පියල් මාමා පහු ගිය දිනයක නැන්දා නාන්නට පයිප්පයට ගිය විට
"අනේ අපිටත් මේ වගේ කොල්ලෙක් ඉන්නවනම්"
කියමින් මාව ඉඹින්නටත්..ඔසවා ගෙන ඇඳ උඩ දමා ගෙන හුරතල් කරන්නට යද්දී සුනිල් කී කතා මතක් වී මා කෙසේ හෝ ගැලවී සෝමෙ නැන්දලා නාන පයිප්පය වෙත දුව ගියෙමි.
අපෝ සෝමෙ නැන්දලගෙ ගෙදරට වඩා මෙහෙ අම්මා එක්ක වැඩට එන එක හොඳයි..කීප වතාවක්ම මට ගනන් කල හැකි පහ දක්වා අසල වු පඩි පෙලේ පඩි ගැන අවසන් වන විට අම්මා මොහොතකට පෙර ඇතුල් වූ කාමරයෙන් එළියට පැමිණියේ මහත් වෙහෙසට පත් වූ සෙයකිනි.
අම්මාගේ සියොළඟම අර සැන්ට් සුවඳින් පිරී ගොස් ඇත..නමුත් අම්මා වෙහසට පත්ව ඇත.
"මයෙ පුතේ අපේ ලොකු නෝනා දැන් එනවා මෙව්වා චැක් කරන්න. උඹ පොඩියක් මේ කාමරේට වෙලා හිටහන් මන් එනකම්. ඔය නා නා විකාර බඩු එහෙම අඳින්නෙ නෑ ඕන්"
නා නා ප්‍රකාර බඩු අස්සෙ..පාට පාට බඳුන් වල තිබුනේ අම්මා මොහොතකට පෙර චූස් චූස් ගා මිරිකූ සැන්ට් නෙ..එක් එක් බඳුන ගෙන නහයට අල්ලා බලා තිබූ මා..එයින් එකක් ගෙන නහයට අල්ලා පොඩ්ඩක් මිරිකා බැලුවෙමි. මුහුණපුරා විසිරී ගිය වතුර සමඟ මාගේ හුස්ම හිර වෙනවා මට මතකය. පසුව මතකය අවදි වන්නේ ඉස්පිටිතාලයෙනි.
"උඹට ඔය සැන්ට් ජාති ඇලජික්ලු දොස්තර මහත්තයා කිව්වෙ"
මට දිරවන්නේ නැති සියළු උන් හා දෑ සියල්ලම වෙනුවට මාගේ ශබ්ද කෝෂයට ඇලජික් වචනය සපැමිණියේ එලෙසය. සිටින තැන ලියන්නයියා ලෙසද නැති තැන ඇලජික් අයියා හෝ ඇලජියා ලෙස බවුස්තීස්ම ලැබූ මා ජීවිත කාලයටම සෙන්ට් හෝ සුවඳ කාරක ස්ප්‍රේ වලට ඇලජික් වීය. අධික ලෙස නිරාවරනය වූවොත් රෝහල්ගත වීම දක්වා දරුණු විය හැකි රෝගී තත්වය මත අටේ පන්තියෙන් පාසල හැර ගොස් තැන තැන රස්තියාදු වී අවසන මේ රැකියාවෙන් දිවිය දවමින් සිටින්නෙමු.
"මොකද කරන්නෙ ඇලජියායියා අපි මේ කුණු ටික පටවන් බලන් ඉන්නවා... උඹ මනෝ ගහනවා... ඕක කරකවලා ගනින්කො "
කුණු ටැට්ටරේ සගයෝ දෙන්නා පසු පස සිට කෑ මොර දෙයි.
මොහොතකට පෙර එකෙක් කුණු බෑගයකින් අයින් කර ගත් භාගයක් ඉවර වූ සෙන්ට් බෝතලය අසල අසුනේ රන්වන් පැහැයෙන් බබලයි.
අකමැත්තෙන් වූවද එයින් මා සිත හා ගත වර්තමානයට ඇද ගත් මා....
පාරේ වෙනත් වාහන වලින් නිරුපද්‍රිතව ටැට්ටරය ගැනීමට පාරේ අනිත් පස බැලූ මා දෙනෙත ගැටෙන්නේ තම සාරී වලින් නහය වසා ගෙන පිලිකුල් වතින් යුතුව හනි හනිකව පියමන් කරන තරුණියන් රාශියකි.
ඩර ඩර හඬින් වාහනයේ දෙදරුම සුපුරුදු ලෙස ශරීරය පුරා විහිදී යයි.
Subscribe to:
Post Comments (Atom)
සුවඳද.. ගඳද.... හ්ම්ම්..
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්...
Deleteනියමයි.... කුණු ගඳයි, සෙන්ට් ගඳයි එකතු වෙලා අමුතු සුවඳක් දැනෙනවා...
ReplyDeleteතමන්ටම හුරු සුවඳක් වෙන කෙනෙකුට වෙන අරුතක් විය හැකියි...
Deleteකුණු සුවඳයි සෙන්ට් ගඳයි.....
ReplyDeleteඔව් ප්‍රසා ඔව්..පොඩි කාලෙ ඉඳලම කුණු කන්දක් ළඟ ජීවත් වෙච්ච කෙනෙකුට ඒකෙ ගන්ධයට තමන්ගෙ ශරීරයම හුරු වෙනවා..නුහුරු නුපුරුදු සුවඳ කියලා අරුත් නංවන දේට වඩා...
Deleteඇලජියා වගේ උන් බොහොමයක් දෙනාටත් වටේ ඉන්න අයටත් නොතේරුනාට උන් කරන්නේ නම්බු කාර රස්සාවක් ඔය ලොකු මහත් හොරුන්ගේ බඩ රස්සා වලට වඩා. උන් ඇත්තටම සුවඳයි, අර කියපු අනිත් එවුන් උන් ගැන ඉතින් තව කියන්න දෙයක් තියෙනවද ?
ReplyDeleteහැම කෙනාටම තමන්ගෙ ජීවිතය සුවඳයි නේද රාමා..ආන්න ඒ වගේ...
Deleteඇලජියා ට ඉවර උන සෙන්ට් කුප්පියක් දැකලා මෙච්චර ලස්සන මනෝ පාරක් දැම්මා නම්, විසි කොරපු කොන්ඩම් එකක් දැකලා තව කොච්චර ලස්සන මනෝ පාරක් දමයිද?...වනදා වගේම ලියැවිල්ල නම් ඉස්තරම් ලියන්නෝ.....
ReplyDelete25+ කතාවක් තමා එහෙනම් ලියන්ඩ වෙන්නෙ මයියා...
Deleteලමා සිතක පහල වෙන හිතුවිලි දිහාටයි මගේ හිත ගියේ.
ReplyDeleteලස්සන ලියවිල්ලක්. ඒ වගේම හරිම සංවේදී සටහනක්.
ඒ ටික ලියන්ඩ ගොඩක් අමාරු උනා පොඩ්ඩි..ඒ වචන ඒ විදියටම හිතන්න අමාරුයි ටිකක් විතර දැන්..
Deleteසෑහෙන්න කාලෙකට පස්සෙ තමයි වෙනි අයියගේ බ්ලොග් එක පැත්තේ ආවේ අමතක වෙලා එහෙම නෙමෙයි නෑවිත් හිටියේ
ReplyDeleteවෙනි අයියටම ආවේණික වෙච්චි කතා ශෛලියක් මේක මම කොයිතරම් මේ කතා ලියන විදියට ආසද කියලා කලිනුත් කියලා තියෙනවනේ අතීතේ වර්තමානේ අනාගතේ මාර පැහැදිලිව සම්බන්ධ වෙන්න ලියන හැටි නම් මාරයි
කතාව කියවලා ඉවර වෙද්දිම කතාව සෑහෙන හොඳට තේරෙනවා සුපිරියි ඈ වෙන කියන්න වචන නෑ
කාලෙකින් ඉල්ලන්න බැරිවුනානේ මේවා එකතු කරලා පොතක් කරපල්ලා කියලා
ඔව් ගැමියා මටත් මේ දවස් වල සියළුම බ්ලොග් කියෙව්වත් කමෙන්ට් කරන්න නම් බැරි වෙනවා..
Deleteඔව් ඔව් පොතක් කරන්න ඕනි..වැරදි හරි ගස්සගෙන...
ටැපලෙනවා.. ටැපලෙනවා. පොඩි කාලේ එහෙමයි. ලොකු වෙන කොට එහෙමයි. ලොකු උනාම එහෙමයි.. පස්ටයි ඈ.. නියම සම්බාව්ය කෙටි කතා රචනයක්.. ඉස්තරම්.. මචෝ දැං මොකක් හරි අවුලක් තියෙනවද?? බං.. නෑ මං කිව්වේ ලියන ඒව හොදටම ලියනවනේ... හැක්.. හික්..
ReplyDeleteදේශකයා අහන දේ හරි..ලොකු මානසික අවුලක් තියෙන වෙලාවලට ඒක පිට කරන්න ලියවෙන දේවල් තරමක් සුවිශේෂී වෙනවා නම් තමයි..ලොකු වෙනසක් නම් නෑ..සුපුරුදු කඳු පල්ලම් වලම ජීවිතය ගලා ගෙන යනවා බන්..
Deleteලියන්නට..හුටා වැරදුනා ඇලජියියාටත් ඉතිං කුණු කානුවක් හරි සැන්ට් බෝතලයක් හරි සැට් වෙන්න ඕන මෙව්වා ලියන්න නේද..?
ReplyDeleteනැවතත් ලියන්නා හමු වීම සතුටට කාරණයකි.
හිකිස්..නැතුව නැතුව..ඒත් මෙව්වම ලිය ලියා ඉඳලත් බෑනෙ බන් හැමදාම..
Deleteඋඹේ නම මනෝ පාලගේ ප්‍රියන්ත වෙනිවැල්ද? :D
ReplyDeleteඑහෙමත් නෑ සමහර කතා දෙබස් වලින්ම ඇද ගෙන ගිය ඒවත් තිබුනා..හැබැයි මේ මන් කැමතිම..
Deleteඑම්.පී. ප්‍රියන්ත වෙනිවැල් :D
Deleteආයෙම ඉස්සර ඉට්ටයිල් එකට ලියන්නේ. මාරම මනෝ ගැහිල්ලක් මේක..
ReplyDeleteඔව් ඔව් මේ ඉට්ටැයිල් කීපෙකම දෝලනය වෙනවා පන්දුව මේ දවස් වල..
Deleteකුණු ගඳ උනත් ඒ මිනිස්සුත් කරන්නෙ මොන තරම් සේවයක්ද
ReplyDeleteඒ මනුස්සයො නැත්නම් බහුතරයකට කුණු ගඳ තේරෙයි...
Delete
ReplyDelete//"අනේ අපිටත් මේ වගේ කොල්ලෙක් ඉන්නවනම්"
කියමින් මාව ඉඹින්නටත්..ඔසවා ගෙන ඇඳ උඩ දමා ගෙන හුරතල් කරන්නට යද්දී සුනිල් කී කතා මතක් වී මා කෙසේ හෝ ගැලවී සෝමෙ නැන්දලා නාන පයිප්පය වෙත දුව ගියෙමි.//
හහහා..... හිහිහී.... පට්ට කතාව.. බන්.... ලස්සනට ලියල තියෙනව...
මන් හිතුවා මේ කෑල්ල කාට හරි අහු වෙයි කියලා...
Deleteඇලජියා සුවඳට විතරයි ඇලජික් නේද?
ReplyDeleteනැති නම් කුනු ට්‍රැක්ටරේ වැඩ කරන්න විදිහක් නෑනේ.
හැබැයි මම හිතාගෙන හිටියේ ඒ ඇලජික් එක තියෙන උන් ඔක්කෝම සුවඳට වගේම ගඳටත් ඇලජික් කියලා.
නෑ සුවඳට විතරයි..ඇත්තටම ඒ සුවඳකාරක රසායන වලට එන ඇලජික් එකක්...ඉපදිච්ච දවසෙ ඉඳන් නහය ඇතුලෙන් යන කුණු ගඳට ඇලජික් වෙන්න විදියක් නෑ මේ කියන චරිතයට දුකා...
Deleteඅද නම් කොල්ල (කොලු තාත්තා) ලියල තියෙන්නෙ හදිසියෙ.. හිටු කියල වචන වරද්දලා. ඔබා හිටියා නම් හොඳ ටිකක් අහ ගන්න තිබ්බා.
ReplyDeleteඉස්පිටිතාලෙ, ටොය්ලැට්, සැන්ට්..සුපවයිස්, ඉස්පීකර් වැනි වචන ගැන නම් සරත් අයියා කියන්නෙ..මේ කියන්නෙ ඔබට නුහුරු ඔබට අත පත ගා නැති පරිසරයක් අයියෙ..එතන වචන එහෙම තමයි..තමන්ගෙ කනට අනුන් කියන වචනෙ ඇහෙන විදියට තමයි ඔවුන් එය පාවිච්චි කරන්නෙ..
Deleteඔව් ඇත්ත ඔබා අයියාත් කීප පොලකම මට අවවාද දුන්නා ඔය තැන් ගැන..
වෙනි අයියේ මාරම කතාව.. මේ ජිවිත දෙස මෙවන් දයාර්ද බැල්මක් හෙලන්න ඔබ ගත් උත්සාහයට මෙන්න මගෙන් මල් මිටක්..
ReplyDeleteතැන්කූ නලින් මල්ලි..කවුරු හරි මේ අය ගැනත් මොනාහරි ලියන්න එපාය..මට ගොතන්න පුළුවන් කතාවක්..මන් ඒක කරලා ඒ වෙනුවෙන් දැම්මා...
Deleteපට්ට වෙනියෝ!
ReplyDeleteකොහොමද මේ වගේ කතාවක් ලිව්වේ? මාත් පොඩි කාලේ මොකක් හරි හොයාගත්තම අම්මට කියනකන් ඉවසීමක් නැහැ.සුපිරි ලිවිල්ල කතාව ඉවරවෙනකම් කියවනවා දැනුනෙත් නැහැ.යතාර්ථවාදී සිතුවිල්ලක්.
ඔව් නිශාන් මල්ලි හිතුවා ලිව්වා..කොහෙන් හරි එකතු වෙච්ච පොඩි පොඩි සිතුවිලි එකින් එක ගොඩ නැගිලා ආවෙ ඔහොමයි..
Deleteසුවඳට ඇලජික්. ගඳට???
ReplyDeleteගඳට හුරු වෙලා ජීවිතේම...
Deleteමටනං හිතෙන්නෙ ඔය හැමදේම එක එක්කෙනා ලෝකය දකින විදිහෙ හැටියට වෙනස් වෙනව කියලයි. දැං බලන්න... සමහරුන්ට හඩු මේස් එක ගඳ උනාට කුණු කරවල කෑල්ල ගඳ නෑ...
ReplyDeleteඔව් ඔබ හරියටම හරි පරිකල්පන..ඒක එහෙමම තමයි..එකිනෙකාගේ විවිධත්වයට ලක් වෙච්ච සංජානනීය ලක්ෂන...
Deleteපොලව මට්ටමේ ජීවත්වෙන චරිතවලට ආවේස වෙලා මේ වගෙ ලියන එක ලේසි නෑ මලේ. හොඳ රචකයෙකුගෙ සියලු ලක්ෂණ තියෙනවා.
ReplyDeleteඑහෙම ආවේශ වෙලා ලියලා පස්සෙ කියවන කොට දැනෙන සතුට..පොත් කීපයක්ම ලියපු ලේඛකයෙක් වෙච්ච අයියා දන්නවනෙ..මේ ලියවිල්ලෙන් මම ලබන සතුට මිල කල නොහැකියි අයියෙ..
Deleteමට එක පාරටම මත උනේ 'පර්ෆියුම්' ෆිල්ම් එක. මගේ යාළුවෙක් පෙරේදා මාත් එක්ක කිව්වා බ්ලූමැන්ඩල් කුණු දාන හරියේ කඩේකට ගියයි කියලා. කඩේ උන් ඉන්නවලු ගාණක්වත් නැතුව. මගේ යාළුවාට ඔළුවත් රිදෙන්න ගත්තයි කිව්වා.
ReplyDeleteඔය කුණු එකතු කරන අය අපි රාජකාරී කටයුතු කරන තැන් අස්පස් කරලා පිළිවෙලකට හදලා දෙන අය නොහිටින්න අපිටත් ගඳ ගහන පරිසරයක තමයි ඉන්න වෙන්නේ!
ඔව් මල්ලි ඒක නම් ඇත්ත..අපි හරි ආඩම්බරෙන් ලස්සනට පිරිසිදුවට අතු පතු ගාලා තියෙන මාවතක ඇවිදින කොට ඒ වෙනුවෙන් හැලිච්ච දහඩිය බිඳු ඒ ලස්සන අස්සෙම හැංගිලා තියෙනවා මට පේනවා.. ඒක පේන්නෙ ලියන අයට විතරයි..
Deleteඑල කතාව.
ReplyDeleteබොහොම ස්තූතියි උකුස්සා ඔබගේ ඇගයීමට..
Deleteපරණ ලියන්නා ආයේ ඇවිල්ලා නේ...
ReplyDeleteහික්ස්..
මරු කතාව...
ඔව් ඔව්..මෙහෙම කතාත් ලියන්න එපාය නේද ?
Deleteඅපොයි..පොඩි එවුන්ට ඉන්න දෙන්නැති එවුන් ඒ කාලෙත් ඉඳලද..!
ReplyDeleteඔව් වීයා ඕක හැම කාලෙම තිබ්බා..ප්‍රචාරය තමයි එහෙ මෙහෙ උනේ...
Deleteජීවන සුවඳ
ReplyDeleteහොඳ සංවේදී ගෙත්තමක්
ස්තූතියි සුසර..මන් මේ ජීවිතවලට තරමක් වැඩියෙන් සංවේදියි..
Deleteනියමයි වෙනි, ඒ ඒ ඇත්තෝ පුරුදු උන දේ තමයි ඒ ගොල්ලන්ට හරියන්නේ.
ReplyDeleteඔව් අයිලාස් පොඩි දෙයක් උනත් ඇති ජීවිතයටම බලපෑම් කරන්න...
Deleteදැන් සෙන්ට් කුප්පියකුත් හෙන ගණන් නොවැ........නැද්ද වෙනී අයියේ.....
ReplyDelete